වෙබ් ලිපිනය:

Monday, July 31, 2023

උද්ධමනය තනි අංකයකට!

කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව, ගෙවුණු ජූලි මාසයේදී උද්ධමනය 6.3% දක්වා අඩු වී තිබෙනවා. මෙය මහ බැංකුවේ ඉලක්ක උද්ධමන සීමාව වන 6%ට ඉතාම ආසන්න අගයක්. ආහාර උද්ධමනය සෘණ 1.4%ක් වීම විශේෂ කරුණක්.

උද්ධමනය අඩුවීම යනු මිල ගණන් අඩුවීම නොවුනත්, සෘණ උද්ධමනයක් හෙවත් අවධමනයක් යනු මිල ගණන්ද අඩු වීමක්. මේ අනුව, පසුගිය වසරේ ජූලි මාසයට සාපේක්ෂව සමස්තයක් ලෙස ආහාර මිල ගණන් 1.4%කින් අඩු වී තිබෙනවා. සහල්, තිරිඟු පිටි, පාන්, පොල් තෙල්, නූඩ්ල්ස්, කරවල, සීනි, මයිසූර් පරිප්පු ආදී ආහාර ද්‍රව්‍ය වල මිල පසුගිය වසරට සාපේක්ෂව අඩු වී ඇති අතර බිත්තර, කුකුළු මස්, පොල්, අළුත් මාළු, පළතුරු, තේ කොළ ආදී ආහාර ද්‍රව්‍ය වල මිල ගණන් තව දුරටත් පෙර වසරට වඩා ඉහළ මට්ටමක පවතිනවා.

2 comments:

  1. so you were right in your prediction that inflation will be at a single digit value from mid-end 2023 ! Well done old chap!

    ReplyDelete
  2. උද්ධමනය අඩුවීම කියලා කියන්නේ ආණ්ඩුව විසින්ම කරන අංක විජ්ජාවක් විතරයි නේද?

    දෙසැම්බර් මාසයේ ඩොලර් වලින් ණය වාරිකයක් ගෙවිය යුතුයි. තවමත් ශ්‍රී ලංකාවේ මහා බැංකුවට ඒ සඳහා ප්‍රමාණවත් ඩොලර් නොමැත. එබැවින් එය ගෙවූ පසු, USD 400 LKR ට ආසන්න වී හෝ ඊට වඩා වැඩි විය හැක. මේ බව bloomberg එකෙනුත් කියා තිබෙන බව මතකයි නේද?

    ලංකාවට ලබන අවුරුද්දටවත් වාහන ගෙන්වන්න අවසර නැහැ. නමුත් පවතින තත්ත්වය අනුව වාහන ආනයනය කිරීමට අවසර දෙන විට USD 500LKR දක්වා යා හැක. ඒ නිසා අනාගතයේදී USD එක 180 ක් වූ මිලට ආනයනික භාණ්ඩ කිසිසේත්ම නොලැබෙන බව අවබෝධ කරගත යුතුය. 2018 වනවිටත් ඩොලර් බිලියන 84 ක ආර්ථිකයක් තිබූ ලංකාවට 2019 වසර මුල සිට සිදුවු අධික ආර්ථික පරිහානියට පත්වීම සමග දැවැන්ත ලෙස ආර්ථිකය නායයෑම නිසා කොතරම් දුරට සෙල්ලම් දැමූවත් 2023 වසරේ අග සමස්ත ආර්ථිකය (nominal GDP) ඩොලර් බිලියන 73 ට වඩා වැඩිකර ගැනීමට නොහැකිව අන්ත අසරණ තත්ත්වයට පත්ව ඇත. දිගටම හැකිලෙනවිට ආර්ථිකය නිසා ලංකාවට 2028 දීවත් නැවත ඩොලර් බිලියන 80 ඉලක්කයට යාමට නොහැකි බව අවබෝධ කරගෙන ලංකාව හැරදමා සියලුදෙනාම හැකි පරිදි තෝරාගත් විදේශ රටවලට සංක්‍රමණය වීම වඩා සුදුසු බව ජනතාව අතර ප්‍රචලිත වී ඇත. මීට කළ යුත්තේ කුමක්ද?

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: