ලංකාව ඩොලර් බිලියන 51ක් ණයයි කියන එක ගොඩක් තැන් වලින් ඇහෙන කතාවක්නේ. මේ ගණනේත් ප්‍රශ්න තිබෙනවා. එසේ වුවත්, මේක තමයි නිල සංඛ්‍යාලේඛණය. එතකොට මේ ණය ආපසු ගෙවන එක මේ මොහොතේ ලංකාවේ ප්‍රධානම ප්‍රශ්න වලින් එකක්. අනෙක් ප්‍රධානම ප්‍රශ්නය ණය නොගෙවා හෝ ඉදිරි මාස හත අට ජීවත් වෙන එක කියා කියන්නත් පුළුවන්.
සමහර අය අහන දෙයක් තමයි දැන් ලංකාව ණය පැහැර හැරලා නිසා, අඩු වශයෙන් කෙටිකාලීනව, ණය ගෙවීමේ ප්‍රශ්නයක් නෑ නේද කියන එක. ණය ගෙවීම අත් හිටෙවුවේ වෙන කරන්නම දෙයක් නැති තැනනේ. හැබැයි මේ විදිහට ගෙවන එක අත් හිටෙවුවේ ණය වලින් කොටසක් පමණයි. ඉතිරි කොටස ගෙවීමේ ප්‍රශ්නය තවමත් තිබෙනවා. තෙල් ගේන්න සල්ලි නැති වෙන්න ඒකත් හේතුවක්.
ඔය ඩොලර් බිලියන 51ක් කියන්නේ රටේ ණය මිසක් රජයේ ණය නෙමෙයි. ණය ගෙවීම අත් හිටෙවුවේ රජයයි. ඉතිරි කොටස ගෙවීමේ ප්‍රශ්නය දැනටත් තිබෙන ප්‍රශ්නයක්.
අපි හරියටම ගණන් හිලවු බලමු. මේ 2022 මාර්තු අවසානයේදී පැවති තත්ත්වය.
රජයේ ණය - ඩොලර් මිලියන 26,404
මහ බැංකුවේ ණය - ඩොලර් මිලියන 5,923
වාණිජ බැංකු වල ණය - ඩොලර් මිලියන 6,815
අනෙකුත් අංශ වල ණය - ඩොලර් මිලියන 11,452
එකතුව - ඩොලර් මිලියන 50,593
පේනවනේ වැඩේ. රජයේ ණය නොගෙවා හිටියා කියලා ප්‍රශ්නය විසඳෙන්නේ නැහැ. මහ බැංකුවේ, අනෙකුත් බැංකු වල, වාණිජ බැංකු වල, රාජ්‍ය සංස්ථා වල, අනෙකුත් පෞද්ගලික ආයතන වල, විදේශ ණය හා පොලිය තවමත් මාස්පතා ගෙවන්න වෙනවා. ඒ නිසා, අපනයන වලින් හා ශ්‍රමික ප්‍රේෂණ වලින් ලැබෙන ඩොලර් ප්‍රමාණයට ආනයන සීමා කරගත්තා කියලත් ප්‍රශ්නය විසඳෙන්නේ නැහැ.
ඒ වගේම, රජය විදේශ ණය ගෙවීම අත් හිටුවා තිබුණත් එසේ අත් හිටුවා තිබෙන්නේ වාණිජ ණය හා ද්විපාර්ශ්වික ණය පමණයි. ජාත්‍යන්තර සංවිධාන වලින් ලබාගත් ණය ආපසු ගෙවන එක අත් හිටවලා නැහැ. ඒ ප්‍රමාණයත් සැලකිය යුතු කොටසක්.
දැන් ඔය අනෙකුත් අංශ වල ණය යටතේ පෞද්ගලික සමාගම් විසින් පසුව මුදල් ගෙවීමට භාණ්ඩ ආනයනය කර කර ඒ වෙනුවෙන් ගෙවිය යුතු මුදල් (trade credits) තිබෙනවා. එතකොට ජාත්‍යන්තර සමාගම් වල ශාඛා තමන්ගේ මවු සමාගම් වලින් ගත් ණය තිබෙනවා. මේ වගේ සමාගමක් විසින් උපයන ඩොලර් ප්‍රමාණය හෝ එයින් කොටසක් එම ණය ගෙවන්න යොදවනවා මිසක් ආනයනකරුවන්ට විකුණන්නේ නැහැ. ඒ වගේම, වාණිජ බැංකු වලට ඩොලර් ආවිට ඔවුන් විසින්ද එම ඩොලර් වලින් කොටසක් තමන්ගේ ණය ගෙවන්න යොදවනවා.
මේ වෙද්දී රටට එන ඩොලර් ප්‍රමාණය හා ආනයන වෙනුවෙන් වැය කරන ඩොලර් ප්‍රමාණය අතර පරතරය ගොඩක් අඩු වෙලයි තියෙන්නේ. එසේ වුවත්, ඉන්ධන ආනයනය කිරීම ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ ඔය හේතුව නිසා. ප්‍රශ්නයට එකම ස්ථිරසාර විසඳුම IMF යන එක වුවත්, එතෙක් මාස ගණනක් ඇද ගැනීමේ ප්‍රශ්නයත් බරපතල ප්‍රශ්නයක්. කොහෙන් හෝ තාවකාලික හදිසි ණයක් නොලැබුණොත් තත්ත්වය ගොඩින් බේරාගන්න අමාරු ඒ නිසා.
#ඉකොනොමැට්ටා
වෙනදා නම්
ReplyDeleteපෝස්ට්ටුවට කොමෙන්ට් එකක්
ගැන හිතලා
කවි පදයක් ලියවෙනවා
කොතරම් අසරණවෙලාද
කියාගන්න බැරි තරමයි
දංගෙඩියට අරගෙන යන
සිරකරුවන්ගේ ගානයි
ඒක සැබැයි/ සැබැයි සැබැයි
Deleteමරන්න ගෙනියන ගාණයි
අපි අසරණ වෙලා තමයි
ඒත් ඉවර නැති තරමයි!
සන්නද්ධ අරගලයකින් සමාජවාදය ගොඩනගමු. ණය ගෙවීම එවිට අවශ්‍ය නැත. සමාජවාදී චීන සමුහ ආණ්ඩුව සහ සමාජවාදී රුසියාව එවිට උදව් කිරීමට එක පෙලට සිටි.
ReplyDeleteගූටාබේ මහත්තය
ReplyDeleteඅපේ රටේ දැන් අපි දකින දේශපාලන ගැටුම මූලිකවම රෙෆරන්ඩම් ඩිමොක්‍රසි හෙවත් ජනමත ප්‍රජාතන්ත්‍රවාදය සහ රෙප්‍රසන්ටේෂන්ල් ඩිමොක්‍රසි හෙවත් නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය අතර ගැටුමක්. පාරෙ ඉන්න පිරිස විශ්වාස කරනවා ඒ අයට ජනමතය තියෙනවා කියල. චන්දෙ අරන් පාර්ලිමේන්තු ගිය පිරිස විශ්වාස කරනවා ඒ අය ජන මතය නියෝජනය කරනවා කියල. බලය දියවන්නාවෙන් එලියට ගන්න හදන්නෙ නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදයට විරුද්ධ පිරිස්.
ReplyDeleteමම නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය ගරු කරන නිසා මගේ උත්සාහය පාර්ලිමේන්තුව ඇතුලෙ ප්‍රශ්න විසදන්න. නිශ්චිත කාලයකට පස්සෙ මැතිවරණ පවත්වන්න. පාරෙ මතය ජනමතය විදිහට ගැනීම මුළාවක් වගේම භයානකයි කියන එකයි මගේ අදහස. හැම කෙනෙකුටම උවමනා විදිහට රටක් කිරීමේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවට මගේ කැමැත්ත යම් පිලිගත් නියෝජිත පිරිසක් අපව නියෝජනය කරන ක්‍රමයයි. ඒ අය අසාර්ථක නම් අපිට ඊලග වාරයේ ඔවුන් මාරු කළ හැකියි. ඔවුන්ගේ වැරදි තීරණ වෙනුවෙන් ඔවුන්ට ඊලග අවස්තාව අහිමි වන අතර අපගේ වැරදි තීරණය වෙනුවෙන් අපට එකග වූ නිශ්චිත කාලය දරාගැනීමට සිදුවෙනවා.
මේ අතර ප්‍රභූ නිර්ප්‍රභූ දේශපාලනයක් ගැනත් කතාවෙනවා. නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය පිලිගන්නවා කියන්නෙම ප්‍රභූ නැත්තං එලිටිසම් එකක් පිලිගන්නවා කියන එක. තෝරා ගත් පුද්ගලයෙක් කියන එක තමයි ප්‍රභූවාදයේ පදනම. ඒක නරක දෙයක් නෙමෙයි අවශ්‍ය දෙයක්. ප්‍රභූවාදයට විරුද්ධ නිර්ප්‍රභූ අරගල කියන්නෙ තමන් වෙත ප්‍රභූත්වය පවරා ගැනීමේ වෑයමකට වැඩි යමක් නෙමෙයි.
උදා විදිහට පාරට බැහැපු පිරිස් විශ්වාස කරනවා ජනතාව වෙනුවෙන් තෝරාගත් පිරිස ඒ අය කියල. ඒ අය විසින් විවිධ නීති පනවනවා. සමහර අයව තහනම් කරනවා, දඩුවම් නියම කරනවා. රූපවාහිනී නාලිකා අතපත් කරගන්නවා. ඒ අය ස්වයං ප්‍රභූත්වයක් බුක්ති විදිනවා. මේ නිර්ප්‍රභූ වෙස්ගත් ප්‍රභූත්වයට වඩා පවතින නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදයේ ප්‍රභූත්වය ඩිමොක්‍රටික් කියල මං හිතනවා.
සර් අරක්කු/ බියර් බොන්නේ නැද්ද? ඒ තියා සියෙට් එකක්? උදේ ඉදලා මහන්සි වෙලා වැඩ කරලා, හැන්දෑවට වැඩ ඇරිලා ඇවිල්ලා හොදට නාකියාගෙන ඈ..... කූල් කරපු බියර් එකක් එහෙමත් නැත්තං අයිස් කැටයක් දාපු අරක්කු ඩිංගක් තොල ගාන ගමන් ගෝල්ලිප් එකක් බොන ආතල් එක සර් දන්නේ නැද්ද? වැඩක් නෑනේ සිංහල සර් සර්ලා වගේ විනෝදයක් නැති ජිවිත? මොකටද ඉතිං?
ReplyDeleteඉකොනොමැට්ටා,
ReplyDeleteමේ කෙටි වීඩියෝ ක්ලිප් එකේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී කෝප් කමිටුවේ සභාපති ආචාර්ය චරිත හේරත් නමැත්තා පවසන පරිදි ලංකාවේ රජයේ සංස්ථා ද ඇතුළත්ව රජයේ සේවකයන් මිලියන දෙකකට කිට්ටු වෙලා තියෙනවා නේද?
https://fb.watch/eyrH42HhBH/
ලංකාවේ රජයේ ඍජු ණය මෙන්ම අර්ධ රාජ්‍ය සංස්ථා සහ ව්‍යවස්ථාපිත මණ්ඩල වගේ ආයතන වලත් පාඩුව ගෙවීමට විශාල වශයෙන් ණය ලබා ගෙන තියෙනවා මොහු පවසන්නේ මේ ණය ගෙවන්න සිදුවී ඇති බොහෝ දෙනෙක් එම ණය වලින් කරපු වැඩ වලින් කිසිම විදිහකින් ප්‍රතිලාභයක් නොලැබූ අය නිසා ලංකාවේ මේ රාජ්‍ය මූලික කර්මාන්ත සහ රජයට අයත් රාජ්‍ය ව්‍යාපාර ව්‍යවසායයන් කර්මාන්ත පුද්ගලීකරණය කළ යුතු බවයි. මෙබඳු පුද්ගලයන් කෝප් කමිටුව මෙහෙයවීම ජවිපෙ මෙන්ම එම පක්ෂයේම වීරවංශලාගේත් විවේචනයට ලක් වී තියෙනවා
ජවිපෙ පවසන්නේ හොරකම් වංචා සම්පූර්ණයෙන්ම නවතා හොඳ ගුණ යහපත් දක්ෂ බුද්ධිමත් පුද්ගලයන්ට රාජ්‍ය ආයතන වල පරිපාලනය භාර දීම මගින් පාඩු නොලබන තත්ත්වයක් ඇති කර කාර්යක්ෂමතාව ඉහළ නැංවීමෙන් ලාභ ලබන ආයතන බවට පත්කරන්නට පුළුවන් බවයි.
මේ ගැන පැහැදිලි කිරීමක් කරන්න පුළුවන් ද ?
මර්ධනයට එරෙහිව වර්ධනය වෙමු!
ReplyDelete"පැතුම් කර්නර් කියන්නේ මට මගෙ පක්ෂයේ නායකයා විතරක් නොවේ"
"අපේ බැඳීම හදවත් වල"
ඔහුගේ වචන වලින්ම කිව්වොත්,
තාරුකටයි පැතුම්ටයි පුලුවන්,
“ඕනෑම සතුරකුට විරුද්ධව පිටට පිට තියාගන විස්වාසයෙන් සටන් කරන්න”
අපි ජයග්‍රහණය කරන බව ඔහුටත් මටත් විශ්වාසයි.
"ඔහු නිසා මා හෝ මා නිසා ඔහු ලද කිසිඳු භෞතික ප්‍රතිලාභයක් නැත"
නමුත් මාගේ පියාණන්ගෙන් පසු ලේ බැඳීමක් ඇති
සහෝදරයෙකු ලෙස ඔහුගෙන් ලැබූ මානුශීය දායද ඇත.
අපේ කුඹුරු යාය ලග ස්ලැබ් එක උඩ වාඩි වෙලා ඔහු කී වචන
මට තවමත් මතක ය.
තාරු,
අපේ අම්මා මම යුද්ධෙට යනකොට මෙහෙමයි කිව්වෙ,
“මට උඹව නවත්තන්න බෑ පැතුම්, යුද්ධෙට යන හැම දකුණෙ කොල්ලෙක්වම අම්මලා නැවැත්තුවොත්?
මේ රට බේරගන්න වෙන කොහෙන්වත් එන්නෙ නෑ,
රටේම ඉන්න අපිටමයි ඒ කැපකිර්‍රීම කරන්න වෙන්නේ"
එදා තමයි ඔහු මට කියන්නේ,
"මේ රට වෙනස් කරන්න ඕන බන්
මිනිස්සු විඳවන එකෙන් ගොඩ ගන්නම ඕන.
ඒකට මට උඹව ඕන"
ලංකාවේ දේශපාලනය තිත්ත මම පක්ෂයකට එන්න
එකඟ උනේ එදා.
මුදල් සහ තනතුරු, මගේ දෑස් ඉදිරියේම ප්‍රතික්ෂේප කරපු නුඹ මට වීරයෙක් පැතුම්.
අපි කොහොමහරි පාර්ලිමේන්තු යන්න නෙමේ තාරු ඕන,
රට හදන්න පුලුවන් පාරේ පාර්ලිමේන්තු යන්නයි ඕන.
ඒ නිසා අපි මේ සටන කරමු.
"වෙඩි කන්න, හිරේ යන්න, චරිතය විනාස කරගන්න ලෑස්ති වෙලා වරෙන්"
ඔහු ලක්මව වෙනුවෙන් කළ සේවය නිසාම අද සිරගතව ඇත.
👉 මානුශීය මෙහෙයුම අවසන් වනතුරුම 58 සේනාංකයේ ඉදිරි ආරක්ෂක වළල්ල අසල, පළමු සැරහුම් කුටියේ සේවය කරමින් රණවිරුවෝ බේරාගත් දෑත් වලට,
👉 ලක් මහපොළොව මත පැළ 70,000ක් දායාද කරපු දෑත් වලට,
👉ලංකාව පුරා පන්සල්, ආරණ්‍ය තමන්ගෙ දහදිය මහන්සියෙන් හදපු දෑත් වලට,
👉 කොරෝනාවේ මිලියන ගානක මුදලක PPE , සනීපාරක්ෂක උපකරණ , වියළි ආහාර බෙදපු දෑත් වලට,
👉දහස් ගානක් දුෂ්කර පළාත් වල ගැබිණි අම්මලාට අවශ්‍ය උපකරණ දුන් දෑත්වලට,
👉 උතුරේ දෙමළ ජනයාට සැබෑ සහජීවනය අරන් ගිය දෑත් වලට
ලක්ෂ ගානක් මිනිස්සු දැනුමෙන් සන්නද්ධ කළ මිනිසාගේ දෑත්වලට,
👉ආර්ථික අර්බුදය එක්ක ලෝකයේ ඕනෑම රටක නිර්මාණය වන අරගලය සාමකාමී කරන මොඩල් එක හදපු දෑත්වලට,
මාංචු දාන්න. නිහඩ කරවන්න.
"නුඹලා බලාපොරොත්තු වන සිහින දේශය නිර්මාණය වේවි"
යදමින් බැඳ විලංගු ලා - මගේ පුතා රැගෙන යන්න
ඉදිකටු ඇන ඇඟිලි තලා - දෙතිස්වදය පමුනුවන්න
අළුත් ලොවක් ගැන සිතීම - දඩුවම් දෙන වරද නම්
කුමට එරට අධිකරනය - නීතිය හා විනිසුරන්
ඔහු වෙනුවෙන් සහ අනෙක් සියළු අරගලකරුවන් වෙනුවෙන්
පෙනී සිටින්න.