එහෙම පොලේ යන සමහරක් දවස්වලට අම්මා මට කියනවා,
" චූටිපුතා එනකොට මාර්කට් එකේ මැද තියෙන මුස්ලිම් මස් කඩෙන් මස් රාත්තලක් අරන් වරෙන්.. හැබැයි මතක ඇතිව තනිමස් ඉල්ලන්න ඕනේ නැත්නම් උන් කටු තියෙන මස් දානවා" කියලා.
අපේ ගෙදර හරක්මස් කන්නේ අක්කයි, මායි, තාත්තයි විතරයි. අය්යටයි අනික් නංගිලා දෙන්නටයි කරප්පන් දානවා මස් කෑවම. අම්මා මස් කන්නෙත් නෑ ඒ වුණාට අපිට හරි රසට මස් උයලා දෙනවා. මම ඒ කාලෙත් මිල මුදලට, සකසුරුවමට කැමතියි වගේම සල්ලි හොයාගන්න එක එක ක්‍රම පාවිච්චි කරනවා.
ඒ වගේ එක උපක්‍රමයක් තමයි අම්මාට තනි මස් රාත්තලක් ගේනවා කියලා ගිහින් තම්බි මුදලාලිගෙන් කටුමස් රාත්තලක් අරන් එන එක. ඉතිරිවෙන රුපියල් කිහිපය මගේ මුදල් එකතුවට යනවා හැම සතිඅන්තයේම වගේ.."
මේ කොටස උපුටා ගත්තේ කවිඳුගේ සොඳුරු අතීතයෙන් බිඳක් බ්ලොග් එකෙන්. මෙහි ලියා තිබෙන ආකාරයට ලේඛක කොළු ගැටයා පොඩි කාලෙදී පුරුද්දක් විදිහට අම්මට වංචා කරලා තියෙනවා. ඔය වගේ හෝ වෙනත් ආකාර වල වංචා මම පොඩි කාලේ මාව කඩේ යවපු අයට මමත් කරල තියෙනවා. පොඩි කාලේ ඔය වගේ ක්‍රමයකින් සල්ලි හොයා ගත්ත තවත් අය ඇති.
මේ බ්ලොග් එක හරහා දිගින් දිගටම පැහැදිලි කර තිබෙන ආකාරයකට නිදහස් ගනුදෙනුවකින් සාමාන්‍යයෙන් එහි යෙදෙන කිසිදු පාර්ශ්වයකට පාඩුවක් වෙන්නේ නැහැ. නමුත්, ව්‍යතිරේඛ තිබෙනවා. ගනුදෙනුව තමන් විසින්ම නොකර තමන්ගේ නියෝජිතයෙකු හරහා කර ගනිද්දී නියෝජිතයා විසින් වංචා කිරීම නිසා පාඩු සිදු වීම නිතර දැකිය හැකි ව්‍යතිරේඛයක්.
දැන් අපි මේ උදාහරණය ගනිමු. මුස්ලිම් කඩේ කටු රහිත හරක් මස් රාත්තලක් රුපියල් පහකුත්, කටු සහිත මස් රාත්තලක් රුපියල් හතරකුත් වුනා කියමු. ඔය කියන දවස් වල හරක් මස් ඔයිට අඩු මිසක් වැඩි වෙන්න විදිහක් නැහැ. මුදලාලි හරකට ගෙවන්නට ඇතැයි සිතිය හැකි මුදල, මස් කඩ බද්ද, අනෙක් වියදම් ආදිය ගියාට පස්සේ ඔය ගාණට මස් විකුණලා මුදලාලිට පාඩුවක් නැහැ කියන එක පැහැදිලියින්. මුදලාලිට අනිවාර්යයෙන්ම ලාබයි. අපි හිතමු කටු නැති මස් රාත්තලකින් රුපියල් දෙකකුත්, කටු සහිත මස් රාත්තලකින් රුපියල් එකයි පනහකුත් මුදලාලිට ලාබයි කියලා.
කතාවේ හැටියට කවිඳුගේ අම්මා මස් කන්නේ නැහැ. ඇය කවිඳු ලවා මස් ගෙන්වාගන්නේ කවිඳුට, අක්කාට සහ තාත්තාට උයල දෙන්නයි. ඇය එයින් සතුටක් ලබනවා. කටු නැති මස් රාත්තලකට ඇය රුපියල් පහක් ගෙවන්නේ ඇයට එයින් ලැබෙන සතුට රුපියල් පහකට වඩා වැඩි නිසයි. අපි හිතමු මේ සතුටේ වටිනාකම රුපියල් හතක් කියලා. රුපියල් පහකට කටු නැති මස් රාත්තලක් ගත්තහම ඇයට රුපියල් දෙකක් වාසියි. නමුත්, ඇයට කටු සහිත මස් රාත්තලක වටිනාකම රුපියල් පහයි පනහක පමණක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ කටු සහිත මස් රාත්තලක් ගත්තොත් ඇගේ වාසිය රුපියල් එකයි පණහක් පමණයි.
කවිඳුගේ අම්මාම මස් ගන්න ගියානම් මෙහි නියෝජිත ප්‍රශ්නයක් නැහැ. ඇයට රුපියල් දෙකක් ලාබයි වගේම මුදලාලිටත් රුපියල් දෙකක් ලාබයි. නමුත්, මස් ගන්න යන්නේ කවිඳු. ඔහු කටු සහිත මස් අරගෙන කටු රහිත තනි මස් වලට ගණන් පෙන්වා රුපියලක වාසියක් ලබනවා. නියෝජිතයෙකු විසින් මේ ආකාරයට වංචාවක් කර ලාබයක් ලබන හැම විටකම වෙනත් කෙනෙකුට පාඩුවක් විය යුතුම නැහැ. පාඩුවක් වුනත් ඒ පාඩුව නියෝජිතයාගේ වාසියට සමාන විය යුතු නැහැ.
මේ අවස්ථාවේදී කවිඳුගේ අම්මාට රුපියල් පහක් වැය කිරීමෙන් පසුව ලැබෙන්නේ රුපියල් හතරකට මිල දී ගත හැකි කටු සහිත මස් රාත්තලක්. කටු සහිත මස් රාත්තලකට ඇගේ වටිනාකම රුපියල් පහයි පනහක්. ඒ කියන්නේ කවිඳුගේ වංචාවෙන් පස්සෙත් ඇයට සත පණහක ලාබයක් තියෙනවා. කවිඳු විසින් දිගින් දිගටම වංචා කරද්දීත් ඇය කවිඳුව නැවත නැවත කඩේ යවන්නේ ඒ නිසා වෙන්න පුළුවන්. නමුත්, ඒ ලාබය ඇයට ලබාගත හැකිව තිබුණු රුපියල් දෙකක ලාබයට වඩා එකයි පණහකින් අඩුයි.
මුදලාලිගේ තත්ත්වය කොහොමද? කටු මස් විකිණුවත්, තනි මස් විකිණුවත් මුදලාලිට ලාබයි. නමුත්, තනි මස් රාත්තලක ලාබයට වඩා සත පණහක් අඩුයි කටු මස් රාත්තලක ලාබය. කටු මස් විකිණීමෙන් මස් කඩ මුදලාලිට පාඩුවක් වී නැහැ. නමුත්, ලබා ගත හැකිව තිබුණු ලාබයක් නැති වී තිබෙනවා.
ගණුදෙනුවක ලාබ පාඩු බලන්න වෙන්නේ විකල්පයකට සාපේක්ෂවයි. ගණුදෙනුවක් නොකර සිටීමේ විකල්පයට සාපේක්ෂව බැලුවොත්,
- මුදලාලිට රුපියල් 1.50ක්,
- කවිඳුගේ අම්මට ශත පනහක්, හා
- කවිඳුට රුපියලක් ලාබයි.
ගනුදෙනුව සිදු වීම නිසා කාටවත් පාඩුවක් සිදු වී නැහැ. එහෙත්, කවිඳුගේ අම්මාම කඩේට ගොස් මස් මිල දී ගැනීමේ විකල්පයට සාපේක්ෂව බැලුවොත්,
- මුදලාලිට ශත පණහක්, හා
- කවිඳුගේ අම්මට රුපියල් 1.50ක් පාඩුයි.
-කවිඳුට රුපියලක් වාසියි.
මීට අමතරව කවිඳුගේ තාත්තාට සහ අක්කාට කටු මස් කන්න වීම නිසා, තනි මස් විකල්පයට සාපේක්ෂව ඔවුන්ටත් පාඩුවක් වෙනවා. අපි හිතමු මේ පාඩුව එක් අයෙකුට ශත විසි පහක් කියලා. ඒ පාඩුවම කවිඳුටත් වෙනවා. ඒ නිසා, ඔහුගේ ශුද්ධ ලාභය ශත හැත්තෑ පහක් පමණයි.
දැන් මේ උදාහරණයේදී කවිඳුගේ වංචාව නිසා ඔහුට ශත හැත්තෑ පහක් ලාබ වෙද්දී වෙනත් අයට රුපියල් 2.50ක් පාඩු වී තිබෙනවා. එයින් රුපියල් දෙකක්ම පාඩු වී තිබෙන්නේ ඔහුගේ පවුලේ අයටයි. මේ උදාහරණයේදී මෙසේ වුවත්, වංචාවකින් කෙනෙක් ලාබයක් ලබද්දී ඒ හේතුව නිසා වෙනත් අයට සිදු වන පාඩුව එම ලාබයට වඩා අඩු එකක් වෙන්නත් පුළුවන්.
කඩෙන් මස් රාත්තලක් ගන්නවා වගේ සරල ගනුදෙනුවක් නියෝජිතයෙකු නැතිව වුවත් කරන්න අමාරුවක් නැහැ. නමුත්, වඩා සංකීර්ණ ගනුදෙනු බොහෝ විට සිදු වන්නේ නියෝජිතයින් හරහා. බොහෝ ව්‍යාපාර වෙනුවෙන් ගනුදෙනු වල නියැලෙන්නේ එම සමාගම් වල සේවකයින් මිසක් අයිතිකාරයින් නෙමෙයි. ඔවුන්ට එම සමාගම් වල අයිතිකාරයන්ට වංචා කර වාසියක් ලබා ගැනීමේ ඉඩක් තිබෙනවා.
සමාගම් වල අයිතිකරුවන් මේ බව දන්නවා. ඒ වගේම සේවකයින් වංචා කළොත් අඩු වෙන්නේ තමන්ගේ ලාබ බවත් දන්නවා. ඒ නිසා, සමාගම් හැම විටම මෙවැනි වංචා වලක්වා ගන්න උත්සාහ කරනවා. තරඟකාරී වෙළඳපොලකදී එසේ වංචා වලක්වා නොගන්නා සමාගමකට අනෙකුත් සමාගම් සමඟ තරඟ කරන්න බැරි වී වෙළඳපොළෙන් විසි වී යනවා. අවසාන වශයෙන් වෙළඳපොළේ ඉතිරි වන්නේ සේවකයින්ගේ වංචා වලක්වා ගන්නා සමාගම්.
හැබැයි මේ ආකාරයට ස්වභාවිකවම වෙළඳපොල යාන්ත්‍රනය විසින් නිවැරදි කරන්නේ කිසියම් සමාගමකට පාඩු සිදුවන ආකාරයේ වංචා මිසක් වෙනත් අයට සිදු වන වංචා නෙමෙයි. උදාහරණයක් විදිහට එයාබස් සමාගම හා ශ්‍රීලන්කන් ගුවන් සමාගම අතර ගනුදෙනුවකදී සිදු වන වංචාවක් නිසා එයාබස් සමාගමට වාසියකුත් ශ්‍රීලන්කන් ගුවන් සමාගමට පාඩුවකුත් වෙනවානම් එයාබස් සමාගමට එය නිවැරදි කරන්න පෙළඹවීමක් එන්නේ නැහැ. තරඟකාරී වෙළඳපොලක වංචාව නිසා එළියට විසි වන්නේ ශ්‍රීලන්කන් ගුවන් සමාගම මිසක් එයාබස් සමාගම නෙමෙයි. නිවැරදි වීම සිදු වෙන්නේ කොයි පැත්තෙන් වුනත්, අවසානයේදී වෙන්නේ ස්වභාවිකවම වංචාවට තිබෙන අවස්ථාව නැති වී යන එකයි.
බොහෝ විට මේ වැඩේ අවුල් වෙන්නේ එක පැත්තක රජයක් සිටින විටයි. රජයට අයත් ආයතනයක් පාඩු වූ විට ඒ පාඩුව රටේ මහජනතාවටයි. සමාගමක අයිතිකාරයින් විසින් එහි සේවකයින්ට බලපෑම් කරන ආකාරයෙන්ම රජයට බලපෑම් කරන්න මහජනතාවට අසීරුයි. මෙහි ප්‍රතිඵලය වන්නේ නියෝජිත ප්‍රශ්න පහසුවෙන් නො විසඳීමයි. පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම සහ සේවක අර්ථසාධක අරමුදල අතර ගනුදෙනුවකදී පර්පෙචුවල් සමාගමට වංචාවක් කර පාඩු කරන එහි සේවකයෙකුට දිගුකාලීන පැවැත්මක් නැති වුනත්, සේවක අර්ථසාධක අරමුදලට පාඩු වන ආකාරයේ වංචාවක් කරන එහි සේවකයෙකුට කාලයක් අල්ලාගෙන ඉන්න පුළුවන්. ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ සේවකයෙක්ට වුනත් එහෙමයි.
දෙමව්පියන්ගේ මුදල් වංචා කරපු පාපය මට තරම් දරුණු විදියට පඩිසන් දුන් කෙනෙක් මම දන්නේ නැහැ. 1979 රෝයල් තෝමියන් 100 මැච් එක වෙනුවෙන් ගහපු ලොතරැයි පොතක්ම (ටිකට් 10, එක ටිකට් එකක් රු. දෙකයි) මටත් ලැබුනා. ඒක ගෙදර ගෙනැවිත් කිව්වාම තාත්ත මුළු ටිකට් පොතේ වටිනාකම වන රුපියල් විස්සක් දුන්නා. එකල උසස් පෙළ ඉගෙන ගන්න නසරානි වයසේ පසු උන මම ඒ ටිකට් නැවත විකුනලා සල්ලි ගත්තා. මගේ ටිකට් පොතට 2 වන ත්‍යාගය ඇදිලා. 12 D 0471 තවමත් නොම්මරේ මතකයි. පළමුවන ත්‍යාගය ඩයිහැට්සු ෂැරේඩ් එකක්, දෙවන ත්‍යාගය රුපියල් 12000 ක දොන් කරෝලිස් ඩයිනින් රූම් සූට් එකක්. තුන්වන ත්‍යාගය දෙදෙනෙකුට සිංගප්පුරුවට ගුවන් ටිකට් පත්. අවාසනාව කියන්නේ ටිකට් පත මිලදී ගත් මගේ අක්කාගේ යෙහෙළියත් විදේශගත වී සිටි නිසා ඒ ත්‍යාගය කිසිවෙකුට ලැබුනේ නැහැ.
ReplyDeleteනැවතත් 80 දශකයේ මුල මගේ ජීප්පුවට ෆුල් ඉන්ෂුවරන්ස් වලට රුපියල් 450 වැනි මුදලක් තාත්තාගෙන් ලබාගෙන රුපියල් 180 වැනි මුදලකට තර්ඩ් පාටියක් දාලා රුපියල් 270 වංචා කළා. අලුත් ඉන්ෂුවරන්ස් එක පටන් ගත් "පළමුවෙනි දවසෙම" වාහනය දෙකට කැඩෙන්නම හැප්පුනා.
මටත් ඔහොම දෙයක් උනා. මම අද උදේ තාත්තාගෙන් ක්ලාස් යන්න කියලා රුපියල් 5000 ක් ඉල්ලා ගත්තා. ඊට පස්සේ උදේ ගෙදරින් ගිහිං ක්ලාස් එක ලග කෙල්ලෝ බැලුවා අට නමය වෙනකන්.
Deleteඊට පස්සේ උදේ 11 වෙනකන් එහෙට මෙහෙට විවි ඉදලා බාර් ඇරියම ඒකට ගිහිං භාගයක් ගහලා රයිස් එකකුත් කෑවා. බිල ආවා 1800 ක්. ඊට පස්සේ රුපියල් 2000 ක් වේටර්ට දීලා සිගරට් එකකුත් ගෙන්න කියලා බැලන්ස් එක මිනිහට දුන්නා ටිප් එක විදියට. ඊට පස්සේ ඉතිරි 3000 ත් අරං එලියට බැස්සා බාර් එකෙන්.
ඊට පස්සේ එතනම තිබ්බ ස්පා එකක බෝර්ඩ් එක දැකලා ඒකට ගියා. එකේ කෑලි හිටියා හතර පස් දෙනෙක්. එකෙන් මම තෝරා ගත්තා සමිතා මුදුන්කොටුව වගේ කැල්ලක්. ගාන 1200 යි මසාජ් එකට. ඊට පස්සේ රූම් එකට ගිහිං ටෝක් කරලා ඒකිට 1000 ක් දීලා ගහලා එලියට ආවා. ඔය වැඩ ටික ඉවර වෙනකොට හවස 4 වගේ උනා. ඊට පස්සේ ත්‍රීවීල් එකකට රුපියල් 80 ක් දීලා ගෙදර ආවා. දැන් අතේ රුපියල් 720 ක් ඉතිරි.
ඉකොනො මේ ඩිව් ගුණසේකර කියන කතා ඇත්තද?
ReplyDeletehttps://m.facebook.com/story.php?story_fbid=10206928423405397&id=1722504549
2015.02.28 දිනදී ඇලෝසියස්අත ඇති මුදලරු.ම් 300 ආයෝජනය කල මුදල රු. මි. 300 මුළු ඉපයීම රු. මි. 4,600 ශු. ලාභය රු. මි. 4,300/=
Deleteලාභය ප්‍රතිශතයක් ලෙස 1,500%
මංකොල්ල නොව මේවා සාපරාධී මහා පරිමාණයෙන් කරන ජාවාරම්...
ඩිවු ගුණසේකර විසින් හිතාමතාම හෝ නොදන්නාකමට පට්ටපල් බොරු විදී. "AnonymousFebruary 17, 2020 at 12:42 PM" කමෙන්ටුවේද සඳහන් කතාව ඒවායින් එකකි. මේ කරුණු වෝහාරික විගණන වාර්තාව එන්න බොහෝ කලකට පෙරම පැහැදිලි කර ඇති බැවින් නැවත කතා කිරීමේ තේරුමක් නැත. කරුණාකර පහත ලිපිය කියවන්න. කොටසක් පමණක් කොපි කර මෙහි දමන්නම්.
Deletehttp://emgesathapaha.blogspot.com/2017/03/blog-post_16.html
"මහ බැංකුව විසින් පර්පෙචුවල් ට්‍රෙෂරිස් සමාගම ප්‍රාථමික ගණුදෙණුකාර සමාගමක් ලෙස පත් කරන්නේ 2013 සැප්තැම්බර් 30 වන දිනයි. එවකට මහ බැංකුවේ අධිපතිවරයා ලෙස කටයුතු කළේ අජිත් නිවාඩ් කබ්රාල්ය. පර්පෙචුවල් ට්‍රෙෂරිස් සමාගමේ පූර්ණ අයිතිය ඇත්තේ පර්පෙචුවල් කැපිටල් හෝල්ඩින්ග්ස් සමාගමටය. අජිත් නිවාඩ් කබ්රාල්ගේ සොහොයුරිය වන සිරෝමි වික්‍රමසිංහ, 2013 දෙසැම්බර් 23 දින පර්පෙචුවල් කැපිටල් හෝල්ඩින්ග්ස් සමාගමේ අධ්‍යක්ෂවරියක් බවට පත් වේ. 2014 පෙබරවාරි 05 දින පර්පෙචුවල් ට්‍රෙෂරිස් සමාගම සිය රාජ්‍ය සුරැකුම්පත් ගණුදෙනු අරඹයි.
ආණ්ඩුමාරුව සිදුවී, 2015 ජනවාරි 09 දින ඉල්ලා අස්වන තුරු අජිත් නිවාඩ් කබ්රාල් මහ බැංකු අධිපති ධුරයේ කටයුතු කරන අතර, සිරෝමි වික්‍රමසිංහ 2015 මාර්තු 9 දක්වා පර්පෙචුවල් කැපිටල් හෝල්ඩින්ග්ස් සමාගමේ අධ්‍යක්ෂවරියක ලෙස කටයුතු කරයි. 2015 ජනවාරි 26 දින අර්ජුන් මහේන්ද්‍රන් මහ බැංකු අධිපති ලෙස පත් කෙරෙන අතර 'බෑණාට සැලකීම' ගැන කවුරුත් දන්නා සිදුවීම වෙන්නේ ඉන් මසකට පසුවය. 2016 ජූනි 30 දක්වා අර්ජුන් මහේන්ද්‍රන් මහ බැංකු අධිපති ලෙස කටයුතු කරයි.
පර්පෙචුවල් ට්‍රෙෂරිස් සමාගම අධික ලාභ ලබන්නේ අර්ජුන් මහේන්ද්‍රන් මහ බැංකු අධිපති ලෙස පත් වූ දින සිට නොවේ. 2014 මාර්තු අවසානය වන විට මවු සමාගම වූ පර්පෙචුවල් කැපිටල් හෝල්ඩින්ග්ස් සමාගම විසින් යෙදවූ රුපියල් මිලියන 310.3ක ප්‍රාග්ධනයකට පමණක් හිම්කම් කියූ එම සමාගම පළමු වසර තුළ ලබන ලාභය මිලියන 959.5කි. මෙය 309.2%ක ප්‍රතිලාභ අනුපාතිකයකි.
මුල් වසරේ ලාභයෙන් වැඩි කොටසක් සමාගමේ ප්‍රාග්ධනයට එකතු කෙරෙන නිසා පර්පෙචුවල් ට්‍රෙෂරිස් සමාගම දෙවන වසර අරඹන්නේ රුපියල් මිලියන 1,065.9ක ප්‍රාග්ධනයක් සමඟිනි. එම වසරේ ඔවුන් ලබන ලාභය රුපියල් මිලියන 5,124.3කි. ප්‍රතිලාභ අනුපාතිකය 480.7%කි."
ලංකාවේ වත්මනෙහි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට ගැලපෙන්නෙ සජිත් ප්‍රේමදාස වැනි අතිදක්ෂ තරුණ අගමැතිවරයෙක් බව එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු ඇතුළු දෙවැනි පෙළ නායකයන් බහුතරයක් පවසයි.
ReplyDeleteඑනිසා ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී ඒ වෙනුවෙන් සටන් වදින බවද ඔහු ඇතුලු පිරිසක් සඳහන් කළේ පාර්ලිමේන්තුවේදී නව සැසිවාරය ආරම්භයේදී පැවති තේ පැන් සංග්‍රහයෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කරමින්...
එක්සත් ජාතික පක්ෂය දැනටමත් මහ මැතිවරණය ප්‍රධාන වශයෙන් ප්‍රචාරක කටයුතු කරගෙන යන්නේ ‘ජනපති ගෝඨාභය - අගමැති සජිත් ප්‍රේමදාස" කියල කියන සටන් පාඨය තේමා කරගනිමින්... මේ තත්ත්වය පිළිබඳ ඔබේ අදහස් දක්වන්න.
මේං මෙතන තියෙනව යස මාටිය ගැහිල්ලක්...
ReplyDeletehttp://yanhella.blogspot.com/2015/11/shop-doing-and-children-watching-2.html
රජයේ ආයතනවල නියෝජිතයන් වංචා කිරීම වළක්වන්න අල්ලස් හෝ දූෂණ ෙචෝදනා විමර්ශන කොමිෂන් සභාව පිහිටුවා තියෙනවා. ඒත් ඒකෙන් හොයන්නෙ රජයේ ආයතන කරන වංචා දූෂණ විතරක් වීම මට ප්‍රශ්නයක් වෙලා තිබුණා. මේ ලිපියෙන් තමයි මට හරියටම තේරුණේ.
ReplyDelete*A 60 yr old Billionaire came to the Bar with his gorgeous 25 yr old wife!*
ReplyDeleteFriend: How did she marry you?
Man: I lied about my age !
Friend: You said 45?
Man: No!
I said 90...
������
*Economics is not that difficult if we have the right examples.*
Interviewer: What is Recession?
Candidate: When "Wine & Women" get replaced by "Water & Wife", that critical phase of life is called Recession!!
������
*What is the difference between Liability & Asset?*
A drunk friend is liability.
A drunk Girlfriend is an Asset.
������
*An Economist explained two reasons for having 2 wives:*
A- Monopoly should be broken.
B- Competition improves the quality of service.
If u have 1 wife, She fights with u!
If u have 2 wives, They will fight for you!!
������
*When you are:*
In love, Wonders happen.
Once you get married, You wonder, what happened.
������
*Philosophy of marriage:*
At the beginning, every wife treats her husband as GOD..
Later, somehow don't know why..
alphabets get reversed..
������
*Secret formula for married couples:*
"Love One Another"
And if it doesn't work, bring the last word in the middle.!!!!
������
පෝස්ට් එක ලිව්වාට ඉකොනොටයි කමෙන්ට්ස් දාපු හැමෝටමයි ස්තුතියි. ඒ තරම් රහයි.
ReplyDelete