මුල් යුගයේ ලංකාවේ දේශපාලනයට ආපු බොහෝ ජාතික නායකයින්ට සිංහල හෝ දෙමළ භාෂා වලට වඩා හුරුපුරුදුව තිබුණේ ඉංග්‍රීසි භාෂාවයි. නමුත්, රටේ වැඩි දෙනෙක් කතා කළ භාෂාව සිංහල. එහෙම නැත්නම් දෙමළ. සිංහල භාෂාවෙන් කතා කරන්නට සිදු වීම පසුගිය සියවසේ මුල් භාගයේදී ලංකාවේ බොහෝ දේශපාලනඥයින් විසින් මුහුණ දුන් අභියෝගයක්.
ඒ කාලයේදී ටෙලිප්‍රොම්ප්ටර් වැනි තාක්ෂනික මෙවලම් තිබුණේ නැහැ. ඒ නිසා, මුල් කාලයේ ජාතික නායකයින් වූ ඇතැම් අය සිංහල කතා ඉංග්‍රීසි අකුරෙන් ලියාගෙන පුරුදු වූ බව කියනවා. දැන්නම් ලංකාවේ දේශපාලනයේ නිරත බොහෝ දෙනෙකුට වඩාත්ම හුරුපුරුදු භාෂාව සිංහල හෝ දෙමළයි. මේ තමන්ට හුරුපුරුදු භාෂාවෙන් කතා කිරීමේදී පවා ඇතැම් අය ටෙලිප්‍රොම්ප්ටර් භාවිතා කරනවා. එහි කිසිදු වැරැද්දක් නැහැ.
දැන් ලංකාවේ රාජ්‍ය නායකයින් මුහුණ දෙන සන්නිවේදන අභියෝගය සිංහල නොත්රෙන දෙමළ ජනතාවට කතා කිරීමයි. මේ වැඩේට බොහෝ විට පරිවර්තකයෙකු යොදා ගැනුණත් එයින් කථිකයා සහ සවන් දෙන්නන් අතර කිසියම් දුරස්ථ බවක් ඇති වෙනවා. ඒ නිසා, පසුගිය කාලයේ ලංකාවේ ඇතැම් රාජ්‍ය නායකයින් දෙමළ භාෂාවෙනුත් වාක්‍ය කිහිපයක් හෝ කතා කරන්න පෙළඹෙනු අප දැක තිබෙනවා. මෙය කළේ ටෙලිප්‍රොම්ප්ටරය දෙස බලාගෙන සිංහල අකුරෙන් ඇති දෙමළ වචන කියවමින් වෙන්න පුළුවන්. එවැනි දෙයක් වුවත් අගය කළ යුත්තේ එය සිංහල රාජ්‍ය නායකයෙකු දෙමළ ජනතාවට වඩා සමීප වීමට දරන උත්සාහයක් නිසයි.
ඉංග්‍රීසි භාෂාවෙහි මනා පරිචයක් නැති රාජ්‍ය නායකයෙකුට ජාත්‍යන්තර සම්මේලන ආදියෙහිදීත් සන්නිවේදන අභියෝගයකට මුහුණ දෙන්න සිදු වෙනවා. මෙයට විසඳුමක් ලෙස කෙරෙන්නේ පරිවර්තකයෙකු යොදා ගැනීමයි.
මේ වගේ සන්නිවේදන අභියෝගයන්ට විසඳුමක් ලෙස කිසියම් කථිකයෙකු තමන්ට වඩාත්ම හුරුපුරුදු බසින් පවත්වන කතාවක් වෙනත් බසකින් එළෙසම කිරීමට ඔහුගේ හෝ ඇයගේ හොලෝග්‍රෑමයක් (ආලෝක කදම්බ මගින් මවන ත්‍රිමාණ රුවක්) යොදාගත හැකිනම්? කථිකයාගේ අභිනයන්, කඩහඬ, හඬ උස් පහත් කරන රටාවන් ආදී සියල්ලමද එළෙසම සම්ප්‍රේෂණය කළ හැකිනම්?
මේ වගේ දෙයක් කරන එක තව දුරටත් අනාගතයට අයිති දෙයක් නෙමෙයි.
(Image: https://www.thegeniusworks.com/2019/07/microsofts-cvp-julia-white-uses-azure-ai-and-hololens-to-deliver-a-keynote-by-her-own-hologram-in-japanese/)
//රටේ වැඩි දෙනෙක් කතා කළ භාෂාව සිංහල. එහෙම නැත්නම් දෙමළ.
ReplyDeleteමොකක්ද මේ කතාවේ තේරුම
මේක මේ විදියට කිව්වනම් හරි.
රටේ වැඩි දෙනෙක් කතා කළ භාෂාවන් වූයේ සිංහල හා/හෝ දෙමළ
ඉකොනොමැට්ටා දෙමළ ජාතිවාදියෙක් ඉකොනොමැට්ටාට අවශ්‍ය සිඅංහලයන්ට මෙරට හිමිතැන අහිමිකිරීමයි.
රටේ වැඩි දෙනෙක් කතා කළ භාෂාව සිංහල. කිව්වාම හරි "එහෙම නැත්නම් දෙමළ."කතාව සිංහලයන්ට හිමිතැන අහිමි කිරීමට යොදපු කොටසක්.
ReplyDeleteමේවා ලංකාව එනකොට නාග ලෝකෙන් විතරැක නෙවෙයි තව්තිසාවෙන්, අකනිටාවෙන් හිට දෙවිවරු වඩින්න පටන් ගනියි මැතිවරණ කිට්ටුව!
ReplyDeleteකියනුම කවරේද?
Deleteමේ තියෙන්නේ වැඩි විස්තර;
https://m.youtube.com/watch?v=1BnCxVETlK8&time_continue=73&feature=emb_title
මේවා ලියලා ඉකොනො කමෙන්ට් අයින් කරයිද දන්නෙත් නැහැ. මොක උනත් ලියන්නම් භාෂනයේ අයිතිය ගැන හිතලා, සංවාදයට විවෘත නම් තියෙන්න අරින්න.
ReplyDeleteලංකාවේ කන්තලේ සීනි කම්හල අරින එකෙන් සෑහෙන නිෂ්පාදනයක් වෙනවා කියන අදහස නිසා ෆේස්බුක් එකේ එක් පිරිසක් ඒකට දායකත්වය වචනයකින් හරි දෙනවා.
රස්සා හැදේවි... අපිව ගොඩ යාවි.. කියන මතයෙන් තවත් පිරිසක් දායකත්වය දෙනවා.
තවත් අයට දිරාපත් වෙන යන්ත්‍රෝපකරණ, සොෆිස්ටිකේටඩ් ලුකින් ඉක්විප්මන්ට් දැක්කාම විශාල හැඟීමක් ඇති වෙනවා මේ මොන අපරාධයක් ද කියලා.
ඔය අස්සේ එක තැනක නිවන් අරමුණු කරගෙන භික්ෂූත්වය ගත්ත එක ස්වාමීන් වහන්සේ නමක් කියනවා මැරෙන්න ඉස්සර ප්ලාන්ට් එක රීස්ටාර්ට් කරනවා දැකීමලු එකම අරමුණ. (අහෝ ඛේදයකි. ඉරකි තිතකි!)
විහිළු පැත්තකට... යතාර්ථය මොකක් ද?
ඇත්තටම මේ වගේ විවිධ ක්ෂේත්‍රවල කම්හල් සිය දාස් ගානක් දිරාපත් වෙන හැටි රුසියාවට, පැරණි සෝවියට් ජනරජවලට ගියොත් දැකගන්න පුලුවන්. සෝවියට් රුසියාව තියෙද්දි රජය විසින් කරපු ව්‍යාපාර සෝවියට් සංගමය විනාශ කරගත්තාට පස්සේ ව්‍යාපාරික මාෆියාවලට කුනු කොල්ලයට යට උනා. දාස් ගාණක් අත් හැරලා දාලා විනාශ උනා. ලංකාවේ මේ එකක් විතරයි නෙ. අපේ අයට මේ යන්ත්‍රෝපකරණ දකිද්දි ආසයි නේද.. හදලා ගන්න පුලුවන්ලු. මේවා ජාතික අපරාධ ලු.
Deleteහැබැයි වැඩේ කියන්නෙ මේ 70-80 දශකය නෙවෙයි, දැන් තාක්ෂණය දියුණුයි. සීනි නිෂ්පාදනය විතරක් නෙවේ හැම පැත්තේම. මේ යන්ත්‍රෝපකරණවල තාක්ෂණය පරණයි, අද වෙද්දි මීට වඩා තාක්ෂණිකව දියුණු කොස්ට් ඉෆෙක්ටිව් ප්ලාන්ට්ස්වලින් හදන සීනි තමයි මාකට් එකේ අද මිලට දෙන්නේ. ඒ නිසා ශක්‍යතා අධ්‍යයනයක් අනිවාර්යෙන් කරන්න ඕනේ, ගෘෘප් හදාගෙන යුනිකේත නාස්ති කරන්න ඉස්සර.
මේක වහලා දැම්මේ ඇයි ? ඒ කාලේදී පවා, මීට වඩා අඩුවට සීනි නිෂ්පාදනය කරපුවා ලංකාවේ මිනිස්සුන්ට දෙන්න පුලුවන් උන නිසා.. වහලා දාපු ඒක හරිද වැරදිද කියන එක වෙනම කතා කළ යුතු දෙයක්. අපි යතාර්ථවත් වෙන්න ඕනේ ඇත්තටම.. මේවායේ ඉන්ෆාස්ට්‍රක්චර් පවා සේරම අවුට්ඩේටඩ්. මම නිකමට කියන්නේ, මේ පරණ මැෂිනරි රීස්ටෝර් කරලා, ඒවායේ රනින් කොස්ට්, මේන්ටේනන්ස් කොස්ට්, ඒ වගේම සේවක පඩි නඩි, අමුද්‍රව්‍ය (උක් හෝ වටෙවර්), ඕවර්ඕල් ඔපරේෂන් සෙරම වෙලා එද්දි සීනි කිලෝ එක අද මාකට් ප්‍රයිස් එක ඇතුලෙ තියේවිද කියනදේ බැලිය යුතුයි. අපි පවර් ප්ලාන්ට් එකක් ගත්තත්, හැම දේකම එන්ඩ් ඔෆ් ලයිෆ් එකක් තියෙනවා. කම්පැනි එකෙන් ගෙවෙන පාට්ස් මේ මොඩ්ල් එකේ ඒවට තවම හදනවද! නැත්නම් ඩිස්කන්ටිනියුඩ් ද කියන ඒවාත් බැලිය යුතුයි.
මේක රීස්ටාර්ට් කරන්නම ඕනෙ නම්, මගෙ පුද්ගලික අදහස, තැන ඕකම උනාට, නම ඕකම උනාට! ආයේ අලුතින් ප්ලාන්ට් එක ගහලා වැඩේ ගොඩ දාගන්න වෙන්නේ. මම විශේෂඥයෙක් නෙවෙයි නමුත්, පවු කියලා හිතෙනවා බොහොම උනන්දුවෙන් අපි වැඩ කරන්නම්, මට මේක පුලුවන්, මේක පුලුවන් කියලා බොක්කෙන්ම කෑ ගහනවා දැක්කාම. රජයේ හෝ මොනම හෝ බිස්නස් එකක් වේවා නිකන් පාඩු පිට දුවන්නේ නෑ කවුරුත්, ගමේ මුදලාලිගෙ කඩේ උනත් අතින් වියදම් ලාභ නැත්තන් වහලා දානවා. අන්න ඒ වගේ තමයි. විවෘත ආර්ථිකය නිසා හරි මොකක් නිසා හරි ප්‍රොෆිට් නැති නිසයිලුනෙ ප්‍රේමදාස අන්තිමේදි, වන්දි දීලා වහලා දැම්මෙ. ඒ දේ තේරුම් ගත යුතුයි නෙ අපි. ඒවා ඇත්ත බොරු මොක උනත්, වර්තමානයට පවා ගලපලා බලන්න ඕනේ ප්‍රොෆිට් ද කියලා, අෆෝර්ඩබල් ද කියලා ප්‍රොඩක්ට් එක.
රීස්ටාර්ට් කරනවා නම් කාගේවත් නොස්ටැල්ජියාවට කරලා හරියන්නේ නැහැ, ප්‍රොෆිට් ලබන්නයි කළ යුතු. මට බැන්නාට වැඩක් නැහැ. හිතුන දේ කිව්වෙ. සුබ දවසක්, සුබ අලුත් අවුරුද්දක් වේවා ඉකොනො...
සමහර විට සංචාරක ආකර්ශනයක් විදිහට දියුණු කරලා ලාබ ගන්න පුළුවන් වෙයි!
Deleteමම හිතුවේ මගෙ කොමෙන්ට් විතරයි අයින් කරන්නේ කියලා.
ReplyDeleteඔබතුමාට අයිතියක් තියෙනවා කැමති විදියට මේකේ කොමෙන්ට් අයින් කරන්න.
නමුත් එතකොට මේකේ ජීව ගුනය නැතිවෙලා,මේක ලේක් හවුස් පත්තරයක් වගේ වෙනවා