වෙබ් ලිපිනය:

Sunday, July 28, 2024

රාජ්‍යමූල්‍ය කළමනාකරණයේ ක්‍රම වෙනස


මේ අවුරුද්දේ මැයි මාසය දක්වා වන මාස පහක කාලයේ රජයේ ආදායම් හා වියදම් පිළිබඳ මූලික සංඛ්‍යාලේඛණ මේ වන විට මහ බැංකුව විසින් ප්‍රසිද්ධ කර තිබෙනවා. 

රජයේ ආදායම හා අනෙකුත් ලැබීම් = රුපියල් බිලියන 1,619.23

මාස පහේ වියදම = රුපියල් බිලියන 1,064.99

ප්‍රාථමික අයවැය අතිරික්තය = රුපියල් බිලියන 554.24

කෙටියෙන් කිවුවොත් ආදායමෙන් 34.2%ක් වියදම් නොකර පරණ ණය වල පොලී ගෙවීම වෙනුවෙන් ඉතිරි කරගෙන තිබෙනවා. ඉතා පැහැදිලි ලෙසම මේ තරමේ මූල්‍ය විනයක් නිදහසෙන් පසු කිසිම දවසක පවත්වා ගෙන ගොස් නැහැ. මේක ඉතාම පැහැදිලි "ක්‍රම වෙනසක්". 

මේ තරම්ම සල්ලි ඉතිරි නොකර අවශ්‍ය දේවල් වෙනුවෙන් වියදම් කරන්න බැරි ඇයි කියන ප්‍රශ්නයත් මේ එක්කම මතු වෙන එක පුදුමයක් නෙමෙයි. එහෙම බැරි ආදායමෙන් තුනෙන් පංගුවකට වඩා වැඩියෙන් ඉතිරි කළත් පරණ ණය වල පොලී ගෙවන්නවත් ඒ මුදල ප්‍රමාණවත් නොවීම. කණගාටුදායක තත්ත්වයක් වුනත් ඕක තමයි ඇත්ත. 

ප්‍රාථමික අයවැය අතිරික්තය = රුපියල් බිලියන 554.24

මාස පහේ පොලී වියදම = රුපියල් බිලියන 921.04

අයවැය ශේෂය = රුපියල් බිලියන (-366.80)

ඔය තරම් සල්ලි ඉතිරි කළත්, පරණ ණය වල පොලී ගෙවන්න තවත් රුපියල් බිලියන 366ක් ණය වෙන්න වෙනවා. ඊට අමතරව, ගෙවිය යුතු ණය වාරික ගෙවන්න වෙන්නෙත් අලුතෙන් ණය අරගෙනයි. ඕක තමයි රටේ තත්ත්වය.

මේ ඉන්න තත්ත්වයෙන් "කවදා හරි" ගොඩ යන්නනම් ඔය විදිහට සතෙන් සතේ රුපියලෙන් රුපියල එකතු කරනවා ඇරෙන්න වෙන ක්‍රමයක් නැහැ. ප්‍රාථමික අයවැය අතිරික්තය කියා කියන්නේ ඒ විදිහට ඉතිරි කරන කොටස. 

ඉන්න ණය උගුලෙන් ගැලවෙන්නනම් අවම වශයෙන් දළ දේශීය නිෂ්පාදිතයෙන් 2.3%කට සමාන වාර්ෂික ඉතිරියක් අවශ්‍යයි කියන එකයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඇස්තමේන්තුව. ඊට වඩා වැඩියෙන් ඉතිරි කළොත් වඩා ඉක්මණින් ණය ගෙවන්න පුළුවන්. 

පසුගිය අවුරුද්දේ දළ දේශීය නිෂ්පාදිතය රුපියල් බිලියන 27,630ක්. මෙය මේ අවුරුද්දේ 8%කින් ඉහළ ගියොත් රුපියල් බිලියන 29,840ක් වෙනවා. රුපියල් බිලියන 554ක් කියන්නේ එයින් 1.8%ක් පමණ. මේ අනුව, මේ තත්ත්වය දිගටම තිබුණොත් ඉලක්ක අවම මට්ටමෙනුත් එහාට යන්න පුළුවන්.

අනෙක් අවුරුදු වල කොහොම වෙතත්, මැතිවරණ අවුරුදු වලදී රජයේ වියදම් විශාල ලෙස ඉහළ යන එක ලංකාවේ සාමාන්‍ය තත්ත්වයක්. සාමාන්‍ය තත්ත්වය එසේ වෙද්දී මේ අවුරුද්දේදී ඉලක්කය ඉක්මවා මුදල් ඉතිරි කර ගැනීම සුවිශේෂී තත්ත්වයක්.

හැමදාම අලුත් ආණ්ඩුවක් බලයට පත් වූ විට කියන කතාව අපිට ලැබුනේ හිස් භාණ්ඩාගාරයක් කියන එක. ඒ කතාව බොරුවක් නෙමෙයි. රටේ පැත්තෙන් බැලුවොත් සිදු විය යුතු දේ වුනත්, දේශපාලනිකව බැලුවොත් භාණ්ඩාගාරය පුරවලා වෙන කෙනෙකුට දීලා යන එක අමු මෝඩ වැඩක්. කවුරුවත් ඔය වැඩේ නොකරන්නේ ඒ නිසා.

යහපාලන ආණ්ඩුව කාලයේ වුනත් 2017දී හා 2018දී ප්‍රාථමික අයවැය අතිරික්ත පවත්වා ගනු ලැබුවත් මැතිවරණ වර්ෂයක් වූ 2019දී තත්ත්වය කණපිට හැරුණා. මෙවර එසේ නොවීමෙන් පෙනෙන්නේ රනිල් වික්‍රමසිංහට නැවත බලයට පත් වීම පිළිබඳ සෑහෙන විශ්වාසයක් තිබෙන බවයි. නමුත් මැයි මාසය දක්වා ජනමත සමීක්ෂණ ප්‍රතිඵල අනුවනම් එවැනි හැකියාවක් පෙනෙන්නට තිබුණේ නැහැ. 

6 comments:

  1. රනිල් වික්‍රමසිංහ මේ කරන මෝඩ වැඩෙන් ගොඩ යන්නේ ඊළඟට පත්වන ආණ්ඩුව, ඒ ආණ්ඩුව ආපු ගමන් අත දිග ඇරලා වියදම් කරලා සහන ලබාදීමේ වාසිය ලබන ජනතාවට උපරිම වාසිය ගන්න නම් ජනතාවට ඇහුම්කන් දෙන ජනතාවාදී පාලනයක් ගෙන ආ යුතුයි.

    ඒ නිසා මේ වර ලංකාවේ ජනාධිපති තනතුර සඳහා පත් කළ යුත්තේ රනිල් හැර වෙන කෙනෙක් වීම බවයි ජනතාව විසින් තේරුම් ගන්න ඕන.

    බහුතර පුරවැසියන් වශයෙන් අපට ඕනේ බඩු මිල අඩු කරන, අධික බදු බර අඩු කරන සතොස හරහා ලාබෙට ආහාර වර්ග ලබාදෙන සෑම දිළිදු පවුලක් සඳහාම සහන මල්ලක් ලෙස බඩු මල්ලක් ලබා දෙන්න කැමති ජනතාවට ඇහුම්කන් දෙන තෙල් මිල අඩු කරන මෝටර් බයිසිකල් ත්‍රී වීල් වගේ පොඩි මිනිස්සු පාවිච්චි කරන වාහන අඩු බදු යටතේ ආනයනය කරන්න ඉඩ දෙන ජනතාවාදී පාලනයක් ගෙන ඒමට පමණයි.

    ඒ නිසා මේ ජනතා විරෝධී රනිල් රාජපක්ෂ නමැති අසික්කිත දූෂිත මහබැංකුව කඩපු පිනට ජනාධිපති තනතුර ලබාපු සොම්බි මහල්ලා කෙසේ හෝ පරාජයට පත් කිරීමට හැමෝම එකතුවෙලා වැඩ කරන්න ඕනි, අවුරුදු 76 ක් පැවති දූෂිත වලව් පැලැන්තියේ පාලනය අවසන් වීමට තව ඉතාමත් කෙටි කාලයයි සැප් 21 අපි ඒ වෙනස අනිවාර්යයෙන්ම සිදු කරනවා කරනවා මයි ! ජයවේවා!

    ReplyDelete
  2. ඉකෝන්,

    අහල තියෙනව නේද ඒලියන්ස්ලා අපි අතර ඉන්නවා කියල එක්සත් ජනපදයේ බොහෝ දෙනා විශ්වාස කරන බව, කොටින්ම 1960s ගණන්වල ඒ පැවති සරල තාක්ෂණය එක්ක හඳට යානයක් යැවීම විස්මයජනක ආශ්චර්යයක්ම විය හැකි බවත් නීල් ආම්ස්ට්‍රෝන්ගේ නමේ Neil A. අරගෙන ඒක අනිත්පැත්තට ලිව්වාම ඒලියන් කියලා එන නිසා නීල් කියන්නේ අපිව හඳට අරගෙන ගිය ඒලියන් කෙනෙක් කියලත් මතයක් ඇති නිසාම දෝ කොහේදෝ මට හිතෙනවා ලංකාවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහත් ඒලියන් කෙනෙක් කියලා, අවුරුදු 45ක් පාර්ලිමේන්තුවේ, 6 පාරක් අගමැති, මට දැන් වයස 30යි මේ ලබන සැප්තැම්බරයට මම උපදින්නටත් පෙර එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයට පත්වෙලා අපි පොඩිම කාලේ ඉඳලා දන්න කාලෙක ඉඳන් UNP නායක, අන්තිමේ මන්ත්‍රී ධූරයක්වත් නැතුව පැරදිලා ඉද්දි ආණ්ඩු පක්ෂෙ උංම පොරව ගෙනල්ල ජනාධිපති කරානේ. ඔය යකා මනුස්සයෙක් නම් වෙන්න බෑ... ෂුවර් එකටම ඒලියන් කෙනෙක්ම තමයි 🤭😅 ඇයි නැද්ද?

    ReplyDelete
    Replies
    1. කොහොමටත් රනිල් උන්නැහේ නං සිරි ලංකාවට පිටස්තරයෙක්!

      Delete
  3. සහතික ඇත්ත. මේ හැසිරෙන විදියටනං චන්දෙන් පස්සෙ රටින් පිටුවහල් වෙලා තමයි ඉන්න වෙන්නෙ. 😂😂😂

    ReplyDelete
  4. ඉකෝන් කතාකරන්නෙ 2022 පහල වෙච්ච රනිල් ගැන මිසක් ඊට කලින් හිටපු රනිල්ලා ගැන නෙවෙයි නේ. මේ ඇලියොන් අලුත් මොඩල්.

    ReplyDelete
  5. මාස පහේ වියදම රු බි 1064.99 කියලා මේ පෙන්වලා තියෙන වගුවේ නෑනේ..

    වගුවේ Recurrent Expenditure කියලා කියන්නේ රජයේ පුනරාවර්ථන වියදම් කියන එකද. ඒකට ණය වල පොලී ගෙවීමත් අයිතිද?

    මේ වගුවේ තියෙන්නේ රජයේ වියදම expenditure and lending minus repayemnt කියලා. මයිනස් රී පේමන්ට් කිව්වම , ණය ගෙවන එක නැතුව වියදම ගැන නේද කථා කරන්නේ.... පොඩි පටලැවීල්ලක් තියෙනවා...

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: