Friday, October 11, 2019
ඇල්පිටි සංඥාව
ඇල්පිටියේ පොඩි ඡන්දයේ ප්‍රතිඵල මේ වන විට පිට වී තිබෙනවා. ප්‍රතිඵලය මෙවැන්නක්.
ශ්‍රීලපොප- 56.3%
එජාප - 24.4%
එජනිස - 12.7%
ජවිපෙ - 5.9%
වෙනත් - 0.7%
පසුගිය පළාත් පාලන ඡන්ද විමසීම් වලදී ගාල්ල දිස්ත්‍රික්කයේ අනෙකුත් ප්‍රාදේශීය සභා වල සමස්ත ප්‍රතිඵලය මෙවැන්නක්.
ශ්‍රීලපොප- 51.9%
එජාප - 25.2%
එජනිස - 12.1%
ජවිපෙ - 6.1%
වෙනත් - 4.7%
ඉහත ප්‍රතිඵල සසඳා බැලූ විට පසුගිය මාස 20 ඇතුළත සිදු (නො)වී තිබෙන වෙනස්කම් නිරීක්ෂණය කළ හැකියි.
1. සජිත් රැල්ලක් කියා එකක් නැත. එජාප ග්‍රාමීය ඡන්ද තරමකින් හෝ අඩු වී මිස වැඩි වී නැත.
2. ජවිපෙ රැල්ලක් කියා එකක්ද පෙනෙන්නටවත් නැත.
3. පොදුජන පෙරමුණේ ඡන්ද යම් තරමකින් වැඩි වී ඇත. එහෙත්, ඒ වැඩි වූ ඡන්ද ප්‍රතිශතය සමඟ වුවද පොදුජන පෙරමුණ තනිව රටේ 50%ක ඡන්ද ගත හැකි තැනක නැත.
4. ශ්‍රීලනිප ඡන්ද යම් තරමකින් හෝ වැඩි වී මිස අඩු වී නැත.
පුංචි ඡන්දය පිළිබඳව මා අනාවැකි පළ නොකළත්, මගේ ඇස්තමේන්තුව වූයේ 2018 පෙබරවාරියේදී ශ්‍රීලනිපය විසින් ලබාගත් ඡන්ද වලින් අඩක්වත් මේ වන විට පොදුජන පෙරමුණ වෙත ආකර්ෂණය වී තිබිය යුතු බවයි. එහෙත් එය එසේ වී නැත. එයින් පෙන්නේ රාජපක්ෂලා සමඟ මොනවා හෝ ප්‍රශ්න තිබෙන සැලකිය යුතු පිරිසක් ශ්‍රීලනිපය සමඟ තවමත් රැඳී සිටින බවයි. මේ පිරිස පොදුජන පෙරමුණ වෙත ආකර්ෂණය වී නැති අතර එජාප හෝ ජවිපෙ වෙතද ගොස් නැත. ඇල්පිටිය ඡන්ද ප්‍රතිඵලය මත පදනම්ව මේ පිරිස ජනාධිපතිවරණයේදී කෙසේ හැසිරෙනු ඇත්දැයි නිගමනය කළ නොහැකිය.
ඇල්පිටිය ප්‍රතිඵලය ලංකාව ආදේශ කළ විට පෙනෙන චිත්‍රය මෙවැන්නකි.
ශ්‍රීලපොප- 44.7%
එජාප - 28.6%
එජනිස - 12.7%
ජවිපෙ - 5.6%
වෙනත් - 8.4%
මේ අනුව පෙනෙන්නේ ජනාධිපතිවරණ ප්‍රතිඵලය තීරණය කෙරෙන්නේ පොදුජන පෙරමුණ වෙත ගොස් නැති ශ්‍රීලනිප ඡන්ද වලින් බවයි.
(Image: https://www.arabnews.com/node/1562771/world)
Subscribe to:
Post Comments (Atom)
ඉකොනො ඔබ මේ පුරෝකථනය කරන්නේ ග්‍රාමීය සිංහල බෞද්ධ ප්‍රදේශ පිළිබඳව පමණක් නේද? ඔබේ ලිපියේ එය සඳහන් වෙන්නේ නෑ. ජාතික මට්ටමේ පුරෝකතනයකට ඔබ පදනම කරගත් ක්‍රමවේදය කුමක්ද?
ReplyDeleteඇල්පිටියේ ප්‍රතිඵලයෙන් නාගරික හෝ සිංහල නොවන පැති ගැන කිසිවක් කියන්න බැහැනේ. ඒ පැතිවල ඡන්ද 2018 පෙබරවාරි මට්ටමේම නොවෙනස්ව තබා මේ ඇස්තමේන්තුව කර තිබෙන්නේ.
Deleteඅහා!
ReplyDelete50% අවශ්‍යයද? මැකො නම් කිව්වෙ ඕනා නෑ කියලා..
ReplyDeleteනෑ. 50% ගැනීම අත්‍යාවශ්‍ය දෙයක් නෙමෙයි. නමුත්, 50% අතේ නැත්නම් වෙනත් අයෙක් තමන්ට වඩා වැඩි මනාප ප්‍රමාණයක් (දෙවන තෙවන මනාපද සමඟ) ලබා ගැනීමේ අවදානමක් තිබෙනවා.
Deleteමහත්මයා මැතිවරණ කොමිසන් සභාවේ සුළු සේවකයෙක්ද?
ReplyDeleteසුළු සේවකයෝ කියන්නේ එතරම් ලොකු සේවයක් නොකරන අයටද?
Deleteපොහොට්ටුව දිනනව නමුත් 50% ගන්න බෑ කියන එක තමා මගෙත් මතය. කුරුණෑගල කලුතර කෑගල්ල ලොකු ප්‍රතිශතවලින් දිනන්නෙ නෑ
ReplyDeleteපොදුජන පෙරමුණට 50%ක ඡන්ද නැහැ. නමුත්, ජනාධිපතිවරණයට ශ්‍රීලනිප අපේක්ෂකයෙකු ඉදිරිපත්ව නැති නිසා ඒ ඡන්ද වෙනත් අයෙකුට වැටෙනවා. ශ්‍රීලනිප ඡන්ද වලින් අඩක් ගෝඨාභයට ලැබුණොත් 50% පනිනවා. ශ්‍රීලනිප නායකයින්ගේ හා ඡන්ද වල හැසිරීම තවමත් ස්ථිර නැහැ. ඒ වගේම, සජිත්ට එජාප, දෙමළ මුස්ලිම් ඡන්ද හා ජවිපෙ දෙවන මනාප ආදී සියල්ල ලැබුණත් පොදුජන පෙරමුණේ මට්ටමට එන්න බැහැ. එන්න පුළුවන් එකම ආකාරය ශ්‍රීලනිප ඡන්ද ලබා ගැනීම පමණයි. යම් හෙයකින් ශ්‍රීලනිප නායකයින් සජිත්ගේ පැත්තට ආවත් ඡන්ද සියල්ලම එයි කියා හිතන්න අමාරු නිසා සජිත්ට ගෝඨාභය ඉක්මවා ඡන්ද ගැනීම ගොඩක් අසීරුයි. සජිත්ට දිනන්න පුළුවන් අනෙක් ආකාරය නාගරික ඡන්ද විශාල ලෙස සජිත්ගේ වාසියට වෙනස් වීමයි. නමුත්, සජිත් නාගරික ඡන්දදායකයින් අතර කොහොමටවත් ජනප්‍රිය නැහැ. ඒ නිසා එය වෙන්නත් ලොකු ඉඩක් නැහැ.
Deleteගෝඨාභය දිනයි කියන මතයේ තමයි මමත් හිටියේ.නමුත් ගෝඨාභයගේ නඩුව දිනුවයින් පස්සේ අපේ පැත්තේ රතිඤ්ඤා පත්තු උනේ තැන් දෙකක විතරයි.ඒකෙන් මම ආපු නිගමනය තමයි ඔවුන්ගේ සංවිධාන ශක්තිය එජාපයට වඩා දුර්වල බව.ජනපති අපේක්ෂකයා තේරීමේ දී කෙතරම් ගැටුම් තිබුනත් සජිත් අපේක්ෂකයා ලෙස නම් කල පසුව ඔවුන් ශක්තිමත්ව එකමුතුව ඉන්නවා.ඒ වාගේම සජිත්ගේ කුළ සාධකය වගේම ඔහුගේ ඇති සාමාන්‍ය පෙනුමත් ලංකාවේ සිටින පීඩිත ජන කොටස් වල සහයෝගය ලැබිමට හේතුවක් වෙනවා.අනිත් අතින් සෞඛ්‍යමය හේතු මත ගෝඨාභයට මැතිවරණ ව්‍යපාරය අතර විදේශ ගත විමට සිදු වුවහොත් ඔවුන්ගේ මැතිවරණ ව්‍යපාරය සම්පූර්ණයෙන්ම බිඳ වැටෙනවා.අළුත් ඡන්ද බහුතරයක් මුස්ලිම් විරෝධි ජන්ද බව මගේ හැඟීමයි මෙය ගෝඨාබයට විශාල වාසියක්.මේ මැතිවරණයේ දී තීරණාත්මක සාධකයක් බවට පාස්කු ප්‍රහාරය පත්වෙනවා.කෙතරම් නඩු දිනුවත්,නඩු කල් දාගත්තත් මේ චෝදනාවල සත්‍යතාවක් ඇති බව විශ්වාස කරන මධ්‍යස්ථ මතධාරින් කොටසකුත් ඉන්නවා.
ReplyDelete