Wednesday, September 28, 2016

බාබර්ලා දෙන්නා

"එක් ව්‍යාපාරිකයෙක් කිසියම් කටයුත්තක් සඳහා ප්‍රත්‍යන්ත නගරයකට ගියේය. තමන් පැමිණි කටයුත්ත අතරවාරයේ ලැබුණු මඳ ඉසිඹුවකින් ප්‍රයෝජනයක් ගන්නට සිතූ මේ ව්‍යාපාරිකයා පාරට බැස කොණ්ඩය කපා ගැනීම සඳහා කෙස් කැපුම්හලක් ඇත්දැයි සොයා බැළුවේය. ඔහුට දැනගන්නට ලැබුණු පරිදි මේ කුඩා නගරයේ කෙස් කැපුම්හල් තිබුණේ දෙකක් පමණි. ඔහුට තවදුරටත් දැන ගන්නට ලැබුණේ මේ කෙස් කැපුම්හල් දෙකම නගරයේ එකම තැන පාර දෙපස මුහුණට මුහුණ ලා පිහිටා ඇති බවයි.

දැන ගන්නට ලැබුණු පරිදි ව්‍යාපාරිකයා සිටි තැන සිට මේ කියන තැනට වැඩි දුරක් නොතිබුණු බැවින් ඔහු හෙමින් ඇවිදගෙන එහි ළඟා විය. පළමු කෙස් කැපුම්හලට ඇතුළු වූ ඔහුට දකින්නට ලැබුණේ තැන තැන කෙස් කොට වැටී තිබුණු අපිළිවෙල තැනකි. ඒ මදිවාට කරණවෑමියාගේ හිසකේ කපා තිබුණු ආකාරයද කිසිම කමකට නැත.

ව්‍යාපාරිකයා පාර පැන දෙවන කෙස් කැපුම්හලට ඇතුළු විය. එය පළමු කෙස් කැපුම්හල මෙන් නොව මනා පිළිවෙලකින් යුතු තැනක් විය. කරණවෑමියාගේ හිසකේද ඉතා ක්‍රමානුකූල ලෙස කපා සකස් කර තිබුණේය. ක්‍ෂණිකව කෙස් කැපුම්හල් දෙක සැසඳූ ව්‍යාපාරිකයා පාර පැන නැවත පළමු කෙස් කැපුම්හලට ගොස් සිය හිසකේ කොට කරගත්තේය.

ඔහු කොණ්ඩය කැපීමට පළමු කරණවෑමියාව තෝරාගත්තේ ඇයි?"



ඉහතින් ඇත්තේ ඉතා ප්‍රසිද්ධ "රිඩ්ල්" එකක් නැත්නම් "බ්‍රේන්ටීසරයකි". (ගූගල් ගොස් "Two barbers" ලෙස සර්ච් කර බලන්න.) මෙහි සම්මත පිළිතුර මෙවැන්නකි.

"කිසිවකුට තමන්ගේ හිසකේ කපාගත නොහැකිය. නගරයේ සිටින්නේ කරණවෑමීන් දෙදෙනෙකු පමණක් නිසා පළමු කරණවෑමියාගේ හිසකේ අපිළිවෙල ලෙස කපා ඇත්තේ දෙවන කරණවෑමියා විය යුතුය. දෙවන කරණවෑමියාගේ හිසකේ ක්‍රමානුකූලව කපා ඇත්තේ පළමු කරණවෑමියා විය යුතුය."



තිලකසිත ලියන තිලක් පදිංචිව සිටි අගනුවර ආසන්න නගරයකත් ඔය වගේම කරණවෑමීන් දෙදෙනෙකු සිටියේය. පළමුවැන්නා ඌව පළාතෙන් සංක්‍රමණය වූ අයෙකි. දෙවැන්නා සබරගමු පළාතෙන් ආ අයෙකි. මේ දෙන්නා ගැන වැඩි විස්තර මා මෙහි නැවත ලියන්නේ නැත. කියවා නැත්නම් කරුණාකර එහි ගොස් ඒ ලිපිය කියවා නැවත එන්න. සබැඳිය පහත තිබේ. හැබැයි ඔන්න ආපහු එන්න ඕනෑ!

කරණවෑමි දෙපළ හෙවත් ඒ බාබර් හා මේ බාබර්

කියවල ආපහු ආවද? දැන් දන්නවනේ ඒ බාබර්ගේ හා මේ බාබර්ගේ වෙනස. අර තිලක්ට තියන ප්‍රශ්නය තවත් අයටත් තියෙන්නට පුළුවන.

"මේ බාබර්ලා දෙන්නාගේ ඉරණම් මේ ආකාරයන්  වෙනස් වූයේ කෙසේද?"

මේ කතාව කියවූ වහාම මට හිතුනේ ආර්ථික විද්‍යා පාඨ ග්‍රන්ථයක පරිච්ඡේදයක ආරම්භයට සුදුසු කතාවක් බවයි. රුවන් ජයතුංග කොහේදෝ සටහන් කර තිබුණාක් මෙන් මිනිහෙක් කියන්නේ තනිකරම පාඨ ග්‍රන්ථයකි. බාබර්ලාත් මිනිස්සු නිසා මෙතන දෙකකි.

මුදල් වල වටිනාකම අපි කවුරුත් දන්නෙමු. ඒ වගේම කාලයේ වටිනාකම ගැනත් දන්නෙමු. (බ්ලොග් වලට මේ තරම් කාලය යොදවන්නේ ඒ නිසාය.) මම අද මුලින්ම කියන්නට යන්නේ "මුදලේ කාල වටිනාකම" හෙවත් "Time value of money" කියන එක ගැනය.

අපි කිසිවෙකුට අවුරුද්දකින් ලැබෙන්නට නියමිත රුපියල් සීයක් අද අතේ තියෙන රුපියල් සීයක් තරම් වටින්නේ නැත. අනාගතයේ ලැබෙන්නට නියමිත රුපියල් සීයක් වටින්නේ අද ලැබෙන රුපියල් සීයකට වඩා වඩා කීයක් අඩුවෙන්ද? මෙය එක් එක් පුද්ගලයාට සාපේක්ෂ දෙයකි. එක් අයෙකුට අනාගතයේ ලැබෙන රුපියල් සීයක අද වටිනාකම රුපියල් අනූ නවයක්ද, තවත් අයෙකුට අනූ පහක්ද, තුන් වැන්නෙකුට අසූවක්ද වන්නට පුළුවන. එය පුද්ගල ස්වභාවය අනුව තීරණය වන්නකි. කිසියම් පුද්ගලයෙකු ඉතිරි කරන්නෙකු වෙනවාද නැත්නම් ණය කාරයෙකු වෙනවාද යන්න තීරණය වන්නේ මෙසේ පුද්ගලයෙකු අනාගතයට සාපේක්ෂව වර්තමානයට බර තබන අනුපාතය අනුවය.

දැන් අපි වෙළඳපොළෙහි පොලී අනුපාතිකය සියයට පහක් යැයි සිතමු. පළමුවැන්නා අද රුපියල් අනූ පහක් ණයට ගත්තොත් ඔහුට වසරකින් පසු ගෙවන්නට වෙන්නේ රුපියල් සියයකට ආසන්න මුදලකි. (හරියටමනම් රුපියල් 99.75කි. සත විසිපහ අතාරිමු.) එමෙන්ම, අද රුපියල් 95ක් ඉතිරි කළොත් වසරකින් (ආසන්නව) රුපියල් සියයක් ලැබේ. එසේනම් කළ යුත්තේ ණය ගැනීමද නැත්නම් ඉතිරි කිරීමද?

මෙය තීරණය වන්නේ එක් එක් පුද්ගලයාගේ මුදලේ කාල වටිනාකම අනුවය. මෙහි පළමුවැන්නාට වැඩි යහපතක් වන්නේ ඉතිරි කිරීමෙනි. අනාගතයේ ගෙවිය යුතු රුපියල් සියයේ ඔහුගේ අද වටිනාකම රුපියල් 99කි. එයින් රුපියල් 95ක් පමණක් ඉතිරි කර ඔහුට අනාගතයේ රුපියල් සියයක්, එනම් අද වටිනාකම අනුව රුපියල් 99ක් ලැබිය හැකිය. එවිට, ඉතිරිවන රුපියල් 4 ඔහුට ලැබෙන වාසියකි. දෙවැන්නාට ණය වීමෙන් හෝ ණය ගැනීමෙන් සිදුවන විශේෂ වාසියක් නැත. තෙවැන්නාට වැඩි යහපතක් වෙන්නේ ණය වීමෙනි. අද රුපියල් අනූ පහක් ණය වුවහොත් ඔහුට අනාගතයේදී රුපියල් සියයක් ගෙවන්නට වේ. ඔහුට අනුව ඒ රුපියල් සීයේ අද වටිනාකම රුපියල් අසූවකි. එහෙත්,
අද ඔහු අතට රුපියල් අනූපහක් ලැබේ. මේ වැඩිපුර රුපියල් පහළොව ඔහුට ලැබෙන වාසියකි.

මෙහි පළමුවැන්නා වර්තමානයට සාපේක්ෂව අනාගතයට වැඩි බරක් තබයි. තෙවැන්නා අනාගතයට තබන්නේ ඉතා අඩු බරකි. සමාජයක ජීවත් වන පුද්ගලයින් අතරින් අනාගතයට වැඩි බරක් තබන අය බොහෝ විට ඉතිරි කරන්නෝ නැත්නම් ආයෝජකයෝ වෙති. ඔවුහු සිය අනාගත පරිභෝජනය ඉහළ නංවා ගැනීම වෙනුවෙන් වර්තමාන පරිභෝජනය කැප කරති. එසේම, අනාගතයට අඩු බරක් තබන්නෝ ණයකරුවෝ වෙති. ඔවුන් බොහෝ විට බලන්නේ වර්තමානය තුළ ණය වී හෝ හැකිතාක් පරිභෝජනය කිරීමටය.

සමාජයක මේ දෙවර්ගයේම පුද්ගලයින් සිටින නිසා ඔවුන් අතර ණය ගණුදෙනු සිදුවේ. ණය පොලිය තීරණය වන්නේ සමාජයේ විවිධ පුද්ගලයින්ගේ මුදලේ කාල වටිනාකම අනුවය. මේ පරාසය තුළ සිටින ණය දෙන්නන් හා ණය ගන්නන් අතර සමතුලිතතාවයක් ඇති වන සේ පොලී අනුපාතිකය සකස් වේ.

මෙහි පළමුවැන්නා වැනි අය සිය අධ්‍යාපනය හා සෞඛ්‍යය වැනි දේ ගැන සැලකිලිමත් වීමේ ඉඩකඩ වැඩිය. තෙවැන්නා වැනි අය බලන්නේ අද දවස හැකිතාක් සතුටින් ගත කරන්නටය. තිලක්ගේ කතාවේ කරණවෑමියන් දෙදෙනාගේ පුද්ගල ස්වභාවය පැහැදිලි කරන තවත් කරුණු තිබේ.

"මුලින්ම මම සැලුන් එකක වැඩ කරා. ඊට පස්සේ මම කොණ්ඩේ කැපීම ගැන පුහුණුවකට  ගියා. පස්සේ මමම සැලුන් එකක් දැම්මා."

මේ අනුව දෙවැනි කරණවෑමියා මානව ප්‍රාග්ධනය ලබාගැනීමට මෙන්ම භෞතික ප්‍රාග්ධනය වෙනුවෙන්ද ආයෝජන කර ඇත. ඒ ඔහු අනාගත පරිභෝජනයට වැඩි බරක් තබන නිසාය.

තිලක්ගේ ගම් පළාතෙන් පැමිණි පළමු කරණවෑමියා එහි අනික් පැත්තයි.

"මාගේ කොණ්ඩය කපමින්  සිටියදී තවත් පාරිභෝගිකයකු පැමිණීම නිසා ඔහු ඕනිවට එපාවට කඩිමුඩියේ මගේ වැඩය නිම කරන්නට  උත්සාහ කළේය. ඔහුට ඕනි වුනේ අනෙක් කස්ටමර් වෙන සැලුනයක් සොයා යෑම වලක්වා ගැනීමටය. මගේ මේ පැමිණීම ඔහුට වැදගත් වී නැති සැටියකි."

ඔහු උත්සාහ කරන්නේ අද දවසේ අර අළුතින් පැමිණි පාරිභෝගිකයාගෙන් ලැබෙන මුදල කෙසේ හෝ අය කරගන්නටය. ඒ උත්සාහයේදී ඔහුට ඔහුගේ වත්මන් පාරිභෝගිකයෙකු නැති වන නිසා දිගුකාලීනව වෙන්නේ අවාසියකි. එහෙත්, එය ඔහුට මහ ලොකු ප්‍රශ්නයක් නොවේ. අනාගතයේ මේ පාරිභෝගිකයා නැති වීම ප්‍රශ්නයක් වන්නේ අනාගතයට වැඩි බරක් තබන කෙනෙකුටය. ඔහු ලබාගෙන ඇති ණය මුදලට ගෙවන පොලී අනුපාතිකය අනුව පෙනෙන්නේ මේ පළමු කරණවෑමියා වර්තමානයට සාපේක්ෂව අනාගතයට තබන බර ඉතාම කුඩා බවයි.



(Images: layton.wikia.com, twitter.com)

45 comments:

  1. බාබර්ලා දෙන්නා? ඔයයි, තිලක සිතයිනේ? :D

    ReplyDelete
    Replies
    1. හෙහ් හේ ඔවුනේ!
      එකෙක් ඌව පළාතේ. අනිකා සබරගමුවෙනේ

      Delete
    2. බාබර්ලා ගැන මෙඩුසා මොනවද දන්නේ? :)

      //මගේ කොන්ඩේ ට්‍රිම් කරන්නේ චීන ජාතික පිරිමි ලමයෙක්. හරිම දක්ෂයි. හැබැයි බොරු කිය, කියා ගාන වැඩි කරගන්නත් ඒ වගේම දක්ෂයි.//

      තිලකසිතේ ඔහොම දාල තියෙනවා දැක්කා. මෙඩුසගේ "කොණ්ඩේ" ට්‍රිම් කරනවානම්, එකත් එකටම ඔය කියන චීන ජාතික පිරිමි ළමයා සර්ප ශල්‍ය වෛද්‍ය වරයෙක් වෙන්න ඕනෑ. පොරට ආදායම් මාර්ග දෙකයි. මෙහෙන් "කොණ්ඩේ" කපනවට ගාස්තුව. අනිත් පැත්තෙන් "ෆ්‍රෙෂ් ඩෙවිල්ඩ් සර්පන්ට් ඩිෂස් ෆ්‍රොම් අ ඩෙවිල් ගර්ල්" එක්ක චීන කෑම විකුණනනවා ඇති. ඒ වගේම, මෙඩුසා කවදාවත් කණ්ණාඩියකින් මූණ නොබලන නිසා හෙයා ස්ටයිල් එක පොඩ්ඩක් අවුල් වුණත් අවුලක් නැහැ. (බැලුවොත් ගල්නේ!)

      Delete
  2. මම බලාපොරොත්තුවෙන් හිටි ටියුෂන් පාඩම නොමිලේම ලැබුනා. තැන්කිව් ඉකෝන්

    ReplyDelete
    Replies
    1. ඇයි, බිල හම්බ වුණේ නැද්ද?

      Delete
  3. නියමයි . ඔන්න ඔහොමයි බ්ලොග් ලියන්න ඕනේ..

    ReplyDelete
    Replies
    1. හෙල්මළු කාර් එක ගැනත් ලියන්න හිටියේ. තවම බැරි වුණා! :)

      Delete
  4. කමෙන්ට් එක තිලක සිතේ දැම්මා

    ReplyDelete
    Replies
    1. ඒ මොන කැත වැඩක්ද බොල. හැක්..

      Delete
    2. මෙතන ලිපි දෙකක් තියෙන්නෙ ප්‍රා. තිලකෙගෙ කමෙන්ටුවම මේකට දාන්න හිතුන නං උඹ කතාව තේරුම් අරගෙන නෑ.

      Delete
    3. ඒ කමෙන්ටුව ඇත්තෙන්ම ලිපි දෙකේම මූලික කරුණුවලට අදාල නෑ මගෙ හිතේ

      Delete
    4. //හුඟක් ඉස්සර කාලෙ බටහිර රටවල බාබර්ලා සර්ජන් වැඩෙත් කලා. ඒ ට්‍රැඩිශන් එක නිසා සර්ජන්ලාට ඩොක්ටර් කියනවාට ෆිසීෂියන් ඩොක්ටර්ලා විරුද්ධ වුනා. දැන් සර්ජන්ලා ඩොක්ටර්ලාට වඩා උසස් වුනාම ඒක තම අනන්‍යතාවට එක් කරගෙන ඉන්නවා. ඉන්ගලන්තෙ සර්ජන්ලා තමන්ව හඳුවාගන්නෙ මිස්ටර් කියලා. ලංකාවෙත් පරණ (ඉන්ග්‍රීසි කාලෙ ) සර්ජන්ලා කැමතිවුනේ නෑ තමන්ට ඩොක්ටර් කියනවට//

      අදාළ නැත්තේ මොකද? අර මෙඩුසා වගේ කෙනෙක් ආවහම සර්ජන් වැඩෙත් කරන්න වෙනවනේ!

      Delete
  5. සබරගමුවෙ කොල්ලො කියන්නෙ ඉතිං නිකං යැ.

    මෙහේ මුල ඉඳලම තිබ්බ සැලුන් දෙකෙන් එකක් තවමත් හොඳට පවත්වගෙන යන්නත් (ඒකෙ පුටු ගානට වැඩිය ගෝලයො ඉන්නව. සෙනග ඉන්නවනං බිම ඉන්දෝල හරි කපන ජාතියෙ එකක් තමයි) අනික නන්නත්තාර වෙලා යන්නත් බලපාන්න ඇති අනාගතයට තබන බර තමයි.

    ReplyDelete
    Replies
    1. //ඒකෙ පුටු ගානට වැඩිය ගෝලයො ඉන්නව//
      ඒ කිවුවේ බාබර් සාප්පුවෙ පුටු තිබුණේ නැද්ද?

      Delete
    2. පුටු තියෙනව. පුටු ගානට වැඩිය වැඩ කරන කොල්ලො ඉන්නව.

      Delete
  6. ඉතිරි කරණ වැඩේ කරන්නම බැරි දෙයක්නේ.. කීයක් හරි ඉතුරු කරන් එනකොට මොකක් හරි මරාලයක් පාත් වෙලා ඒක වියදම් වෙනවනේ.. සමහර වෙලාට්වට ඊට වැඩියෙනුත්.. ඒකට මොකද කරන්නේ ?

    මට්ටහ් දැන් හිතිලා තියෙන්නේ අනාගතේ යකාට ගියත් වර්තමානයේ ජොලියෙන් ඉන්න ඕනා කියලා...කීයක් හරි හම්බුනාම කොහේ හරි පොඩි ට්‍රිපක් යන්න තමා දැන්නම් හිතෙන්නෙම...

    කතා දෙකම මරු... තිලකසිතගේ කතාව ඇත්තක්ද ගොතපු එකක්ද කියලා හිතන්න වෙන, සත්‍ය සහ ප්‍රබන්ධය අතර දෝලනය වෙන කතාවක් වගේ...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සෙන්නා. මම ලියන්නේ ඇත්ත සිද්දිවලට ලුණු ඇඹුල් එක්කරපු කතන්දර . සිද්දියක් නිකම්ම වාර්තා කරන්න ගියාම කිසි රසයක් නෑ කියල හිතන නිසා . සමහර විට සත්‍යය ප්‍රබන්ධයට වඩා විශ්මයජනකයි

      Delete
    2. //මම ලියන්නේ ඇත්ත සිද්දිවලට ලුණු ඇඹුල් එක්කරපු කතන්දර//
      සෙන්නට ලුණු වැඩි වුණාද දන්නෙ නැහැ.

      Delete
  7. එ ජා පය සොරකම් නොකරන බව ඉයන් තුමා හැර හැමෝම දනිති!

    ඉතින් එවැනි එජාපයේ හිටපු මහ බැන්කු බැන්කු ලොක්කා වන අර්ජුන් මහේන්ද්‍රන් ගේ බෑනාට අයත් පෙර්පෙචුවල් ට්‍රෙශරීස් සමාගම පසුගිය මාර්තු 31 දිනෙන් අවසන් වන මූල්‍ය වර්ශය සඳහා වාර්ශික ආදායම රුපියල් 5,124,321,124 හෙවත් බිලියන 5.124 බව එම සමාගමේ විගනිත මූල්‍ය වර්තා කියාපායි!

    හොරකම් නොකරන එ ජා ප ය.....


    ඇත්ත වසයෙන් ම එය ඔවුන් ගේ පෙර වසරේ ආදායම වන රුපියල් 959,529,416 ට වඩා සීයට 430% පමන වූ සොච්චම් වැඩිවීමකි. පෙර වසරේ ආදායම ද බොන්ඩ් ස්කෑම් එකකින් ම සිදු වුනා යැයි තරහ කාරයෝ කට කතා පැතිරුවද ඒවා සත්ය නොවන බව ස ර ස තුමා වගකීමෙන් කියා සිටී.

    දොස්තරවරුන් සමග ගේම ඉල්ලන ඉකොනොමැට්ටා මහතා විසින් ලිවියයුතු ආර්තික කතා ස ර ස තුමා ට ම ලිවීමට සිදුවීම ද දෛවයේ සරදමක් වන්නේ ඉකොනොමැට්ටා තුමා එ ජා ප යට අවාසිදායක දෑ නොලියන බැවින් බව කරුණාවෙන් සලකන්න!

    ඉයන්September 29, 2016 at 10:30 AM
    මේක මමත් දැක්කා. මේ සිද්ධිය මුලින් වාර්ථා වුණාම, අගමැති තුමා කිව්වා වැඩිපුර බද්දක් දාල හරි පාඩුවක් වී ඇත්නම් අයකර ගන්නවා කියලා. මෙතන වාසියක් කරගෙන ඇති බව පැහැදිලියි. නමුත් දූශණයක්ද යන්න තාම පැහැදිලිව හොයාගෙන නැහැ. ටිකක් හරි ඒ පැත්තට තියෙන්නේ විගණකාධිපති වාර්ථාව පමණයි. ඇත්තටම වංචාවක් වී ඇත්නම් මට නම් ලැජ්ජයි. මම පෙනීහිටින්නේ ඒවට නම් නෙවෙයි.

    අනේ ඉයන් ඔයා තොත්ත බබානේ, එන්නකෝ හරහට නලවන්න. අගමැති තමයි මේකේ මහා මොළකාරය. මහා මැතිවරණයට වියදම් කරන්න සල්ලි හොයන්න තමයි රනිල්ලා, මලික්ලා අර්ජුනලා එකතුවෙලා ගේම ගැහුවේ. බදු නම් ගහයි මේන් කියල. ඔයාට රනිල්ගේ ලැජ්ජාව බිමින් තියාගන්න තමයි වෙන්නේ

    ReplyDelete
    Replies
    1. ඔබ හරි ඇනෝ. මමත් ඊලඟ ඡන්දෙදි සාටකයට තමයි.

      Delete
    2. තමන්ගේ වීරයා රනිල් හොරකම් කලාම නඩු අහනකම් ඉන්න කියනවා, සතුරා කරහම සාක්ෂි හිතින් මවාගෙන හරි වැරදිකාරයා කරනවා.

      Delete
    3. ඒකනෙ ඇනෝ මම ඊලඟ පාර සාටකයාට ඡන්දෙ දෙන්නෙ

      Delete
    4. //දොස්තරවරුන් සමග ගේම ඉල්ලන ඉකොනොමැට්ටා මහතා විසින්//
      නොදත් ඉකොනොමැට්ටා දත් දොස්තරලාගෙන් ගේම ඉල්ලන්නේ නැත.

      Delete
  8. මං මේ දවස්වල කල්පනා කරනවා...
    තියෙන ටික ආයෝජනය කරලා ටිකෙන් ටික ඉස්සරහට එනවාද?
    ණයක් අරන් ඒක ආයෝජනය කරලා ණය ගෙවනවාද?
    ආයෝජනයක් නොකර ඔහේ ඉන්නවාද?
    කියලා

    ReplyDelete
    Replies
    1. තරිඳුගේ පෞද්ගලික වියහියදම් පාලනය ගැන ලියා තිබුණු කරුණු අනුව තරිඳුගේ චරිත ස්වභාවය ගැන කේන්ද්‍රය නොබලා ඇතැම් අනාවැකි කියන්නට පුළුවන. මගේ අදහස අනුව තරිඳු අනාගතයට සෑහෙන බරක් තබන පුද්ගල චරිතයකි. එවැනි අය ණය ගන්නේ සෑහෙන දුරට හිතා බලා නිසාත්, ණය ගෙවා අවසන් වන තුරු ඉන්නේ ඔලුවේ බරකින් නිසාත් සාමාන්‍යයෙන් වරක් ණය ගත් පමණින් ජීවිත කාලයම ණය රෝලක පැටලීමේ අවදානම විශාල නැත. ඒ නිසා, සලකා බැලිය යුත්තේ ගන්නා ණය මුදලෙන් කිරීමට බලාපොරොත්තු වන දෙය, එයින් ලැබෙන අනාගත ප්‍රතිලාභ හා ගෙවිය යුතු පොලිය යන කරුණු මත මේ ණයෙන් ශුද්ධ ප්‍රතිලාභයක් ඇත්ද යන්නයි.

      Delete
  9. ඉකොන් පැහැදිලි කරන දේ ළමයින් වෙනුවෙන් ඉතිරි කරන අයට තේරුම් ගන්න ගොඩක් වටින දෙයක්. ගොඩක් අය ළමයෙක් ඉපදුනාම ළමා ඉතිරිකිරීමේ ගිණුමක් ඇරල මුදල් දාන්න පටන් ගන්නවා. මේ ගිණුම් වලින් අවුරුදු 18 ක් වෙනකම් මුදල් ගන්න බැහැ. මේලඟක් වෙනකම් මේ ගිණුම් වලට දුන්නේ 5% වගේ පොලියක්. දැන් 9% ක් විතර. ලංකාව වගේ උද්ධමනය වැඩි රටක මේවගේ ඉතිරි කරන එක අපරාධයක්. උදාහරණයකට උද්ධමනය 15% විතර වුණොත් අද රුපියල් 100 කට ගන්න පුළුවන් දේම තව අවුරුද්දකින් රු 115 ක් වෙනවා. එතකොට පොලිය එක්ක ගිණුමේ තියෙන්නේ 109 යි. රත්ත්‍රන් අරන් තියාගන්න එකත් මේවගේම පාඩුයි. ගන්න හැකියාවක් තියෙන කෙනෙකුට ණයක් අරගෙන ටිකක් ඈතක හරි ඉඩම් කෑල්ලක් අරන් දාන්න පුළුවන් නම් අවුරුදු 18 දී ඉඩමේ වටිනාකමේ වෙනස් වීම ගිය මුදල වගේ 8-10 ගුණයක් වෙන්න පුළුවන්.

    ReplyDelete
    Replies
    1. ලංකාවේ උද්ධමනය සහ පොලී අනුපාතික ඉතිරි කිරීම් අධෛර්යය කරයි. ණය ගැනීම් වඩා ආකර්ශනීය කරයි. මේ තත්ත්වය දීර්ඝකාලීනව වෙනස් විය යුතුය. එහෙත්, එය ළඟ පාතක සිදුවන පාටක් නැත. ඉඩකඩම් වල ආයෝජනය ඉයන් කියනවාක් මෙන් ලංකාවේ හොඳම ආයෝජනයකි. 1980දී පමණ ලංකා බැංකුව විසින් රුපියල් 500ක් ඉතිරි කළ විට වසර 21දී රුපියල් ලක්ෂයක් දෙන ළමා ඉතිරි කිරීම් ක්‍රමයක් හඳුන්වා දුන්නේය. ලක්ෂයක් යනු ඉතා විශාල මුදලක් වූ මේ කාලයේ එම හඳුන්වා දීම ඉතාම ආකර්ශනීය වූ අතර බොහෝ දෙනෙකු රුපියල් 500ක් දී සිය දරුවන්වෙනුවෙන් මේ ආයෝජනය කළේය. මේ වසර ලංකාවේ උද්ධමනය ඉතාම ඉහළ මට්ටමක පැවති වසරකි. ලංකා බැංකුව (වැරදි ලෙස) උපකල්පනය කළේ එම ඉහළ උද්ධමනය දිගටම එසේම පවතිනු ඇති බවයි. එහෙත්, එය එලෙස නොවීය. අන්තිමේදී ලංකා බැංකුව කිසියම් නීති හිලකින් රිංගා මෙසේ ඉතිරි කළ අයට ලක්ෂයක් නොගෙවා සාමාන්‍ය පොලියක් පමණක් ගෙවුවේය. [කරුණු ලියන්නේ මතක ඇති හැටියටය.]

      Delete
  10. තිලකෙට දාපු කමෙන්ටුව.(මේකට තව එකක් දානව)

    දැන් පදිංචිවෙච්ච ගෙදරට ආටව පස්සෙ මාත් අවුරුදු කිහිපයක් බාබර් කෙනෙක් ලඟට ගියා. අවුලක් නැතිව වැඩේ කරගත්ත. ඊට පස්සෙ පුතා ලැබිල එයාගෙ කොන්ඩෙ කපන්න ඕනවෙලා පුරුදු තැනට ගියා. පොඩි දරුව දැක්ක විතරයි බාබර් පරළ වුනා.

    "බබා අඬයිද දන්නෑ නේ?" "පොඩි කට්ටියගෙ කපන්න අමාරුයි" ඔයවගේ බැරිවාදං කියද්දි මම එතනින් ආව. තව තැනකට ගියා උගේ කතාවත් එහෙමයි. අන්තිමට හතරවෙනි තැනට ගියාම කොල්ල අඬද්දිම යන්තං දෙපැත්ත මැෂිමෙන් අල්ලල දුන්න. වැඩේට ගියේ විනාඩියකටත් අඩුවෙන්. සල්ලි දුන්නම ගත්තෙත් නෑ.
    මමයි පුතයි දැං කොන්ඩෙ කපන්නෙ ඒ තැනින්....

    ReplyDelete
    Replies
    1. බාබර් ආයෝජනයක් කර දිගුකාලීන ප්‍රතිලාභයක් ලබා තිබේ.

      Delete
  11. ඉකොනොගෙ කතාව කියවද්දිම මට නං හිතුන අරූගෙ කොන්ඩය කපන්න ඇත්තෙ අනිත් එකේ බුවා වෙන්නැති කියල. හරි ඒවයින් කමක් නෑ....

    //අපි කිසිවෙකුට අවුරුද්දකින් ලැබෙන්නට නියමිත රුපියල් සීයක් අද අතේ තියෙන රුපියල් සීයක් තරම් වටින්නේ නැත. අනාගතයේ ලැබෙන්නට නියමිත රුපියල් සීයක් වටින්නේ අද ලැබෙන රුපියල් සීයකට වඩා වඩා කීයක් අඩුවෙන්ද?//

    මම දන්න මනුස්සයෙක් සම්බන්ධව මේක වැරදියි කියල හිතෙනව. ඔහු ඉස්සර හිටිය හොඳ සල්ලි තියන ව්‍යාපාරිකයෙක්. දේශපාලන සබඳතාත් සෑහෙන්න තිබුන. කොහොම උනත් යුද්ධය නිසා ඔහුට සියල්ලම නැතිවුනා. නැති නොවුනේ එකම දෙයයි, ඉගනගත්ත දරුවන් හොඳ රැකියාවලට ගියා පියාගේ දේශපාලන හැකියාවත් පාවිච්චි කරල. දැං තාත්ත ඉන්නෙ ළමයි ලඟ. දෙන දෙයක් කාල වෙන දෙයක් බලාගෙන ඉන්නව. දරුවන්ගෙන් ඉල්ලනව හැර වෙන ආදායමකුත් නෑ. සිගරට් එකක් අරක්කු ටිකක් බොන්න (ඔහු හොඳ විනෝදකාමියෙක්) සල්ලි නැතිවිම නිසා ඔහු සෑහෙන්න අවුලෙන් ඉන්න බව මම දැකල තියනව. එදා හම්බකල රුපියල් සීයකට වැඩිය අද සිගරට් එකක් ඔහුට වටිනව. කොහොමද මේක විස්තර කරන්නෙ?

    ReplyDelete
    Replies
    1. මුදලේ කාල වටිනාකම යන සංකල්පය එන්නේ දැනට අතේ ඇති (හෝ ලබා ගැනීමේ හැකියාවක් ඇති) මුදලක් අනාගතයේ ලැබෙන (හෝ ගෙවිය යුතු) මුදලක් සමඟ සැසඳීමේදීය. ඒ නිසා, එය ඔබේ නිරීක්ෂණය පැහැදිලි කිරීම සඳහා සුදුසුම සංකල්පය නොවේ. පෙර ඔහුගේ අතේ තිබුණු, දැන් නැති සියළු මුදල් ගිලුණු පිරිවැයයි (sunk costs). ඒවායින් දැන් ප්‍රයෝජනයක් ගත නොහැකිය.

      මෙහි පෙනෙන්නේ කිසියම් සම්පතක් වැඩි වැඩියෙන් එකතුවන විට මෙසේ එකතු වන තවත් එක් අළුත් ඒකකයක උපයෝගීතාවය එන්න එන්නම අඩු වන්නේය යන මූලික ආර්ථික විද්‍යා න්‍යායයි (diminishing marginal utility). අතේ සල්ලි බොහෝ ගැවසෙන විට රුපියල් සියයක් දුම්වැටි දැල්වීමට ගන්නා ඇතැම් අය සල්ලි නැති වන විට දුම්වැටියක් දැල්වීමට නොහැකිව වැළපේ.

      Delete
  12. ලංකාවෙන් එනකන් සැලූන් වලට ගිහින් නැ මම, මුලින්ම සැලුන් එක්කට ගියේ බැංකොක් සැමියගේ කොන්ඩේ කපන්න, මම හොඳට සැප පුටුවක ඉඳගෙන එතනින් දුන්න තේ දෙකක් විතර බිලා හිටියා.. එදා ඉඳන් අද වෙනකන් ඉන්නේ ලංකාවෙන් පිට නිසා සැලුන් කියන්නේ හරි සැපපහසු එන අයට සෑහෙන්න සලකන තැන්.. අපේ පුතාගේ කොන්ඩේ කපන තැනින් සෙල්ලන් බඩුත් ලැබෙනවා..

    ReplyDelete
    Replies
    1. // මුලින්ම සැලුන් එක්කට ගියේ බැංකොක් සැමියගේ කොන්ඩේ කපන්න//

      එතකොට හොංකොං සැමිය?

      Delete
    2. මටත් ඕක අහන්න හිතිලා මේ දවස් වල ගුටිකන්න තරං ෆිට් එකක් නැතිනිසා නිකා හිටිය

      Delete
    3. අපේ චතූ නෝන විහිළු වලින් ඇස් රතු කරගන්න කෙනෙක් නෙමෙයි ඉවාන්. ඒක නිසා ප්‍රශ්ණයක් නැහැ. එකම දේ පොඩ්ඩක් විතර ටියුබ් ලයිට්. හෙහ් හෙහ්

      Delete
    4. අපිනම් ඕවට නෑ. තවම දැලි පිහි පාරවල් වැදිල තියෙන්නේ කොණ්ඩේ කපන කොට බාබර්ලගෙන් විතරයි. ඒ හොඳටම ඇති!

      Delete
    5. :) :) I only have one ... lifetime one.. but as he likes to travel in different countries all the time there will be country name before his name...

      ( aiyooo, Missing "," or "." )

      Delete
    6. ඉයන් ටියුබ් ලයිට් වෙලා ඉන්න එක ඇඟට ගුණයි... 😊

      Delete
    7. ඉකෝ.. මේ දවස් වල මම බලනවා "Grand Hotel" කියලා සිරීස් එකක්.. එකේ දැලි පිහියෙන් රැවුල කපනවා දැකලා මටත් ආස හිතුනා කාගේ හරි කපලා බලන්න...☺

      Delete
  13. මම හිතං ඉන්නේ සැලුන් එකක් දාලා අනික් සැලුන් එකේ එකාට පොලියට දෙන්න.

    ReplyDelete
    Replies
    1. සැලූන් එකක් නොදැම්මත් ඔය වැඩේ නරක නැහැ. [සැලූන් දොරක් දාගෙන පොලියට ගන්න එකත් නරක නැහැ.]

      Delete
    2. ඔය පොලී වැඩේ මෙහේ කට්ටිය තමයි ජයටම කරන්නෙ. මං හිතන්නෙ ලංකාවෙන් තුනෙං එකක විතර මෙහේ එවුවො පොළියට දෙනව.

      Delete
  14. කොහොමටත් සබරගමුවේ බාබර් ආර්ථික විද්‍යාවට දක්‍ෂයා නේ. වෙන එකක් තියා පොරට බාබර් සැලූන් එකක් නොවෙයි දෙකක් ම තියෙනවා. එකක් පොඩියට කරං යන්නේ ඒකේ ගාස්තුව ශත පහයි!

    ReplyDelete
    Replies
    1. එය දීර්ඝකාලීන ආයෝජනයක් සහ අවදානම් කලමණාකරන උපායමාර්ගයකි.

      Delete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

There was an error in this gadget