ගෙවුණු (2024) වසර ඇතුළත ශ්‍රී ලංකාවට ශ්‍රමික ප්‍රේෂණ ලෙස ඩොලර් මිලියන 6,575.4ක මුදලක් ලැබී තිබෙනවා. මෙම මුදල පෙර වසරේ එම අගය වූ ඩොලර් මිලියන 5,969.6ට වඩා 10.7%කින් වැඩි අගයක්.
පසුගිය නොවැම්බර් මාසයේදී ශ්‍රමික ප්‍රේෂණ වල කැපී පෙනෙන අඩු වීමක් දැකිය හැකි වුවත්, දෙසැම්බර් මාසයේදී ශ්‍රමික ප්‍රේෂණ නැවතත් වර්ධනය වීමෙන් පෙනී යන්නේ එය තාවකාලික තත්ත්වයක් බවයි. ඇතැම් විට ඩොලරයක මිල පහත වැටීම නිසා සීමා වූ ශ්‍රමික ප්‍රේෂණ ඩොලරයක මිල ඉහළ යද්දී නැවත යථා තත්ත්වයට පත් වුනා විය හැකියි.
පසුගිය එක් එක් වසර වලදී ශ්‍රී ලංකාවට ශ්‍රමික ප්‍රේෂණ ලැබුණේ පහත පරිදියි. සියලුම අගයයන් ඩොලර් මිලියන වලින්.
2012 - 5,985
2013 - 6,407
2014 - 7,018
2015 - 6,980
2016 - 7,242
2017 - 7,164
2018 - 7,015
2019 - 6,717
2020 - 7,104
2021 - 5,491
2022 - 3,789
2023 - 5,970
2024 - 6,575
Señor, usted no está en peligro por el incendio de Los Ángeles, ¿verdad?
ReplyDeleteසහෝදරයා
DeleteLa potencia mundial nos enseña hoy un verso predicado por el Buda...🙏
Las cosas materiales que acumulamos son destruidas en momentos inesperados por confiscaciones gubernamentales, granizo, lluvia, fuego, ladrones y enemigos... 🙏
Vivamos en una época en la que entendamos la vida...
No importa lo que digan los demás, lo aceptemos o no, la naturaleza futura del Dharma nos enseñará el Dharma maravillosamente 🙏 🌼🙏🌼🙏
ලෝක බලවතා විදියට තමුන්ව හඳුන්වාගෙන ලෝකෙටම පාට් දමමින් ලොවම විනාශ කරන රටේ ඇතිවු මහා ගිනි ව්‍යාප්තිය අද අපට අද කියා දෙන්නේ බුදු හාමුදුරුවෝ දේශනා කල බණ පදයක්...🙏
අපි රැස් කරන හෞතික දේ නොසිතනා විදියට නොසිතන වේලාවක රාජ සන්තක වීමෙන්,අවුවෙන්, වැස්සෙන්, ගින්නෙන්, සොර සතුරන් නිසා විනාශ වේ....🙏
ජීවිතේ තේරුම් ගෙන ඉන්න ටික කාලේ අපි ජීවත් වෙමු...
කව්රු මොනවා කිව්වත්, එය පිළිගත්තත් නැතත් අනාගතේ ස්වභාව දහම විසින් අපට ධර්මය කියා දෙනවා ලස්සනට 🙏 🌼🙏🌼🙏
අද වන විට අපේ ඡන්දයෙන් පත්වු ජාතික ජන බලවේග ආණ්ඩුවේ බලය හයිජැක් කරමින් ඇත්තටම රට පාලනය කරන අද විදේශ බලවේගයක් වන ජාත්‍යන්තර මූල්‍යය අරමුදල නියෝජනය කලන ක්‍රිස්ටියානා ජෝර්ජියාවා දැනටමත් දීලා තියෙනවා ආණ්ඩුවට ඉලක්කයක්.
ReplyDeleteඒ රුපියල් බිලියන් හාරදාස් පන්සීයකට අධික ප්‍රමාණයක් මේ වසරේ හොයාගන්න කියලා. ඒ හොයාගන්න යන්නේ මේ විදුලි බද්දයි, තෙල් බද්දයි. ඒ බදු දෙකෙන් පමණක් රුපියල් බිලියන හාරසීයක් එකතු කරගත යුතුයි. එහෙම වුණොත් තමයි මේ හාරදාස් පන්සීය එකතුකර ගන්න පුළුවන් වෙන්නේ. ඇත්ත ඕකයි. ඒ ඇත්ත කියන්නේ නැතුව, මේ ව්‍යාජ ඉලක්කම් පෙන්වීම, රට නොමඟ යැවීමක්, දේශපාලන නොමඟ යැවීමක්, සහ අනෙකුත් කාරණා සැඟවීමක්.
ඒ නිසා අපි ඉල්ලන්නේ වෙන මොකුත් නෙවෙයි, කරුණාකරලා අපෙන් වැඩියෙන් අයකරගත්ත ටික, අපේ ජනතාවට දෙන්න පාඩුවක් සිද්ධ වුනොත් ඔය කියන විදියට ලංකා විදුලිබල මණ්ඩලය කියන විදියට වහින්නෙ නැතුව ඉඳලා එහෙම ප්‍රශ්නයකුත් ඊළඟ හය මාසෙදි ඒක ගන්න. ඒක තමයි විද්‍යාත්මක ක්‍රමවේදය.
අනාගතය සඳහා පුරෝකථනය කරලා අය ක්‍රම හදන්න බෑ. අතීතයට ගැලපෙන විදිහට හදන්න. ඒ වගේම ලංකා විදුලිබල මණ්ඩලයට ඉලක්ක දෙන්න. මෙහෙ කොහෙවත් නෑ කරන්න මෙච්චර කියලා. ඔබගේ කාර්යක්ෂමතාවය නංවන්න එකක් නෑ. කිසිම දෙයක් නෑ. ලංකා විදුලිබල මණ්ඩලයේ ඔක්කොම ප්‍රශ්න ටික මෙතෙන්ට දාලා තියෙනවා.
දැන් ගිය අවුරුද්දේ විදුලි කප්පාදුවක් වුණා සමනල වැව. මොකක්ද? සමනල වැව හිඳුනා. හරි. මොකද හේතුව? හම්බන්තොටට ගහන්න ගිය එක නිසි කාලෙදි ඉවර කලේ නෑ. මීටර් පොඩි ගානක ප්‍රශ්නයක් මත අවුරුදු තුනක් පාඩු කළා. රටට කොච්චර පාඩු උනාද? ගොවියන්ට කොච්චර පාඩු උනාද? ලංකා විදුලිබල මණ්ඩලයේ එක බාරව හිටපු අකාර්යක්ෂම රජයේ නිලධාරීන්ට එරෙහිව ගත්ත එකම එක ක්‍රියාමාර්ගයක්වත් තියෙනවාද? කීදෙනෙක්ට මෙහෙම වෙලා තියෙනවද? මේ ඔක්කොම අන්තිමට යනවා මහජනයා පිටින්.
ඉතින් ඒක නිසා කරුණාකරලා ඔවුන්ට කේ. පී. අයි. අඳුන්නලා දීලා ඔවුන්ටත් දෙන්න ඉලක්කයක් බිලියන මෙච්චර ගානක් ඉතුරු කරන්න. එහෙම වුනොත් තමයි ඒගොල්ලෝ වැටුප් වර්ධක ලැබෙන්නේ කියලා. එහෙම නැතුව ඒගොල්ලන්ගේ බලය පාවිච්චි කරලා ඒ කටයුත්ත කරන්න දෙන්න එපා.
අනාගතය පුරෝකථනය කරලා විදුලි බිල් ගහන්න බෑ. බදු ගහන්න බෑ. අතීතයේ තත්ත්වය බලලා ඒ සහනය ලබා දීලා, ආර්ථිකයත්, අපේ ජනතාවත් ගලවගන්න වහාම අපි මේ අයි එම් එෆ් උගුලෙන් ගැලවෙන්න ඕනේ.
එමෙන්ම ලංකාවේ කුඹුරු ඉඩම් විදේශීය ආයෝජකයින්ට විකුණා දැමීමේ සියුම් කුමන්ත්‍රණකාරී සැලැස්මක් ක්‍රියාත්මක වෙමින් තිබෙන බව ජාතක ජන බලවේගයේ ජාතික ගොවිජන ඒකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන් මාධ්‍යහරහා පෙන්වා දුන්නා
අධි තාක්ෂණික ක්‍රම යොදා ගනිමින් වී වගා කිරීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඉදිරිපත් කර තිබෙන කුමන්ත්‍රණකාරී යෝජනා අනුව කටයුතු කර වික්‍රමසිංහ දූෂිත රෙජීමය පෙර රජය මෙන්ම වර්තමාන ජනතාවාදී ජාජබ ආණ්ඩුවත් කටයුතු කරන බවට සමස්ත ගොවීන්ට මේ වන විටත් සැකයක් පැන නැගී තිබෙන බව ද සභාපතිවරයා එතනදී පිළිගත්තා.
කුණු කොල්ලෙට රටේ ස්වාභාවික සම්පත් පසුගිය ආණ්ඩු ජාත්‍යන්තරයට විකුණා දැමූ බව පෙන්වාදුන් සභානතිතුමා කුඹුරු ඉඩම් මහා පරිමාණ කෘෂි ව්‍යවසායකයින්ට විකුණා කෘෂි කර්මාන්තය සහමුලින්ම අතුගා දැමීමේ කුමන්ත්‍රණයක් වත්මන් ආණ්ඩුව කාලයේ දී ක්‍රියාත්මක කිරීමට තමා කිසිසේත්ම ඉඩ නොදෙන බවත් ඊට එරෙහිව ජීවිත පරිත්‍යාගයෙන් සටන් කර ආණ්ඩුව ඇතුලේ සිටින ඇතැමුන්ට සත්‍ය තත්ත්වය පෙන්වා දී මෙම කුමන්ත්‍රණ පරාජය කරන බවත් ගොවි ජනතාවට සහතික කර පැවසූවා.
ඉකොනෝ මොකද හිතනනේ ලංකාවේ බස් කර්මාන්තය ක්‍රමානුකූලව නගාසිටුවීමට ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව?
ReplyDeleteමොකද දැනට පවතින තත්ත්වය අනුව අවම බස් ගාස්තුව රුපියල් 30ක් තියෙන රටක සහ ඒ බස් එකෙත් සෑහෙන පිරිසක් මුදල් නොදී හොරාට යන රටක මිනිස්සු සැප බස් වල යයිද 1000ට 1500ට ටිකට් කඩාගෙන?
ඒ වගේම එක්කොටි හැත්තෑ ලක්ෂයක සාමාන්‍ය ලේලන්ඩ් වයිකිං බස් එකේ බස් ගාස්තුව රු.30නම් රුපියල් කෝටි 40ක 50ක බස් එකක ගාස්තුව 1000ක් 1500ක් කරන්න වෙනවනෙ? නැද්ද?
මේකේ පාඨකයො ලංකාවේ ඉන්න අය කියන්න පුළුවන්ද ඔයාලා යනවද මිත්‍ර වරුනි?
ඒ නිසා, සැප බස් ගේනවා කියලා බොරු පොරොන්දු දීපු NPP එකට අපි හැමෝම රැවටුනා නොවෙයි ඒවා විස්වාස කරා එකයි ඇත්ත, අනෙක රජය ආනයන වලට Tax ගහන්නේ රජයට නිකන් ඉන්න බැරි නිසා නෙවෙයි ආනයන බදු ගහන්නෙ විදේශ විනිම ගලනය අඩු කරන්න අද රෑ ඉදන් 100% Tax අයින් කරොත් රටේ විනිමය සංචිතය දවසින් කඩා වැටිලා bankruptcy එකක් උනත් වෙන්න පුලුවන් මොකද ඊටපස්සෙ සල්ලි තීන හැමෝම බස් ගෙන්න ගන්නව, මතකද වසර පහළොවකට විතර ඉස්සර මහින්ද රාජපක්ෂ ඒකාලෙම කොටි නගරයේ සහ වෙනත් නාගරික ප්‍රදේශවල City බස් වලට මාරු වෙන්න ප්ලෑන් කරලා නියමු ව්‍යාපෘතියක් විදිහට බස් ගෙනැල්ලා ටෙස්ට් කලා වැඩේ අසාර්ථක උන නිසා අකුලගත්තා නැත්තන් ගෝටාභය රාජපක්ෂගෙ කාබනික පෝර වලට වෙච්චි වැඩේමයි වෙන්නෙ ලංකාවෙ කොහොමටවත් ඒව දුවන්න බෑ අච්චර AC බස් තීද්දි නිකන් බස් එකේ ගාන වගේ දෙගුණයක් නොදී නිකන් බස් එකේ තැම්බි තැම්බි යන මිනිස්සු ඉද්දි ඕවා ගෙනාව කියන්නෙ ගාන වගේ තුන්ගුනේකටත් වඩා ගෙවන්න වෙනව මිනිස්සුන්ට ලංකාවෙ ඕවා දුවන්න road condition නෑ අනික Fuel consumption එකත් උපරිමයි අනික maintenance ලංකාවෙ ස්ථාවර කාලගුනයක් බලාපොරොත්තු වෙන්නත් බෑ ගංවතුර වගෙ තත්ව වලදිත් වයිකිං දුවන්න පුලුවන් මේව එහෙම බෑ ලංකාවෙ දැනට කරන්න පුලුවන් හොදම දේ ඔය වයිකිං බොඩියෙ ටිකක් විතර හොඳ අලුත් මාදිලියෙ බොඩි තීන බස් වලට මාරු වෙන එක ලංකාවට ගැලපෙන විදියට එහෙම නේද?
ඉකොනොමැට්ටා,
ReplyDeleteලංකාවේ පුරවැසියන් විශාල පිරිසක් මෑතක දී විශාල ලෙස විදේශ ගත වුණා විශේෂයෙන්ම 2022 ආර්ථික අර්බුදය සහ රනිල් වික්‍රමසිංහ ජනාධිපති වීමෙන් පසුව අධික ලෙස බදු ඉහළ නැංවීම නිසා ලංකාව තුල ජීවත් වීමට ඉතාමත්ම අමාරු වීම නීසා, ඒ 2021 සිට 2024 දක්වා කාලය තුල විශාල ලෙස විදේශ ගතවුණු අය විදේශ විනිමය ලංකාවට එවපු නිසා 2024 වසරේ විදේශ ප්‍රේෂණ මීට වඩා වැඩිවිය යුතුයි, නමුත් මම හිතන්නේ හවාලා (උණ්ඩියල්) වැනි ක්‍රම හරහා විශාල මුදලක් ඇතැම් විට ඩොලර් බිලියනයක හෝ ඊටත් වැඩි මුදලක් ලංකාවට වෙන ක්‍රම වලින් භාණ්ඩ ලෙස ආනයනය කරනවා ඇති, විශේෂයෙන්ම ජංගම දුරකථන විදුලි උපකරණ රෙදි පිළි ඇපරල් වගේ දේවල්
ලංකාවේ තවමත් බැංකු වල තියෙන රේට් ඉතාම අඩුයි, උදාහරණ විදිහට එක්සත් අරාබි එමීර් ඩිරාම් එකකට බැංකු වලින් නිල වශයෙන් ගෙවන්නේ රුපියල් හැත්තෑ ගණන්, උදාහරණ විදිහට 77-78 ක් වගේ ඒත් හවාලා වලින් ලේසියෙන්ම රුපියල් අසූ දෙකක් තුනක් ගන්න පුළුවන්, හිතන්න තරමක හොඳ වැටුපක් ලැබෙන ලාංකික වෘත්තීයවේදියෙක් මාස තුනක විතර වැටුප එකතු කරලා ඩිරාම් ලක්ෂයක් ලංකාවට යවනවා කියලා, එතකොට රුපියක් වැඩියෙන් ලැබුණත් රුපියල් ලක්ෂ පහක විතර මුදලක් වැඩිපුර ලැබෙනවා. මැදපෙරදිගරටවල මසකට ඩිරාම් දෙදාහ තුන්දාහ වගේ වැටුප් ලැබෙන සුළු රැකියා කරන අය වගේම ඩිරාම් ලක්ෂ ගණනක වැටුප් ලබන වෘත්තීයවේදින් සහ ව්‍යාපාර කරන ව්‍යවසායකයන් ඉන්නවා, මේක එක්සත් අරාබි රාජ්‍ය පමණක් නෙවෙයි කටාර් ඕමාන් සෞදි අරාබිය ජෝර්දාන් බහ්රේන් ආදී සියලුම රටවලට වගේම දකුණු කොරියාව සහ යුරෝපයේ ඉතාලිය වගේ රටවල සේවය කරන ලාංකිකයන් හැමෝටම පොදුයි. අඩුම ඩිලාන් හෝ රියාල් පන්දාහක් දාන කෙනෙකුට වුණත් ඒකකයකට රුපියල් පහක් කියන්නේ රුපියල් විසි පන්දාහක්නේ නේද?
ඒ නිසා හවාලා වගේ ක්‍රම වලින් ලැබෙන මුදල් ගණනය කරන්න ඕන නේද? මේක බලන්න
https://www.elibrary.imf.org/display/book/9781589064232/ch04.xml#:~:text=An%20example%20of%20a%20typical,amount%20he%20wants%20to%20transfer
ඒ වගේම ඉස්සරහට එක්සත් ජනපදය, ජපානය සහ යුරෝපයට චීනෙ එක්ක ලේසි වෙන්නෑ . විශේෂයෙන්ම එක්සත් ජනපදය වගේ ලෝකේ පුරාම අනවශ්‍ය යුද්ධ කෝලාහල ව්‍යාපාර නොකරන නිසා උන්ට ගැටෙන්න ප්‍රස්න නෑ ගැටෙන්න තියන්නෙ ස්වබාදහම එක්ක විතරයි.ඉතිං එක එක සොයාගැනීම් කරනව. පොඩි උන් පවා මහාචාර්යවරු වගේ.
BYD බැටරි සහ කාර් යන 2ම හදනවා.බැටරි විතරක් හදලා විශේෂ පේටන්ට් බර ගානක් ඇති CATL ලෝකයේ ලොකම බැටරි සමාගම ලෝක වෙලදපොලෙන් 39%ක් අල්ලලා තියෙනවා.CATL සමග හැරෙන්නවත් බෑ අනිත් බැටරි සමාගම් වලට.ලැප්ටොප්වල Intel inside කියලා ගහලා තියෙනවා වගේ Legacy auto makers ලා ඇතුලු CATL බැටරි යොදන හැම කාර් එකකම CATL inside කියලා ගහන්න හදන කතාවකුත් ගියා ලගදි.
ඇමරිකන් නේටෝ අනවශ්‍ය බලපෑම් නිසා ජර්මන් වගේ යුරෝපීය වාහන සමාගම් වලට මරු පහරක්වුණ
රුසියාවෙ විශාල වාහන මාකට් එක යුද්දේ නිසා වහපු බටහිර යුරෝපීය කාර් කොම්පැණිවල වෙලදපොල දැන් සම්පූර්ණයෙන්ම වගේ අල්ලලා තියෙන්නේ චීන වාහන. රුසියන් නිෂ්පාදනය කරන වාහන වලටත් චීන අමතර කොටස් විශාල ලෙස භාවිතා කරන නිසා ඒකෙනුත් චීන සමාගම් වලට කරල පැහිලා කල්ල මරේ.
ගොඩ එන්න විදියක් කියන්න ඉකොනො අයියා
ReplyDelete