වෙබ් ලිපිනය:

Thursday, February 22, 2024

පෞද්ගලික සමාගමක් හඳ අල්ලයි!


මීට ටික වේලාවකට පෙර ඇමරිකානු පෞද්ගලික සමාගමක් විසින් සාර්ථක ලෙස සඳ මත යානයක් ගොඩ බැස්සුවා. මෙය ඉතිහාසයේ මෙවැන්නක් සිදු වූ පළමු අවස්ථාවයි. මීට පෙර ඇමරිකා එක්සත් ජනපදය, සෝවියට් දේශය, චීනය, ඉන්දියාව හා ජපානය යන රටවල රජයයන් විසින් සාර්ථක ලෙස සඳ වෙත යානා ගොඩ බස්වා ඇතත්, මෙය පෞද්ගලික සමාගමක් විසින් සඳ මත යානයක් සාර්ථක ලෙස ගොඩ බැස්වූ පළමු අවස්ථාවයි. එමෙන්ම, මේ සමඟ වසර 51කට පසුව ඇමරිකාව නැවතත් සඳ වෙත පිවිසෙනවා. 

මෙසේ සඳ මත පිවිසුනේ ඉන්ටියුටිව් මැෂින්ස් (Intuitive Machines) සමාගමේ ඔඩිසස් යානයයි. එම සමාගම ඉදිරි වසර වලදී සඳ වෙත භාණ්ඩ ප්‍රවාහනය කිරීමේ ව්‍යාපාරය තුළ තරඟ කරන ඇමරිකානු සමාගම් අතරින් එක් සමාගමක්. 

ඇමරිකානු රජය (නාසා ආයතනය) විසින් 2026 වසරේදී නැවතත් සඳ වෙත මිනිසුන් යැවීමට සැලසුම් කර ඇති අතර මෙවර මෙය කරන්නේ සඳ වෙත ගොස් එහි පා සලකුණු සටහන් කොට ආපසු පැමිණීමේ අරමුණින් නෙමෙයි. ඉන් පසුව, දිගින් දිගටම සඳ ගමන් සිදු වනු ඇති අතර, සඳෙහි දිගු කලක් නැවතී සිටිය හැකි මූල කඳවුරක් ඉදි කර එහි සිට අඟහරු වෙත ගමන් සැලසුම් කිරීම වැඩ සටහනේ ඉලක්කයයි. 

මේ කටයුත්තේදී සඳ වෙත විශාල භාණ්ඩ තොගයක් ප්‍රවාහනය කිරීමට අවශ්‍ය වෙනවා. මෙය සිදු වන්නේ පෞද්ගලික අංශය හරහා. පෞද්ගලික සමාගම් අතර තරඟය නිසා ප්‍රවාහන වියදම් අඩු කර ගත හැකි වීම ඊට හේතුවයි. ඉන්ටියුටිව් මැෂින්ස් සමාගම මෙම භාණ්ඩ ප්‍රවාහන කොන්ත්‍රාත්තුව ලබා ගැනීමට නියමිත එක් සමාගමක්.

11 comments:

  1. 2048 වසරේදී ලංකාව සංවර්දිත රටක් කරන එක ඇත්තටම කරන්න පුළුවන්ද? වියට්නාමය 2050 දි 32000 gdp per capita එකකට යන්න බලනවා. ලංකාවටත් එහෙම කරන්න පුළුවන්ද?

    ReplyDelete
  2. +++++++++++++++++++++++
    දියුණුව කොහෙන් ආවත් හොඳ දෙයක් නේ

    ReplyDelete
    Replies
    1. අජිත්

      සුවිප් ටිකට් ගන්න හැමෝම දන්නවා ගන්න හැම එකාටම ඇදෙන්නේ නෑ කීප දෙනෙකුට ඇදෙනවා උන්ට ගෙවන්නේ පැරදුනු උන්ගේ සල්ලි වලින් සොච්චමක් තමයි කියලා....ඒ උනාට ගන්න එකා ගන්නවා කවදක හරි ඇදෙයි කියලා ,

      ඔය,වගේම ධනවාදය කියන්නේම ස්වීප් ටිකට් ක්‍රමයක් තමයි, ඒකෙදි කවදාවත් හැමෝටම ධනපතියන් වෙන්න බෑ , සාතශීය බහුතරයක් දුප්පත් වන නිසා තමයි ධනපතියන් අතලොස්සක් ඉන්නේ ! හැබැයි ඉතිම් ඕනම එකෙකුට ධනපතියෙක් වෙන්න සම්භාවිතාවකුත් තියෙනවා....ඒක ඉතිම් 0.000000000....🔛........1 ක් කියන එක අදාල නෑ , දවසක අශ්වයා දිනයි

      පාන්දරම පැරදුන ඒ මිනිහා...
      හැන්දෑවෙත් අසු පිටට නගී..🎶 😭

      Delete
  3. ලංකාවේ ආර්ථිකය ගොඩදාන කාර්යයටත් යම් රුකුලක් ලැබෙන්න පුළුවන් නේ ද?
    කිරි දාන්ඩ හට්ටි සහ කිතුල් පැණි එහෙම සප්ලයි කරන්ඩ පුළුවන්.
    හඳේ කංසා වවන්ඩ පුළුවන්ද වගේ පර්යේෂණ කරන්ඩ කොන්තරත් ගන්ඩත් පුළුවන්.
    ඒ නම් ලිව්වේ උපහාසයට වුනත්, මේ ගමන් නිරීක්ෂණය කරන්න රේඩියෝ ඇන්ටෙනාවක් වගේ දෙයක් ලංකාවෙ අටවා ගත්තොත් ආදායමක් නේ ද?

    ReplyDelete
  4. කියවනකොට ඉකොනො ඔබගේ පෝස්ටුව
    මතක් වුණා ගීයක් ෆ්‍රෙඩී ගැයුව

    හඳ මාමා උඩින් යතේ - අපේ මාමා බිමින් යතේ
    https://www.youtube.com/watch?v=yc4cLoXtvDE

    ReplyDelete
  5. ඔබතුමා ඇපල් විශන් එකක් ගත්තෙයි.

    ReplyDelete
  6. සඳට ගොඩබෑ යානයට අකරතැබ්බක්

    ඇමෙරිකාවේ නාසා ආයතනය සමඟ එක් වී, එරට පෞද්ගලික තාක්ෂණ සමාගමක්, සඳට පතිත කළ 'ඔඩිසියස්' නමැති චන්ද්‍ර යානයට අකරතැබ්බක් සිදුවී ඇත.‍

    යානය සාර්ථකව සඳට පතිත කළත්, එය මේ වනවිට පැත්තට පෙරළී තිබේ. එසේ වුවත් යානය ඉතා හොඳින් ක්‍රියාකාරී යැයි යානය අයත් ටෙක්සාස් ජනපදයේ හූස්ටන් නුවර ඉන්ටුයිටියු මැෂීන්ස් නමැති පෞද්ගලික සමාගමේ හිමිකරු ස්ටීව් ඇල්ටෙමස් පවසා තිබේ.

    ඇමෙරිකාවේ නාසා ආයතනය මැදිහත් වී සඳට චන්ද්‍ර ගවේෂණය යානයක් පතිත කළේ වසර 52 කට පෙර වුවත්, පෞද්ගලික සමාගමක් සඳට යානයක් යැවූ පළමු අවස්ථාව මෙයයි.

    ස්ටීව් ඇල්ටෙමස් මාධ්‍ය හමුවේ පවසා ඇත්තේ පැත්තට පෙරළුණු 'ඔඩිසියස්' චන්ද්‍ර යානයෙන් ඡායාරූප ගෙන්වා ගැනීමට උත්සාහ ගනිමින් සිටින බවය.

    ReplyDelete
  7. මේ වගේම අඟහරු සොයා ගිය Ingenuity හෙලිකොප්ටරය විනාශ වීම ගැනත් විස්තර කළොත් මීට වසර තුනකට පෙර 2021 පෙබරවාරි 18 වැනිදා නාසා ආයතනයේ අඟහරු රෝවරය Perseverance රෝවරය අඟහරු ග්‍රහයා මතුපිට සාර්ථකව ගොඩ බසිනු ලැබුවා. මීට පෙර අඟහරු ග්‍රහයා මතුපිටට ගමන් කළ Curiosity Opportunity Spirit වැනි රෝවරයන් මෙන් නොව මෙම නවතම රෝවරය සතුව මෙතෙක් කාලයකට සෞරග්‍රහ මණ්ඩලය තුළ පෘථිවියෙන් පරිබාහිර කිසිදු ස්ථානයක භාවිත නොකළ විශේෂ උපකරණයක් විද්‍යාඥයන් විසින් අන්තර්ගත කර තිබුණා. එම විශේෂ උපකරණය තමයි Ingenuity හෙලිකොප්ටරය.

    ලොව මේ දක්වා හෙලිකොප්ටර් භාවිත කර තිබෙන්නේ පෘථිවි පෘෂ්ඨය මත පමණක් වුයේ හෙලිකොප්ටරයකට ගමන් කිරීමට වායුගෝලයක් අත්‍යවශ්‍ය වීමයි. උදාහරණයක් වශයෙන් මිනිසා පෘථිවි චන්ද්‍රයා මතුපිට ගොඩ බැස තිබුණත් ඔවුන්ට කවදාවත් වායුගෝලයක් නොමැති පෘථිවි චන්ද්‍රයා මතුපිට හෙලිකොප්ටරයක් භාවිත කිරීමට හැකි වන්නේ නැහැ.

    මේ වගේම අඟහරු ග්‍රහයා මතුපිට ඉතාමත් තුනී වායුගෝලයක් තිබෙනවා. එම වායුගෝලයේ පීඩනය පෘථිවි වායුගෝලයේ පීඩනය මෙන් 1ක් පමණ වන නිසා අඟහරු ග්‍රහයා සතුව පෘථිවියේ වායුගෝලයෙන් 1ක වායුගෝලයක් තිබෙනවා යැයි ප්‍රකාශ කිරීමට පුළුවන්.

    එනිසා Perseverance රෝවරයත් සමඟ අඟහරු ග්‍රහයා මතුපිටට රැගෙන ගිය Ingenuity හෙලිකොප්ටරයේ අරමුණ වූයේ මෙම ඉතාමත් තුනී වායුගෝලය තුළ එයට සාර්ථකව ගුවන්ගත වීමට හැකිදැයි සොයා බැලීමයි.

    විද්‍යාඥයන්ගේ බලාපොරොත්තුව වූයේ එලෙස Ingenuity හෙලිකොප්ටරයට අඟහරු ග්‍රහයා මතුපිට ගුවන්ගත වීමට හැකි වුවහොත් මෙවැනි හෙලිකොප්ටර් අනාගත අඟහරු මෙහෙයුම්වලදී භාවිත කිරීමටයි.

    මෙම හෙලිකොප්ටරයේ උස 50cm පමණ වූ අතර මෙහි ඇති රෝටර් එකක් 120cm (අඩි 4ක) පමණ දිගකින් යුතු වූවා. එනිසා මෙය පෘථිවිය මතුපිට අපි භාවිත කරන තරමක් විශාල ඩේ‍රා්න් එකක ප්‍රමාණයේ හෙලිකොප්ටරයක් වශයෙන් සැලකීමට පුළුවන්. ඒවගේම මෙම සම්පූර්ණ හෙලිකොප්ටරයේ ස්කන්ධය කිලෝග්‍රෑම් 18ක් පමණ වනවා.

    මෙම හෙලිකොප්ටරයට අවශ්‍ය ශක්තිය සපයා ගැනීම සඳහා එහි රෝටර්වලට ඉහළින් සූර්ය පැනලයක් ඇති අතර එමඟින් ජනනය කරන ශක්තිය ගබඩා කිරීමට බැටරි 6කින් සමන්විත වන බැටරි පද්ධතියක්ද මෙය සතුව තිබෙනවා.

    විද්‍යාඥයන් ආරම්භයේදී බලාපොරොත්තු වූයේ මෙම හෙලිකොප්ටරය අඟහරු ග්‍රහයා මතුපිට අවම වශයෙන් ගුවන් ගමන් 5ක් සඳහා යොදා ගැනීමටයි.

    ඒ සඳහා Perseverance රෝවරයේ බඳ කොටසට සම්බන්ධ කර තිබූ මෙම හෙලිකොප්ටරය ක්‍රමානුකූලව එයින් ඉවත්කර මෙහි ප්‍රථම ගුවන් ගමන සිදු කරනු ලැබුවේ 2021 අප්‍රේල් 19 දායි.

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: