වෙබ් ලිපිනය:

Thursday, February 2, 2023

ඩොලරයේ මිල පාලනය කරන හැටි...

මහ බැංකුව විසින් කාලයක් ඩොලරය රුපියල් 200 මට්ටමේ හිර කරගෙන හිටියා. ඒ වෙනුවෙන් රටේ සංචිත හිඳෙන තුරුම ඩොලර් විකිණුවා. ඉන් පසුව, අසල්වැසි රටවලින් ඩොලර් ණයට අරගෙන ඒ ඩොලර්ද විකුණමින් ඩොලරය රුපියල් 200 මට්ටමේ තියාගෙන හිටියා. ඩොලරය අත ඇරියේ කරන්නම දෙයක් නැති වුනාට පස්සේ. ඩොලරය අත ඇරීමත් එක්ක ඩොලරයක මිල පාලනයක් නැතිව ඉහළ ගියා. එහෙත්, අන්තිමේදී ඩොලරයක මිල රුපියල් 360 මට්ටමේ ස්ථාවර කරගනු ලැබුවා. ඩොලරය තවමත් එම මිලේ ස්ථාවරව තිබෙනවා. නමුත්, මහ බැංකුව දැන් මේ වැඩේ කරන්නේ සංචිත විකිණීම මගින් නෙමෙයි. එහෙම විකුණන්න මහ බැංකුව සතුව සංචිත ඇත්තෙත් නැහැ. එහෙමනම් දැන් ඩොලරයක මිල පාලනය වී තියෙන්නේ කොහොමද? නැවත වරක් කලින් මෙන් පාලනය ගිලිහී ඩොලරය වේගයෙන් ඉහළ යයිද? 




14 comments:

  1. හොඳ ඉදිරිපත් කිරීමක් ඉකොනොමැට්ටා නමුත් වීඩියෝ එක දිග වැඩි නිසා පොඩි පොඩි ක්ලිප් වලට කඩලා ආකර්ෂණීය මාතෘකා සහ graphical interface ආකර්ෂණීය ලස්සන පින්තූරයක් විදියට පින් කරලා වීඩියෝ දාන්න පුළුවන් නම් හොඳයි නේද?

    ඉකොනොමැට්ටා තාම මොනිටයිස් කරලා නෑ නේද? පැය 4000 සහ සබ්ස් දාහ පැන්නේ නැති හින්දා? යූටියුබ් ෂෝට්ස් වලින් 10M views අරන් වුණත් පුළුවන් නිසා ආකර්ෂණීය ඉතාමත්ම කෙටි වීඩියෝ ක්ලිප් දාන්න පුළුවන් කොහොමද කියලා හිතලා බලන්න, හැබැයි ඉක්මනට චැනල් එක මොනිටයිස් කරගන්න මොකද එන්න එන්නම තරගකාරී බව වැඩි වෙනවා ඒ නිසා ඉස්සරහට රූල්ස් තව අමාරු වෙයි. ඒ සමගම ගූගල් ඇඩ්සෙන්ස් හරහා විවර්ස්ලට බාධා නොවන ලෙස ඇඩ්ස් එකතු කරගන්න ඒකෙදි Expert Options වගේ මූල්‍ය හා ආයෝජන වගේ ඇඩ්ස් එකතුකර ගන්න පුළුවන් වෙයි තව ඔබට ස්පොන්සර්ස්ලා හොයාගන්න පුළුවන් වෙයි ලංකාවේ නම් CIMA aat වගේ ආර්ථික විද්‍යාවට සම්බන්ධ අධ්‍යාපන ආයතන එතකොට මූල්‍ය ආයතන වගේ දේවල් වගේම එක්සත් ජනපදයේ ලාංකීය වෙළඳ පොළට සේවා සපයන අය කාගෝ සේවා වගේ හොයල බලන්න.

    මම වීඩියෝ රිලීස් කරන්නේ විදේශීය හයි ටෙක් ඕඩියන්ස්වලට නිසා ලංකාවේ පොදු ජනතාව අතර ජනප්‍රිය වෙන ආකාරය පිළිබඳව එතරම් අවබෝධයක් නැති නිසා ලංකාවේ ජනප්‍රිය යූටියුබ් කරුවන් විසින් යොදා ගන්න ඩිජිටල් මාකටින් සෝෂල් මීඩියා කැම්පේන් පිළිබඳ තාක්ෂණික දැනුම ඔබ ලංකාවේ ඕඩියන්ස් එකට සිංහල බසින් වීඩියෝ කරන අයගෙන් ලබා ගන්න පුළුවන් නම් ගොඩක් හොඳයි.

    ඒ වගේම ලංකාවේ ආර්ථික ප්‍රතිපත්ති සහ වෙනත් තීන්දු තීරණ හැමදෙයක්ම වෙනස් වෙනවා කලින් කලට සිදුවන දේශපාලනික වෙනස් කම් සහ ඒ හා සම්බන්ධ දේශපාලනික ගේම් වල ප්‍රතිඵල එක්ක, මට පොඩි ගැටලුවක් තියනවා. කෙටියෙන් කියනවනම් මගේ ප්‍රොෆයිලයේ කාලයක සිට වරින් වර කොහෙන් හරි පාත් වෙන විවිධ වර්ගයේ දේශපාලනික කණ්ඩායම් වලට සහය දක්වන අය කොමෙන්ට් කරනවා වරින් වර. මම සාමාන්‍යයෙන් ඔවුන් කව්ද ඔවුනේ පසුබිම මොකක්ද කියලා විපරම් කරලා බලනවා. මම දැකපු ආකාරයට සාමාන්‍යයෙන් ඒ කොමෙන්ට් කරන අයගෙන් මාලිමාවට සහය දක්වන ජවිපෙ සාමාජිකයන් වැඩි ප්‍රමාණයක් රජයේ ආයතන වල වැඩ කරන අය, 2005 වසරේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරණය දිනපු වෙලාවේ ජවිපෙට තදින්ම සම්බන්ධ සහ අන්තරේ ආදී විවිධ දේශපාලන කටයුතු කළ රැකියා විරහිත තරුණ තරුණියන් රාශියක් (දසදහස් ගණනක් මතක හැටියට පණස් දාහක් විතර) ඔවුන් මහින්ද ලවා රජයේ රැකියා වලට පත් කර ගත් අතර ප්‍රාදේශීය සභා, රජයේ දෙපාර්තමේන්තු, වැනි ආයතන වල ස්ථීර වූ මේ කණ්ඩායම අර 3% ස්ථීර ජෙප්පො (ෆේස්බුක් එකේ බොරු ජේවිපි ෂෝ දාන පොහොට්ටු පක්ෂයේ සෙට් සහ එජාපයේ හොර ජෙප්පෝ නෙවෙයි.) වෙනවා.

    මේ ඊයේ පෙරේදා අනුර කුමාර දිසානායක අර පහුගිය කාලේ නන්දසේනගේ වියත්මගේ කොපියක් විදියට හොටෙල් එකක සෝ කෝල්ඩ් ප්‍රබුද්ධ ප්‍රේක්ෂකාගාරයක ප්‍රශ්න - උත්තර සැසියක (අර කිව් ඇන් ඒ සෙෂන්ද මොකක්ද කියන්නෙ ඒ වගේ) ප්‍රශ්න වලට උත්තර දෙනව දැක්කා. සමහරු ප්‍රශ්න ඇහුවෙත් ඉංගිරිසියෙන්.

    ඉතින් මේ අහපු ප්‍රශ්නයකට අනුර කුමාර බ්‍රෝ දුන්න උත්තරේ තමයි රාජ්‍ය ආයතන පාඩු ලැබීමට හේතුව ඒවායෙ ඉන්න අධික සේවක පිරිස බව. මට එකපාරටම ඔලුවට ආවෙ අර මගෙ ප්‍රොෆයිල් එකේ වරින් වර කොමෙන්ට් හලන ජෙප්පොන්ව, මේ ගැන ඉකොනොමැට්ටාට යම්තරමකින් පැහැදිලි කිරීමක් කරන්න පුළුවන් ද?

    ReplyDelete
    Replies
    1. ඔබේ යෝජනා වලට ස්තුතියි! වඩා හොඳින් ඉදිරිපත් කළ හැකිනම් හොඳ වුනත්, මේ සඳහා මීට වඩා වැඩි කාලයක් යොදවන්න අසීරුයි. මම මේ වන තුරු වත්පොත, බ්ලොග් හෝ යූටියුබ් හරහා දැන්වීම් ප්‍රචාරය කර හෝ මුදල් උපයා නැහැ. යූටියුබ් එකේනම් මුදල් ඉපැයීම සඳහා අවශ්‍ය අවම සීමාවන්ට වඩා ගොඩක් පහළින් ඉන්නේ. මෙවැනි දේවල් වලින් මුදල් ඉපැයීමේ කිසිම වැරැද්දක් නොදකින නමුත් ප්‍රධාන ඉලක්කය එය නෙමෙයි. කොහොම වුනත් මේ තොරතුරු වලට ස්තුතියි!

      Delete
    2. ඇයි ඉකොනෝට සිරිකොතෙන් සල්ලි දෙන්නේ නැද්ද කඩේ යනවට

      Delete
  2. ඉකොනො, ගෝලීය වාණිජ්‍ය සහ නව ක්‍රීප්ටෝ මූල්‍ය ගැන ඉතා වැදගත් පැහැදිලි කිරීමක් සහ සමාජවාදී සංකල්ප වලට ක්‍රිප්ටෝ මුදල් වල ඇති සබඳතාව ඉතා මැනවින් පැහැදිලි කරමින් ජාතික ජන බලවේගයේ ආර්ථික කටයුතු පිළිබඳ කටයුතු කරන ජපුර සරසවියේ කළමනාකරණය සහ මූල්‍ය පිළිබඳ උපාධිධාරී සුනිල් හඳුන්නෙත්ති පවසන කතාවේ කෙටි වීඩියෝ එකක් විනාඩි පහක් පමණ කාලයකින් ඉතා මැනවින් පෙන්වා දෙන මේ වීඩියෝ එක බලන්න

    https://m.youtube.com/watch?v=6NdTrff84wI&feature=youtu.be

    මේ ගැන වැඩි විස්තර ඔබටත් පැහැදිලි කළ හැකි ද? මෙය ඉතාම මෑතදී ජාතික ජන බලවේගය විසින් මාධ්‍ය හරහා පෙන්වා දුන් නවතම ආර්ථික විග්‍රහයක් බවත් සිතිය හැකියි.

    ReplyDelete
  3. 'ඩොලරයේ මිල පාලනය කරන හැටි...'

    කොහොමද පාලනය කරන්නේ? කො ඒක ලියල නැහැනේ

    ReplyDelete
  4. IMF නැතුව මෙක තව කොච්චර කල් ඇදන් යන්න පුලුවන් වේද ඉකොනො. 28%-30% පොලියට නය අරගන කොහොමද ආන්ඩුව දුවන්නෙ? පොලි අනුපාත අඩු කරගන්නෙ නැතුව දිගටම මෙහෙම යන්න අමාරුයි නෙද? IMF එන්න ගොඩක් කල් ගියොත් debt restructuring ආයිම මුල ඉදන් කරන්න සිද්ද වෙන්න පුලුවන් නෙද?

    ReplyDelete
    Replies
    1. පොලී අනුපාතික සැලකිය යුතු ලෙස අඩු වනු ඇත්තේ IMF අරමුදල් ලැබීමෙන් පසුවයි. ඊට පෙර පොලී අනුපාතික අඩු කර ගැනීම විශාල අභියෝගයක්.

      Delete
    2. ඉකොනො, මම හිතන්නේ මේ කියන විදියට අයි එම් එෆ් එකෙන් මුදලක් (එස් ඩී ආර් විදියට) ලැබෙන එකක් නැහැ වගේ බොහෝ දුරට ලංකාවේ ආණ්ඩුවට තමාගේම ක්‍රමයක් හරහා ප්‍රශ්නය විසඳා ගැනීමට සිදු වේවි, එහි ප්‍රතිඵල ඉතාමත් අමිහිරි වේවි නේද? ලංකාවේ ඉන්න අයට ඉතාම දුෂ්කර කාලයක් වේවි. තව වසර තුන හතරක් විතර අමාරුවෙන් යන්න වෙයි බොහෝ දුරට එහෙම නේද?

      ලංකාවේ රෙජීම හුවමාරු වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරලා ආණ්ඩුව මාරු කරපු එක්සත් ජනපදයේ, බ්‍රිතාන්‍ය සහ යුරෝපීය සංගමයේ සහ ඉන්දියානු උපදෙස් මත ඔවුන් විසින් පත්කරපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ඩීල් වලට අනුව තනතුරු අතහැර රනිල්ව ජනාධිපති කරවා පවුලේ පක්ෂය වූ පොහොට්ටුව නැවත බලය ස්තාවර කරගන්නකොට රට පුරාම ප්‍රබල හඬක් නැගුනා මහ මැතිවරණයක් ඉල්ලලා.
      මහ මැතිවරණයක් නොදී ජාම බේරගන්න බලබලා හිටපු රනිල් සහ බැසිල් තම සුවච කීකරු ජෙප්පන්ව උසී ගැන්වුවා මහ මැතිවරණය ඉල්ලන එක පැත්තකට දාලා පලාත් පාලන මැතිවරණය තියන්න උද්ඝෝෂණ කරන්න. තුරුම්පුව ගානට වැඩකලා.
      ආණ්ඩුව එලවන්න සමත් මහ මැතිවරණය වෙනුවට රටම පලාත් පාලන මැතිවරණ ගුලිය ගිල්ලා. එසේ ජනමතය වෙනස් කිරීම පිළිබඳ ඒ ගැන ප්‍රධාන ගෞරවය අනුර කුමාරට සහ මාලිමා බලවේගය නමින් පෙනී සිටින ජවිපෙට හිමිවිය යුතු අතර එම ගෞරවයෙන් කොටසක් මෝඩ සජියටද කලවැද්දාටද යායුතුය.
      හිත හොඳ ඡන්දදායකයා හැමදාම බඩින්. අනිත් පැත්තෙන් මුන් අයින් කරලා පත් කිරීමට වෙන හරිහමන් එකෙක් වත් නෑ නේද?

      Delete
    3. IMF එකෙන් මුදල් ලැබුණත්, නොලැබුණත් යන්න වෙන්නේ එකම ක්‍රමයට. එම ක්‍රමය කොහොමටත් අමාරු ක්‍රමයක්. IMF මුදල් නොලැබුණොත් එය තවත් අමාරු වෙන එක පමණයි වෙනස.

      Delete
  5. හොද පැහැදිලි කිරීමක්. නමුත් දීර්ඝ වැඩි නිසා අහන් ඉන්න කම්මැලියි.

    ReplyDelete
    Replies
    1. සාමාන්‍යයෙන් මම ලිපි, වීඩියෝ කෙටි කරන්න වැඩිය උත්සාහ කරන්නේ නැහැ.

      Delete
  6. Article ekenma digatama karanna puluwan nan hodai Econo video balanna giyama ganan hilaw mathaka tiya ganna amarui

    ReplyDelete
    Replies
    1. වීඩියෝ ලෙස දමන්නේ ප්‍රධාන වශයෙන්ම concepts විස්තර කිරීම්.

      Delete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: