වෙබ් ලිපිනය:

Sunday, July 15, 2018

අයිස්ක්‍රීම් සමඟ හෙළුවෙන්...


අවුරුද්දේ හැම දවසකම වාගේ මොකක් හෝ ජාත්‍යන්තර දිනයක් හෝ ජාතික දිනයක් සැමරේ. අදත් එහෙම දවසකි. අද ඇමරිකාවේ ජාතික අයිස්ක්‍රීම් දිනයයි. ඇමරිකාවේ අයිස්ක්‍රීම් හලකට යන අයෙකුට අද දිනයේ විශාල වට්ටමක් සහිතව හෝ නොමිලේම අයිස්ක්‍රීම් කන්නට අවස්ථාව ලැබේ.


ජූලි මාසයේ තෙවන ඉරිදා දිනය 1984දී එවක ඇමරිකාවේ ජනාධිපති වූ රොනල්ඩ් රේගන් විසින් ජාතික අයිස්ක්‍රීම් දිනය ලෙස නම් කර තිබේ.

ඇමරිකාවේ අයිස්ක්‍රීම් කර්මාන්තය ලක්ෂ දෙකක පමණ පිරිසකට රැකියා සපයන, ඩොලර් බිලියන 40ක පමණ කර්මාන්තයකි. ඇමරිකාවේ වැඩිපුරම අයිස්ක්‍රීම් විකිණෙන්නේ උත්තරාර්ධ ගෝලයේ කාලගුණය වඩාත්ම උණුසුම් ජූනි හා ජූලි මාස වලදීය. ඇමරිකාවේ සාමාන්‍ය පාරිභෝගිකයෙකු වසරකට අයිස්ක්‍රීම් රාත්තල් 23ක් පමණ පරිභෝජනය කරයි.

අද දිනයේ මෙන්ම ඊයේ දිනයේද මෙවැනිම සැමරුමක් තිබුණේය. ඒ ජාත්‍යන්තර නිරුවත් දින සැමරුමයි. මේ දිනයේ ප්‍රභවය නවසීලන්තය සේ සැලකේ.

නිරුවත් දිනය සමරන්නෝ සදාචාර විරෝධීහු නොවන අතර වඩාත්ම සුන්දර ස්වභාවිකත්වය බව හිතන අයයි. කෙසේ වුවත්, බොහෝ තැන් වල නිරුවතින් සිටින්නට නීතියෙන් අවසරයක් නැති නිසා මේ දිනය සමරන අයට එය තමන්ට රිසි සේ කළ නොහැකිය. එසේ නමුත්, ඒ වෙනුවෙන් ඉඩකඩ සලසමින් නිරුවතින් ගුහාවක් ඇතුලේ චාරිකාවක යෙදෙන්නට ඉඩ සැලසූ නිවුයෝර්ක්හි හවු ගුහාව වැනි තැන්ද ඇමරිකාවේ තිබුණේය.

ලංකාවේ ප්‍රධානම අපනයනය ඇඟලුම් වන අතර, එම ඇඟලුම් අපනයන වලින් වැඩිම ප්‍රමාණයක් මිල දී ගන්නේ ඇමරිකානුවන් විසිනි. ඊයේ දිනය වැනි විශේෂ දවසක ඇමරිකානුවන් ටික දෙනෙකු ඇඳුම් නැතුව හිටියත්, බොහෝ ඇමරිකානුවන් බොහෝ දිනවල ඇඳුම් අඳින නිසාත්, ඒ ඇඳුම් වලින් කොටසක් ලංකාවෙන් මිලදී ගන්නා නිසාත්, ලංකාවේ ආර්ථිකයට ලැබී තිබෙන්නේ විශාල තල්ලුවකි.

(Images: https://www.wfla.com/news/local-news/deals-and-freebies-for-national-ice-cream-day/1303426750, http://howecaverns.com/, https://www.youtube.com/watch?v=eB2ypBejsrU)

3 comments:

  1. Delicious concepts - both.

    ReplyDelete
  2. බටහිර අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණකාර ඇමරිකාව අපේ ඇඳුම් නොගත්තට කමක් නෑ. අපි ඇමරිකාවට ජංගි මහන්නේ නෑ. ඒවා ගන්න බදුසහන දෙන්න කියල ඇමරිකන් සුද්දගේ දෙපතුල ළඟ වදන වටෙන්නෙත් නෑ , අපි ඇඟලුම් කර්මාන්ත නැතිවුනොත් කුලී වැඩ කරලා හරි ජීවත් වෙනවා
    මීට විමල් වීරවංශ

    ReplyDelete
  3. දැං බලන්ඩ හසන්ත මහත්තයෝ අදත් ඇමරිකන් කාරයා ඉන්නේ හෙලුවෙන්. එහෙමද අපි අවුරුදු දෙදාස් පන්සීයකටත් එහා ඉදලා ඇදුම් අදිනවා. ඉතිං කොහොමෙයි සුද්දා අපිට වඩා දියුනුයි කියන්නේ?

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: