Sunday, September 4, 2016

පස්සට යන ගස් හා පස්සෙන් එන හඳ...

(මෙය වෙනත් මාතෘකාවක් යටතේ පෙර පලකළ ලිපියක් සංශෝධන සහිතව නැවත පළකිරීමකි.)

පෙරදිග මෙන්ම බටහිරද දවස නම් වූ සංකල්පය බිහි වූයේ පෘථිවි කේන්ද්‍රීයව සිතූ විට පොළොව වටා ඉරට වටයක් යාමට ගතවන කාලය සහ ඒ හේතුවෙන් ඇතිවන දිවා රාත්‍රී චක්‍ර අනුවය. මේ දිවා රාත්‍රී චක්‍ර යනු ඇහැට පෙනෙන, 'ඇඟට දැනෙන' දෙයකි. එමෙන්ම, ඉර, හඳ හා තාරකා පොළොව වටා යාමද අපට ඇහැට පෙනෙන, 'ඇඟට දැනෙන' දේවල්ය. දැන් අප හැම විටම වාගේ යොදා ගන්නා සූර්ය කේන්ද්‍රීය ආකෘතිය අනුව, දවසක් යනු පෘථිවියට සිය අක්ෂය වටා වරක් භ්‍රමණය වීමට ගත වන කාලයයි. මේ ආකෘති දෙකෙන් කවර ආකෘතියක් අනුව වුවද, දවස යන සංකල්පයේ පදනම වනුයේ පෘථිවිය හා සූර්යයා අතර සාපේක්ෂ චලිතයයි. මේ ගැන අපි පෙර ලිපියකින් කතා කළෙමු.

දවසට පැය කීයක්ද එහේ?

අවුරුද්ද යන සංකල්පය දවස යන සංකල්පයට වඩා තරමක් සංකීර්ණය. මේ සංකල්පය විවිධ සංස්කෘති තුළ වර්ධනය වන්නේ එකම ආකාරයෙන් නොවේ. ඒ නිසා, සිංහල, හින්දු, මුස්ලිම්, ග්‍රෙගෝරියන් ආදී විවිධ 'අවුරුදු' ගැන අපට අසන්නට ලැබේ. මේ ඇතැම් අවුරුදු සංකල්ප සූර්ය චලිතය මතද, වෙනත් අවුරුදු සංකල්ප චන්ද්‍ර චලිතය මතද, තවත් සමහරක් අවුරුදු සංකල්ප චන්ද්‍ර හා සූර්ය චලිතයන් දෙකම මතද පදනම් වේ. මේ ගැනද අපි පෙර කතා කළෙමු.

මුස්ලිම් වයස, සිංහල වයස හා ග්‍රෙගෝරියන් වයස


හින්දු ශක වර්ෂ ක්‍රමය මත පාදක වූ සිංහල කැලැන්ඩරය මෙන්ම, දැනට ලොව පුරා ප්‍රචලිතව ඇති ග්‍රෙගෝරියන් කැලැන්ඩරයද සැලකිය හැක්කේ සූර්ය කැලැන්ඩර ලෙසිනි. සූර්ය කේන්ද්‍රීය ආකෘතිය අනුව, වසරක් යනු තම අක්ෂය වටා භ්‍රමණය වෙමින් සූර්යයා වටා ගමන් කරන පෘථිවියට එසේ එක් වටයක් සම්පූර්ණ කිරීමට ගතවන කාලයයි.

සහශ්‍ර දෙකකට පමණ පෙර විසූ පෙර අපර දෙදිග විද්‍යාර්තීහු නක්ෂත්‍ර තාරකා වලට සාපේක්ෂව සූර්යයාගේ පිහිටීම දිනපතාම වෙනස් වන බව නිරීක්ෂණය කළහ. පොළොව වටා දිනපතා ගමන් කරන බව පෙනෙන්නට තිබුණු, ගිණිය නොහැකි තරම් විශාල ගණනක් වූ තාරකා එසේ ගමන් කිරීමේදී එකිනෙකා අතර දුර නොවෙනස්ව තබා ගත්තත්, 'ග්‍රහ වස්තු' ලෙස හඳුනාගත් ඉර, හඳ, අඟහරු, සිකුරු, බ්‍රහස්පති ආදීන් එසේ අනෙකුත් තාරකාවන් සමඟ එක්ව ගමන් ගත්තේ නැත.

සහශ්‍ර ගණනකට පෙර භෞතික විද්‍යාව දියුණු කිරීමට දායක වූ පෙර අපර දෙදිග තාරකා නිරීක්ෂකයින්ට සූර්යයා පොළොව වටා ගමන් කරනු පෙනුණේ නක්ෂත්‍ර තාරකාවන් පොළොව වටා ගමන් කළ වේගයට වඩා තරමක් අඩු වේගයෙනි. එය එසේ නොවන්නට පොළොව මත විසූ නිරීක්ෂකයෙකුට තාරකා ගෝලයෙන් අර්ධයක් කිසිදා පියවි ඇසින් නිරීක්ෂණය කළ නොහැකි විය හැකිව තිබුණි. දැනට භාවිතා වන සූර්ය කේන්ද්‍රීය ආකෘතිය අනුව, මේ වෙනසට හේතුව පොළොව සිය අක්ෂය වටා ගමන් කරමින් ඉර වටාද ගමන් කිරීම බව අපි 'දනිමු'.

ගමන් කිරීම හෝ චලිතය යන සංකල්පය අර්ථදැක්වීම අනුවම සාපේක්ෂ සංකල්පයකි. ගමන් කරන දුම්රියක ඉදිරියෙන් පිහිටි  මැදිරියක සිට පසුපසට ඇවිදින අයෙකුට සිතෙන්නේත්, දැනෙන්නේත් තමන් පසුපසට යන බවයි. දුම්රියෙහි අසුනක වාඩි වී සිටින, ඉහත පුද්ගලයාව නිරීක්ෂණය කරන අයෙකුට 'පෙනෙන්නේත්', සිතෙන්නේත් එම පුද්ගලයා පසුපසට යන බවයි. එහෙත්, මේ පුද්ගලයා ඇත්තටම ගමන් කරන්නේ ඉදිරියටද නැත්නම් පසුපසටද?

ඉහත ප්‍රශ්නයට නිරපේක්ෂ පිළිතුරක් නැත.

-දුම්රියට සහ එහි අසුන්ගෙන සිටින මඟීන්ට සාපේක්ෂව ඔහු පසුපසට ගමන් කරයි.
-මේ පුද්ගලයා දුම්රිය තුළ (අනෙක් මඟීන්ට සාපේක්ෂව) පසුපසට ඇවිදින වේගය දුම්රිය දුම්රියෙන් පිටත නිශ්චලව සිටින අයෙකුට සාපේක්ෂව ඉදිරියට යන වේගයට වඩා අඩු බව උපකල්පනය කළ හොත් එසේ දුම්රියෙන් පිටත සිටින අයෙකුට සාපේක්ෂව මේ පුද්ගලයා යන්නේ ඉදිරියටය.
-දුම්රිය තුළ අසුන්ගෙන සිටින මගීහු දුම්රියට සාපේක්ෂව නිසලව සිටිති. එහෙත්, පිටත සිටින නිරීක්ෂකයෙකුට සාපේක්ෂව දුම්රියේ වේගයෙන්ම ඉදිරියට ඇදෙති.

මේ ටික තේරුම් ගැනීම අපහසු නැත. එහෙත්, සාපේක්ෂ චලිතය හා අදාළ එවැනිම නිරවද්‍ය කියමන් වන පහත ප්‍රකාශ දිරවා ගැනීම බොහෝ දෙනෙකුට එතරම්ම පහසු නොවිය හැකිය.
-අර පසුපසට යනවායයි කී පුද්ගලයාට සාපේක්ෂව දුම්රියෙහි අසුන්ගෙන සිටින මඟීහු ඉදිරියට යති.
-දුම්රියට සාපේක්ෂව දුම්රියෙන් පිටත ඇති ගහකොළ, ගොඩනැඟිලි ආදී බොහෝ දේ පසුපසට චලනය වේ.

ඉදිරියට ඇදෙන දුම්රියක සිට පිටත බලා සිටින විට ඇතැම් විට අප නිසලව සිටින බවත් බාහිර ලෝකය පසුපසට චලනය වන බවත් අපට පෙනේ. 'ඇඟට දැනේ'. එහෙත්, බාහිර වස්තු නිසලව පවතිද්දී, අප සමඟ දුම්රිය ඉදිරියට ඇදෙන බව ක්ෂණිකව අපේ මනස අපට මතක් කර දෙයි. ඉන්පසුව, අර මුල් අත්දැකීම වෙනස් වේ. එය එසේ වන්නේ පොළොව මත ඇති අනෙකුත් වස්තු චලනය නොවන බවත්, චලනය වන්නේ දුම්රිය බවත් අප 'දන්නා' බැවිනි. අප ඒ බව දන්නේ විධිමත් ලෙස හෝ අවිධිමත් ලෙස ඒ බව අප ඉගෙනගෙන ඇති නිසා සහ එසේ උගත් දෙය අප විශ්වාස කරන නිසාය.

හැකිනම් වයස අවුරුදු තුනක් පමණ වූ ඔබේ ළමා කාලයට යන්න. ඒ කාලයේ බසයක හෝ දුම්රියක ගිය ගමනක් මතක් කරගන්න. ගමන අවසන් වන තුරුම ගහකොළ, ගෙවල් පසුපසට යනු නැරඹු අපූරු අත්දැකීම ඇතැම්විට ඔබට මතක් කර ගත හැකි වනු ඇත. ඒ, ඔබ ඔබේ ඇහැට පෙනෙන දේ විශ්වාස කළ කාලයයි. ගහකොළ, ගෙවල් පස්සට නොයන බව කාලයත් සමඟ ඔබ 'දැන ගන්නා' තුරු මෙහි කිසිම අවුලක් නොතිබුණු නිසා ඒ අත්දැකීම රස විඳින්නට ඔබට හැකි විය. එහෙත් දැන් එසේ නොවේ. ඔබේ ඇස් ඔබට පෙන්වන දේ පිළිගන්නට ඔබේ 'දැනුම' ඔබට බාධා කරයි.

ඔබේ කුඩා කාලයට නැවත ගියහොත්, තවත් මෙවැනිම සොඳුරු අත්දැකීමක් වන්නේ හඳ පස්සෙන් එන අත්දැකීමයි. [මෙය මතක් කිරීම ගැන පැතුම් හේරත්ට ස්තුතිය හිමිවේ.] ගස් පස්සට යාමේදීත්, හඳ පස්සෙන් එනවිටත් සිදුවන්නේ එකම දෙය නොවේ.

ගොඩනැඟිලි, ගස් හා ඒ ගස් වල බැඳ සිටින තණකොළ කන හරක් පස්සට යනු ඔබට පෙනෙන්නේ ඔබට සාපේක්ෂව ඒ ගොඩනැඟිලි, ගස් හා හරක් එකම ඒකකයක් ලෙස ඇත්තටම පස්සට යන නිසාය. එහෙත්, ඔබට හඳ පස්සෙන් එනු පෙනෙන්නේ ඇත්තටම ඔබත් සමඟ හඳ චලනය වන නිසා නොවේ. පොළොව මත ඇති ගොඩනැඟිලි, ගස් ආදියට සාපේක්ෂව ඔබ ඉදිරියට ගියත් ඔබට වඩා බොහෝ දුරින් ඇති හඳත්, පොළොවේ ඔබ සිටින තැනත් අතර දුර හෝ එහි සිට ඔබේ ඇස් වලට ආලෝකය පැමිණෙන දිශාව සැලකිය යුතු ලෙස වෙනස් නොවන නිසාය.


ඉරත් පොළොවත් අතර සාපේක්ෂ චලිතයක් පවතී. (ඇත්තටම මේ සාපේක්ෂ චලිතයත් සාපේක්ෂ සාපේක්ෂ චලිතයකි.) මේ සාපේක්ෂ චලිතය අපේ පහසුව තකා නිශ්චලව ඇති ඉරට සාපේක්ෂව පොළොවේ චලිතය ලෙස හෝ නිශ්චලව ඇති පොළොවට සාපේක්ෂව ඉරේ චලිතය ලෙස ආකෘතිගත කළ හැකිය. පෙර අපර දෙදිග විද්‍යාර්ථින් සහශ්‍ර ගණනක සිට මේ ඉර, පොළොව හා අනෙකුත් ග්‍රහ වස්තු අතර සාපේක්ෂ චලනයන් ආකෘතිගත කළේ පොළොවට සාපේක්ෂවය. මේ ග්‍රහ වස්තු නිරීක්ෂණය කෙරෙන්නේ පොළොව මත සිට බැවින්, එවැනි ආකෘතියක් පරීක්ෂනාත්මක දත්ත සමඟ ගැලපීම අඩුවෙන් ආයාසකර කටයුත්තකි.

පොළොවේ සිට පියවි ඇසින් අහස නිරීක්ෂණය කරන්නෙකුට ඉර, හඳ, අනෙකුත් ග්‍රහ වස්තු හා ඈතින් පිහිටි තාරකා අති මහත් රාශියක් පෙනේ. දැන් අප 'දන්නා' පරිදි ඉර, හඳ, අනෙකුත් ග්‍රහ වස්තු මෙන්ම ඈතින් පිහිටි තාරකාද එකිනෙකට සාපේක්ෂව චලනය වේ. එහෙත්, මේ තාරකා පිහිටා ඇත්තේ පොළොවට ඉතා ඈතින් නිසා, කෙටි කලක් ඇතුළත සිදුවන එවැනි චලනයන් නිසා පොළොවට නිරීක්ෂණය වන 'අහසේ' සිදුවන වෙනස්කම්  අපේ පියවි ඇහැට සංවේදී නැත. එමෙන්ම, මෙසේ 'හෙමින්' සිදුවන අන්තර්-තාරකා චලනයන් ගැන හැදෑරීමේ අවශ්‍යතාවයක්ද මෑතක් වන තුරුම පෙර අපර දෙදිග විද්යාර්ථීන්ට නොතිබුණේය.

ආර්ථික විද්‍යාවේදී, භෞතික විද්‍යාවේදී හෝ වෙනත් ඕනෑම නූතන විද්‍යාවක විචල්‍ය දෙකක් හෝ කිහිපයක් අතර ඇති සම්බන්ධතාවය ආකෘතිගත කිරීමේදී අපේ පහසුවට අප කරන්නේ අපේ අධ්‍යයනයට එතරම් වැදගත් නොවන අනෙකුත් විචල්‍ය නොවෙනස්ව ඇති බව උපකල්පනය කිරීමයි. එවිට, අපට අවශ්‍ය සම්බන්ධතාව හෝ සම්බන්ධතා පහසුවෙන් හැදෑරිය හැකි සෛද්ධාන්තික රාමුවක් අපට ඉතිරි වේ.

ඒ අනුව, පොළොව, ඉර, හඳ සහ නිරීක්ෂනය කිරීමට හැකි තරමේ චලිතයක් පෙන්වූ අනෙකුත් ග්‍රහ වස්තු අතර සාපේක්ෂ චලිතය ආකෘතිගත කිරීමේදී පැරැන්නෝ අහසේ පෙනෙන අනෙකුත් සිය දහස් ගණනක් වූ තාරකා එකිනෙක අතර සාපේක්ෂ  චලිතය නොසලකා හරිමින්, ඒ සියල්ල පොළොව වටා ගමන් කරන එක් කණ්ඩායමක් ලෙස සැලකූහ. ඒ කණ්ඩායම සමඟ එක්ව ගමන් නොකරන ඉර, හඳ ඇතුළු අනෙකුත් ග්‍රහ වස්තූන්ගේ චලිතය වෙන වෙනම නිරීක්ෂණය කෙරිණි. හැදෑරිණි.

එසේ පරීක්ෂණ, නිරීක්ෂණ හා නිගමන ඇසුරෙන් 'දැනගත්' දේ ගැනත්, මේ දැනුම උපයෝගී කරගෙන හදා ගත් සහ පසුව නැවත නැවතත් තහවුරු කරගත් (එමෙන්ම, නිරීක්ෂනය කිරීමේ හා විශ්ලේෂණය කිරීමේ හැකියාවන් වර්ධනය වෙද්දී වරින් වර සංශෝධනය වුණු හා ඇතැම් විට වෙනත් ආකෘතියකින්  ප්‍රතිස්ථාපනය වුණු) ආකෘති හා සංකල්ප ගැන පසුව කතා කරමු.

(Image: www.theodysseyonline.com

[මේ ලිපිය නැවත පළ කරන්නේ අධ්‍යාපනික අරමුණකින් මගේ ලිපි කියවන පාඨකයින් වෙනුවෙනි. සිය දරුවන් සමඟ එක්ව මේ වියුණුවේ ඇති ලිපි කියවීමට ඇති බාධා ඉවත් කර දෙනමෙන් ඔවුන් කිහිප දෙනෙකුම ප්‍රසිද්ධියේ සහ පෞද්ගලිකව ඉල්ලා තිබේ. එබැවින්, ලිපියට අදාළ නොවන, අපහාසාත්මක හා සම්මත අසභ්‍ය වචන අනවශ්‍ය පරිදි යොදාගැනෙන කමෙන්ට් පළ නොකරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. එවැනි කමෙන්ට් පළවී ඇතොත් ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි එම කමෙන්ට් ඉවත් කරනු ලැබේ.]

මේ ලිපියෙහි මුල් පළ කිරීමට පාඨකයන් දැක්වූ ප්‍රතිචාර අතරින් ලිපියේ ප්‍රස්තුතයට අදාළ ප්‍රතිචාර හා ඒවාට ඉකොනොමැට්ටාගේ ප්‍රති-ප්‍රතිචාර පහත උපුටා දැක්වේ.


රසිකොලොජිස්ට් - RasikologistAugust 31, 2016 at 10:25 AM

මට සිහි වුනේ, පොළොව සහ අනෙකුත් ග්‍රහලෝක ඉර වටා යන බව පාසලෙන් ඉගෙන ගෙන තිබුණු කාලේ, ඉරත් තම ග්‍රහ මණ්ඩලයම සමග ගමන් කරන බව තාත්තා කී විට එය ග්‍රහණය කර ගත නොහැකිව මා පුදුම වුණ හැටි.
ReplyDelete
Replies


    ඉකොනොමැට්ටා EconomattaSeptember 2, 2016 at 2:29 PM

    අප අසන, දකින, ඉගෙනගන්න දේ අපේ දැනුම ලෙස එකතු වෙනවා. ඒ දැනුම මත අපේ විශ්වාස ඇති වෙනවා. අසන, දකින, ඉගෙනගන්න දේ වැඩිවන විට දැනුමේ වපසරිය වැඩිවෙනවා. එවිට ඇතැම් විට අපට තේරෙනවා අපේ විශ්වාස වෙනස් කර ගත යුතු බව. ඒත් ඒ විශ්වාස ඇදහීම් මට්ටමට ගියාම අප කරන්නේ විශ්වාස වෙනස් කර ගැනීම වෙනුවට අළුත් දැනුම අපේ පවතින විශ්වාස රාමුව ඇතුළට කොහොම හරි රිංගවා ගන්න. එක් එක් පුද්ගලයාගේ දැනුම හා විශ්වාස වෙනස් බව තේරුම් ගත් විට අප දකින ලෝකය අනෙක් අයට වෙනස් විදිහට පෙන්නේ ඇයි කියන එක තේරුම් ගන්න පුළුවන්. වෙනත් අය ලෝකය දකින විදිහ තේරුම් ගත හැකි තරමට කෙනෙකුට මුදල්මය, වෙනත් ආර්ථික හෝ දේශපාලනමය වැනි වාසි ගැනීමේ අවස්ථා වැඩියි. තමන්ගේ රාමුවෙන් එළියට යන්න බැරිව හිර වූ තරමට වෙනත් අයට තමන්ගෙන් ප්‍රයෝජන ගන්න පහසුයි.
    Delete
    Reply


Pathum HerathAugust 31, 2016 at 11:14 AM

COSMOS සීරිස් එක බලල ඇති කියල හිතනවා.. පරීක්ෂණ, නිරීක්ෂණ හා නිගමන ඇසුරෙන් විද්‍යාව දියුණු වෙච්ච හැටි අපුරුවට එකේ තියෙනවා..

මට නම් මතකෙට එන්නේ තාත්තාත් එක්ක බයිසිකල් එකේ යනකොට කොහේ බැලුවත් හඳ පේනකොට මම තාත්තාගෙන් අහනවා හඳ අපේ පස්සෙන්ම එනවා නේද කියල.. හෙහ් හෙහ්..
ReplyDelete
Replies

    ඉකොනොමැට්ටා EconomattaSeptember 2, 2016 at 2:30 PM

    ඔබ මතක් කරන මේ හඳ පස්සෙන් එන එක මගෙත් ළමා කාලයේ සුන්දර අත්දැකීමක්. මම හිතන්නේ ගොඩක් අයගේ. ඇත්තටම මෙයත් මතක් වුනානම් ලිපියට එකතු කරනවා.
    Delete
    Reply

ඇණයා Nut ManAugust 31, 2016 at 11:52 AM

පුංචි කාලේ බස් එකේ යනකොට ගස් පස්සට ගිය එක, බිරිඳ කීවා සීටීබී බස් වල යන කොට විතරයි ගස් පස්සට ගියේ කියලා, පුතා කීවා එයාට එහෙම අත්දැකිමක් මතක නෑ කියලා. අපි පුංචි කාලේ ගියේ සීටීබි බස් වල විතරක් බව එකපාරටම මතකයට එන්නේ නෑ, පුතාට මතක නැති වුනත් ඔහු ඉතාම පුංචි දවස්වල පස්සට යන ගස් වලට බායි කියනකොට අපි මහන්සි වෙලා ගස් පස්සට නොයන බව කියා දෙන්න උත්සාහ කලා, ඒ උත්සාහය සාර්ථක වෙලා, නමුත් අපි කරල තියන අපරාදයක්, ගස් පස්සට යන ඒ සුන්දර මතකය ඔහුට නෑ.
ReplyDelete
Replies

    ඉකොනොමැට්ටා EconomattaSeptember 2, 2016 at 2:33 PM

    මටත් මේ සිද්ධිය සමඟ මතක් වෙන්නෙම නිල්පාට පටිය ගහපු රතු සීටීබී බස් එකක්. නිල් පටිය කොළපාට කළ කාලය වෙනකොට එය එළෙසම පෙනුණේ නැහැ.
    Delete
    Reply

ඉවාන් පවුලූශාAugust 31, 2016 at 8:39 PM

අපි තාම ජීවත් වෙන්නෙ බස් එකේ යනකොට ගස් පස්සට යන රටක කියලා කියන්නත් පුලුවං
ReplyDelete
Replies

    Pra JaySeptember 1, 2016 at 3:40 AM

    දැන් රාවණා නැගිටල දඬුමොණරෙ යනකොට සියලු දේ බ්‍රමණය වෙන්නේ ලංකාද්වීපය වටේ
    Delete
    ඉකොනොමැට්ටා EconomattaSeptember 2, 2016 at 2:33 PM

    :)
    Delete
    Reply


විචාරක WicharakaAugust 31, 2016 at 10:24 PM

මට මතක්වුනේ මුනිදාස කුමාරතුංගගේ 'පිය සමර' කවි පෙළ. ඒ කවි පන්තියෙත් තියනවා, පියා පුතාට, විශ්වය සරල ලෙස හඳුන්වා දුන් හැටි.
ReplyDelete
Replies


    ඉකොනොමැට්ටා EconomattaSeptember 2, 2016 at 2:34 PM

    මේ පොත කියවා ඇති මතකයක් යාන්තමින් ඇතත් වැඩි යමක් මතක නැහැ.
    Delete
    Reply

    Reply

කල්‍යාණ මිත්‍රSeptember 1, 2016 at 6:34 AM

ඉස්සරහට පස්සට විසිවෙනවා වගේ දැනුනේ කියෝනකොට.. මෙයිට වැඩිය පහසුවෙන් තේරුම් ගන්න කෙහෙල්කන් වගේ සරල උදාහරණ නැද්ද මේවට..
ReplyDelete
Replies


    ඉකොනොමැට්ටා EconomattaSeptember 2, 2016 at 9:15 PM

    කෙහෙල්කැන් කතාව හොඳට මතක හිටලා වගේ.
    Delete
    Reply

සෙන්නාSeptember 1, 2016 at 7:40 AM

ඉර,හඳ,පෘතුවිය විතරක් නෙමේ ඔලුවත් කැරකෙන්න ගත්තා...
ReplyDelete
Replies


    ඉකොනොමැට්ටා EconomattaSeptember 2, 2016 at 9:21 PM

    ඔළුව කැරකෙනවා කියන්නෙත් අපේ ඉන්ද්‍රිය මඟින් අපට පෙන්වන ලෝකය හා අදාළ දෙයක්. ඉන්ද්‍රිය දෙකකින් ලැබෙන සංඥා ගලපගන්න බැරි වුනාම මොළය ටිකක් අවුල්.
    Delete
    Reply


RobertSeptember 1, 2016 at 12:45 PM

හැම චලිතයක්ම සාපේක්ෂ චලිතයක් තමයි, මොකද පෘථිවිය මත සියලුම චලිත පෘථිවියට සාපේක්ෂයි. නමුත් පෘථිවිය නිසල වස්තුවක් නෙවෙයිනෙ. නිරපේක්ෂ චලිතයක් ගැන කතා කරන්න නම් විශ්වයේ චලනය නොවන ලක්ෂ්‍යක් හෝ වස්තුවක් ගන්න වෙනවා. නමුත් එහෙම එකක් පවතිනවද ? මම නම් දන්න විධියට විශ්වය ප්‍රසාරණය වෙනවා. එහෙම බැලුවම චලිතය කියන්නෙ කොහොමත් සාපෙක්ෂ දෙයක්. [ලිපියේ ප්‍රස්තුතයට අදාළ නොවන කොටස පළ නොවේ.]


ඉකොනොමැට්ටා EconomattaSeptember 3, 2016 at 7:20 PM

//මම නම් දන්න විධියට විශ්වය ප්‍රසාරණය වෙනවා. එහෙම බැලුවම චලිතය කියන්නෙ කොහොමත් සාපෙක්ෂ දෙයක්. //
මෙතැන ඔබ මතු කරන කරුණ වැදගත් කරුණක්. මම මේ ලිපියේ කතා කරන සාපේක්ෂ චලිතයත් සාපේක්ෂ සාපේක්ෂ චලිතයක් කිවුවේ ඒ නිසා. ඔබත් මාත් අතර දුර වැඩිවන විට දුර මනින කෝදුවත් ඒ අනුපාතයෙන්ම දිග වැඩි වෙනවනම් අප දෙදෙනා අතර දුර වැඩි වන බව පෙනෙන්නේ නැහැ.
 

37 comments:

  1. // එවැනි කමෙන්ට් පළවී ඇතොත් ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි එම කමෙන්ට් ඉවත් කරනු ලැබේ. //

    මේක තමා වෙන්න ඕනා ඉකොන්.. මේ වගේ බ්ලොග් එකක් දරුවෙකුට වුනත් කියවනන් පුලුවන් මට්ටමක තියෙන්න ඕනා. මොකද අධ්‍යාපනික කරුණු තියන බැවින් ඔවුන් ගූගස් සර්ච් එකක් හ්ර වුවත් මෙවැනි තැනකට එන්න ඉඩ තියෙනවා.. ඒ ආපුවම දකින්න තියෙන්නේ කුණුහරුප නම් !!!

    කමෙන්ට් සම්බන්ධ මගේ ප්‍රතිපත්තියනම්, තෙවෙනි පාර්ශවයකට අපහාස කරණ හෝ අසභ්‍ය වචන ඇති කමෙන්ට් දු‍ටු වහා ඉවත් කරණවා... කැමති අයෙකුට මගේ බ්ලොගයේදී මට ඇති තරම් අපහස පරිභව කරන්න පුලුවන් හැබැයි අසභ්‍ය වචන නැතුව...

    ReplyDelete
    Replies
    1. ගූගල් සර්ච් උඅනුවෙන් නිවැරදි විය යුතුයි..

      Delete
    2. අසභ්‍ය වචන කිවුවහමත් එක් එක් පුද්ගලයාගේ නිර්ණායක වෙනස්. මම ඉවත් කරන එකක් අසභ්‍ය වචනයක් වෙන්නේ කොහොමද කියල තව කෙනෙක්ට අහන්න පුළුවන්. ඒකෙ අනිත් පැත්තත් තියෙනවා. අපහාසාත්මක කියන එකත් ඒ වගේම තමයි. 'ඒකාධිකාර' හෝ 'ලග්න' ගැන ශාස්ත්‍රීය මට්ටමින් ලිපියක කතා කළාම එය කාට හරි තමන්ට කළ අපහාසයක් ලෙස හිතෙන්න පුළුවන්.

      තවත් උදාහරණයක් ලෙස මේ කමෙන්ට් එක බලන්න.

      http://economatta.blogspot.com/2016/08/blog-post_26.html?showComment=1472239134732#c2482514250951701950

      මෙහි හින්ට් එකක් තියෙන බව මට තේරුණත් එය පලකිරීම 'පොන්නයා' 'සක්කිලියා' ආදී ලෙස ගැරහුම් ලැබීමටත් (මේවා මා ගැරහුම් ලෙස නොසැලකුවත්), සින්ඩි වලින් ඉවත් කිරීම වැනි (මට දඬුවමක් නොවන) 'දඬුවම්' වලටත් හේතුවෙන මහා විශාල ප්‍රශ්නයක් වෙයි කියලා හිතන්න පුළුවන්ද? මෙවැනි අවස්ථා වල මා කරන්නේ මෙවැනි හින්ට් ගැසීමට ඇති ඉල්ලුම නැති කරන පිළිතුරක් දෙන එකයි. නැත්නම් ඒවා තවත් වැඩිවෙනවා. ඒකත් අපහාසයක් ලෙස පෙනෙනවනම් ඉවත් කරන්න ඕනෑද ඇහුවහමත් එපා කියන විට තත්ත්වය ගැන හිතන්න. දැන් මේවා ඉවත් කළත් වැරැද්ද මගේ. නොකළත් මගේ.

      නියාමනය කරන්න ගියාම ඇති වන ප්‍රශ්න නිදහසේ අදහස් පළ කරන්න ඉඩදුන් විට ඇති වන ප්‍රශ්න වලට වඩා ගොඩක් වැඩියි. මෙතෙක් කල් මා කිසිදු වාරණයකින් තොරව අදහස් පළ කරන්න ඉඩ දුන්නත් මෙවැනි ප්‍රශ්නයක් ඇති වුනේ නැහැ. මෙවරත් විනෝදය තකා කමෙන්ට් දැමූ දෙදෙනෙකු හැරුණු විට අනෙත් කමෙන්ට් සියල්ලම වගේ එන්නේ අයි පී ලිපින දෙක තුනකින්. දැන් මට හිතෙන හැටියට සැලසුම්සහගතව දෙපැත්තටම කමෙන්ට් දමන්නේ එකම අය වෙන්නත් පුළුවන්. ඒ හැරුණු විට දහස් ගණනක් වන අනෙක් පාඨකයින් සියළු දෙනාම මේ වෙලාවෙත් ඉතා වගකීමෙන් හැසිරිලා තියෙන බව පේනවා. ඒ නිසා ඉදිරියේදීත් මා නියාමනයට යොමුවෙන්නේ මෙවැනි විකෘති ඉඳහිට ඇති වූ විට ඒවා ස්වභාවික පරිණාමයෙන්ම ඉවත්වන තුරු පමණයි.

      Delete
    3. නියාමනය පැමිනෙන්නේ මිනිස්සු වගකීමෙන් කටයුතු කරන්න නොදනන් කම නිසා හා තමන්ගේ සීමාවන් අතික්‍රමණය කරන්න යන නිසානෙ ඉකොනො. ඒ වගේ වෙලාවට පොදු යහපත තකා නියාමනය කිරීමේ අවුලක් මමනම් දකින්නේ නෑ....

      මේවා දැක්කාම හිතෙනවා, සාපේක්ෂව යම් දැනුමක් තියෙනවා කියලා හිතන්න පුලුවන් ලියන කියවන අයවලුන්ගේ තත්ත්වය මෙහෙමනම්, සමස්ත සමාජයේ අද අපි එදි නෙදා අහන දකින සිදුවීම ගැන එතරම් පුදුම වෙන්න දෙයක් නෑ කියලා...

      Delete
    4. සෙන්නා:

      ඇතැම් අවස්ථාවල පොදු යහපත තකා නියාමනය කිරීමක් කරන්න වෙනවා තමයි. මෙය ප්‍රායෝගිකව කරන එක පහසු වැඩක් නෙමෙයි. බ්ලොග් වල ගත කරන්න ලොකු කාලයක් වැය කළ නොහැකි මම බ්ලොග් එක බලන විට බොහෝ විට කමෙන්ට් වැටිලා ඒවාට ප්‍රතිචාරත් වැටිලා ඉවරයි. මොඩරේට් කරන එකට මම පෞද්ගලිකව කැමති නැහැ. එවැනි තැන්වල මම කමෙන්ට් දමන්න දෙවරක් හිතනවා. (ඒත් සමහර වෙලාවට කමෙන්ට් මොඩරේට් කර ඇති බව දැනගන්නේ හෝ දැනගෙන හිටියත් මතක් වෙන්නේ දැම්මට පස්සේ. එතකොට පරක්කු වැඩියි. ) මේ අකැමැත්තට හේතුව සුළු වැරද්දක් වුනොත් එය හදන්න අවස්ථාවක් නොතිබීම. ටයිප් කරද්දී සිදුවන සුළු වැරදි වලින් අර්ථය සම්පූර්ණයෙන්ම විකෘති වෙනවා. උදාහරණයක් ලෙස පහළ මාතලන්ගේ කමෙන්ට් එකම බලන්න. ටයිප් කරද්දී එක වචනයක් මිස් වුන ගමන් තනිකරම වෙනස් අදහසකුයි මතුවෙන්නේ. මෙය කාටත් වෙන දෙයක්. මොඩරේෂන් නැත්නම් දැමූ වහාම එවැනි වැරදි හැදිය හැකියි. මොඩරේෂන් ඇති විට එය පළවන විට පෙරහැර ගිහින්.

      ඇනෝ වැහීම කොහෙත්ම තේරුමක් නැති දෙයක්. මගේ වෙබ් එකේ වටිනා කමෙන්ට්ස් ගොඩක් දාල තියෙන්නේ ඇනෝලා. හිතවත්කම පවත්වාගැනීම වැනි අවශ්‍යතා නැති නිසා ඇනෝ කමෙන්ට් බොහෝ විට දමන්නේ අවශ්‍යම කරුණක් පෙන්වා දෙන්නයි. මෙය ප්‍රශ්නකාරී වන අවස්ථා තියෙනවා. ඒත් ඇනෝ කෙනෙක් කියන්නේ කවුද? ඇතැම් විට ඇනෝ ලෙසම ආවත් 'මාරපුත්‍ර' ලෙස ආවත් 'කුමාර පුත්‍රසිගාමනි' ලෙස ආවත් ඇනෝලාම තමයි. ඇනෝ වැහුවත් මොනවා හෝ නමක් දමා ප්‍රොෆයිල් එකක් හදාගෙන එන එක සුළු දෙයක්. ඒ නිසා මා දිගුකාලීනව කැමති මගේ කියවන්නන් වගකිවයුතු, පරිණත පිරිසක් වීමයි. ඇතැම් අයගේ ඔය කියන ආකාරයේ හැසිරීම් වලට අන්ධ අනුගාමිකයින් හා කේවට්ටයිනුත් හේතු වෙනවා. ලංකාවේ දේශපාලනය තුළම උදාහරණ අඩුවක් නෑනේ.

      Delete
    5. ඒ වගේම මෙය පිටුපස බ්ලොග් නියාමනය කිරීමට අවශ්‍ය පසුබිම සකස් කර ගැනීමේ ව්‍යාපෘතියක් තියෙනවා වෙන්න පුළුවන්.

      Delete
  2. This comment has been removed by a blog administrator.

    ReplyDelete
    Replies
    1. මේවයේ නැටි තිබ්බම ඒත් හිත අවුල්.. හැක්. මේකත් එක්කම කම්බස් වෙන්න කියලා නමෝ විත්තියෙක් ඇරල දාන්ඩ අයියා.හ්..

      Delete
    2. දේශකයා කියන්නේ මකන එක සම්පූර්ණයෙන්ම මකලා දාන්න කියලා...එහෙම කමෙන්ට් එකක් තිබ්බද කියලවත් අනිත් අයට නොපෙනෙන්න...

      Delete
    3. මට අවශ්‍ය වන්නේ අනවශ්‍ය කමෙන්ට් මකන බව එසේ කරන්න හිතන අයට සංඥාවක් දෙන්නයි. නැටි ඉතුරු කර ඇත්තේ ඒ නිසා.

      Delete
    4. තෙවරක්ම කාරුණිකව ඉල්ලා සිටීමෙන් පසුවද ලිපියට අදාළ නැති, අපහාසාත්මක ස්වරූපයක් ගත් හා අළුත් යමක් නොමැති කමෙන්ට් දිගින් දිගටම දැමූ, ප්‍රොක්සි සර්වරයක් නොවන, හඳුනාගැනීමේ අපහසුවක් නැති එක් ස්ථිර අන්තර්ජාල සබඳතාවයක් හරහා සම්බන්ධ වූ අයෙකු (හෝ කිහිප දෙනෙකු) විසින් පලකළ පහත කමෙන්ට් හතර ඉකොනොමැට්ටාගේ අභිමතය ක්‍රියාත්මක කරමින් ඉවත් කරන ලදී.
      1. AnonymousSeptember 4, 2016 at 11:22 AM
      2. AnonymousSeptember 4, 2016 at 11:33 AM
      3. AnonymousSeptember 4, 2016 at 9:34 PM
      4. AnonymousSeptember 5, 2016 at 1:55 AM

      Delete
    5. මුලින්ම ගැලෙව්වම ප්‍රශ්න අඩුයි.. මම කරන්නේ එහෙමයි.. සලකුනක් වත් නැත.. හැක්

      Delete
    6. දේශා: නියාමනය හොඳ දෙයක් නොවුනත් එය කරන්නම වෙන අවස්ථා වලදී හැකිතාක් පාරදෘශ්‍ය ලෙස කිරීමයි පිළිගත් ක්‍රමය.

      Delete
  3. This comment has been removed by a blog administrator.

    ReplyDelete
    Replies
    1. තෙවරක්ම කාරුණිකව ඉල්ලා සිටීමෙන් පසුවද ලිපියට අදාළ නැති, අපහාසාත්මක ස්වරූපයක් ගත් හා අළුත් යමක් නොමැති කමෙන්ට් දිගින් දිගටම දැමූ, ප්‍රොක්සි සර්වරයක් නොවන, හඳුනාගැනීමේ අපහසුවක් නැති එක් ස්ථිර අන්තර්ජාල සබඳතාවයක් හරහා සම්බන්ධ වූ අයෙකු (හෝ කිහිප දෙනෙකු) විසින් පලකළ පහත කමෙන්ට් හතර ඉකොනොමැට්ටාගේ අභිමතය ක්‍රියාත්මක කරමින් ඉවත් කරන ලදී.
      1. AnonymousSeptember 4, 2016 at 11:22 AM
      2. AnonymousSeptember 4, 2016 at 11:33 AM
      3. AnonymousSeptember 4, 2016 at 9:34 PM
      4. AnonymousSeptember 5, 2016 at 1:55 AM

      Delete
  4. This comment has been removed by a blog administrator.

    ReplyDelete
    Replies
    1. තෙවරක්ම කාරුණිකව ඉල්ලා සිටීමෙන් පසුවද ලිපියට අදාළ නැති, අපහාසාත්මක ස්වරූපයක් ගත් හා අළුත් යමක් නොමැති කමෙන්ට් දිගින් දිගටම දැමූ, ප්‍රොක්සි සර්වරයක් නොවන, හඳුනාගැනීමේ අපහසුවක් නැති එක් ස්ථිර අන්තර්ජාල සබඳතාවයක් හරහා සම්බන්ධ වූ අයෙකු (හෝ කිහිප දෙනෙකු) විසින් පලකළ පහත කමෙන්ට් හතර ඉකොනොමැට්ටාගේ අභිමතය ක්‍රියාත්මක කරමින් ඉවත් කරන ලදී.
      1. AnonymousSeptember 4, 2016 at 11:22 AM
      2. AnonymousSeptember 4, 2016 at 11:33 AM
      3. AnonymousSeptember 4, 2016 at 9:34 PM
      4. AnonymousSeptember 5, 2016 at 1:55 AM

      Delete
  5. ආත්ම ගෞරවය බෝහෝ අයට වැදගත් නැති උනාට එය ඉතා වැදගත් කිසිතැනක කිසිකෙනෙකුගේ නොබිඳිය යුත්තක්.. ඒ වගේම තමන් තමන්ට ගරු නොකරයි නම් අන් අයට කෙසේ වත් ගරු නොකරයි. කවුරුවත් කාටවත් අපහාස , පරිභව කරන්නේ ඇයි ... එයට ඉඩ දෙන අය සහ එසේ කරන්න යන දෙගොල්ලන්ම සිතා බලන්න මනසින් උසස් කියන මිනිසා එසේ කළ යුතුද....

    ලිපියට අදාලව කරුණු දක්වනවා නම් සහ මඩ ගැසීමට, පුද්ගලික මතවාද ඔස්සේ අන් අයට හෝ තමාට පහර ගැසීමට අදහස් ප්‍රකාශන නිදහස භාවිතා නොකරනවා නම් මෙවැනි තත්වයන් මතු නොවෙවි, හැකි තරම් සෘනාත්මක දේ අඩු කර ධනාත්මක දේ වැඩි කර ගැනීම අනවශ්‍ය ගැටැලු ඇති නොවීමට මඟ පාදයි.. එය අප හැමගේ වගකීමක්.

    ReplyDelete
    Replies
    1. මම කවද හරි බ්ලොග් එකක් ලියන්න ගත්තොත් ඒ බ්ලොග් එකේ ඇනෝ කමෙන්ට් දැමීමේ පහසුකම අයින් කරලා දානවා.

      Delete
    2. මම කවද හරි බ්ලොග් එකක් ලියන්න ගත්තොත් ඒ බ්ලොග් එකේ ඇනෝ කමෙන්ට් දැමීමේ පහසුකම අයින් කරලා දානවා.

      Delete
    3. ඔබේ කමෙන්ට් එකට ස්තුතියි!

      Delete
    4. අරවින්ද සමරසිංහ: ඕනෑම නමක් දමා ප්‍රොෆයිල් එකක් හදා ගැනීම අමාරු වැඩක් නොවන නිසා ඇනෝ කමෙන්ට් ඉවත් කිරීමෙන් වෙන්නේ ෆේක් ප්‍රොෆයිල් වැඩි වැඩියෙන් මතු වීම පමණි. එයින් ප්‍රශ්නය විසඳෙන්නේ නැත. මා දකින දෙවන හොඳම විසඳුම කමෙන්ට්ස් සම්පූර්ණයෙන්ම වසා දැමීමයි.

      Delete
    5. //ඕනෑම නමක් දමා ප්‍රොෆයිල් එකක් හදා ගැනීම අමාරු වැඩක් නොවන නිසා ඇනෝ කමෙන්ට් ඉවත් කිරීමෙන් වෙන්නේ ෆේක් ප්‍රොෆයිල් වැඩි වැඩියෙන් මතු වීම පමණි.// Agree with you. All of us born with a BRAIN. So use it.

      Delete
  6. This comment has been removed by a blog administrator.

    ReplyDelete
    Replies
    1. තෙවරක්ම කාරුණිකව ඉල්ලා සිටීමෙන් පසුවද ලිපියට අදාළ නැති, අපහාසාත්මක ස්වරූපයක් ගත් හා අළුත් යමක් නොමැති කමෙන්ට් දිගින් දිගටම දැමූ, ප්‍රොක්සි සර්වරයක් නොවන, හඳුනාගැනීමේ අපහසුවක් නැති එක් ස්ථිර අන්තර්ජාල සබඳතාවයක් හරහා සම්බන්ධ වූ අයෙකු (හෝ කිහිප දෙනෙකු) විසින් පලකළ පහත කමෙන්ට් හතර ඉකොනොමැට්ටාගේ අභිමතය ක්‍රියාත්මක කරමින් ඉවත් කරන ලදී.
      1. AnonymousSeptember 4, 2016 at 11:22 AM
      2. AnonymousSeptember 4, 2016 at 11:33 AM
      3. AnonymousSeptember 4, 2016 at 9:34 PM
      4. AnonymousSeptember 5, 2016 at 1:55 AM

      Delete
  7. I feel sorry for the recent behavior of the Sinhalese blogger called මාතලන්, aka Priyantha Hewage. He is a creative individual. He also touches points that many others does not. He had a good audience. Nearly after 10 years in Blogging he is about to reach the 2 million hits mark. He should be proud of his achievements. What he does now only will lead to his unpopularity. Now I do not think anybody will be eager to award him for blogging. He has ruined most what he achieved during the last few days. If මාතලන් is intelligent he should realize it and stop this behavior. We all behave irrational at some times. So I am sure his readers will accept his apologies if he offers one. He should also apologies from the other bloggers whom he has hurt. Then we can call that unfortunate period over.

    I wait for a response from මාතලන්.

    ReplyDelete
    Replies
    1. Ano,
      I appreciate your (apparently) good intentions and agree with your read about this blogger. However, your comment too could easily be interpreted as an Ano comment by Economatta, leading to another round of mudslinging and filthy words. My view is that still it is too early for this type of dialogues and even so this is not the appropriate platform for that. I leave your comment here since it survives my filtering criteria but do not expect any responses here. So, if there are any inappropriate responses they will be removed at my discretion (Unfortunately, that’s how regulation works!). However, for the sake of freedom of expression, I copy this comment to my previous article (A link is given below). So, you have the option to continue your dialogue there if you wish.
      https://economatta.blogspot.com/2016/08/blog-post_25.html?showComment=1473073689290#c6738098169693283522

      Delete
    2. No way sir. No apologize. Coz, this was not my fault. But there will be more posts against the double acting bloggers.

      Delete
    3. මාතලන් පුතේ අන්න එහෙම වරෙන්,

      දැන් උඹ පැහැදිලිව දැක්කනෙ රුවන්ට දාපු තග හැම එකාටම හරියන්නෙ නැති බව. උඹගෙ තග් සීන් එකෙන් උනේ උඹම කිච උන එක විතරයි.

      උඹට එක එකා ඇනෝ කින්ඩි දානවනම් උන්ව ගණන් නොගෙන ඉඳපන්. එතකොට උන්ටම එපා වෙලා නවත්තයි.

      උඹ මේකෙන් පාඩමක් ඉගෙනගෙන උඹේ සුපුරුදු බ්ලොග් කෙරුවාව දැන් පටන්ගනින් කොල්ලො. කුණුහරුප කියන එක අඩුකරහන්.


      මයෙ පුතාට සියලු දෙවියන්ගෙ පිහිටයි, ආරස්සාවයි.

      මීට පුතාට හිතැති සීය හාමු

      Delete
  8. සාපේක්ෂතාවාදය ගැන කියන කොට ඔය දුම්රිය උප්මවත් ගන්නවා නේද?

    ReplyDelete
    Replies
    1. සාපේක්ෂතාවාදය ගැන මම මුලින්ම කියවපු කුඩා පොතක මෙවැනි දුම්රිය උපමාවක් තිබුණු බව මතකයි. ඒ හතේ හෝ අටේ පන්තියේදී පමණ. ඉන්පසුව තිබුණේ දුම්රියේ සිටින මඟියෙකු විසින් බෝලයක් උඩ දැමීම. ඒ කාලයේ පැහැදිලිව තේරුම් ගන්න පුළුවන් වුණේ මුල් පරිච්ඡේද පමණයි.

      Delete
  9. අපි විද්‍යාව ඉගෙන ගන්නව. සාපේක්ෂ චලිතයන් ගැන කතා කරනව. හැබැයි මේ සාපේක්ෂතාව වැඩිපුරම අදාල වෙන්නෙ අපේ එදිනෙදා කටයුතු වලදි. මොකද අපි බොහෝ කටයුතු වලදි තීන්දු තීරණ ගන්නෙ තමාට සාපේක්ෂව. අපි නොදැනුවත්වම මුලු විශ්වයම තමා කේන්ද්‍ර කරල කරකවන්න උත්සහ කරණව. මේ ලෝකයෙ බොහෝ ගැටලු හා ගැටීම් වලට මුල තමා කේද්‍ර කරගෙන බාහිරය ගැන තීරණ ගැනීම කියලයි මට හිතෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. තමා කේන්ද්‍ර කරගෙන තීරණ ගන්න එකේ කිසිම වැරැද්දක් නැහැ. ඒත් අනෙක් හැමෝමත් ඒ දේම කරන බව සහ ඔවුන්ට ඒ සඳහා අයිතියක් තියෙන බව අමතක නොකළ යුතුයි. දෙදෙනෙක්ට හෝ වැඩිදෙනෙක්ට බලපාන තීරණ ගන්න කොට විශේෂයෙන් සැලකිලිමත් විය යුතුයි.

      Delete
  10. චලිතය,කාලය සහ සියල්ලම සාපේක්ශ බවක් තේරුම් ගන්න ගදනකොට ඒ තේරුම් ගැනීමත් සාපේක්ශයි නේද කියල හිතෙනවා.. වැඩිය කල්පනා කලොත් පිස්සු වගේ වෙයි හිතෙන නිසා මේ වගේ මාතෘකා වල බරට කල්පනා කරන්නෙම නෑ.. හෙහ් හෙහ්
    ජයවේවා..!!

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

There was an error in this gadget