Tuesday, April 24, 2018
මෙල්බෝර්න් මහමෙවුනාව හා කැලිෆෝර්නියාවේ අභයගිරිය
වෙසක් පෝය නිමිත්තෙන් අප්‍රේල් 29 වනදා මහමෙවුනාවේදී පැවැත්වෙන වැඩසටහනක් පිළිබඳ විස්තරයක් මගේ මිතුරෙකු වත්පොත හරහා බෙදාහැර තිබෙනු දැකිය හැකි විය. මේ මහමෙවුනාව තිබෙන්නේ ලංකාවෙන් පිටත සිංහල අනන්‍යතාවයක් තිබෙන විශාල පිරිසක් ජීවත් වන ඕස්ට්‍රේලියාවේ මෙර්බර්න් නගරයේය. මෙවැනිම තවත් නගරයක් වන කැනඩාවේ ටොරොන්ටෝහිද මහමෙවුනාවක් තිබේ. මෙර්බර්න්හි මහමෙවුනාවේදී මෙන්ම එහිදීද මෙවර වෙසක් පෝය ලංකාවේ ථෙරවාද සම්ප්‍රදාය අනුව සැමරේ. සිංහල බෞද්ධ අනන්‍යතාවයක් ඇති පිරිස් ජීවත් වන ඇමරිකා එක්සත් ජනපදය ඇතුළු බටහිර හා බටහිර නොවන තවත් රටවල් ගණනාවක මෙවැනි මහමෙවුනා තිබේ. ලන්ඩන්හි අමරාවතිය හා කැලිෆොර්නියාවේ අභයගිරිය වැනි ථෙරවාද සම්ප්‍රදායේ වෙනත් බෞද්ධ විහාරස්ථානද බටහිර රටවල තිබේ.
ලෝකය පුරා සිංහල අනන්‍යතාවයක් ඇති පිරිස් වසන තැන් වල ඇති මහමෙවුනා අසපු වලට ඒ නම තබා තිබෙන්නේ ලංකාවේ අනුරාධපුරයේ තිබෙන මහමෙවුනාව අනුව යමිනි. අනුරාධපුරයේ මහමෙවුනාවේ අතීතය දෙවනපෑතිස් යුගයටද පෙර කාලයකට දිව යන්නකි. අනුරාධපුර මහමෙවුනාව උද්‍යානයක් ලෙස සංවර්ධනය කර තිබෙන්නේ දෙවන පෑතිස් රජුගේ පියා වූ මුටසීව රජු විසිනි. මහින්දාගමනයෙන් පසුව කලින් කලට සිදුවූ සංවර්ධනයන් නිසා මහමෙවුනාව ලංකාවේ බෞද්ධ සංස්කෘතිය තුළ සුවිශේෂී තැනක් බවට පත් විය.
"ඉක්බිත්තෙන් ස්ථවිරයෝ තුමු “එම පර්වතයට යම්හ”යි නික්මුණාහ. (මනුෂ්‍යයෝ ඒ බැව්) මහරජාණන්ට දැන්වූහ. රජ තෙමේ වහා එතන්හි එළඹියේ ය. එළඹ සිට “දැන් සවස් විය. පර්වතය ද දුරුය, මේ නන්දන වනයෙහිම විසිම ඵාසුය”යි ස්ථවිරයන් වහන්සේට සැල කෙළේය. “පුරයට අතිශයින් ආසන්න බැවින් නොසරුප්ය”යි වදාළ කල්හි "මහමෙවුනා උයන ඉතා නුදුරු නොළං තැන සිත්කලුද ඡායෝදක සමන්විත ද වේ. එහි විසීම රුචිවේවා, වහන්ස! නැවතුන මැනවැ යි කීකල්හි ස්ථවිර තෙම එහි නැවති සේක." (මහා වංශය- පහළොස්වන පරිච්ඡේදය)
කිසියම් රටක ජීවත් වන පිරිසක් වෙනත් රටකට සංක්‍රමණය වීමෙන් පසු තමන්ගේ මුල් රටේ සංස්කෘතිය අලුත් රටේ ප්‍රතිනිර්මාණය කරන්නට උත්සාහ දැරීම සාමාන්‍ය දෙයකි. අලුත් රටේදී තමන්ට හමුවන ස්ථාන මුල් රටේ එවැනි තැන් අනුව නම් කිරීමද මෙහි කොටසකි. ලෝකයේ විවිධ රටවල හා නගරවල නම් අනුව ඇමරිකා එක්සත් ජනපදයේ නගර නම් කර තිබීම සිදුව තිබෙන්නේද මේ මූලධර්මය අනුවය.
ඇමරිකා එක්සත් ජනපදය කරා සංක්‍රමණය වී සිටින සිංහල අනන්‍යතාවයක් ඇති පිරිස සාපේක්ෂව ඉතා සුළු ප්‍රමාණයකි. ඔවුන් අතරින් පතර මහමෙවුනාවක් හැදුවත් එවැනි සුළු පිරිසකට ඇමරිකාව තුළ දැනෙන තරමේ සංස්කෘතික බලපෑමක් කළ නොහැකිය. එහෙත්, කිසියම් රටකට එකම තැනකින් දිගින් දිගටම විශාල වශයෙන් සංක්‍රමණයන් සිදුවන විට එහි මුල් සංස්කෘතිය ක්‍රමයෙන් දියාරු වී සංක්‍රමණිකයින්ගේ සංස්කෘතිය ප්‍රධාන සංස්කෘතිය බවට පත් වන්නට පුළුවන. පහළොස්වන සියවසේ සිට ඇමරිකාවේ සිදුවී තිබෙන්නේ එවැනි දෙයකි.
කාලයක් තිස්සේ ලංකාවට සංක්‍රමණය වූවන් විසින්ද ඔවුන්ගේ මුල් සංස්කෘතිය ලංකාවේ ප්‍රතිනිර්මාණය කරන්නට උත්සාහ දැරීමේදී ලංකාවේ ස්ථාන නාම ඔවුන්ගේ මුල් රටේ ස්ථාන අනුව නම් කර තිබෙනු දැකීම අපහසු නැත. හැටන් නගරය උදාහරණයකි. ලංකාවේ හැටන් නගරයට අමතරව එංගලන්තයේ හෝ ස්කොට්ලන්තයේ හැටන් නගරයක් අනුව නම් කර ඇති වෙනත් හැටන් නගර ගණනාවක් ඇමරිකා එක්සත් ජනපදයේ මෙන්ම කැනඩාවේද තිබේ.
ලංකාවේ වියලි කලාපයේ නගරයක් හැටන් ලෙස නම් නොකර වත්මන් හැටන් නගරයම එසේ නම් කර තිබෙන්නේ එම නගරයේ දේශගුණය එංගලන්තයේ දේශගුණයට තරමක් සමාන බැවිනි. සීගිරි පර්වතයේ හැඩයට ආසන්නව සමාන හැඩයක් ඇති පර්වතයක් ඇමරිකාවේ ලාංකික අනන්‍යතාවය ඇති අයෙකුට දකින්නට ලැබුණොත් එය සීගිරිය ලෙස නම් කරන්නට ඉඩ තිබෙන අතර ඇතැම් විට එවැනි නමක් පසුව ප්‍රචලිත වන්නටද ඉඩ තිබේ.
ක්‍රිස්තු පූර්ව අටවන සියවසේ සිට හෝ ඇතැම් විට ඊටත් පෙර සිට ප්‍රධාන වශයෙන් වත්මන් ඉන්දියාවේ නැගෙනහිර ප්‍රදේශ වලින් පැමිණ ලංකාවේ ස්ථිර ජනාවාස තනාගන්නට ඇතැයි සිතිය හැකි සංක්‍රමණිකයින් විසින්ද මේ කටයුත්ත මේ ආකාරයෙන් සියවස් ගණනක් තිස්සේ කරන්නට ඇත. උදාහරණයක් ලෙස තමන්ගේ මුල් රටේ ඉන්ද්‍රසාල ගුහාව නමින් දැන සිටි තැනක් අනුව යමින් ලංකාවේ කිසියම් ගුහාවක් එනමින් නම් කිරීම බොහෝ විට සිදු විය හැකි දෙයකි. මෙසේ නම් කරන්නේ අහඹු තැනක් නොව තමන් දැන සිටි මුල් ස්ථානයේ භූමි ලක්ෂණ තිබුණු තැනක් වන්නටද බොහෝ ඉඩකඩ තිබේ.
වෙනත් රටක ප්‍රදේශ අනුව යමින් කිසියම් රටක ප්‍රදේශ නම් කිරීමට එකම හේතුව සංක්‍රමණයම නොවේ. උදාහරණයක් ලෙස වෙන්නප්පුවේ මිලාන් නගරයක් හැදී තිබෙන්නේ ඉතාලි සංක්‍රමණිකයින් විශාල වශයෙන් ලංකාවට පැමිණ පදිංචි වීම නිසා නොවේ. මා වැඩි විස්තර නොදනිතත්, ඇතැම් අය කියන පරිදි නැගෙනහිර පළාතේ මෑතකදී අරාබි නම් වලින් හඳුන්වා ඇති ස්ථාන ඇත්නම් එසේ නම් කර ඇත්තේ අරාබි රටක සිට ලංකාවට සංක්‍රමණය වූවෝ නොවෙති. කවර හෝ හේතුවක් නිසා තමන්ගේ රටේ මුල් සංස්කෘතියෙන් බාහිර වෙනත් සංස්කෘතියක් අගය කරන කණ්ඩායම් විසින් එවැනි දේ කිරීම අසාමාන්‍ය දෙයක් නොවේ.
මහින්දාගමනයෙන් පසු බුද්ධාගම ලංකාවේ රාජ්‍යාගම වී අශෝකගේ දේශපාලන ව්‍යාපෘතිය සාර්ථක ලෙස ක්‍රියාත්මක වීමෙන් පසු බෞද්ධ සංස්කෘතික ලකුණු වලට හා ඒ හා බැඳුණු නැගෙනහිර ඉන්දියාවේ වෙනත් සංස්කෘතික ලකුණු වලට ලංකාවේදී වටිනාකමක් දුන් සංක්‍රමනික හෝ සංක්‍රමණිකයින්ගෙන් පැවත එන පිරිසට එසේ නොවූ මුල් පදිංචිකරුවන්ද ක්‍රමයෙන් එකතු වන්නට ඇත. ඒ අනුව, ලංකාවේ පුද්ගල නාම හා ස්ථාන නාම මගධයේ පුද්ගල නාම හා ස්ථාන නාම අනුව නාමකරණය කිරීම වේගයෙන් ජනප්‍රිය වන්නට ඇත. සියවස් ගණනාවකට පසු ලංකාවට යුරෝපීයයෙන් පැමිණීමෙන් පසුවද මේ ආකාරයේම චර්යාවන් දකින්නට හැකි විය.
බෞද්ධ සාහිත්‍යය තුළ හමුවන බොහෝ තැන් වලට අනුරූප තැන් ලංකාවෙන් සුලභව හමුවීමෙන් පෙනෙන්නේ අශෝකගේ දේශපාලන ව්‍යාපෘතියේ සාර්ථකත්වයයි. එහෙත්, මෙය අශෝක කාලයට සියවස් ගණනාවකට පෙර ආරම්භ වුනු දිගුකාලීන ක්‍රියාවලියක ප්‍රතිඵලයක් මිස තනිකරම අශෝකගේ දේශපාලන ව්‍යාපෘතිය නිසා පමණක් වූ දෙයක්ද නොවේ.
ලේඛනගත නොකළ ආගමික ලියවිලිද ඇතුළු සියළු ආකාරයන්හි ජනශ්‍රැතීන් පරම්පරාවෙන් පරම්පරාවට සම්ප්‍රේෂණය වීමේදී එහි මුල් ස්වරූපය එළෙසම පවතින්නේ නැත. කියන්නා නිවැරදිව කතාව කිවුවත් අසන්නාගේ මනසේ ඇඳෙන චිත්‍රය මුල් චිත්‍රයට ආසන්නව හෝ සමාන වන්නේ කතාවේ ඇති ද්‍රව්‍ය, ස්ථාන හා සිදුවීම් අසන්නාටද හුරුපුරුදු දේනම් පමණි. මෙය ඊළඟ පරම්පරාවට තමන්ගේ ජනශ්‍රැතීන් උරුම කර දීමේදී සංක්‍රමණිකයෙකු මුහුණ දෙන ප්‍රධාන ගැටලුවකි. ඉහත අත්දැකීම් නොමැති අයෙකු කතාව තේරුම් ගන්නේ කිසියම් යාන්ත්‍රික ස්වරූපයකිනි.
මේ සන්නිවේදන ගැටළුව ප්‍රශ්නයක් වන්නේ සංක්‍රමණිකයින්ට පමණක් නොවේ. කාලයේ වෙනස පමණක් වුවද මෙය ගැටළුවක් බවට පත් කරයි. වසරකට පෙර අප අතරින් නික්ම ගිය විචාරක නමින් කවුරුත් දැන සිටි බ්ලොග්කරු විසින් ඔහුගේ නික්මයාමට සමසකට පමණ පෙර අපේ ජන වහරේ එන වඩු කිරිල්ලියගේ කතාව මතක් කර තිබුණු අතර එයට ප්‍රතිචාර ලෙස ලිපියක් පළ කරමින් මා සඳහන් කළේ මේ කතාවේ සිටිය යුත්තේ වඩු කිරිල්ලියක් නොව වටු කිරිල්ලියක් විය යුතු බවයි. එහි මා සඳහන් කළ පරිදි "වඩු කිරිල්ලියක් සාමාන්‍යයෙන් ඇගේ අපූරු කූඩුවෙන් පිටත බිත්තර නොදමන බැවින් මේ කතාව වඩා ගැලපෙන්නේ පොළොව ආශ්‍රිතව බිත්තර දමන වටු කිරිල්ලියකටය. කටින් කට සම්ප්‍රේෂණය වෙද්දී වටු කිරිල්ලිය ඉතා පහසුවෙන් වඩු කිරිල්ලියක වන්නට ඇත."
හේන් ආශ්‍රිතව දිවි ගෙවූ අපේ පැරණි පරම්පරාවක අයෙකුට මේ කතාවේ වටු කිරිල්ලිය වඩු කිරිල්ලියක සමඟ පැටලෙන්නේ නැති වුනත් කතාව යාන්ත්‍රිකව අසන අපේ පරම්පරාවේ අයෙකුට එසේ කිරිල්ලිය පැටලීම පුදුමයක් නොවේ. මේ කතාව අසන මගේ දරුවන්ට වටු කිරිල්ලියන් හෝ වඩු කිරිල්ලියන් දකින්නට නොලැබෙන බැවින් කතාව අසද්දී ඔවුන්ගේ හිතේ මැවෙන චිත්ත රූප පිළිබඳව මට සිතාගත නොහැකිය. එය බොහෝ විට ඔවුන් නිතර දකින කිසියම් කිරිල්ලියකගේ රූපයක් විය හැකිය.
ලුම්බිණි සල් උයන ගැන ඇසෙන විට දැන් අප බොහෝ දෙනෙකුගේ හිතේ මැවෙන්නේ මෑතකාලයකදී ඉංග්‍රීසින් විසින් අප්‍රිකානු රටකින් රැගෙන විත් ලංකාවේ බෝ කර ඇති විචිත්‍ර මලක් සහිත ශාඛය මිස කතාවේ මුලදී තිබුණු සැබෑ සල් ගස නොවේ. අප ප්‍රාථමික පන්ති වලදී භාවිතා කළ බුද්ධ ධර්මය පෙළපොත් වල මුල් පිටුවේ තිබුණේද මේ වැරදි සල්ගසේ රූපයකි. මේ ආකාරයෙන් කාලයත් සමඟ වෙනස් වී තිබෙන්නේ කතාවේ තිබුණු සල්ගස පමණක් නොවේ.
(Images: wikipedia, http://mahamevnawa.org.au/event/vesak-2018/, https://homelands.lk/lands/lands-for-sales-in-wennappuwa-milans-town)
Labels:
ඇමරිකාව,
ඕස්ට්‍රේලියාව,
බුදු දහම,
සංක්‍රමණය,
සමාජ චර්යා,
සිංහල සංස්කෘතිය
Subscribe to:
Post Comments (Atom)
ඕස්ට්‍රේලියාවේ සිඩ්නිහි වසන කිසියම් පිරිසක් විසින් සිඩ්නි මහමෙවුනා භාවනා අසපුවේ නිර්මාතෘ කිරිබත්ගොඩ ඥණානන්ද හිමියන්ට මඩ ගැසීමේ ව්‍යාපාරයක් දියකත්කර ඇතැයි සිඩ්නි මහමවුනා භාවනා අසපුව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.
ReplyDeleteමේ සඳහා සිංහල බ්ලොග්කරුවකුගේ මෙහෙයීමෙන් ගිහිපැවිදි දෙපාර්ශවයම එක්වී ඇතැයි ද, මේ සංවිධානාත්මක පිරිස විසින් එහිමියන්ට විරුද්ධව මඩප්‍රචාර බ්ලොග් ව්‍යාපාරයක්ද දියත්කර අතැයි අදාල නිවේදනයේ දැක්වේ. සිඩ්නිහි වසන මුඩු හිසැති බ්ලොග් ලියන කවිකොළකාරයෙකු මෙම කුමන්ත්‍රණය පසුපස සිටිතැයි පැවසේ.
මේ නෙගටිව් මාකටින් වගේ දෙයක්ද
Deleteඅපිටත් දෙන්නකෝ මෙයා ඒ ගැන විස්තර, පීස්, ලින්ක් බ්ලින්ක් සේරම එක්ක?
DeleteAnonymous April 24, 2018 at 11:00 PM
Deleteඔබම නෙගටිව් මාකටින් කරානම් ඔබම ඒවත් දෙන්න. හැබැයි මුලින්ම කියන්නම් අපිනම් ඔය කියන ලබ්බෙ ලින්ක් බ්ලින්ක් දැම්මත් ඒවයින් ගිහින් ඔය කියන බහුබූතයාව ලියපු පිස්සු විකාර බලන්නේ නැත. වෙරි සොරි.
ඕස්ට්‍රේලියාවේ කොහෙද අයිෂේ සිඩ්නි කියල තැනක් තියෙන්නේ. සිනුවර!, සිනුවර. දන්නේ නැත්තන් අර උඩ පීස්, ලින්ක් බ්ලින්ක් ඉල්ලන එකාගෙන් අහනවා.
Delete//වටු කිරිල්ලියන් හෝ වඩු කිරිල්ලියන් දකින්නට නොලැබෙන බැවින්//
ReplyDeleteඇමරිකාවෙ වටු ( both Quail and Snipe ) වර්ග ඉන්නවනෙ.
වඩු (Weaver) නෑ මං හිතන්නෙ.
වටු කුරුල්ලන් මරන්නට සම්ප්‍රදායානුකූල ඇබොරිජිනල්ලාට විශේෂ පර්මිට් තියෙනවා මං හිතන්නේ!
Deleteතුවක්කුවක් තියෙන ඕනෑ එකෙකුට පුළුවන් වගේ
Deletehttps://www.environment.sa.gov.au/topics/plants-and-animals/Abundant_species/2018-duck-quail-open-season/quail-hunting
ඇමෙරිකාවේ සම්ප්‍රදායානුකූල ඇබොරිජිනල්ලා කියලා කට්ටියකුත් ඉන්නවාද? මම අදමයි එහෙම එකක් ඇසුවේ. ඇබොරිජිනල්ලාහ් කියන්න ඉස්ලාම් ආගමිකයින් පිරිසක්ද?
Deleteමම හිතන්නේ මේ කතාවේ සිටින වටු කුරුල්ලා ඇමරිකාවේ සිටින වර්ගයක එකෙකු නොවන බවයි.
Delete//ඇමරිකාවෙ වටු ( both Quail and Snipe ) වර්ග ඉන්නවනෙ. //
ReplyDeleteක්වේල් - වටුවා සහ ස්නයිප් - කැස්වටුවා වෙයි. කැස්වටුවාගේ හොට දිගයි, ක්වේල් හෙවත් වටුවා කොට හොටැති මිනි සයිස් කුකුළෙක් වැනි කුඩා පක්ෂියෙක්. එක කුකුළෙක් වෙනුවට වටුවන් 4-5 කගේ මස් අවශ්‍ය වෙයි.
මින් ලංකාවේ බහුලව සිටින්නේ සංචාරක පක්ෂියකු වන "උල් පෙඳැති කැස්වටුවා" නැත්නම් ඉන්ගිරිස් තාලෙට පින්ටේල් ස්නයිප් කියන පක්ෂියා. මම දන්න විදිහට කැස්වටුවන් උතුරු ආසියාව නිජබිම කරගෙන සිටින අඩි හයදාහකට වඩා උස් බිම්වල ගොදුරු සොයන පක්ෂීන්. ඇමෙරිකන් ඔරුමත්තු නාඩුවේ කැස්වටු පක්ෂීන් ගැන නොදනිමි. ඔරුමත්තුනාඩුවේ ඉන්න වුඩ්කොක් පක්ෂියා ස්නයිප් කෙනෙක්ද?
//වඩු (Weaver) නෑ මං හිතන්නෙ.//
වඩු කුරුල්ලන් අයිති වෙන්නේ ප්ලොසෙයිඩේ කියන ගී ගයන පක්ෂීන් පවුලට නේද? මේ පිළිබඳ වැඩි විස්තර පීතර පයිල් උන්නැහේ ලියපු ඔරුමත්තුනාඩුවේ පක්ෂීන් ගැනවූ සවිස්තර පොත් පරිශීලණය කරන්ට වෙයි.
බිත්තර ගැන කිව්වොත් කුකුළු බිත්තර මෙන් ම අන් සියලු ආහාරයට ගන්නා බිත්තර (තාරා/ කළුකුම්/මොණර/ වටු ආදි) වලද අධික ප්‍රෝටීන් ප්‍රතිශතයක් අඩංගු බවත් කුකුළු බිත්තර වල මනුෂ්‍ය සිරුරට අවශ්‍ය සියලුම ඇමිනෝ අම්ල ඇතුළත් බවත් කියනවා නේද? මෙය සත්‍යයක්ද?
@ AnonymousApril 25, 2018 at 3:47 AM
Deleteස්තුතියි.
ඇමරිකාවෙ ස්නයිප් ඉන්නවා. ඔබගේ උනන්දුව නිසා (මාත් කැමති විෂයයක් නිසා :-D ) හොයා බැලුව.
උතුරු ඇමෙරිකන් කැස්වටු - //There is only one species in the snipe family that is native to North America, the Wilson's Snipe. The other types of snipes are all vagrants. Included in these are the Common Snipe, Jack Snipe, Pin-tailed Snipe and the Solitary Snipe// https://www.birds-of-north-america.net/snipes.html
https://en.wikipedia.org/wiki/Wilson%27s_snipe
දකුණු ඇමරිකාවෙත් ස්නයිප් වර්ග කීපයක් ඉන්නවා
ස්නයිපර් කියන වචනෙ හැදුනෙත් වටුවන් වෙඩි තැබීම දක්ෂ වෙඩික්කාරයන්ට පුලුවන් අසීරු එකක් ලෙස සැලකුන නිසානෙ.
බිත්තරවල පෝෂන සංසන්දනය ගැන මං වැඩිය දන්නෙ නෑ
P.S. ඉකොනොමැට්ටා මහත්තයගෙන් සමාව ඉල්ලනව ඔබතුමාගෙ මාතෘකාවට අදාල නොවන වටු සාකච්චාවක් කලාට.
වුඩ්කොක් වර්ගයක් ලංකාවෙත් සංක්‍රමණික පක්ෂියෙක්. යුරේසියන් ප්‍රදේශවල සිට ඉන්දිය හා අවට ට.
Deleteඔරුමත්තු පක්ෂීන් මොක්කුද කියලං දන්නෙ නෑ.
වටුවන් ගැන හොඳ විස්තරයක්! ස්තුතියි!
Deleteඅනභිභවනීය ඉතිහාස විශේෂඥයකු සහ ප්‍රවීණ ඓතිහාසික පර්යේෂණ විද්වතකු වන ඉකොනොමැට්ටා මහතා වටු මස පුරාණ ලාංකිකයින් ඉතා කැමැත්තෙන් පරිභෝජනය කළ ආහාරයක් බව පිළිගන්නවා ඇති. වෙසෙසින්ම මධ්‍ය කාලීන ලංකා දීපයේ වටු මස ඉතා රසවත් මසක් සේ පිළිගෙන තිබූ බව සද්ධර්ම රත්නාවලිය, පූජාවලිය වැනි පොත්වල කථාවලින් මෙන්ම ඉකොනොමැට්ටා ඉහත කියා ඇති ජනකථාවෙන්ද පැහැදිලිවේ.
ReplyDeleteඊටත් ඉස්සර අංගුත්තර නිකායේ අට්ඨ කථාවක් වන මනෝරථ පූරණ පොතේ සද්ධා තිස්ස රජ දවස එ රජු තිත් වටු මසක් ගෙන්වා ගෙන අනු භව කළ බවක් කියති. මේ පොත අනුරාධපුර යුගය තුළ ලියවෞණ බව පිළිගෙන ඇති බව මගේ අදහසයි. ඉතිහාස පොත්වල ලියැවී ඇතිපරිදි අතීතයේ වටු මස ජනප්‍රිය අහරක් වුණත් වටු බිත්තර කෑ බව මා නම් අසා නැත. ඉතින් මේ පිළිබඳ ඓතිහාසික තොරතුරු ඔබට ලිවීමට හැකියි.
පැරැණි ලාංකික ගැමි ජනයා මහ වනාන්තර හා කුඹුරු අසල සැරිසැරූ වටු පක්ෂීන් දඩයම් කර කෑවත් වටුවන් හීලෑ කර සත්ව පාලනය උත්සාහකළ බවක් මා අසා නැත. ඔබ එවන් කථාවක් හෝ පොතක විස්තර දැක ත්බේනම් මෙහි දැක්විය හැකියි.
ක්වේඉල් හෙවත් වටු පක්ෂීන් පාලනයෙගෙන් මස් මෙන් බිත්තර ද ගෙන විකුණා ලාබ ලැබිය හැකියි. දුප්පත් ලාංකික ගොයිරාලලාට පොහොර සහනාධාර වැනි විකාර සහනාධාර දීම වෙනුවට ඇමෙරිකා ඔරුමත්තුනඩු, යුරෝපයේ ඉතාලි-ප‍්‍රංශ-ග්‍රීක් වැටි රාජ්‍ය, ආසියා තායිවාන්, හොං කොං, තායිලන්ත, පිලිපීන්, මැලේසියා වගේම චිලී, බ‍්‍රසීල්, ආජන්ටිනා වැනි ඉතා සාර්ථකව වටු පාලන කර්මාන්ත්ය කරන රටවලින් ඉන් අවශ්‍ය උපදෙස් සහ තාක්ෂණය ලබාදියහැකියි.
අන්තර්ජාලයේ කියන විදිහට වටු පක්ශීන්ගේ නිජබිම චීනයයි, චීන්නුන් ඩොමිස්ටිකේට් කළ වටු පක්ෂීන් ෆා ඊස්ට් ආසියා කරයේම ප්‍රසිද්ධ වුණත් දකුණු ආසියාවේ කුකුළාට වැඩි තැනක් තිබෙන නිසාදෝ වටු කර්මාන්තය එතරම් ප්‍රබල නැහැ නේද?
එකොනොමැට්ටා මා දන්න විදිහට නම් වටු පක්ෂීන් කර්මාන්තයක් ලෙස ඇති කිරීම වෙනුවෙන් විශාල මුදලක් ආයෝජනය නොකොට ඉතා සුළු මුදලකින් අරඹා සීමිත ඉඩකඩක් තුළ විශාල සංඛ්‍යාවක් සතුන් ඇති කරමින් ලාභ ගන්නා අතරම වටු පක්ෂීන් කුකුළුන්ටත් වඩා ලෙඩරෝග වලට ප‍්‍රතිරෝධී නිසා නිවැරැදි තාක්ෂණික ක‍්‍රම අනුගමනය කළොත් වයස් කාලය දින 35 වෙත්දී බිත්තර ලබා දින 50 වනවිට බිත්තර නිෂ්පාදනයේ උපරිමයට යා හැක. සාමාන්‍ය වටු පක්ෂී කිරිල්ලි වසරක් තුල බිත්තර 259 ත් 313 ක් අතර ප‍්‍රමාණයක් දමන අතර වටු පක්ෂියකුගේ ආයු කාලය වසර දෙකහමාරක් පමණ නිසා (ලංකාවේ වටු පක්ෂි කර්මාන්තය සඳහා යොදා ගැනෙන වටු පක්ෂීන් "ජපන්" නමින් ඔවුන් වර්ග කරයි.) කර්මාන්ත්ය දිගටම ගෙනයා හැකියි.
ඉකොනොමැට්ටා දන්නවද "ජපන් වටු" පක්ෂීන් යනු කුමන වර්ගයක්දැයි කියා? ජපන් වටු පක්ෂීනුත් විවිධ පිහාටු හා වර්ණ ඇති වටු වර්ග කීපයක් ඇති අතර චොක්ලට් පාට/ දුඹුරු /තනි සුදු / බටර් පාට වටු පක්ෂීන් වර්ග රැසකි. වටු පක්ෂීන් රෝගවලට ඔරොත්තු දෙන ශක්තිමත් පක්ෂි වර්ගයක්නො නිසා අතිශය කටුක පරිසරයක් යටතේ වුවද ඇතිකරමින් සාමාන්‍යයෙන් වසර 2.5 ක් පුරා බිත්තර ගතහැක. පොතේ හැටියට මැචුවර්ඩ් පිරිමි වටු පක්ෂියකුගේ බර ග‍්‍රෑම් 97 - 142 ත් අතර වුණත් පිරිමි සතාට වඩා සුවිසල් ගැහැනු සතෙකු ග‍්‍රෑම් 124ත් 160 ත් අතර බරලු.
වටු පක්ෂි කර්මාන්තේදී ප්‍රධාන වශයෙන් වටුවන්ට දෙන ආහාරයේ පෝෂණ ප‍්‍රමාණ හා පක්ෂීන්ට සූර්යයාලෝකය දෙන කාලසීමාව ඉතාම වැදගත් බවත් වටු පක්ෂීන් සඳහා අවමය දිනකට පැය 14ක් වත් සූර්යාලෝකය ලබාදිය යුතු බවත් වටු කර්මාන්ත පොත් පත්‍රිකාවල ලියා ඇත.. ඉහත ප්‍රධාන කරුණු දෙකෙන් එකක් වත් කචල් වුණොත් වටු කර්මාන්ත්යට හෙනහුරා ලබා ආර්ථික ඵලදායිතාවය අඩු වෙතැයි ලියාඇත. තවත් තාක්ෂණික විස්තර තිබේ. නමුත් ලංකාවේ වටු මස් කෑම අඩු නිසා මාකට් ඩිමාන්ඩ් එක අඩුයි නේද? මේ නිසා වටු පක්ෂි කර්මාන්තය ලංකාවේ තවත් ජනප්‍රිය කිරීමට කළ හැක්කේ කුමක්ද?
ඇමරිකාවේ වුවත් කුකුළුමස් පරිභෝජනයට සාපේක්ෂව බැලූ විට වටුමස් වලට විශාල ඉල්ලුමක් නැහැ.
Delete