පසුගිය 2024 වසර තුළ ලංකාව චීනයෙන් ඩොලර් මිලියන 4,365.7ක භාණ්ඩ ආනයනය කර තිබෙනවා. නමුත් චීනය ලංකාවෙන් ආනයනය කර තිබෙන්නේ එයින් 6%ක පමණ වටිනාකමක් තිබෙන, එනම් ඩොලර් මිලියන 272.9ක, භාණ්ඩ ප්‍රමාණයක් පමණයි. ජනාධිපති ට්‍රම්ප්ගේ තීරුබදු සූත්‍රය අනුවනම් ලංකාව චීනයට 47%ක තීරු බද්දක් පැනවිය යුතුයි.
තීරුබදු පැනවීම කෙසේ වුවත්, පසුගිය වසරේ ලංකාවේ වෙළඳ හිඟය වූ ඩොලර් මිලියන 6,069.4ක මුදලින් ඩොලර් මිලියන 4,092.8කටම දායක වී තිබෙන්නේ ලංකාව හා චීනය අතර සිදු වන ද්විපාර්ශ්වික වෙළඳාමයි. මෙම වෙළඳාමෙහි විශාල අසමතුලිතතාවයක් තිබෙනවා. ඇමරිකාව සමඟ ලංකාව විසින් කරන ද්විපාර්ශ්වික වෙළඳාමෙහි වාසිය සීමා වුවහොත්, චීනය සමඟ වෙළඳාමෙහි දැනට තිබෙන අවාසිදායක තුලනය දිගටම පවත්වා ගෙන යාම ලංකාවට අසීරු වෙන්න පුළුවන්.
ලංකාවෙන් චීනය වගේ රටකට අපනයනය කළ හැක්කේ මොන වගේ දේවල්ද?
ජනාධිපති අනුර කුමාර දිසානායකගේ චීන සංචාරයේදී CGTN නිවේදකයෙකු විසින් මේ ප්රශ්නය ඔහුගෙන් අසනවා. මේ ප්‍රශ්නයට ඔබට දිය හැකි පිළිතුර ගැන සිතා බැලුවොත් මෙය පෙනෙන තරම් සරල ප්‍රශ්නයක් නොවන බව අවබෝධ වෙයි.
පසුගිය ආර්ථික අර්බුද සමයේ ලංකාවට වෙනත් රටවලට අපනයනය කළ හැකි අමතර දේවල් ගැන මමත් ටිකක් සොයා බැලුවා. ඇත්තම කතාවනම් ලෝක වෙළඳපොළේ ලොකු පංගුවක් අල්ලා ගන්න තරම් මහ ලොකු දේවල් ලංකාවේ දැනට නැහැ. අපනයනය කළ හැකි දේවල් කවුරු හෝ විසින් දැනටත් අපනයනය කරනවා.
ඉහත ප්‍රශ්නයට පිළිතුරු ලෙස ජනාධිපති දිසානායක විසින් භාණ්ඩ වර්ග තුනක් ගැන සඳහන් කරනවා. ඒ, කුකුළු මස්, මැණික් හා ස්වර්ණාභරණ සහ කුළුබඩු.
මම දන්නා තරමින් කුකුළු මස් අපනයනය කෙරෙහි මෙතෙක් ලංකාවේ ලොකු රාජ්‍ය අවධානයක් යොමු වී නැහැ. ඒ කෙරෙහි අවධානය යොමු කිරීම අලුත් දෙයක් වෙන්න පුළුවන්. මැණික් හා ස්වර්ණාභරණ සහ කුළුබඩු කියන්නේනම් මට මතක තිබෙන කාලයේ සිටම රජය විසින් ප්‍රවර්ධනය කිරීමට උත්සාහ කළ අපනයන කාණ්ඩ දෙකක්. වයසින් මගේ සමකාලීනයෙකු වන ජනාධිපති දිසානායකටත් මේ උත්සාහයන් පිළිබඳ මතකයක් නැති වෙන්න බැහැ.
අපි නිකමට හිතමු මැණික් හා ස්වර්ණාභරණ සහ කුළුබඩු සඳහා චීනයෙන් සැලකිය යුතු ආනයන ඉල්ලුමක් ආවා කියලා. මේ වර්ග දෙකෙන් එකකවත් නිෂ්පාදනය විශාල ලෙස වැඩි කිරීමේ හැකියාවක් නැහැ. වෙනත් විදිහකින් කිවුවොත් නිෂ්පාදනය පරිමාණනය කිරීමේ හැකියාව (scalability) ඉතාම සීමිතයි. දශක ගණනාවක් තිස්සේ රජය මේ වෙනුවෙන් මැදිහත් වී තිබෙනවා. ඒ හරහා යම් ප්‍රගතියක් අත් කරගෙනද තිබෙනවා. නමුත් යම් වාස්තවික සීමාවකින් පසුව නිෂ්පාදනය පරිමාණනය කිරීම අසීරුයි.
නිෂ්පාදනය පරිමාණනය කිරීම අසීරු වුවත්, අවසාන වශයෙන් වැදගත් වන, අපනයන ආදායම් වැඩි කර ගැනීමනම් නොකළ හැක්කක් නෙමෙයි. එය කළ හැකි ප්‍රායෝගික ක්‍රමය ඉලක්ක වෙළඳපොළ තුළ ලංකාවේ සන්නාම ජනප්‍රිය කර ගැනීම මගින් වැඩි මිලක් ලබා ගැනීමයි.
දැනටමත් කාලයක් උත්සාහ කර තිබෙන ඉහත කාණ්ඩ දෙකට සාපේක්ෂව චීනයට කුකුළු මස් අපනයනය කිරීම විභවයක් ඇති දෙයක්. එමෙන්ම කුකුළු මස් නිපදවීම පහසුවෙන් පරිමාණනය කළ හැකියි.
ලංකාව දැනටත් කුකුළු මස් අපනයනය කරන නමුත් එමගින් උපයන්නේ ඩොලර් මිලියන පහක පමණ මුදලක් පමණයි. මෙම අපනයන මුළුමනින්ම මෙන් යන්නේ මාල දිවයිනටයි. මේ ආණ්ඩුව විසින් සිංගප්පූරුව හා චීනය වැනි අලුත් වෙළඳපොළවල් ඉලක්ක කරමින් සිටින බව පේනවා.
චීනය වසරකට ඩොලර් බිලියන හතරකට ආසන්න කුකුළු මස් ආනයන සිදු කරනවා. ශ්‍රී ලංකාවට ආසන්නව පිහිටි තායිලන්තය චීනයට කුකුළු මස් අපනයනය කර වසරකට ඩොලර් මිලියන 500ක් පමණ උපයා ගන්නවා. මෙවැන්නක් ලංකාවට නොකළ හැක්කක් නෙමෙයි.
සාමාන්‍යයෙන් රටක ඒක පුද්ගල ආදායම යම් සීමාවක් ඉක්මවා ඉහළ යද්දී ඒක පුද්ගල කුකුළු මස් පරිභෝජනය විශාල ලෙස ඉහළ යනවා. චීනයේ කුකුළු මස් ඉල්ලුම ඉදිරි කාලයේදීද විශාල ලෙස ඉහළ යාමට නියමිත ඉල්ලුමක්.
කුකුළු මස් වලට මෙන්ම ඌරු මස් වලටද චීනයේ විශාල ආනයන ඉල්ලුමක් තිබෙනවා. ඒ නිසාම, ලංකාව වැනි රටකට අපනයන විභවයක්ද තිබෙනවා. නමුත් ප්‍රශ්නයකට තිබෙන්නේ කුකුළු මස් වලට සාපේක්ෂව ඌරු මස් නිෂ්පාදනය කෙරෙහි සංස්කෘතික සාධක වල වැඩි බලපෑමක් තිබීමයි.
අපනයන වෙළඳපොළ අමතක කළත් ලංකාවේ ඒක පුද්ගල ආදායම තවත් ඉහළ යද්දී දේශීය කුකුළු මස් හා බිත්තර ඉල්ලුම විශාල ලෙස ඉහළ යාමට නියමිතයි. දැනටමත් දේශීය ඉල්ලුම රට තුළින් සැපයෙන බැවින් මේ වන විට මෙම කර්මාන්තය පවතින්නේ රටින් එළියට යා යුතු අදියරකයි. දේශීය වෙළඳපොළේ මිල ස්ථාවරව තබා ගැනීම සඳහාද රටින් ඔබ්බට වෙළඳපොළ පුළුල් කර ගැනීමක් අවශ්‍ය වෙනවා.
දැනට චීනය සමඟ පවතින වෙළඳ පරතරය පහසුවෙන් පියවා ගත හැකි පරතරයක් නෙමෙයි. එහෙත්, කුකුළු මස් වැනි දෙයක් ඉලක්ක කිරීමෙන් සැලකිය යුතු ප්‍රගතියක් අත්පත් කර ගැනීමේ විභවයක් තිබෙනවා. එම මෙනුපතටම ඌරු මස්ද යම් තරමකින් එකතු කිරීමට බැරිකමක් නැහැ.
ඉකොනෝ
ReplyDeleteඅප චීනයට අපනයනය වර්ධනය කර ගැනීම පිළිබඳව යෝජනා ජනාධිපතිවරයාට සෑහෙන කාලෙක ඉඳල ඉදිරිපත් කරනවා. මම ඔහුගේ ෆේස්බුක් පෝස්ට්වල පවා මේ ගැන බෝහෝ විස්තර සහිතව ලියලා තියෙනවා. නමුත් ඔහු මේ ගැන නිසි ආකාරයට අවබෝධ කරගෙන නෑ ඔහේ කුකුල්මස් අපනයනය කරනවා කියලා කියනවා විතරයි ඒකට ඔයිට වැඩිය ගොඩක් දේවල් රජයේ මැදිහත්වීම මත පදනම්ව කළ යුතුයි ඒ ගැන ඔහුට කිසිම ආකාරයක ප්‍රායෝගික අවබෝධයක් නැති බව මෙතනදි පැහැදිලිවම පේනවා.
ඇත්තටම ලංකාවේ ආර්ථිකය ගැන කතා කරන විට, චීනය සමඟ පවතින වෙළඳාම පිළිබඳව නිවැරදි අවබෝධයක් තිබීම අත්‍යවශ්‍යයි. අප බොහෝ දෙනෙක් නොදන්නා කරුණක් නම්, ලංකාව චීනයෙන් වාර්ෂිකව ආනයනය කරන ඩොලර් බිලියන 4ක් පමණ වන භාණ්ඩවලින් 75%-80%ක්ම භාවිතා කරන්නේ අපගේ ප්‍රධාන අපනයන වෙළෙඳපොළ වන ඇමරිකාවට සහ යුරෝපයට භාණ්ඩ නිෂ්පාදනය කිරීම සඳහා බවයි. මේවාට ඇඟලුම් කර්මාන්තයට අවශ්‍ය අමුද්‍රව්‍ය, යන්ත්‍ර සූත්‍ර සහ විවිධ අමතර කොටස් අයත් වෙනවා.
අප චීනයට අපනයනය කරන්නේ ඔබ කී ලෙසම වාර්ෂිකව ඩොලර් මිලියන 250ක් වැනි සුළු ප්‍රමාණයක්. මේ නිසා, චීනය සමඟ අපගේ වෙළඳ පරතරය අතිශයින් විශාලයි. අපගේ ආර්ථිකය ස්ථාවර කිරීමට නම්, මෙම පරතරය අවම කර ගැනීම අනිවාර්යයෙන්ම කළ යුතුයි. මේ සඳහා චීනයේ විශාල ආනයන වෙළෙඳපොළ ඉලක්ක කර ගනිමින් නව අපනයන භාණ්ඩ සහ සේවා හඳුන්වා දීමට අපට පුළුවන්.
චීනයට අපනයනය කළ හැකි නව භාණ්ඩ
ඔබ නිවැරදිව පැවසූ ලෙසම මස් නිෂ්පාදන (කුකුළු මස් සහ ඌරු මස්), චීනයේ මස් සඳහා විශාල ඉල්ලුමක් පවතින අතර, ඔබ කී ලෙසම තායිලන්තය වැනි රටවල් වාර්ෂිකව ඩොලර් මිලියන 500ක පමණ කුකුළු මස් චීනයට අපනයනය කරනවා. ලංකාවටත් කුකුළු මස් සහ ඌරු මස් නිෂ්පාදනය වැඩි දියුණු කර, චීන වෙළෙඳපොළට අපනයනය කිරීමට ඇති හැකියාව ඉතා ඉහළයි. නමුත් ඒ සඳහා, අපගේ නිෂ්පාදන ජාත්‍යන්තර සෞඛ්‍ය සහ ආරක්ෂණ ප්‍රමිතීන්ට අනුකූල විය යුතු අතර, චීනයේ දැඩි නීති රීතිවලට යටත් විය යුතුයි. නවීන ගොවිපළවල් සහ පශු වෛද්‍ය සේවා දියුණු කිරීම මේ සඳහා අත්‍යවශ්‍යයි.
මීට අමතරව මම ජනාධිපති අනුරට විස්තර සහිතව ලියලා තියෙනවා ලංකාවට පොල් ආශ්රිත නිෂ්පාදන සඳහා චීනයේ විශාල වෙළෙඳපොළක් නිර්මාණය කළ හැකියි. පොල් වතුර (King Coconut water), පොල් කිරි, පොල් තෙල්, සහ වියළි පොල් (Desiccated Coconut) වැනි නිෂ්පාදන සඳහා චීන ජනතාව අතර වැඩි ඉල්ලුමක් පවතිනවා. තරගකාරී වෙළෙඳපොළක් තුළ සාර්ථක වීමට නම්, අපගේ නිෂ්පාදනවලට වටිනාකම් එකතු කර (Value Added), ආකර්ශනීය ඇසුරුම් යටතේ ඉදිරිපත් කළ යුතුයි. පොල් කිරි, පොල් තෙල්, සහ වියළි පොල් (Desiccated Coconut) වැනි නිෂ්පාදන සඳහා චීන ජනතාව අතර විශාල ඉල්ලුමක් තවත් වර්ධනය වේවි. තරගකාරී වෙළෙඳපොළක් තුළ සාර්ථක වීමට නම්, අපගේ නිෂ්පාදනවලට වටිනාකම් එකතු කර (Value Added), ආකර්ශනීය ඇසුරුම් යටතේ ඉදිරිපත් කළ යුතුයි.
කුළුබඩු සහ සමුද්‍ර නිෂ්පාදන වලටත් ලෝකයේ හොඳම තත්වයේ කුරුඳු, ගම්මිරිස්, සහ කරාබුනැටි ලංකාවේ නිෂ්පාදනය කරන නිසා මේවා සඳහා චීනයේ ආහාර කර්මාන්තය තුළ විශාල ඉල්ලුමක් තිබෙනවා.
මේ වගේම සාගර ආශ්රිත නිෂ්පාදන කර්මාන්ත සංවර්ධනය කරලා, මුහුදු කූඩැල්ලන්, පොකිරිස්සන්, සහ විසිතුරු මසුන් වැනි සමුද්‍ර නිෂ්පාදන සඳහාත් චීන වෙළෙඳපොළ විවෘතයි.
භාණ්ඩ විතරක් නෙවෙයි ලංකාවට
චීනයට සහ වියට්නාමයට සේවා අපනයනය කරන්නත් පුළුවන්
අප භාණ්ඩ අපනයනයට අමතරව, සේවා අපනයනය කෙරෙහි ද අවධානය යොමු කළ යුතුයි. ලංකාව දැනටමත් ඇමරිකාව, යුරෝපය, සහ ඕස්ට්‍රේලියාව වැනි රටවල් සඳහා මෘදුකාංග සංවර්ධනය, සැලසුම්කරණය, ඉදිකිරීම්ඇස්තමේන්තුකරණය, සහ වාස්තුවිද්‍යාත්මක සේවා සපයනවා. මේ සේවා චීනයට සහ වියට්නාමයට සැපයීමට ඇති හැකියාව ඉතා ඉහළයි.
මෘදුකාංග සහ තොරතුරු තාක්ෂණ සේවාවලට චීනයේ වේගයෙන් දියුණු වන තාක්ෂණික ක්ෂේත්රය තුළ කුඩා සහ මධ්‍යම ප්‍රමාණයේ සමාගම්වලට (SMEs) විවිධ මෘදුකාංග විසඳුම් අවශ්‍ය වෙනවා. ලංකාවේ තොරතුරු තාක්ෂණ විශේෂඥයින්ට චීන භාෂාව ඉගෙන ගැනීමෙන් සහ ඔවුන්ගේ වෙළෙඳපොළ අවශ්‍යතා අවබෝධ කර ගැනීමෙන් මෙම අවස්ථාවන් උදා කර ගත හැකියි.
ඉදිකිරීම් සහ වාස්තුවිද්‍යාත්මක සේවා වලටත් චීනය සහ වියට්නාමය වැනි රටවල වේගවත් නාගරීකරණය සමඟ ඉදිකිරීම් ක්ෂේත්රය දියුණු වෙමින් පවතිනවා. අපගේ වාස්තුවිද්‍යාඥයින්, ප්‍රමාණ සමීක්ෂණ විශේෂඥයින් සහ ඉංජිනේරුවන්, නගර සැලසුම්කරුවන්ට මෙම රටවල ව්‍යාපෘති සඳහා සැලසුම්, ඇස්තමේන්තු සහ ව්‍යාපෘති කළමනාකරණ සේවා සැපයිය හැකියි.
මෙම අභියෝග ජය ගැනීමට නම්, අපට චීන භාෂාව ඉගෙන ගැනීම, චීන ව්‍යාපාරික සංස්කෘතිය අවබෝධ කර ගැනීම, සහ චීනය සමඟ නිදහස් වෙළඳ ගිවිසුමක් ඇති කර ගැනීම අත්‍යවශ්‍යයි. මෙම ක්රමෝපායන් අනුගමනය කිරීමෙන්, ලංකාවට චීනය සමඟ පවතින වෙළඳ පරතරය අඩු කර ගනිමින්, ස්ථාවර ආර්ථිකයක් ගොඩනැගීමට පුළුවන් බවයි මගේ අදහස.
වෙනසක් එක්ක චින්තනයත් වෙනස් වෙලා
ReplyDeleteනවතම රටාවක කටයුතු අරඹාලා
ඒවා දිගට ගෙනයන්නට කැපවීලා
රට ගොඩ දමමු! අපි සේරම එකතු වෙලා
කන්ටේනර් සියගණනක් හොරෙන් පන්නලා
Deleteවැඩ ඇරඹුවේ පැලවත්තේ හොර කයිතන්ලා
රිලව් ගන්නා පමණයි මේ වහෙලා
චන්දෙ දුන්නු මෝඩයෝ දැන් ඇත රෙවිලා
JVP කාරයෝ තමයි රටට පිළිකාව
Deleteපච අනුර කුමාර කියන පච ටික අපනයනය කරා නං ලෝකේ එක වෙන්න තිබ්බා නේද ඉකොනො අපට
ReplyDelete@ Economatta
ReplyDeleteලංකාවේ අපනයන අංශය යනු රටේ ආර්ථිකය ශක්තිමත් කරන ප්‍රධානතම කුළුණක්. නමුත් වත්මන් ආණ්ඩුවේ අසාර්ථක ප්‍රතිපත්ති හේතුවෙන් මෙම අංශයට දැඩි පීඩනයක් එල්ල වී ඇති බව ඉතාමත්ම පැහැදිලියි. ඔබ සඳහන් කළ පරිදි, අධික නිෂ්පාදන පිරිවැය සහ රජය විසින් පනවා ඇති අධික බදු බර නිසා ලංකාවේ අපනයනකරුවන්ට ජාත්‍යන්තර වෙළෙඳපොළේ තරග කිරීමට නොහැකි තත්ත්වයක් උදා වී තිබෙනවා.
රජය විසින් අධික බදු බර පැනවීම සහ එහි බලපෑම නිසා වත්මන් ආණ්ඩුව අය කරන අධික බදු ගෙවීමට සිදුවන නිසා නිෂ්පාදන පිරිවැය විශාල ලෙස ඉහළ යනවා. මෙයින් කෙලින්ම බලපාන්නේ අපනයන නිෂ්පාදනවල මිල ඉහළ යාමයි. උදාහරණයක් ලෙස, ඇඟලුම් කර්මාන්තයට අවශ්‍ය අමුද්‍රව්‍ය ආනයනය කිරීමේ සිට නිෂ්පාදන ක්‍රියාවලිය දක්වා විවිධ බදු ගෙවීමට සිදුවීමෙන්, අවසාන නිෂ්පාදනයේ මිල ඉහළ යනවා.
ලෝකයේ වෙනත් රටවල් සමඟ තරඟ කිරීමේදී, අඩු පිරිවැයකින් නිෂ්පාදන ලබා දෙන රටවල් සමඟ අපට තරඟ කළ නොහැකියි.
රජය අපනයන අංශය ආරක්ෂා කිරීමට සහ දිරිගැන්වීමට කටයුතු කරනවා වෙනුවට, කෙටි කාලීන ආදායම් මාර්ගයක් ලෙස අධික ලෙස බදු පැනවීමෙන් අපනයනකරුවන්ට විශාල බාධාවක් ඇති කරනවා.
නිෂ්පාදන පිරිවැය ඉහළ යාමත් තවත් කරුණක්
බදුවලට අමතරව, බලශක්ති පිරිවැය, ප්‍රවාහන වියදම් සහ ශ්‍රම පිරිවැය ඉහළ යාමත් අපනයන අංශයට සෘජුව බලපානවා.
රජයේ අකාර්යක්ෂම කළමනාකරණය හේතුවෙන් මෙම පිරිවැය පාලනය කර ගැනීමට නොහැකි වී තිබෙනවා.
මේ තත්ත්වය මත, බොහෝ කුඩා හා මධ්‍යම ප්‍රමාණයේ ව්‍යාපාරිකයන්ට (SMEs) තම ව්‍යාපාර පවත්වාගෙන යාම පවා අපහසු වී තිබෙනවා. ඔවුන්ට ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව නිෂ්පාදන සෑදීමට අවශ්‍ය ආයෝජන කිරීමට නොහැකි තත්ත්වයකට පත්වී සිටිනවා.
ආණ්ඩුවේ ප්රතිපත්තිවල දිගු කාලීන බලපෑම ගත්තත් වත්මන් ආණ්ඩුවේ මෙම ප්රතිපත්තිවලින් රටේ අපනයන ආදායම කෙටි කාලීනව සහ දිගු කාලීනව දෙකම අහිමි විය හැකියි.
මේ ආකාරයට බදු පැනවීමෙන් සහ නිෂ්පාදන පිරිවැය ඉහළ දැමීමෙන්, විදේශීය ගැනුම්කරුවන් ශ්‍රී ලංකාවෙන් ඈත් වී, අඩු පිරිවැයකට භාණ්ඩ නිෂ්පාදනය කරන වෙනත් රටවල් වෙත යොමු වීමට ඉඩ තිබෙනවා.
මෙය අවසානයේදී අපනයන කර්මාන්තය දුර්වල වීමට, රැකියා අහිමි වීමට, සහ රටේ විදේශ විනිමය ආදායම පහළ යාමට හේතු වෙනවා.
රජය අපනයන අංශය දිරිගැන්වීම සඳහා නවීන තාක්ෂණය, පර්යේෂණ සහ සංවර්ධනය (R&D) සඳහා ආයෝජනය කිරීමට සහ සහන ලබා දීමට කටයුතු කළ යුතුයි. නමුත් අවාසනාවකට මෙන්, වත්මන් ආණ්ඩුව සිදු කරන්නේ අපනයනකරුවන්ට බදු බරක් පටවා ඔවුන්ගේ හැකියාවන් සීමා කිරීමයි. මෙය රටේ අපනයන අංශය අඩපණ කරමින්, ආර්ථිකය තව තවත් අස්ථාවර කරන තීරණාත්මක වැරැද්දක් ලෙස සැලකිය හැකියි.
එදා වරායක් අලුතින් හදලා වරායට නැවක් එන එක නිවුස් එකක්ද කියලා අහපු, ගුවන්තොටු පලක් අලුතෙන් හදලා ඒකට ගුවන් යානයක් එන එක නිවුස් එකක්ද කියලා අහපු මරිමෝඩ වෘෂභයින්ට,
අවුරුදු දෙසිය පනහකට ඉස්සර හදලා තියෙන පාරක, අවුරුදු හැත්තෑවක් විතර තිබ්බ රූට් එකකට
රට ඇතුලෙ තිබුණ පරණ බස් එකක් නැවත දාන එකත්
මල් මාල දාලා උඩපනින තරමට මහා නිව්ස් එකක් වුණා අන්තිමට...
අධිවේගී මාර්ග... නැගෙනහිර පළාතේ දැවැන්ත පාලම්.... දහ අට වංගුව මාර්ගයේ දැවැන්ත නවීකරණය නව තාක්ෂණය එක්ක නව ප්‍රතිසංස්කරණ..
ඒවා වෙච්ච රටක්...
මේක හරි ලස්සන "පුංචි ලෝකයක්" ..
කූඹියාට සුළු දියත් මහා ගංගාවක් කියනවනේ..!