වෙබ් ලිපිනය:

Tuesday, May 25, 2021

ආක්ෂා සහ ලිහිණි

 

මම දෙවෙනි ඉනිම නොවරදවා හෝ එක දිගට බලන කෙනෙක් නෙමෙයි. නමුත් ඉඳහිට බැලෙනවා. කොහොමත් ඉතිං මාසෙකට පාරක් බැලුවත් අල්ලගන්න අමාරුවක් නැති ටෙලි නාට්‍යයක්නේ. ඕකේ අනුහස්, ලිහිණි හා ආක්ෂා අතර තිබුණු තුන් කොන් ප්‍රේමය ආක්ෂාගේ වාසියට විසඳුනු බව කතාව බලන අයට රහසක් නෙමෙයිනේ. හැබැයි අනුහස්ගේ අම්මා උදේනිගේ වැඩි කැමැත්ත තිබුණේ ලිහිණිටයි.

දැන් උදේනිගේ හිත වෙනස් වෙලා. ඒක වෙන්නේ ආක්ෂා කාර් එක විකුණලා අනුහස්ට සල්ලි දුන්නට පස්සේ. ආක්ෂා කාර් එක විකුණලා අනුහස්ට සල්ලි දෙන්නේ ආක්ෂාට කාර් එකක් තිබුණු නිසා. ලිහිණිට කාර් එකක් තිබුණානම් ලිහිණිත් ඔය දෙයම කරයි. නමුත් ලිහිණිට කාර් එකක් නොතිබුණු නිසා ලිහිණිට ආක්ෂාට තිබුණු විකල්පය තෝරා ගන්න පුළුවන්කමක් තිබුණේ නැහැ. 

සතුට කියන්නේ සල්ලි වලට නෙමෙයි. නමුත් සල්ලි තියෙනවානම් සතුට ලැබෙන දේවල් කරන්න වැඩි අවස්ථාවන් ගණනක් ලැබෙනවා. ඒ වගේම වෙනත් අය සතුටු කළ හැකි දේවල් කරන්නත් වැඩි වැඩි අවස්ථාවන් ගණනක් ලැබෙනවා. වැඩිපුර සල්ලි තිබීම හොඳ දෙයක් වන්නේ ඒ නිසයි.

රටක් ගත්තත් ප්‍රතිපත්ති සම්පාදනයේදී එකම ඉලක්කය විය යුත්තේ භෞතික සංවර්ධනය නෙමෙයි. එහෙත්, භෞතික සංවර්ධනය නොවන, දියුණුව ලෙස හැඳින්විය හැකි අනෙක් දේවල් කරන්නත් භෞතික සංවර්ධනය අවශ්‍යයි. 

සමාජයේ පහළ ස්ථර වල සිටින අය ගැන සානුකම්පික වීම කිසිසේත්ම නරක දෙයක් නෙමෙයි. එහෙත්, එවැනි අයට උදවු කළ හැක්කේ කවුරු හෝ පිරිසක් විසින් ඒ අය වෙනුවෙනුත් සම්පත් ජනනය කිරීමක් කරනවානම් පමණයි.

රටක ආර්ථිකය සමස්තයක් ලෙස ප්‍රසාරණය වන විට ඒ රටේ පහළ ස්ථර වල සිටින අයගේ ජිවන තත්ත්වයත් වඩා යහපත් වෙනවා. ආර්ථිකය ප්‍රසාරණය කරන්න වැඩි දායකත්වය දෙන සීමිත පිරිසට ඒ වැඩේ කරන්න ඉඩ නොදුන් විට වෙන්නේ සමස්තයක් ලෙස ආර්ථිකය එක තැන පල් වෙන එකයි. එයින් දිගුකාලීනව වෙන්නේ ඒ සීමිත පිරිසගේ වගේම පහළ ස්ථර වල සිටින අයගේත් ජිවන තත්ත්වය අයහපත් වෙන එකයි. 

ධනවාදය පෙනී සිටින්නේ වෙරළු ගෙඩිය හරි හතකට බෙදා ගෙන කෑම වෙනුවෙන් නෙමෙයි. වෙරළු ගෙඩිය පුළුවන් තරම් ලොකු කර ගැනීම වෙනුවෙන්. ගොඩක් අයට ඒ ලොකු වෙරළු ගෙඩියෙන් හතෙන් කොටසක් ලැබෙන්නේ නැති වුනත් ලැබෙන කොටස පොඩි වෙරළු ගෙඩියකින් හතෙන් එකකට වඩා ලොකුයි.

19 comments:

  1. මම බලන්නේ නැති වුණත් දෙවෙනි ඉනිම කියලා කියන්නේ ලංකාවේ ජනප්‍රියම ටෙලි නාට්‍යය බව අවිවාදයෙන් පිළිගත හැකි කරුණක්. නමුත් රාජපක්ෂ කල්ලියේ හිතවතකු වන දිලිත් ජයවීරගේ දෙරණේ පෙන්වන ඒ වගේම සිඳු සහ තවත් මෙගා නාට්‍ය කීපයක් ලංකාවේ ඉතාමත්ම ජනප්‍රිය වුණා. මීට අමතරව ලංකාවේ සුළුතර නමුත් සමාජ ආර්ථික දේශපාලනික වශයෙන් බලපෑම් කිරීමේ හැකියාව අතින් ඉතා බලවත් මධ්‍යම පාන්තික ජනයා අතර කූඹියෝ, තණමල්විල කොල්ලෙක්, වීරයා ගෙදර ඇවිත් වගේ කතා පහුගිය කාලේ ජනප්‍රිය වුණා. සාර්ථක නාට්‍ය කීපයක් වූ හාරකෝටිය, කෝටිපතියෝ වැනි කතා අධ්‍යක්ෂණය කළ ජයප්‍රකාශ් සිවගුරුනාදන් සමග සද්ධාමංගල සූරියබණ්ඩාර, චාමර සමරවික්‍රම ඇතුළු සමගි ජන බලවේගයේ හිතවතුන් විසින් නාඩගම්කාරයෝ නමින් සජබ හිතවාදී ස්වර්ණවාහිනී නාලිකාවේ මෙවැනි කතාවක්ද ආරම්භ කළා. මුලදී දක්ෂ තරුණ නළු නිළියන් පිරිසක් විසින් ඉදිරිපත් කරන ලද රසවත් රඟපෑම් නිසා මේක ඉතාමත් ඉක්මනින් ජනප්‍රිය වුණ නමුත් කතාවේ තිර රචනය මගින් මාස්ටර්, හාමුදුරුවෝ සහ සිරිසේන නමැති බක පණ්ඩිත චරිතයක් හරහා රාජපක්ෂ කඳවුරේ පිරිස්වලට හින්ට් ගසමින් කෙළින්ම විවේචනය කරන තත්ත්වයට පැමිණීම නිසා බොහෝ දෙනෙකුට කතාව එපා වී ගිය එක අපරාධයක්. නමුත් ඉදිරියේ නැවතත් කතාවේ තිර රචනය වාණිජමය සහ කලාත්මකව ඉදිරිපත් කරමින් දේශපාලනික දේවල් ඉවත් කර වෙනස් කරන්න පුළුවන් නම් යළිත් සාර්ථක වීමට පුළුවන් වෙයි කියලා මට හිතෙනවා.

    ඒ වගේම කෝවිඩ් වසංගතය සම්බන්ධයෙන් ගෝලීය වශයෙන් මේ වෙනකොට ඇති වෙලා තියෙන එක ආරවුලක් තමයි එන්නත් බෙදා හැරීම ගැන ප්‍රශ්නය. ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව පසුගිය දවස්වල WTO ලෝක වෙලද සංවිධානයට යෝජනා කලා ගෝලීය වසංගත තත්ත්වය ගැන කල්පනා කරමින් බුද්ධිමය දේපල සම්බන්ධ නීතිවලින් කෝවිඩ් එන්නත් නිෂ්පාදනය නිදහස් කල යුතු බවට. මේ වෙනකොට ප්‍රධාන පෙලේ කෝවිඩ් එන්නත් නිෂ්පාදනය කරලා තිබෙන්නේ සෝ කෝල්ඩ් "බටහිර රටවල ධනවාදී" සමාගම්. ඒ අයගේ නිෂ්පාදන බුද්ධිමය දේපල නීතිවල ආරක්ෂාවට යටත්. ඉන්දියාවේ හා දකුණු අප්‍රිකාවේ යෝජනාව අනුව බුද්ධිමය දේපල රැකවරණය ඉවත් කලහොත්, ලෝකයේ අනෙක් රටවල බෙහෙත් හදන ආයතනවලටත් එම එන්නත් නිෂ්පාදනය කිරීමේ හැකියාව ලැබෙන අතර එන්නත් නිෂ්පාදනය විශාල ප්‍රමාණයකින් ඉහල දාගන්න හා එන්නත් හිගයට පිලියම් සොයන්න ඒ හරහා අවස්ථාව ලැබෙනවා. මෙම ඉන්දු-දකුණු අප්‍රිකානු යෝජනාවට එවිටම චීනය සහ වෙනත් බොහෝ සංවර්ධනය වෙමින් තිබෙන රටවල් සහයෝගය දැක්වූවා.

    නමුත් ඉහත කී අදහසට මේ වෙනකොට බරපතලම ලෙස විරුද්ධ වෙලා තියෙන්නේ ඉහත කී "බටහිර සංවර්ධිත" රටවල්. එක්සත් ජනපදය, බ්‍රිතාන්‍යය වගේම යුරෝපා සංගමය මේ අදහසට ඉතා බරපතල ලෙස විරුද්ධ වූයේ එහෙම කලහම එන්නත් හදන්න විශාල බහුජාතික සමාගම්වලට අවශ්‍ය කරන අනුබලය නැතිව යන බවට වූ පදනම මත. අනෙක් අතට, එන්නත් නිෂ්පාදනය කල විශාල ඖෂධ සමාගම් ද ඉහත කී යෝජනාවට විරුද්ධයි. ඔවුන් අදාල එන්නත් නිෂ්පාදනයට අදාල බලපත්‍රය ලබා දී තිබෙන්නේ සීමිත නිෂ්පාදකයන් පිරිසකට. කියුබාව, තායිලන්තය, සෙනෙගාලය හා ඉන්දුනිසියාව වගේ රටවල් මීට වඩා ගොඩාක් ලාභදායී ලෙස සහ අතිවිශාල වශයෙන් එන්නත් නිෂ්පාදනය කිරීමේ හැකියාව තිබෙන බව පෙන්නුම් කරල තිබුණත් එම රටවල ආයතන සමග බලපත්‍රය බෙදාගන්න මෙම සමාගම් කැමැත්තක් දක්වලා නැහැ.

    මේ විධිහට එන්නත් නිෂ්පාදනය විශාල පරිමාණයේ සමාගම් කිහිපයක ඒකාධිකාරයක් වීම නිසා දරුණුවටම පහර වැදිලා තිබෙන්නේ සංවර්ධනය වෙමින් පවතින දිළිඳු රටවලට. යුනෙස්කෝ සංවිධානය කියන විධිහට දුප්පත් රටවල් 130 ක් තවම එන්නත කිසිදු විධිහකින් තම ජනතාවට ලබා දීලා නැහැ. කෝවිඩ් සමග ඇති වූ ආර්ථික ප්‍රශ්න සහ කොහොමත් එම රටවල් මුහුණ දී සිටි ණය බර ආදිය එක්ක ගත්තහම, එන්නත් මිල දී ගන්න තරම් වත්කමක් මේ රටවලට නැහැ. අනෙක් අතට, සංවර්ධිත රටවල් තමන්ගේ ජනගහණයට සරිලන ප්‍රමාණයටත් වඩා කිහිප ගුණයකින් එන්නත් ගබඩා කරගෙන ඉන්නා බවට චෝදනා එල්ල වෙනවා. උදාහරණයක් විධිහට ඇමරිකා එක්සත් ජනපදය තම රටේම සමස්ත ජනගහණය මෙන් තුන් ගණයකින් එන්නත ගබඩා කරගෙන ඉන්න බවයි කියැවෙන්නේ.

    මෙන්න මේ තත්වයට; අන්තර්ජාතික වෙලඳ නීති නිසා කෝවිඩ් එන්නත පොහොසත් රටවල් අතලොස්සක ඒකාධිකාරයක් හා වරප්‍රසාදයක් වී තිබීමේ තත්වයට 'වැක්සින් යටත්විජිතවාදය' කියලා කියන්නෙ ඇයි ඉකොනොමැට්ටා?

    ReplyDelete
    Replies
    1. ඒ වගේම මෙම සෝ කෝල්ඩ් 'වැක්සින් යටත්විජිතවාදය' කෝවිඩ් සම්බන්ධයෙන් ලෝකයේ තිබෙන බරපතලම ප්‍රශ්නවලින් එකක් බවත් කෝවිඩ් රෝගය මිනිස් සංහතිය මුහුණ දෙන පොදු අර්බුදයක් ලෙස සලකා ඒ සඳහා වූ එන්නත 'ගෝලීය පොදු භාණ්ඩයක්' කරන්න කියලා ඉල්ලීම් ඉදිරිපත් වී තිබුණත්; ලාභ-පාඩු තර්කය අනුව එන්නත් නිෂ්පාදනය කරන ආකෘතිය සමග එම සමාජ ඉල්ලීම පෑහෙන්නෙ නැහැ. ඒකට බලවත් රටවල් ඉඩ දෙන්නෙ නැහැ. මෙහි ප්‍රතිඵලය ලෙස ධනවත් රටවලට එන්නත් සඳහා අවශ්‍ය ප්‍රවේශය ලැබෙන කොට, ලෝක ජනගහණයෙන් සියයට අසූපහක් ජීවත් වන සංවර්ධනය වෙමින් පවතින රටවල විශාල ජනතාවකට එන්නත් සඳහා නිසි ප්‍රවේශය ලැබීම අහිමි වී තිබෙනවා. SARS-COV-2 කෝවිඩ් වගේ ජීවිතය හා මරණය සම්බන්ධ අර්බුදයක දී මෙහෙම ස්වාර්ථකාමී ලෙස ක්‍රියා කරන්නේ සංවර්ධනය වෙමින් පවතින රටවල ජනයාගේ මානව අයිතිවාසිකම් ගැන කිඹුල් කඳුළු හෙලමින් අපටත් වඩා අප ගැන මහත් වූ අනුකම්පාවකින් සෑහෙන්ට වධ වෙන, සෝ කෝල්ඩ් 'ශිෂ්ට' බටහිර රටවල ආණ්ඩු වීම ඉතාම උත්ප්‍රාසාත්මකයි කියලා බොහෝ දෙනෙක් කියන කතාව ඇත්ත කියලා තමයි පේන්නේ එහෙම නේද?

      ඒ වගේම ලංකාවේ ආණ්ඩුවට හොඳ රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධකම් තිබෙනවා නම්, බටහිර රටවලට කථා කරලා වැක්සිනය ලබාගන්න තිබුණු බව පසුගිය දවසක පාර්ලිමේන්තුවේ කථාකල සමගි ජන බලවේගයේ නායකත්වය සමග එස්.එස්. මරික්කාර් සහ මන්ත්‍රීවරයා ප්‍රකාශ කරා. සජබ නායක සජිත් ප්‍රේමදාස පවසන්නේ කැනඩාවෙන් ලේසියෙන්ම ඕන තරම් වැක්සීන් නොමිලේ ඉල්ලා ගැනීමට හැකි බවයි. වත්මන් දූෂිත රාජපක්ෂ ආණ්ඩුවේ රාජ්‍ය තාන්ත්‍රික මුග්ධ ක්‍රියා ගැන ප්‍රශ්න ගොඩක් තිබෙන බව සැබෑ නමුත්; ලංකාව වගේ රටවලට එන්නත්වලට ප්‍රවේශය නොලැබීම ආණ්ඩුවේ රාජ්‍ය තාන්ත්‍රික ඥානය ගැන ප්‍රශ්නයක් යැයි සීතිම බොලඳ සිතිවිල්ලක් බව මගේ වැටහීමයි. මරික්කාර් සූත්‍රයට අනුව සුරුස් බුරුස් කියල ඉංග්‍රීසියෙන් කථා කරන්න පුලුවන් රාජ්‍ය තාන්ත්‍රික නායකයෙක් තමයි අපිට අඩු; එහෙම හිටියා නම් ටෝක්ස් දෙකක් ඉෂූ කරපු ගමන් එක්සත් ජනපදයේ ෆයිසර් සමාගම බුද්ධිමය දේපල නීති නොතකා, තමන්ගේ ආයතනයට වන පාඩුව අමතක කරලා මේ එන්නත් බර ගණනින් ලංකාවට මේ වෙනකොට නොමිලේ තැපෑලෙන් එවලා!

      එක් අතෙකින් රාජපක්ෂ කල්ලියේ මෙලෝ රහක් නැති කටහැකර වාචාල විමල් වීරවංශ වගේ අය මේ රටේ දේශපාලනයට කල ලොකුම අපරාධය තමයි ගෝලීය සමාජ ආර්ථික දේශපාලනික බලපෑම් 'අධිරාජ්‍යවාදය' වගේ සිල්ලර වචන වලින් නිකම්ම නිකම් විහිලු බවට පත්කිරීම. අපිට බලපාන ලෝකයේ විවිධ දේශපාලන ආර්ථික උපක්‍රමයන් සහ ගෝලීය ප්‍රවණතා ගැන කථා කරන්න උදවු වන මෙම ප්‍රවර්ග හුදු ජෝක් බවට පත්වුනහම - ඒ අඩුව පිරවී තිබෙන්නේ එස්. එම්. මරික්කාර්/ සජිත් ප්‍රේමදාස පන්නයේ මන්ද මානසික 'විශ්ලේෂණවලින්'. මේ ගැන ඔබේ නිරීක්ෂණය සහ අදහස් මොනවද ඉකොනොමැට්ටා? මේවා රට පුරාම සබුද්ධික ලෙස සංවාදයට බඳුන් විය යුතු කාරණා නොවේද?

      Delete
    2. //කියුබාව, තායිලන්තය, සෙනෙගාලය හා ඉන්දුනිසියාව වගේ රටවල් මීට වඩා ගොඩාක් ලාභදායී ලෙස සහ අතිවිශාල වශයෙන් එන්නත් නිෂ්පාදනය කිරීමේ හැකියාව තිබෙන බව පෙන්නුම් කරල තිබුණත් එම රටවල ආයතන සමග බලපත්‍රය බෙදාගන්න මෙම සමාගම් කැමැත්තක් දක්වලා නැහැ.//

      එම සමාගම් එසේ කළ යුත්තේ කුමටද? ඔවුන් එන්නත් වෙනුවෙන් ආයෝජනය කර තිබෙන්නේම පේටන්ට් අයිතියේ ආරක්ෂණය තිබෙන නිසා. එන්නත් නිෂ්පාදනය සඳහා හවුල්කරුවන් එකතු කර ගැනීම ඉතා සැලකිල්ලෙන් කළ යුතු දෙයක්. හවුල්කරුවෙකු වැරැද්දක් කළොත් එහි හානිය මුල් සමාගමටයි. ඒ වගේම කියුබාව ඔවුන්ගේම එන්නත් දෙකක් වැඩි දියුණු කර තිබෙනවා. මේ දවස් වල ඔවුන් කියුබානුවන්ව එන්නත් කරගෙන යනවා. තායිලන්තයත් අඩු වශයෙන් එක් එන්නතක් මිනිසුන් යොදා පරික්ෂා කරමින් සිටිනවා. එන්නතක් වැඩි දියුණු කිරීමේ මූලික කටයුත්ත තාක්‍ෂණිකව ගොඩක් අමාරු දෙයක් නෙමෙයි. අමාරු හා වියදම් අධික කොටස ඉන් පසු එන්නත පරික්ෂාවට ලක් කිරීම හා මහා පරිමාණයෙන් නිෂ්පාදනය කිරීමයි. එන්නතක් ආර්ථික වශයෙන් සාර්ථක වීමේ සම්භාවිතාව ඉතා අඩුයි. අසාර්ථක වන එන්නත් සිය ගණනක වියදම ආවරණය කර ගන්න වෙන්නේ සාර්ථක වන එක් එන්නතකින්. එන්නත් වැඩි දියුණු කිරීම වෙනුවෙන් ආයෝජනය කිරීම කොහොමටත් ව්‍යාපාරික වශයෙන් ඉතාම අවදානම් කටයුත්තක්. පේටන්ට් අයිතිය අහෝසි කළොත් එය ඉතාම නරක පූර්වාදර්ශයක් වී ඉදිරියේදී එන්නත් සඳහා ආයෝජන සිදු නොවෙන්න පුළුවන්.

      //උදාහරණයක් විධිහට ඇමරිකා එක්සත් ජනපදය තම රටේම සමස්ත ජනගහණය මෙන් තුන් ගණයකින් එන්නත ගබඩා කරගෙන ඉන්න බවයි කියැවෙන්නේ.//

      අමූලික බොරුවක්. ඇමරිකා එක්සත් ජනපදය තම රටේම සමස්ත ජනගහණය මෙන් කිහිප ගුණයක එන්නත් මාත්‍රා වෙනුවෙන් මුදල් වැය කර හා මිල දී ගැනීමේ ගිවිසුම් අත්සන් කර තිබුණත් තවමත් ඇමරිකාවේ ජනගහනයෙන් තුනෙන් දෙකක් සඳහා ප්‍රමාණවත් තරම්වත් එන්නත් ඇමරිකාවට සපයනු ලැබී නැහැ. ඇතැම් එන්නත් සාර්ථක වෙලත් නැහැ. ඒ නිසා ඒ එන්නත් කවදාවත්ම ලැබෙන්නේ නැහැ. මේ වගේම තවත් ජනප්‍රිය බොරුවක් වන්නේ ඇමරිකාව එන්නත් අපනයනය තහනම් කර තිබෙන බවයි. එවැනි තහනමක් නැහැ. විධායක නියෝගයෙන් කියා තිබෙන්නේ ඇමරිකාවේ නිපදවන එන්නත් අදාළ සමාගම් විසින් අත්සන් කර තිබෙන ගිවිසුම් පරිදි ඇමරිකානු රජයට ලබා නොදී වෙනත් අයට නොවිකිණිය යුතු බවයි.

      //කෝවිඩ් රෝගය මිනිස් සංහතිය මුහුණ දෙන පොදු අර්බුදයක් ලෙස සලකා//
      මෙය අර්ධ සත්‍යයක්. මේ මොහොත වන තුරුත් කෝවිඩ් අවදානම ලෝකයේ හැම මිනිසෙකුටම සමාන ලෙස බලපා නැහැ. බොහෝ විට වසංගත වලින් වැඩියෙන් බැට කන්නේ දුප්පත් රටවල් වුවත් කෝවිඩ් වලින් වැඩිපුරම බැට කන්න සිදු වුනේ ධනවත් රටවලටයි. වැඩිපුර ජිවිත හානි කර ගත්තේත්, එන්නත් නිෂ්පාදනයේ පිරිවැය දැරුවේත් ධනවත් රටවල්. දුප්පත් රටවලට පැත්තක ඉඳලා එහි වාසිය ලබා ගත හැකි වීමයි ඇත්තටම සිදු වුනේ. කෝවිඩ් මුල සිටම විශාල ලෙස පැතිරුනේ දුප්පත් රටවලනම් මෙපමණ ඉක්මණින් එන්නත් හැදෙන්නේ නැහැ. මීට වඩා විශාල ජීවිත ප්‍රමාණයක්ද විනාශ වෙනවා. එන්නත් හැදුනේම ධනවත් රටවල මිනිස්සු එන්නත් වැඩි දියුණු කිරීමේ මිල ගෙවන්න සූදානම්ව සිටි නිසා.

      //මෙහි ප්‍රතිඵලය ලෙස ධනවත් රටවලට එන්නත් සඳහා අවශ්‍ය ප්‍රවේශය ලැබෙන කොට, ලෝක ජනගහණයෙන් සියයට අසූපහක් ජීවත් වන සංවර්ධනය වෙමින් පවතින රටවල විශාල ජනතාවකට එන්නත් සඳහා නිසි ප්‍රවේශය ලැබීම අහිමි වී තිබෙනවා.//

      සංවර්ධනය වෙමින් පවතින රටවල මිනිසුන් ඔවුන්ගේ පසුගාමී අදහස් වලින් මිදී භෞතික සංවර්ධනය ළඟා කර ගැනීම වැදගත් වන්නේ ඒ නිසයි.

      Delete
  2. 'අපේ අය නම් බටහිර රටවලට ගියත් වෙනස් වෙන්නේ නැහැ. මම ළඟදී ජිනීවාවල ජාත්‍යන්තර කම්කරු සම්මේලනයට ගියා. අපි බොහෝවිට අපේ හිතමිත්‍රයන්ගේ තැන්වල ඉන්නේ. එයාලා ඒ රටවල පුංචි ලංකාවක් හදාගෙනයි ජීවත්වෙන්නේ. ගෙදර කන්න උයන්නේ පරිප්පුයි බතුයි. එකතුවෙලා පුංචි පන්සලක් එහෙම හදාගන්නවා. මේක නම් පසුගාමීත්වයක්. මම වතාවක් කටාර් ගියා. අපි යද්දී හොඳ පිළිගැනීමක් එක්ක කිරිබත් හදලා තිබුණා. මහන්සි වෙලා හදලා තිබුණේ. ඒත් මම හිත නොරිද්දාම කීවා මම මෙහෙන් යනකල් මට ලංකාවෙ කෑම නම් එපා කියලා. මම වෙන රටකට ගියොත් එහේ සංස්කෘතිය දැකලා, විඳලා, වෙනස අත්දැකලා ආවේ නැත්නම් වැඩක් නැහැ. එහේ ගිහිල්ලත් කිරිබතුයි ලු‍ණුමිරිසුයි කන්නෙ ඇයි? මේවා විකෘති.
    '
    -ලාල්කාන්ත-

    ReplyDelete
    Replies
    1. "මානුෂික සබඳතා" චුට්ටක් වැඩි වුනොත්...
      https://economatta.blogspot.com/2019/03/blog-post.html

      Delete
  3. ඉකොනොමැට්ටා,

    //රටක් ගත්තත් ප්‍රතිපත්ති සම්පාදනයේදී එකම ඉලක්කය විය යුත්තේ භෞතික සංවර්ධනය නෙමෙයි. එහෙත්, භෞතික සංවර්ධනය නොවන, දියුණුව ලෙස හැඳින්විය හැකි අනෙක් දේවල් කරන්නත් භෞතික සංවර්ධනය අවශ්‍යයි. //

    මේ අදහස සමග එකඟයි, මොකද ලංකාවේ බොහෝ දෙනෙක් යුද්ධය අවසන් වූ පසු පහුගිය දශකය පුරාම කල්පනා කලේ මේ වගේ එකක්, ඒක 2015 සහ 2019/20 දේශපාලන කැම්පේන් වලදී කැපී පෙනුනා, එක අතකින් ලාංකිකයන් සැලකිය යුතු පිරිසක් එහෙම විශ්වාසය තැබීමම හොඳ ලක්ෂණයක්. මොකද එයින් පෙන්වන්නේ බහුතර ජනයා රටේ සියලු අංශ වල දියුණුවක් අපේක්ෂා කරන බව. ඒත් වෘත්තිකයන් සමග රාජ්‍ය තන්ත්‍රය කරන්න කැමතියි කියල කියන එක මිත්‍යාවක් මොකද පහුගිය දවස් වල "වියත්මග" කියලා බ්‍රෑන්ඩ් එකක් හදනකොටම සමාජයේ සැලකිය යුතු පිරිසක් බිඳුනා, "උන් වියත්තු අපි පරිත්තු" වගේ බෙදීමක් හදා ගන්නවා. එහෙම දේශපාලනය කරන්න අමාරුයි.

    මේ දවස්වල ලංකාවේ ආණ්ඩුවේ ඉන්න බලගතු කැබිනට් ඇමතිවරු සියලු දෙනාම පාහේ වියත්මගට ප්‍රබල ලෙස විරුද්ධව හිටියා. ඔවුන් හිතුවේ වියත් මග මහමැතිවරණයේදී ඔවුන්ගෙ ඡන්ද ටික කඩා ගනියි කියලයි. ප්‍රාදේශීය රැස්වීම් සංවිධානය කිරීම්වලදී ගැටුම් පවා ඇති වුණා. එකම දේශපාලන ව්‍යාපාරයක් යටතේ පැවති වියත්මග vs පොහොට්ටුව සීතල යුද්ධයක් තිබුණා. ජනපතිවරණයට නාමයෝජනා දුන්න ගමන්ම ගෝඨාභයව වියත්මගෙන් කඩලා ගත්තා. ඒ වේගවත් වෙන්වීම දුරස්වීම හිඩැසක් ඇතිවීම ලංකාවේ නහිටපු මම පවා හොඳින්ම දැක්කා. අපි හිතුවෙ ඒක තාවකාලික ප්‍රායෝගික දේශපාලන අවශ්‍යතාවයක් කියලයි. මොකද පොහොට්ටුවේ පක්ෂ යාන්ත්‍රණයෙන් තමයි ජනපතිවරණ ව්‍යාපාරය සම්පූර්ණයෙන්ම පාලනය වුණේ. අපි තවමත් හිතන්නේ නැහැ ගෝඨාභය හිතලම ඒක කළා කියා. නමුත් අද ඉන්න ඇමතිවරු නම් ඒක හිතලම කළ දෙයක් බව දැන් මට පැහැදිලියි. වියත්මගේ කාටවත් ඒ "පොලිටිකල්" කපටිකම් ගැන අවබෝධයක් තිබුණේ නැහැ. ඒක සාධාරණයි. මොකද වියත්මගත් එහෙම කපටි වුණා නම් ඉතින් දෙගොල්ලො අතර වෙනසක් නැහැනෙ. නමුත් ඇතුළෙම සිටි සුළු පිරිසක් ඉතා දක්ෂ ලෙස අර ඇමතිවරුන්ට වියත්මග පාවා දුන්නා. ඒ ඔවුන්ගේ පුද්ගලික ලාභ අපේක්ෂාවෙන් බව දැන් පැහැදිලියි. මේ නිසා අවංකව ගෝඨාභය ගැන විශ්වාසයෙන් හිටිය පිරිසට එහෙම සංවිධානය වෙන්න බැරි වුණා. ඒකට නායකත්වය දෙන්න කවුරුවත් හිටියෙත් නැහැ. ඒකත් සාධාරණයි. මොකද වෘත්තිකයන් එහෙම බල අරගල කරන්න එතරම් කැමති පිරිසක් නොවෙයි. ඔන්න ඕවා තමයි යථාර්ථයන්. අන්තිමට වුණේ පරණ හොරු ටිකම නැවත ඇමතිලා වුණා. ගෝඨාභයට වැඩ කරන්න වෙලා තියෙන්නෙ ඔවුන් එක්ක. ඔහුත් ඒකට සෑහෙන දුරට වගකියන්න ඕනා. නමුත් දැන් පමා වැඩියි. වෘත්තිකයන් සමග රාජ්‍ය තන්ත්‍රය කරන්න ලංකාව තවම සූදානම් නැහැ. වියත්මගට අවස්ථාව ලැබුණා නම් කොහොම වෙයිද කියා අපට දැනගන්න බැරි වුණා. ඒකත් සමහර වෙලාවට අසාර්ථක වෙන්න පුළුවන් කියා මම හිතනවා. මේවා ඉතාම වටිනා පාඩම්. වැදගත් වන්නේ ඒ පාඩම්වලින් ඉගෙන ගැනීමයි.

    ReplyDelete
    Replies
    1. වියත් මග ගැන මගෙත් විශ්වාසයක් තිබුනා. නමුත් වියත් මගේ සෙට් එක ලොකු දෙයක් හිතලා රට ගොඩ දාන්න කරන පාටක් පේන්නේ නැහැ. ඔව්නුත් දින්නට පස්සෙ අනිත් සාම්ප්‍රදායික දේශපලකයෝ වගේ වැඩබැරි ටාසන්ලා බවට පත්වුනා. එකෙන් තමයි ඒ ඔක්කොම කැපිලා ගියේ. ගෝටාභයටත් ඔවුන් කපලාදාලා අනිත් අය එක්ක වැඩ කරනවා හැරෙන්න වෙන විකල්පයක් නැති උනා. ඒක වියත්මග සාමාජිකයිනුත් දැනගත යුතුයි.

      //රටක ආර්ථිකය සමස්තයක් ලෙස ප්‍රසාරණය වන විට ඒ රටේ පහළ ස්ථර වල සිටින අයගේ ජිවන තත්ත්වයත් වඩා යහපත් වෙනවා. ආර්ථිකය ප්‍රසාරණය කරන්න වැඩි දායකත්වය දෙන සීමිත පිරිසට ඒ වැඩේ කරන්න ඉඩ නොදුන් විට වෙන්නේ සමස්තයක් ලෙස ආර්ථිකය එක තැන පල් වෙන එකයි. එයින් දිගුකාලීනව වෙන්නේ ඒ සීමිත පිරිසගේ වගේම පහළ ස්ථර වල සිටින අයගේත් ජිවන තත්ත්වය අයහපත් වෙන එකයි. //

      ලංකාවේ ආර්ථිකය ප්‍රසාරණය වීමට පෝට් සිටි එක යොදා ගන්න පුළුවන් වෙයි ද? පසුගිය වසර 10 ඇතුලත ඇමරිකා එක්සත් ජනපදය හෝ යුරෝපය පෝට් සිටි වගේ ලොකුම ව්‍යාපෘතියක්‌ සඳහා ආයෝජනය කරපු අවස්ථාවක් පෙන්වන්න පුලුවන්ද? ඒ රටවල් වලට එහෙම ආයෝජන කරන්න දැන් සල්ලි නෑ සහ ඇමරිකාවේ කර්මාන්ත ශාලා පවා ගිහින් චීනෙට කියලා කියන්නේ ඇත්ත ද?

      ඔය වගේම අපි පොඩි කාලෙ අවුරුදු විස්සකට විතර කලින් හාමුදුරුවෝ පාර්ලිමේන්තු ගියා සංඝ සමාජයම පච උනා. මම දකින්නේ මේකත් ඒකෙම දිගුවක්. මේ ක්‍රමයට රහ වැටුණ වියත්තු කියල ගිය අය මොනවා හරි කිය කිය පාර්ලිමේන්තුවේ ඉන්න පුරුදු වෙයි.

      ඉකොනොමැට්ටා ලංකාවේ අවංක මිනිස්සු ඉතාමත් විරලයි, අපි දැන් තිස් අවුරුද්දක් විතර ලංකාවේ ජීවත් වෙලා හෝ පිට රට සිට ලංකාවේ දේවල් සමීපව නිරීක්ෂණය කර තිබෙනවා. මම දන්නවා ඉකොනොමැට්ටා මගේ ප්‍රකාශයට එකඟයි කියා.

      ඒ නිසා මිනිස්සු හදන්නේ නැතුව/ හැදෙන්නේ නැතුව මේක පාර්ලිමේන්තු ගිහින් විතරක් කරන්න බෑ. දැනුම ආකල්ප තර්ක බුද්ධිය කොහොම හරි පුලු පුලුවන් විදිහට අපේ කුඩා ළමයින්ට ඉදිරියේදීත් දෙන එක තමයි අපට කරන්න පුළුවන් එකම දේ, එතකොට තව අවුරුදු 50 කින් වත් ලංකාවේ ආර්ථිකය ශක්තිමත් කරගෙන හොඳ පාලන ක්‍රමයක් ස්ථාපිත කර ගන්න පුළුවන් වෙයි.

      Delete
  4. අපේ රටේ උගතුන්, පිළිගත හැකි වියතුන්, පූජනීය නායකයන් පවා දේශපාලනයට ආවාම මොකද වුණේ?

    1. එක්කෝ එයාලාත් අන්ත දූෂිත අශූචි වළේ ගිලුණා, පවතින ක්‍රමයට අනුගත වෙලා. හොඳම දේ ඒ අය හිටිය එවුන්ටත් වඩා අන්ත වෙච්චි එක.
    2. අනෙක් පිරිසට වැලේ වැල් නැතිව නන්නත්තාර වෙන්න වුණා.... (පිරිසකගේ පාවා දීම් හා පත්වූ නායකයන්ගේ ක්‍රියා කලාප නිසා.)

    ඉස්සෙල්ලා වෙනස් කරන්න වෙන්නේ ජනතාවද- පවතින ක්‍රමයද?

    ReplyDelete
    Replies
    1. ඔය දෙකෙන් එකක්වත් සැලසුම් කරලා වෙනස් කරන්න අමාරුයි, නිදි. දෙකම කාලයත් එක්ක හෙමිහිට ටිකෙන් ටික වෙනස් වෙන්න ඕනෑ. ඒ වගේම, එකකට කලින් අනෙක් එක කියල එකක් නැහැ. එකක් වෙනස් වෙනකොට අනෙක් එකත් වෙනස් වෙනවා.

      Delete
    2. නිදී,

      ඔය සේරටම වඩා හොඳයි ලෝකයේ ඉදිරියට සිදුවන ආර්ථික හා දේශපාලන ප්‍රවණතා තේරුම් ගෙන ඊට අනුව හැඩ ගැසීම, තවත් විස්තර කරනවා නම් මේ දවස් වල ලංකාවේ තරුණ පරපුර තුල වර්ධනය වන චීන භාෂාවෙන් ලියන රැල්ලක් යනවා නේද? ඇත්තටම අපි කැමති වුණත්, අකමැති වුණත්, චීන ජාතිකයන් ලෝකයේ ඉදිරියටම යන එක ඇමරිකානු, යුරෝපීය, ඉන්දියානු හෝ වෙන කාටවත්ම වළක්වන්න බැරිබව අපටත් පිළිගන්න වෙනවා අකමැත්තෙන් උනත්. ඒ නිසා අපි විතරක් නෙමෙයි, මුළු ලෝකෙම චීන බස ඉගෙනගෙන හිටියොත් හොඳයි වගේ.

      චීනයෙ ප්‍රධානම භාෂාව "මැන්ඩරින් කියන නමකින් ප්‍රසිද්ධ වී ඇති භාෂාව", ඉතින් චීන අය තමන්ගෙ භාෂාව ලියනව නෙමෙයි අඳින එකනෙ කරන්නෙ. ඉතින් ඒ අයත් ලංකාවේ දුප්පත් ජනතාව වගේම අකුරු ලස්සනට ලියන්න පොඩි කාලෙ ඉදන්ම හුරු වෙනව. අඳින එක කලාවක් කියල හැමෝම දන්නවනෙ. කලාවට ලැදි අය බොහොමයක්ම මොලයේ දකුනු පැත්ත වැඩි පුර භාවිත කරනව කියලත් හැමෝම වගෙ අහල ඇති.

      ඒ වගේම ගණිතය ගත්තම මොලෙ වම් පැත්තට අදාල දෙයක්. ඒ කියන්නෙ තාර්කික දැනුම තියෙන්නෙ වම් පැත්තෙ. ඉතින් හිතන්නකො අපි 28 කියන ඉලක්කමට සිංහලෙන් විසි අට වගේම ඉන්ග්‍රිසියෙන් twenty eight කියල කිව්වට චීන අය මේ ඉලක්කමෙ සැකස්මත් සිහියට නැගෙන විදියට තමා උච්චාරණය කරන්නෙ.

      උදාහරණයක් විදියට; 28 = (二十八) ඈර් ස්චී බාහ් Èr shí bā ඒකෙ සිංහල වචන ටිකේ තේරුම "දෙක දහය අට" .. ඔහොමයි ඒ අය ඉලක්කම් උච්ඡාරණය කරන්නෙ

      තව උදා -: 17,000 = යී වං ඛ්ක්ෂී ඛ්ශ්යාං "yī wàn qī qiān" .. ඒකෙ තේරුම one ten thousand seven thousand (එක දහදාහයි හත දාහයි) [1 + '0,000 + 7 + 000 = 17,000], මැන්ඩරින් වල 10ට වැඩි හැම ඉලක්කමක්ම උච්චාරණය ඔහොමයි

      ඉතින් ඒ විදියට ඒ ඒ ඉලක්කම් වල ගණිත සැකස්ම කොටසින් කොටස එකතු වෙන විදිය සිහියට නගලා උච්චාරණය කරන්ව වගේම එයලගෙ මැන්ඩරින් අකුරු ලියන්නෙ නෑ අඳිනව. ඒ නිසා එයාලගෙ මොළේ වම සහ දකුණ යන දෙපැත්තම ඉතාමත් හොදින් ක්‍රියා කරනව වගේම දෙපැත්තෙම ක්‍රියාකාරිත්වය එකිනෙකට සමානත් වෙනව කියලා පර්යේෂණ වලින් අනාවරණය වී තියෙනවා.

      මම පහළින් ඒ අයගෙ භාෂාවෙ සංඛ්‍යා උච්චාරණය කරන විදිය ෆොනටික් විදියට පොඩ්ඩක් දාන්නම්

      0 零 Líng = බින්දුව (ල්යෑං)
      1 一 Yī = එක (යී)
      2 二 Èr = දෙක (ඈර්හ්)
      3 三 Sān = තුන (සං)
      4 四 Sì = හතර (ශී)
      5 五 Wǔ = පහ (හ්ව්යූ)
      6 六 Liù = හය (ල්යූ)
      7 七 Qī = හත (ඛ්ශී)
      8 八 Bā = අට (බාහ්)
      9 九 Jiǔ = නවය (ජ්‍යූ)
      10 十 Shí = දහය (ෂී)
      11 十一 Shí yī = දහය එක (ෂී යී)
      12 十二 Shí èr =දහය දෙක (ෂී ඈර්හ්)
      13 十三 Shí sān = දහය තුන (ෂී සං)
      14 十 四 Shí sì =දහය හතර (ෂී ශී)
      15 十五 Shí wǔ = දහය පහ (ෂී හ්ව්යූ)
      16 十六 Shí liù = දහය හය (ෂී ල්යූ)
      17 十七 Shí qī = දහය හත (ෂී ඛ්ශී)
      18 十八 Shí bā = දහය අට (ෂී බා)
      19 十九 Shí jiǔ = දහය නවය (ෂී ජ්‍යූ)
      20 二十 Èr shí = දෙක දහය (ඈර්හ් ෂී)

      හැබැයි ලොකු සංඛ්‍යා වලට යනකොට තව පොඩි පොඩි වචන කීපයක් එකතු වෙනව. හැබැයි මේ විදියටම තමයි ඒ වචනත් එකතු කරගන ඉස්සරහට ගනන් කරන්නෙ

      ඉතින් මේ බස ටිකක් සංකීර්ණයි .. පොඩි කාලෙ ඉදන්ම පුහුණු නොවුන කෙනෙක්ට ටිකක් පැටලිලි සහගත භාෂාවක් වෙන්න පුලුවන්.. අකුරු අඳින පැත්ත කෙසේ වෙතත් ගණිතයට දස්කම් නොදක්වන අයට නම් මේ භාෂාව කොහොමත් පැටලිල්ලක්. ඒ නිසා ඒ ගැන කල්පනාවෙන් ඉගෙන ගන්න වෙනවා.

      Delete
  5. ඉකොනොමැට්ටා දැනට වසර කිහිපයකට පෙර ශ්‍රී ලංකාවේ කර්මාන්ත ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් ලෙස ඇතැම් ජඩ මාධ්‍ය වලින් හඳුන්වා දුන් දෙයක් ගැන පැහැදිලි කිරීමක් කරන්න පුළුවන් ද? මෙය ආර්ථික වශයෙන් සාර්ථක දෙයක් ද?

    මේ එම වාර්තාව ඔබේ අවධානයට;

    //අකුණක් නොඑසේනම් හෙණයක් හීලෑ කරගත්තොත් එය කෙබඳු වනු ඇද්ද? ඒ කතාව ‘හෙණ පිස්සුවක්’ ලෙසින් ඔබට සිතෙනන්ට ඉඩ තිබේ. එහෙත් හෙණයක් හීලෑ කර එහි සැර බාල කරගතහොත් එය ‘හෙණ පහසුවකි’. කර්මාන්ත ක්ෂේත්‍රයේ මහා විප්ලවයක් කර ගැනීමේ හැකියාව හීලෑ කරගත් හෙණයකට තිබේ. එහෙත් හෙණයක් හීලෑ කිරීමට හැකි ජගතෙක් සිටීද? පිළිතුර නම් ‘ඔව්’ ය. ඒ දෙවියෙක්ද, යක්ෂයෙක්ද? නැත. ඒ මනුස්ස පිරිසකි. වෙන රටක නොවේ, ඔවුන් ඉන්නේ අප රටේමය. ඒ මොරටුව විශ්වවිද්‍යාලයේ ද්‍රව්‍ය විද්‍යා අංශයේ පිරිසකි.

    ඔවුන් එකතුව නිපදවූ මේ ‘සැර බාල කර ගත් හෙණය’ මෙරට කර්මාන්ත ක්ෂේත්‍රයේ විප්ලවීය වෙනසක් සිදුකිරීම පිණිස සීරුවෙන් තබා ඇත. මේ ඒ පිළිබඳ විස්තරයයි.

    මෙම ‘හීලෑ කරගත් හෙණය යනු’ ප්ලාස්මා තාක්ෂණයෙන් නිපද වූ නවතම යන්ත්‍රයකි. ‘ප්ලාස්මා’ යනු විශ්වයේ පවතින පදාර්ථ වර්ගයකි. අපි පදාර්ථය හැඳින්වීමේදී වැඩි වශයෙන් ඝන, ද්‍රව, වායු යන්නෙත් කතා කළත් ප්ලාස්මා නම් වූ පදාර්ථමය අවස්ථාවක්ද එහි තිබේ. පදාර්ථයේ සෙසු අවස්ථා සමග සංසන්දනය කිරීමේදී ප්ලාස්මා යනු විශ්වයේ වැඩියෙන්ම පවතින එකී ස්වභාවයයි. මෙය අයනීකරණය වූ වායුමය අවස්ථාවක් ලෙසින් හැඳින්වීම වැරදි නැත. අධික උෂ්ණත්වයන්, අධි වෝල්ටීයතාවයන් යටතේ මෙම ප්ලාස්මා ඇතිවේ. අකුණක් කෙටීමේදී ප්ලාස්මා අවස්ථාව මහා පරිමාණයෙන් ස්වභාවිකව උපදී. එය ඉතාම විනාශකාරීය. සූර්යා මත ඇති ස්වභාවය හේතුවෙන් ඒ මතද ප්ලාස්මා ඇතිවේ. ඒවා උණුසුම් ප්ලාස්මා හෙවත් තර්මල් ප්ලාස්මාය. ඒවායේ ශක්තිය අධික බැවින් ඉන් ප්‍රායෝගික මට්ටමේ සෙතක් නැත. එහෙත් විදුලිබලය යොදාගනිමින් කෘත්‍රිමව සැකසූ තත්ත්වයන් තුළ හීලෑ කළ මට්ටමෙන් හෙවත් සැර බාල කළ ප්ලාස්මා නිපදවීමේදී එවායින් ගත හැකි ප්‍රයෝජන අතිමහත්ය. මෙම සැර බාල කළ ප්ලාස්මා ‘කෝල්ඩ් ප්ලාස්මා’ හෙවත් ‘සිසිල් ප්ලාස්මා’ නම් වෙයි. එහි ඇති සුවිශේෂී භෞතික හා රසායනික හැසිරීම මත එය එක්තරා ආකාරයකින්, හිතූ පැතූ දේ ලබාදෙන කප්රුකක් වැනිය.

    එම ‘කෝල්ඩ් ප්ලාස්මා’ වල හැකියාව කොතෙක්ද යත්, යම් නිෂ්පාදනයකදී ගලවන්න බැරි වෙන්න අලවන්න මෙන්ම අවශ්‍ය තැනදි කරදරයක් නැතිව ගලවාගන්නටත්, මැකෙන්නේ නැතිව පින්තාරු කරන්නට මෙන්ම, අවශ්‍ය නම් ජල පිරිපහදුවටත්, පලතුරු වැනි ආහාර කල්තබා ගන්නත් ආදී එකී මෙකී නොකී බොහෝ දේ එයින් කළ හැකිය.

    ප්ලාස්මා තාක්ෂණය බොහෝ ප්‍රයෝජනවත්ය. ලොව පවතින තාක්ෂණයන් රැසක් දියුණු තියුණු කිරීම සඳහා මෙය තවමත් උපකාරකය. මෙම තාක්ෂණය ලොව දියුණු රටවල් සිය කර්මාන්ත වෙනුවෙන් යොදාගනියි. නමුත් ශ්‍රී ලංකාවට මෙය තවමත් ආධුනිකය.

    ජාත්‍යන්තර මට්මටින් ප්ලාස්මා තාක්ෂණය යොදා ගත්තද එය අපට ඔරොත්තු නොදෙන තරම් මිල අධිකය. එහි අලුත්වැඩියාවක් හෝ නඩත්තුවකදී පිටරට විශේෂඥයන් කැඳවීමට සිදුවන බැවින් ඒ වෙනුවෙන්ද මහත් පිරිවැයක් දැරිය යුතුය. අධි තාක්ෂණික විද්‍යාත්මක උපාංග ගණයට වැටෙන ප්ලාස්මා යන්ත්‍රයක් පිටරටින් මිලදී ගැනීම සඳහා රුපියල් මිලියන 40ක් පමණ වැයවෙයි. එබැවින් අප වැනි රටක කර්මාන්ත අවශ්‍යතා වෙනුවෙන් ප්ලාස්මා තාක්ෂණ යන්ත්‍ර යොදාගැනීම ලෙහෙසි පහසු නැත.

    නමුත් මෙම තාක්ෂණය පිට රටින් ගෙන්වනු වෙනුවට අප රටේ ‘පැළ කිරීමේ’ වගකීම ජාතික යුතුකමක් ලෙසින් සිතූ තුන් කට්ටුවක් සහ ඔවුන්ගේ ශිෂ්‍යයකු විසින් භාරගෙන තිබේ. ඒ අනුව යමින් මොරටුව විශ්වවිද්‍යාලයේ ආචාර්ය ශාන්ත අමරසිංහ, ආචාර්ය දිනේශ් ආටිගල සහ ද්‍රව්‍ය විද්‍යා ඉංජිනේරු අංශයේ හිටපු ප්‍රධානී සම්පත් වේරගොඩ යන මහත්වරුන්ගේ අධීක්ෂණයෙන් ඔවුන්ගේ ශිෂ්‍ය තිසර සඳරුවන් විසින් මොරටුව විශ්වවිද්‍යාලයේ විද්‍යා ඉංජිනේරු අධ්‍යයන අංශය තුළ, ප්ලාස්මා තාක්ෂණය මෙරට ඉංජිනේරු කර්මාන්තය තුළ ස්ථාපිත කිරීමේ ශඛ්‍යතා අධ්‍යනයක් ලෙසින් ‘ප්ලාස්මා ප්‍රතිකාර ඒකකයක්’ පසුගියදා නිර්මාණය විය. මෙරට නිපදවූ එම පළමු ප්ලාස්මා යන්ත්‍රය ගැන ලැබෙන ප්‍රතිචාර ඉහළය. එහි කාර්යසාධනයද ඉතාම ඉහළ බව සනාථ වී තිබේ. මෙම ප්ලාස්මා යන්ත්‍ර නිපදවන අනෙක් රටවල එම එක් යන්ත්‍රයක් බොහෝදුරට එක් විශේෂිත කාර්යයක් උදෙසා පමණක් යොදාගත්තද, මොරටුව විශ්වවිද්‍යාලයේ හැදූ ප්ලාස්මා යන්ත්‍රය කාර්යයන් රැසක් වෙනුවෙන් යොදාගත හැකිය. එනම් එය බහුකාර්ය ප්ලාස්මා යන්ත්‍රයකි. එහි සාර්ථකත්වය කොතෙක්ද යත් තවත් බොහෝ කර්මාන්ත ක්ෂේත්‍රවලට අදාළව එම ප්ලාස්මා යන්ත්‍ර මෙරටදීම නිපදවාගැනීමේ හැකියාව ද එයින් පෙන්නුම් කර ඇත. මෙහි වැදගත්ම දෙයනම්, මේ සා සාර්ථකව ක්‍රියාකරන මෙම යන්ත්‍රය නිපදවීමට ඔවුන්ට වැයවී තිබුණේ ලක්ෂ 12ක පමණ මුදලක් වීමය. සරල කර්මාන්ත අවශ්‍යතා වෙනුවෙන් නම් එම යන්ත්‍රයක් දේශීය වශයෙන් රුපියල් ලක්ෂ දෙක තුනක මුදලේ සිට නිපදවීමේ හැකියාව ඔවුන් සතුය. එය මෙරට කර්මාන්ත ක්ෂේත්‍රය උදෙසා සුභාරංචියකි.//

    ReplyDelete
    Replies
    1. //මේ සමගම වයඹ විශ්වවිද්‍යාල කෘෂි අධ්‍යයන පීඨයේ ආචාර්ය බී.රණවීර සහ ආචාර්ය කමනි රණවීර සමග එක්ව මෙම යන්ත්‍රය ප්‍රායෝගිකව යොදාගැනීමේ කටයුත්තක පළමුව නිරත විය. ඒ මෙරට නිපදවන ‘කැවැන්ඩිෂ් ’ නමැති කෙසෙල් වර්ගය කල්තබා ගැනීම වෙනුවෙනි. දේශීයව නිපදවෙන එම කෙසෙල්, අපනයනය කිරීමේදී හෝ යම්කාලයක් තබාගැනීමේදී පළමුව නැට්ට පැත්තේ සිට කුණුවීම සිදුවේ. ඒ සඳහා එකම පිළියමව තිබුණේ ගෙඩියේ නැට්ට පැත්තේ රසායනික ආලේපනයක් සිදුකර කුණුවීම සිදුකරන එම බැක්ටීරියා ක්‍රියාකාරීත්වය වැළැක්වීමයි. නමුත් මේ සඳහා ප්ලාස්මා ප්‍රතිකාරය කළ විට එහි ඇති අයනීකරණ ශක්තිය මගින් එම බැක්ටීරියාවන් සහමුලින්ම විනාශ වී කිසිදු රසායනික ද්‍රව්‍යයක භාවිතයෙන් තොරව එම කෙසෙල් කල්තබාගැනීමට හැකියාව ලැබිණි. ඒ අනුව මොරටුව විශ්වවිද්‍යාලයේ මෙම ‘විශ්වකර්මය’ සහමුලින්ම සාර්ථක බව ඔප්පු විය. ආහාර කල්තබාගැනීම උදෙසා ‘තොග වශයෙන්’ රසායන ද්‍රව්‍ය යොදන අප වැනි රටකට එම මාරක ක්‍රමවේදය බැහැර කර සෞඛ්‍යසම්පන්න වීම සඳහා මෙම ප්ලාස්මා තාක්ෂණය මොන තරම් උපකාර කර ගත හැකිද?

      අප මෙතෙක් ප්‍රමාද වුවත් ලෝකයේ අනෙක් දියුණු රටවල් ආහාර සැකසුම් කර්මාන්ත වල දී නව තාක්ෂණයක් ලෙස ප්ලාස්මා භාවිතයට ගනු ලැබේ. වසර ගණනාවක් මුළුල්ලේ පර් යේෂණ වලින් සනාථ කර ඇති පරිදි ආහාරවල නැවුම් බව සුරැකෙන පරිදි ක්ෂුද්‍ර ජීවී හරණය සඳහා සිසිල්- ප්ලාස්මා තාක්ෂණය යොදා ගැනීමේ හැකියාව පවතී.

      එපමණක් නොව ප්ලාස්මා ප්‍රතිකාරකයක් සතු බැක්ටීරියා නාශක ගුණය යොදාගනිමින් අවශ්‍යනම් පසෙහි ඇති වෛරසයන් ඉවත් කිරීම පිණිසත් මේ තාක්ෂණය යොදාගත හැකිය. ඒ අනුව විෂ රසායනවලට ‘ටටා’ කියා මෙරට කෘෂිකර්මාන්තයට සෞඛ්‍යසම්පන්න ජීවයක් දීම පිණිස මෙය යොදාගැනීමේ අවකාශය දැන් අප ඇස් පනාපිට තිබේ.

      ප්ලාස්මා තාක්ෂණය තුවාල සුව වීම වේගවත් කිරීමේ උපක්‍රමයක් ලෙස ද යොදා ගත හැකි බවට මෑත කාලීන පර් යේෂණවලින් තහවුරු වී තිබේ. තුවාල මත බැක්ටීරියා ගහනය වර්ධනය වීම හේතුවෙන් සුව වීම ප්‍රමාද කරන අතර රෝග කාරක බැක්ටීරියා විශාල ප්‍රමාණයක් විනාශ කිරීමේ හැකියාව ප්ලාස්මා ප්‍රතිකාරක තාක්ෂණය සතු ව පවතින බවට විද්‍යාගාර තත්ත්ව යටතේ සනාථ කර තිබේ.

      අවශ්‍ය නම් මෙහි ඇති විෂබීජ නාශක ගුණය යොදාගනිමින් ශල්‍ය උපකරණ ආදිය පිරිසිදු කරගැනීමේ හැකියාව ඇති අතර ඒ ආකාරයෙන්ම තුවලවල විෂබීජ හරණය පිණිස මෙම තාක්ෂණය යොදාගැනීමේ හැකියාවද දැන් මෙරට පර්යේෂණ මට්ටමේ ඇත.

      වියළි හාල්මැස්සන්, කරවල ආදී දෑද කිසිදු රසායනික ද්‍රව්‍ය යෙදීමකින් තොරව කල්තබාගැනීම සඳහා ප්ලාස්මා තාක්ෂණය ඉතාම පහසුවෙන් යෙදිය හැකිවේ.

      සපත්තු ඇලවීම සහ වෙනත් කර්මාන්ත අංශවල තදින් ඇලවීම පිණිස කුමන වර්ගයේ ගම් වර්ග යොදාගත්තද ටික කලකින් එම පෘෂ්ටයන් ගැලවී වෙන්වේ. එයට හේතුව අලවන අවස්ථාවේ එම පෘෂ්ටයන් මත ඇති ක්ෂුද්‍ර දූවිලි අංශු ආදියේ බලපෑමයි. නමුත් ප්ලාස්මා තාක්ෂණය යෙදූ විට එහි ක්ෂුද්‍ර දූහුවිලි අංශු සහමුලින්ම ඉවත්වී ආයේ කිසිදාක නොගැලවෙන්න ඇලවිය හැක. එසේම අච්චුවක් යොදාගනිමින් කරන සමහරක් නිෂ්පාදන සිදුකිරීමේදී එම අච්චුව සහ නිෂ්පාදන ද්‍රව්‍යය එකට ඇලීමෙන් වළක්වා හෙවත් අච්චුවෙන් පහසුවෙන්ම ගලවාගැනීම සඳහාද මෙය යොදාගත හැකිය.

      මතුපිට ආලේපන හෙවත් ‘ස්ර්ෆෙස් කෝටින්ග්’ නම් වූ ආලේප කිරීමේ කර්මාන්තයේද මහා පෙරළියක් කිරීමේ හැකියාවද මෙම ප්ලාස්මා නමැති තාක්ෂණය සතුය. ප්ලාස්ටික් හෝ රබර් වැනි පෘෂ්ටයන් මත අකුරු ආදිය මුද්‍රණය කිරීමේදී ඒවා ඉක්මනින්ම මැකීයෑම මෙවැනි නිෂ්පාදන කර්මාන්තවලට විසඳාගත නොහැකි පැනයක් ව තිබුණි. උදාරහණයක් ලෙසින් පයිප්ප ගම් ආදී බෝතල්වල මතුපිට මුද්‍රණය කරන අකුරු ඉක්මනින්ම මැකී යෑම පෙන්වා දිය හැකිය. නමුත් මෙම ප්ලාස්මා ප්‍රතිකාරය මගින් ‘ගලේ කෙටූ අකුරක් මෙන්’ එවැනි පෘෂ්ටයන් මත මුද්‍රණයන් කළ හැක. විදුලිය සන්නයනය කරන රැහැන් හෙවත් ‘වයර්’ මත අකුරු සහ ලකුණු ආදිය මුද්‍රණය කිරීමේදීද වැඩි කල් නොගොස් ඒවා මැකී යෑම හේතුවෙන් එම කර්මාන්ත ක්​ෙෂ්ත්‍රයට වැලඳී තිබූ හිසරදයට ද මෙම ප්ලාස්මා ප්‍රතිකාරය ප්‍රත්‍යක්ෂ ‘බෙහෙතකි’.

      එසේම ජල විකර්ෂක පෘෂ්ටයන් නිර්මාණයටද මේ තාක්ෂණය යොදාගත හැකිය.

      ප්ලාස්මා ප්‍රතිකාරක තාක්ෂණය ජල පිරිපහදුව වෙනුවෙන්ද යොදාගත හැකිය. එහිදී රසායනික ද්‍රව්‍ය යොදාගැනීමෙන් තොරව ජලය පිරිපහදුවට ලක්කළ හැක. ඒ අනුව ක්ලෝරීන් යෙදීම ආදියේදී ඇතිවන අප්‍රසන්න රසය සහ ගන්ධය මෙන්ම වෙනත් අතුරු ප්‍රශ්න නොමැතිව ජලයේ විෂබීජ හරණය කරදීමට ප්ලාස්මා ඉදිරිපත් වනු ඇත.

      මේ සඳහන් කළේ ප්ලාස්මා තාක්ෂණය නමැති වේදිකාව මත දියණු කළ හැකි කර්මාන්ත ක්ෂේත්‍රයන් කිහිපයක් පමණි. මෙහි හැකියාවන් තවත් බොහෝ කේෂ්ත්‍රවල විහිදේ.

      මෙකී ප්ලාස්මා තාක්ෂණික ඒකකය ක්‍රියාත්මක කිරීම සඳහා අමුද්‍රව්‍ය ලෙස යොදාගන්නේ අයනීකරණයට ලක්වන වායුවක් පමණි. එයට අමතරව මෙහි ක්‍රියාකාරිත්වයට අවශ්‍ය විදුලිය පමණි. ඒ අනුව මෙය අවම පිරිවැයකින් ක්‍රියාත්මක කළ හැකි තාක්ෂණයකි. අතිශය ලාභදායී යොදාගැනුමකි. ඉතාම සෞඛ්‍යාරක්ෂිත යෙදවුමකි.//

      Delete
    2. //මෙතෙක් ආගන්තුක වූ මෙම තාක්ෂණය ඉතාම අපූර්ව අන්දමින් සහ අවම පිරිවැයකින් අප රට තුළම නිපදවීමේ හැකියාව ඔප්පු කර ඇති මේ මොහොතේ රජය විසින් කළ යුත්තේ කුමක්ද? මෙම ප්ලාස්මා ප්‍රතිකාරක තාක්ෂණය ක්‍රියාවට නැංවෙන කිහිපාකාරයක යන්ත්‍ර නිෂ්පාදනයට මොරටුව විශ්වවිද්‍යාලයට අවශ්‍ය ප්‍රතිපාදන සැපයීමය. එම යන්ත්‍ර නිපදවීමෙන් අනතුරුව මෙරට කර්මාන්ත ක්ෂේත්‍රයේ ප්‍රජාවට සිය කර්මාන්තයේ නිෂ්පාදනය දියුණුකර ගැනීම පිණිස යොදාගත යුත්තේ මේ අතුරින් කුමන ප්ලාස්මා තාක්ෂණ යන්ත්‍රය දැයි ප්‍රායෝගිකව පරික්ෂා කළ හැකිය. එවැනි අවස්ථාවක් යෙදුණහොත් මෙය මෙරට කර්මාන්ත ක්ෂේත්‍රයේ රැල්ලක් බවට එය පත්වනු නොවැළැක්විය හැකිය. ආහාර නිෂ්පාදනය සහ කල්තබාගැනීම ආදියේදී ඉවක් බවක් නැතිව වස විස භාවිතා කළ රටක් වචනාර්ථයෙන්ම ‘වස විස නැති රටක්’ බවට පත්කළ හැකිය.

      එනම් මෙරට කර්මාන්තයන්ගේ ‘සුරබිදෙන’ බවට ප්ලාස්මා තාක්ෂණය පත්කළ හැකිය.//

      ආරංචි වුණ විදියට මේ ජඩ මාධ්‍ය මගින් පච ප්‍රචාරය කළ පරිදි රජයේ මැදිහත්වීමක් නොවූ අතර පුද්ගලික අංශයේ නිෂ්පාදන සමාගම් සමග එක්ව මෙම යන්ත්‍ර ලංකාවේ නිපදවා දැනට පර්යේෂණ කරමින් භාවිතා කරන බවයි. මේක ආර්ථික විද්‍යාත්මකව කාර්යක්ෂම සහ ඵලදායී යන්ත්‍රයක් ද? ඔබ මේ ගැන හිතන්නේ කුමක්ද?

      Delete
  6. එකෝන්,

    පහුගිය කාලේ ලංකාවේ හිටපු සෞඛ්‍ය ඇමති සහ නූතන සජබ මන්ත්‍රී වෛද්‍ය රාජිත සේනාරත්න සහ ඔහුගේ සමීපතමයන් වන හිටපු එජාප මන්ත්‍රී හෙද වෘත්තීය සමිති නායක සමන් රත්නප්‍රිය, පී එච් අයි වෘත්තීය සමිති සභාපති උපුල් රෝහණ, වෛද්‍ය රසායන ශිල්පී වෘත්තීය සමිති සභාපති රවී කුමුදේශ් වැනි පිරිසක් විසින් ලංකාවේ මතයක් ගෙන ගියා ආණ්ඩුව චීනයෙන් ආනයනය කරන සයිනොෆාර්ම් එන්නත් ඉතා බාල බවත් එය අසාර්ථක බවත් ඉන්දීය සහ ඇමරිකානු වැක්සීන අවශ්‍ය බවත්.

    නමුත් ආණ්ඩුවේ සෞඛ්‍ය සේවා වල අය පවසන්නේ ඇමරිකානු වෛද්‍ය සංගමය මගින් නිකුත් කළ JAMA ජර්නලය මගින් සීනෝෆාර්ම් එන්නතේ සායනික අත්හදා බැලීම - අධියර 3 පිළිබඳව ලොව පළමු සම්පූර්ණ දත්ත සටහන ප්‍රකාශයට පත් කර තියෙන බවත් ඒ අනුව;

    //සයිනෝෆාර්ම් දෙවන මාත්‍රාවෙන් දින 14 කට පසු සායනික පරික්ෂණ මගින් පෙන්නුම් කල කාර්යක්ෂමතා දත්ත අනුව කතාව මෙසේ බවත්;

    01. කොවිඩ් ආසාධිතව බරපතල තත්වයට පත්වීම් 100%ක් වලක්වයි.

    02. කොවිඩ් ආසාධනය වීම 72.8 - 78.1% දක්වා වලක්වයි.

    03. කොවිඩ් වෛරසය උදාසීන කරන ප්‍රතිදේහ නිපදවීම 99% දක්වා.//

    මේ දත්ත හා තොරතුරු සත්‍ය ද? ආණ්ඩුව දැනට ලංකාවේ මිලියන 22 ක්පමණ ජනයා ගෙන් මිලියන 14 ක් පමණ සයිනොෆාර්ම් වැක්සීන කිරීමට යනවා, මේ යටතේ වැක්සීන ලබාගන්නා එක හොඳයි ද? මේ නිසා විය හැකි අතුරු ආබාධ ඇතිවිය හැකි නේද?

    ඒ වගේම ඉදිරියටත් වයස අවුරුදු 12 න් ඉහළ ළමයින්ට ෆයිසර් හෝ රුසියානු/ චීන නිෂ්පාදිත ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය සහිත එන්නත් ලබා දීමට සැලසුම් සකස් කරන බව පැවසේ. මේ ගැන ඇමරිකානු අත්දැකීම් වලින් යම් උපදෙසක් ලබාදිය හැකිද?

    ReplyDelete
    Replies
    1. සයිනෝෆාර්ම් ගහ ගන්නවද?
      https://economatta.blogspot.com/2021/05/blog-post_9.html

      Delete
  7. Hi Econ,

    As the global leader in international development aids and the global welfare programs including public health assistance, the U.S. has committed to helping Sri Lanka to combat the crisis of COVID-19 which is in a critical stage in SL with critical supplies to fight the pandemic.

    Accordingly, the American people donated 4,700 PCR tests today to Sri Lankan authorities.

    This is part of huge scale donation programs to the Democratic Republic of Sri Lanka totalled over $8 million worth multi disciplinary development aids that the U.S. has contributed to the rapid development of the economy and community welfare of Sri Lanka since January 2020.

    At the same time, the US will be providing another set of face masks, set of hand sanitizers, few medical consumables in the third quarter of the year as part of a mammoth 8 million US$ worth economic, social and community development and welfare programs for a five year project ongoing commenced in 2020 with the supervision of Vice president of the United States and as organized by the Hon. Ambassador Allaina B Teplitz.

    "Today and always, let's commit to accountability, healing, and doing the concrete work of advancing equity and justice for all"

    - U.S. Secretary of State Antony Blinken, May 25, 2021

    Please convey my gratitude and appreciation to the generous people of USA for their immense support to the tiny island nation struggling hard with this pandemic situation. Hats off to you all including our beloved economatta as well. Cheers !

    ReplyDelete
    Replies
    1. යකෝ මහ ලොකු ඇමරිකාව අපට ඩොලර් මිලියන අටක් විතර හූනු බිකක් ද දෙන්නේ?

      නොදකින් පී සී ආර් කිට් 4,700 ක්? යකෝ එක නගරයක විතරක් දවසට දාහක් දෙදාහක් කරනවා. ඔය ටික ඇති CMC එකේ එක දවසකට... ඇත්තටම ඇමරිකාව රෙදි ඇඳගෙන ද දන්නේ නෑ මේ වගේ හිඟන විදියට ආධාර දෙන්නේ.

      මුන්ට ඊශ්‍රායලය වගේ පොහොසත් ධනවත් රටවල් වලට ඩොලර් බිලියන ගණනක් නිකම් දෙන්න පුළුවන්. එක දිගටම ඩොලර් බිලියන තුන ගානේ නිකම් දෙන්නේ ඇයි දශක ගණනාවක් තිස්සේ?

      අපට දෙන්නේ ඩොලර් බිලියන 0.008 හරියටම හිඟන්නෙක්ට සත පහක් හරි පාන් පෙත්තක් දානවා වගේ කාලකන්නි අමන වැඩක්.. ඒකත් අවුරුදු දෙකකට නේද?

      දැන් ඉතින් ඉකොනො වගේ ඇමරිකානු ජාතිකයන් කියාවි මිලියන් අටක් හරි නිකම් දෙන අස්වයා ගේ දත් ගණින්න එපා කියලා. ඒත් ඉකොනො ලංකාව අමාරුවෙන් චීනයෙන් හිඟා කාලා හරි මොකක් හරි දෙයක් කරාම ඇමරිකානු ආණ්ඩුව සහ ඇමරිකානු ජඩ මාධ්‍ය ඒක අල්ලගෙන අපිව පතුරු ගහනවා. යකෝ අපි චීනෙට සපෝට් නොකර ඇමරිකාවට සපෝට් කරනවා අපට උපකාර කරනවා නම් අනිවාර්යයෙන්ම. ඇත්තටම ඉකොනො ඇයි ඇමරිකා එක්සත් ජනපදයට අපට ඩොලර් මිලියන 800 ක් වත් සහන ණයක් දෙන්න බැරි මේ කාලේ වත්?

      ලංකාව බංග්ලාදේශයෙන් ඩොලර් මිලියන 200 ක සහන ණයක් 1-2% පොළියට ගත්තා ළඟදි. දකුණු කොරියාවෙන් ඩොලර් මිලියන 500ක් සහ චීනයෙන් මිලියන 500 ක් හදිසි සහන ණය ගත්තා මේ අවුරුද්දේ මුල සහ දෙවෙනි කාර්තුවේ.

      ඇමරිකාවට මැද පෙරදිග රටවල් වල යුද්ධ කරන්න ඩොලර් බිලියන 6,000 කට වඩා වියදම් කරන්න පුළුවන් නමුත් ලංකාව වගේ රටකට මිලියන 750ක් (බිලියන 0.75) වගේ සහන ණයක් දීලා තමන්ගේ පැත්තට නම්මා ගන්න බැරි ඇයි? ඇමරිකානු එක්සත් ජනපදය මේ තරම් මෝඩ ඇයි?

      මේ ප්‍රශ්නයට ඉකොනොට උත්තර නෑ නේද?

      Delete
    2. //අපට දෙන්නේ ඩොලර් බිලියන 0.008 හරියටම හිඟන්නෙක්ට සත පහක් හරි පාන් පෙත්තක් දානවා වගේ//

      හරියටම හරි ඇනෝ. අවුරුදු 73ක සමාජවාදී ප්‍රතිපත්ති වල අන්තිම ප්‍රතිඵලය විදිහට අන්තිමට කවුරු හරි සතපහක් හරි පාන් පෙත්තක් හරි බිම දැම්මත් ඇහිඳගන්න තැනට ලංකාව වැටිලා නේද ඇනෝ?

      ඒ වගේම ඇමරිකාවට ලංකාව කොයි තරම් වැදගත්ද කියලත් ඔය ආධාරයේ තරමින්ම පේනවා නේද?

      Delete
  8. Holy crap the yearly budget for the NYPD is $6 billion! The main tools being employed are guns, tasers, cuffs and also the threat of jail and death. The budget for the world health organisation was about $4 billion in 2020. What a pity isn't it?

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: