වෙබ් ලිපිනය:

Monday, May 27, 2019

නිවාඩු පුරාණය (නිදහසට පෙර කතාව)

ක්‍රිස්තියානි ආගමික උත්සව හා අදාළ දවස්, බ්‍රිතාන්‍ය රජ පවුල හා සම්බන්ධ සුවිශේෂී දවස් හා ජනවාරියේ යෙදෙන අලුත් අවුරුදු දිනය පමණක් මුල් කාලයේදී ලංකාවේ බ්‍රිතාන්‍ය ආණ්ඩුව විසින් පොදු නිවාඩු සේ සැලකූ බවත්, 1886 අංක 4 දරන නිවාඩු දින පණතින් ඉහත ලැයිස්තුවට තවත් නිවාඩු දින තුනක් එකතු වූ බවත් පෙර ලිපියේ සඳහන් කළානේ. මේ විදිහට අලුතින් එකතු කළේ තවත් අලුත් අවුරුදු දවස් තුනක්.

යුරෝපීයයන් ලංකාවට එන තුරු ජනවාරි පළමුවෙනිදා දවස ලංකාවට සුවිශේෂී දවසක් වුනේ නැහැ. ඒ වන විට ලංකාවේ භාවිතා වූ බෞද්ධ චන්ද්‍ර දින දර්ශනයේ වර්ෂය පටන් ගත්තේ වෙසක් පුර පසළොස්වක පෝය දවසිනුයි. මේෂ සංක්‍රාන්තිය සිදු වූ දවසින් ශක වර්ෂය මාරු වුණා. ඉස්ලාම් දහම ඇදහූ අය භාවිතා කළ දින දර්ශනයේ වර්ෂය මාරු වුණේ හජ්ජි උත්සවය පැවැත්වුණු මාසයෙන් පසුවයි. මේ අනුව, වෙසක්, මේෂ සංක්‍රාන්ති හා හජ්ජි උත්සව දින පොදු නිවාඩු ලැයිස්තුවට එකතු කිරීමෙන් ඉංග්‍රීසින් විසින් කළේ ක්‍රිස්තියානි නොවන බෞද්ධ, හින්දු හා ඉස්ලාම් භක්තිකයින් වෙනුවෙන් අලුත් අවුරුදු නිවාඩු දිනය බැගින් ලබා දීමයි.

නිවාඩු දින පණත අනුව, මේෂ සංක්‍රාන්ති දිනය නීත්‍යානුකූලව සැලකුණේ හින්දු අලුත් අවුරුදු දිනය ලෙසයි. මා දන්නා තරමින් ලංකාවට නිදහස ලැබෙන තුරුම නිල වශයෙන් එම නිවාඩුව නම් කර තිබුණේ හින්දු අලුත් අවුරුදු දිනය ලෙසයි. එයට සිංහල කෑල්ලක් එකතු වී සිංහල හා හින්දු අලුත් අවුරුද්ද වෙන්නේ නිදහසින් පසුවයි.

මේ වෙද්දී, ලංකාවේ ඉංග්‍රීසි ආණ්ඩුවේ ආගමික අංශය ක්‍රමයෙන් දිය කෙරෙමින් තිබුණත් පළමුව ඇන්ග්ලිකන් ක්‍රිස්තියානියටත්, දෙවනුව කතෝලික ඇතුළු අනෙකුත් ක්‍රිස්තියානි ආගම් වලටත් ලැබුණු විශේෂ සැලකිළි වල අඩුවක් වුණේ නැහැ. පොදු නිවාඩු ලබා දීමේදී වුවත්, ඉතිරි ආගම් වලට ලැබුණේ අඩු සැලකිල්ලක්. අනෙක් ආගම් අතරින් වුවත් බෞද්ධයින්ට කිසිදු විශේෂ සැලකිල්ලක් ලැබුණේ නැහැ. ඇතැම් විට ලැබුණේ වඩා අඩු සැලකිල්ලක්. බෞද්ධයින්ට එක් නිවාඩුවක් ලැබෙන විට හින්දු හා ඉස්ලාම් භක්තිකයින්ටත් එක් නිවාඩුව බැගින් ලැබුණා. ඊට අමතරව, හින්දු තෛපොංගල් දිනය බැංකු නිවාඩුවක් වුණා. ක්‍රිස්තියානි නිවාඩු ගණන අඩු වශයෙන් දහයක් වුණා. 1912 වන විටත් තිබුණේ මේ නිවාඩු ටිකයි.


මේ අතරේ 1911 දෙසැම්බර් 13 වෙනිදා ව්‍යවස්ථාදායක සභාවට ලාංකික නියෝජිතයෙකු පත් කර ගැනීම සඳහා පළමු වරට මැතිවරණයක් පැවැත්වුණා. මේ තනතුර සඳහා තරඟ කළ පොන්නම්බලම් රාමනාදන්, ඔහුගේ ප්‍රතිවාදියා වූ මාකස් ප්‍රනාන්දුව පරදවා ජයගෙන ලාංකික නියෝජිතයා විදිහට කවුන්සලේට ගියා. මේ ඡන්දයේදී ගොවිගම කුලයේ සිංහලයින්ගේ තේරීම වී තිබෙන්නේ කරාව කුලයේ මාකස් ප්‍රනාන්දු වෙනුවට වෙල්ලාල කුලයේ පොන්නම්බලම් රාමනාදන් බව ප්‍රචලිත කරුණක්.


1914 වෙද්දී කලින් බැංකු නිවාඩුවක් පමණක් වූ තයිපොංගල් නිවාඩුවද  පොදු නිවාඩුවක්  වුණා. මේ අනුව, නිල වශයෙන් හින්දු නිවාඩු දින ගණන දෙකක් වුණා. තවත් වසර කිහිපයක් යද්දී, පොදු නිවාඩු ලැයිස්තුවෙන් අළු බදාදා හා උත්ථාන දින නිවාඩු ඉවත් වුණා. 1924 වෙද්දී ක්‍රිස්තියානි නිවාඩු තිබුණේ පාස්කු හා නත්තල් ආශ්‍රිතව පමණයි. එහෙත් මේ නිවාඩු දීර්ඝ නිවාඩු. නත්තලට පෙර දින සිට ජනවාරියේ අලුත් අවුරුද්දට පසුදින දක්වා නිවාඩුව දින දහයක නිවාඩුවක් වූ අතර පාස්කු නිවාඩුව දින පහක නිවාඩුවක් වුණා. බෞද්ධ හා ඉස්ලාම් නිවාඩු තිබුණේ එක බැගිනුයි. නිල වශයෙන් හින්දු නිවාඩුවක් වූ අප්‍රේල් අවුරුදු නිවාඩුවට අමතරව, තයිපොංගල් දිනයද පොදු නිවාඩුවක් වෙද්දී, බැංකු නිවාඩු ලැයිස්තුවට වේල් උත්සව නිවාඩුව එකතු වුණා. මේ අනුව, පොදු නිවාඩු ලබා දීමේදී බෞද්ධයින්ට වඩා සැලකිල්ලක් හින්දුන්ට ලැබුණු බව පැහැදිලියි. එවකට රාජ්‍ය සේවයේ සංයුතිය එයට හේතු වුනා වෙන්නත් පුළුවන්.


බෞද්ධයින්ට වෙසක් නිවාඩුවට අමතරව දෙවන නිවාඩුවක් ලෙස පොසොන් පෝය දිනද නිවාඩු ලැබෙන්නේ 1928 සිටයි. බෞද්ධයින්ට මේ දෙවන නිවාඩුව හිමි වෙද්දී හින්දුන්ටද තවත් පොදු නිවාඩුවක් ලැබෙනවා. ඒ ආඩි අමාවාසයි (ஆடி அமாவாசை) නිවාඩුවයි.


ඉන් පසුව, ඉස්ලාම් භක්තිකයින්ටද මිලාද්-උන්-නබි හා  රාමසාන් උත්සව වෙනුවෙන් තවත් පොදු නිවාඩු දින දෙකක් හිමි වෙනවා. වෙසක් නිවාඩුවද දින දෙකක නිවාඩුවක් බවට පත් වෙනවා. මේ අනුව, බෞද්ධ, ඉස්ලාම් හා හින්දු (අප්‍රේල් අවුරුදු නිවාඩුව හින්දු නිවාඩුවක් සේ සලකා) උත්සව වෙනුවෙන් දින තුන බැගින් පොදු නිවාඩු හිමි වෙද්දී, ක්‍රිස්තියානි ආගමික උත්සව වෙනුවෙන් දින 15ක පමණ දීර්ඝ නිවාඩු හිමි වෙනවා. ඊට අමතරව තවත් හින්දු ආගමික උත්සව දෙකක් වෙනුවෙන් බැංකු නිවාඩු දින තුනක්ද හිමි වෙනවා. ලංකාවට නිදහස ලැබෙන විට පොදු නිවාඩු වල තත්ත්වය ඔය විදිහයි.


8 comments:

  1. පට්ට බෝරිං ලිපියක් වගේම බෝරිං බ්ලොග් එකක්. නිදිමතේ බෑ කියවද්දී. නින්ද යන්නේ නැති දවස් වලට බලන්න හොදයි.

    ReplyDelete
    Replies
    1. හොඳ වෙලාවට ඇනෝට නින්ද නොයන දවසකම මේ ලිපිය දාන්න පුළුවන් වුනේ. එහෙනං ඊළඟට එන නින්ද නොයන දවසෙත් මේ පැත්තේ එන්න. අඩුගානේ නින්ද නොයෑමේ ප්‍රශ්නයවත් විසඳෙයිනේ!

      Delete
    2. තාම කියන්න බෑ නින්ද යන්නේ නැති දවසක්ද කියලා. ඒක බලන්න ඇඳට යන්න එපැයි. තාම මෙහෙ වෙලාව හවස හත හමාරයි. කොහොම උනත් ඉදිරියටත් දිගටම ලියන්න. නිදිමත එන්න කියවන්න මට කම්මැලි දවස් වලට.

      Delete
    3. නින්ද නේන රාත්‍රියේ
      මේ පාලු කාන්සියේ...
      එකොනෝ ලියන්නකෝ බ්ලොග් වැල්...
      නින්ද එයි ප්‍රියේ... හෝ ...

      Delete
  2. 'හුහ්, පුත්තාකම ලේෂි කෙළියක් නෙවේ' කිව්වලු, වෙසක් තොරණක් දැකපු හාජ්ජියාර් කෙනෙක්.

    ReplyDelete
  3. මගේ බොස් ගේ ලොකුම ප්‍රශ්නය ඕක , අදත් නිවාඩුද කොහේද ආජිත්, හරියටම කියක් තියෙනවද (ලංකාවේ ඔෆිස් එක වහන දවස් වලට අහන ප්‍රශ්නේ)

    ReplyDelete
    Replies
    1. ආජිත්,

      ඇමරිකාවේ ට්‍රම්ප් ලොක්කාගේ තීරණ දුටුවිට මෙන්ම ලංකාවේ මේ වෙද්දී ඇතිවී තිබෙනා දේශපාලන හුටපට දකලා ආජිත්ලාට පස්ස පැත්තේ ඉත්තෑවෝ දඟලන්න පටන් අරං තිබෙන බව අපට පෙනී යයි.

      හැබැයි ආජිත් අන්තර්ජංජාලයට පිංසිද්ද වන්නට අපට වඩා කරදර ඈජිත්ලාගේ පොමි රටට ඇති බවත්, ඒ කරදර වලට පට්ට ලිබරල් ඉන්ගිරිස්කාර ආජිත්ලාගේ ස්වාමිවවරුන්ලාට උත්තර නැති බවත් දැනගත්තාම අපට විලිලැජ්ජාවෙ බැරිය.

      ඇඩ්ගලන්තේ තානාපති මෑන්ස් ලන්කාවේ පාලිමේන්තුවේදී පොර ටෝක් දුන්නාට ඒ රටේ පාලිමේන්තුවේද තෙරීසා මේ අගමැතිනියට බහුතරය අහිමි වෙමින් පවතී. ඊට එක් පිලියමක් ලෙස මංත්‍රී වරුන් හට පගාවක් ලෙස නම්බුනාම පිලිගැණ්වීමට තෙරීසා මේ උත්සාහ කරල ඒකත් බැරි වෙලා දැන් ඔන්න අගමැතිකම අතහැර පල්ලම් බැහීමට යනබව සැලයි.

      https://www.dailymail.co.uk/news/article-6427659/Rebel-MPs-offered-peerages-Theresa-builds-votes-Brexit-deal.html?fbclid=IwAR1vs9lO-wUl7KEoUBd3KNP7RVKW39_KuAwXtN1o-JweDpiPFwETHmqGEmE

      පහුගිය වින්ටර් එකේ දැඩි සීතලකින් වසාගත් ඇඩ්ගලන්තේ නිවාස අහිමි ජනතාව බල්ලන් බළලුන් මෙන් පිලිකණු වල මැරී සිටීම සුලභ දසුනකි. ඇමරිකාවේ තබා ලන්කාවේවත් හිඟන්නෙක් වත් එසේ සීතලයට අසු වී දුක් විඳ මැරෙන්නේ නැති බව ඔබට මතක් කර දෙමු.

      https://www.standard.co.uk/news/london/revealed-the-london-boroughs-with-the-highest-rates-of-homelessness-in-england-a3997391.html

      තවමත් ලන්ඩනය ලෝකේ ප්‍රධානත පිහි-ඇනුම් මධ්‍යස්ථානය (World's center of knife attacks) බවට පත් වී තිබේ. එහි දිනකට අඩුම වශයෙන් කීප දෙනෙකු පිහි ඇණුම් කා මිය යයි. ලන්ඩනයේ පොලිසිය ද අපරාදකරුවන් ගෙන් අම්බානක නැවු ගුටි කන බවද එඩ්ගලන්ත තානාපති ආජිත් නොදන්නවා විය හැකිය.

      https://www.newyorker.com/news/letter-from-the-uk/can-londons-knife-crime-crisis-be-stopped

      https://www.bbc.com/news/uk-42749089

      https://www.express.co.uk/news/uk/1132158/london-news-stabbing-UK-knife-crime-enfield-attack-north-london-man-dead

      ඇන්ගලන්තේ අන්තවාදී මුස්ලිම් ලමා අපරාදකරුවන් එක් වී මුලු ඇඩ්ගලන්තයම වසාගත් ගෲමින්ග් ගෑන්ග්ස් නම් ලමා අපචාරී ව්‍යසනය බොහෝ මවුපියන් ගේ භීතියට හේතු වී ඇත. එහෙත් ඉංගලන්ත ආන්ඩුවට එය ට විසඳුමක් නැත.

      https://www.independent.co.uk/news/uk/crime/grooming-gangs-uk-britain-newcastle-serious-case-review-operation-sanctuary-shelter-muslim-asian-a8225106.html

      ඉතින් තානාපති ආජිත්, දැනට මේ ඇති.

      ඇමරිකාවේ අයනම් හොඳින් සිටින නමුත් ඔහෙලාගේ ඉංගලන්තේ නම් අවුල් ජාලාවක් බව පෙනේ.

      එසේ තිබියදීත් ඔහෙලා ඇමරිකාවේ ට්‍රම්ප් ලොක්කාට මඩ ගැසීමත්, සී.අයි. ඒ. කුමන්ත්‍රන කතන්දර පැතිරවීමත් ලන්කාවේ දේසපාලනේට අත දාන්නට යන්නේත් රෙද්දක් ඇඳගෙන නොවන බව අපට වැටහී යයි.

      මම හරි නේද ආජිත්?

      Delete

    2. ආජිත්ලාට පස්ස පැත්තේ ඉත්තෑවෝ දඟලන්න පටන් අරං තිබෙන බව අපට පෙනී යයි - ආජිත්ලාට කියන්නේ කා ගැනද අමාරුවක් නැත


      හැබැයි ආජිත් අන්තර්ජංජාලයට පිංසිද්ද වන්නට අපට වඩා කරදර ඈජිත්ලාගේ පොමි රටට ඇති බවත්, ඒ කරදර වලට පට්ට ලිබරල් ඉන්ගිරිස්කාර ආජිත්ලාගේ ස්වාමිවවරුන්ලාට උත්තර නැති බවත් දැනගත්තාම අපට විලිලැජ්ජාවෙ බැරිය. - මට ඒ ගැන කිසි අවුලක් නැත . තමන් කරපුවට පල නෙලා උන් ගැන මට විලි ලැජ්ජාවක් නැත




      පහුගිය වින්ටර් එකේ දැඩි සීතලකින් වසාගත් ඇඩ්ගලන්තේ නිවාස අහිමි ජනතාව බල්ලන් බළලුන් මෙන් පිලිකණු වල මැරී සිටීම සුලභ දසුනකි. ඇමරිකාවේ තබා ලන්කාවේවත් හිඟන්නෙක් වත් එසේ සීතලයට අසු වී දුක් විඳ මැරෙන්නේ නැති බව ඔබට මතක් කර දෙමු. - එංගලන්තයේ මැරුණු කතාවක් මම දැක්කේ නැත. ඔබේ යොමුවේද එහෙම දෙයක් කියා නැත. නමුත් නිවාස නැති එවුන් සිටී . ලංකාවේද සිටී. ඒක ධනවාදී ක්‍රමයේ ප්‍රශ්නයකි. ලංකාවේ හිඟන්නන් එසේ මැරුණේ නැති වුනාට ගල්ගෙඩි වලින් ගසා මැරූ කාලයක් තිබුණි.

      එසේම බ්‍රිතාන්‍යයේ රැකියා විරහිත භාවය අඩුවී ඇති අතර ආර්ථිකය පසු බැස නැත.

      https://www.theguardian.com/business/2019/mar/19/uk-unemployment-falls-brexit-jobless-rate

      //තවමත් ලන්ඩනය ලෝකේ ප්‍රධානත පිහි-ඇනුම් මධ්‍යස්ථානය (World's center of knife attacks) බවට පත් වී තිබේ. එහි දිනකට අඩුම වශයෙන් කීප දෙනෙකු පිහි ඇණුම් කා මිය යයි. ලන්ඩනයේ පොලිසිය ද අපරාදකරුවන් ගෙන් අම්බානක නැවු ගුටි කන බවද එඩ්ගලන්ත තානාපති ආජිත් නොදන්නවා විය හැකිය.// ඕක වී ඇත්තේ ලිබරල් කාරයන් හා වමේ අය විසින් පොලිසිය කළු ජාතිකයන් අනවශ්‍ය ලෙස නවත්වනවාට විරුද්ධව එය නතර කිරීමයි. එයින් උනේ පිහි ඇණුම් වැඩිවීමය. කොටින්ම පොලිසිය ඕනෑකමින් ව වගේ වැඩේ අදියි. වැඩිපුර මැරෙන්නේ කළු ජාතිකයන් නිසා විය හැක.

      //ඇන්ගලන්තේ අන්තවාදී මුස්ලිම් ලමා අපරාදකරුවන් එක් වී මුලු ඇඩ්ගලන්තයම වසාගත් ගෲමින්ග් ගෑන්ග්ස් නම් ලමා අපචාරී ව්‍යසනය බොහෝ මවුපියන් ගේ භීතියට හේතු වී ඇත. එහෙත් ඉංගලන්ත ආන්ඩුවට එය ට විසඳුමක් නැත.// මුසලීම් නබි තුමා වුරුදු 12 ළමයෙකු බැන්ද නිසා ඒකෙ වරදක් නැති බව මුග්ධ මුස්ලිම් කොල්ලන් සිතීම මෙයට හේතුව යයි සිතමි. උන්ව අල්ලා හිරගෙවල් වලට දැමීම කරගෙන යන නිසා අවුලක් නැත .
      //ඇමරිකාවේ අයනම් හොඳින් සිටින නමුත් ඔහෙලාගේ ඉංගලන්තේ නම් අවුල් ජාලාවක් බව පෙනේ.// ඇමෙරිකාවද අවුල් ජාලාවකි. ඇමෙරිකාවේ පොලිසිය කල්ලන් අත ඉස්සුවත් වෙඩි තබා මරති.

      https://edition.cnn.com/2019/05/14/us/texas-officer-shoots-woman/index.html


      //එසේ තිබියදීත් ඔහෙලා ඇමරිකාවේ ට්‍රම්ප් ලොක්කාට මඩ ගැසීමත්, සී.අයි. ඒ. කුමන්ත්‍රන කතන්දර පැතිරවීමත් ලන්කාවේ දේසපාලනේට අත දාන්නට යන්නේත් රෙද්දක් ඇඳගෙන නොවන බව අපට වැටහී යයි. // සවුදියට සපෝර්ට් කරන එංගලන්ත දේශපාලකයන්ට මෙන්ම ඇමෙරිකානු දේශපාලකයන්ටද මම විරුද්ධය. සවුදි වහබ්වාදයට මම විරුද්ධය. සී.අයි. ඒ. හා එම් අයි පහ මෙන්ම රුසියානු ඔත්තු සේවයත් ඉන්දියාවේ රෝ එකේ ක්‍රියාකාරිත්වයක් තව හදාරන්න. මහින්ද ආර් පැරදුනේ රෝ නිසා බව නොදන්නේද?


      මම හරි නේද ආජිත්? නැහැ වැරදිය.

      Delete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: