වෙබ් ලිපිනය:

Tuesday, January 7, 2025

වසර අවසානයේදී නිල විදේශ සංචිත


ගෙවුණු 2024 වසර අවසානයේදී ශ්‍රී ලංකාවේ නිල විදේශ සංචිත ප්‍රමාණය ඩොලර් මිලියන 6,091ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් වාර්තා කර තිබෙනවා. මෙම ප්‍රමාණය 2024 නොවැම්බර් අවසානයේදී නිල විදේශ සංචිත ප්‍රමාණය වූ ඩොලර් මිලියන 6,451ට වඩා ඩොලර් මිලියන 360කින් අඩුයි. පසුගිය මාසය ඇතුළත නිල සංචිත ප්‍රමාණය එපමණකින් අඩු වී තිබෙනවා. මහ බැංකු අධිපති විසින් රූපවාහිණී නාලිකාවක් සමඟ පැවති සාකච්ඡාවකදී කියපු විදිහට මේ විදිහට නිල සංචිත ප්‍රමාණය අඩු වෙලා තියෙන්නේ මහ බැංකුව විසින් ණයක් ගෙවපු නිසා. 

මාසය තුළ මහ බැංකුව විසින් සිදු කළ වෙළඳපොළ මැදිහත්වීම් ගැන හරියටම දැනගන්න වෙන්නේ මහ බැංකුව විසින් අදාළ තොරතුරු ප්‍රසිද්ධියට පත් කළාට පසුවයි. දෙසැම්බර් මාසය තුළද ශුද්ධ වශයෙන් වෙළඳපොළෙන් යම් ඩොලර් ප්‍රමාණයක් මිල දී ගත්තා විය හැකියි. (පසු එකතු කිරීම: දෙසැම්බර් මාසය තුළ මහ බැංකුව විසින් ශුද්ධ වශයෙන් ඩොලර් මිලියන 208.8ක් වෙළඳපොළෙන් මිල දී ගෙන තිබෙනවා. ඒ අනුව, ඩොලර් මිලියන 500 ඉක්මවන මුදලක් මාසය තුළ ණය ගෙවීම වෙනුවෙන් යොදවා තිබෙනවා.)

වසර අවසන් වෙද්දී පවත්වා ගත යුතු සංචිත ප්‍රමාණය තියාගෙන වැඩිපුර තිබුණු සංචිත ණය පියවීම සඳහා යොදා ගත්තා වෙන්න පුළුවන්. එය එසේනම්, දෙසැම්බර් මාසය ඇතුළත මහ බැංකුවේ ශුද්ධ විදේශ වත්කම් වල සැලකිය යුතු වර්ධනයක් සිදු වී තිබිය යුතුයි. නොවැම්බර් මාසය අවසන් වන විට දළ නිල විදේශ සංචිත ප්‍රමාණය ඩොලර් මිලියන 6,451ක්ව පැවතුණත්, මහ බැංකුවේ ශුද්ධ විදේශ වත්කම් තිබුණේ ඩොලර් මිලියන 313ක් පමණයි. අවසන් වශයෙන් අවශ්‍ය වන්නේ ශුද්ධ විදේශ වත්කම් ප්‍රමාණය වැඩි කර ගැනීමටයි. 

ගෙවුණු වසර ඇතුළත වාහන ආනයනය සඳහා ඩොලර් මිලියන 500ක මුදලක් වැය වනු ඇති බව මහ බැංකුව විසින් අපේක්ෂා කළ බවකුත් කියැවුනා. වාහන ආනයනය ප්‍රමාද වූ නිසා එම මුදල ඉතිරි වීමත්, ඒ නිසා වසර අවසානයේදී එම මුදල ණය පියවීම සඳහා යොදා ගනු ලැබීමත් සිදු වුනා විය හැකියි. 

පසුගිය 2023 වසර අවසානයේදී නිල සංචිත ප්‍රමාණය තිබුණේ ඩොලර් මිලියන 4,392 මට්ටමේ. මේ අනුව, පසුගිය වසරක කාලය තුළ සංචිත ප්‍රමාණය ඩොලර් මිලියන 1,699කින් ඉහළ ගොස් තිබෙනවා. එයින් අදහස් වන්නේ රටේ විදේශ විණිමය ඉපැයීම් සහ විදේශ ණය ගැනීම් වලින් විදේශ විණිමය වියදම් සහ ණය ආපසු ගෙවීම් සිදු කිරීමෙන් පසුව එපමණ මුදලක් ඉතිරි වී ඇති බවයි. 

පෙර (2023) වසර තුළ සංචිත ප්‍රමාණය ඩොලර් මිලියන 2,494කින් ඉහළ ගොස් තිබුණා. මේ අනුව, පසුගිය දෙවසර තුළ රටට පැමිණි විදේශ විණිමය ප්‍රමාණයෙන් ඩොලර් මිලියන 4,193ක් සංචිත ලෙස මහ බැංකුවේ ඉතිරි වී තිබෙනවා.

8 comments:

  1. සංචිතේ ගහගනින් නලින්ද ජයතිස්සගේ පුකේ පොන්නයා

    ReplyDelete
    Replies
    1. අනුර කුමාර වීරයෙකි එඩිතර
      කාලා උදේ ලෑතර ගමනක් යන අතර
      ගූ ගියා නිතර නිතර කරනු බෑ නතර
      පුක මසා දොස්තර ඇලෙවුවා පැලැස්තර

      Delete
  2. විදේශ සංචිත තත්ත්වය වැඩිවුණාට වැඩක් නෑනේ මිනිස්සුන්ට කන්න බොන්න නෑ කියල ලංකාවේ සාමාන්‍ය ජනතාව බනිනවා නම්, තාම රනිල් වික්‍රමසිංහ ජනාධිපති වෙලා හිටපු කාලේ වගේම මිනිස්සුන්ට හරිම අමාරුයි, ඇත්තටම කබලෙන් ලිපට වැටිල තියෙනව. ගොඩක්ම ඡන්දය දීපු අයත් ආණ්ඩුවට විරුද්ධව සෑහෙන බනිනවා. කන්න විතරක් නෙවෙයි දැන් ඔන්න රජයේ රෝහල් වල බෙහෙතුත් නැතිලු ටෙන්ඩර් දාල ගේන්න මාස 9 ක් යනවයි කියල නිව්ස් වලට කියනවා දැක්ක

    එහෙන් පාස්පොර්ට් පෝලිම මාස හයක් ඉන්න වෙනව දැන් මේ අද ගියත්, අපිත් ඇත්තටම මේ වතාවේ ඡන්දෙ දුන්නේ මාලිමාවට තමයි ඒත් අනිත් විපක්ෂවල අය ඒකාලේ කිව්වා වගේම මුන් ඇත්තටම නියම වැඩබැරි කයියො.

    ඇමරිකා ප්‍රංශ බ්‍රිතාන්‍ය සිස්ටම් චේන්ජ් කර ගත්තෙ ආර්ථිකව දියුණු වෙලා. වැඩවසම් ක්‍රමයක් ඕන කියන එක නෙවෙයි මම කියන්නෙ.ඔය කියන සෝකෝල්ඩ් සුපිරිසිදු බටහිර ඉතා දියුණු සංවර්ධිත රටවල් කීපෙක සහ ජපානෙ කොරියාවෙ තියෙන සාධාරණ, හොරකම් නොකරන , සුබසාධක සමාජය ලංකාව වගේ රටවලට ආර්ථිකව දියුණු නොවී ගේන්න බෑ. චීනය ඉන්දියාව අද කෙමෙන් කෙමෙන් එතනට යනව. හැබැයි ඒ, මුලිම්ම ආර්ථිකව දියුණු වීම ප්‍රමුඛත්වය කරගත්ත නිසා. ඉන්දියාවෙ චීනෙ දියුණව එන්නෙ සිස්ටම් එක සමාජවාදයෙන් ධනවාදයට නොහොත් බ.ම.හෝ සල්ලි කියන එකට මාරු කරල. නැතුව ලංකාවේ අය වගේ හොරු අල්ලල, වංචාවට තිත තියල ආන්ඩුව ඉතුරු කරල නෙවෙයි.

    ඒකයි ලංකාවෙ අය ගල් අඟුරු වලට උසාවි යනකොට, චීනෙ ලෝකෙ වැඩිම කෝල් ප්ලාන්ට් ප්‍රමාණය හදන්නෙ..ලංකාවේ අය ගස් මහන කරනකොට එහෙ කැල කපල හයිවේ හදන්නෙ..ඉන්දියාවෙ අධානිට වංචා වලට ඇමරිකාවෙ නඩු දාත්දි ඉන්දියාවෙ ආන්ඩුව එයාව ආරක්ෂා කරල ලංකාවෙ සහ කලාපෙ වෙනත් රටවල අදානිට ව්‍යාපෘති දෙන්න ඒ රටවලට ඉන්දීය බලපෑම් කරන්නේ.

    මීට වසර දෙසිය පනහකට විතර ඉස්සර පවා බ්‍රිතාන්‍යයේ වහල් වෙලදාම තහනම් කලා..හැබයි ඒ ආණ්ඩුවේම සාමි පට්ටම් ගහපු නිලධාරියෝ ඒ වහල් වෙලදාම තහනම් නොවුන රටවල් එක්ක කම්පනි අටවලා(කම්පනි කියන්නේ පුද්ගලයාගෙන් වියුක්ත වුන සන්කල්පයක් නිසා නඩු නෑ) වහල් වෙලදාම ජයටම කරගෙන කැරිබියන් දුපත් වල උක් වතු වලින් එන සීනී වල අධිකාරය තියාගත්තා.. මේ ද්විත්ව චරිත රගපාන්න රටක සිසට්ම් හැදිලා නැත්තන් සිස්ටම් චේන්ජ් මිනිස්සුන්ගේ යහපතට වෙනව කියන විශ්වාසේ සමස්ත සමාජෙට එන්නේ නෑ.

    ඇත්තටම රටක් පවත්වාගෙන යන්න අවශ්‍ය මූලික නීති අනිවාර්යයෙන් ක්‍රියාත්මක වෙන්න ඕන. මටත් ඔය ලංකාවේ බස් වීල් වල කෑලි ගලෝන ඒව, පාරෙ දඩ ලියන ඒව නම් අදාලම නෑ. පාරෙ විනයක් ඇතුව යන එක හොඳම දෙයක්. ඒත් ඔය ක්ලීන් ශ්‍රීලංකා වගේ බේරු සෝබන showmanship නම් තනිකරම අනවශ්‍ය සිල්ලර වැඩ.

    මීට ඉස්සර අපිත් ඡන්දය දීලා පත්කරගත් සිරිසේන යටතේ යහපාලනය කරන්න ගිහිල්ල අතරමඟ හිටිය ක්‍රිෂ් බිල්ඩින් එක, පෝට් සිටිය, ලංකාවෙ අනිකුත් ව්‍යාපාර ගැනයි මම කතා කරන්නෙ.

    ඩුබායි ජර්මන් ලෙවල් එකේ පොදු ප්‍රවාහනය..පින්ලන්තයේ වගේ සුබසාධන , එංගලන්තයෙ වගේ අධ්‍යාපනය..?

    ඔය වාහන මොඩිෆිකේෂන් උනත් ආන්ඩුවට ආදායම් ලැබෙන විදිහට මේ රටවල වගේ නියාමනය කරානං දෙගොල්ලම සතුටින්. ඕක ගෝඨ ජනාධිපති වෙනකොටත් අපි කතා කල සහ යෝජනා කල දෙයක්..

    ReplyDelete
  3. යන විදිය හොඳයි ද ඒ කියන්නේ?

    ReplyDelete
    Replies
    1. ආර්ථික ස්ථායීකරණ වැඩ පිළිවෙළ හා අදාළව දැනටනම් පේන්න ලොකු වැරැද්දක් නැහැ. විවිධ දේශපාලන කණ්ඩායම් වලට විවිධ ආර්ථික ප්‍රතිපත්ති තියෙන්න පුළුවන්. නමුත් සමහර දේවල් කියන්න මිසක් කරන්න බැරි දේවල්. එහෙම නැත්නම් කළොත් ඉතා ඉක්මණින් එහි හානිකර ප්‍රතිඵල ලැබෙන දේවල්. ඒ සීමාවෙන් එහාට වෙනස් දෙයක් කළා කියලා ලොකු ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ. යන විදිහ ගැන හරියටම දැනගන්න ලැබෙන්නේ අයවැය ඉදිරිපත් කිරීමෙන් පසුවයි. නමුත් එහි වුනත් විශාල අවුලක් ඇති කියලා මම හිතන්නේ නැහැ. මොකද එහෙම අවුල් එක්ක IMF වැඩපිළිවෙළ ඇතුළේ ඉන්න බැහැ.

      Delete
    2. මොන පිස්සුද බං අයි එම් එෆ් උගුලේ වැටිලා ගොඩ ගිය එකම එක රටක් වත් නෑ ඔයගැන අනුර කුමාර දිසානායක සහෝදරයා පැහැදිලිවම ප්‍රකාශ කරල තියෙනව ඒත් දැන් රට කාපු නාකි සොම්බි රනිලා රට උගුලේ හිර කරලා තියෙන නිසා වෙන කිසිම ආකාරයක විකල්පයක් නෑ

      මේක බලන්න

      ආචාර්ය අනිල් ජයන්ත ඇමතිතුමා ඔය ගැන හොඳට පැහැදිලි කරනවා

      https://www.facebook.com/share/v/15AHwLRETe/

      Pls comment and support on this video.

      Delete
  4. ඇත්තටම ඉකෝන් ලොස් ඇන්ජලීස් ලැව්ගිනි හොලිවුඩ් පුරවරය දෙසට පැතිරිලා ...ගොඩනැගිලි 2,000 ක් විනාශ වෙලා කියලා කියනවා නේද?

    ලංකාවේ මිනිස්සු බනිනවා ඔන්න ලෝකෙටම ගිනි තිය තියා ගියා කෝ දැන් මහලොකු ඇමරිකන් හමුදාවයි තාස්සනෙයි මොන මගුලකට ද කියලා?

    සමහරු හිනාවෙනවා මහ ලොකු ලෝක බලවතා කියල කයිය ගැහුවට ගින්නක් නිවාගන්න බෑ කියල

    ඇමරිකානු එක්සත් ජනපද අහිංසක සාමාන්‍ය ජනතාව පීඩනයට පත් වෙන එක නම් දුකයි.

    හැබැයි මේක ඇති ඒ මිනිසුන්ට තේරුම්ගන්න ඒ රටේ පාලකයන් විනාශ කරන ලංකාව ඇතුලු ලෝකයේ වෙනත් රටවල ජනතාව විඳින බරපතල දුක්වේදනා වල සැබෑ තත්වය කොහොම ඇතිද කියල තේරුම්ගන්න.

    මෙතන මිනිසුන්ට මේක වේලාසනින්ම දන්නවා, මේ මිනිසුන්ට එතනින් දුවන්න හරි පුලුවන්. නමුත් පලස්තීනයේ මිනිසුන්ට එහෙමවත් බැහැ. ලංකාවේ අරගලයක් කරවලා මිනිස්සු අවුරුදු ගානක් තිස්සේ දැන් විඳෝනවා, කර්මය ලැව් ගින්නක් සේ ද පැමිණෙන බව මතක තබාගත යුතුයි.

    සොබාදහම නඩු අහන දවසට ලෝයර්ලාත් නෑ සාලයො පීරිසිය වගේ ඇමරිකන් බලල් අත් ඇත්තෙත් නෑ කියල ඇමරිකන් සාමාන්‍ය ජනතාව තේරුම්ගත යුතුයි, ඒ නිසා දැන්වත් එක්සත් ජනපද පෙඩරල් ආණ්ඩුවට බල කරන්න ඕන ලෝකය පුරාම ක්‍රියාත්මක කරන මහත් විනාශය massive destruction වහාම නතර කරලා මානුෂීය ලෙස හිතලා වැඩ කරන්න සාධාරණ ලෙස කියලා එහෙම නේද?

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: