ගෙවුණු ජනවාරි මාසය තුළ නිල සංචිත වල කැපී පෙනෙන ඉහළ යාමක් දකින්නට පුළුවන්. දෙසැම්බර් මාසය අවසානයේදී ඩොලර් මිලියන 1,896ක් ලෙස පැවති නිල රටේ නිල සංචිත ප්‍රමාණය ජනවාරි මාසය අවසාන වෙද්දී ඩොලර් මිලියන 2,120 දක්වා ඉහළ ගොස් තිබෙනවා. මෙය ඩොලර් මිලියන 224ක ඉහළ යාමක්.
මීට වඩා අඩුවෙන් වුවත්, නොවැම්බර් හා දෙසැම්බර් මාස වලද සංචිත ඉහළ ගියා. ඔක්තෝබර් මාසය අවසන් වන විට පැවති සංචිත ප්‍රමාණය ඩොලර් මිලියන 1,704ක් පමණක් වූ බව සැලකූ විට පසුගිය තෙමස තුළ රටේ නිල සංචිත ප්‍රමාණය ඩොලර් මිලියන 416කින් ඉහළ ගොස් තිබෙනවා.
මෙහි විශේෂත්වය වන්නේ මහ බැංකුව විසින් මේ අයුරින් සංචිත වර්ධනය කර ගෙන තිබෙන්නේ ඩොලරයක මිලද ස්ථාවරව පවත්වා ගනිමින් වීමයි. ඔක්තෝබර් අවසාන වෙද්දී අන්තර් බැංකු වෙළඳපොළේ ඩොලරයක මිල රුපියල් 363.30 මට්ටමේ පැවති අතර මේ වන විට එම මිල රුපියල් 361.92 දක්වා පහත වැටී තිබෙනවා.
මේ අනුව පැහැදිලිව පෙනී යන්නේ පසුගිය තෙමස තුළ රටට පැමිණි විදේශ විණිමය ප්‍රමාණය ආනයන ඇතුළු අනෙකුත් අවශ්‍යතා වෙනුවෙන් වැය කිරීමෙන් පසුව රට තුළ ඩොලර් මිලියන 416ක් ඉතිරිව ඇති බවයි. එම ඩොලර් ප්‍රමාණය මහ බැංකුව විසින් මිල දී නොගත්තේනම් ඩොලරයක මිල මීට වඩා පහත වැටිය හැකිව තිබුණා.
කෙසේ වුවත්, මෙයින් අදහස් වන්නේ ඉදිරි කාලය තුළ ඩොලරයක මිල විශාල ලෙස පහත වැටෙනු ඇති බව හෝ එසේ පහත වැටෙන්නට ඉඩ දිය යුතු බව නෙමෙයි. නිල සංචිත ප්‍රමාණවත් තරමකට වර්ධනය කර ගන්නා තුරු විණිමය අනුපාතය පහත වැටෙන්නට ඉඩ නොදිය යුතුයි. මහ බැංකුව විසින් වෙළඳපොළෙන් ඩොලර් මිල දී ගැනීම මගින් ඩොලරයක මිල ආසන්න වශයෙන් දැන් පවතින මට්ටමේ පවත්වා ගන්නට පුළුවන්.
මෙසේ කළ යුත්තේ, නිල සංචිත ප්‍රමාණය ඩොලර් මිලියන 2,120 දක්වා ඉහළ ගොස් ඇතත්, මහ බැංකුවේ විදේශ වගකීම් ප්‍රමාණය ඊට වඩා වැඩි නිසයි. මේ සංචිත ප්‍රමාණයෙන් ආසන්න වශයෙන් ඩොලර් මිලියන 1,470ක් පමණ චීනයෙන් ලබාගත් මුදල් හුවමාරු පහසුකමයි. එවිට ඉතිරිය ඩොලර් මිලියන 650ක් පමණයි. එයින් ඩොලර් මිලියන 200ක් මහ බැංකුව විසින් බංග්ලාදේශයට ගෙවිය යුතුයි. එවිට ඉතිරි වන්නේ ඩොලර් මිලියන 450ක් පමණයි.
මීට අමතරව ඉන්දියාවට ඩොලර් බිලියන 2.4ක පමණ මුදලකුත්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත තවත් ඩොලර් බිලියනයක පමණ මුදලකුත් මහ බැංකුව විසින් ගෙවිය යුතුව තිබෙන නිසා ඇත්තටම මහ බැංකුව තවමත් ඉන්නේ නහයට උඩින් වතුර ගොස් ඇති සීමාවේ වුවත්, ඉන්දියාව හෝ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ණය ආපසු ඉල්ලා ලංකාව හිර කරන්නට ඉඩක් නැති බැවින් සංචිත තර කරගෙන එම ණය ගෙවා දමන තුරු විදේශ අංශය ස්ථාවරව තබා ගැනීම අපහසු නැහැ.
ගොඩ ගත නොහැකි තරමටම දුර්වල වී තිබුණු රටේ විදේශ අංශය මේ මට්ටමින් ශක්තිමත් වී තිබෙන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පළමු වාරිකය ලැබෙන්නටත් පෙර වීම විශේෂත්වයක්. අරමුදල් නොලැබුණත්, මේ සාර්ථකත්වයට හේතුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇති කර ගෙන තිබෙන එකඟතාවයයි.
අදාළ එකඟතාවය අනුව රජයට ආදායම් ඉක්මවා වියදම් කළ හැකි සීමාව පාලනය වී තිබෙනවා. ඒ හේතුව නිසා, රටේ මුදල් සංසරණය සීමා වී ඩොලර් ඉල්ලුමද පහත වැටී තිබෙනවා. අනෙක් පැත්තෙන් ඉහළ පොලී අනුපාතික හේතුවෙන්ද මෙයට උදවුවක් ලැබී තිබෙනවා.
ඉකොනො මම ආර්ථික විද්‍යාව ගැන දන්න කෙන්ගෙඩියක් නැතත් ඒ ගැන දැනුමක් නැති මට සාමාන්‍ය දැනුමෙන් තේරෙන දැනෙන ප්‍රශ්න කීපයක් තමයි මේ අහන්නේ.
ReplyDeleteඔබ කියන්නේ
//අනෙක් පැත්තෙන් ඉහළ පොලී අනුපාතික හේතුවෙන්ද මෙයට උදවුවක් ලැබී තිබෙනවා. //
දැන් ඔබ හිතන්න ලංකාවේ වාහන පාවිච්චි කරන මිනිස්සු එම වාහන විකිණීමෙන් ලැබෙන මුදල බැංකුවේ තැන්පත් කිරීමෙන් ලැබෙන පොලියෙන් කුලී රථ වලින් ගමන් කරලා අමතර මුදලකුත් අතේ ඉතුරු වෙනවනම් වාහනේ දුවයිද නැත්නම් ඒක විකුණලා ඒ මුදල බැංකුවේ තැන්පත් කරයිද?
ලංකාවේ මේ දවස් වල වාහන මිල අඩුවෙන්නේ සහ ඒවා විකිනෙන්නේ නැත්තේ මේ නිසා නොවේද?
අද ලංකාවේ 5kW ධාරිතාවයකින් යුතුව හොඳ ඕෆ් ග්‍රිඩ් බැටරි පැක් සිස්ටම් එකක් සහිතව සුර්ය විදුලිබල පද්ධතියක් සවි කිරීමට සාමාන්‍යයෙන් අවමය රුපියල් ලක්ෂ 18ක පමණ මුදලක් වැය වේ. ලක්ෂ 18 ක් බැංකුවේ තැන්පත් කලවිට ස්ථාවර තැන්පතුවකට මසකට රුපියල් 30,000ක් පමණ ලබා ගත හැක. කුඩා නිවෙසක් මසකට 5kW සුර්ය විදුලිබල පද්ධතියකින් දවල්ට විදුලි බල මණ්ඩලයට විදුලිය විකුණා ලැබෙන අදායම දවස් 30ම හොඳින් සුර්යාලෝකය ඇත්නම් උපරිම මසකට රුපියල් 16,000කි. ඉතින් මිනිස්සු සුර්ය විදුලිබල පද්ධතියක් සවි කරයිද ? නැත්නම් එම මුදල බැංකුවේ තැන්පත් කරයිද ? මේ හේතුවෙන් මිනිසුන් සුර්ය විදුලිබල පද්ධති සවි කිරීමට මැලි වීමෙන් නැති වන්නේ නොමිලේ ලැබෙන සුනිත්‍ය බලශක්තිය නොවේද? ඩීසල් බලාගාර තාප විදුලි බලාගාර වලට ඉන්ධන ආනයනය කිරීමට ඩොලර් නැතිව විදුලිය කැපීම් නැවැත්විය හැකිද?
මේ වගේම ලංකාවේ මේ දවස් වල
වර්ග අඩි 1000ක වගා හරිත නිවසක් green house farming සැදීමට යන වියදම රුපියල් ලක්ෂ 10 ක් පමණ වේ. ඒ සඳහා භාවිතා කරන දියර පොහොර දිලිර නාශක සහ අනිකුත් සියලුම ද්‍රව්‍ය වල අධික මිල නිසා ලබා ගත හැකි අදායම කුමන භෝගය වැවුවත් මසකට රුපියල් 20,000 නොඉක්මවනු ඇත, එවිට මිනිස්සු මේවට මහන්සි වෙයිද? නැත්නම් ඒ මුදල බැංකුවේ තැන්පත් කරයිද?
ළූණු අර්තාපල් එළවළු පලතුරු වවන ගොවින් ඒවට යට කරන මුදල බැංකුවේ තැන්පත් කළහොත් අස්වැන්නෙන් එන අදායමට වඩා පොලියෙන් එන අදායම සෑහෙන වැඩි නම් සහ අවදානම් සැලකිය යුතු මට්ටමකින් අඩුයි නම්, ඒවා වවයිද නැත්නම් එම මුදල බැංකුවේ තැන්පත් කරයිද?
කුරුඳු ගම්මිරිස් එනසාල් වවන්න ඉන්න මිනිස්සු ඒවට යට කරන මුදල බැංකුවේ තැන්පත් කළහොත් අස්වැන්නෙන් එන අදායමට වඩා පොලියෙන් එන අදායම වැඩි නම් ඒවා වවයිද එම මුදල බැංකුවේ තැන්පත් කරයිද?
ලංකාවේ නිෂ්පාදනය කරන භෝග වල මිල දිනපතා ඉහල යන්නේ ඒවා කරන මිනිස්සු වවන එක අඩු කරලා ඒ මුදල් බැංකුවේ තැන්පත් කරන හින්දද?
අනාගතේ කුමක් හෝ නිෂ්පාදනයක් කිරීමට අදහස් කරගෙන සිටින කෙනෙකු එයට ආයෝජනය කරන මුදල බැංකුවේ තැන්පත් කිරීමෙන් ලැබෙන පොලිය එම ප්‍රතිලාභ මුදලට වඩා වැඩි නම් නිෂ්පාදනය පටන් ගනීද එම මුදල බැංකුවේ තැන්පත් කරයිද?
අනාගතයේ තමන්ගේ ඉඩමේ කඩ කාමර කිහිපයක් සාදා බදු දීමට අදහස් කරගෙන සිටින අයෙකු එම බදු අදායමට වඩා අදායමක් එම මුදල බැංකුවේ තැන්පත් කලවිට ලැබුනොත් කඩ ටික හදයිද එම මුදල බැංකුවේ තැන්පත් කරයිද?
ව්‍යාපාරිකයකු තම ව්‍යාපාරය වැඩි දියුණු කිරීමට ආයෝජනය කරන මුදල එම ව්‍යාපාරය වැඩි දියුණු කල පසු ලැබෙන අදායමට වඩා වැඩි අදායමක් බැංකුවේ තැන්පත් කිරීමෙන් ලැබුනොත් ව්‍යාපාරය දියුණු කරයිද? එම මුදල බැංකුවේ තැන්පත් කරයිද?
අපනයනය ඉලක්ක කර ගනිමින් වගා කරන සහ නිෂ්පාදනය කරන මිනිසුන් පවා එයින් ලැබෙන ඩොලර් අදායමට වඩා එම මුදල බැංකු වල තැන්පත් කිරීමෙන් ලැබෙන රුපියල් අදායම වැඩි නම් ඔවුන් එම මුදල්ද බැංකු වල තැන්පත් කරනු ඇත.
මේ විදිහට ආර්ථිකය හකුළුවා රටක් දුවන්න පුලුවන්ද?රටේ නිෂ්පාදනය අඩු වෙලා භෝග වගාව අඩු වෙලා මිනිස්සු ඔක්කොම මුදල් බැංකුවේ දැම්මම වෙන්නෙ මොකක්ද? නිෂ්පාදනය අඩු වෙලා ඉල්ලුම වැඩි වෙලා සියළු පාරිභෝගික භාණ්ඩ වල මිල ඉහල යාම නොවේද? උද්ධමනය අඩු කරන්න බැංකු වල පොලී අනුපාත ඉහල දැමීමෙන් වෙලා තියෙන්නෙ උද්ධමනය වැඩි වීම නේද?
අනිත් පැත්තෙන් බැංකු වලින් ගන්න ණය වලට ගෙවන්න වෙන අධික පොලිය නිසා කිසිම ව්‍යාපාරිකයෙක් මේ වෙලාවේ බැංකු වලින් ණය ගන්න පෙළඹෙන්නේ නෑ. එතකොට බැංකු ටික දුවන්නේ කොහොමද?
මේ දවස් වල බැංකු ටික දුවන්නේ ආණ්ඩුවෙන් නිකුත් කරන භාණ්ඩාගාර බිල්පත් මිලට අරන් ඒකට ලැබෙන පොලියෙන් බව හැමෝම දන්නවනෙ, බැංකු විසින් මේ දිනවල තැන්පත් කරුවන්ට අධික පොලියක් ගෙවනවා. ආණ්ඩුව ඊට වඩා වැඩි පොලියක් භාණ්ඩාගාර බිල්පත් වලට බැංකු වලට ගෙවනවා ආණ්ඩුවට මේක කරන්න සල්ලි කොයින්ද? කබරරාල කියන විදිහට උගේ කාලෙටත් වඩා සල්ලි අච්චු ගහන්න වෙනවලු මේ අධික පොළිය ගෙවන්න. මෙහෙම දිගටම ගියොත් කුමකින් කුමක් වෙයිද?
ඉකොනො ඔබ හරි මේක බලන වෙනත් ආර්ථික විද්‍යාව ගැන දන්න විද්වතුන් ඉන්නවනම් පැහැදිලි කරන්න මේ ක්‍රමය හරිද වැරදිද කියල.
මේ සියල්ලටම පිළිතුරු දෙන්න ලොකු වෙලාවක් යොදවන්න වෙනවා. දැනට මුල් ප්‍රශ්න වලට පිළිතුරු දෙන්නම්.
Delete//දැන් ඔබ හිතන්න ලංකාවේ වාහන පාවිච්චි කරන මිනිස්සු එම වාහන විකිණීමෙන් ලැබෙන මුදල බැංකුවේ තැන්පත් කිරීමෙන් ලැබෙන පොලියෙන් කුලී රථ වලින් ගමන් කරලා අමතර මුදලකුත් අතේ ඉතුරු වෙනවනම් වාහනේ දුවයිද නැත්නම් ඒක විකුණලා ඒ මුදල බැංකුවේ තැන්පත් කරයිද?//
මොළේ තියෙන මිනිහෙක්නම් මේ තීරණය ගන්නේ මේ විදිහට. වාහනේ තියාගෙන ඉන්නේ ඇත්තටම තමන්ට ගමන් යාමේ එකම අරමුණින්නම්, එයින් ලැබෙන සමාජ තත්ත්වය වැදගත් නැත්නම්, කුලී රථයක් එන තුරු බලා සිටීමේ ආවස්ථික පිරිවැය අඩුනම්, ඒ කියන්නේ ක්ෂණික තීරණ ගෙන යා යුතු හදිසි ගමන් නැත්නම්, වාහන මිල ඉහළ යාමේ ප්‍රවණතාවක් පේන්න නැත්නම් (ඒ කියන්නේ වාහනය විකුණා හොඳ මිලක් ගන්න පුළුවන්නම්), බැංකු පොලී අඩු වන බවක් නොපෙනේනම්, හොඳම දේ වාහනය විකුණා සල්ලි බැංකුවේ දමන එක. වාහන මිල තියෙන්නේ අඩු මට්ට්මකනම්, මිල ඉහළ යා හැකි බව පෙනේනම්, පොලී අනුපාතික අඩු වෙන්න යන බව පේනවානම්, වාහනයක් ගෙදර නැති වීමේ ආවස්ථික පිරිවැය වැඩිනම් කරන්නේ වාහනය දිගටම තියා ගන්න එක.
තවත් විස්තරාත්මකව සලකා බැලිය යුතු දේවල් ගැන කිවුවොත්,
- දැන් වාහනය විකුණා ලබා ගත හැකි මුදල
- වසරකට පසු වාහනය විකිණිය හැකි අපේක්ෂිත මුදල
- වසරකට පසු එවැනිම වාහනයක් නැවත මිල දී ගැනීමට යන මුදල
- වසරක කාලය තුළ වාහනය විකුණා ලබාගත හැකි මුදල බැංකුවේ දමා ලැබිය හැකි පොලිය
- එම කාලය තුළ කුලී රථ වෙනුවෙන් වැය කළ යුතු මුදල
- එම කාලය තුළ කුලී රථ ප්‍රමාදය නිසා සිදුවන අපහසුතාවයේ ආවස්ථික පිරිවැය
- එම කාලය තුළ වාහන හිමියෙක් නොවීම නිසා අඩුවන සමාජ තත්ත්වයේ ආවස්ථික පිරිවැය
- නැවත වාහනයක් මිල දී ගැනීමට නොලැබීමේ අවදානමේ මුදල් අගය
- බැංකු පොලිය අඩු වීමේ අවදානමේ මුදල් අගය
- බැංකු වල දමන මුදල් අහිමි වීමේ අවදානමේ මුදල් අගය
- කුලී රථ ගාස්තු ඉහළ යාමේ අවදානමේ මුදල් අගය
ඔය වගේ ගොඩක් දේවල් සලකා බැලිය යුතු නිසා හොඳම තීරණය පුද්ගලයාට සාපේක්ෂයි. ඒ නිසා වාහනය විකුණනවද තියා ගන්නවද කියන එකට සියල්ලන්ටම ගැලපෙන පිළිතුරක් නැහැ.
//ලංකාවේ මේ දවස් වල වාහන මිල අඩුවෙන්නේ සහ ඒවා විකිනෙන්නේ නැත්තේ මේ නිසා නොවේද?//
උඩින් අහල තියෙන්නේ ප්‍රශ්නයක්නේ. "මේ නිසා නොවේද" කියා දෙවන ප්‍රශ්නයක් ඇසීමෙන් පැහැදිලි වන්නේ ඔබ දැනටමත් ඉහත පළමු ප්‍රශ්නයට පිළිතුර උපකල්පනය කරගෙන අවසන් බවයි. ඔබේ පිළිතුර බව පෙනෙන්නේ මිනිස්සු ඉහත හේතුව නිසා වාහන විකුණන බවයි. එම උපකල්පනය මත පිළිතුරු දුන්නොත්, ඔබේ පළමු ප්‍රශ්නයෙන් වචන අනුවම බැලුවත් කියැවෙන්නේ වාහන විකිණෙන බවයි. ඒ නිසා, "විකිණෙන්නේ නැත්තේ මේ නිසා නොවේද?" කියා අසන දෙවන ප්‍රශ්නයේම වැරැද්දක් තිබෙනවා. වාහන විකිණෙනවානම් විකුණන්නන් මෙන්ම මිල දී ගන්නන්ද සිටිය යුතුයි. මිල දී ගන්නන් වාහන මිල දී ගන්නේ එය වාසිදායක නිසයි.
//මේ හේතුවෙන් මිනිසුන් සුර්ය විදුලිබල පද්ධති සවි කිරීමට මැලි වීමෙන් නැති වන්නේ නොමිලේ ලැබෙන සුනිත්‍ය බලශක්තිය නොවේද?//
Deleteසූර්ය විදුලි බලය නිකම් ලැබෙන්නේ නැහැ. ඇතැම් විට වියදම වඩා වැඩි විය හැකියි. මම වසර කිහිපයකට පෙර ගණනය කිරීමක් කර සූර්ය විදුලි බලයට නොගියේ එය පාඩු නිසා.
//ඩීසල් බලාගාර තාප විදුලි බලාගාර වලට ඉන්ධන ආනයනය කිරීමට ඩොලර් නැතිව විදුලිය කැපීම් නැවැත්විය හැකිද?//
මෙය ඩොලර් නැතිවීම පිළිබඳ සරල ප්‍රශ්නයක් නෙමෙයි. පාඩු ලබන ලංවිමට රුපියල් නැති වීමේ ප්‍රශ්නයකුත් මෙහි තිබෙනවා. විදුලි ගාස්තු සැලකිය යුතු ලෙස වැඩි කළොත් විදුලිය කපන එක නවත්වන්න පුළුවන් වෙයි. එමෙන්ම එවිට සූර්ය විදුලි බලය වඩා ලාබ වෙයි.
//වර්ග අඩි 1000ක වගා හරිත නිවසක් green house farming සැදීමට යන වියදම රුපියල් ලක්ෂ 10 ක් පමණ වේ. ඒ සඳහා භාවිතා කරන දියර පොහොර දිලිර නාශක සහ අනිකුත් සියලුම ද්‍රව්‍ය වල අධික මිල නිසා ලබා ගත හැකි අදායම කුමන භෝගය වැවුවත් මසකට රුපියල් 20,000 නොඉක්මවනු ඇත, එවිට මිනිස්සු මේවට මහන්සි වෙයිද? නැත්නම් ඒ මුදල බැංකුවේ තැන්පත් කරයිද?//
Deleteඉහත පළමු පිළිතුර (වාහන විකිණීමේ තීරණය) අනුව හිතා බැලුවොත් ඔබට පිළිතුර හමුවෙයි. පහළ බොහෝ ප්‍රශ්න වලටත් එසේමයි. මේ බොහෝ තීරණ වලදී තිබෙන්නේ කෙටිකාලීන වාසි හා දිගුකාලීන වාසි අතර තේරීමක්. පුද්ගලයා අනුව, ඔය දෙකෙන් ඕනෑ එකක් කරන්න පුළුවන්.
බොහොම ස්තුතියි ඔයාගේ දීර්ඝ පිළිතුරට ඉකොනොමැට්ටා නමුත් මම හිතන්නේ බොහෝ දෙනෙක් අනවශ්‍ය ලෙස අවදානම් අරගෙන ව්‍යාපාර කටයුතු ආයෝජන කරනවා වෙනුවට තියෙන මුදල් බැංකු වල ආයෝජනය කරලා තියෙන්නේ මේ ගැන පහුගිය අවුරුද්දේ ධම්මික පෙරේරත් සම්මන්ත්‍රණයකදී කිව්වා 25%-30% ක් විතර ගැරන්ටීඩ් රිටර්න් එකක් ගන්න පුළුවන් නිසා බැංකු වල ස්ථිර තැන්පතුවක් තමයි හොඳම ආයෝජනය කියලා
Deleteනමුත් මේක නිසා සමස්ත රටේ ආර්ථිකය දියුණුවට මහත් සේ බාධාවක් සහ ආර්ථිකය හැකිලී යන අයුරු දක්නට පුළුවන්
උද්ධමනය පාලනය කරගන්න පොළී අනුපාතික වැඩි නොකර වෙන විසඳුමක් ඔවුන්ට තිබුණේත් නෑ නේ ද?
//උද්ධමනය පාලනය කරගන්න පොළී අනුපාතික වැඩි නොකර වෙන විසඳුමක් ඔවුන්ට තිබුණේත් නෑ නේ ද?//
Deleteඋද්ධමනය පාලනය කරන්න තියෙන විසඳුම තමයි පොලී අනුපාතික වැඩි කරන එක. මේ ප්‍රශ්නය හරියට සිමෙන්ති භාවිතා නොකර රටේ ඉදිකිරීම් කර්මාන්තය දියුණු කිරීම සඳහා වෙන විසඳුමක් ඔවුන්ට තිබුණේත් නෑ නේද කියා අහනවා වගේ ප්‍රශ්නයක්.
ඉකොනොමැට්ටා මේකට විකල්පයක් ලෙස පවතින වෙනත් සොලූෂන්ස් මොනවාද උද්ධමනය පාලනය කරගන්න පොළී අනුපාතික වැඩි කරලා ආර්ථිකය හැකිලීම නවතා ගැනීමට? විදේශ විනිමය ලැබීම් වැඩි කරගන්න පුළුවන් වුණොත් එයින් පුළුවන් වෙයි ද? විදේශ ණය වෙනුවට විදේශ ප්‍රේෂණ නැවත වරක් වැඩිකර ගැනීමට සංචාරක ව්‍යාපාරය වර්ධනය කිරීමේ හැකියාව සහ එක්සත් ජනපදය, මැදපෙරදිග සහ යුරෝපා සංගමයේ රට වලට තොරතුරු තාක්ෂණ අංශයේ සේවා වැඩි කරගැනීමට වගේ දේවල් වලින් විසඳුමක් හොයන්නට බැරිවෙයි ද?
Deleteඋදාහරණයක් විදියට සිමෙන්ති නැතිව ඉදිකිරීම් කර්මාන්තය වර්ධනය කර ගැනීම සඳහා ස්ටීල් ස්ට්‍රක්චර්ස්, අර්ත් බ්‍රික්ස්, වානේ ඇලුමිනියම් rammed earth, හෙම්ප්ක්‍රීට්, Structural Timber, Engineered wood, trated bamboo structures, stone structures with stabilized lime mortar, Ferrock, GGBS, Timbercrete, greencrete,
slip form methods, prefab panels, PFA (ෆ්ලයි ඈෂ්), වගේ මෙකී නොකී ඕල්ටර්නේටිව් මැටීරියල්ස් සහ මෙතඩ් යොදා ගන්න පුළුවන් වගේම පොළී අනුපාතික වැඩි කරන එකට තියෙන ව්‍යතිරේක මොනවාද?
රනිල් මහත්තයා නියමෙට ආර්ථිකය හදනවා නේද
ReplyDeleteරජය දේශීය ණය restructure කළොත් මිනිස්සු බැංකු වල දාල තියෙන FD වලට මොන වගේ බලපෑමක් වෙන්න පුළුවන්ද කියල කරුණාකර පැහැදිලි කරන්න
ReplyDeleteකියමිද මොනවා
ReplyDeleteහිත විමසනවා
රටට හොඳක් නං
ඉන් තුටු වෙනවා!
ඉකොනො මේ පුංචි ක්ලිප් එක බලන්න ඉස්සර ලංකාව කියලා කියන්නේ කොයි තරම් ශ්‍රේෂ්ඨ ලෙස සහ ජාත්‍යන්තර කීර්තියක් අත්කරගෙන තිබුණ කීර්තිමත් රටක්ද?... හොඳට තිබ්බ රටක් අපි වැටිච්ච තැනක්... 1990 මේ තරම් හොඳට තිබුණ රට එක පවුලක් ඇවිත් සම්පූර්ණයෙන්ම විනාශ කරලා දැම්මා නේද? 😪
ReplyDeletehttps://www.facebook.com/wisadumacompass/videos/1338880460278075/?app=fbl