වෙබ් ලිපිනය:

Tuesday, January 7, 2020

යුද්ධය පටන් ගත්තද?


කාසිම් සොලෙයිමානි ඝාතනයට එකට එක කිරීමක් වශයෙන් ඉරානය විසින් මීට පැය කිහිපයකට පෙර (ලංකාවේ වේලාවෙන් ජනවාරි 8 අළුයම 2:00ට පමණ) ඇමරිකානු හමුදා රැඳී සිටින ඉරාකයේ අල්-අසාද් සහ ඉර්බිල් හමුදා කඳවුරු වෙත බැලස්ටික් මිසයිල දොළහක් හෝ වැඩි ගණනක් යොදා ගනිමින් ප්‍රහාර එල්ල කර තිබෙනවා. සිදු වී ඇති හානිය තවමත් වාර්තා වී නැහැ.

ලංකාවේ වේලාවෙන් පසුගිය ජනවාරි 3 අළුයම 3:00ට පමණ කාසිම් සොලෙයිමානිව ඉලක්ක කරගත් ඩ්‍රෝන ප්‍රහාරයකින් ඔහු මිය යාමෙන් පසුව මේ වෙනුවෙන් ඇමරිකාවට දරුණු වන්දියක් ගෙවන්නට සිදු වනු ඇති බව ඉරානය විසින් සපථ කර සිටියා. මේ ප්‍රහාරය එම ඝාතනයට එකට එක කිරීමක් බව පැහැදිලියි. ප්‍රහාරයේ වගකීම ඉරානය විසින් භාර ගෙන තිබෙන අතර ඒ බව පෙන්ටගනය විසින්ද සනාථ කර තිබෙනවා.

කාසිම් සොලෙයිමානි ඝාතනයෙන් පසුව ප්‍රතිප්‍රහාර එල්ල කර නොසිටිය හැකි තැනකට ඉරානය තල්ලු වුනා. කාසිම් සොලෙයිමානි ඝාතනය ආරක්ෂක පියවරක් ලෙස හැඳින්වූ ජනාධිපති ට්‍රම්ප් විසින් කියා සිටියේ ඉරානය ප්‍රති ප්‍රහාර එල්ල කිරීමට යොමු වුවහොත් ඉරානයට හා ඉරාන සංස්කෘතියට වැදගත් වන ස්ථාන 52කට ඇමරිකාව විසින් ඉතා ඉක්මණින්ම දරුණු ප්‍රහාර එල්ල කරනු ඇති බවයි. මේ ප්‍රකාශයට එල්ල වූ ප්‍රතිරෝධය හමුවේ තමන්ට අකැමැත්තෙන් වුවත් ජාත්‍යන්තර නීතියට ගරු කරන්නට සිදු වන බව පසුව ජනාධිපති ට්‍රම්ප් විසින් ප්‍රකාශ කර සිටියා.

ප්‍රහාරයෙන් අනතුරුව, ඇමරිකාවට හා ලෝකයට යුද්ධයක් දරා ගැනීමට අපහසු බව කතානායක නැන්සි පෙලෝසි විසින් ට්වීට් කර තිබෙනවා. ජනාධිපති ට්‍රම්ප්ගේ ප්‍රතිචාරය තවමත් අවිනිශ්චිතයි.

8 comments:

  1. ඉරානේ ගෑනු ලස්සනයි නේද? ඇමරිකාව ඉරානේ අල්ලාගෙන, එහෙ පිරිමි අල්ලාහ් හුතාලා ගාවට යැව්වම තනිකඩ අපට ඉරාන කැල්ලක් වත් සෙට් කරගන්න බැරිවෙයිද ඉකොනෝ?

    ReplyDelete
  2. හරක් නිසා නැවතත් ලෝක යුද්ධයකට තල්ලු වෙන ලකුණු...

    ReplyDelete
  3. "I had a meeting at the Pentagon with lots of generals -- they were like from a movie, better looking than Tom Cruise and stronger -- and I had more generals than I've ever seen." January 2, 2019 (Cabinet Meeting)

    ReplyDelete
  4. ඔයා ඇනල් කරනවද...?

    ReplyDelete
  5. http://www.irancartoon.ir/gallery/album622/Abbas_Goudarzi_Iran
    http://www.irancartoon.ir/gallery/album622/Mehdimohammadi_Rouzbahani_Iran
    http://www.irancartoon.ir/gallery/album622/Davoud_Afrazi_Iran
    http://www.irancartoon.ir/gallery/album622/Melika_Sadeghi_Iran

    ReplyDelete
    Replies
    1. මේවට බෞද්ධයෝ කුපිත වෙන්න අවශ්‍ය‍ය නෑ.. මිත්‍ය දෘෂ්ඨිකයාගේ බලාපොරොත්තුවත් ඒකමයි. මේවා බුදුන්ට පෙන්නුවොත් ඔහු දක්වන ප්‍රතිචාරය අනුමාන කරන්න. ඒ අනුව හැසිරෙන්න.. එච්චරයි.. බොරුව, මිත්තයාව දවසක අතු ගෑවිලා යනවා...

      Delete
  6. යුද්ධය පටන් ගත්තද?
    උත්තරය දන්නවා
    ලියන්න බයයි
    කෝල් කරලා කියන්නම්
    ඒත් ඉතින්.....
    ගොන්ජා වගේ
    ඔයත් රෙකෝඩ් කරලා.....
    ඔන්න ඔහේ අතෑරලා දානවා

    ReplyDelete
  7. අද දවසම අපිට විදුලිය නැති එකේ මහිමය. දැනුයි මේවා දන්නේ!

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: