වෙබ් ලිපිනය:

Wednesday, February 14, 2024

පොලී අනුපාතික තනි අංකයකට!



අද (පෙබරවාරි 14) දින පැවති භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේදී පොලී අනුපාතික තනි අංකයක් දක්වා පහත වැටී තිබෙනවා. පහත තිබෙන්නේ එම පොලී අනුපාතිකයි.

දින 91 - 9.79%

දින 182 - 9.82%

දින 364 - 10.02%

ඊයේ (පෙබරවාරි 13) පැවති භාණ්ඩගාර බැඳුම්කර වෙන්දේසියේදී 2026 හා 2028 වසර වලදී කල් පිරෙන බැඳුම්කර අලෙවි වූයේද සැලකිය යුතු තරම් අඩු ඵලදා අනුපාතිකයකටයි.

2026 දෙසැම්බර් 15 කල් පිරෙන 11.25% කූපන් බැඳුම්කර - 10.81%

2028 දෙසැම්බර් 15 කල් පිරෙන 11.50 කූපන් බැඳුම්කර - 11.90%

ඉහත 2026 දෙසැම්බර් 15 කල් පිරෙන 11.25% කූපන් බැඳුම්කරය එහි කූපන් පොලී අනුපාතිකයට වඩා අඩු ඵලදා අනුපාතිකයකට අලෙවි වීම විශේෂත්වයක්.  ඒ අනුව, රුපියල් 100ක බැඳුම්කරයක් වෙනුවෙන් රජයට ඊට වඩා වැඩි මුදලක් ලැබෙනවා. ආර්ථික අර්බුදය පැවති පසුගිය කාලය පුරාම සිදු වුනේ එහි අනෙක් පැත්තයි. 

මීට අමතරව, කාලයකට පසුව, මාස 6 දක්වා කල් පිරෙන භාණ්ඩාගාර බිල්පත් පොලී අනුපාතික මහ බැංකුවේ නිත්‍ය ණය පහසුකම් අනුපාතය වන 10% මට්ටමෙන් පහතට වැටී තිබෙනවා.

2 comments:

  1. තනි අංකෙකට ආවත් මේ වගෙ එව්වා
    තව තව බෙදෙනවා - පිල් ගොඩ වැඩි වෙනවා
    එක එක්කෙනාගේ අරමුණු හෙළි වෙනවා
    අනේ මංද, රටකට වේවිද මොනවා?

    ReplyDelete
  2. පවතින ආර්ථික අර්බුදය නිසා රජයේ සේවකයන්ගේ වැටුප් වැඩි නොකිරීමට මුදල් අමාත්‍යාංශය නිර්දේශ කර තිබියදීත් ශ්‍රී ලංකා මහ බැංකුවේ සේවකයන්ගේ පමණක් වැටුප් සහ දීමනා ඉහළ නංවාගෙන තිබේ.

    නව වසර වූ 2024 වසරේ ජනවාරි මාසයේ සිට මෙලෙස වැටුප් ඉහළ නැංවීම කර ඇත්තේ ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ ඇතුළු මුදල් මණ්ඩලය විසින් අත්තනෝමතික ලෙස මහ බැංකුවේ ඇතැම් නියෝජ්‍ය අධිපතිවරුන්ගේ වැටුප රුපියල් 712,179කින් නංවා තිබේ. මේ අනුව ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජ්‍ය අධිපතිවරයකුට මේ වසරේ ජනවාරි පළමුවැනිදා සිට සියලු දීමනා සහිතව මසකට රුපියල් දහසය ලක්ෂ අසූහත්දහස් එකසිය හතළිස් හතරයි සත පනස්හයක (1,687,144.56) ක වැටුපක් ලැබේ.

    වඩාත්ම බරපතල කාරණය ලංකා මහ බැංකුවේ කාර්යාල කාර්ය සහායක තනතුර, කළමනාකාර සහකාර, ජ්‍යෙෂ්ඨ නිලධාරි, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධ්‍යක්ෂ, අතිරේක අධ්‍යක්ෂ ජනරාල් ආදී තනතුරු රැසක වැටුප් වැඩිකර ඇත්තේ දෙගුණයකිනි.

    ශ්‍රී ලංකා මහ බැංකුවේ කාර්යාල කාර්ය සහායක (පියන්) තනතුරේ පළමු ශ්‍රේණියේ සේවකයකුගේ මීට පෙර මූලික වැටුප වූයේ රුපියල් 34,235කි. සියලු දීමනා සහිතව එම තනතුරට ලැබුණ මාසික වැටුප රුපියල් එක්ලක්ෂ හතළිස්හතරදහස් හැත්තෑහයයි සත හයකි. එහෙත් නව වැටුප් වැඩිවීමට අනුව එම තනතුරේ මූලික වැටුප රුපියල් 55,805 දක්වා එනම් රුපියල් 21,570කින් ඉහළ ගොස් ඇත. ඒ අනුව සියලු දීමනා සහිතව දැන් එම තනතුරේ සේවකයකු ලබන මාසික වැටුප රුපියල් එක්ලක්ෂ අසූතුන්දහස් තුන්සිය අසූඅටකි. (183,388).

    මෙම මහ බැංකුවේ කාකාස වරු වෙනත් රජයේ සහ පුද්ගලික ආයතනවල සාමාන්‍ය කාකාස වරුන්ට 100% සමාන වන අතර කිසිම ආකාරයක අමතරව සුදුසුකම් නොමැතිව මේ තරම්ම අතිවිශාල ලෙස සැලකිය හැකි වැටුපක් ලබාදීමට නාස්තිකාර රජය තීරණය කිරීම බහුතර ජනතාවගේ දැඩි කෝපයට හේතු වී තිබෙන අතර තවත් එවැනිම කළමනාකාර සහකාර (ක්ලාක්වරු) පළමු ශ්‍රේණියේ සේවකයන්ගේ වැටුප සියලු දීමනා ද සහිතව රුපියල් 62,797කින් වැඩි වී ඇත. ඔවුන්ගේ පෙර පැවැති මූලික වැටුප රුපියල් 57,035කි. නව වැටුප් වැඩිවීම සමග ඔවුන්ට දැන් මාසිකව මුළු වැටුප ලෙස රුපියල් 235,035ක වැටුපක් ලැබේ.

    මේ සමගම පළමු ශ්‍රේණියේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකුගේ දැනට ඇති වැටුප තවත් රුපියල් එක්ලක්ෂ අසූහතරදහස් පන්සිය හැටනවයයි සත අසූවකින් (184,569.80) ඉහළ ගොස් තිබේ. අතිරේක අධ්‍යක්ෂ ජනරාල්වරුන්ගේ වැටුපද තවත් රුපියල් පන්ලක්ෂ විසිදෙදහස් තුන්සිය පනස් නවයකින් (522,359) වැඩිකර ඇත.

    මේ සමගම මහ බැංකුවේ විශ්‍රාමික සේවකයන්ගේ වැටුපද සියයට හැත්තෑවකින් ඉහළ නැංවීමට කටයුතු යොදා තිබේ. මේ අනුව මහබැංකුවේ විශ්‍රාමිකයකුගේ වැටුප අවම වශයෙන් රුපියල් 55,000ක සිට ඉහළට යන ලෙස විශාල ප්‍රමාණයකින් වැඩි වීමට නියමිතය. මේ ගැන ඔබ මොකද හිතන්නේ?

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: