වෙබ් ලිපිනය:

Sunday, December 5, 2021

පල්ලියේ පන්සල


ඇමරිකාවේ ඔහායෝ ප්‍රාන්තයේ බ්‍රයන් නගරය ඉතාම කුඩා නගරයක්. ජනගහණය 8,729ක් පමණයි. එයින් 95%ක් පමණම සුදු ජාතිකයින්. මා දන්නා තරමින් ශ්‍රී ලාංකික සම්භවය ඇති කිසිවකු එම නගරයේ නැහැ. එහෙත් ඔහායෝ ප්‍රාන්තයේ වඩා විශාල නගර වල හා යාබද ප්‍රාන්ත වල තැනින් තැන ශ්‍රී ලාංකිකයින් යම් ප්‍රමාණයක් විසිරී සිටිනවා. 

ඔහායෝ ප්‍රාන්තයේ පිහිටි ඓතිහාසික මෙතෝදිස්ත පල්ලියක් එහි වත්මන් හිමිකරු විසින් සඟසතු කර පූජා කිරීමෙන් පසුව මේ වන විට එය බෞද්ධ පන්සලක් හා භාවනා මධ්‍යස්ථානයක් බවට පරිවර්තනය වී තිබෙනවා. පන්සලේ විහාරාධිපති ධුරය දරන තලංගම දේවානන්ද හිමියන් එහි අතීත උරුමය පිළිබිඹු වන පරිදි Father John's Loving Kindness Meditation Society යනුවෙන් මෙම ස්ථානය නම් කර තිබෙන අතර එහි අතීත ගෘහ නිර්මාණ සැලසුම හා චිත්‍ර ආදිය එලෙසම නඩත්තු කරමින් ආරක්ෂා කිරීමට තීරණය කර තිබෙනවා. එමෙන්ම මෙම ස්ථානය ඕනෑම ආගමිකයෙකුට විවෘතයි. 

දේවානන්ද හිමි කැලිෆෝර්නියා හා ඉන්දියානා ප්‍රාන්ත වල පිහිටි තවත් පන්සල් දෙකක ද විහාරාධිපති ධුරය දරනවා. සම්ප්‍රදායික ක්‍රිස්තියානි පල්ලියක් පන්සලක් වීම අපූරු අත්දැකීමක්. 


ඇමරිකාවේ ඕනෑ විදිහට පන්සල් හදන්න බැහැ. ඒ වගේම ඕනෑ විදිහට වෙනත් ආගමික ස්ථාන, ව්‍යාපාරික ස්ථාන හෝ නිවාස හදන්නත් බැහැ. ගෙදරක් කුලියට දීමේ නිදහස තබා ගෙදරක ඉදිරිපස හා පසුපස වැවිය හැකි ගස් ගණන තීරණය කිරීමේ නිදහස පවා ඇතැම් විට නිවාස හිමියාට නැහැ. ඒ වගේ දේවල් තීරණය වන්නේ කිසියම් ප්‍රදේශයක බහුතරයකගේ කැමැත්ත මතයි. එහෙත්, ඇමරිකාවේ බෞද්ධයින් ඇත්තේම නැති නගරයක වුවත් පල්ලියක් පන්සලක් කරන්න බැරි කමක් නැහැ.

ඡායාරූපය දේවානන්ද හිමිගේ වත්පොත් පිටුවෙන්.

18 comments:

  1. ඔව්. මෙයත් පන්සලක් වූ පල්ලියක්. ඉලිනෝයි ප්‍රාන්තයේ.

    ReplyDelete
  2. හුම්ම්.. ඕක දැං ලංකාවෙ ගොසිප් සයිට් හුටමො ටික දකින්ඩ විතරයි තියෙන්නෙ 😃😃😃

    ReplyDelete
  3. සුජාත හාමුදුරුවන්ගේ ඔය වීඩියෝ එක කලින් බලල තිබුණේ නැහැ. බොහොම විවෘතව ඇත්ත තත්ත්වය පැහැදිලි කරනවා.

    ReplyDelete
  4. //ඇමරිකාවේ ඕනෑ විදිහට පන්සල් හදන්න බැහැ. ඒ වගේම ඕනෑ විදිහට වෙනත් ආගමික ස්ථාන, ව්‍යාපාරික ස්ථාන හෝ නිවාස හදන්නත් බැහැ. ගෙදරක් කුලියට දීමේ නිදහස තබා ගෙදරක ඉදිරිපස හා පසුපස වැවිය හැකි ගස් ගණන තීරණය කිරීමේ නිදහස පවා ඇතැම් විට නිවාස හිමියාට නැහැ. //

    Land of the free??

    ReplyDelete
    Replies
    1. ඇමරිකාව කියන්නේ සාමූහික සමාජයක්. ඇමරිකාවේ වුවත් පෞද්ගලික නිදහස කියන එක තීරණය වන්නේ සාමූහික තීරණ වල සීමාව තුළයි.

      අපේ අසල්වාසීන්ගේ ස්වයං නිර්ණ අයිතිය
      http://economatta.blogspot.com/2017/03/blog-post.html

      Delete
    2. Land of free to make their own laws

      Delete
    3. https://www.youtube.com/watch?v=robCTO-hYvw

      Delete
    4. https://economatta.blogspot.com/2021/06/blog-post_18.html

      Delete
  5. ලංකාවෙ තියෙන්නෙ ලවුඩ්ස්පීකර්

    ReplyDelete
  6. පන්සල මොකද පල්ලිය මොකද ඉන්නව නං ගුණවත්තු
    දැන් වැඩි හරිය ඉන්නේ හොර සිල්වත්තු
    උන්දැල වඳ වෙලා වැඩිවී නැණවත්තු
    ලෝකය පුරා වැඩි වේවා පින්වත්තු!

    ReplyDelete
  7. ඉකොනොමැට්ටා මෙතන ජාතිවාදී ආගම්වාදී ගැටුම් ගැන කතා කරලත් දන්නේ නැති කරුණ තමයි ඔය විදියට පකිස්තාන සියල්කෝට් අවාසනාවන්ත සිදුවීමේදී ඝාතනයට ලක්වු ප්‍රියන්ත කුමාරගේ පවුල වෙත ඇමෙරිකානු ඩොලර් ලක්ෂයක වන්දියක් (ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි දෙකකට වැඩි මුදලක්) ගෙවීමටත්, ඔහුගේ වැටුප අඛණ්ඩව ලබා දීමටත් පාකිස්ථානය තීරණය කර ඇති බව. මේවා ගැන කතා නොකර විවේචනය පමණක් කිරීම සුදුසු නෑ නේද?

    මේ වන විටත් ලංකාවෙ සහ ජාත්‍යන්තර මාධ්‍ය හරහා පෙන්වා දුන්නේ පකිස්ථානය තුළදී අවාසනාවන්ත ආකාරයට අනතුරකින් ඝාතනය වූ ප්‍රියන්ත කුමාර දියවඩන වෙනුවෙන් අරමුදලක් එකතු කිරීමට සියල්කොට් නගරයේ ව්‍යාපාරික ප්‍රජාව කටයුතු කර තිබෙන අතර මේ වනවිට ඇමෙරිකානු ඩොලර් ලක්ෂයක මුදලක් එම අරමුදල සඳහා එකතු වී ඇති බව පකිස්තාන මාධ්‍ය සහ බොහෝ ජාත්‍යන්තර මාධ්‍ය පවා ඉතා පැහැදීමෙන් වාර්තා කර සිටී.

    මේ වගේම තවත් වැදගත් තීරණ අතර හොඳ ආරංචියක් තමයි මියගිය ප්‍රියන්ත කුමාර ලැබූ මාසික වැටුප සම්පූර්ණයෙන්ම එලෙසම ඔහුගේ පවුලේ උදවිය සඳහා නොනවත්වා ලබාදීමට කටයුතු කරන බව පකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් තහවුරු කිරීම.

    ඒ අනුව එම අනතුරින් අපට අහිමි වූ ලාංකිකයා වෙනුවෙන් ශෝකය පළ කිරීමේ උත්සවයකට එක්වෙමින් පකිස්තාන අග්‍රමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර තහවුරු කර ඇත.

    තවත් මේ ගැන ඔහු පවසා ඇත්තේ එම මිලේච්ඡ ක්‍රියාවට සම්බන්ධ සැකකරුවන්ට කිසිදු බුරුලක් පාකිස්තානයෙන් නොලැබෙන බවත් උත්සවය අවසානයේදී පකිස්තාන අග්‍රාමාත්‍යවරයා විසින් මිය ගිය ප්‍රියන්ත කුමාරව බේරා ගැනීමට උත්සාහ දැරූ පකිස්තාන ජාතික මලික් අද්නන් වෙත පකිස්ථාන් සිවිල් වැසියකුට පිරිනමන දෙවැනි උසස්ම විශිෂ්ටතමයන්ට පිරිනමන සිවිල් සම්මානය වන "තම්ගා අයි ෂුජාත් " සම්මාන පිරිනැමීමයි. නමුත් ඉකොනොමැට්ටා මේවා උවමනාවෙන්ම අමතක කිරීම සුදුසු නෑ නේද?

    ReplyDelete
    Replies
    1. පඩිය එවනකොට උන්ඩියල් විදියට එවන්න කියන්න. නැතිනම් ඒකෙන් කොටසක් ආණ්ඩුව හොරා කනව

      Delete
    2. මේ දවස් වල කාලකන්නි තැරිදාර පුන්නක්කු මී හරක් බයිසන් ගවරැල;

      "අර මැරිච්ච මහත්තයගෙ දරු පවුල් දකිද්දි හරිම දුකයි. පාඩුවෙ හිටපු මිනිස්සු.. අර දරුවො ඒ වීඩියො දකිද්දි, තමුන්ගෙ තාත්තට මැරෙනකං ගහනව...අම්මෝ....."

      යකෝ මේක මේ හදිසි කෝපය නිසා සුළු පිරිසකගේ අතින් සිදුවූ යම් කිසි සිදුවීමක් විතරයි. නමුත් රාජ්‍ය බලය සහිතව රජයේ පාලක තනතුරු දරන පිරිසක් විසින් නීතිය අතට අරගෙන ලංකාවෙත් සුද්දියක් දූෂණය කරල, එයාගෙ සැමියා මරල, ප්‍රා.ස සභාපති කෙනෙක් ගණං කරල දූෂණය කරද්දි රටේ පාලකයා රාජපක්ෂ කෙනෙක්...!

      එතකොට වසීම් තාජුද්දීන් රාජ්‍ය බලය අවභාවිත කරමින් අතිශය අශිෂ්ඨ තිරශ්චීන ලෙස අමානුෂික ආකාරයේ වධ බන්ධන හිංසා පමුණුවා ඝාතනය කර පුළුස්සා මැරීමට කටයුතු කළේ කවුද? ඒ ගැන මුන් සද්ද නෑ?

      Delete
    3. //AnonymousDecember 7, 2021 at 11:58 AM//

      ඔබ කියන දේවල් මේ විදිහට වුනේ ලොව පුරා බොහෝ දෙනෙක් මේ ගැන කතා කළ නිසා වෙන්නත් පුළුවන් නේද?

      Delete
  8. මේ පින්වතුන් නිදහස් වෙලාවක විශිෂ්ට ධර්ම දැනුමැති විචිත්‍ර ධර්ම කථික අතිපූජ්‍ය ඥාන සාර ස්වාමීන් වහන්සේට දුරකතන ඇමතුමක් දී කතා කරන්න. උන්වහන්සේ ඉතා මැනවින් ධර්මය දේශනා කරමින් බුදු දහම ගැන ඉතා හොඳ පැහැදිලි කිරීමක් කරනවා.

    මේ කෙටි වීඩියෝ ක්ලිප් එක ඊට හොඳ උදාහරණයක්.

    https://www.facebook.com/100000214614781/posts/5213530581997377/?app=fbl

    උන්වහන්සේ මේ දිනවල ජනාධිපති කාර්ය සාධක බලකායේ ජාතික සමගිය ප්‍රවර්ධනය කිරීමේ කටයුතු නිසා බොහෝ විට කාර්යබහුල වන නමුත් ධර්ම සාකච්ඡා සඳහා ඕනෑම වේලාවක ඔබට ප්‍රශ්න ඇසීමට සහ නිරාකරණය කර ගැනීමට පුළුවන් වෙයි.

    ReplyDelete
  9. ආගමක් මිනිසාට කොයිතරම් වැදගත් දැයි කියා ප්‍රශ්ණ කෙරෙණ සමාජයක අළුතින් පංසලක් පිහිටුවීමට පල්ලියක් ලබාදීම පිළිබඳව අප නැවත් හැරී බලමින් නොව නැවතී කථා කල යුත්තේ; එම ප්‍රධානයට සිත හදා ගත් පල්ලියේ පූජකතුමා ඇතුළු ආගමික බලධරයින් හා එම පල්ලිය පරි හරණය කල සාමාන්‍ය ජනතාව ඒ සඳහා කෙසේ සිත එකඟ කර ගත්තේද කියනා කාරණය සිතට එන විටයි.
    සත්තකින්ම බුදු දහමේ කියැවෙන "අත් හැරීමට" මීට වඩා සාර්ථක උදාහරනයක් වෙත්ද?

    ReplyDelete
  10. අපේ මාතලන් තුමා කියපු විදියට බුද්ධාගම කියන්නේ පට්ට සෙල්ෆිෂ් ආගමක්.
    ඇමරිකා ඔරුමත්තුනාඩුවේ අය ඒකට විරුද්ධ නැත්තේ ඒ නිසා වෙන්න ඇති.

    සාමූහිකත්වය ගරු කරන කතෝලික, ඉස්ලාම් වගේ ආගම් වලට එච්චර සුහදත්වයක් නෑ.

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: