වෙබ් ලිපිනය:

Monday, February 27, 2023

මිරිස් ගොවියාගේ කතාවස්තුව


මේක පොරොන්දුවක් ඉටු කරන්න ලියන සටහනක්. හරියටම කියනවානම්, පහත ප්‍රශ්නයට පිළිතුරක්.

 "ආර්ථික විද්‍යාව දන්නෙ නැති මට පොඩි ප්‍රශ්නයක් ආවා අද මිරිස් ගැන ප්‍රවෘත්තියක් දැකලා. මේක වීඩියෝවට අදාල ඇති. ලංකාවට මිරිස් ටොන් 55000 ඕන වෙනවා අවුරුද්දට, අපි 5000 නිෂ්පාදනය කරනවා. 50000 පිට රටින් ගේනවා.(වැඩිම හරියක් ඉන්දියාවෙන්). වියදම ඩොලර් මිලියන 110 විතර.ඒ කියන්නෙ අර trade deficit එකෙන් බිලියන 2 කට කිට්ටුයි.

ඉන්දියාව ගොවීන්ට විශාල වශයෙන් සහනාධාර දෙනවා. අපනයනය කරනවනම් වැඩියෙන් සහනාධාර දෙනවා.( ඉන්දියාවෙ GDP එකෙන් 2% ගොවි සහනාධාර)

බොහෝ විද්වතුන් මේ දවස්වල කියන විදිහට අපි ගොවීන් ආරක්ෂා කරන්න තීරු බදු දාන්න නරකයි. සහනාධාර දෙන්නත් නරකයි. අපේ මිරිස් ගොවීන් ඉන්දියාවෙ ආණ්ඩුවේ සහය ලබන ගොවීන් සමග සහයක් නැතිව තරඟ කරන්න ඕන.බැරිනම් ගොවිතැන අතාරින්න ඕන.

අන්තිමට ගොවියට වෙන්නෙ බිරිඳ, දුව මැද පෙරදිග යවලා ලැබෙන රියාල් දීල මිරිස් ගන්න.

මට හිතෙන්නෙ මෙතන යම් නොගැලපීමක් තියනවා කියලයි. දන්නෙ නැති නිසයි අහන්නේ. පහදා දුන්නොත් කෘතඥ වෙමි.

ස්තූතියි."

පිළිතුර ලිවීමේදී මම ඉහත ප්‍රශ්නය ඇතුළේ තිබෙන කරුණු පරීක්ෂාවට ලක් කරන්නේ නැහැ. ඇතැම් විට මේ ඇතැම් කරුණු නිවැරදි නොවෙන්න පුළුවන්. මම එය අදාළ කරගන්නේ නැහැ. මොකද මේ කතාවම ප්‍රබන්ධයක් වුනත් (මම එහෙම කියන්නේ නැහැ) අහලා තිබෙන ප්‍රශ්නය වැදගත් ප්‍රශ්නයක්. 

පළමු ගැටළුව මෙහි තිබෙන "නොගැලපීම" කුමක්ද? 

මේ "නොගැලපීම" හිටපු ගොවියාගේ බිරිඳ, දුව මැද පෙරදිග ගිහින් එවන රියාල් වලින් හිටපු ගොවියා කඩෙන් මිරිස් ගන්න එකනම්, ඒකේ මට ප්‍රශ්නයක් පේන්නේ නැහැ.

මට අවශ්‍යනම් වත්තේ මිරිස් වවාගන්න පුළුවන්. නමුත් මම වත්තේ මිරිස් වවන්නේ නැහැ. සල්ලි දීලා කඩෙන් මිරිස් ගන්නවා. මම හිතන විදිහට ඒකේ කිසිම නොගැලපීමක් නැහැ. 

මම වත්තේ මිරිස් නොවවා කඩෙන් මිරිස් මිල දී ගන්නේ ඇයි?

පළමුව, මට කඩෙන් මිරිස් ගන්න සල්ලි තිබෙන නිසා. දෙවනුව, වත්තේ මිරිස් වවලා ඒ මිරිස් ගස් නඩත්තු කරන්න යන කාලය කඩෙන් මිරිස් ගන්න යන මුදලට වඩා වටින නිසා. 

දැන් ඔය කතාවම අර ගොවි පවුලටත් ආදේශ කරන්න පුළුවන්. ඔය ගොවියා මිරිස් වවන්න කාලය නොයොදවා බිරිඳ හෝ දුව එවන සල්ලි වලින් කඩෙන් මිරිස් මිල දී ගනිද්දී වෙන්නෙත් මම කඩෙන් මිලදී ගනිද්දී සිදුවන දෙයම තමයි. මම මොන හේතුවක් නිසා හෝ මිරිස් වවන්න කැමති නැත්නම්, ඒ කතාවම වෙන කෙනෙකුටත් අදාළ නොවෙන්න හේතුවක් නැහැනේ.

අපි මෙහෙම පටන් ගනිමු. දඹුල්ල, කුරුණෑගල වගේ පැත්තක මිරිස් වන ගොවි පවුලක් ඉන්නවා. ගොවි පවුලේ දුව ඉගෙනගෙන ගණකාධිකාරිනියක් වෙලා කොළඹ පෞද්ගලික සමාගමක හොඳ වැටුපක් ගන්න රස්සාවකට යනවා. ඉගෙන ගන්න වියදම් කරන්නේ දෙමවුපියන් විසින් මිරිස් වවලා හම්බ කරපු සල්ලි. රස්සාවට ගියාට පස්සේ දැන් මේ දුව දෙමවුපියන්ට කියනවා මිරිස් වවන්න මහන්සි නොවී විවේකයෙන් ඉන්න කියලා. මාස්පතා දෙමවුපියන්ගේ නඩත්තුවට මුදලක් එවනවා. අවුලක් තියෙනවද?

ඔහොම ඉන්න අතරේ දුවට මැදපෙරදිග රැකියාවක් ලැබෙනවා. දැන් දුව ගෙදරට රියාල් එවනවා. කලින් වැඩේම වෙනවා. දෙමවුපියන් මිරිස් වවන එක නවතිනවා. අවුල්ද? අර දුවත් දෙමවුපියන් වගේම මිරිස් වවන එකම කළ යුතුද?

ඔහොම වෙන්නේ නැතිව දුව ඇඟලුම් කම්හලක රැකියාවට ගියා කියමු. එහෙම නැත්නම් දුව හෝ බිරිඳ මැද පෙරදිග ගෘහ සේවිකා රැකියාවකට ගියා කියා හිතමු. ඒත් ඕකේ ආකෘතිමය වෙනසක් නැහැනේ. එහෙම වෙනසක් පේනවානම් ඒ පේන්නේ සමහර රැකියා පහත් රැකියා ලෙස දකින නිසා පමණයි. 

සමහර විට මැද පෙරදිග රැකියා වලට යාම නිසා ඇතිවන වෙනත් අතුරු ප්‍රශ්න තියෙන්න පුළුවන්. නමුත්, ඒවා මිරිස් කතාවට අදාළ නැහැ. 

දෙවන ප්‍රශ්නය ඉන්දියාවෙන් එන මිරිස් වලට තීරු බදු නොගහන නිසා ලංකාවේ මිරිස් ගොවියාගේ තරඟකාරිත්වය නැති වෙලාද කියන එක. ප්‍රශ්නයේම තියෙන තොරතුරු අනුව, අවුරුද්දකට මිරිස් ටොන් 5000ක් ලංකාවේ නිෂ්පාදනය කරනවා. එහෙම කරන්නේ මිරිස් විකුණලා ලාබයක් ලබා ගන්න පුළුවන් නිසා. ඒ විදිහට මිරිස් වවන අයට ඉන්දියාවෙන් එන මිරිස් එක්ක තරඟ කරන්න පුළුවන්. ඒ නිසා, මෙතැන ප්‍රශ්නය ඉන්දියාවේ මිරිස් නෙමෙයි.

දැන් ඉන්දියාවෙන් එන මිරිස් වලට තීරු බද්දක් දැම්මහම වෙන්නේ කුමක්ද? ඉන්දියාවෙන් එන මිරිස් ගණන් යනවා. ඒ එක්කම ලංකාවේ මිරිසුත් ගණන් යනවා. මිරිස් වවන එකේ ලාබ වැඩි වෙන නිසා මිරිස් වවන ප්‍රමාණය ටිකක් ඉහළ යයි. ඉන්දියාවෙන් මිරිස් එන එක ටිකක් අඩු වෙයි. සමහර විට මිරිස් ගොවියාගේ බිරිඳට මැදපෙරදිග යන්න අවශ්‍ය නැති වෙයි.

දැන් මිරිස් ආනයන වෙනුවෙන් රටින් යන ඩොලර් ටිකක් ඉතිරි වෙලා. නමුත්, අනෙක් පැත්තෙන් මැදපෙරදිගින් එන රියාල් අඩු වෙලා නිසා රටට වාසියක් නැහැ. ඒ වගේම ගොවි පවුලේ ජීවන තත්ත්වය ඉහළ ගිහිනුත් නැහැ. කලින් වෙනත් රැකියාවක් කරලා හොයපු මුදල දැන් මිරිස් වලින් හොයනවා. එච්චරයි.

අන්තිමට රටට ඩොලර් ඉතිරියක් හෝ ගොවි පවුලේ ආදායම් වැඩි වීමක් ලොකුවට නැහැ. නමුත් පාරිභෝගිකයින් විසින් මිරිස් වලට ගෙවිය යුතු මිල වැඩි වෙලා. හැබැයි රජයේ පැත්තෙන්නම් වාසියක් තිබෙනවා. මිරිස් වලට වැට් වගේ බද්දක් ගහලා රජය විසින් පාරිභෝගිකයින්ගෙන් මුදලක් එකතු කරගත්තා වගේ වැඩකුයි වෙලා තියෙන්නේ. බදු මුදල් වලින් රජය නඩත්තු කරන්න පුළුවන්. 

එතකොට ඉන්දියාව ගොවීන්ට සහනාධාර දෙනවානම් ලංකාවත් ලංකාවේ ගොවීන් ආරක්ෂා කරගන්න සහනාධාර දිය යුතු නැද්ද?

ලංකාවේ ගොවීන් ආරක්ෂා කරගත යුතු ඇයි? ගොවීන්ට කළ හැකි විකල්ප රැකියාවක් නැත්නම්, ඒ නිසා ඔවුන්ව රජයෙන් නඩත්තු කරන්න වෙනවානම්, ගොවීන්ගේ රැකියා සුරක්ෂිත කරන එකේ තේරුමක් තියෙනවා. එහෙම නැතුව ගොවි පවුලේ කවුරු හෝ මැද පෙරදිග ගිහින් හෝ රට ඇතුළේම වෙනත් රැකියාවක් කරලා සල්ලි හොයනවානම් ඔවුන්ව මිරිස් හේනටම හිරකරලා තියන්න හිතන එක වුනත් අන්ත පසුගාමී අදහසක්. 

ඉන්දියාව මොකක් හෝ හේතුවක් නිසා ඉන්දියාවේ ගොවීන්ට සහනාධාර දෙනවානම් එය ඉන්දියාවේ ප්‍රශ්නයක්. ඒ මිරිස් ලංකාවට ලාබෙට එනවානම්, එයින් අදහස් වෙන්නේ ඉන්දියාවේ බදු ගෙවන්නන්ගේ මුදලින් ලංකාවේ පාරිභෝගිකයා සුබසාධනය කෙරෙන බව. ඉතිං කොයි තරම් හොඳද? ඕක වෙනස් කරන්න මහන්සි විය යුත්තේ ඇයි? 

ඔය විදිහට ගියොත් රටේ කිසිම නිෂ්පාදනයක් වෙන එකක් නැහැනේ. හැමදේම පිටරටින්ම ගේන්න වෙනවානේ!

ඉතිං මොකක්ද අවුල? කොළඹ නගර සභා සීමාව වගේ කොටසක් ගත්තොත්, ඔය කොටසේ කෘෂිකාර්මික නිෂ්පාදනයක් සිදු නොවෙන තරම්. නමුත්, වැඩිපුරම බඩගින්නේ ඉන්නේ ඒ අයද නැත්නම් මිරිස් වවන පැති වල අයද? 

හැමදේම පිටරටින්ම ගේන්න තරම් ආදායමක් මොන විදිහකින් හෝ ලැබෙනවානම්, එහෙම ගේන එකේ අවුලක් නැහැ. ලංකාවේ ප්‍රශ්නය ණය වෙවී ආනයනය කරන එක. ඇත්ත ප්‍රශ්නය ණය මිසක් ආනයන නෙමෙයි. රජය ණය වෙන්නේ නැත්නම්, ආනයන කරන්න වෙන්නේ උපයන මුදල් වලින්. ආනයන කරන්නේ මොන විදිහෙන් හෝ උපයන මුදල් වලින්නම් එහි ගැටලුවක් නැහැ. 

මිරිස් ගොවීන් සුබසාධනය කරන්නනම් වෙන කාගෙන් හරි ඒ මුදල බදු විදිහට අය කරන්න වෙනවා. තීරුබදු අවසාන වශයෙන් ගෙවන්නේ පාරිභෝගිකයා. සුබසාධනය මගින් ගොවියා ගොවිතැන ඇතුළේම හිර කරලා තියන්න පුළුවන්. එයින් වෙන්නේ ඔවුන් විකල්ප රැකියා වලට යන එක වලක්වනු ලැබීම සහ සමස්තයක් ලෙස රටේ ආදායම් වර්ධනය සීමා වීම. 

ලොකු වාසියක් නැතිකමටත් වඩා මෙහි තිබෙන ප්‍රශ්නය රජය විසින් සුබසාධනය කරන්න කැමති තරමට මිනිස්සු බදු ගෙවන්න කැමති නැති වීම. එවිට සුබසාධනය කරන්න වෙන්නේ ණය වලින්. එහෙම ණය අරගෙන තමයි මේ දැන් වෙලා තිබෙන අවුල වෙලා තියෙන්නේ.

ගොවීන්ට ජීවත් වෙන්න ආදායමක් නැත්නම්, කරන්න වෙන රැකියාවකුත් නැත්නම්, අවුලක් නැද්ද?

අනිවාර්යයෙන්ම ඒකේනම් අවුලක් තිබෙනවා. කරන්න වෙන රැකියා නැත්තේ ඇයි? රටේ ප්‍රමාණවත් තරමින් රැකියා නොහැදෙන නිසා. රැකියා හැදෙන්නනම් ආයෝජන ඉහළ යා යුතුයි. ආයෝජන කරන්නේ සමාගම් විසින්. සමාගම් වලට වැඩියෙන් ආයෝජන කළ හැක්කේ ලාබ වැඩි වෙන තරමටයි. එම ලාබ මත වැඩියෙන් බදු ගහන තරමට ආයෝජන අඩු වෙලා, රැකියා අවස්ථා අඩුවෙනවා.

සමාගම් විසින් වැඩියෙන් ලාබ උපයන එක අසාධාරණ නැද්ද? එයින් ආදායම් විෂමතා වැඩි වෙන්නේ නැද්ද?

කිසිසේත්ම නැහැ. සමාගම වැඩියෙන් ලාබ උපයන තරමට රැකියා අවස්ථා වැඩි වී ආදායම් විෂමතා අඩු වෙන එකයි වෙන්නේ. සමාගම් කියන්නේ නෛතික පුද්ගලයින් මිසක් සැබෑ පුද්ගලයින් නෙමෙයි. සැබෑ පුද්ගලයින්ට මෙන් නෛතික පුද්ගලයින්ට පරිභෝජනය කරන්න බැහැ. හැබැයි සමාගම් අයිතිකාරයින්ට පරිභෝජනය කරන්න පුළුවන්. ඔවුන්ගේ ආදායම් වැඩි වෙද්දී ආදායම් විෂමතා වැඩි වෙනවා. ආදායම් විෂමතා අඩු කරන්නනම් කළ යුත්තේ සමාගම් වලට බදු නොගසා සමාගම් වල අයිතිකාරයින්ට බදු ගහන එකයි. ඒ කියන්නේ ආයතනික ආදායම් බදු වෙනුවට පුද්ගල ආදායම් බදු වැඩියෙන් අය කරන එක ලංකාවේ වෙන්නේ එහි අනෙක් පැත්ත. රැකියා හොයා ගෙන රටින් යන්න වෙන එකත් මෙහි ප්‍රතිඵලයක්.

43 comments:

  1. //ලංකාවේ ගොවීන් ආරක්ෂා කරගත යුතු ඇයි? ගොවීන්ට කළ හැකි විකල්ප රැකියාවක් නැත්නම්, ඒ නිසා ඔවුන්ව රජයෙන් නඩත්තු කරන්න වෙනවානම්, ගොවීන්ගේ රැකියා සුරක්ෂිත කරන එකේ තේරුමක් තියෙනවා. එහෙම නැතුව ගොවි පවුලේ කවුරු හෝ මැද පෙරදිග ගිහින් හෝ රට ඇතුළේම වෙනත් රැකියාවක් කරලා සල්ලි හොයනවානම් ඔවුන්ව මිරිස් හේනටම හිරකරලා තියන්න හිතන එක වුනත් අන්ත පසුගාමී අදහසක්.//එතකොට යුරෝපය තමන්ගේ ගොවියන්ට සහන්ධර දෙන එක (ඔවුන්ගේ ළමයි මැද පෙරදිග නොගියත්) අන්ත පසුගාමී නේද? ඔය ප්‍රංශ අවගේ රටවල් වැඩියෙන්ම.

    ReplyDelete
    Replies
    1. //එතකොට යුරෝපය තමන්ගේ ගොවියන්ට සහන්ධර දෙන එක (ඔවුන්ගේ ළමයි මැද පෙරදිග නොගියත්) අන්ත පසුගාමී නේද? ඔය ප්‍රංශ අවගේ රටවල් වැඩියෙන්ම.//

      ඔබ එහෙම හිතනවානම් එහෙම වෙන්න ඇති.

      Delete
    2. අජිත් මහත්මයා ජාතිකවාදියෙක්නම් ඔය කියන කතාව හරි.
      ඔයා හිටියේ ජ‘මන් ලිංගුස් කරලක් වෙනුවෙන් ඉංග්‍රීසීන් තම ජාතිකත්වය පාවාදිය යුතුයි කියන ස්ථාවරයේ.
      වාමාංශික චින්තනයක් තියෙන අයගේ විසංවාදී චින්තනය මේ වගේ ප්‍රකාශ වලින් හෙලිවෙනවා.
      ඔවුන් දෙමළ ජාතිකවාදයට කඩේයන ගමන් සිංහල ජාතිකවාදයට වෛර කිරීමත් මේවගේ තත්වයක්.

      Delete
    3. ඔබ ලියපු දෙයින් නේ ඒක ව්‍යුත්පැන්න වෙන්නේ. ලංකාවේ ගොවින් ආරක්ෂණය කිරීම වැරදි නම් ඔය දියුණු ධනවාදී රටවල ක්‍රමත් වැරදි වෙන්න ඕනේ. එච්චරයි.

      Delete
    4. එහෙමනම් වෙන්න ඇති. මමනම් ව්‍යුත්පැන්න කරන්න දන්නේ නැහැ.

      Delete
    5. මම වැරදි වචනය් භාවිතා කරන්න ටහි. එකොන ට මෙතන තරහ ගිහින් වගේ පෙනෙන්නේ ප්‍රශ්නය චැලේන්ජ්කරනවා වගේ හිතුනද? යුරෝපය වගේම බ්‍රිතාන්‍යයත් සහනාධාර දෙනවා තමන්ගේ ගොවීන් රැක ගන්න.

      Delete
    6. තරහ යාමක් නෙමෙයි. යන්නේ කොහෙද මල්ලේ පොල් ප්‍රශ්නයක්නේ. ප්‍රශ්නයට ගැලපෙන විදිහේ උත්තරයක් දුන්නා. මේකේ අහල තිබුණු ප්‍රශ්නය මිරිස් ගොවියා මිරිස් නොවවා විදේශ රැකියාවක් කර උපයන ඩොලර් වලින් මිරිස් මිල දී ගන්න එක. ඒකට කොහේවත් තියෙන යුරෝපයේ වෙන දෙයක තියෙන සම්බන්ධය මොකක්ද?

      Delete
    7. //යුරෝපය වගේම බ්‍රිතාන්‍යයත් සහනාධාර දෙනවා තමන්ගේ ගොවීන් රැක ගන්න.//

      ඒ ගොවි පවුල් වල ළමයි වෙන රටකට ගිහින් රැකියා කරන එක වළක්වන්නත් සහනාධාර දෙනවද?

      Delete
    8. කොහෙද යන්නේ මල්ලේ පොල් ප්‍රශ්නයක් නේද ඒකත් ? ඔයාගේ ලිපියේ සමස්තයක් වශයෙන් ගත්තොත් වගේ කියවෙන්නේ සහනාධාර දෙන එක වැරදියි කියන එක. සහනාධාර දුන්නම ගොවියා ගොවි තැනෙහිම හිර වෙනවා කියන එක. ඒක පසුගාමී කියන එක. එහෙම නෙමෙයි නම් මට තේරිලා නැහැ තමයි.

      Delete
    9. මේක කියලා තියෙන්නේ ප්‍රශ්නය අහල තියෙන සන්දර්භයේ කියලා තේරෙන්නේ නැද්ද? විදේශ රැකියාවක් කරන්න අවස්ථාවක් තියෙද්දී කාගේ හෝ අභිලාෂයක් වෙනුවෙන් ගොවි පවුල් වල අයව මොන විදිහෙන් හෝ ගොවිතැනෙහිම හිර කරන එක පසුගාමීයි තමයි. සහනාධාර දීම නිසා සමස්තයක් ලෙස යහපතක් වෙනවානම් එය වෙනම කරුණක්. ඇමරිකාවේ Inflation Reduction Act එකෙන් එක පැත්තකින් බදු සල්ලි වියදම් කරද්දී අනෙක් පැත්තෙන් සහනාධාර ලෙස අඩු ආදායම්ලාභීන්ට ගෙවන්න වෙන බදු මුදල් ඉතුරු වෙනවා. එය ප්‍රගතිශීලියි. සමස්තයක් ලෙස කාර්යක්ෂමතාවය වැඩි වෙන එකයි වෙන්නේ. විකල්ප රැකියා අවස්ථාවක් තියෙන කෙනෙක්ට සහනාධාර දීලා ගොවිතැනේ හිර කළාම බදු සල්ලි නාස්ති වෙන්නේ කාටවත් වාසියක් නැතුව. ගොවියාට ලැබෙන්නේ කොහොමටත් උපයන ආදායම.

      Delete
  2. එතකොට මේකත් පසුගාමී නේද? USDA Provides Payments of nearly $800 Million in Assistance to Help Keep Farmers Farminghttps://www.fsa.usda.gov/news-room/news-releases/2022/usda-provides-payments-of-nearly-800-million-in-assistance-to-help-keep-farmers-farming#:~:text=USDA%20provides%20access%20to%20credit,loans%20or%20marketing%20assistance%20loans.

    ReplyDelete
    Replies
    1. ඒකත් එක්තරා විධිහ්ක සහනාධාරයක්. ලංකාව වගේ රටවලට ණය දෙන එක ආධාරයක් කියන නිසා. ගොවීන්ට ණය සපයනවනේ ලංකාවේ . එකම ප්‍රශ්නේ ඒවා අපහු ගෙවන්න බැරිකම

      Delete
    2. දන්නවානම් මගෙන් ඇහුවේ ඇයි?

      Delete
    3. චැලේන්ජ් කරනවට අකැමැතියි වගේනේද . ඕකේ

      Delete
    4. පසුගාමීද ඇහුවා. නෑ කියලා උත්තර දුන්නා. වෙන මොනවාද කියන්න තියෙන්නේ. .මෙතැන ඔයාගේ හිතේ තියෙන මොකක් හරි දෙයක් කියන්න උත්සාහ කරලා මිසක් මම ලියපු දෙයක් චැලේන්ජ් කරලා නැහැනේ. ලිපියේ තියෙන දේවල් වල වැරැද්දක් තියෙනවානම් යන්නේ කොහෙද මල්ලෙ පොල් නැතුව ඒක ගැන කතා කරන්න. වෙන දෙයක් කියනවනම් හරි ප්‍රශ්නයක් අහනවනම් හරි ඒක පැහැදිලිව අහන්න. අහපු ප්‍රශ්නයට නෑ කියලා පිළිතුරු දුන්නා.

      Delete
  3. ඉකොනෝමැට්ටා ගේ පල් හෑල්ල කියෙව්වේ නැහැ.

    මුල් ටික දැක්ක ගමන් කියන්න පුළුවන් ඇමරිකාව තමයි රට, ලංකාවේ ඉන්නේ ගොබ්බයො කියන මානසිකතත්වයෙන් ලියපු ලිපියක් කියලා

    ReplyDelete
    Replies
    1. ඔබ වැනි අය අතරින් පතර හිටියත් ලංකාවේ හැමෝම ඔබ වැනි අය කියා මම හිතන්නේ නැහැ.

      Delete
  4. සහනාදාර දෙන රටවල් වල වියදමෙන් ආනයනය කරන රටවල මිනිස්සු නඩත්තු වීමක් වෙන්නෙ කියන තර්කය නක්කලේට කියපු එකක්ද? එතකොට ඇමෙරිකාව අනිත් රටවල් වල කර්මාන්තතවලට සහනාදර දෙන එකට විරුද්ද වෙන්නෙ ඇයි. සහ ඇමෙරිකාව ගොවියන්ට සහනාදාර ඩෙන්නෙ ඇයි?

    ReplyDelete
    Replies
    1. //සහනාදාර දෙන රටවල් වල වියදමෙන් ආනයනය කරන රටවල මිනිස්සු නඩත්තු වීමක් වෙන්නෙ කියන තර්කය නක්කලේට කියපු එකක්ද?//
      නෑ. අපනයන වලට බදු මුදලින් සහනාධාර දුන්නොත් වෙන්නේ ඒක. එහෙම කරනවද කියලා මම දන්නේ නැහැ.

      //එතකොට ඇමෙරිකාව අනිත් රටවල් වල කර්මාන්තතවලට සහනාදර දෙන එකට විරුද්ද වෙන්නෙ ඇයි.//
      කොහේද එහෙම විරුද්ධ වෙලා තියෙන්නේ?

      //සහ ඇමෙරිකාව ගොවියන්ට සහනාදාර ඩෙන්නෙ ඇයි?//
      විවිධ හේතු මත සහනාධාර දෙන අවස්ථා තිබෙනවා. එය කාලයෙන් කාලයට වෙනස් වෙනවා.

      Delete
    2. මේ තියෙන්නෙ චීන ඇමෙරිකා ට්‍රේඩ් වෝ එක ගැන ලිපියක්. ඒකෙ ප්‍රදාන ඉල්ලීමක් තමයි චීනයෙ කොම්පැනි වලට දෙන සහනාදාර නවත්තන එක.
      https://www.nytimes.com/2019/05/12/business/china-trump-trade-subsidies.html

      Delete
    3. මම subscription ගෙවන්නේ නැහැ. ලිපිය එවුවොත් කියවන්න පුළුවන්.

      Delete
    4. Subscription ඕන නැහැනෙ. මම මුලු ලිපිය්ම කියෙව්වනෙ කිසිම සබ්ස්ක්‍රිප්ශන් එකක් නැතිව

      Delete
    5. BEIJING — One year ago, when he began a multibillion-dollar trade war with China that shook the global economy, President Trump demanded that Beijing end lavish government spending aimed at making the country a world power in computer chips, robotics, commercial aircraft and other industries of the future.

      Today, as the two sides struggle to reach a truce, the Trump administration is finding just how difficult that will be.

      Trade talks between the United States and China nearly ground to a halt this past week, and a seemingly intractable dispute over subsidies is a big part of it. Robert E. Lighthizer, the United States trade representative, accused China last Monday of reneging on what he described as “good, firm commitments on eliminating market-distorting subsidies.” Vice Premier Liu He, the leader of China’s negotiating team, said that it was normal for negotiations to have ups and downs, but has also nodded to the subsidies issue in vowing repeatedly over the last several days not to bend on China’s principles.

      President Trump on Friday raised tariffs on $200 billion a year worth of Chinese goods, hitting goods leaving China’s shores as of that day. He has directed Mr. Lighthizer to start on Monday the long process for raising tariffs on all Chinese goods.

      Delete
    6. In talks and in an exchange of documents, Chinese negotiators surprised their American counterparts by calling at the start of this month for numerous changes, people familiar with the negotiations said. While the requests covered everything from intellectual property to currency manipulation, the hardened Chinese stance against limiting government subsidies poses a particular challenge.

      The United States wants China to enshrine limits on subsidies in its national laws. China says it will not let a foreign country tell it how to change its laws. A schedule of planned legislation released by Chinese officials on Saturday did not include any of the subsidy-related measures that Washington has sought.

      The Chinese Spy Balloon Showdown
      The discovery of a Chinese surveillance balloon floating over the United States has added to the rising tensions between the two superpowers.
      Tensions Rise: In the aftermath of the U.S. downing of a Chinese spy balloon on Feb. 4 and three unidentified flying objects a week later, the nations have traded accusations over their spying programs.
      U.S.-China Meeting: Secretary of State Antony Blinken held a confrontational meeting with his Chinese counterpart on Feb. 18 in Munich, resuming diplomatic contact between Washington and Beijing.
      A ‘Military-Civil Fusion’: The international fracas over China’s spy balloon program has thrown a light on Beijing’s efforts to recruit commercial businesses to help strengthen the Chinese military.
      Unidentified Objects: As more objects were shot down after the balloon incident, experts warned that there was an “endless” array of potential targets crowding America’s skies. Here’s a look at some of them.
      Beijing has long helped its homegrown industries in strategically important areas like jetliners and parts for nuclear reactors. It also supports efforts to build up China’s high-tech industries like microchips and self-driving cars to make sure the economy will stay competitive.

      Delete
    7. Stopping, or even tracking, China’s subsidies is a difficult task. Many subsidies take the form of cheap loans from government-controlled banks or through other opaque arrangements. Foreign companies also complain that they are often shut out of local government contracts through written and unwritten rules, giving Chinese competitors a strong base at home while they pursue global expansion plans.

      Image
      A laboratory at the Innovation Center of Advanced Optoelectronic Chip at Tsinghua University in Tianjin, China. Chinese companies often receive subsidies to help them compete in high-tech fields.Credit...Reuters
      China has agreed to disclose more information about its subsidies and stop those that violate rules under the World Trade Organization, the global trade referee. But the two sides are also at loggerheads over how to interpret those W.T.O. rules, said people familiar with the talks, who asked for anonymity because they were not authorized to speak publicly.

      In his news briefing last Monday, Mr. Lighthizer said China’s trade negotiators had made significant, enforceable commitments to the United States, but added that “some people” in China had objected to them, without saying who. China’s trade negotiators are heavily drawn from the ranks of the country’s market-oriented economic reformers and have long been at odds with officials who want greater reliance on heavily subsidized state-owned enterprises.

      The Trump administration insists on leaving in place tariffs on imports from heavily subsidized Chinese industries, at least for this year. That would protect the American market in industries that trade hawks within the administration see as strategically crucial.

      Delete
    8. Chinese officials oppose those tariffs. Mr. Liu told Chinese state-controlled media on Saturday that the Chinese government “believes that tariffs are the starting point for trade disputes between the two sides — if an agreement is to be reached, the tariffs must all be canceled.”

      Chad Bown, a senior fellow at the Peterson Institute for International Economics, said that tariffs imposed bilaterally were a poor tool to address a global problem like overcapacity. Even if the United States successfully kept part of the tariffs in place, they would protect only American business at home. Subsidized Chinese business could still compete at home, in Europe and almost everywhere else around the globe, hurting prospects for American exporters.

      In the United States, Democrats have been increasingly critical of the Trump administration for not obtaining more trade policy concessions. Yet even some Democrats said they saw limited prospects that China will agree to reduce subsidies.

      “To expect the end of essentially a planned or a centralized economy would be awfully ambitious,” Senator Chris Coons, Democrat of Delaware, said in a recent interview in Beijing.

      Delete

    9. “To be fair the Obama administration got nowhere, the Bush administration got nowhere,” Derek Scissors, a resident scholar at the American Enterprise Institute, said about convincing China to roll back its subsidies. “This is a crucial way the Chinese run their economy.”

      If a trade deal does not fully cover subsidies, the United States could resort to unconventional responses. For example, the United States has pushed for an extensive revision of its laws surrounding foreign investments and exports of high-tech products, primarily aimed at China, to try to preserve its commercial and military edge.

      The Trump administration has made some progress in the emerging trade deal on other ways the Chinese government props up its industries. Beijing has promised to tell its state-controlled banks to show less favoritism in lending to state-owned enterprises instead of private sector businesses. Beijing has also pledged to open up the bidding for government contracts to foreign companies, instead of reserving them almost completely for Chinese companies.

      ADVERTISEMENT
      If China opens up the bidding, “that would actually, genuinely move the market needle on opportunities for foreign companies in China,” said Scott Kennedy, a China economic policy specialist at the Center for Strategic and International Studies.

      On the issue of subsidies, China has grown more quiet. Its “Made in China 2025” plan two years ago called for $300 billion in special financing and other assistance for 10 advanced manufacturing industries. China shelved the catchy name for the program in recent months, while expressing determination to continue investing in “high-quality manufacturing.”

      China is willing to publicly list and disclose subsidies from its central government, people familiar with the trade talks said. But instead of disclosing these subsidies to the United States, which might be seen by the Chinese public as humiliating, the Chinese government wants to disclose them through the W.T.O., which would then pass on the list to its members.

      W.T.O. rules ban governments from helping exporting companies with cash, free land and other easily measured gifts. The rules are somewhat looser on measures like cheap loans from state-controlled banks or efforts to replace imports by fostering domestic production of the same goods.

      ADVERTISEMENT
      Beijing has told American negotiators that it will end subsidies if they are breaking W.T.O. rules. But the Chinese national government’s assistance to industries tends to fall into the categories that are hardest to prove as violating W.T.O. rules.

      In China, the subsidies more likely to break W.T.O. rules tend to be given to exporters by provincial and local government agencies in China. In the trade talks with the United States, Beijing has agreed to look for provincial and local subsidies that may violate W.T.O. rules, but has been resistant to passing legislation that would abolish them, people familiar with the talks said.

      At least a few market-oriented Chinese government officials have worried that broad subsidies might be squandered by companies more interested in taking the government’s money than in creating competitive products. But these critics appear to be a shrinking minority.

      Lou Jiwei, a prominent advocate of economic reform and the chairman of China’s social security fund, told The South China Morning Post in early March that the Made in China 2025 plan “wasted taxpayers’ money.”



      Delete
    10. ඕක රටවල් දෙකක් අතර ද්විපාර්ශ්වික වෙළඳ ගිවිසුමක් හා අදාළව හෙට්ටු කිරීමකදී සිදු වුනු දෙයක්නේ. ඒ වගේ වෙලාවක හෙට්ටු කරන්න වෙන්නේ ඔය වගේ දේවල් ගැන තමයි. නැත්නම් වෙන මොනවා ගැන හෙට්ටු කරන්නද?

      Delete
    11. ඉතින් සහනාදාර නිසා ආනයනය කරන රටට වාසියක්නම් වෙන්නෙ හෙට්ටු කරන්නෙ අහවල් එහෙකටද?

      Delete
    12. කෙටි කාලීනව වාසියක් වෙනවා

      Delete
    13. මම කතා කරන්නෙ මේ ලිපියෙ ලියල තියෙන දේ ගැන.
      සහනාදාර දීම නිසා ආනයනය කරන රටේ කර්මාන්ත විනාශ වෙනව. ඒ කියන්නෙ ඒ රටේ ඉනොවේශන්ස් වෙන්නෙ නෑ ඊට පස්සෙ. ඒක අනාගත බලය පිලිබඳ ප්‍රශ්නයක්.
      ඇමෙරිකාව ඕක නොතෙරෙන්න බබෙක් නෙමෙයිනෙ.
      මේ ලිපියනම් සම්පූර්න නොමග යවන ලිපියක්.

      Delete
    14. //ඉතින් සහනාදාර නිසා ආනයනය කරන රටට වාසියක්නම් වෙන්නෙ හෙට්ටු කරන්නෙ අහවල් එහෙකටද?//

      ගුවන්යානා වගේ හයිටෙක් දේවල් ඇමරිකාව අපනයනය කරන දේවල්. ඒවාට සහනාධාර දුන්නහම පාඩුව ඇමරිකාවටනේ. හිතන්න ඇමරිකාවේ නිපදවන ඇඟලුම් වලට ඇමරිකාව ලොකු සහනාධාරයක් දුන්නා කියලා. ලංකාවට පාඩුවක් මිසක් වාසියක් වෙන්නේ නැහැනේ. ඒ වගේ තමයි.

      ඊට අමතරව, මේ ට්‍රේඩ් ඩීල් එකේ දේශපාලනික කොටසකුත් ලොකුවටම තියෙනවා. කොයි රටක වුනත් දේශපාලන පක්ෂ විසින් කරන්නේ තමන්ගේ ඡන්දදායකයින් ආකර්ෂණය කරගත හැකි දේවල්.

      Delete
    15. මේ කෑල්ලෙන් කියන්න හෆ්හන දේ තේරුනේ නෑ.
      //ගුවන්යානා වගේ හයිටෙක් දේවල් ඇමරිකාව අපනයනය කරන දේවල්. ඒවාට සහනාධාර දුන්නහම පාඩුව ඇමරිකාවටනේ. හිතන්න ඇමරිකාවේ නිපදවන ඇඟලුම් වලට ඇමරිකාව ලොකු සහනාධාරයක් දුන්නා කියලා. ලංකාවට පාඩුවක් මිසක් වාසියක් වෙන්නේ නැහැනේ. ඒ වගේ තමයි.//

      Delete
    16. ගුවන්යානා වැනි දේවල් ඇමරිකාව චීනයෙන් ආනයනය කරන දේවල් නෙමෙයි. ඇමරිකාව චීනයට අපනයනය කරන දේවල්. ඒවට සහනාධාර දුන්නහම ඇමරිකාවට චීනය ඇතුළේ තරඟ කරන්න බැරි වී චීන වෙළඳපොළ නැති වෙනවා. ඇමරිකාව ඇඟලුම් වලට සහනාධාර දුන්නොත් ලංකාවට ඇමරිකන් වෙළඳපොළ නැති වෙනවා වගේ.

      Delete
    17. /ගුවන්යානා වැනි දේවල් ඇමරිකාව චීනයෙන් ආනයනය කරන දේවල් නෙමෙයි. ඇමරිකාව චීනයට අපනයනය කරන දේවල්. ඒවට සහනාධාර දුන්නහම ඇමරිකාවට චීනය ඇතුළේ තරඟ කරන්න බැරි වී චීන වෙළඳපොළ නැති වෙනවා.//
      සහනාදාර දෙන්නෙ චීනය විසින් චීන කම්පැනි වලටද? නැතිනම් ඇමෙරිකාව විසින් ඇමෙරිකන් කම්පැන් වලටෆ්හ?

      Delete
    18. සහනාධාර දෙන්නේ චීනය විසින් චීන සමාගම් වලට.

      Delete
    19. ඉතින් ඒක තම්‍යි කියන්නෙ. සහනාදාර දුන්නම අනිත් රටේ කර්මාන්තෙ කඩා වැටෙනව

      Delete
    20. කඩා වැටෙන එක කොහොම වුනත් පාඩුවක් වෙනවා. ඒ නිසානේ ට්‍රම්ප් රජය චීනයට වෙළඳ ගිවිසුමකට එන්න ඔය තරම් බල කළේ. (මට පේන්නේ ඔබ මෙය සහ ලිපියේ ඇති ප්‍රශ්නය පටලවාගෙන වගේ. මේ දෙක තනිකරම දෙපැත්තක් බව තේරෙන්නේ නැද්ද?)

      Delete
    21. ඉතින් මෙතන පාඩුවක් කියන්නෙ
      චීන වෙලඳපොල නැති වීමනෙ . හරියට ලන්කාවෙ මිරරිස් ගොවියට ලන්කාවෙ මිරිස් වෙලඳපොල නැති වෙනව වගෙ වැඩක්.

      Delete
    22. නැහැ. එකක් තමන්ගේ රටේ වෙළඳපොළ. අනෙක් එක වෙන රටක වෙළඳපොළක්. ලංකාවට ඇමරිකාවේ වෙළඳපොළ නැති වෙනවානම් මෙයට සමාන කරන්න පුළුවන්. කොහොම වුනත් නිෂ්පාදකයාගේ පැත්තෙන් අවස්ථා දෙකේදීම වෙන්නේ පාඩුවක්.

      Delete
    23. ඒක එහෙම වෙන්නෙ චීනෙ ගුවන් යාන කර්මාන්තෙ තවම ආරම්භක අවස්තාවෙ තියෙන නිසානෙ.
      හිතන්නකො සහනාදර නිසා චීනෙ ගුවන්බබඩුවලට ඉල්ලුම වැඩි වෙලා ඒ රටේ කර්මාන්තය තව දියුනු වෙනව.
      එතකොට අනාගතේ වෙන්නෙ මොකක්ද? චීනෙ විසින් ඇමෙරිකාවෙ වෙලදපොල අල්ලන තත්වෙට එනව. සහ තුන්වන රටවල වෙලඳපොලවල් වල චීන බඩු එක්ක ඇමෙරිකාවට තරඝ කරන්න බැරි වෙනව චීනෙ තව තව ඉනොවේශන්ස් කරනකොට. ඕක වලක්වන්න තමයි ඇමෙරිකාවට ඕන.

      Delete
  5. මිරිසවැටිය තරමට ලොකු ප්‍රශ්න රටේ
    දැවෙමින් තියෙද්දී තව තව ගැටුම් ගැටේ
    වෙන දේවල් පෙනෙද්දී ඇඟ මාළු නැටේ
    මෙහෙමම ගියොත් නවතින්නේ මකර කටේ!

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: