වෙබ් ලිපිනය:

Monday, March 4, 2019

බැලුම පාට වෙයිද?


ඔය ඉඳ හිටලා දවසක අපි යාළුවෝ එක්ක මානුෂික සබඳතා පවත්වලා ආපහු නිවසට එනකොට පොලීසියෙන් නවත්වලා බැලුමක් පුම්බලා දෙන්න කියා ඉල්ලා හිටින්න ඉඩක් තියෙනවනේ. ඒ වගේ වෙලාවක හදිසියේවත් බැලුම කොළ පාට වුනොත් සිද්ද වෙන අවුල ගැන අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැනේ. මානුෂීය වූ කිසිවක් මට අරුචි නොවේ කියලා කාල් මාක්ස් කියල තියෙන නිසා මාක් කරගෙන හරියටම කාලක් ගැහුවා කියලා පොලිස් නිලධාරියාගෙන් බේරෙන්න බැහැනේ. ඒ නිසා, ඒ වගේ දෙයක් සිද්ධ වෙන්න තිබෙන ඉඩප්‍රස්තා අවම කරගන්නේ කොහොමද කියලා දැනගෙන ඉන්න එක අපි කාටත් හොඳයි.

රථවාහන ආඥාපණතේ 151 වගන්තිය අනුව, මත්පැන් හෝ වෙනත් මත්ද්‍රව්‍යයක් භාවිතා කිරීමෙන් අනතුරුව ලංකාවේ මහා මාර්ගයක වාහනයක් ධාවනය කිරීම නීතිමය වරදක්. මේ වරද වරදක් වීම සඳහා රිය අනතුරක් සිදුවීම හෝ වාහනය නිසි සේ ධාවනය නොකිරීම වැනි දෙයක් සිදුවිය යුතු නැහැ.

කිසියම් රියැදුරෙක් මත්පැන් හෝ වෙනත් මත්ද්‍රව්‍යයක් භාවිතා කර ඇති බවට පොලිස් නිලධාරියෙකුට සැකයක් ඇති වුවහොත් පොලිස් නිලධාරියාට අදාල රියදුරා මත්පැන් පානය කර ඇත්දැයි පරීක්ෂා කිරීම සඳහා "බැලුම් පුම්බන" ලෙස රියදුරාගෙන් ඉල්ලා සිටිය හැකියි. එසේ නැත්නම් අදාළ රියැදුරාව රජයේ වෛද්‍ය නිලධාරියෙක් වෙත ඉදිරිපත් කළ හැකියි. රියැදුරා විසින් මෙවැනි ඉල්ලීමක් ප්‍රතික්ෂේප කළහොත් පණත අනුව එසේ මත්පැන් පරීක්ෂාව ප්‍රතික්ෂේප කිරීම මතම රියැදුරා මත්පැන් පානය කර ඇති බව උපකල්පනය කළ හැකියි.

මත්පැන් හෝ වෙනත් මත්ද්‍රව්‍යයක් භාවිතා කිරීමෙන් අනතුරුව ලංකාවේ මහා මාර්ගයක වාහනයක් ධාවනය නොකළ හැකි බව කීම අවිනිශ්චිත ප්‍රකාශයක්. මේ විදිහට වාහනයක් ධාවනය කළ නොහැක්කේ මත්පැන් පානය කර කොපමණ කාලයක් ඇතුළතද?

කිසියම් අයෙක් මත්පැන් පානය කර සිටීද යන්න නිගමනය කිරීමේ නිර්ණායකයක් ලෙස බොහෝ රටවලදී කරන්නේ රුධිරයේ ඇල්කොහොල් සාන්ද්‍රණය පරීක්ෂා කර බැලීමයි. බොහෝ බටහිර රටවල යමෙක් මත්පැන් ගෙන වාහනයක් ධාවනය කිරීමේ වරදට වරදකරු කළ හැක්කේ රුධිරයේ ඇල්කොහොල් සාන්ද්‍රණය 0.08% මට්ටම ඉක්මවා ඇත්නම් පමණයි. මේ සීමාව මීට වඩා අඩු හා වැඩි රටවල් හා ප්‍රදේශත් ඕනෑ තරම් තිබෙනවා.

රථවාහන ආඥාපණතේ ප්‍රතිපාදන අනුව අදාළ විෂය භාර ඇමතිවරයාට රියැදුරෙක් මත්පැන් පානය කර තිබේද යන්න නිශ්චිතව නිගමනය කරන ආකාරය සඳහන් කරමින් නියාමන කොන්දේසි සකස් කළ හැකියි. මේ ආකාරයේ නියාමන කොන්දේසි අදාළ විෂය භාර ඇමතිවරයා විසින් 1979 ජූලි 13 දින ගැසට් කර තිබෙනවා. ඒ අනුව, මත්පැන් පානය කර රිය ධාවනය කිරීමට යමෙක් වරදකරු වෙන්නේ රුධිර මිලිලීටර 100ක තිබෙන ඇල්කොහොල් ප්‍රමාණය ග්‍රෑම් 0.08කට එහෙමත් නැත්නම් මිලිග්‍රෑම් 80කට වඩා වැඩිනම් පමණයි. මේ ගැසට් නිවේදනය ඉන්පසුව යාවත්කාලීන කර ඇති බවක් මා දන්නේ නැහැ. ඒ නිසා, එය තවමත් වලංගුයැයි මා හිතනවා.

ඉහත ගැසට් නිවේදනය හා රථවාහන ආඥාපණත එක්ව ගත් විට මත්පැන් පානය කර රිය ධාවනය කළ බවට යමෙකුට චෝදනා කළ හැක්කේ රුධිර පරීක්ෂාවක් හෝ ප්‍රශ්වාස වාත පරීක්ෂාවක් වැනි නිශ්චිත පරීක්ෂාවක් කිරීමෙන් පසුව පමණයි. වෛද්‍යවරයෙකු විසින් එවැනි පරීක්ෂාවක් සිදු නොකර යමෙක් මත්පැන් පානය කර ඇති බව නිගමනය කර ඇති විටක චුදිතයාට වෛද්‍යවරයාගේ එම නිගමනය අභියෝග කිරීමේ හැකියාවක් තිබෙනවා. එසේ වෛද්‍ය මතය හා පහළ අධිකරණය ලබාදුන් තීන්දු අභියාචනාධිකරණය ඉදිරියේ අභියෝගයට ලක් වී ඇති අවස්ථාත් තිබෙනවා. කෙසේ වුවත්, මෙවැනි චෝදනාවක් ඉදිරිපත් වූ විට බොහෝ දෙනෙක් එයට අභියෝග කරන්න යන්නේ නැහැ.

රථවාහන පොලිස් නිලධාරියකු අතේ ප්‍රශ්වාස වාත පරීක්ෂණ උපකරණයක් ඇති විට මත්පැන් පානය කර සිටින රියැදුරෙකුට ගැලවෙන එක පහසු නැහැ. බැලුම පුම්බපු ගමන් බඩු මාට්ටු. දැන් ලංකාවේ ගොඩක් රථවාහන පොලිස් නිලධාරීන් අතේ බැලුම් තිබෙනවා. ඒ නිසා, තමන්ගේ රුධිරයේ මිලිලීටර 100ක තිබෙන ඇල්කොහොල් ප්‍රමාණය මිලිග්‍රෑම් 80කට වඩා වැඩියි කියා සැකයක් තිබේනම් සුක්කානමට අත නොතැබිය යුතුයි. එසේ නොකිරීමෙන් නීතියෙන් ගැලවෙන්න වගේම තමන්ගේ හා අනුන්ගේ ජීවිත අවදානමේ නොහෙළා ඉන්නත් පුළුවන්.

ඔහොම කිවුවට අපි මානුෂික සබඳතා පවත්වලා අවසන් කරලා රෑ දෙගොඩ ජාමේ ගෙදර යන්න කලින් බැලුම් පුම්බලා බලන්නේ නෑනේ. එහෙමනම්, ඒ වගේ වෙලාවක දළ වශයෙන් තමන්ගේ රුධිරයේ ඇල්කොහොල් සාන්ද්‍රණය ඇස්තමේන්තු කර ගත හැකි ක්‍රමයක් තියෙනවද?

වැඩේ ගොඩක්ම අමාරු නැහැ. මුලින්ම තමන් ඇල්කොහොල් මිලිලීටර් කීයක් බිව්වද කියන එක ගණන් හදා ගන්න ඕනෑ.

අපි හිතමු 8.8%ක ඇල්කොහොල් සාන්ද්‍රණයක් තියෙන මිලි ලීටර 625ක බියර් බෝතලයක් බිව්වා කියලා. ඒ කියන්නේ ඇල්කොහොල් මිලි ලීටර 55ක් පමණ රුධිරයට එකතු වෙලා. 33.3%ක සාන්ද්‍රණයක් තිබෙන අරක්කු බෝතලයක් (මිලි ලීටර 750ක්) හතර දෙනෙක් එක්ක බිව්වොත් ඇල්කොහොල් මිලි ලීටර 62.5ක් රුධිරයට එකතු වෙලා.

මේ විදිහට රුධිරයට එකතු වන ඇල්කොහොල් නිසා රුධිරයේ ඇල්කොහොල් සාන්ද්‍රණය කොයි තරම් ඉහළ යනවද කියන එක ශරීරයේ බර හා ස්ත්‍රී පුරුෂ භාවය අනුව තීරණය වෙන දෙයක්. එකම ඇල්කොහොල් ප්‍රමාණය බොන බර වැඩි කෙනෙක්ගේ රුධිරයේ ඇල්කොහොල් සාන්ද්‍රණය ඉහළ යන්නේ බර අඩු කෙනෙකුට වඩා අඩුවෙන්. සමාන බර තිබෙන පිරිමියෙකුගේ රුධිරයේ ඇල්කොහොල් සාන්ද්‍රණය ඉහළ යනවාට වඩා වැඩි වේගයකින් ගැහැණියකගේ රුධිරයේ ඇල්කොහොල් සාන්ද්‍රණය ඉහළ යනවා.

රුධිර මිලිලීටර 100ක තිබෙන ඇල්කොහොල් මිලිග්‍රෑම් ප්‍රමාණය හොයා ගන්න බීපු ඇල්කොහොල් මිලි ලීටර ගණන කිසියම් අනුපාතයකින් ගුණ කළ යුතුයි. බර කිලෝ ග්‍රෑම් 76ක් පමණ වන පිරිමියෙක් හා අදාළව මේ අනුපාතය 1.5ක් පමණ වෙනවා. ඒ කියන්නේ අරක්කු කාලක් බිව්වට පස්සේ රුධිරයේ ඇල්කොහොල් සාන්ද්‍රණය මිලි ලීටර 100කට මිලි ග්‍රෑම් 94ක් පමණ දක්වා ඉහළ යනවා. 8.8% සැර බියර් බෝතලයක් බිව්වට පස්සේ රුධිරයේ ඇල්කොහොල් සාන්ද්‍රණය මිලි ලීටර 100කට මිලි ග්‍රෑම් 82.5ක් පමණ දක්වා ඉහළ යනවා. සමාන බර ගැහැණියකගේ සිරුරේ මේ සාන්ද්‍රණය 10%කින් පමණ වැඩියි.

සිරුරේ බර අඩු වැඩි වෙද්දී ඉහත අනුපාතය වෙනස් වෙනවා. උදාහරණයක් විදිහට කිලෝග්‍රෑම් 60ක් බර පිරිමියෙක් හා අදාළව මේ අනුපාතය 1.9ක් පමණ වෙනවා. ඒ කියන්නේ අරක්කු කාලක් බිව්වට පස්සේ ඔහුගේ රුධිරයේ ඇල්කොහොල් සාන්ද්‍රණය මිලි ලීටර 100කට මිලි ග්‍රෑම් 119ක් පමණ දක්වා ඉහළ යනවා. අදාළ මිලිග්‍රෑම් ප්‍රමාණය ආසන්න වශයෙන් පහත ආකාරයෙන් සොයාගන්න පුළුවන්.

ඇල්කොහොල් සාන්ද්‍රණය (මිලි ලීටර 100කට මිලි ග්‍රෑම්) = පානය කළ ඇල්කොහොල් ප්‍රමාණය (මිලි ලීටර) * 115/ සිරුරේ බර (කිලෝග්‍රෑම්).

මේ පිරිමියෙක් හා අදාළව. ගැහැණියක් හා අදාළවනම් 115 වෙනුවට 126 යොදාගෙන ගණන හදාගන්න පුළුවන්.

දැන් ඔය විදිහට ගණන හදාගත්තට පස්සේ 80 කිට්ටුවට ඇවිත්නම් ඒ කියන්නේ බීමත්ව රිය පැදවීමේ වරදට අහුවෙන්න ඉඩ තිබෙනවා කියන එකයි. ඒ වෙලාවට, සුක්කානමට අත තැබිය යුත්තේ රුධිරයේ ඇල්කොහොල් මට්ටම අඩුවෙන්න කාලයක් දීමෙන් පසුවයි. ඒ සඳහා කොයි තරම් වෙලාවක් යනවද?

ගැහැණු පිරිමි හෝ මහත කෙට්ටු වෙනසක් නැතුව රුධිරයේ ඇල්කොහොල් සාන්ද්‍රණය අඩුවෙන නිශ්චිත වේගයක් තියෙනවා. කෑම කෑවට, දෙහි බිව්වට, තේ කෝපි බිව්වට, නෑවට, ව්‍යායාම කළාට ඒ වේගය වෙනස් කරගන්න බැහැ. රුධිරයේ ඇල්කොහොල් සාන්ද්‍රණය මිලි ලීටර 100කට මිලි ග්‍රෑම් 15 කින් අඩු වෙන්න පැයක් පමණ යනවා. බීපු අරක්කු ප්‍රමාණයේ හා සිරුරේ බර අනුව (කිලෝ 60ක පිරිමියෙකුට) සාන්ද්‍රණය මිලි ලීටර 100කට මිලි ග්‍රෑම් 119ක් පමණ දක්වා නැගලනම් සාන්ද්‍රණය 80 මට්ටමට බස්සගන්න පැය 3කට කිට්ටුව යනවා. නමුත්, ඒ ප්‍රමාණයම බීපු කිලෝ 76ක පිරිමියෙකුට පැයෙන් වැඩේ ගොඩ දාගන්න පුළුවන්.

මෙහෙම කිවුවට මේ ගාණ හදාගන්න එකත් ටිකත් බොන්න ඕනෑ ප්‍රශ්නයක් වගේ තේරෙනවා ඇති නේද? එහෙම තේරෙනවනම් ඒත් හොඳම වැඩේ සුක්කානමට අත නොතියා ඉන්න එක. නැත්නම් ලාල්කාන්ත සහෝදරයාට වුණා වගේ අකරතැබ්බ වෙන්න පුළුවන්.

(Image: https://www.chem.wisc.edu/deptfiles/genchem/demonstrations/Gen_Chem_Pages/04chemrxnpage/breathalyzer_test.htm)

10 comments:

  1. ඉකොනොමැට්ටාට පිස්සු ඩබල්.... අපිට මේ පවතින ක්‍රමයෙන් සම්පූර්ණයෙන් බැහැර වෙලා එකපාරටම සමාජවාදයට යන්න පුලුවන්ද?

    පවතින ක්‍රමයෙත් ගන්න පුලුවන් හොද දෙයක් තියනවනම් ගන්න වෙනව. සමහර වෙලාවට ධනේශ්වර ආන්ඩු එක්ක ඒකාබද්ධ නොවී එකට ගමන් කරන්න සිද්ධ වෙනව යම් යම් කාරනා වලදි. ඒකෙන් ධනේශ්වර ක්‍රමය සම්පූර්ණයෙන් වෙනස් කරන්න බෑ. නමුත් එයින් යම් ප්‍රතිලාභයක් නිර්ධන පංතියට ලැබෙනවානම් ඒක ලබාගැනීම සමාජවාදී ව්‍යාපාරයක් විසින් කල යුතු නොවේද? ඔයා වෙනස් වගේ පෙන්නන්න උත්සාහ කලාට ඔයත් මේකෙ ගිලිලා ඉන්නෙ කියලා පේනවා.

    ReplyDelete
  2. ලංකාව තුලදී මත් වීමටත්, මත්වී රිය පැදවීමටත් නීතිමය අවසර ඇත. මත්වී රිය පැදවීම (DUI) නීති විරෝධී වන්නේ ලේ වල අඩංගු මධ්‍යසාර සාන්ද්‍රණය (BAL) නීත්‍යානුකූල සීමාවට වඩා වැඩි වූ විට පමණි.

    මෙය ඔබේ සිංහල තේරුම්ගත හැකි උපතින්ම අමු මීහරක් වන මැදමුලන වලව්වේ වැසිකිළි සෝදන වහලුන් වන බයි මිතූරන්ට පහදා දෙන්න.

    ඉකොනොමැට්ටා ඔබ අමුම අමු ගොන් මන්දමානසික රාජපක්ෂ වහලුන්ගේ බයි බස (අමු තිත්ත කුනුහරුප) දන්නේ නම් එයද භාවිතා කළ හැකි නමුත් තේරුම් ගැනීමේ හැකියාව ඉහළ බැවින් ඔබේ ආරක්ෂාව ඔබම සලසා ගත යුතුය.

    ප‍්‍රවීණ රංගන ශිල්පී චන්න පෙරේරා ජවිපෙ ගැන කියපු කතාව;

    https://m.facebook.com/story.php?story_fbid=1723838604343762&id=1700649293329360

    රාජ්‍ය බලය, මේ ප්‍රභූ පිරිසෙන් වෙනත් පිරිසකට දෙන්න කාලය හරි.
    --- ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි---
    https://m.facebook.com/story.php?story_fbid=883683148459406&id=490514314442960

    අපිට එකතු විය හැකි කදවුර ජවිපෙ
    ---සංගීතවේදී නදීක ගුරුගේ---
    https://m.facebook.com/story.php?story_fbid=1732344070159882&id=1700649293329360

    ජවිපෙ ලංකාවේ ඇති කිරීමට යෝජනා කරන්නේ මොනවගේ "නවීන සමාජවාදී" පාලන ක්‍රමයක්ද....? ටිල්වින් සිල්වා කියන කතාව අහලා බලන්න.
    https://m.facebook.com/story.php?story_fbid=1629409073778616&id=677237858995747

    මේවා බලල කියලවත් ඉකොනොමැට්ටාගේ අතිඅසාර්ථක ධනේශ්වර මැටි අදහස් වෙනස් කරගත්තොත් හොඳයි.

    ලංකාවේ දේශීය කර්මාන්ත බිඳ වැටෙන්නේ ඇයි?
    -වෛද්‍ය නලින්ද ජයතිස්ස
    https://www.facebook.com/jvpsrilanka/videos/295369447823077/

    ධනය බෙදී යාමේ අසමානතාව දිනෙන් දින පුළුල් වෙමින් තිබෙනවා.
    දුප්පත් බිලියන 4ක ජනතාව සතු ධනය හා සමාන ධනයක් ලොව පොහොසත්ම පුද්ගලයන් 26 ක් හිමි වී තිබෙනවා. (Oxfam සංවිධානය ) සම්පූර්ණ විස්තර පහත වීඩියෝවේ...
    https://www.facebook.com/1742398629311377/posts/2234773110073924/

    ReplyDelete
  3. අපට කීමට ඇත්තේ බන්කොලොත් වූ එජාපේ ක්‍රියාකාරීන් ද මැදමුලනේ අමන වාලුන්ගේ දන්කුඩ අහුලා කමින් දැන් ජවිපේට මඩ අවලාද නැගීමට පටන් ගෙන තිබීම අතිශය ශෝක ජනක බවය.

    ධනවාදී උගතෙක් වන ඉකොනො මැට්ටාට කීමට ඇත්තේ ජවිපේ වැනි පක්ෂ විවේචනය කිරීමට මතවාදී අදහස් පමනක් යොදා ගන්න ලෙසත් මෙවැනි සිල්ලර මඩ වලින් ජවිපේට කිසිදු හානියක් නොවන බවත් ය. මතවාදී අරගලය පන්ති සටනේ ප්‍රධාන ආකාර තුනෙන් එකකි. සවිඥානික දේශපාලන ක්‍රියාකාරීත්වය සඳහා අත්‍යාවශ්‍ය ම උපකරණයකි. මිනිසා සිය විමුක්තිය සඳහා කරනු ලබන සිය අරගලයේ දී ඔහුට ඒ සඳහා ක්‍රියාකාරී වීමට නම්, පළමුව තමා ප්‍රාග්ධනයේ ‘‘වහලෙක්’’ බවට පත් වී ඇති බවත් එම වහල් භාවයෙන් මිදීමට තමා වැනිම අනෙක් අය සමග එක් වී සටන් කළ යුතු බවත් අවබෝධ කර ගැනීම අනිවාර්යය කොන්දේසියක් වේ.‍‍ මුලින්ම ඒ ගැන ඔබේ කාලය යෙදවීම සුදුසු බව මතක් කළ යුතුමය.

    ReplyDelete
  4. ලාල්කාන්තට
    විතරක් නොවෙයි
    කාටකාටත් කියන්නේ
    කැමති නම් බොන්නේ
    බීල වාහන
    නොපදවන්නේ

    ReplyDelete
  5. මේක පක්ෂයේ අභ්‍යන්තරයෙන් ගත් රහස් තීන්දුවක්… ප්ලෑන ලාල් සහෝදරයා හිරගෙට යවලා සිපිරි ගෙය තක්සලාවක් බවට පත් කර පීඩිත සිරකරැවන් තුල පංති විඥ්ඤාණය ඇති කර ඔවුන් විප්ලවයට යොදා ගැනීමයි.

    ReplyDelete
  6. මට නම් මේක කෙලින්ම අදාළ නැහැ, නොබොන නිසා. එත් හුඟ වෙලාවට බීපු අය එළවන වාහනවල යන්න වෙන නිසා (ආත්මාර්ථකාමීව හිතලා) එයාලටත් මේ පෝස්ටුව බලන්න කියනවා!!

    ReplyDelete
  7. ඉකොනො ඉන්දියාවේ පුද්ගලික සංචාරයක නිරත වූ අගමැති රනිල් වික‍්‍රමසිංහ එරට තිරුපති කෝවිලේ ‘තුලාබරම්’ පූජාවේ යෙදෙන ආකාරය ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත.

    "තුලාබරම්" පූජාව යනු තිරුපති වන්දනාවේ යන බැතිමතුන් විසින් තමන්ගේ බරට ධාන්‍ය වර්ග, වටිනා ලෝහ වර්ග හෝ මුදල් දෙවියන් උදෙනා ලබා දීමකි.

    සාමාන්‍යයෙන් මෙම පූජායෙව් යෙදෙන රාජ්‍ය නායකයන් බොහෝ දෙනෙකු තම බරට රත‍්‍රන් පූජා කිරීම සිදු කරන බවද මාධ්‍ය වාර්තාවන්හි දැක්වෙයි.

    රනිල් වික‍්‍රමසිංහ ද පූජා කර ඇත්තේ තම බරට රත‍්‍රන් යයි සමාජ ජාලාවන්හි වාර්තා බොහෝමයක් පලවෙයි.

    කෙසේ වෙතත් පින්තූරයේ දැක්වෙන පරිදි අගමැතිවරයාගේ බරට සමාන වන්න අනෙක් පසින් තබා ඇත්තේ ප‍්‍රමාණයෙක් කුඩා මළු කිහිපයක් නිසා ඒවායේ ඇත්තේ ඝනත්වය වැඩි ලෝහ වර්ගයක් විය හැකි බවට උපකල්පනය කල හැක.

    මේ ගැන ඉකොනොමැට්ටා කියන්නේ මොකක්ද?

    ReplyDelete
  8. එකොනො, ලංකාවේ බහුතරයක් නොදරන මතයක ඔබ ඉන්නේ. ඒකට හේතුවත් ලංකාවේ දේශපාලන පාපතරයො මවලා තියන බිල්ලක් තමයි.

    ලංකාවේ මවපු මතයක් නම් ඇමෙරිකන්කාරයො යක්කු, චීන්නු කොක්කු කියලා.. ඒත් ඇත්ත කතන්දරේ ඕක නෙමෙයි. ඇමෙරිකන්කාරයා ඇමෙරිකාවටත්, චීනා චීනෙටත්, රුසියන්කාරයා රුසියාවට අන්කන්ඩිශනලි පක්ශපාතියි.. ඒකයි උන් උන්ගේ තම තමන්ගේ ජනතාව රැකගන්න. උන්ගේ ජීවන මට්ටම උසස් කරන්න, කරන්න පුලුවන් අසික්කිතම වැඩ උනත් ලොකේ කරන්නේ.. මොකද උන්ට වටින්නේ තමන්ගේ රට සහා ජාතිය. ඒක කලු ඇමෙරිකන්කාරයද, මුස්ලිම් ඇමෙරිකන්කාරයද, බෞද්ධ ඇමෙරිකන්කාරයද කියලා වැඩක් නැ. ඒ ඔක්කොම උන්ට ඇමෙරිකන් උන්. ඒකයි උන්ගේයි ලංකාවේ නායකයන්ගෙයි වෙනස. උදාහරනෙකට් ඇමෙරිකන්කාරයෙක් සෞදියෙදි අත් අඩන්ගුවට ගත්තොත් අනිවා ඇමෙරිකන් තානාපතිකාර්යාලයෙන් නීතී උපදෙස්, බේල් බොන්ඩ් මේ ඔක්කොම අරේන්ජ් කරනවා. මොකද ඌ උන්ගේ එකෙක් නිසා. හැබැයි ලංකාවේ ගැනියෙක්ට සෞදියේ කටු ගැහුවම තානාපතිකාර්යාලේ උන් හාම්පුතාගෙන් කුට්ටිය මරගෙන ගැනිව ගෙදර එවනවා පෙට්ටියක. මේක තමයි ඇත්ත..

    දැන් බලන්න ඇමෙරිකන් උන් ඉරාකෙට ගැහුවේ තෙල් ගන්න හරි මොකරට හරි ඇමෙරිකන් ආර්ථිකේ වර්ධනය කරන්න.. චීනා ගොඩබිම ගොඩ කරනා දූපත් හදන්නේ උන්ගේ රටට ආදායම් ගේන්න. ඒක තමයි උන්ගේ වගකීම. කවුරුහරි කියනවා නම් ඒ නායකයො වැරදියි කියල, ඒක හරිම අසාධාරනයි. මොකද උන්ට වටින්නේ උන්ගේ මිනිස්සු ප්‍රථමයෙන්ම, ඒකටත් එක්ක ලංකාවේ, ලංකාවේ ඉන්න හාල්පාරුවොයි, ලංකාවෙන් පිටරටවලට ප්ලේන් එකේ සිට බෝට්ටුව දක්වා විවිධ මාර්ගවලින් සන්ක්‍රමනය වෙච්හි මලපෙරේත කල්ලතෝනි හැත්තයි ඔක්කොම එකයි, කට ඇරියොත් කෙළින්න බලන් ඉන්නෙ ලංකාවට, නිදහස් අධ්‍යාපනයෙන් ලංකාවේ දුප්පත් අසරන ජනතා බදුමුදලින් ඉගෙනගෙන වෙන රටවලට පැනලා එහේ නිකම් සුදන්ගේ යටතේ බල්ලො වගේ ඉන්න ගමන් ලංකාවට මොකක් හරි සේවයක් කරන එකෙක් ඉන්නවනම් ඌට මඩ ගහන එකමයි වැඩේ.

    ReplyDelete
  9. ලාල්කාන්ත සහෝදරයා පිටරට ගියාම එහෙ තියෙන කෑමලුනේ කන්නේ. බත් කන්නේ නෑලුනේ.
    අන්න ඒ විදියට ඔය ගියපු පළාතේ තිබිල තියෙන්නේ කශිප්පු විතරලු.
    අහිංසක මිනිහ.

    ReplyDelete
  10. ඕස්ටේ‍ර්ලියානු පොලිසිය කියන්නේ ඔවුන් අත ඇති උපකරණයේ සිදුරකට එකේ සිට පහ දක්වා ඉලක්කම් කියන්න කියායි.

    හොඳ වෙලාවට The rain in Spain stays mainly in the plains වගේ දේවල් කියන්න කියා අණ කරන්නේ නෑ!

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: