රූපවාහිණී සුලභ වෙන්න කලින් යුගයේ ගුවන් විදුලියේ ජනප්‍රිය සංගීත වැඩ සටහන් දෙකක් වුනේ "අසන්නන්ගේ ඉල්ලීම්" හා "නිවේදක තෝරයි". ආර්ථික විද්‍යා වචන වලින් කියනවානම් මේ දෙකෙන් පළමුවැන්නේදී ඉල්ලුම් සාධක වලටත්, දෙවැන්නේදී සැපයුම් සාධක වලටත් ප්‍රමුඛතාවය ලැබුණා.
නමෙන් කියන විදිහටම "නිවේදක තෝරයි" වැඩ සටහනක ගීත තේරුවේ අදාළ වැඩ සටහනේ නිවේදක විසිනුයි. එයින් වෙනස්ව "අසන්නන්ගේ ඉල්ලීම්" වැඩ සටහනේදී රසිකයින්ගේ කැමැත්තට ඉඩක් ලැබුණා. වැඩ සටහනක නිවේදකයා කිසියම් නිශ්චිත පුද්ගලයෙක් වූ නිසා "නිවේදක තෝරයි" වැඩ සටහනෙන් පිළිබිඹු වුනේ කිසියම් තනි පුද්ගලයෙකුගේ රුචිකත්වය. ඒ නිසා, "නිවේදක තෝරයි" ගීත තේරුණේ ඒකාධිකාරයක් යටතේ කියා කියන්න පුළුවන්.
මෙයින් වෙනස්ව "අසන්නන්ගේ ඉල්ලීම්" ගීත තේරුණේ තරඟකාරී පදනමකිනුයි. ඒ වුනත්, ප්‍රායෝගිකව "අසන්නන්ගේ ඉල්ලීම්" ගීත තේරීම සිදු වුනේ කතිපයාධිකාරී පදනමක කියා කියන්න පුළුවන්. මේ ගීත ඉල්ලා සිටි පිරිස සීමිත පිරිසක් වූ නිසා ඒ අතර සිටි ගාමා ගාමිණී සුබසිංහ, පත්මාවෝ මහේෂ්වරී, පර්ල් අයිරින් වගේ නම් නිතරම කියැවුනා. "අසන්නන්ගේ ඉල්ලීම්" යටතේ වුවත්, "නිවේදක තෝරයි" යටතේ වුවත්, ගුවන් විදුලියෙන් ප්‍රචාරය වූ ගීත අහන්න සිදු වුනේ ඒ ගීත වලට කැමති අයට පමණයි.
කලක සිටම ලංකාවේ පෞද්ගලික බස් මගීන්ට බොහෝ විට කැමැත්තෙන් හෝ අකැමැත්තෙන් සිංදු අහන්න සිදු වී තිබුණා. අද සිට මේ ගීත තෝරා දීමේ කාර්යයත් කරන්නේ ආණ්ඩුවෙනුයි. ජාතික ගමනාගමන කොමිසම විසින් අද (2020 ජනවාරි 01) දින සිට ක්‍රියාත්මක වන පරිදි "මගීන්ට විවේක බුද්ධියෙන් යුතුව රස විඳිය හැකි ගීත දහසකින් සමන්විත සුභාවිත ගීත සමුච්ඡයක්" හඳුන්වා දීමට නියමිත අතර ඊට අමතරව බස්රථයේ ගමන්ගන්නා මගීන්ට වැදගත් වන පණිවුඩ රැසක් සහිත විඩීයෝ පට හඳුන්වා දීමට ද පියවර ගෙන තිබෙනවා. මේ අනුව, අද සිට ලංකාවේ බස් මගීන්ට කැමැත්තෙන් හෝ අකැමැත්තෙන් ආණ්ඩුව කැමති ගී අහන්න සිදු වෙනවා.
ජාතික ගමනාගමන කොමිසම කියන ආකාරයට ඔවුන් මෙය කරන්නේ "අසන්නන්ගේ ඉල්ලීම්" අනුවයි. එම කොමිසම විසින් සිංහල, ද්‍රවිඩ හා මුස්ලිම් මගී ජනතාවගෙන් 15,000ක නියැදියක් ආශ්‍රිතව සිදුකරන ලද අධ්‍යයනයක් අනුව එකී සියලුම දෙනා සියයට 100 ක්ම දැනට එම බස්රථවල අධික ශබ්දයෙන් යුතුව වාදනය කරන ගීත තමන්ට මහත් හිරිහැරයක් හා කන්කරච්චලයක් බව ප්‍රකාශ කර ඇති බව කියනවා. මේ අනුව, "අසන්නන්ගේ ඉල්ලීම්" මත ගීත තේරීම වෙනුවට ආණ්ඩුවේ තේරීම වී තිබෙන්නේ "නිවේදක තෝරයි" ක්‍රමයයි. නිවේදක රාජකාරිය කරන්න ආණ්ඩුව විසින් විද්වත් මණ්ඩලයක් යොදා ගැනීමට නියමිතයි.
මෙතෙක් කල් ලංකාවේ බස් රථ වල ප්‍රචාරය කෙරෙන ගීත නියාමනයකට ලක් වුණේ නැහැ. එහෙත්, මේ ගීත තේරුණේ එම බස් රථවල රියදුරු කොන්දොස්තරවරුන්ගේ රුචිකත්වය මත මිස බස් මගීන්ගේ රුචිකත්වය මත පදනම්ව නෙමෙයි. ආණ්ඩුවට මැදිහත් වීමට අවකාශයක් ලැබී තිබෙන්නේ මේ රියදුරු කොන්දොස්තරවරුන්ගේ හා බහුතර බස් මගීන්ගේ රුචිකත්වයන් අතර තිබෙන නොගැලපීමයි.
ලංකාවේ පෞද්ගලික බස් රථ වල නිතර ප්‍රචාරය වූ නිසාම "බස් සිංදු" ලෙස හඳුනා ගැනෙන ගීත කාණ්ඩයක් තිබෙනවා. මේ ගීත වලට පොදු ලක්ෂණ ගණනාවක් තිබෙනවා. බස් රථයේ හා පාරේ ඝෝෂාවන් නිසා හෝ බසය තැනින් තැන නවත්වද්දී හඬ අඩු වැඩි වීම් නිසා මේ සිංදු වල ගලා යාමට බාධාවීම ලොකු ප්‍රශ්නයක් නොවීම මූලික ලක්ෂණයක්. විවේක බුද්ධියෙන් යුතුව රස විඳිය යුතු සුභාවිත ගීත කියා හඳුන්වන ගීත ඔය විදිහට වාත වෙවී අහන්න අමාරුයි. අමරදේවගේ "උකුළ ළැම හස මලවි කරළිය" වාදනය වෙද්දී කොන්දොස්තර මළයා "ඔටුවා පිටෝටුවා" කියලා කෑගහන එකත් අහන්න වුනොත් ඒක හරියට ලුණුමිරිස් එක්ක අයිස්ක්‍රීම් කනවා වගේ වෙන්න පුළුවන්. ඒ නිසා, මේ වැඩෙන් අන්තිමට ඔය සුභාවිත සිංදු කියන ඒවත් බස් සිංදු ගාණටම වැටෙන්න පුළුවන්.
ආණ්ඩුව කැමති ගී ගැන ඉතා ඉක්මණින් දැනගන්න ලැබෙයි. පහතින් තියෙන්නේ බස් සිංදු සේ හඳුනාගත හැකි ගීත කිහිපයක්.
1. සුදු අරලියා මල - අජිත් මුතුකුමාරණ
2. තනමල්විල මල් පිපුණත් - චාමර වීරසිංහ
3. වෙන් වී ගියත් පෙරදා - රුවන් හෙට්ටිආරච්චි
4. මට දුන්න දුක් ගින්න -දමිත් අසංක
5. මගෙ දුප්පත් ඇස් දෙක - චාමික සිරිමාන්න
6. ඩේලියා මලෙන් - කිංස්ලි පීරිස්
7. පාසැල් බිමේ හමු වූ - අජිත් මුතුකුමාරණ
මගීන් ඇසිය යුත්තේ කුමක්ද, තාප්ප මත දැකිය යුත්තේ කුමක්ද යන දේවල් දැනටමත් ආණ්ඩුව තීරණය කරන්න පටං අරන්
ReplyDelete++++
Deleteකතා කල යුතු දේ තීරණය කරන එකත් ලගදීම එයි වගේ.
බස්වල විකාශයවන ගිත ගැන ආණ්ඩුව තිරණය කිරීම වැරදියි.
Deleteඒත් රජය විසින් බටහිර ක්‍රිස්තියානි ලිංගික අධ්‍යාපනය අනිවාර්යයෙන් ඉගැවීම හරි.
ඔය කියලා තියන බස් සිංදුවත් දානවනම අහගෙන ඉන්න පුළුවන්.. බස්වල බොහෝ වෙලාවට දාන්නෙ සංගීත වල කියන ටක්ක ටකං ටකර ටකං බීට් එකේ යන මහා ගෝෂාකාරී සිංදු..ඒවා ඉවසන් ඉන්න සෑහෙන්න ඉවසීම පුරුදු කරලා තියෙන්නෙ ඕනා.. අනිත් එක උස් හඬින් දාන ගීත වලින මගීන්ගෙ කන්වලට විශාලා හානියක් වෙනවා.. විශේෂයෙන්ම ස්පීකර ළඟ හිටගෙන ඉන්න අයගෙ...
ReplyDeleteආණ්ඩුවේ මේ තීරණය අගය කළ යුතුයි කියන මතයෙ තමා මම ඉන්නෙ.. 15,000 ක නියැදියක් 100% කින් ඒක කරදරයක් කියලා කියනවා කියන්නේ..ලේසි පාසු දෙයක් නෙමේ...
බස් එකේ හිරවෙලා තෙරපිලා, කොන්දොස්තර තැනගේ කරච්චලයටත් මුහුණ දෙමින් යනකොට අඩුම ගානේ ලයාන්විත සිංදුවක්වත් තියනවනම් ඒකත් ලොකු සැනසිල්ලක්.. නැත්නම් කබලෙන් ලිපට වැටෙන්න වෙන්නේ...
අසන්නන් ඉල්ලුවත්
ReplyDeleteනිවේදක තේරුවත්
ඉදිරි පස් වසරටම
නන්දෙ මේ ගයන්නේ
පොහොට්ටුව වයන්නේ
ඔබ කැමති ගී තමයි
උසස් පෙලින් පස්සෙ මොනවද කරන්නේ කියලා හිත හිත ඉන්නවනම් පොඩ්ඩක් නැවතිලා කියවලා බලන්න. කාලෙක ඉදන් මේ ලිපිය ලියන්න හිටියට වෙලාවක් තිබ්බෙ නෑ. දැන් උසස් පෙල ප්‍රතිපල ඇවිත් තියෙන නිසා ගොඩක් දෙනෙක් ඊලගට කරන්නේ මොනවද කියලා තේරුමක් නැතුව තැන් තැන් වල ඩිග්‍රී දෙන මාෆියාවකට අහු වෙන්න කලින් මේ ලිපිය කියෙව්වොත් පොඩ්ඩක් ප්‍රයෝජනවත් වේවි. මුලින්ම කියන්න ඕනි මේක මගේ පෞද්ගලික අත්දැකීම.
ReplyDelete1. උසස් පෙල සමත් වී විශ්ව විද්‍යාල වරම් ලැබූ අයට
පලවෙනි කාරනාව තමයි ඕගොල්ලො දැන් ලමයි නෙමේ. වැඩිහිටියො. ඒක නිසා ලමයි වගේ හැසිරෙන්න එපා. කවුරුහරි ඔයගොල්ලනට කැම්පස් ලමයි කියල කතා කරනවනම් කෙලින්ම විරුද්ද වෙන්න. විරුද්ද වෙලා විතරක් වැඩක් නෑ. වැඩිහිටියො වගේ හැසිරෙන්නත් ඕනි. කැම්පස් ගියාට පස්සෙ මොකෙක් හරි පිංගුත්තරයෙක් තමන්ව රැග් ( දැන් මුන් ඒකට කියන්නේ අනුගත කිරීම කියලා) කරන්න ආවොත් ඒකට විරුද්ද වෙන්න වගේම පොලිසියට දැනුම් දෙන්න. තනියම බැරි නම් කිහිප දෙනෙක් එකතු වෙන්න. බැච් ෆිට් අරව මෙව්වා කිය කියා රැග් වෙනවනම් තමුන් වැඩිහිටියෙක් නෙමේ. තමන්ට වටිනාකමක් තියාගන්න. කොහෙවත් යන එකෙක් තමන්ට අවුරුද්දක් කලින් කැම්ප්ස් ගියා කියලා ඌට බෑ තමන් අදින පලදින් විදිහ, කතා කරන බාසාව, ආව ඉස්කෝලේ නිසා රැග් කරන්න. අනික අවුරුදු 18ක්-19ක් ගියාට පස්සෙ තමන්ට කියලා ආවේනික විලාසිතා, කතා කරන, අදින් පලදින විදිහක් තියා ගන්න. ඒක තමා තමන්ගෙ අනන්‍යතාවය.
දෙවෙනි කාරනාව තමයි හැම වෙලේම මතක තියාගන්න තමන්ට උගන්නන්නෙ මහජනතාව කියන එක. ගොඩක් අයට ඔය කැම්පස් උපාධිය රට යන්න ගන්න වීසා එකක් වගේ. උපාධිය ගන්නකම් මේ රට හොදයි. ඊට පස්සෙ රට වහ කදුරු වගේ වෙනවා. අවුරුද්දකට මේ රටේ මිනිස්සු රුපියල් බිලියන 40ක් විතර නිදහස් අද්‍යාපනය වෙනුවෙන් වියදම් කරනවා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අවුරුද්දකට කි.මි 20ක් විතර දිග හයිවේ එකක් හදන්න පුලුවන් ගානක්. ඉතින් පොඩ්ඩක් කල්පනා කරලා බලන්න නිදහස් අද්‍යාපනය කියන සංකල්පය නැති උනානම් තමන්ගේ දෙමව්පියන්ට අවුරුදු 24ක් විතර වෙනකම් තමන්ගෙ අද්‍යාපන වියදම් දරන්න පුලුවන්ද කියලා. එහෙම බැරි නම් තමන් අද ඉන්නෙ කොතනද කියන එක. ඒක නිසා තමන්ගෙ උපාධිය රටට වැඩක් කරන්න යොදා ගන්න. කවුරු හරි උපාධිය අරගෙන පිට රටක පදින්චියට යන්න ඉන්නවනම් දැන්ම යන්න. තව අවුරුදු හතරක් රටේ සල්ලි වලින් ඉගෙන ගන්නේ නැතුව.
ලංකාවේ ජනමතය...
ReplyDelete01. ස්වාධීන රූපවාහිනී සේවයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී තනතුරට පත්වූ සුධර්මන් රදලියගොඩ ජනාධිපති ලේකම් කාර්‍යාලයේ උපදෙස් පරිදි ඉවත් කෙරේ. ඒකට ගෝඨා වෙනුවෙන් පෙනී හිටපු ඇතැම් අන්තවාදී අයගෙ මතයත් හේතු උනා...
02. ව්‍යවස්ථාවේ 13 වෙනි ව්‍යවස්ථා සංශෝධනය, බලය බෙදීම ගැන විමසූ හැමවිටම ගෝඨාභය පැවසූයේ රටේ බහුතරයක් එයට විරුද්ධ බවත්, ජනතා අභිමතයට විරුද්ධව එවැනි දේ කිසිසේත් නොකරන බවයි. ඒ ගෝඨාභය දිනවූ සිංහල බෞද්ධ අන්තවාදී ත්‍රස්තවාදීන් සමාජගත කල අන්තවාදී ජනමතයයි. රාජ්‍ය මූලික සුභසාධනවාදී සමාජවාදීන් වන UNP එජාපයේ හිටපු ආණ්ඩුව සහ එජාපය රකින ජවිපෙ ව්‍යාපාරය වගේ පාක්ෂිකයන් වන විශාල ජනතාවකගේ මතය නොවෙයි.
03. කන්තලේ සීනි කම්හල නැවත පටන් ගන්න කියල ඇතැම් නූගත් ගංකබර කල්ලියක් ඉල්ලුව. දැන් රජය ඒක පටන් ගන්න තීරණය කරල.
04. මේ වගේ අවස්ථා ගණනකදී මේ රජය ගත් තීන්දු තීරණ වලදි සිංහල බෞද්ධ ජාතිවාදී අන්තවාදී බලවේගවල මතය, ඉල්ලීම් සැලකුවා. රටට සේවයක් වූ රාජ්‍ය ආයතන විකුණුම් කරමින් ආනයන වර්ධනය කරවීම කල යහපාලන ආණ්ඩුව බැහැර කළ හම්බන්තොට වරාය ගැනත් අපි මේ වගේ අපේ මතය ඍජුව තියාගන්න ඕන. අපිට හම්බුනේ යහපාලනයෙන් විනාස කරල නට්ටං උන ආර්ථිකයක්. ඒකත් එක්ක ලොකුවට සෙල්ලම් දාල රනිල් චීනෙට දීපු වරාය ආයෙ ගන්න ලේසි නෑ. නමුත් හම්බන්තොට වරාය අපේ, ඒක අපි නැවත ගන්න ඕන කියන මතය අපිට තියෙන්න ඕන. ඒක ආණ්ඩුවට කියන්නත් සුදුසු වෙලාව ආවම ඒක නැවත අපිට අරගෙන රනිලාගේ සාපයෙන් ගලවාගන්න කියල ඉල්ලමු.
05. අපි ලංකාවේ වර්තමාන ආණ්ඩුවට 'සාධනීය' විවේචනයක් දක්වමු. එහෙම නැතුව මොනව හරි උනාම "දැන් කරන්න දෙයක් නෑ", "ආණ්ඩුවට බැරි නිසා කරන්න දෙයක් නෑ" වගේ මානසිකත්ව වල ඉදල හරි යන්නෙ නෑ. එහෙම ඉදිය නම් ඔය උඩ දක්වපු එක වැඩක් වත් කරගන්න බෑ. ඒකයි අපේ මතය වැදගත්... මහින්ද ඉන්දියාවට ගිහින් අපි 13+ දෙනව කියල කිව්ව බොරු කිව්ව. ඒ වෙලාවෙ විදේශ සබදතා සමබර කිරීමට,ආපු පීඩනය අඩු කරන්න ඒක හොද උපක්‍රමයක්. ඒත් ඒ වෙලාවෙ අපිත් එහෙයි කියාගෙන හිටිය නම් අද ගෝඨාට කියන්න පුලුවන්ද බහුතරය බලය බෙදනවට විරුද්ධයි කියල? බෑ. මහින්ද එහෙම කිව්වත් අපේ බෙදුම්වාදී විරෝධය අපි තියාගෙන හිටිය. හම්බන්තොට වරාය ගැනත් මේකයි වෙන්න ඕන. එතකොට පහුවෙලා හරි ඒක ගන්න හැකියාවක් ලැබෙන්න පුලුවන්.
06. සාධනීය විවේචන කිව්වම ගැලරිය චූන් කරන ක්සනික ආතල්, මෝඩ සටන් පාඨ වලට අහුවෙන්නෙ නැතුව ඉන්න ඕන. හැමතිස්සෙම මේ ආණ්ඩුව පත් කරගත්ත අරමුණු... සිංහල බෞද්ධයන්ට නිසි ප්‍රමුඛත්වය, ආර්ථික දියුණුව, ජාතික ආරක්ශාව වගේ දේවල් මත අපේ ඉල්ලීම්, මතය තියෙන්න ඕන.
07. අපි මේ මත දක්වන්න ඕන ආණ්ඩුව එක්ක ඉන්න ගමන්. ආණ්ඩුවට සහය දෙනගමන්. අපි පහුගිය අවුරුදු 5දි හිටන් හුටන්, පිස්සු රනිලයි නටපු පිස්සු පොඩ්ඩක්වත් අමතක කරන්න හොද නෑ. මේ ආණ්ඩුවෙන් වෙන සුළු සුළු අවුල් අපිට හදාගන්න පුලුවන්. ඒත් අපි පඩියො වෙන්න ගිහින් මෙතනින් එළියට බැහැල ආණ්ඩුවට ගහන්න ගියොත් මේක පෙරලිලා ආයෙ වික්කමසිංහ එන්නෙ රතු බල්ලො ටිකත් එක්ක.
07. ඒ වගේම වඩාත්ම වැදගත් දේ අපි මේ මත,යෝජනා, විරෝධ දක්වන ගමන් පුලුවන් තරම් ආණ්ඩුව ශක්තිමත් කරන්න ඕන. එතකොට තමයි ආණ්ඩුවට ඕන දේ සහ අපේ ඉල්ලීම් ක්‍රියාත්මක කරන්න පුලුවන් වෙන්නෙ. ඊළග මහ මැතිවරණෙන් 2/3 බලයක් දෙමු. 19 අයින් කරල ගෝඨා තවත් ශක්තිමත් කරමු. ආණ්ඩුව මෙතෙක් ආපු බෙදුම්වාදී විරෝධී, විදෙස් ගැති නොවෙන, රටට හිතැති ප්‍රතිපත්තිය අනුමත කරමු.
08.ඒ වගේ ම සිංගප්පූරුව ට ඉඩම් බදු දෙන එක අගය කරමු . මොකද ලංකාව සිංගප්පූරුවක් කළ යුතු නිසා
Deleteහැම දේයක්ම ආර්ථික සාධක ඔස්සේ බැලීම කසි කබල් මාක්ස්වාදී ක්‍රියාවක්.
Deleteබස් සින්දු අහන්න වෙන්නේ තව දෙසතියකින් වගෙයි. මට ඒවා අහන්න වෙන්නේ මාසෙකට දවසයි, මාතර ඉඳලා හම්බන්තොටට යන අතරේ.... බෙහෙත් ගන්න. ඒ හැම වතාවකම වගේ කේන්තියෙන් පිපිරෙමින් ගියේ..... හඬේ තීව්රතාවේ නිසා. බයෙන් ඉන්නේ ක්ලැසික් සින්දු වුනත් කන පැලෙන තරම් හයියෙන් දමාවිද කියලා....
ReplyDeleteඅනෙක නම් මම නොදන්නාකමටයි අහන්නේ.
සපයන සංගත තැටියේ ගීත වුණත් රියදුරු උත්තමයාට skip කරන්න ඇහැකියි නේද?
මේක ඔය සින්දු ලැයිස්තුවේ තියෙනවද?
ReplyDeletehttps://www.youtube.com/watch?v=AZRbcVG6WEQ
උඹේ POSTS නම් වැඩක්ම නැහැ. උඹ රනිල්ගෙ සැටැඹිය කියල අපි නම් හොඳටමදන්නව
ReplyDeleteමටනම් තියෙන ප්‍රශ්නේ මගී බස්වල සින්දු දැමීම අනිවාර්යද? රජයත් එහෙම සිතන බවයි පෙනෙන්නේ. සින්දු අහන්නම ඕනෑ බස් මගීන්ට නම් තමන්ගේ ජංගම දුරකථනය භාවිතා කරන්න පුළුවන් සහ දැනටත් බොහෝවිට සිදුවන්නේ එයයි.
ReplyDeleteබස් ටිකට්, බස් කාලසටහන්, ප්‍රථමාධාර වැනි අත්‍යවශ්‍ය දේවල් නොසලකා බස් සින්දු ගැන මෙච්චර වද වීම නම් විහිළුවක්.