වෙබ් ලිපිනය:

Wednesday, May 19, 2021

ආර්ථික වර්ධනය හා ඵලදායිතාවය


කාලයක් ලෝකයේ ලොකුම ආර්ථිකය වුනේ බ්‍රිතාන්‍යයයි. පසුව ඇමරිකාව එතැනට ආවා. එහෙත්, මේ කුසලානය ඇමරිකාවෙන් චීනය වෙත මාරු වෙමින් තිබෙන බව, ඇතැම් විට දැනටම මාරු වී තිබෙන බව, පැහැදිලි කරුණක්. ඇතැම් අය මෙය ධනවාදය හා සමාජවාදය සම්බන්ධ සංසන්දනාත්මක කරුණක් සේ දකිනවා. විශේෂයෙන්ම මා පෙන්වා දුන් ධනවාදයේ කාර්යක්ෂමතාවය පිළිබඳ අදහස සමඟ නොගැලපෙන නිරීක්ෂණයක් සේ දකිනවා. ධනවාදය හා සමාජවාදය මෙයට කිසිසේත්ම සම්බන්ධ නැති පැත්තක තිබෙන කරුණක් නොවූවත්, එම සංසන්දනය පැත්තකින් තියා මේ ගැන පහසුවෙන්ම පැහැදිලි කළ හැකියි.

සමාජවාදී පරමාදර්ශය ධනවාදී පරමාදර්ශයට වඩා සාධනීය නොවන්නේ ඇයි කියන එක මා මේ වන විට ප්‍රමාණවත් අයුරින් පැහැදිලි කර තිබෙනවා. අප ලියන දේ කියවන සීමිත පිරිස අතරින් සමාජවාදය පිළිබඳ යම් විශ්වාසයක් තබන, එහෙත් ආගමක් සේ මාක්ස්වාදය නොඅදහන කිහිප දෙනෙකු විසින් මෙතෙක් වරින් වර මතු කළ ප්‍රශ්න සියල්ලටම අප විසින් පැහැදිලි හා විස්තරාත්මක පිළිතුරු සපයා තිබෙනවා. එහෙත් එවැනි පැහැදිලි කිරීම් වලින් ආගමික අන්තවාදයක සිටින්නෙකුටනම් වැඩක් වෙන එකක් නැහැ.

උදාහරණයක් විදිහට මේ අදහස ගැන සිතන්න.

"පන්තිභේදයකින් තොර සමාජයක් බිහිකරන්න "ඔය කියන" කාර්යක්ශමතාවයෙ කිසිම අවශ්‍යතාවයක් නැහැ. පුද්ගලයාගේ කැමැත්ත අකමැත්ත අදාලත් නෑ."

ධනවාදය හා මාක්ස්වාදය සසඳන්නනම් අප එවැනි සැසඳීමක් කළ හැකි කිසියම් ආරම්භක ස්ථානයක් සොයා ගත යුතුයි. සමාජවාදීන් සේ තමන්ව හඳුන්වා ගන්නා බොහෝ දෙනෙක් භෞතික සංවර්ධනය හා මිනිස් නිදහස වෙනුවෙන් පෙනී සිටිනවා. සෝවියට් දේශය පස් අවුරුදු සැලසුම් හැදුවේ භෞතික සංවර්ධනය ඉලක්ක කර ගෙනයි. කොමියුනිස්ට් ප්‍රකාශනයේ සමාජවාදී රාජ්‍යයක අරමුණක් සේ සඳහන්ව තිබෙන්නේ කොමියුනිස්ට් ක්‍රමයකට යාමට පෙර ප්‍රජාතන්ත්‍රවාදය ගොඩ නැගීමයි. පෞද්ගලික දේපොළ අයිතිය බැහැර කළත්, සමස්තයක් ලෙස සමාජවාදය තුළ පුද්ගල කැමැත්තට ඉඩක් තිබෙනවා. සාමාන්‍යයෙන් ඓතිහාසික භෞතිකවාදය විශ්වාස කරන්නෙකු ධනවාදය සලකන්නේ සමාජවාදය තරම් දියුණු නැතත් ඊට පෙර එළැඹෙන දියුණු අදියරක් ලෙසයි. මේ අරමුණු වලින් බැහැර නොවූ සමාජවාදියෙකු සමඟ ධනවාදය ගැන කතා කළ හැකි ආරම්භක ස්ථානයක් තිබෙනවා. 

භෞතික සංවර්ධනය හා මිනිස් නිදහස පැත්තකට දමා කෙසේ හෝ "පංති රහිත" සමාජයක් හැදීමේ අරමුණක සිටින අයෙකු සමඟ සංවාදයක් ඇති කරගත හැකි ආරම්භක ස්ථානයක් හොයා ගන්න අමාරුයි තමයි. එවැන්නෙකුට අනුව වෙනත් විදිහකට හිතන හැම කෙනෙක්ම මුලා වී සිටින අයයි. ඔවුන්ට තේරෙන දෙය ලෝකයේ අනෙක් කාටවත් තේරෙන්නේ නැහැ. ඒ නිසා අනෙක් අයගේ කැමැත්ත වැඩක් නැහැ. අනෙක් අයගේ කැමැත්තෙන් වැඩක් නැති නිසා අනෙක් අයට භෞතික සංවර්ධනය අවශ්‍ය වීම වැදගත් දෙයක් නෙමෙයි. අවශ්‍ය වන්නේ කෙක්කෙන් හෝ කොක්කෙන් හෝ පංති රහිත සමාජයක් හදන එකයි. එහි භෞතික සංවර්ධනය හෝ මිනිස් නිදහස නොමැති වීම ප්‍රශ්නයක් නෙමෙයි. 

භෞතික සංවර්ධනය හා පුද්ගල නිදහස වැදගත් සේ නොසලකන වෙනත් අය සිටිනවා. ඇතැම් ආගමික අදහස් වලින් උගන්වන්නේ භෞතික සම්පත් අතහැරීම ගැනයි. තවත් ආගමික අදහස් පුද්ගල කැමැත්ත දේව කැමැත්තකට යටපත් කිරීම වෙනුවෙන් පෙනී සිටිනවා. එවැනි අදහස් තිබීමේ කිසිදු වැරැද්දක් නැතුවා වගේම එම අදහස් ධනවාදය සමඟ ගැටෙන්නේද නැහැ. එහෙත් මෙවැනි අදහස් දරන අයෙකු එම අදහස් හා එකඟ නොවන අනෙකුත් අය මත තමන්ගේ අදහස් බලහත්කාරයෙන් පටවන්නට ගිය විට ගැටුමක් ඇති වීම වැළැක්විය නොහැකියි. 

මෙවැනි අය ලෝකය වෙනස් කළ යුතු නියම විදිහ ගැන අනෙක් කාටවත් නැති සුවිශේෂ අවබෝධයක් තමන්ට තිබෙනවායැයි සිතා සිටින ශාස්තෘන් පිරිසක් වනවාට අමතරව ලෝකය වෙනස් කිරීමේ සුවිශේෂී වගකීමක් තමන් මත පැවරී ඇති බවද සිතනවා. හැබැයි ඔවුන්ට මෙවැනි අදහස් දරමින් ජිවත් වෙන්න හැකි වී තිබෙන්නේත් අනෙක් මිනිසුන් මිනිස් නිදහස හා පුද්ගල කැමැත්ත අගය කරන නිසා. වෙනත් විදිහකින් කිවුවොත් මේ වගේ අය අවශ්‍ය නැති බව කියන්නේ වෙනත් අයගේ පුද්ගල කැමැත්තයි. ඔවුන්ට තමන්ගේ පුද්ගල කැමැත්ත ක්‍රියාත්මක කරන්න අවශ්‍යයි. 

ඔය වගේ ආගමික අන්තවාදී අදහස් ගැන වැඩිපුර කතා කරන එක පසුවට තියලා අපි නැවත චීනය වෙත එමු. චීනයේ හෝ වෙනත් රටක ආර්ථිකය වර්ධනය වන්නේ කොහොමද? 

ආර්ථිකයක ප්‍රමාණය නිර්ණය කරන සාධක තුනක් අපි මේ වන විටත් හඳුනාගෙන තිබෙනවා. ශ්‍රමය (L), ප්‍රාග්ධනය (K) සහ මේ නිෂ්පාදන සාධක දෙක නිෂ්පාදිතයක් (Y) බවට හරවන ඵලදායීතා සංගුණකය (A).

Y = F(K,L) = AKαLß 

මතක තියා ගන්න දැන් අප කතා කරන්නේ ආර්ථික වර්ධනය ගැන මිසක් එහි ඵලය බෙදිය යුතු ආකාරය ගැන නෙමෙයි. ඒ නිසා මෙය ධනවාදයට හෝ සමාජවාදයට සෘජුව අදාළ නැති තාක්ෂනික කරුණක්.

ආර්ථික වර්ධනය කියා කියන්නේ Y වැඩි කරන එක. එය කරන්නනම් A, K හෝ L වැඩි කළ යුතුයි. අපි මේ එකින් එක ගැන වැඩිපුර විමසා බලමු. L හෙවත් ශ්‍රම බලය තීරණය කරන පළමු සාධකය කිසියම් රටක ජනගහණයේ ප්‍රමාණයයි. ජනගහණය වැඩි වූ තරමට ශ්‍රම බලකායද වැඩි වෙනවා. එහෙත්, ජනගහණයේ වයස් කාණ්ඩ ව්‍යාප්තිය, රැකියා නියුක්තියේ ප්‍රමාණය, කාන්තාවන් කෙතරම් දුරට රැකියා වල නිරත වෙනවාද යන්න ආදී සංස්කෘතික හා සමාජයීය කරුණු ආදියද ශ්‍රම බලකාය කෙරෙහි බලපානවා. ඒ නිසා, ජනගහණය සමාන රටවල් දෙකක ශ්‍රම බලකායේ ප්‍රමාණයන් වෙනස් විය හැකියි. 

දෙවනුව වසරකට එක් ශ්‍රමිකයෙකු වැඩ කරන සාමාන්‍ය පැය ගණන. වැඩ කරන පැය ගණන වැඩි වෙද්දී ශ්‍රම බලය වැඩි වන බව තේරුම් ගැනීමට අපහසු නැති කරුණක්. සම්මත නිවාඩු දින ගණන, අර්ධකාලීන රැකියා කරන ප්‍රමාණය ආදී කරුණු මත මෙම පැය ගණන වෙනස් විය හැකියි.

තෙවනුව, වඩාත්ම වැදගත් කරුණ. ශ්‍රමිකයෙකුගේ පැයක ශ්‍රමයේ ගුණාත්මක භාවය. මානව ප්‍රාග්ධනය කියා කියන්නේත් මෙයටයි. අධ්‍යාපනය, වෘත්තීය පුහුණුව, පළපුරුද්ද, මනා සෞඛ්‍යය, වෘත්තීය ආචාර ධර්ම භාවිතය ආදී බොහෝ කරුණු මත ශ්‍රමිකයෙකුගේ පැයක ශ්‍රමයේ ගුණාත්මක භාවය වෙනස් වෙනවා. ශ්‍රම බලය කියා කියන්නේ මේ සාධක තුනේම ගුණිතයයි.

ශ්‍රම බලය (L) වැඩි වන විට නිෂ්පාදිතය (Y) වැඩිවන බව අප දන්නවා. එහෙත්, L වැඩිවන අනුපාතයටම Y වැඩි වෙන්නේ නැහැ. L වැඩි කර ගෙන යද්දී Y වැඩි වන නමුත් එසේ වැඩි වන වේගය එන්න එන්නම අඩු වෙනවා. හරියට මේ වගේ. 


ඉහත වගුවේ පෙන්වා ඇති පරිදි ශ්‍රම බලය (L) දහ ගුණයකින් වැඩි වෙද්දී Y වැඩි වී තිබෙන්නේ හතර ගුණයකින්. මොන විදිහකින් හරි ආර්ථිකය හතර ගුණයකින් ප්‍රසාරණය වෙලා තිබෙනවා. නමුත්, එයින් අදහස් වෙන්නේ රටේ මිනිස්සුන්ගේ ජිවන තත්ත්වය හතර ගුණයකින් ඉහළ ගියා කියන එක නෙමෙයි. එය තීරණය වන්නේ L වැඩි වුනේ කොහොමද කියන එක අනුවයි. 

ශ්‍රම බලය (L) වැඩි වුනේ රටේ ජනගහණය වැඩි වීම හා එයට සමානුපාතිකව ශ්‍රම බලකාය ඉහළ ගිය නිසා කියා අපි හිතමු. දැන් රටේ ජනගහණය 10 ගුණයකින් වැඩි වී තිබුණත් ආර්ථිකය වර්ධනය වී තිබෙන්නේ 4 ගුණයකින් පමණයි. ඒ නිසා, එක් අයෙකුට ලැබෙන කොටස 40%ක් දක්වා අඩු වෙලා. ඒ කියන්නේ රටේ ආර්ථිකය වර්ධනය වෙලා වුවත් රටේ මිනිසුන්ගේ ජීවන තත්ත්වය පහළ ගිහින්.

අපි හිතමු රටේ ජනගහණය හා ශ්‍රම බලකාය එලෙසම තියෙද්දී වැඩ කරන පැය ගණන දහ ගුණයකින් වැඩි වූ නිසා ශ්‍රම බලය ඉහළ ගියා කියලා. කලින් දවසකට පැයක් වැඩ කළ කෙනෙක් දැන් පැය දහයක් වැඩ කරනවා. (මෙය එතරම් ප්‍රායෝගික නැති පරිකල්පනීය උදාහරණයක්. වෙන දේ පැහැදිලිව පෙන්වන්න දහ ගුණයකින් වැඩි කළත් වැඩ කරන පැය ගණන සියයට දහයකින් වගේ වැඩි වුනහම වෙන්නෙත් ඕකම තමයි.) 


දැන් එක් ශ්‍රමිකයෙකුට ලැබෙන කොටස හතර ගුණයකින් වැඩි වෙලා. නමුත්, වැඩ කරන පැය ගණන දහ ගුණයකින් වැඩි වෙලා. ඒ කියන්නේ පැයකට ලැබෙන ආදායම 40%ක් දක්වා අඩු වෙලා. කලින් තරමටම නරක තත්ත්වයක් නොවුනත් හොඳ තත්ත්වයක් කියා කියන්න අමාරුයිනේ. කෙනෙක් මෙය හොඳ තත්ත්වයක් සේ සලකන්න පුළුවන්. තවත් කෙනෙක් එසේ නොසලකන්න පුළුවන්. සමහර විට එක් අයෙක් රැකියා කළ නිවෙසක දෙදෙනාම රැකියා කරන්න පටන් ගැනීම නිසාත් මේ වගේම දෙයක් වෙන්න පුළුවන්. දැන් පවුල් ඒකකය විසින් යොදවන සමස්ත ශ්‍රම කාලය දෙගුණ වුනත් එහි ප්‍රතිලාභ දෙගුණ වී නැහැ.

රටේ ජනගහණය හා ශ්‍රම බලකාය එලෙසම තියෙද්දී, වැඩ කරන පැය ගණනත් වැඩි නොකර, ශ්‍රම බලය වැඩි කර ගන්න පුළුවන්. ඒ මා පෙර විස්තර කළ තෙවැනි ක්‍රමයට මානව ප්‍රාග්ධනය වැඩි කර ගැනීමෙන්. එහෙමත් නැත්නම් ශ්‍රමිකයෙකුගේ පැයක ශ්‍රමයේ ගුණාත්මක භාවය වැඩි කර ගැනීමෙන්. මෙහිදී සිදු වන දෙය කලින් අවස්ථා වලදී සිදුවන දෙයම නෙමෙයි. ශ්‍රම බලය දහ ගුණයකින් වැඩි වීම නිසා Y හතර ගුණයකින් වැඩි වෙනවා. එහෙත් සමස්තයක් ලෙස ශ්‍රම-කාලය වැඩි වී නැති නිසා එක් ශ්‍රමිකයෙකුගේ ජිවන තත්ත්වයද හතර ගුණයකින් වැඩි වී තිබෙනවා. අවස්ථා තුනේදීම රටේ ආර්ථිකය එක තරමටම වර්ධනය වී තිබුණත් රටේ මිනිසුන්ගේ ජිවන තත්ත්වය වර්ධනය වී (හෝ  අවවර්ධනය වී) තිබෙන්නේ එකම ආකාරයකින් නෙමෙයි. 

ඉහත පැහැදිලි කිරීම් වලින් පෙනෙන්නේ ශ්‍රම බලය වැඩි කරගත යුතු හොඳම ආකාරය මානව ප්‍රාග්ධනය ඉහළ නැංවීම බවයි. මේ ප්‍රකාශය ලංකාව මානව ප්‍රාග්ධනය වෙනුවෙන් ඕනෑවට වඩා බරක් දමා තිබෙන බවට මා කලින් ලිපියක පෙන්වා දී තිබෙන කරුණ සමඟ ගලපන්නේ කොහොමද? ඉතා පැහැදිලිවම මානව ප්‍රාග්ධනය ඉහළ නැංවීම සාධනීය දෙයක්. නමුත් ප්‍රශ්නය වන්නේ එහි පිරිවැයක්ද තිබීමයි. මානව ප්‍රාග්ධනය ඉහළ නැංවිය යුතු වුවත් එය කළ යුත්තේ එහි ආන්තික ප්‍රතිලාභ පිරිවැය නොඉක්මවන මට්ටමක් දක්වා පමණයි. කිසිම දෙයක් ඕනෑවට වඩා ඕනෑ නැහැ කියා කියනවනේ!

තුබූ තැනක සොර සතුරන් ගත   නොහෙනා

එසැඩ මනා වත් වතුරෙන් වල         නොයනා

කෝප වුවත් රජ මැතිඳුන් ගත     නොහෙනා

උගත මනා ශිල්පයමයි මතු             රැකෙනා

කවුරුත් වගේ ඔය කවිය අහල ඇති. මේ කවියෙන් කියන්න හදන්නේ කෙනෙකුට කළ හැකි සුරක්ෂිතම ආයෝජනය මානව ප්‍රාග්ධනය බවයි. පෞද්ගලික ප්‍රාග්ධනයේ සුරක්ෂිතතාව පිළිබඳව කිසිදු සහතිකයක් නැති සමාජයක මානව ප්‍රාග්ධනය වඩා හොඳ ආයෝජනයක් වුවත් එය වුවත් සොරකම් කළ නොහැකි, ස්වභාවික විපත් වලින් මුළුමනින්ම ආරක්‍ෂිත, රජයට පැහැර ගත නොහැකි දෙයක් නෙමෙයි. භෞතික ප්‍රාග්ධනයට වගේම මානව ප්‍රාග්ධනයටත් ඔය අවදානම් පොදුයි. ඒ වගේම භෞතික ප්‍රාග්ධනය වගේම මානව ප්‍රාග්ධනයත් කාලයත් සමඟ ක්ෂය වී යනවා. භෞතික ප්‍රාග්ධන සංචිත වගේම මානව ප්‍රාග්ධන සංචිතත් නඩත්තු කළ හැක්කේ ක්ෂය වන ප්‍රමාණය දිගින් දිගටම ප්‍රතිපූරණය කිරීමෙන් පමණයි. මේ සඳහා වත්මන් නිෂ්පාදිතයෙන් කොටසක් පරිභෝජනය නොකර ඉතිරි කරන්නම වෙනවා.

ඉහත පෙන්වූ පරිදි, ජනගහණය වැඩි වෙන්නේ නැත්නම්, වැඩ කරන කාලය වැඩි වෙන්නේත් නැත්නම්, ශ්‍රම බල සංචිතය පවත්වා ගැනීම සඳහා ක්ෂය වන මානව ප්‍රාග්ධනය ප්‍රතිපූරණය කරන්න වෙනවා. නිෂ්පාදිතය වැඩි කර ගන්නනම් එසේ ක්ෂය වීම ප්‍රතිපූරණය කරනවාට වඩා අමතර ආයෝජනයක් කළ යුතුයි. එසේ මානව ප්‍රාග්ධනය වෙනුවෙන් ක්ෂය වීම ඉක්මවන ආයෝජන කිරීමෙන් අනාගත නිෂ්පාදිතය ඉහළ දමා ගත හැකි වුවත්, ඒ සඳහා K හා A අඩු නොවන බවටද වග බලා ගත යුතුයි.

නමුත් කාලයත් සමඟ භෞතික ප්‍රාග්ධන සංචිතද ක්ෂය වන බව අප දන්නවා. ඒ නිසා ක්ෂය වන මානව ප්‍රාග්ධනය ප්‍රතිපූරණය කරන අතරම ක්ෂය වන භෞතික ප්‍රාග්ධනයද ප්‍රතිපූරණය කළ යුතු වෙනවා. ඔය දෙකම කරන්න වෙන්නේ වත්මන් නිෂ්පාදිතයෙන් කොටසක් පරිභෝජනය නොකර ඉතිරි කර ගැනීමෙන්. නිෂ්පාදිතය බෙදී යන්නේ සමාජවාදී ක්‍රමයටද නැත්නම් ධනවාදී ක්‍රමයටද කියන එක මත මෙය වෙනස් වෙන්නේ නැහැ.

දැන් අපට මේ කතා කළ දේවල් ඇසුරෙන් L හෝ K වැඩි කර Y වැඩි කර ගැනීමේ සීමාවන් හඳුනා ගන්න පුළුවන්. අප මෙතෙක් කතා නොකළ ස්වභාවික සම්පත් වලින් පටන් ගනිමු. ලෝකයේ රටවල ආර්ථික වර්ධනය ස්වභාවික සම්පත් හොයා ගැනීම මත තීරණය වුනු කාලයක් තිබුණා. ස්වභාවික සම්පත් අයිතිය වෙනුවෙන් යුද්ධ ඇති වුනේ ඒ කාලයේදී. දැනටත් මෙය සිදු නොවනවා නෙමෙයි. එහෙත්, ස්වභාවික සම්පත් කියන්නේ තව දුරටත් ආර්ථික වර්ධනය සඳහා වැදගත්ම සාධකයක් නෙමෙයි.

ස්වභාවික සම්පත් අලුතින් සොයාගත් විට K වැඩි වෙනවා. මේ ක්‍රමයට ආර්ථික වර්ධනය පවත්වා ගන්නනම් දිගින් දිගටම වැඩි වැඩියෙන් ස්වභාවික සම්පත් හොයා ගත යුතුයි. නමුත් එය කළ හැකි දෙයක් නෙමෙයි. අලුතෙන් හොයා ගත හැකි ස්වභාවික සම්පත් වල සීමාවක් තිබෙනවා. දැන් ලෝකය ඒ සීමාවට ඇවිත්. අඟහරු ජනාවාස කිරීම වගේ ලොකු දෙයක් කළොත් මිසක් ස්වභාවික සම්පත් වැඩි වැඩියෙන් හොයා ගැනීම මගින් කිසිම රටකට ආර්ථික වර්ධනය ඉහළ මට්ටමක පවත්වා ගන්න බැහැ.

ස්වභාවික සම්පත් වැඩි වැඩියෙන් සොයා ගැනීමේ හැකියාවක් නැති නිසා ප්‍රාග්ධනය වැඩි කර ගන්නනම් අතිරික්තයෙන් කොටසක් ඉතිරි කළ යුතුයි. වැඩි ප්‍රතිශතයක් ඉතිරි කරන රටක ප්‍රාග්ධන සංචිත ඉහළ යනවා. අඩු ප්‍රතිශතයක් ඉතිරි කරන රටක ප්‍රාග්ධන සංචිත පහළ යනවා. හැබැයි මේ දෙකම සිදුවන සීමාවක් තිබෙනවා. ඉතිරි කිරීම් වැඩි වී ප්‍රාග්ධන සංචිත ඉහළ යද්දී ක්ෂය වන ප්‍රාග්ධනයත් සමානුපාතිකව ඉහළ යනවා. ඉතිරි කිරීම් අඩු වී ප්‍රාග්ධන සංචිත පහළ යද්දී ක්ෂය වන ප්‍රාග්ධනයත් සමානුපාතිකව පහළ යනවා. මොකද හැම විටම ක්ෂය වෙන්නේ තිබෙන ප්‍රාග්ධන සංචිතයේ ප්‍රතිශතයක්. 

මේ හේතුව නිසා රටක ඉතිරි කිරීම් අනුපාතය කොපමණ වුවත්, ප්‍රාග්ධන සංචිතය යම් මට්ටමකට පැමිණ ස්ථාවර වෙනවා. ඒ මට්ටමේදී ජාතික ඉතිරි කිරීම් ක්ෂය වන ප්‍රාග්ධනයට හරියටම සමානයි. ඉතිරි කිරීම් අනුපාතය හෝ ප්‍රාග්ධනය ක්ෂය වන අනුපාතය වෙනස් වුනේ නැත්නම් රටක ප්‍රාග්ධන සංචිතය ගතික සමතුලිතතාවයකට එනවා. රටේ නිෂ්පාදිතය හා ප්‍රාග්ධන සංචිත අතර අනුපාතය නියත මට්ටමකට එනවා. ඒ නිසා, K වැඩි කරලා Y වැඩි කරන්න බැහැ. එහෙත්, මෙවැනි සමතුලිතතාවයකට එන තුරු යම් කාලයක් ඉහළ ආර්ථික වර්ධනයක් පවත්වා ගත හැකියි. 

අනෙක් පැත්තෙන් L වැඩි කර ගැනීම සඳහා වැඩ කරන පැය ගණන වැඩි කිරීම කළ හැකි දෙයක් නෙමෙයි. මානව සම්පත් වැඩි කර ගැනීම සඳහා ඉතිරි කිරීම් යොදා ගත යුතුයි. එයද අසීමිත ලෙස කළ නොහැකියි. ප්‍රාග්ධන සංචිත වැඩි කර ගැනීමේදී වගේම ගතික සමතුලිතතාවයකට එනවා. ජනගහනය වැඩි වන විට L වැඩි වුවත් එම ක්‍රමයේදී රටේ ආර්ථිකය ප්‍රසාරණය වන නමුත් රටේ පුද්ගලයින්ගේ ජිවන තත්ත්වය නරක අතට මිස හොඳ අතට හැරෙන්නේ නැහැ. ඒ නිසා, මෙයත් අතීතයට අයත් දෙයක්. අවසාන වශයෙන් K හෝ L වැඩි කිරීමෙන් Y වැඩි කළ හැකි වුවත් එය කළ හැක්කේ යම් සීමාවක් දක්වා පමණයි. මේ මගින් රටකට ලොකු ආර්ථික වර්ධනයක් දිගටම පවත්වා ගන්න අමාරුයි. 

වර්තමාන සන්දර්භයේ කිසියම් රටකට ඉහළ ආර්ථික වර්ධනයක් දිගටම පවත්වා ගත හැක්කේ A වැඩි කර ගැනීමෙන්, ඒ කියන්නේ නිෂ්පාදන කාර්යක්ෂමතාවය, එහෙමත් නැත්නම් ඵලදායිතාවය වැඩි කර ගැනීමෙන්, පමණයි. 

ඵලදායිතාවය කියා කියන්නේ නිෂ්පාදනය සඳහා ස්වභාවික සම්පත් හෝ ප්‍රාග්ධනය වැඩි වැඩියෙන් යොදා ගැනීම නෙමෙයි. වැඩියෙන් මහන්සි වී වැඩියෙන් වැඩ කිරීමත් නෙමෙයි. ඒ දෙක ගැනම අපි දැනටමත් කතා කරලා ඉවරයි. ඵලදායිතාවය කියා කියන්නේ අඩු සම්පත් ප්‍රමාණයක් වැය කර, අඩු ශ්‍රමයක් යොදවා, වැඩි නිෂ්පාදනයක් කරන එකටයි. ව්‍යවසායකත්වය කියන්නේ ඒකටයි. ව්‍යවසායකයා කියා කියන්නේ ප්‍රාග්ධන හිමියාට නෙමෙයි. ප්‍රාග්ධන හිමියා විසින් ලබා ගන්නේ තමන් යෙදවූ ප්‍රාග්ධනය වෙනුවෙන් ප්‍රතිලාභ. ව්‍යවසායකයෙකු විසින් කරන්නේ තමන්ගේ නිර්මාණශිලිත්වය වෙනුවෙන් ප්‍රතිලාභ ලබන එකයි. ඇය එම ලාබ ලබන්නේ ප්‍රාග්ධන හිමියාට වගේම ශ්‍රමිකයාටත් ඔවුන්ගේ කොටස් වෙන් කර දීමෙන් පසුවයි. 

ධනවාදී පරමාදර්ශය තුළ ප්‍රාග්ධන හිමියෙකුට "ඕනෑ තරම්" ලාබ ලබන්න ඉඩ දෙන්නේ නැහැ. ක්‍රමය විසින්ම ලැබිය හැකි ලාබ සීමා  කරනවා. එහෙත්, ධනවාදය විසින් ව්‍යාවසායකයෙකුගේ ලාබ එලෙස සීමා කරන්නේ නැහැ. නිර්මාණශිලිත්වයට ඕනෑ තරම් දුර යා හැකියි. 

අපි මේ වගේ කොබ් ඩග්ලස් නිෂ්පාදන ශ්‍රිතයකින් පටන් ගනිමු.

Y = F(K,L) = 10K0.4L0.6 

මෙයින් අදහස් වන්නේ පවතින තාක්ෂනය යොදා ගනිමින් K සහ L එක් ඒකකය බැගින් යොදා ගෙන Y ඒකක දහයක් නිපදවිය හැකි බවයි. එම ඒකක දහය බෙදා ගන්නේ කොහොමද කියන එක ද්විතියික කාරණයක්. ධනවාදී පරමාදර්ශය තුළ ශ්‍රමිකයන්ට ඒකක 6ක් හා ප්‍රාග්ධන හිමියන්ට ඒකක 4ක් හිමි වෙනවා. මෙවැනි තත්ත්වයක් තිබියදී කවුරු හෝ කෙනෙක් වඩා කාර්යක්ෂම තාක්ෂණයක් හොයා ගන්නවා. එය මෙවැන්නක්.

Y = F(K,L) = 20K0.4L0.6 

දැන් මේ පුද්ගලයාට පමණක් K සහ L එක් ඒකකය බැගින් යොදා ගෙන Y ඒකක විස්සක් නිපදවිය හැකියි. එයින් ශ්‍රමිකයන්ට ඒකක 6ක් හා ප්‍රාග්ධන හිමියන්ට ඒකක 4ක් ලබා දීමෙන් පසුව මේ ව්‍යවසායකයාට ඉතිරි ඒකක දහය තියා ගන්න පුළුවන්. ශ්‍රමිකයෙකුට හෝ ප්‍රාග්ධන හිමියෙකුට ඊට වඩා දෙයක් ඉල්ලා හෙට්ටු කරන්න බැහැ. මොකද වෙනත් කිසිවෙකුගෙන් ඔවුන්ට ඊට වඩා දෙයක් ලැබෙන්නේ නැහැ.

හැබැයි ව්‍යවසායකයෙකුට මෙවැනි ලොකු ලාබයක් ලැබිය හැක්කේ අලුත් තාක්ෂනය හෝ නිෂ්පාදන ක්‍රමවේදය හොයා ගෙන කෙටිකලක් යන තුරු පමණයි. ඇයගේ ලාබ දකින අනෙක් සියලුම නිෂ්පාදකයන් විසින්ද ඉතා ඉක්මණින් තමන්ගේ වාහන වල චතුරශ්‍රාකාර රෝද රවුම් කර ගන්නවා. එවිට ශ්‍රමිකයන්ට වගේම ප්‍රාග්ධන හිමියන්ටත් වැඩි ප්‍රතිලාභ ලැබිය හැකි විකල්ප අවස්ථා හමු වෙනවා. මෙය මුලින්ම නිරීක්ෂණය කරන ශ්‍රමිකයන් හා ප්‍රාග්ධන හිමියන් විසින් එක්කෝ තමන්ගේ නිෂ්පාදන සාධක වෙනත් තැනකට විතැන් කරනවා. එසේ නැත්නම් ඉන්න තැනම සිට හෙට්ටු කරනවා. මෙහි ප්‍රතිඵලයක් ලෙස ශ්‍රමයේ ආන්තික ඵලදායිතාවය 6 සිට 12 දක්වාත්, ප්‍රාග්ධනයේ ආන්තික ඵලදායීතාවය 4 සිට 8 දක්වාත් වැඩි වෙනවා. 

ව්‍යවසායකයෙකුට ලාබ ලැබිය හැක්කේ මෙය සිදුවීමට ගත වන කාලය තුළ පමණයි. අලුත් දැනුම සමාජයීය දැනුමක් වූ විට නැවතත් නිෂ්පාදිතය බෙදී යන්නේ ශ්‍රමය හා ප්‍රාග්ධනය අතර පමණයි. මෙහිදී රටේ සමස්ත නිෂ්පාදිතය වැඩි කරන්නේ ව්‍යවසායකයා විසින් මිස ශ්‍රමිකයා හෝ ප්‍රාග්ධන හිමියා විසින් නෙමෙයි. ඔවුන්ගේ දායකත්වයක් නැතුවා නෙමෙයි. එහෙත් එය සීමිතයි. මේ එක් එක් කොටස ගණන් හිලවු ඇතිව පෙන්වා දිය හැකි දේවල් මිස වියුක්ත සංකල්ප පමණක් නෙමෙයි.

තාක්ෂනය නිරන්තරයෙන් දියුණු වෙන්නේ ධනවාදී ක්‍රමයකදී පමණක් නෙමෙයි. රජයේ මෙහෙයවීම යටතේ සෝවියට් දේශය විසින් බොහෝ දේ සොයා ගත්තා. නිර්මාණය කළා. සාමාන්‍යයෙන් මාක්ස්වාදී අදහස වන්නේ යම් පුද්ගලයෙකු විසින් අලුත් යමක් නිර්මාණය නොකළොත් වෙනත් කවුරු හෝ කෙනෙකු විසින් ඒ දෙය කරනු ඇති බවයි. ඒ පදනම මත නිර්මාපකයාට නිර්මාණයේ ප්‍රතිලාභ හිමිවන්නේ නැහැ. ධනවාදය තුළ, අවශ්‍ය පමණ ලාබ ලබා ගැනීමේ අවස්ථාවක් දී, ව්‍යවසායකත්වය දිරිමත් කෙරෙනවා. එහෙත් ධනවාදය තුළ ව්‍යවසායකයෙකුට මේ ඉහළ ප්‍රතිලාභ ලැබෙන්නේ කෙටි කාලයකට පමණයි. එයින් පසුව එය සමාජයීය ප්‍රතිලාභයක් බවට පත් වෙනවා. ප්‍රායෝගික නිදර්ශන වලින් පෙනෙන්නේ මේ ක්‍රමය වඩා සාර්ථක බවයි. 

පෞද්ගලික අංශය මුල් වී, ලාබ ලැබීමේ අරමුණින් පයිසර්-බයෝඑන්ටෙක් එන්නත හදද්දී රාජ්‍ය අංශය මුල් වී සයිනෝෆාර්ම් එන්නත හැදුවා. දෙකම වැඩ කරනවා. එහෙත් පයිසර්-බයෝඑන්ටෙක් එන්නත වඩා ඉක්මණින් ආවා. ඒ වගේම එය වඩා සාර්ථක එන්නතක්. 

මෙහි කතා කළ පසුබිම් කරුණු මත පදනම්ව අපට චීන ආර්ථිකය ලෝකයේ ලොකුම ආර්ථිකය බවට පත් වීම ගැන කතා කළ හැකියි. එය වෙනත් ලිපියකට ඉතිරි කරමු. අදට ඇති.

10 comments:

  1. එළියත් අඳුර දෙක පවතිනවා වාගේ
    සම තැනිතලා කඳු පවතිනවා වාගේ
    රටකට වුවද පොදු නියදම් බලවේගේ
    බලපානවාමයි- අද ජය, හෙට කාගේ

    ReplyDelete
  2. ඉල්ලංකා යුද්ද හමුදාව පලස්තිනෙට යවා එහෙ පරිපාලනය අල්ලා ගන්නා මෙන් අප නන්දසේන ස' ගෙන් ඉල්ලා සිටිමු. පලස්තිනේ ඉල්ලංකාවට ඇදා ගමු. ඒ රටේ සමසමාජ පරිපාලනයක් පිහිටුවමු.

    කුකුළුමසේක්ක බත් ටිකක් කා බුදිය ගමු.

    දෙමලු මරමු. තෙරුවන් සරණයි.

    ReplyDelete
  3. මේ දවස්වල ලංකාවේ හමුදා වෛද්‍ය සාමාජිකයන් සහ සෞඛ්‍ය අංශයේ අය රට වටේටම කොවිඩ් වැක්සීන් එක ගගහ යනවා ඉකොනොමැට්ටා, නමුත් දැන් ලංකාවේ මුස්ලිම්වරු ගොඩ දෙනෙක් vaccine එක ගහන්න බය වෙලා නේ ඉන්නේ. සාධාරණයි. දැනටමත් ජවිපේ සහ ඇතැම් සමගි ජන බලවේගයේ කණ්ඩායම් සමාජය තුළ හා හුවක් යවල තියෙනවා ඔය vaccine වලින් මිනිසුස්න්ගේ ඇඟට bio chip එකක් enter වෙනවා කියලා. මේ තුලින් ලංකාවේ මිනිස්සු පරිපාලනය කිරීමේ හැකියාව අර එන්නත දුන්න අදාලා රටට හිමි වෙනවා කියලා මේක ඇත්ත නේද ඉකොනොමැට්ටා?

    ඒ කියන්නේ එංගලන්තේ එන්නත ගැහුවා නම්, ඒ අයගේ ඉදිරි ජිවිත කාලේ තීරණය කරන්නේ එංගලන්තේ උන්. චීන එන්නත ගැහුවා නම්, ඒ වගේම ඉදිරි ජිවිත කාලේ තීරණය කරන්නේ චීනුන්. ඉන්දියානු එන්නත ගැහුවා නම්, ඉදිරි ජිවිත කාලේ තීරණය කරන්නේ ඉන්ද්යානුවන්.

    ඒ කියන්නේ දැන් අරකෙන් වෙන්නේ, ඒ එන්නත තුලින් ඇඟ ඇතුලට යන bio chip එක තුලින්, අදාළ පුද්ගලයන්ගෙන් සහ ඔය පෘථිවි ස්ථරයෙන් උඩ කැරකෙන සැටලයිට් අතර සන්නිවේදන හුවමාරුවක් සිදුවෙනවා. මේ සැටලයිට් වල මෙහෙයුම තියෙන්නේ ඇමරිකාව, චිනේ, එංගලන්තේ, ඉන්දියාව වැනි ප්‍රභල රටවල් වලට. මුන්ට ඕන නම් පුළුවන් සැටලයිට් විකිරණ තුලින් එන්නත් ගහපු අයගේ ජිවිතයේ හැම තත්පරයක්ම වෙනස් කරන්න.

    ඒ කියන්නේ, නරේන්ද්‍ර සිං මෝදී ට හිතුනොත්, හොරොව්පතානේ අපේ එන්නත විදගත්තු කසුන්ට මේ මොහොතේ නින්දට යැව්වා නම් හොඳයි කියලා, ලැප් එක දිගහැරලා කෝඩ්ස් වගයක් ගහලා එන්ටර් එක ඔබපු ගමන්, කෙලින්ම ඒක සැටලයිට් එක හරහා අපේ ඇඟ ඇතුලට ඇවිත්, අපේ මොළේට පණිවුඩයක් යනවා දැන් නිදිමතයි කියලා. ඉතින් ඔහු ඒ වෙලාවේ චූ පාරක් එහෙම නම් දාගෙන හිටියේ, එතනම නින්ද යනවා. රෙදිත් නැති වෙනවා ඒ කෙනාගේ.

    එතකොට කෙනෙක්ට සැකයක් මතුවෙන්න පුළුවන්, මේ ලෙඩ සුව කරන එන්නත් වලින් කොහොමද bio chip ඇතුලත් වෙන්නේ, එකෙන් වෙන්නේ අපේ ඇඟේ ප්‍රතිශක්තිය වැඩි කරලා දෙන එකනේ කියලා. නමුත් කොහොමද ඒක හරියටම දන්නේ? එක එකා වැක්සීන් එක ගැන කියන එක එව්වා විශ්වාස කරනවා, ඉතින් ඒ එක එකා කියන එව්වා විශ්වාස කරන්න පුළුවන් නම් ඇයි මේ බයෝ චිප් කියන දේ විශ්වාස කරන්න බැරි කියලා තමයි මම මේක ගැන සැක පල කරපු වෙලාවේ මේක මට විස්තර කරපු හම්සා කියන මගේ මුස්ලිම් යාලුවෙක් තර්ක කලේ.

    ඒ අනුව චීනා තමයි මේකේ ප්‍රධාන මොළකරු. ඒ කියන්නේ චීනට 2019 දී ඕන වුනා bio chip දාලා මේ ලෝකේ පාලනය තමන් නතු කරගන්න. චීනා කරේ "කොරෝනා" කියල නව වෛරස් ප්‍රභේදයක් සමාජෙට මුදාහැරිය එක. හැබැයි චීනා මේක මුදාහරින්න කලින් ඒකට දෙන්න පුළුවන් බෙහෙත් හොයාගෙන තිබ්බේ. චීනා කියන්නේ ලේසි පොරක් නෙවේනේ. ඌ වැඩක් කරොත් කරන්නේ නෝන්ඩි නොවෙන්න. මු මුලින් කරේ මේක මුන්ගේ රටේ වුහාන් වලින් ශේප් එකේ පතුරවපු එක. වැඩේ පත්තුවෙලා ගියා. දිනෙන් දින කේස් වැඩිවුනා. හැබැයි අද වෙද්දී වුහාන් වල එක රෝගියෙක් නෑ. චිනේ එක කොරෝනා රෝගියෙක් නෑ. ඊයේ පෙරේදා වුහාන් වල, මාස්ක් නැතිව, මියුසිකල් ෂෝ එකකුත් ගැහුවා දඩම එකක්.

    ඉතින් උන් එන්නත් හොයාගත්තෙත් නැහැනේ? එතකොට කොහොමද උන් මේකෙන් ගොඩ ආවේ? ප්‍රශ්නයක් නේ ඕයි. ඒ වෙද්දී මේ වයිරස් එක ලොව පුරා වියාප්ත වුනා. චීනා කරේ, රුසියාව එක්ක deal එකක් දැම්මා හරි, උඹලට මේකෙන් ගොඩ එන්න අපි උදව් කරන්නම්. අපි ගාව තියනවා මේකට එන්නතක්. අපි මේක හොයාගත්තා කියනවට වඩා උඹලා මේක හොයාගත්තා කිව්වොත් ලෝකවාසීන් පිලිගන්නවා. උඹලා මේක විදගනිල්ලා අපි ගොඩ ආවෙත් ඕක විදලා කියලා. පුටින් ලණුව කෑවා. එන්නත විදගෙන විදගෙන ගියා. අවුලක් නෑ උන් කොරනා වලින් ගොඩ ආවා චීනා අර වෛරස් එක ඩිසේබල් කරා එකෙන්. හැබැයි, උන් චිනාගේ උගුලට අහුවෙලා උන්ගේ ඇඟ ඇතුලේ bio chip එක දාගත්තා. ආයේ රුසියාවට චීනේ එක්ක කිසිම තහන්චියක් දාන්න බෑ. දැම්මොත් උන් එක laptop එකයි open කරන්න තියෙන්නේ. කෝඩ් ටික ගහලා enter එක එබුවා නම් මුළු රුසියාවම එතනම බුදි.

    හැබැයි උන් රුසියාව තනි කරේ නෑ. උන් කිව්වා හරි, දැන් උඹලටත් අපි බලයක් දෙනවා. ඒ තමයි මේ එන්නත උඹලා හරහා විදගන්න හැම එකාගෙම 50% ක contorl බලයක් උඹලට දෙනවා කියලා. අර ලංකාවේ පිරමිඩ කාරයෝ වගේ. රුසියාව කොහොමත් ඇමරිකාව එක්ක හොඳින් ඉන්නවා වගේ හිටියට ඇරියස් නේ. පුටින් බොලේ බැස්සුවා ඒ කාලේ ජනාධිපතිවෙලා හිටපු ට්‍රම්ප්. උනුත් විදගෙන විදගෙන ගියා. හැබැයි ජෝයි බයිඩන් ගොන් බයියා බලයට ආවම ඌට මේක තේරිලා තමයි ඌ රුසියානු එන්නත ප්‍රතික්ෂ්ප් කරන්න ගත්තේ. ඒ වෙද්දීත් ඇමරිකාවේ 40% ක් විතර මේ එන්නත විදගෙන තිබුනේ.

    දැන් ලංකාවේ අපේ ඇඟවල් ඇතුලේ bio chip දාලා අපිව port සිටියට තමයි තල්ලු කරන්න වෙන්නේ. ඉකොනොමැට්ටා ඇත්තටම මේ උගුලෙන් ගැලවෙන්න බැරි ද අපට?

    ReplyDelete
  4. පොඩි කාලෙ ඉඳලම work hard, work hard මිසක් work smart කියල අහන්න නොලැබෙන එකත් මේ වගේ නිර්මානශිලිත්වය අඩුවෙන්න හේතුවක් වෙන්න ඇති. අනිත් එක අපිට කියලා දෙන්නෙ ලන්කාව ස්වභාවික සම්පත් වලින් පිරිලා වගේ දේවල්නෙ. නිර්මානශීලි වෙන්න කෙනෙකුට තියෙන වගවීම් ප්රමානය (span of accountability), තමන්ගෙ පාලනය යටතෙ තියෙන සම්පත් වලට (span of control) වඩා වැඩි වෙන්න ඕනෙ කියලා තියෙනවනෙ (Job Design Optimization Tool). නමුත් බොහෝ වෙලාවට අපි වැඩ කරන්න ඕනෙ නම් අරක දෙන්න මේක දෙන්න කියලා ඉල්ලීම් කරනව මිසක් තියෙන දෙයින් උපරිම වැඩක් ගන්න හිතනවා අඩුයි.

    ReplyDelete
    Replies
    1. ඔබ හරි. ඔය වගේ දෘෂ්ඨිවාද වලින් නිර්මාණශීලිත්වය මොට වෙනවා කියන එක පැහැදිලි දෙයක්.

      Delete
  5. ඉකොනො දැක්කාද මාධ්‍ය ඔස්සේ පළ වූ සංවේදී ඡායාරූපයක් ලෝක වාසීන්ගේ සිත් දැඩි වේදනාවට පත් කර තිබෙන; ඒ පලස්තීන කාන්තාවක් සිය කුඩා දරුවා වැළඳ ගෙන යුද ප්‍රහාරවලින් ආරක්ෂා වීමට ගාසා තීරයේ පාසලක රැඳී සිටින අයුරුයි. එම දරුවා බියකරු ඇස්වලින් අවට ලෝකය දෙස බලන ආකාරය ඕනෑම කෙනෙකුගේ සිත කම්පාවට පත් කරවීමට හේතු වී ඇත. මෙවර 2021 වසරේ අලුත්ම පලස්තීන ඊශ්‍රායල ගැටුමෙන් දැනටමත් දරුවන් 63 දෙනෙකු ඇතුළු පලස්තීන සිවිල් වැසියන් 217 දෙනෙකු ජීවිතක්ෂයට පත් වූ බව වාර්තා වෙලා තිබුණා.

    නමුත් මැදපෙරදිග තමන්ගේ රූකඩ රාජ්ජේ වූ ඊශ්‍රායලය පිටුපසින් සිටින්නේ ඇමරිකන් එක්සත් ජනපදය බව හැමෝම දන්නා කරුණක්. ඒ නිසා මෙවන් බරපතල මානුෂ්‍යවාදී අර්බුදයකට මුහුණ දීමේදී ඇමරිකානු රජය කර තිබෙන්නේ කුමක් ද? එරට පෙර පරිදිම ඊශ්‍රායල ආරක්ෂක අංශ කර ඇති අපරාධ සාධාරණීකරණය වන ලෙසම කටයුතු කළේ පලස්තීන ඊශ්‍රායල යුද විරාමයකට පැමිණී‍ම පිළිබඳ නිවේදනයක් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය විසින් අනුමත කිරීමට (ඇමරිකාව) වාර ගණනකදී කිහිප වතාවක් බාධා කරමින්. තවද, වොෂින්ටන් පෝස්ට් පුවත්පතේ වාර්තාවකට අනුව, ඇමරිකා එක්සත් ජනපදය ඇමරිකානු ඩොලර් මිලියන 735කට අධික වටිනාකමක් ඇති නිරවද්‍ය මඟපෙන්වීම ඇති මිසයිල ඇතුළු ජනයා ඝාතනය කිරීමට අවශ්‍ය බලගතු අවි ආයුධ ඊශ්‍රායලයට පරිත්‍යාග කිරීමට කටයුතු කළ අතර මෙවර පලස්තීන ඊශ්‍රායල ගැටුම තුළදී ඇමරිකා එක්සත් ජනපදය මානවයාගේ හෘද සාක්ෂියට හා සාධාරණයට විරුද්ධ පැත්තේ සිට ඇවිලෙන ගින්නට පිදුරු දැමීමක් සේ මැදපෙරදිග ප්‍රදේශයේ තත්ත්වයට මැදිහත් වෙමින් සිටියි.

    මේ වගේම ඇමරිකා එක්සත් ජනපද ක්‍රියාකලාපය, පලස්තීන ජනතාවගේ හදවතට දැඩි වෛරයක් ගෙන දී තිබෙනවා’ කියා ඇමරිකා එක්සත් ජනපදයේ සිටින පලස්තීන ජාතික දේශපාලන විශ්ලේෂක Khalil Jahshan පැවසුවේ ඇමරිකා එක්සත් ජනපදය තවමත් උග්‍ර වෙමින් පවතින පලස්තීන ඊශ්‍රායල ගැටළුව පිළිබඳ වගකීමෙන් නිදහස් වීමට නොහැකි බව සහ පලස්තීන ජනතාවගේ ජීවිත, ගාසා තීරයේ ජනතාවගේ මානව හිමිකම්, මානව හිමිකම් නොවේ දැයි, ලෝකයේ විවිධ රටවල සමාජ වෙබ් අඩවි පරිශීලකයින් ඇමරිකානු රාජ්‍ය ලේකම් Antony Blinken ගේ සමාජ ජාල පිටු වල දහස් ගණනක් ජනයා ප්‍රශ්න කර ඇතත් ඔහුට තවමත් ඊට උත්තර නැත. මේ ගැන ඉකොනොමැට්ටාටද උත්තර නැති බව මේ බ්ලොග් එක පුරාවටම දුටු කාරණයක්.

    ReplyDelete
    Replies
    1. //එම දරුවා බියකරු ඇස්වලින් අවට ලෝකය දෙස බලන ආකාරය ඕනෑම කෙනෙකුගේ සිත කම්පාවට පත් කරවීමට හේතු වී ඇත.//

      ඔය වගේ සංවේදී ඡායාරූප වරින් වර දකින්න ලැබෙනවා. බාලචන්ද්‍රන්ගේ බියකරු ඇස් මතක නැද්ද? ඉකොනොමැට්ටා හැම ප්‍රශ්නයකටම උත්තර හොයන්න යන්නේ නැහැ.

      Delete
    2. ඉකොනොමැට්ටා ඔය ඔබ සඳහන් කළ බාලසන්තිරන් වේළුපිළ්ළෛ දරුවා අමානුෂික ලෙස ඝාතනය කිරීමට අණ කලේ ඇමරිකානු පුරවැසිභාවය ලබා සිටි ආරක්ෂක ලේකම් කෙනෙක්ගේ අණ පරිදි ඇමෙරිකානු කොළපත් (Green card නමැති ඉළපත) හිමිව තිබූ ආමි ලොක්කෙක් මෙහෙයවූ ජනඝාතක හේවායන් පිරිසක්... ඇමෙරිකානු ජාතිකයන් ඔහොම'මයි නේද මහා මිනීමරුවන් මැරයින් පිරිසක් බව ලොව පුරා ප්‍රචලිත මතයක්... ලංකාව දැන් මෙහෙයවන්නේත් ඇමරිකන් රූකඩ පාලකයන්, එකෙක් මේ දවස්වල ඇමරිකා එක්සත් ජනපදයට ගිහින් එහේ මහ උන් එක්ක මොනවද ඩීල් වගයක් දානවා කියලා කියන්නේ මොනව හරි රටේ වටිනා සම්පත් මංකොල්ල කන්න උත්සාහ කරනවා වෙන්න පුළුවන් ෂුවර් එකටම නේද ඉකොනොමැට්ටා?

      Delete
    3. මොනවද ඇනෝ රටේ තියෙන වටින සම්පත්?

      Delete
    4. ලංකාවේ ඇමරිකානු සැලැස්ම බලන්න එම් සී සී එක කියවලා බලන්න. ලංකාවේ භූමිය, දැනට ත්‍රීකුණාමලේ වරාය ඉන්දීයාවේ පාලනය යටතේ පවතින බව ඉතාමත් පැහැදිලියි ඒ වගේම සැලසුම් ඇති.

      පේන විදියට නම් ඇමරිකා එක්සත් ජනපදය තමන්ගෙ සුරතලාට විතරක් නෙවේ, සුරතලාව රකින්න අසල්වැසියන්ටත් සලකනවා...

      ඔය ඇ.එ.ජ. රජය නිලවශයෙන් ලබාදෙන ආදාරවලට අමතරව එරට පුරා ව්‍යාප්ත පල්ලි ජාලයකින් ඊශ්‍රායලය වෙනුවෙන් ආදාර එකතු කරනවා. විශේෂයෙන්ම ටෙක්සාස් ප්‍රාන්තයෙ පල්ලිවලින් ඊශ්‍රායලයට විශාල ආදාර ප්‍රමාණයක් ලැබෙනවා. ඒ වගේම මට දවසක් හිටපු හමුදා නිලධාරියෙක් කිවුවා 1991දි වෙත්තකකේනි ප්‍රදේශයේ මෙහෙයුමක් අතරතුර කොටි මලසිරුරු සමග ඊශ්‍රායල ජාතිකයන් දෙදෙනෙකුගෙ මලසිරුරු හමුවුණ බව. ඒකෙන් පැහැදිලියි ඇමරිකානු සහය ඇතුව ඊශ්‍රායලය යුධ පුහුණුව හා ආධාරවලට එහා ගිහින්, යුධ පිටියටම ඇවිත් උතුරේ දමිළ සන්නද්ධ අරගලයට උදව් උපකාර කළා කියන එක.

      ඒ වගේම ලංකාව මිලදීගත් මල්ටිබැරල්ව රොකට් ලෝන්චරවල වයර් කැප්පීම, ඒවා නැවත ගොඩගත් සරසවි ආචාර්යවරයා ඊශ්‍රායලයේදී අභිරහස් ලෙස මියයාම වැනි චෝදනා ලැයිස්තුවක්ම තියනවා. ඒවා මම පුද්ගලිකව නොදන්න නිසා මුකුත් කියන්නෙ නෑ..

      ලංකාවෙ හමුදාව පුහුණුකරන අතරතුර කොටි සොල්දාදුවන් ද ඒ ආසන්නයේ පුහුණු කළ බව පොත පත කියනව හැමෝම දන්න කාරනාවක්නෙ.

      1974 දී එක්සත් ජාතීන්ගේ සමුළුව අමතා තමා මේ මොහොතේ සිටින්නේ එක අතකින් සාමයේ ඔලිව් අත්තත්, අනෙක් අතින් විමුක්ති සටන්කාමියෙකුගේ තුවක්කුවත් රැගෙනය" යනුවෙන් සඳහන් කළ හිටපු පලස්තීනු ජනාධිපති සහ ෆටා(FATAH) සංවිධානයේ නායක යසර් අර්ෆත්, කොටු කොටු ජටාව සහ සුදු රැවුල නිසා කුඩා කල මතකයක් වූ, එකල ලංකාවේ සියළුම දේශීය මාධ්‍ය වලින් වීරයෙකු ලෙස නම් කළ මොහු අභිරහස් ලෙස මියයන තෙක් අදේවවාදියෙකු වූ අතර, ඔහු නියෝජනය කළ සංවිධානයද, "අනාගමික රාජ්‍යයක්" (Secularism) වෙනුවෙන් පෙනී සිටින ලදී.

      එකල ලෝකයේ විමුක්තිකාමීන්ගේ සංකේතයක් බඳුවූ ඔහු මියයන තෙක් තමන්ගේ පීඩනයට පත් ජනතාව වෙනුවෙන් පෙරමුණු ගණනක සටන් කරන ලදී.

      2004 දී මොහු මිය ගිය පසුත්, ඊශ්‍රායල - පලස්තීන ගැටුම(පලස්තීන නිදහස් අරගලය) ගැන යම්තම් හෝ අදහසක් ඇත්තන් සහ ලංකාවේ ප්‍රගතීශීලී ලෙස තමුන්ව හඳුන්වා ගන්නා සියලු දේශපාලකයන් පලස්තීන හිතවාදී වූහ. ඒ වෙනුවෙන් පෙනී සිටීම ගැන ආඩම්බර වූහ. දන්නා ආකාරයෙන් ජේවීපී, ශ්‍රීලංකා කාරයින්, පරණ වම මෙන්ම ඇතැම් සුළුතර යූඇන්පී කාරයින් පිරිසක් ද හිටියේ එතැනයි. මහින්ද රාජපක්ෂ පලස්තීන සහයෝගිතා සංවිධානයේ සභාපතිවරයාද විය!

      ඊශ්‍රායලය මේ මට්ටමේ සංහාරයන් නොකළ, සාමගිවිසුම් ආදිය හරහා ගමන් කරමින් සිටි ඒ කාලයේ එසේ වීමටත්, දැන් දරුණු ලෙස පලස්තීන ජන සංහාරයක් සිදුකරද්දී ලංකාවේ තරුණ තරුණියන් යම් ප්‍රමාණයක් සමාජ ජාල වල ඒ ඝාතනයන්, මර්ධනයන් පිළිබඳ සාකච්චාව මඟහැර, නැතිනම් සැලකිල්ලට නොගෙන, ඊශ්‍රායල් ගුවන් ආරක්ෂක පද්ධතියක් ගැන ආඩම්බර සාකච්චා සිදුකරන අසංවේදී මට්ටමට පත්වීම අපි තේරුම් ගන්නේ කෙසේද?

      පහතින් දැක්වෙන හේතු ඒ පරිවර්තනයට අඩුවැඩි වශයෙන් ඊට දායක වුණා යැයි සිතමි.

      01. ලංකාවේ යුද්ධය අවසන් කළ අයුරු සහ සිංහල ජනතාව (විශේෂයෙන් තරුණ ප්‍රජාව) ඒ හරහා පත්වූ මානසික විපරීත මට්ටම.

      02. ජාතිවාදීව දේශපාලන අරමුණු වෙනුවෙන් ඇවිලවූ මුස්ලිම් විරෝධය

      03. මොසාඩ් සංවිධානයේ ලංකාව තුළ ක්‍රියාකාරීත්වය.

      තව මොනවාද?

      Delete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: