වෙබ් ලිපිනය:

Thursday, April 26, 2018

වෙසක් පෝය හා ශ්‍රී ලාංකික සම්ප්‍රදාය


ශ්‍රී ලාංකික සම්ප්‍රදායට පිටුපාමින් මෙවර වෙසක් පුන් පෝය දිනය අප්‍රේල් මාසයට යොදා ගැනීම කිසිසේත් සිදුනොවිය යුත්තකැයි නියගොඩ ශ්‍රී විජිතසිරි මල්වතු පාර්ශ්වයේ අනුනාහිමියන් විසින් පවසා ඇති බව ගොසිප්ලංකානිව්ස් වෙබ් අඩවිය වාර්තා කර තිබුණේය. අදාළ පුවතට අනුව වෙසක් පෝය අප්‍රේල් මාසයේදී ගැනීම මහා විහිළුවක් ලෙස හඳුන්වා ඇති ඒ හිමියෝ මෙසේද මෙසේ පවසා ඇත්තාහ.

"මැයි මාසයට යෙදෙන පසළොස්වක පෝය දිනය වෙසක් පෝය ලෙස සලකනවා. මැයි මාසය වෙසක් මාසයයි. එය සාම්ප්‍රදායයක්. 2018 වසරේ වෙසක් පෝ දිනය මැයි මාසයේ 20 වැනි දින යෙදන පසළොස්වක පෝය දිනට යොදා ගැනීමට තිබුණා.

බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් බෞද්ධ ජනතාව පින් දහම් සිදුකොට බුදුන් වහන්සේ වෙනුවෙන් කැපවන වෙසක් පුන් පෝය දිනය ද තම තමන්ගේ හිතුමතයට වෙනස් කිරිම උචිත වන්නේ නැහැ අප්‍රේල් 29 වැනිදා යෙදී තිබෙන පුන් පෝය දිනය බක් මහේ පෝය දිනයයි. ශක රාජවංශය අනුව බක් මස අගට යෙදී ඇති පුන් පොහෝ දිනය අධිපසළොස්වක පෝය දිනයක් ලෙස සැලකීම් වරදක් නොමැති නමුත් වෙසක් පුන් පෝය දිනය ලෙස සැලකීම සුදුසු නැහැ

තායිලන්තය චීනය ඉන්දියාව වැනි රටවල් වෙසක් දිනය සමරන්නේ මැයි මාසයේ අවසානයට යෙදී ඇති පසළොස්වක පෝය දිනයයි. ජාත්‍යන්තර වෙසක් උත්සවය පවත්වන්නේ ද මැයි මස අගට යෙදී තිබෙන පසළොස්වක පෝය දිනයදායි.

කිසිවකුගේ උපදෙසක් මත සාමිප්‍රදායික ලෙස බෞද්ධ වර්ෂය පිළිගනිමින් බැහැරව මෙවන් තීන්දු තීරණ ගැනීම සමස්තයක් ලෙස සාවද්‍යයි. මෙවැනි අත්තනෝමතික තීන්දු තීරණ නිසා රට ජාතියට දූර්විපාක භුක්ති විඳීමට පවා සිදුවිමට ඉඩ තිබේ."

මේ ප්‍රකාශය අනුනායක හිමියන් විසින් ඒ අයුරින්ම සිදුකර ඇත්නම් එයින් පෙනෙන්නේ උන්වහන්සේ විසින් සඳහන් කරන ශ්‍රී ලාංකික සම්ප්‍රදාය පිළිබඳව උන්වහන්සේට ඇති අනවබෝධයයි. අනුනායක හිමියන්ගේ ප්‍රකාශය අනුව පෙනෙන්නේ යුරෝපීයයන් විසින් හඳුන්වා දුන් ග්‍රෙගෝරියන් දින දර්ශනයේ ඇති මැයි මාසය ඇතුළු මාස සිංහල බෞද්ධ චන්ද්‍ර මාස සමඟ සම්බන්ධ කර ගනිමින් මාස කිහිපයකට පෙර ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සිසිර ජයකොඩි වැනි වෙනත් ඇතැම් අය විසින්ද කළ පටලවා ගැනීම තුළ උන්වහන්සේද හිර වී සිටින බවයි. එපමණකින් නොනවතින අනුනායක හිමියෝ ඒ නිසා රටට සිදුවිය හැකි දුර්විපාක ගැනද වදාරති.

ග්‍රෙගෝරියන් මැයි මාසය හෝ ඊට පෙර තිබුණු ජුලියන් මැයි මාසය හා වෙසක් මාසය අතර කිසිදු සම්බන්ධයක් නැත. අනුනායක හිමියන් කියන සිංහල බෞද්ධ සම්ප්‍රදාය හැදෙන විට ග්‍රෙගෝරියන් දින දර්ශනයක් තබා ජුලියන් දින දර්ශනයක්වත් තිබුණේද නැත.

සිංහල බෞද්ධ චන්ද්‍ර මාස හා ග්‍රෙගෝරියන් මාස අතර කිසිදු සම්බන්ධයක් නැතත්, සිංහල බෞද්ධ චන්ද්‍ර මාස හා සූර්ය මාස අතර සම්බන්ධයක් තිබේ. කිසියම් සූර්ය මාසයක් ඇරඹීමෙන් පසු අමාවක පෝය ගෙවී පුර පෑලවිය ලබන විට අළුත් චන්ද්‍රමාසයක් ආරම්භ වේ. මේ චන්ද්‍රමාස නම් කරන්නේ මාසය ඇරඹෙන විට පැවති සූර්ය මාසයට අනුරූපවය. ශ්‍රී ලාංකික බෞද්ධ සම්ප්‍රදාය අනුව මේෂරවි මාසය තුළ ආරම්භ වන චන්ද්‍රමාසය වෙසක් මාසයයි.

පසුගිය අප්‍රේල් 16 දින අමාවක පෝය යෙදුනේ අප්‍රේල් 14 දින සිදු වූ මේෂ සංක්‍රාන්තියෙන් පසුවය. ඒ නිසා, එදින වෙසක් මාසය ආරම්භ විය. ඒ අනුව, ශ්‍රී ලාංකික සම්ප්‍රදායට මේ වසරේ වෙසක් පුර පසළොස්වක පෝය දිනය අප්‍රේල් 29 දිනට යෙදෙයි. මැයි 15 හා ජූනි 15 අතර ගෙවෙන වෘෂභරවි මාසය තුළ අමාවක පෝය දින දෙකක් ගෙවේ. මේ දින දෙකෙන් පසුව එළැඹෙන චන්ද්‍රමාස දෙකම පොසොන් මාසයි. සම්ප්‍රදාය අනුව යමින්, ඒ මාස දෙකෙන් එකක් අධිපොසොන් මාසය ලෙස නම් කර තිබේ.

එහෙත්, තායිලන්ත බෞද්ධ සම්ප්‍රදාය මෙයම නොවේ. තායිලන්තයේ වෙසක් දිනය තීරණය කරන්නේ වෙසක් පුර පසළොස්වක දින හඳ විසා (විශාඛ) නැකතට ආසන්නව පිහිටීම ගැන සැලකිලිමත් වෙමිනි. ඒ නිසා, මේෂ සංක්‍රාන්තියෙන් දින පහක් ඇතුළත අමාවක පෝයක් යෙදුනොත් ඉන් පසු එළැඹෙන මාසය වෙසක් මාසය ලෙස සලකන්නේ නැත. මේ අනුව, 2018 තායිලන්තයේ වෙසක් දිනය සමරනු ඇත්තේ මැයි 29 දිනයි. එක්සත් ජාතීන්ගේ සංගමය විසින් ජාත්‍යන්තර වෙසක් දිනය නිර්ණය කරන්නේද තායිලන්ත ක්‍රමවේදය අනුව යමිනි.

පහතින් ඇත්තේ මේ හා අදාළ පෙර ලිපි දෙකකි.

ආණ්ඩුව වෙසක් පෝය වරද්දලාද?



(Image: http://www.gossiplankanews.com/2018/04/we.html#more)

9 comments:

  1. මහත්මයා එක්සත් ජාතික පක්ෂ මාධ්‍ය එකකයේද වැඩ කරන්නේ? ආණ්ඩුව බුද්ධාගම හෑල්ලු කරනවිට එය සාධාරණීකරණය කරන්නේ ඇයි? අන්ත දක්ෂිණාංශික එක්සත් ජාතික පක්ෂයට කඩේ යන්නේ ඇයි?

    ReplyDelete
    Replies
    1. ඇනෝ, මටනම් එක්සත් ජාතික පක්ෂයට මාධ්‍ය ඒකකයක් තිබෙන බවක් පේන්නේ නැහැ.

      Delete
    2. ඉකෝ යට ඇඳුමවත් නැතිව මේ බ්ලොග් එකේ එජාපායට කඩේ යන හැටි දැක්ක නම් රනිල් තුමා ඒ අඩුව -මාධ්‍ය ඒකකයක් හදන වැඩේ ඔබටම බාර දෙනවා.

      Delete
  2. සිනුවර ලංකාරාමයේ සිල් වැඩසටහනේ (පෝය දහතුනෙන්) එක පෝයක් කැන්සල් කළා. සිල් දවස් දොළහයි. අවුලක් නෑ.

    අනිති අවුලක් නැති කාරණය තමයි පෝය කවදා තිබුණත්, සිල් දවස ළඟම ඉරිදා වීම.

    මෙවර 2018 ජනවාරි පළමුවෙනිදා පෝය නිසා ලංකාවේ සිටින මගේ අම්මාට සිල් ගන්නට බැරි වුණා. අම්මා කීවා අවුලක් නෑ, වසරේ දොළොස් පෝයටම සිල් ගන්න ඒත් හැකියි නේ කියලා!

    ReplyDelete
  3. රජයකට වැදගත් - ආර්ථිකය/නීතිය
    සමහර පුද්ගලයන්ට පෞද්ගලිකව වැදගත් ආගම වෙන්න පුලුවන්.

    ලංකාවෙ රජය ආගම් පස්සෙ යනවා, පුද්ගලයා ආර්ථිකය කොහොම හරි බලා ගන්න වෙනවා.

    ReplyDelete
    Replies
    1. රජය ආගම් වලට මැදිහත්වීම ලංකාවේ බොහෝ දෙනෙක් අපේක්ෂා කරන දෙයක් නේද?

      Delete
  4. //මල්වතු පාර්ශ්වයේ අනුනාහිමියන් විසින් පවසා ඇති බව //

    මල්වත්තට රනිල් තුමා විස්වාසයි කිව්වා නේද? දැන් තේරෙනවද රනිල් තුමාගේ තරම?

    ReplyDelete
  5. ඉකොනොමැට්ටෝ බුදු හාමුදුරුවෝ ඉපදුනේ මැයි පෝයදී නෙමෙයි, වෙසක් පෝය දී. මිහිඳු හාමුදුරුවෝ වැඩියේ පොසොන් පෝයදි මිසක් ජුනි පෝයදි නොවෙයි. වෙසක් පෝය බලන්නේ සුද්දගේ දින දර්ශනයෙන් නොව සිංහල මාස ක්‍රමයට. ඉකොනොමැට්ටාත් වෙසක් පෝය අප්‍රේල් ද මැයි ද හිත හිතා ඉන්නේ නැතුව නොපමාව කුසල් දම් රැස් කරන්න. එහෙම මිනිස්සු රටකට ඉන්නවා නම් දුර්විපාක වෙන්නේ නෑ. ඔය ගැන වද නොවී සිංදුවක් අහන්න, ඉකොනොමැට්ටෝ!

    https://www.youtube.com/watch?v=rRLmgShuQoc

    ReplyDelete
    Replies
    1. ඇනෝ, මමනම් බොහෝ විට බලන්නේ රැස්කිරීම් හැකිතාක් අඩුවෙන් කරන්නයි.

      Delete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: