වෙබ් ලිපිනය:

Monday, December 26, 2016

බෑණන්ඩිට එන්න කියල යැවුවා මං පණිවිඩයක්...


කවුරුත් දන්නා 'බැඳුම්කර මගඩිය' පිළිබඳ කතාබහ මෑතකදී නැවත වරක් කරලියට පැමිණියේය. මේ හා අදාළ මුල් සිදුවීම සිදු වී දැන් මාස විසිදෙකකි. ඉකොනොමැට්ටා සිංහලෙන් බ්ලොග් ලියන්නට පටන් ගත්තේද මේ සිදු වීමෙන් මාස ගණනකට පසුවය. ඇත්තටම කියනවානම් මේ බැඳුම්කර සිද්ධිය ඉකොනොමැට්ටාට සිංහලෙන් වියුණුවක් අරඹන්නට උත්තේජනයක් සැපයූ කරුණු අතර එක් කරුණකි.

මතභේදයට තුඩුදුන් බැඳුම්කර වෙන්දේසිය සිදුවූ අළුත ඉකොනොමැට්ටාගේ පෞද්ගලික මිතුරන් කිහිප දෙනෙකුම මේ සිදුවීම පිළිබඳවත්, ඒ හා අදාළ ඇතැම් තාක්ෂනික කරුණු ගැනත් ඉකොනොමැට්ටාගෙන් විමසුවේය. එවැනි ඇතැම් මිතුරන්ට විද්‍යුත් තැපෑලෙන් ලබා දුන් පිළිතුරු ඔවුන් විසින් ඉකොනොමැට්ටාගේ අවසරය ලබාගෙන ඔවුන්ගේ වෙනත් මිතුරන් වෙතද යොමු කර තිබුණේය. 

මෙයින් පෙනී ගියේ ආර්ථික විද්‍යාව, මූල්‍යකරණය, ගිණුම්කරණය වැනි විෂයයන් විධිමත් ලෙස හදාරා නැති, එහෙත් වෙනත් වෘත්තීය ක්ෂේත්‍රයන්හි ප්‍රවීණයන් වන හා නිසි පැහැදිලි කිරීමක් කළ විට තමන්ගේ ක්ෂේත්‍රයෙන් බාහිර තාක්ෂනික කරුණක් පහසුවෙන් තේරුම් ගත හැකි තවත් බොහෝ දෙනෙක් එදිනෙදා සිදුවීම් ගැන ආර්ථික විද්‍යාඥයෙකුගේ ඇසින් දකින දේ දැනගන්නට උනන්දුවක් දක්වන බවයි.

ඉකොනොමැට්ටාගේ බොජුන්හල අරඹන විට මේ ගැන පැහැදිලි කිරීමක් කරන්නට අදහසක් තිබුණත්, වියුණුව අරඹා සෑහෙන කලක් ගතවන තුරු ඉකොනොමැට්ටා මේ සිදුවීම ගැන වැඩිපුර කතා කර නැත. එයට හේතු රැසක් තිබුණේය. පළමු හේතුව වූයේ මේ සිදුවීම ගැන සිදු කෙරෙන කතාබහ බොහොමයකදී තාක්ෂණික මට්ටම ඉක්මවා එහි දේශපාලනික කරුණු ඉස්මතු වීමයි. දෙවැන්න, මේ ගැන අදහසක් පළ කිරීමට සැලකිය යුතු කාලයක් මිඩංගු කර ඉතා පුළුල් අධ්‍යයනයක් කළ යුතු වීමයි. ඒ සඳහා මූලික දත්ත හා තොරතුරු රැසක් විමර්ශනය කළ යුතු වූ අතර ඉකොනොමැට්ටාට මේ අවශ්‍ය දත්ත හා තොරතුරු වෙත ප්‍රවේශ වීමේ හැකියාවක් නොතිබුණේය. මේ අතර, හිටපු මහ බැංකු අධිපතිගේ ධුර කාලය අවසන් වීමත්, නව මහ බැංකු අධිපති වරයෙකු පත් කරනු ලැබීමත් සිදුවූ අතර, 'බැඳුම්කර මගඩිය' පිළිබඳව රටේ පැවති උනන්දුව යම් තරමකින් තුනී වී ගියේය.

මෙසේ යටපත් වූ ප්‍රස්තුත සිදුවීම නැවතත් පුවත් මවන්නට පටන් ගත්තේ කෙටි කාලයක් තුළ අළුතින් 'එළියට ආ' ලේඛණ තුනක් නිසාය. පළමුවැන්න හිටපු මහබැංකු අධිපති වරයාගේ බෑනාගේ පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ වාර්ෂික ගිණුම් ප්‍රකාශනයි. දෙවනුව, එම සමාගම හා අදාළව මහ බැංකුව විසින් සිදුකළ සුපරීක්ෂණ වාර්තාවක් මාධ්‍ය වෙත 'ලීක් විය'. තෙවනුව, 'බැඳුම්කර මගඩිය' ගැන සොයා බලන්නට පත් කළ සියළු ප්‍රධාන දේශපාලන පක්ෂවල සාමාජිකයන්ගෙන් සමන්විත වූ කෝප් කමිටුවේ වාර්තාව ප්‍රසිද්ධ විය. 

සිදුවීමට අදාළ ප්‍රාථමික දත්ත හෝ තොරතුරු විමර්ශනය කිරීමට ඉඩක් නොලද ඉකොනොමැට්ටාට ඉහත ලේඛණ තුන ඇසුරෙන් මේ සිදු වීම ගැන සෑහෙන අවබෝධයක් ලබා ගැනීමට හැකි විය. මේ ලේඛණ තුනට අමතරව කලකට පෙර මේ සම්බන්ධව පළ කෙරුණු නීතිඥයින් තිදෙනෙකුගේ වාර්තාවද ඉකොනොමැට්ටාට කියවන්නට ලැබුණු නමුත් මුලින් කී ලේඛණ තුනට සාපේක්ෂව එය විශ්ලේෂණයක් සඳහා එතරම් ප්‍රයෝජනවත් වාර්තාවක් නොවීය. ඉහත ලේඛන ඇසුරින් ඉකොනොමැට්ටා විසින් 'බැඳුම්කර මගඩිය' ගැන ලියූ ලිපි මාලාවේ කොටස් විස්සක් මේ වන විට ඉකොනොමැට්ටාගේ සතපහ වියුණුවේ පළකර තිබේ. 

අදාළ සිද්ධිය තේරුම් ගැනීමට උදවු විය හැකි තාක්ෂණික කරුණු පැහැදිලි කිරීමේ අරමුණින් පසුගිය දෙමසක කාලය තිස්සේ ලියා ඇති මේ ලිපි මාලාවේ අපැහැදිලි  තැන් ඇත්නම් පැහැදිලි කිරීමට මෙන්ම පළකර කර ඇති කරුණු සම්බන්ධව විචේචන ඇත්නම් පිළිතුරු දීමටද ඉකොනොමැට්ටා සූදානම්ය.

භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර (පළමු කොටස)

භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර (දෙවන කොටස)

භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර (තෙවන කොටස)

භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර (සිවුවන කොටස)

භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර (පස්වන කොටස)

භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර (හයවන කොටස)

භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර (හත්වන කොටස)

භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර (අටවන කොටස)

භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර (නවවන කොටස)

භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර (දහවන කොටස)

භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර (එකොළොස්වන කොටස)

භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර (දොළොස්වන කොටස)

භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර (දහතුන්වන කොටස)

භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර (දහහතරවන කොටස)

භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර (පහළොස්වන කොටස)

භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර (දහසයවන කොටස)

භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර (දහහත්වන කොටස)

භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර (දහඅටවන කොටස)

භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර (දහනවවන කොටස)

භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර (විසිවන කොටස)

 

(Image: http://www.dailymirror.lk/article/Take-action-against-Arjun-Aloysius-COPE-117997.html)

12 comments:

  1. මුලින්ම ස්තුතියි වෙච්ච මහන්සියට. මේ ගැන විස්තරාත්මකව යමක් කියෙව්ව නං ඒ සුජීවගෙ පොත විතරයි. ඒක කියෙව්වට පස්සෙත් යම් වංචාවක් සිදුවුනා කියන සැකය දුරුකරගන්න බැරිවුනා. එකින් එක කියවල බලන්නං. ප්‍රශ්නයක් මතුවුනොත් උත්තර බලාපොරොත්තු වෙනව.

    ReplyDelete
    Replies
    1. //ඒක කියෙව්වට පස්සෙත් යම් වංචාවක් සිදුවුනා කියන සැකය දුරුකරගන්න බැරිවුනා.//
      මම මෙය ලියා තියෙන්නේ වංචාවක් වුනාද කියා හොයා බැලීමේ පදනමින් නෙමෙයි. යම් හෙයකින් එසේ වුනානම්, රජයට වූ පාඩුව කුමක්ද යන පදනමින්.

      //ප්‍රශ්නයක් මතුවුනොත් උත්තර බලාපොරොත්තු වෙනව.// අනිවාර්යයෙන්ම.

      Delete
  2. ඔය ලිපි මාලාවේ එක කොටසක් කියවීම සඳහා ලාංකිකයෙකු ගේ සාමාන්‍ය ආවස්ථික පිරිවැය රුපියල් කීයක් විතර වෙයිද?

    ReplyDelete
    Replies
    1. ලොකුම ආවස්ථික පිරිවැය වන්නේ ඔළු වල තියෙන දුර්මත බිඳ වැටෙන්න ඉඩක් තිබීමයි. මේ ගැන කිසිම පදනමක් නැතුව කතා කරන්න හා ඒ පදනමක් නැති කතා වෙනුවෙන් නාස්ති කරන සාමාන්‍ය කාලය සැලකූ විට ආවස්ථික පිරිවැයක් නැති තරම්.

      Delete
  3. PT එකේ ලාබේ උපයපු විදිය ගැනත් පැහැදිලි කරලා ලිපියක් ලියන්න කියල ඉල්ලන්න හිටියේ. ඒත් ලියන්නේ නැහැ කියලම ලිපිපෙළ අවසාන කරලා. කොහොම උනත් ලිපි මාලාවට ස්තුතියි. මේ කේස් එක ගැන මම කියවපු හොඳම ලිපි පෙළ. දෙපැත්තේම දේශපාලුවෝ කරුණු විකෘති කරනවා. නැතිනම් අදාළ නැති කරුණු කියනවා විතරයි.

    ReplyDelete
    Replies
    1. එකම දේ ගැන දිගටම ලියන විට ලියන මට වගේම කියවන අයටත් එපා වෙන නිසා නතර කළත් පසුව ඉඩක් ලැබුණොත් ලියන්නම්. ඒ ගැන ලියන්න පටන් ගත්තොත් එයත් කොටස් ගණනකට යනවා. ඇගයීම ගැන (සහ ඊටත් වඩා ලිපිපෙළ දිගටම කියවීම ගැන) ස්තුතියි!

      Delete
  4. ලිපි පෙලට බොහොම ස්තූතියි, මා සියළුම කරුණු විමසා තේරුම්කරගැනිමට උත්සහ නොදැරුවත්, නොදැන සිටි බොහෝ දේ ඉගෙන ගත්තා. තවදුරටත් බැඳුම්කරයේම පතුලටම කිදාබසිනවාට වඩා, බැදුම්කරය වැනිම ආන්දෝලනයන්ට ලක්විය හැකි ආර්ථිකය හැසිරවීමට යොදා ගන්නා වෙනත් උපක්‍රම ගැනත් (ඒ මොනවාදැයි කියාවත් අදහසක් නැත)අවබෝධයක් ලබා ගැනීමට කැමැත්තේමි.

    පිරුණු කලගෙඩි වන් ජෙප්පොන් අතුරුන් මා දන්නා කීප දෙනෙකුටට මෙහි මුල් ලිපි කිපයේ ප්‍රින්ට් පවා ලබාදුන් නමුත් ඔවුන්ට දැණුම අරහන් බව සාක්ෂාත් කරගත්තෙමි.

    ReplyDelete
    Replies
    1. ඇත්ත හොයනවාට වඩා බොරුව දිගටම විකුණන එක වාසියි. එජාපය පසුගිය ඡන්ද කාලයේ එවකට පැවති රජය සම්බන්ධව ක්‍රියා කළෙත් මේ අයුරින්මයි. දැන් එය අනිත් පැත්තට වෙනවා. සැබෑ වැරදි අතිශයෝක්තියට නැංවීම තුළ ඒ වැරදි යටපත් වී යාමේ ඉඩ වැඩි වීමයි වෙන්නේ.

      ඉඩ ලැබෙන පරිදි විණිමය අනුපාතික ගැන හෝ වෙනත් එවැනි දේ ගැන ලියන්නම්.

      Delete
  5. A physicist, a chemist, and an economist who were stranded on a desert island with no implements and a can of food. The physicist and the chemist each devised an ingenious mechanism for getting the can open; the economist merely said, "Assume we have a can opener"!

    ReplyDelete
  6. මේක සෑහෙන වටින ලිපි පෙලක්.මන් එන්නම් පිළිවෙලටම කියවගෙන

    ReplyDelete
  7. මූල්‍ය ව්‍යත්පන්න​ - What is the English term for this please

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: