මහ බැංකුව විසින් ප්‍රතිපත්ති පොලී අනුපාතික දැනට පවතින 8% මට්ටමෙහි නොවෙනස්ව තබා ගැනීමට තීරණය කර තිබෙනවා. විශේෂයෙන්ම රජය විසින් විදුලි ගාස්තු අඩු කිරීම හේතුවෙන්, දැනට පවතින අවධමන තත්ත්වය ඉදිරි මාස කිහිපය තුළ තවත් "දරුණු" වනු ඇතත්, එය තාවකාලික තත්ත්වයක්. මහ බැංකුවේ නිගමනය වී තිබෙන්නේද එයයි.
මහ බැංකුව විසින් විශේෂ බලපෑමක් හෝ සංඥාවක් නොකළද, වෙළඳපොළ පොලී අනුපාතික පහත වැටෙමින් තිබෙනවා. අද පැවති භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේදී දින-91 (මාස තුන) බිල්පත් ඵලදා අනුපාතිකය 7.93% දක්වා පහත වැටී තිබෙනු දැකිය හැකියි. මේ අයුරින් වෙළඳපොළ පොලී අනුපාතික මහ බැංකුවේ ඉලක්ක පොලී අනුපාතිකයද ඉක්මවමින් 8% මට්ටමෙන් පහතට වැටී තිබෙන්නේ විශාල කාලයකට පසුවයි. දින-364 (වසර-1) ඵලදා අනුපාතිකයද 8.47% දක්වා පහත වැටී තිබෙනවා.
මේ වන විට මුදල් වෙළඳපොළෙහි අතිරික්ත ද්‍රවශීලතා තත්ත්වයක් පවතින අතර අන්තර් බැංකු ඒක්ෂණ වෙළඳපොළ පොලී අනුපාතික 7.75%-8% පරාසයේ විචලනය වෙනවා. මහ බැංකුව විසින් ප්‍රතිපත්ති පොලී අනුපාතික නොවෙනස්ව තබා ගැනීමට තීරණය කිරීමෙන් පෙනී යන්නේ මහ බැංකුව විසින් මුදල් වෙළඳපොළට තව දුරටත් ද්‍රවශීලතාවය සැපයීමට අදහස් නොකරන බවයි.
ඉදිරි මාස කිහිපය තුළ විදේශ විණිමය වෙළඳපොළ තුළ යම් පීඩනයක් පැවතිය හැකි බැවින් මහ බැංකුවට වෙළඳපොළෙන් ඩොලර් මිල දී ගැනීමේ හැකියාව සීමා වෙනවා. ඒ නිසා, ඒ ක්‍රමයට වෙළඳපොලට රුපියල් එකතු වීමද සීමා වෙනවා.
@ Economatta
ReplyDeletePlease read the following article Written by Ajith Perakum Jayasinghe
///
ඔන්න එකමත් එක රටක දැවැන්ත සමාගමක් තියෙනවා. ඒ සමාගම තමයි ඒ රටේ ආනයන අපනයන වෙළඳාමේ විශාලම පංගුකාරයා.
මිස්ඉන්වොයිසිං හෙවත් හොර බිල් දැමීම හරහා ඒ රටට ලැබිය යුතු විශාල විදේශ විනිමය ප්‍රමාණයක් රටින් පිට කළා කියලා චෝදනා එල්ල වෙනකොට ඒක ඒ රටේ ලොකුම ආනයන අපනයන මෙහෙයුම්කරුවාට ඍජුවම අදාළ වෙනවා.
මේ අතරෙ මිස්ඉන්වොයිසිං චෝදනාව නගපු අය අතරින් වැඩිම සද්දෙ තියෙන පක්ෂෙට අවුරුදු ගණනක කැම්පේන් එකක් සඳහා වැක්කෙරෙන්න අතිවිශාල මුදලක් ලැබෙනවා. උන් ඒ සල්ලිවලින් ආණ්ඩු පෙරළනවා.
බලයට පත් වුණාට පස්සෙ අර කොම්පැනියෙ හිටපු ලොක්කාට ඒ ආණ්ඩුවේ ජනාධිපතිවරයාගේ රටේ ප්‍රධානම නගරයේ අතිශය වැදගත් රජයේ නියෝජිතකමක් ලැබෙනවා.
ටික දිනකින් ඒ රටේ ප්‍රධාන වරායේ එතෙක් නොතිබුණු පුදුමාකාර අමුතුම තදබදයක් ඇතිවෙනවා. නැව් හරවන් යනවාය කියාත් වාර්තා වෙනවා. කන්ටේනර් නිෂ්කාශනය පමා වෙනවා. ලොරි පෝලිම් ගැහෙනවා. ඩ්‍රයිවර්ලා බනිනවා. ඇමතිලා නිරීක්ෂණ චාරිකා යනවා. උනුත් කාටද බනිනවා.
මේ අතර, රටේ ඉහළම දේශපාලන නායකත්වයේ නියෝග මත රේගුවෙන් අනිවාර්යයෙන්ම නිශ්කාෂණය කළ යුතු "රතු ලේබල්" කන්ටේනර් 300කට වැඩි ප්‍රමාණයක් ඉතාමත්ම සැක කටයුතු විදියට කිසිම ආකාරයක නිසි පරීක්ෂා කිරීමකින් තොරව වරායෙන් හදිසියේම පිටවෙනවා.
ඒ බහාලුම්වල ආපු දේවල් මොනවද? රත්තරංද? මත්ද්‍රව්‍යද? පුපුරන ද්‍රව්‍යද? ආයුධද? වෙන මොනවද? කීයටවත් ඒවා සොයාගන්නට ලැබෙන්නේ නැහැ. තව ටික කාලෙකින් සමහර විට ඒ රටේ තැන් තැන්වලින් අමුතු අමුතු දේ හමුවෙන්නට පුළුවන්.
මේ පූර්වාපර සන්ධි ගලපාගන්න.
ආ ඔව්, ඒ රටේ හිටිය පෙරටුගාමී කට්ටියකටත් ඡන්ද කැම්පේන් එහෙම කරන්න කොහෙන්ද විශාල සල්ලි තොගයක් ලැබුණා. දැන් උනුත් නිහඬයි. මිස්ඉන්වොයිසිං කිං කෙනෙකු වුණ පතිරණයෙකුත් හිටියා. දැන් උගෙත් කටේ පිට්ටු.
Photo එක ලංකාවෙ එකක්. ලංකාවේ එහෙම වෙන්නෙ නෑ කියන්නයි ඒක දැම්මෙ.
දැන් ඉතින් ඒ රට මොකක්ද අහගෙන මගේ පස්සෙන් එන්න එපා. මං ඉතින් කතන්දර ලියන්නෙක්නෙ. තමන් හිතන්න//
Adapted from praja.lk
Is this could be possible? Seems like it could be possible as per my understanding.
Do you think this will made substantial impact on economy? It's huge number of goods and might be worth billions of rupees I guess. Could you please explain about how this affects and resulting potential risks and impacts on Sri Lankan economy?
අන්තෝ ජටා... බහි ජටා...
ReplyDeleteමුදලක් හොයන් ගොඩ යමු ඉකොනො
ReplyDeleteවෙනස් කරනව නම් ප්‍රතිපත්ති පොලී අනුපාතිකයක් කියන්නෙ ඇයි.
ReplyDelete