Saturday, July 28, 2018

කඩුල්ලෙ ලී වැටෙන් එහා...


පසුගිය ලිපියෙන් කඩුල්ල ටෙලිනාට්‍යය ගැනත් තරමක් දුරට අවධානය යොමු කළා. එය ලංකාවේ සිංහල අනන්‍යතාවය දරන ප්‍රජාව අතර නායකයන් ගොඩ නැගුණු ආකාරය පිළිබඳ කතාවක් කියා කියන්නත් පුළුවන්. කඩුල්ලේ කතානායකයා ලෙස සැලකිය හැකි, පසුව කුරුස මුදලාලි වන, කුරුතේලිස් කළු ගං මෝයට තරමක් කිට්ටුව කරන්නාගොඩට ඉහළින් පිහිටි රයිගම් රටේ ගමකට කොහොම හරි සේන්දු වී සිටින කාත් කවුරුත් නැති තරුණයෙක්. ඔහුගේ පියා ඉන්දියාවෙන් සංක්‍රමණය වූ කොච්චියෙක් වුවත්, කුරුතේලිස් කතා කරන්න දන්නේ සිංහල භාෂාව පමණයි.

කුරුතේලිස් කඩුල්ලේ කතාව පටන් ගැන්මේදීම සිංහලයෙක් වී අවසානයි. ඔහුගේ ඉන්දීය සම්භවය හැඟීම් මාත්‍රයක් පමණයි. කුරුතේලිස් වගේම කතාවේ දිගටම වගේ රැඳෙන ජුන්ඩයියාත් ඉන්දියානු සම්භවයක් ඇති අයෙක්. ඔහුගේ පරම්පරාවේ අය කේරළයෙන් ලංකාවට ඇවිත් තිබෙන්නේ පරම්පරා කිහිපයකට පෙරයි. ජුන්ඩයියාත් සිංහලයෙක් වී සිටියත් පරම්පරාවේ අය ඉන්දියාවෙන් රැගෙන ආ ඇතැම් දේ ඔහු රැකගෙන සිටිනවා.

රයිගම් රටේ පාරම්පරික ඉඩම් හිමි ගං කාරයෙකු වන කංකානම් මහත්තයා "ඉංග්‍රීසි ක්‍රමයට" පෝසත් වීම සඳහා ඉඩකඩම් උගස් කරමින් මිනිරන් කර්මාන්තය වෙනුවෙන් ආයෝජනය කරන නමුත් ඔහුට සාර්ථක වෙන්න ඉඩක් ලැබෙන්නේ නැහැ. ඇවැස්ස නෑකම වෙනුවෙන් ඔහුගේ පතළ බලාගන්න ගිරිගෝරිස් ළඟ තිබුණු අන්තිම පවුම් විසිපහ හොරකම් කරන කුරුතේලිස් ඒ සම්බන්ධව ඇතිවන කතාබහක් දුර දිග යාමෙන් පසුව කුරුතේලිස් අතින් මැරුම් කනවා. කංකානම්ගේ ආයෝජන වල ප්‍රතිඵල ලැබෙන්න ඔන්න මෙන්න කියලයි මෙය සිදු වෙන්නේ. කතාවේ මුල් කොටසේ තරමක නාට්‍යමය ගතියක් තිබුණත් එයින් කතාවට ලොකු හානියක් වෙන්නේ නැහැ.

කොහොම හරි කංකානම්ගේ ඉඩම් වල හැංගිලා තිබුණු මිනිරන් මතු කර ගන්නා කුරුතේලිස් එකින් එක තවත් ව්‍යාපාර ගණනාවක ආයෝජනය කරමින් ලොකු පෝසතෙක් වෙනවා. ඔහුගේ දරුවා රිචඩ් එංගලන්තයේ ඉගෙන ගෙන ලංකාවට නැවත එන්නේ මුදල් ඇති අයගේ ඊළඟ අපේක්ෂාව වන දේශපාලන බලයට ඉව අල්ලමිනුයි. මුදල් යහමින් ඇති නමුත් අලුතින් ප්‍රභූ තත්ත්වයට පත් වූ පවුලක දැරියක වෙනුවට ඔහු විවාහය සඳහා තෝරාගන්නේ පැරණි සම්මත අනුව ප්‍රභූන් සේ සැලකුණු නුවර කලාවියේ පවුල දැරිවියක්. කඩුල්ලේ උත්සාහ දරන්නේ ජාතික අනන්‍යතාවය හෝ වෙනත් අනන්‍යතාවයක් ගැන ලොකුවට කතා කරන ගොඩක් දෙනෙක්ගේ කිල්ලෝට වල හුණු තිබෙන බව කියන්නයි.

අනන්‍යතාවයන් කියන ඒවා පරම්පරාවෙන් උරුම වෙන එක බොහෝ විට සිදුවන දෙයක් වුවත්, එය හැමවිටම එසේම විය යුතු නැහැ. ඒ නිසා, පියාට නැති අනන්‍යතාවයක් තුළ දරුවෙකු රැඳී සිටීම හෝ එවැනි අනන්‍යතාවයක් වෙනුවෙන් පෙනී සිටීම අමුතු දෙයක් නෙමෙයි. ආර්ථික වාසි වෙනුවෙන් මිනිසුන් තමන්ගේ අනන්‍යතාවයන් වෙනස් කර ගන්නවා. ඇතැම් විට වෙනස් කරගත් බව වෙනත් අයට පෙනෙන්නට සලස්වනවා.

කඩුල්ලේ කුරුතේලිස් කංකානම්ගේ දුව බිරිඳ කර ගන්නේත්, එංගලන්ත සභාවට බැඳෙන්නේත් ආර්ථික වාසි වෙනුවෙන්. කුරුතේලිස්ගේ පුතා රිචඩ් නැවත බුද්ධාගමට හැරෙන්නේත්, නුවර කලාවියේ වන්නියාර් පවුලක දැරියක් සමඟ විවාහ වන්නේත් ඒ අරමුණින්. මෙහිදී මම ආර්ථික කියන වචනය භාවිතා කළත් එයට මුදල් නොවන වෙනත් වාසිත් ඇතුළත්.

කඩුල්ලේ කතාව දුවන කාල පරාසය වගේම එහි සඳහන් වෙන ස්ථාන හඳුනා ගැනීම එතරම් අපහසු නැහැ. ඒ කාලයේ සැබෑ ලෝකයේ සිදු වූ සිදුවීම් හා පැවති තත්ත්වයන් කතාවෙත් ඒ අයුරින්ම නිරූපණය වන නිසා කඩුල්ල එක දිගටම බලන එක වෙහෙසකර නැහැ. කඩුල්ල පටන් ගන්න කොට දුම්රිය මාර්ගය කළුතරට එනකම් හැදිලා. රබර් වගාව පටන් අරගෙන. කතාව ඉවර වන විට පොන්නම්බලම් උන්නැහේ කවුන්සලේට ගිහින්.

ටෙලිනාට්‍ය ශෛලියට වඩා තරමක් සිනමාවේ ශෛලිය තිබෙන නිසා කතාව වේගයෙන් ගලායාම තවත් පහසුවක්. රෑපගත කිරීමෙන් පසුව පරණ කොටස් නැවත නැවත ඔබ්බවමින් කතාව අනවශ්‍ය ලෙස දිග් ගස්සන පුරුද්ද ලංකාවේ ටෙලිනාට්‍ය වලට ආවේ කඩුල්ල හදලා ගොඩක් කාලෙකට පස්සෙයි.

කඩුල්ල ඒ කාලයේ සමාජයට වඩා තරමක් ඉදිරියෙන් සිටි ටෙලිනාට්‍යයක් කියා කියන්න පුළුවන්. කඩුල්ල එදාට වඩා අදට වටිනවා. කඩුල්ල පෙන්නලා සියවස් කාලකටත් පස්සේ හදන, එහි තේමාවට වඩා යාන්තමින් හෝ කිට්ටුවෙන් යන ටෙලිනාට්‍යයක් කඩුල්ල පිටිපස්සේ දණ ගගා ඉන්නේ නැතිව කඩුල්ල පැනලා ඉස්සරහට යා යුතුයි. එහෙම ටෙලිනාට්‍යයකට දැන් හොඳ ඉල්ලුමක් තිබෙනවා. මිණි ගං දෑළ කියන්නේ කෙසේවත්ම කඩුල්ල පැනලා ඉදිරියට පැන පහර දෙන ටෙලිනාට්‍යයක් නොවූවත් මේ ඉල්ලුම තිබෙන නිසා එය යම් තරමකින් හෝ ජනප්‍රිය වෙන්න පුළුවන්. තිර රචනයේ අඩුපාඩු තිබුණත් එහි රඟපෑම් හා සංගීත අධ්‍යක්ෂණය ආදිය නිසා කතාවට එළිය වැටෙනවා.

කොටස් තිස් ගණනක් බැලුවත් මිණි ගං දෑළෙහි කතා කරන කාල පරාසය ගැන තවමත් මට අදහසක් ගන්න අමාරුයි. කතාවේ මේ වන විට විකාශනය වී තිබෙන කොටස් වල සිදුවීම් සියල්ල වසරකටත් වඩා අඩු කාලයකදී සිදු වූ දේවල්. එහෙමනම්, මේ සිදුවීම් සිදු විය හැකිව තිබුණේ මොන අවුරුද්දේද?

මිණි ගං දෑළ පටන් ගන්න විට (හයවන කොටසේ දඩල්ලේ මුදලාලි ඔහුගේ පාණදුරේ නිවසට අරනෝලිස් සමඟ මුල් වරට පැමිණීමෙන් පසුව කියන පරිදි) ඒ හරියේ දුම්රිය මාර්ගය හදන්න පාර මනිනවා. දුං කෝච්චිය දැම්මට පස්සේ පානදුරේ කඩයක් කරන තමන්ගේ කඩ රස්සාවෙන් හා පානදුර කේන්ද්‍ර කරගෙන කරන කරත්ත රස්සාවෙන් දැන් මෙන් ලාබ ලබන්න බැරි වනු ඇතැයි ඔහු තමන්ගේ බිරිඳ සමඟ පවසනවා.

මුහුදුබඩ දුම්රිය මාර්ගයේ කොටුවේ සිට මොරටුව දක්වා දුම්රිය ධාවනය ආරම්භ වන්නේ 1877 මාර්තු පළමුවෙනිදා. ඒ අවුරුද්දේම සැප්තැම්බර් පළමුවෙනිදා පානදුර දක්වා දුම්රියක් ධාවනය වෙනවා. 1879 සැප්තැම්බර් 22 වෙනිදා කළුතර දක්වා දුම්රිය ධාවනය ආරම්භ වෙනවා. පානදුර හරියේ දුම්රිය පාර මැනීම මේ කාලයට වඩා වසර ගණනකට කලින් සිදු වූ දෙයක්.

කඩුල්ලේ කංකානම් මහත්තයාගේ ගෙදර වගේම දඩල්ලේ මුදලාලිගේ ගෙදරත් ඇවැස්ස නෑකමට කඹුරන ගිරිගෝරිස් කෙනෙක් ඉන්නවා. කඩුල්ලේ වගේ නෙමෙයි මිණි ගං දෑළේ හොරා වෙන්නේ මේ තමන්ගේම මිනිහා. ගිරිගෝරිස් ගෙදරින් පැනල යන්නේ දඩල්ලේ මුදලාලිගේ පතලක මැණිකක් වගේම ලොකු දෝණියන්දෑවත් අරගෙනයි. මිණි ගං දෑළේ තිස් තුන් වන කොටසෙදී මේ ගිරිගෝරිස් ඔහුගේ බිරිඳ කරලැයින් එක්ක වෙන කතා බහකදී කියන විදිහට ඒ දවස් වල ධර්මපාල උන්නාන්සෙ දේශනා පවත්වනවා. ඒ වගේම, ඔහු තමන් කුඩා කාලයේදී සිදු වුන පානදුරා වාදය මතක් කරනවා.

පානදුරා වාදය සිදුවුණේ 1873 අගෝස්තු මාසයේදී. පසුව අනගාරික ධර්මපාල වන දොන් ඩේවිඩ් හේවාවිතාරණ ඉපදෙන්නේ 1864 සැප්තැම්බර් වලදී.  පානදුරා වාදය සිදු වුනු කාලයේ ගිරිගෝරිස්ට අවුරුදු දහයක් පමණ කියා හිතුවොත් කලින් කී කතාබහ වෙනකොට 1885-1890 පමණවත් වෙලා තියෙන්න ඕනෑ. අටසිය හැත්තෑ ගණන් වලදී ධර්මපාල උන්නාන්සේගේ කතා ඇහෙන්න විදිහක් නැහැ. ඒත් ඒ කාලය වෙනකොට මුහුදුබඩ දුම්රිය මාර්ගය කළුතර පහු කරගෙන තවත් සෑහෙන දුරක් යනකම් හැදිලා ඉවරයි. ඒ නිසා, මේ කාලයේදී පානදුර හරියේ පාර මනින කතාව එක්ක මේ කතාව පෑහෙන්නේ නැහැ.

මිණි ගං දෑල පටන් ගන්නේ නැපෝහාමි බෞද්ධ භික්ෂුවක් ගඟෙන් එගොඩ කරන දර්ශනයකින්. කතාවේදී නැවත නැවත හමුවන මේ හාමුදුරුවෝ ඉන්නේ ගොරොක්ගොඩ පන්සලේ. මේ පන්සල අර්නෝලිස්ලාගේ ගමේ උදවිය සාමාන්‍යයෙන් යන පන්සල. එය ගමේ සිට වැඩි ඈතක තියෙන පන්සලක් බව කතාවෙන් පෙනෙන්නේ නැහැ. ඒ නිසා මම මුලදි හිතුවේ මේ ගම ලෙස නිරූපණය කෙරෙන්නේ රත්නපුරේ ගොරොක්ගොඩ කිට්ටුව තියෙන ගමක් කියලයි. රත්නපුරේ ගොරොක්ගොඩ තියෙන්නේ සුමනා බාලිකා විද්‍යාලය කිට්ටුව වර්තමාන රත්නපුර නගරයට ආසන්නවයි. කළු ගං ඉවුරේ තියෙන අනික් ගොරොක්ගොඩ තියෙන්නේ හොරණ කිට්ටුවයි.

ගමෙන් පැනල යන අරනෝලිස් දඩල්ලේ මුදලාලිගේ කරත්තෙ යටට රිංගන්නේ ඔහුගේ අනියම් භාර්යාවගේ කඩේ ඉස්සරහදී. සයිමන් මුදලාලිගේ මැරයින් ඒ දක්වාම ඔහු පස්සෙන් එන නිසා මේ කඩය ඒ ගමේම කඩයක් බව පැහැදිලියි. මේ කඩේ ඉඳලා පානදුරට යන අතරේදී පොකුණුවිට හමු වන නිසා මේ ගම කළු ගඟේ පොකුණුවිටට පහළින් තියෙන්න විදිහක් නැහැ.

කොහොම වුනත් කලින් කී කඩේ පසුව හැඳින්වෙන්නේ ඉඩන්ගොඩ කඩේ ලෙසයි. යාන්තම් එළිය වැටීගෙන එද්දී පිටත්වෙන දඩල්ලේ මුදලාලි එළිය වැටෙන්න කලින් ඉංගිරියට යාගන්න හදන එකත් එක්ක මේ ගම ඉඩන්ගොඩ හරියේ ගමක් කියන එක ගැලපෙනවා. හැබැයි ඔය හරියේ ඉඳලා රත්නපුර කිට්ටුව තියෙන ගොරොක්ගොඩට යන්නනම් ගඟ ඉහළට කිලෝමීටර් විස්සක් විතර හබල් ගාන්න වෙනවා. හොරණ හරියේ ගොරොක්ගොඩ පන්සලට ඊටත් වඩා දුරයි. ඉඩන්ගොඩ කිට්ටුව පැරණි පන්සල් ගණනාවක් මේ කාලයට පෙර ඉඳලම තියෙද්දී ගමේ මිනිස්සු ඒ තරම් දුරක් නිතර නිතර හබල් ගාන්න හේතුවක් නැහැ. සමහර විට ඉඩන්ගොඩ කිට්ටුව මම නොදන්න වෙන ගොරොක්ගොඩක් තියෙනවද දන්නෙ නැහැ.

කතාව පටන් ගන්න කාලයේ ඉඩන්ගොඩ හරියේ රබර් හිටවනවා. ලංකාවේ රබර් කර්මාන්තය ගැන කතා කරද්දී ඉඩන්ගොඩ මඟහැර යන්න බැහැ. ගම්පහ හෙනරත්ගොඩදී පළමුවත් පේරාදෙණියේදී දෙවනුවත් ලන්ඩන් වල කිවු උද්‍යානයෙන් මුලින් ගෙනා රබර් ඇට පැල කර ගැනීමෙන් පසුව කැලෑ දෙපාර්තමේන්තුව විසින් මුලින්ම පර්යේෂණාත්මක රබර් වගාවන් පටන්ගත්තේ ඉඩන්ගොඩ හා යටිපව්වේ. ඒ 1890දී පමණ. ඉන් පසුව, 1892දී නම්බපානේ. නමුත්, මේ මුල් රබර් වගාවන් වල අරමුණ වුණේ රබර් බීජ ලබාගැනීම මිස රබර් කිරි ලබාගැනීම නෙමෙයි.


ප්‍රමාණවත් රබර් බීජ ප්‍රමාණයක් නිෂ්පාදනය කරගන්න හැකි වීමෙන් පසුව, කැලෑ දෙපාර්තමේන්තුව විසින් කළුතර ප්‍රදේශයේ වැවිලිකරුවන්ට බීජ 1000ක් රුපියල් 5 බැගින් බීජ 90,000ක් මුලින්ම විකුණලා තියෙන්නේ 1893දීයි.

ලංකාවේ රබර් වගාව ලොකුවටම පැතිරෙන්නේ 1903-1905 කාලයේදීයි. ඒ කාලයේ ලංකාවේ රබර් වවා ඇති අක්කර ගණන දහදාහේ සිට හතළිස් දාහ දක්වා වැඩි වෙනවා. එයින් වැඩි ප්‍රමාණයක් සපරගමු පළාතේ. ඉතිරිය බස්නාහිර පළාතේ. පසුගිය සියවසේ මුල වෙනකම් රබර් වගාව ලොකුවට ව්‍යාප්ත වෙලා නොතිබුණත් 1895 පමණ කාලය ඉඩන්ගොඩ හරියේ රබර් වැවෙන කාලයක්.

මේ කාලය වන විට කොළඹ රත්නපුර පාර (ලෝ ලෙවල් එක) සෑහෙන තරමට දියුණු වී තිබුණු පාරක්. සෑහෙන තරමට කියා කියන්නේ අශ්ව කෝච්චි වලට හා ගොන් කරත්ත වලට වැඩි අපහසුවක් නැතිව යා හැකි තරමට. මේල් කෝච්චිය (මෙය අශ්ව කරත්තයක් මිස දුම්රියක් නෙමෙයි) මේ දවස් වල සතියේ සඳුදා, බදාදා හා සිකුරාදා දවස්වල උදේ කොටුවෙන් පිටත් වී හවස් වෙද්දී රත්නපුරේට ඇවිත් පහුවෙනිදා ආපහු යනවා. පාරේ යන ගොන් කරත්ත ඇතුළු සියලු වාහන ටොල් එකක් ගෙවිය යුතුව තිබුණා. රටේ පාරවල් වල ටොල් වලින් ආණ්ඩුව සෑහෙන ආදායමක් ලැබුවා. ඔය කාලයේ ගොන් කරත්ත වලටත් ලයිෂන් එකක් තිබිය යුතුයි.

කොහොම වුවත් පසුගිය සියවස ආරම්භ වන විටත් රත්නපුර පානදුර පාර හැදිල තිබුණේ නැහැ. රජයේ වැඩ දෙපාර්තමේන්තුවේ වාර්තා අනුව, පානදුර සිට නම්බපාන කිට්ටුවට හැතැම්ම විසිදෙකක් සහ රත්නපුර සිට කුරුගම්මෝදර කිට්ටුවට හැතැම්ම දහතුනක් කරත්ත වලට යා හැකි සේ පාර හැදිල තිබුණත් ඔය අතර හැතැම්ම එකොළහේ කරත්ත වලට යන්න පුළුවන් කමක් තිබී නැහැ. අශ්වයෙක් පිටේ හෝ පයින් යා යුතුව තිබුණු ඒ කොටස කරත්ත වලට යා හැකි පරිදි හදල තිබෙන්නේ පසුගිය සියවසේ මුල් කාර්තුවේදී. දඩල්ලේ මුදලාලි නවාතැන් ගත් ඉඩන්ගොඩ තියෙන්නේ ඔය මැද කොටසේ.

කළු ගඟ දිගේ භාණ්ඩ ප්‍රවාහනය කාලයක් තිස්සේ ජයටම කෙරෙන්න එක් හේතුවක් වුණේ කළු ගං ඉවුර කිට්ටුවෙන් මූදුකරේ ඉඳල රත්නපුරේට එක දිගටම එන්න කරත්ත පාරක් කාලයක් යන තුරුම හැදී නොතිබීමයි. කරත්ත පාර හැදෙන කොටම  ප්‍රවාහන මාධ්‍යයක් විදිහට කළු ගඟේ වැදගත් කම අඩු වුණා. ඉන් පසුව සෑහෙන කාලයකට පස්සේ පාලම් වැටෙනකම් ගඟේ ඉවුරු දෙක අතර මගී ප්‍රවාහනය කළු ඟග අයිනේ සිටි තොටියන් විසින් දිගටම කරගෙන ආවත් කළු ගඟ දිගේ සිදු වූ ප්‍රවාහනය පසුගිය සියවසේ මුල කාර්තුවේදී ක්‍රමයෙන් අඩු වී ගියා කියන්න පුළුවන්.

මිණි ගං දෑළට අනුව, කළු ගඟ දිගේ ඉහළට එන පානදුරේ දඩල්ලේ මුදලාලි හා මොරටුවේ සේතන් මුදලාලි මැණික් කර්මාන්තයේ යෙදෙන්නේ කුරුවිට හරියේදී. කතාවේ හැටියට මේ අයට කුරුවිටට ඇවිත් පහසුවෙන් තමන්ගේ ආධිපත්‍යය පතුරුවන්න හැකි වෙනවා. කළු ගඟ දිගේම උඩහට ඇවිත් කුරුවිටට එන්න බැහැ. එහෙම එන්නනම් කුරුගම්මෝදර ඉඳල කුරු ගඟ දිගේ උඩහට එන්න ඕනෑ. ගොඩක් අය දන්න බෝපත්පිටි ඇල්ල තියෙන්නෙත් කුරු ගඟේ කුරුවිටට උඩින්. කුරුවිටට පහළින් එල්ලාවල ඔයේ වතුරත් එකතු කරගෙන කුරුගම්මෝදරින් කළුගඟට වැටෙන කුරු ගඟ රත්නපුර කළුතර අතරදී හමුවන කළු ගං කොටස වගේ පළල හෝ ගැඹුර නැති එකක්. එහි අතරමැද තැන් ගණනක්ම ගල් පර වලින් පිරිලා. කුරුගම්මෝදර සිට කුරුවිටට පාරුවකින් එන එක කළුගඟ දිගේ ඉහළට එන තරම් ලේසියෙන් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි.

අනිත් එක සපරගමුවේ කළු ගං නිම්නයේ වගේම කුරුවිට හරියෙත් මැණික් ඉල්ලම් සහිත ඉඩම් තිබෙන ගම් යුරෝපීයයන් එන්න කලින් ඉඳලම ජනාකීර්ණව තිබුණු තැන් මිස පහළින් ගඟ දිගේ එන කෙනෙකුට පහසුවෙන් අල්ල ගන්න පුළුවන් පාළු ඉඩම් සේ පැවතුණේ නැහැ. මේ ඉඩම් බොහොමයක්ම කිසියම් පන්සලකට, දේවාලයකට හෝ සම්ප්‍රදායික ප්‍රභූ පවුලකට අයිතිව තිබුණු නින්දගම්. පසුගිය සියවස පටන් ගනිද්දී යම් තරමකින් මේවා විකිනෙන්න පටන් අරන් තිබුණත් මුදල් තිබුණු පළියටම පහළින් ආ කෙනෙක්ට හිතුමතේ ඉඩම් අල්ලගෙන පතල් කපන්න හැකියාවක් තිබුණා කියා මම හිතන්නේ නැහැ. එහෙම කරන්නනම් ගමේ ප්‍රධානියෙක් එක්ක ගිවිසුමක් ගහගන්නම වෙනවා.

කුරුවිට හරියේ වුණා කියා මිණි ගං දෑළේ චිත්‍රණය කරන ආකාරයේ සිදුවීම් සබරගමුවේ සිදු නොවුනාම නෙමෙයි. නමුත්, ඒ හරියකට අයිතිකාරයින් නැති ඉඩම් වැඩිපුර තිබුණු, එතරම් ළඟින් ළඟින් ගම් පිහිටා නොතිබුණු ඇඹිලිපිටිය කිට්ටුවට වගේ වෙන්න. ඒ වගේම පසුගිය සියවසේ මුලදී හෝ ඊට පෙර නොව මැද හරියේදී වගේ.

ඓතිහාසික පසුබිම සමඟ ගලපා බැළුවොත්නම් මිණි ගං දෑළේ තිර රචනය ඉතාමත්ම දුර්වලයි. එහි භාෂාව වුවත්, ලංකාවේ තැනින් තැනින් හොයාගෙන තිබෙන ප්‍රාදේශීය ව්‍යවහාර එකතු කරල මේ කතාව වෙනුවෙන්ම හදාගත් අමුතුම භාෂාවක් මිසක් කළු ගං දෑළේ පැරණි භාෂාවම නෙමෙයි. තිර රචනයේ වගේම ඇඳුම් පැළඳුම් ආදියේත් නොගැලපීම් එමටයි. රඟපෑම් හොඳ වුවත් මේ අඩුපාඩු නිසා රඟපෑම් නාස්ති වෙලා වගේ දැනෙනවා.

කඩුල්ල හදපු කාලයේ තරම් පහසුවෙන් දැන් මේ වගේ කතාවකට අවශ්‍ය කරන පසුතල හොයාගන්න අමාරුයි. ඒ වුණත්, නළුවෙක්ගේ ඇඳුමක ඇඟක මඩ කුණු ටිකක් තවරන එක වගේ පොඩි දෙයක්නම් කරන්න බැරිකමක් තියෙන්නේ හේතුවක් නැහැ.

කොයි තරම් අඩුපාඩු තිබුණත්, කතා කරන්න තරම්වත් දෙයක් නැති ටෙලි නාට්‍ය හැදෙන කාලයක මේ තරම් හෝ දුරකට වැඩේ ගොඩදාගෙන තිබීම අගය කළ යුතුයි. මේ කණ්ඩායමේම හෝ වෙනත් කණ්ඩායමක කවුරු හෝ කෙනෙක් ඉදිරියේදී හෝ තොටිලි වැට විතරක් නෙමෙයි කඩුල්ලෙ ලී වැටත් පැනලා කළු ගඟ දිගේ උඩු ගං පීනන වැඩේට හරියට අත ගැහුවොත් එය නාස්තියක් වෙයි කියා මම හිතන්නේ නැහැ.

(Image: https://livelearnloveeat.com/2017/05/18/big-boy/)

15 comments:

  1. 34 කොටසෙදිද කොහෙද ලයිසගේ අම්මා කියනවා "බකංනිලං ඉන්නැතුව පලයන් කියලා". "බකං නිලං" කියන පද පෙරලිය වහරට එකතුවෙන්නෙ විසිවන සියවසේ අන්තිම හරියෙදි වගේ වෙන්න ඕනා...

    හොඳ උත්සහයක් කළු ගගේ දිය කරලා හැරලා කියලා හිතෙනවා ඒවගේ අඩු පාඩු දකිනකොට..

    ReplyDelete
  2. බ්‍රිතාන්‍ය පාලනය නිසා ලංකාවේ වැඩවසම් පාලනය බිඳවැටී ධනේශ්වර සමාජයක් ගොඩනැඟුනා.
    ඒ සමඟම ධනපති පන්තියට එරෙහිව නිර්ධන පන්තිය ගොඩනැඟෙන්න පටන් ගත්තා.
    එහි නායකත්වය නිතැතින්ම උරුම වුනේ උගත් ක්‍රිස්තියානි කම්කරුවාටයි.
    මේ නිසා බියවුනු ධනපතියෝ ක්‍රිස්තියානි විරෝධි පානදුරාවාදය වැනි ක්‍රියාකාරකම් වලට උදව් කලා.

    1953දී වාමාංශික ව්‍යාපාරය සාර්ථකව හර්තාලයක් සංවිධානය කලා.
    මේ නිසා බියවුනු ධනපතියෝ සිංහල රාජ්‍ය බාශාව කර ජාතිවාදය ඇවිස්සුවා.

    1980දී වාමාංශික ව්‍යාපාරය සාර්ථකව ජූලි වර්ජනය සංවිධානය කලා.
    මේ නිසා බියවුනු ධනපතියෝ 83 කළු ජූලිය ඇතිකර ඉතා අහිංසක දෙමළ මිනිස්සු කෝටියක් පමණ ඝාතනය වීමට සැලැස්සුවා.

    බලන්න ධනපති පංතිය වීදුරු වගේ කොයි වෙලාවේ කැඩෙයිද දන්නේ නෑ.


    ReplyDelete
    Replies
    1. ///බ්‍රිතාන්‍ය පාලනය නිසා ලංකාවේ වැඩවසම් පාලනය බිඳවැටී ධනේශ්වර සමාජයක් ගොඩනැඟුනා.///

      ජගත්, ඔබ ඔය කියන වැඩවසම් ක‍්‍රමය කියල කියන්නෙ මධ්‍යතන යුරෝපයේ පැවති භූමිය පදනම් කරගත් දේශපාලන සමාජ ආර්ථික ක්‍රමයක්, රෝම ශිෂ්ටාචාරයෙන් පසු යුරෝපයේ ෆස්ට් ටයිම් මේ අර්ථ ක‍්‍රමවේදය ඇරඹුණේ ප‍්‍රංශයේ නෝමන්ස්ලාගෙ ආගමනයෙන් පසුයි. ඒ එක්සත් එංගලන්තයට හඳුන්වා දුන්නෙ පළමු විලියම් ඉංග්‍රීසි රජුයි. යුරොපියන් වැඩවසම් සමාජයේ ප‍්‍රධානියා වූයේ රජු වුණත් රජා යටතේ රදළ ලෝඩ්ස්ලා, ප‍්‍රවේණි දාසයන් /වහලුන් ලෙස සමාජ ස්ථර දෙකකට බෙදී භූමිය රජුගේ ඒකාධිකාර බලයට යටත්ව රජුගේ පරම ආධිපත්‍යය යටත් භූමියේ කොටසක් තමන්ගේ පුද්ගලික අවශ්‍යතා සඳහා යොදා ගත් අතර තව කොටසක් කිතුණු දෙවස්ථානයේ පැවැත්ම සඳහාත් ඉතිරිය රදළ ලෝඩ්ස්ලාගේ යැපීම සඳහා තිබුණි. රදළ ලෝඩ්ලා වෙනුවෙන් වෙන් වූ බිම්පෙදෙස් රාජ්‍ය පාලනය සඳහා වූ රාජ්‍ය අය - භාර ලබා ගැනීමේ ආදායම් මාර්ග ලෙසින් යූස් වූ බැවින් රජු රදළ ලෝඩ්ලා වගා කරවනු ලැබූ භූමි පෙදෙස්වලින් ලබන ආදායමෙන් කොටසක් බදු ලෙස අයකර ගත්ත.

      යුරොපියන් රදළ ලෝඩ්ලාට බිම් ලෙස ඉඩම් පැවරීමේ බේසික්ම මූලික බේසිස් එක වුණේ අදාළ රදල ලෝඩ් රජුට ඉතාම හිතවත් සහ ලෝයල් / විශ්වාස කටයුතු වීමයි. රජතුමා රදලයින්ට ඉඩම් බිම් පැවරුමේ දී සදා රජුන්ට විශ්වාස කටයුතු කරන බවට දිව්රා ස්ඵුට කරගැනීමක් සිදු කළා, රදළ ලෝඩ්ස්ලාට මහා පරිමාණ ලෙස පැව මේ හෝල්සේල් බිම් ඉඩම් ලැබූයේ පැරණි ලංකාවේ නින්දගම් වගේමයි.

      මහරජාගෙන් රාජ්‍ය ඉඩම් ලද්දන් සාමි ලෝඩ්ලා / බැරන්ලා වුණා, රජාගේ ආණ්ඩුවෙන් ලැබුණු මේ බිම් ගැන රදල ලෝඩ්ලාට අතිමහත් පාලන බලයක් පැවරුනා. බිම්කොටස් ලැබීමෙන් පසු අදාළ භූමි පෙදෙස්වල පරිපාලන අද්මිනිස්ත්‍රාසිකාර/ ජුඩීශල් අධිකරණ බලයකුත් මොවුන්ට හිමිවුණා. ඉතින් ජගා මේ නින්දගම් වල වූයේ බිම්කොටස් හිමි වංශාධිපති ලෝඩ්ස්ලාට අවේණික බදු ක‍්‍රමයක් නිසා අධිකරණ/ පරිපාලන කටතු ම්ය් ඕව්න් මෙතඩ් ලෙස ඕනෑ හැටියට සිදුකලා.

      ඒ කාලෙ හියුමන් රයිට්ස්වල මූලික මිනිස් අයිතිවාසිකම් කියා කිසි මගුලක් තිබ්බෙ නෑ. ලෝඩ්ස්ලා බිම්කොටස් වල රාජ්‍ය රෝයල්ටි භාරය සඳහා බදුමුදල් ගෙවීමට අමතර ව සිදු කළ යුතු විශේෂ රාජකාරියක් වුණේ රජුගේ ආරක්ෂාව/ ග්ලෝරි එක වෙනුවෙන් සන්නාහ සන්නද්ධ යුද්ධ සේවා වෙනුවෙන් නයිට්වරුන්/ හේවායින් නඩත්තු කරමින් බැරන්වරුන් සමග යුදපෙරමුණට ගෙනයාමයි.

      යුරෝපියන් වැඩවසම් සමාජ ක්‍රමයේ බැරන් ලගෙන් පසු ඊලඟ සමාජ තත්ත්ව ලැබුණේ නයිට්වරු කියන ප්‍රවීන යුධ සෙනෙවියන්ට. බැරන්වරුන් තරම් ධන ධාන්‍යයෙන් පොහොසත් නොවුනයිට්වරු කියන රදළ සෙට් එක කළේ බැරන්වරුන් මහරජුගෙන් හිමිකරගත් බිම්කොටස් වගා කරමින් තම අවශ්‍යතාවට යම් ඉඩම් ප‍්‍රමාණයක් වෙන් කර ඉතිරිය ප‍්‍රවේණි දාසයන් /වහලුන්ව ලවා වගා කෙරෙව්ව. නයිට්වරු ගෙව්ව ප‍්‍රධාන ක්‍රමය සන්නද්ධ හමුදා සේවය මගින් රජාගේ හමුදාසේනාව තුලයි. හමුදා සංවිධානය, මහුදා පුහුණු පරිපාලන ක්‍රියා නයිට්වරුන් කරන ගමන් රදළ ලෝඩ්ලාගේ නින්දගම ගෙවල් සේෆ්ගාඩ් කිරීමත් කරන්ට වුණා.

      යුරොපියන් මැදිකාලීන නයිට්වරු තම බිම් දාසයින්/ වහලුන් ලවා වගාකර වහලුන්ට/ දාසයින්ට යාන්තම් ජීවත්වීමට ප‍්‍රමාණවත් කුඩා බිම් කැබලි දී තිබුණා. දාසයින්/ වහලුන් ඒ කුඩා බිම්කඩ වෙනුවට තම මුළු ජීවිතකාලයම නයිට්ව කාරයාට නොමිලයේ සේවය කරන්ට බැඳී හිටියත් වහලාට හිමිකම්/ අයිතිවාසිකම් මුකුත් නැතුව උපතින් ම උපන්බිමේ හිරකාරයෙක් වෙලා උපන් නින්දගමෙන් පිටවීය නොහැකි පෞද්ගලික දේපල කිසිවක්නැති අධ්‍යාපන හිමිකමක් කිසිම වරප‍්‍රසාදයක් ද නැති සාක්ෂරතාවක් නැති රදලයින් විසින් ස්ත‍්‍රී පුරුෂ, බාල, මහලු භේදයකින් තොරව ප‍්‍රවේණි දාසයින්ගේ ශ‍්‍රමය උපරිමයෙන් සූරාකෑමට කටයුතු කළා. ප‍්‍රවේණිදාසයා / වාලාගෙන් තමන්ට ලැබෙන සේවා පිළිබඳ ව සෑහීමට පත් නො වන රදලයින්ට තම වහලුන්ට ඉතා බරපතල දැඩි දඬුවම් දෙමින් ඒත් නැත්නම් තම ප‍්‍රවේණි දාසයා වෙනත් අයෙකුට විකුණාදැමිය හැකි නිසා ප‍්‍රවේණි දාසයා ඉඩම් හිමියා රදල ලෝඩ්ලාගේ ම පර්සනල් ප්‍රොපටි එකක් වූ අතිශයින් කටුට හිරිකිත ජීවිත ගතකලා. මේ යුරොපියන් වැඩවසම් ඉස්ටැයිල් එකයි.

      Delete
    2. කෙසේ නමුත් පැරණි හෝ මැදිකාලීන සිංහල ශේශයේ (ලංකාවේ) "වැඩවසම්" ෆියුඩල් ක්‍රමයක් තිබ්බා කියා ඔබ කියන්නේ කොහොමද ජගත්? දැන් ජගත් මැදිකාලීන ලාංකික සිංහල සමාජය ගත්තොත් අපිට භාරතීයය මේන් කල්චර් එක අඩු/ වැඩි වශයෙන් බලපා ඇතත් බොහෝදුරට භාරතීය පාලන අර්ථ ක‍්‍රම ආභාස අනුව මහරජ තුමා රාජ්‍ය පාලනයේ දී රටේ පැවති චාරිත‍්‍ර වාරිත්‍ර සිරිත් විරිත් / පාරම්පරික සංස්ථානුකූලව බෞද්ධ සංකල්ප බලපෑම මත රාජ්‍ය බලය ආරක්ෂා කරගැනීම සඳහා ක්‍රියා කළා.

      සිංහල රජාලට ස්ථාවර යුද්ධ හමුදා වෙනුවට කුඩා රජුගේ බොඩිගාඩ්ලා ලෙස ස්ථාවර කුඩා සේනාවක් විතරක් තිබ්බ. රජා පිස්සු කෙළිමින් සිරිත් විරිත් සම්ප්‍රදාය කඩකරද්දි යටත් වැසියන් කැරලි ගසමින් යුද්ධ කළා. පැරණි ලංකාවේ සෙල්ෆ් සෆිශන්ට් ස්වයංපෝශිත අර්ථ ක‍්‍රමඅනුව හුවමාරු/ අත්තම් ක‍්‍රම මූලිකව කුල ක‍්‍රමය සහිත සමාජ ව්‍යුහය සකස් වෙලා රටම ඉඩමක් නම් එහි පරම අධිපති මහරජා වුණත් රටවැසියන් හිමිකරගෙන වගාකල ඉඩම් වලට රජුගේ බලපෑම සීමිත වුණා. අයිතිකරුවන් නැති බිම් රජුගේ අයිතිය වුණා. ප‍්‍රවේණියෙන් හිමි වූ බිම් කොටස් උසස් ම දේපල අයිතිය වුනා. බිම් ඉඩම්/ එහි දේපල අයිතිය ලැබුණේ කළසේවය/ රාජකාරිය මත බේස්වෙලා.

      සිංහලේ රාජකාරි ක්‍රමය පදනම් වූයේ පුද්ගලයා මත නොව බිම්කොටස් මතය. බිම්හිමියා සේවා සැපයීමට නොහැකි / අකමැති නම් බිමේ භුක්තිය අත්හැර යායුතුවිය. රාජකාරි කළ යුතු වූයේ පිරිමින් විතරයි. කාන්තාවන් පොදු රාජකාරි ක්‍රමයයෙන් නිදහස් වුණත් කතුන්ට වෙන් වූ රාජකාරි ලෙසින් පැවතියේ දේවාල ආලත්ති වැනි ක්‍රියා ටිකක්, ඒ වෙනුවෙන් දෙවොල් බිම්කොටස් ලැබී තිබුණා.

      සිංහලේ වහල් සේවාවක් පැවතියයි සාධක තිබුණත් ජගත් භාරත දේශයේ පැවති ක‍්‍රමයට සමාන ක‍්‍රමයක් වියයුතුයි.සිංහලේ දාස භාවය යුරෝපියන් නිදසුන්වලට වඩා බෙහෙවින් වෙනස් වුණේ වහල්/ දාස ස්වාමි-සේවක මානවීය සබඳකම බේස් කරගෙනයි.

      දාසයන්ගේ යැපීමට සිංහල රදළ ස්වාමිවරුන් ඉඩකඩම් සහ මී/එල ගවයින් පවරා මනාව නඩත්තු කල නිසා සිංහලේ දාසයින් නම්බුවෙන් හැරෙන්නට අන් සියලු කරුණු අතින් සිය ස්වාමිවරුන්ට පහත් නො වූ බව පැහැදිලි වුවත් මේ ක‍්‍රමය නොසලකා හැර කටයුතු කළ තක්කඩි ස්වාමි වරුන් සිටි බවට විස්තර නැතුවාම නොවේ. කොහොම වුණත් සමස්තයක් ලෙස සිංහල රටේ පැරණි දාසයන් යුරොපියන් දාසයින්/ වහලුන්ට වඩා ඉත නිවහල් නිදහස් සැහැල්ලු දිවිපෙවතක් ගත කළ බව මනාව පැහැදිලි කොට තිබේ.

      ඉතින් ජගත් ඉහත කරුණු සලකා බැලීමේදී පුරාන ලංකාවේ සිංහලයින් අතර යුරෝපයේ පැවති ආකාරයේ දැඩි පරිපාලන ව්‍යුහයක් නොපැවති බවත් මේ රටෙහි වැඩවසම් ක‍්‍රමය ක‍්‍රියාත්මක නොවූ ආඅතර වඩා නිදහස් වෙනත් රාජකාරි ක්‍රමයක් තිබී ඇත.

      වැඩවසම් ක‍්‍රමවේද ලංකාවට import කිරීම ඉංග්‍රීසින් සිදුකලා ජගත්. තමයටත් කොලොනිවල වැසියන්ගේ ආත්ම ශක්තිය සහ ආත්ම විශ්වාසය බිඳ හෙලා ඔවුනගේ එඩිතරභාවය මැඩලීම වෙනුවෙන් විවිධාකාර උපායන් අනු ගමනය කළ අයුරු ඉංග්‍රීසින්ගේ යටත්විජිත කොලෝනියල් ඉතිහාසය අධ්‍යනය කිරීමෙන් පෙනෙයි.

      ලංකාවේත් ජගත් 1832/33 කෝල්බෲක් කොමිසම රාජකාරි ක‍්‍රමය අවලංගු කරන්ට නිර්දේශ කළේ වැඩවසම් ගතිලක්ෂණ ඉවත්කිරීමේ උදාර අරමුණකින් ලෙස බොරුවට හැඳින්වුවද සත්‍ය කතාව වූයේ සාම්ප‍්‍රදායික සිංහල ස්වයංපෝශිත අර්ථක‍්‍රම විනාශ කර මේ පදනම කුඩුකිරීමයි. පස්සෙ 1848/49 මුඩුබිම් පණත කරන්නේ රාජ්‍යයත්, රටවැසියාත්, භූමියත් අතර තිබූ දීර්ඝ කාලීන සම්බන්ධතාව බිඳ ලක්වැසියාට අයිතිවාසිකම් කීමට නොහැකි සියලු ඉඩම්/ බිම්කොටස් රාජසන්තක කිරීම මගින් ඉංග්‍රීසි අධිරාජ්‍ය සඳහා රාජ්‍ය අය භාර අඩුකරවැවිලි ආර්ථිකක් නිර්මාණය කොට සියල්ල විනාශ කරදැමීමයි.

      ලංකාව තුල ව්‍යවස්තා වෙනස්කම් සිදුකරමින් අධ්‍යන සිදුකල ඇතැම් රදල ඉංග‍්‍රීසී නිලධාරීන් තමන්ගේ හීනමානය නිසා තමන් උසස් ශිෂ්ටාචාර ගතවීමටත් පෙර සිට ඉතා උසස් සංස්කෘතියට හිමිකම් කී ලාංකික ස්ංහලයන්ගේ මාන්නය බිඳ දැමීමත් තම යටත් ජාතීන් තමන්ට වඩා පහත් තත්ත්වයේ අයෙකු ලෙස සමාජගත කිරීමටත් විවිධ සටකපට උපක‍්‍රම අනුගමනය කළහ. එබැවින් පැරණි සිංහලේ පැවති පරිපාලන ව්‍යූහය ඔවුන්ගේ පැරණි මධ්‍යකාලීන අශිෂ්ට අර්ථක‍්‍රම වූ වැඩවසම් ෆියුඩල් ක‍්‍රම හා සමගාමීව සමාන කරන්ට ඔවුහු උත්සාහ දැරූ අතර ඔවුන් බලාපොරොත්තු වූවාටත් වඩා ඉහළින් දීන වූ ආත්මාභිමානයක් හා හීන වූ ආත්ම-විශ්වාසයෙන් යුතු වූ පරගැතිලාංකික දීනයන් විසින් එම කාර්යය විධිමත් කළා. එහිම ප‍්‍රතිඵල ලෙස අද විශ්ව විද්‍යාල පද්ධතියෙහි පවා ඇතැම් පරගැති දීන ආචාර්ය මහාචාර්යවරුන් මේ වැඩවසම් මිථ්‍යා කථාව භාවිත කරමින් තවදුරටත් අවිද්‍යාවෙහි ගැලී සිටින එක දුකට හේතුවකි.

      Delete
  3. //කොයි තරම් අඩුපාඩු තිබුණත්, කතා කරන්න තරම්වත් දෙයක් නැති ටෙලි නාට්‍ය හැදෙන කාලයක මේ තරම් හෝ දුරකට වැඩේ ගොඩදාගෙන තිබීම අගය කළ යුතුයි//

    මමත් ඉන්නෙ මේ ස්ථාවරයෙ. මේ නාට්‍යය , මට නං කතරට වැටිච්ච අකල් වැස්සක් ගානයි. කතාවට තේමා වෙලා තියෙන්නෙ අපේ ගම් පලාත්.අඩුපාඩු පෙනුනත්, එව්වා ගැන හිතන්න යන්නේ නෑ , ඒක කතාව රස විඳින්න බාධාවක් නිසා.

    ඉකොනමැට්ටා මේ ගැන ලියන තුන්වන ලිපිය නිසා, මාත් සාකච්චාවට සහභාගි වෙන්න හිතුවා. විශේෂයෙන්ම මේ ධනාත්මක විවේචන එන්නෙ කතාව හොඳ නිසයි. ඒ අඩුපාඩු මඟහැරගත්තා නම් කොච්චර හොඳද කියල නොහිතෙනවත් නෙමෙයි. ඒත් පර්යේෂණ කරලා ,ඓතිහාසික නිවැරදි විදිහට කරන්න ගියා නම් නාට්‍යයේ වියදම ඉහල යන්න ඉඩකඩ තියෙනවා. ඒ නිසා මේ තරමින් සෑහීමටපත් වෙනවා.

    අපේ පැ‍රැන්නො කියන විදිහට , කරත්ත රස්සාවට කස්ටිය ගිහින් තියෙන්නෙ නඩ විදිහට, හොර-හතුරු කරදර නිසා. කරත්ත කවි, සසඳ කවි බිහිවෙලා තියෙන්නෙ ඒ ආශ්‍රිතව.

    කම්මල තිබෙන තැන පල්ලම බස්සනවා
    යන්නට හෙමින් පිට දීලා නවතනවා
    රයිගම දෙපාවේ පාලම පසුවෙනවා
    කොයි හැටි ගියත් කොතලාවල නවතිනවා

    කොළඹ කො‍ටුවෙ කො‍ටු දොරකඩ තාප්පේ
    ඩකු ඩුකු ගගා බිම පෙරළෙන පීප්පේ
    එගොඩ ගොඩේ රා විකුණන කෝප්පේ
    දෙනවද අක්කෙ ඔය පුච්චන ආප්පේ

    බත උයලා කාබී අපි සිත අයුර
    තණ කවලා ගොන් දෙන්නට දී වතුර
    නතර වෙලා අද රෑ ගාලෙහි වැතිර
    එළිවෙන ජාමෙ පිටවී යමු හිත මිතුර

    බැඳලා විය බාන ගොන් දෙන්නගෙ කරට
    මැනලා ගනිමු බෝතලයක් සිලිමකට
    බෙදලා බොමුව හැම දෙන එක්ක හරියට
    කොතලාවල පසුකර මිතුර හනිකට

    ReplyDelete
    Replies
    1. //විශේෂයෙන්ම මේ ධනාත්මක විවේචන එන්නෙ කතාව හොඳ නිසයි.//
      ඔව්. මෙහි පෙන්වන අඩුපාඩු තිබුණත් හොඳ නිර්මාණයක් කරන්න සෑහෙන මහන්සියක් වෙලා තියෙනවා. ගන්නම දෙයක් නැති එකක්නම් විවේචනය කිරීම සඳහා හෝ බලන එක කාලය නාස්ති කිරීමක් පමණයි.

      //ඒත් පර්යේෂණ කරලා ,ඓතිහාසික නිවැරදි විදිහට කරන්න ගියා නම් නාට්‍යයේ වියදම ඉහල යන්න ඉඩකඩ තියෙනවා.// මේ කොටසටනම් එකඟ නැහැ. වැඩිම වුණොත් දවසක් අන්තර්ජාලය පිරික්සා කරුණු හෙවුවනම් තිර පිටපත වාර්තාගත ඉතිහාසය සමඟ ගලපන්න තිබුණා. එය වියදම් යන වැඩක් නෙමෙයි. හොඳ නිර්මාණයක ඓතිහාසික කරුණු වැරදියට පෙන්වූ විට හානිය වඩා වැඩියි. එසේ නැත්නම් කතාවට අත්‍යවශ්‍ය නොවන ඓතිහාසික කරුණු දෙබස් ඇතුලෙ සෘජුව මතු නොකර යට ගැසිය යුතුයි. මම මේ දේවල් ලිවුවේ ඉදිරියේදී වුවත් ඓතිහාසික පසුබිමක නිර්මාණ කරන්න හිතාගෙන ඉන්න අයට හිතා බලන්නයි.

      //අපේ පැ‍රැන්නො කියන විදිහට , කරත්ත රස්සාවට කස්ටිය ගිහින් තියෙන්නෙ නඩ විදිහට, හොර-හතුරු කරදර නිසා. කරත්ත කවි, සසඳ කවි බිහිවෙලා තියෙන්නෙ ඒ ආශ්‍රිතව.//
      ඔබ හරි. කවි ටිකට ස්තුතියි! දැන් ඔය කවි ටිකේ වුවත් සෑහෙන තොරතුරු ටිකක් තියෙනවා.

      Delete
    2. ඉකොනොමැට්ස්, මෙව්වා ජනකවි නෙවෙයි පස්සෙ කාලෙක මොකෙක් හරි ස්කූල් එඩුයුකේටඩ් අපතයෙක් ලියපු ප්‍රබන්ධ කවි ටිකක් වියයුතුයි. (E.g. කොතලාවල පසුකර මිතුර හනිකට) ජනකවි වල තියෙන සරල/ අව්‍යාජ, සුගම, පැරණි ගැමි බස් වහර සමග ආවම තමයි ජනකවිවල සුන්දරත්වය කොලිටිය සහ ආතල් ස්වභ්හවය මැනැවින් හිතට දැනෙන්න ගන්නෙ.

      Delete
  4. මේ ඓතිහාසික කරුණු, සොයා ගැනීමට ඉතා අපහසු කරුණු ලෙස පෙනෙන්නේ නෑ... ඒ නිසා මම නම් හිතන්නේ පොදුවේ ටෙලිනාට්‍යවලට ලබා ඇති කලදසාව අනුව දැනට තියන දේවල් වලට වඩා ටිකක් හොඳ දෙයක් නිර්මාණය කරනවා මිසක 'හරියටම' වැඩේ කරන්න පෙළඹිලා නෑ.

    මට නම් නිර්මාණයක් හිතට අල්ලලා යන්න ඔය වගේ කරුණු ඇතුළුව තාක්ෂණික කරුණුත් බලපානවා. මේ කතාවේ ගලායාම හරිම මන්දගාමීයි (තාම කොටස් 7යි ). අතිශය මන්දගාමී බව චිත්‍රපටයක, නාට්‍යයක මම අකමැතිම දෙයක්. ඩ්‍රෝන වලින් ගත් එකම ආකාරයේ දර්ශන විශාල වශයෙන් භාවිතා කරනවා. ඒ වගේම පසුබිම් කවි වල වුණත් භාවිතය ඕනවට වඩා වැඩියි කියලා මට හිතෙන්නේ.

    ReplyDelete
  5. As I told in a comment on the previous post, the anachronisms in the speech of the British in early to mid 19th century SL ( for instance, the use of 'OK') and their dress too are quite irritating. In fact, even in Sinhala speech there are out of time words and expressions.

    However, I agree with DGM B regarding the rarity of these tele dramas. Everything is relative. Compared to the usual run of Sinhala tele-dramas, most of the historical ones are watchable. Well, I do not watch non- historical or non-nostalgic Sinhala Tele-dramas. So, I tend to compare with stuff like Victoria, Last Kingdom, Vikings, Downton Abbey, Tudors, Nightfall and such like. That isn't fair, I know.

    But, I agree with econ's reply too about the cost. Quite a lot of mistakes are due to carelessness and poor quality control. Not all jarring stuff is due to budget constrains.

    ReplyDelete
  6. Dear Economatta,

    Please refer below self-explanatory article at Sunday Times and could you kindly elaborate this and publish more detailed post explaining the facts related to development economics since I'm pretty poor in English and could not understand the contents of this article, and it would be helpful to the other blog readers as well.

    ඉකොනො මේක ගැන විස්තරාත්මක පෝස්ට් එකක් පළකරන්න හැකි නම් බොහොම අගෙයි.

    උපුටා ගැනීමකි;

    //Five Myths and Related Facts About China’s Much Talked About Loans to Sri Lanka.

    MYTH 1: Chinese lending is commercial.

    FACT: Since 2012 most Chinese lending is concessionary.

    In the last five years Sri Lanka’s loans from China EXIM Bank, amounting to 3.1 billion dollars, were all concessionary – fixed at 2%.Sri Lanka also borrowed 400 million dollars from China Development Bank in 2014 at near commercial rates (roughly between 3-5% ).

    For context, Sri Lanka’s borrowings from international markets are more expensive, generally over 5%. On the other hand,China’s concessionary finance is still a fair bit dearer than World Bank, ADB or JICA loans. For example, interest payments on the one billion dollar Hambantota port cost about 25 million dollars per year while interest for the JICA funded 1.7 billion dollar LRT is expected to cost 17 million per year. This difference is not minor. Over the years small annual payments can add up. So far, Sri Lanka has paid 31 million dollars in interest alone for the 200 million dollar Mattala airport.

    Note, also, that prior to 2013 many of China’s loans were at commercial rates – above 6 % – including the Katunayake Expressway and Hambantota Bunkering Facility.

    MYTH 2: Only China builds white elephants

    FACT: India also builds them. Instead of blaming others, we need to blame ourselves.

    Sri Lanka’s China funded white elephants – the Hambantota port, Mattala airport and Lotus Tower – cost nearly 1.4 billion dollars, amounting to 17% of Chinese loans. Fortunately, it appears that these losses are now being contained through leases.

    But India funded white elephants too. Only one train runs between Medawachchiya and Mannar. The railway line, built with Indian concessionary finance,cost 164 million dollars. The variable interest rate loan is currently priced at 3% per year. Locals report that fewer than 200 people use it a day. This is no surprise. Mannar town is a backwater of 72,000 souls. The line only makes sense as a link to India, which is why it was built in the first place. As argued elsewhere, this railway would be a perfect complement to a ferry or the long, long overdue Indo-Lanka bridge.

    Ultimately, lenders –motivated by altruism, profit or influence – will lend. The responsibility to borrow prudently and invest wisely is our own. Even Japan, the most benevolent of our bilateral lenders, keeps trying to lock us into Japanese suppliers. Examples include the ISDB television standard and monorail. Whether Sri Lanka likes it or not, any white elephants are ultimately the country’s own responsibility. That is what it means to be sovereign.

    MYTH 3: China’s loans only focus on Hambantota

    FACT: Now they flow to Polonaruwa too.

    Nearly a third of China’s lending to Sri Lanka was spent in Hambantota. Of China’s 8.2 billion dollar lending to Sri Lanka 2.6 billion went into the Hambantota area. However, now it is Polonnaruwa’s time to eat. In the External Resources Department’s borrowing plan for 2018, nearly half of China’s loans are allocated to agriculture and irrigation in Polonnaruwa. We need to focus on building infrastructure for export-oriented, knowledge-based growth – industrial parks, a second runway at Katunayake and electrifying our railways and not on borrowing that confines our people to low-productivity and precarious subsistence agriculture.

    ReplyDelete
    Replies
    1. MYTH 4: China’s loans come with no strings attached.

      FACT: China can play at puppeteer too.

      China’s claim to fame in much of the backward world was its policy of non-interference in domestic politics and policy. We now know that this is humbug. Although it is unclear whether payments by Chinese SOEs into Rajapaksa foundations and campaign funds were for commercial or strategic influence, what is clear is that Chinese money was used to influence domestic politics and the integrity of our elections.

      The clumsiness of Xi Jinping’s reported ‘gift’ of 295 million dollars for a project of the Head of State’s personal choice is another case in point. In a democracy, especially one with a Cabinet form of government, placing funds at the President’s personal disposal is odd enough. But this is to be expected.

      All great powers use money to gain influence or have done it in the past. As Ian Paisley’s suspension shows, the Sri Lankan Government is no exception.

      Moaning and groaning may be helpful. But we cannot depend on the goodwill of others. The only sustainable protection for our democracy is transparency, sound laws and vigorous enforcement.

      A start is thorough investigation and action both by the police and Parliament’s Ethics and Privileges Committee. In addition, the immediate amendment of the Asset Declaration Act (to make the declarations public), complemented by a register of interests is a must.

      MYTH 5: Sri Lanka is trapped by Chinese debt

      FACT: Sri Lanka owes more to US investors than to China.

      Loans from Chinese banks only account for 10 % of Sri Lanka’s overseas debt. But official statistics show that 39 % of Sri Lanka’s overseas debt is borrowed from international markets – largely US based institutional investors. That said, Chinese loans account for a very large proportion of debt maturing in the next few years – perhaps explaining some of the concern.

      Our debt problems are not really about excessive borrowing. They are about borrowing and not investing wisely. It makes sense to borrow as long as the return we get is greater than the cost. Spending borrowed money on corruption and white elephants is one important reason why we have debtor woes.

      Our fate is in our own hands

      In conclusion, the fundamental problem with Chinese loans is not financing costs or debt traps. As extensively discussed by others, it is the lack of transparency, corruption, absence of competitive bidding and politically motivated project selection. True, if China were exceptionally benevolent all this would not occur.

      But we need to remember that China is as plagued by these problems within China as we are. It is a tall order to expect Chinese companies to play by one set of rules at home and another abroad – unless we compel them to do so. So we need to stop pointing fingers and realise that our fate and the enforcement of our law is, above all, in our own hands.

      (Loan data, available at the author’s twitter @danielalphonsus, is from the External Resources Department. Other statistics are from Ministry of Transport Performance Report 2014 and the External Resources Department Performance Report 2017.

      The writer wishes to acknowledge the External Resources Department’s exemplary service. They fulfilled his RTI request in its entirety within four days of emailing)//

      උපුටා ගැනීම අවසන්...

      SOURCE: Sunday Observer (By Daniel Alphonsus)

      Delete
  7. එන්ගලන්තෙ ජෙම්ස් බෲක් මහත්තයා හදාපු කනෙක්ශන්ස් කතා මාලාව මතක් වුනා...https://en.wikipedia.org/wiki/Connections_(TV_series) එකක් ගඇන කතා කරලා ඊට වඩාවටිනා ඊටම සම්බන්ද තව දෙයක් ගැන විස්තර කිරිල්ල...

    ඒ වගේම අන්තර්ගතය කියවනකොට Nobodies to somebodies පොත ත් මතකයට ආවා...

    ReplyDelete
    Replies
    1. ආචාර්ය කුමාර,

      ජේම්ස් බෲක් ගේ කනෙක්ෂන්ස් වැනි කතා බැලූවත්, ලෝකෙ පුරා ඇවිද්ද පලියට, මයිග්‍රේට් කල පළියට ළිං මැඩි මානසිකත්වය වෙනස් නොවේ. ලංකාවේ ගෝත්‍රික ළිංමැඩියන් මෙන්ම සුද්දාට _කදී බටහිර රාජ්‍ය වෙනුවෙන් ප්‍රසස්ති ගයන වන්දිභට්ටයන්ද තවත් ළිං මැඩි පිරිසක් මිස ඇති වෙනසක් නැත.

      ඔබ දන්නවාද ඔබ ඔය ගරහන ශ්‍රී ලංකාව තමයි මහා බ්‍රිතානයෙන් පිට වැඩිම සීඅයීමේ ගණකාධිකාරී වරු සිටින රට , අද එංගලන්ත කොටස් වෙළදපොල හසුරවන පරිගණක පද්ධතිය සකසල තියන්නේ අපේ රටේ ශ්‍රී ලාංකිකයන්. එංගලන්තය මෙන්ම බොහෝ ධනවත් බලවත් රටවල ප්‍රධාන බැංකු වල ආරක්ෂණ පද්ධති සෑහූ අතිදක්ෂ ලාංකිකකයින් ලංකාවේ සිට සේවා සැපයූ බව ඔබ වැනි බකපඬි ළිං මැඩියන් නොදනී. (මෙනිසා ලාංකිකයන්පුහුණු ශ්‍රමයෙන් ප්‍රයෝජන ගැනීම වැදගත්.)

      ඔස්ට්‍රේලියාව වනාහී ලොව අනෙකුත් මහාද්වීපයන්ට සාපේක්ෂව හුදකලාව පිහිටි මහාද්වීපයකි. එහි ආදිවාසීන් වන ඇබෝරිජීන් වරුන් වසර දහස් ගණනක සිට එම රට තුල ජීවත් වුනු බවට සාක්ෂි සාධක එමට ඇත. විශේෂයෙන් හුදකලා රටක් වන එයට අතීතයේදී මිනිසුන් කෙළෙස සංක්‍රමණය වුයේද යන්න පවා ප්‍රශ්නාර්ථයකි. එලෙස වසර දහස් ගණනක් තමන් සිටි රටේ ඉතාමත් සුළුතරයක් බවට අද ඔවුන් පත්ව ඇත. මෙයට ප්‍රධාන හේතුව නම් වර්තමානයේ ඔස්ට්‍රේලියාවේ බහුතරය බවට පත්ව සිටින බටහිරින් පැමිණි සුදු ජාතිකයන් විසින් අතීතයේ ඔවුන් ඉතාමත් තාඩන පීඩන වලට ලක්කර ඔවුන්ව වහළුන් ලෙස තබාගෙන අමානුෂික ලෙස ඔවුන් ජාතියක් ලෙස වඳ කළ නිසාය. ඔස්ට්‍රේලියාවේ ඇබෝරිජීන් වරුන්ට සහ ඇමරිකාවේ ආදිවාසීන් වන රතු ඉන්දියානුවන්ටද අත්වුයේ එකම ඉරනමකි. අද ඔවුන් ඔවුන්ට අයිතිව තිබු රටේ සුළුතරයන් බවට පත්ව අතිශය ඛේදනීය ඉරනමකට පත්ව සිටිති. අවම වශයෙන් 1900 පමන වන විට ඇබොරිජීන් වරු මිලියන 20කට නොඅඩු පිරිසක් සමූලඝාතනය කර ඇත.

      අතීතයේ ඔවුන්ව යටපත් කළ හැකිව තිබුණත් දැන්දැන් ඔවුන්ද සංවිධානය වෙමින් ඉදිරියට පැමිණ ඇත. එයට ආසන්නතම අවස්ථාව නම් ඔස්ට්‍රේලියානු ජාතික දින සමරුවට පැමිණි අගමැතිනි ජුලියා ගිලාර්ඩ්ට ආදිවාසී ඇබොරිජීන් උද්ඝෝෂකයන් 200 දෙනෙක් පමණ එහි මහත් කලබලයක් සිදු කිරීමයි. එහිදී අගමැතිනියට කිසිදු අනතුරක් සිදු නොවු අතර ඇගේ පාවහන් යුවල එම ස්ථානයේ දමා පලායාමට සිදුවී ඇත.

      ඔසී රටේ සාර්ථකත්වයට ප්‍රධාන හේතුව එහි බහුලව පවතින ගලඟුරු, ඛණිජ, දියමන්ති ආකර ඇතුළු ස්වභාවික සම්පත් සහ ස්වදේශිකයන් සමූලඝ්හාතනයෙන් පසු ඉතිරි වූ සංක්‍රමණික සුද්දන් අඩු ජනගහණය නිසා සම්පත් බෙදීයෑමේදී ඇති වූ වාසියයි.

      අනිත් රටවල් ඔය හිතන තරම් සුන්දර නෑ. සෑම රටකම පුරවැසියන්ට ලැබෙන වරප්‍රසාද කිසිදු අයුරකින් ස/න්ක්‍රමණික පුරවැසියන්ට සම්පුර්ණයෙන් නොලැබෙන බව දෙනෙත් හැර බැලුවොත් ඔබට පෙනී යනු ඇත. සංක්‍රමණයෙන් උපන් හපන්කම් නසා අළුත් රටට ආවඩන වහලෙකු පමණක් බිහිකරයි. ඔබ ඊට ඇති හොඳම උදාහරණයයි.

      ශ්‍රී ලංකාවේ රජයෙන් දෙන නොමිලේ අධ්‍යාපනය සහ නොමිලේ සෞඛ්‍ය සේවය ලබන මුත් ඉන් කොන්වන යම් අදක්ෂ පුද්ගලයන් පිරිසක් කිසිදු සමාජ පිළිගැනීමක් නොමැතිවීමත් සුදුසු රැකියාවක් නොමැතිවීමත් ආදී සකලවිධ දුක් වේදනාවන්ගෙන් වියෝ වීම නම් වන කාරණයේදී සිතට එන පළමු විසඳුම විදෙස් රටකට සංක්‍රමණය වීම ය. විශේෂයෙන්ම ඔස්ට්‍රේලියාව වැනි වටිනා ඛනිජ පස් ස්වභාවයෙන්ම ලද රටවල්, නොර්වේ කැනඩා වැනි පෙට්‍රෝලියම් සහ වෙනත් අසීමිත ස්වභාවික සම්පත් ඇති රටවල් ඒවා කප කපා/ හාරා තෙල් රැගෙන චීනය ජපානය වැනි වෙහෙස වී කාර්මික නිෂ්පාදන කරන ධෛර්යමත් රටවලට විකුනා ජොලි කරමින් ජීවත් වන රටවල රාජ්‍ය අංශයේ අයිස් ජොබක්, නැතිනම් වෙනත් ශ්‍රමිකයන් හිඟ රැකියාවක් (උදා: කම්කරු, කශල ශෝධක සිට සම-ලිංගික ශ්‍රමිකයන් වැනි රැකියා දක්වා) ලැබ ජොලියෙන් සිටීමයි. ඇතැමුන් ප්ලේන් එකෙන්ද සමහරු බෝට්ටුවෙන්ද සංක්‍රමණ කරති.

      Delete
    2. මෙම ගොබ්බ සංක්‍රමණික අපතයින් මුලදී සැළියට වන් කකුළුවා මෙන් රැඟුවත් හැළිය රත් වී ආගන්තුක රටක දෙවැනි පන්තියේ පුරවැසියන් ලෙස විඳින්නට වන වේදනාව තේරුම් ගන්නට හැකි වන්නේ බොහෝ කල් ගතවූ විට ය. ඒ වන විට ගැලවී ගත නොහැකි තරමට ඒ උගුලට අසුවී සිටින බොහෝ අයගේ එකම පැතුම වයස්ගත වී හෝ නැවත මව්බිමේ පදිංචියට ඒම ය. පොදුවේ විප්‍රවාසී ශ්‍රී ලාංකියනගේ සිත් තුළ පැල පදියම්ව ඇති මේ වේදනාව දෙස ඔස්ට්‍රේලියාවේ වාසය කරන රසිකා පෙරේරා ගේ කිවිඳිය (Gay poet) හෙළන බැල්ම අපූරු ය.
      ____________________________________________

      අභිනිෂ්ක්‍රමණය . . . !

      දුක දනිමි...
      සීනුවට අවදිවී
      සීතලේ ඇඳ පැළඳ
      දුම්රියට දුව යෑම දුකක් ම ය.
      කළු කෝපි උගුරකින්
      ගිල දමා පාන් පෙති
      පරිඝණක තිරය මත ගල් ගැසී
      සංසාර චක්කරේ පැද යාම
      දුකක් ම ය.

      දුකට හේතුව දනිමි.
      කොමසාරු මැදුර ලඟ
      පෝලිමේ තෙරපිලා
      වීසාව අයැදීම හේතුව ය.
      විරැකියාවේ බරින් පීඩිතව
      ජනසවිය එපාවී දුර්මුඛව
      පලා නොම ගිය කරුණ හේතුව ය.

      දුක නැසුම මම දනිමි.
      මේ මහා තරඟයෙන් පලා ගොස්
      නිදන්නට හැකි වුනොත් දුක නැති ය.
      උපන් ගම රට වෙතට
      යලි ගොසින්
      ඉඳින්නට හැකි වුනොත්
      දුක නැති ය.

      දුක නසන මග දනිමි.
      දරුවනගෙ ඉගෙනීම ඉවර වී,
      ගේ උගස් ගිනුම අවසාන වී,
      පනස් පහ පසු වී,
      . . . . . . . . . . . . . . . . . . . .
      පැහැදිලි ය චතුර් සත්‍යය.
      අපැහැදිලි ය අභිනිෂ්ක්‍රමණය.....!

      ++++++++++++++++++

      ඔය රට ගිය ඇත්තෝ ගැන මරාවාදී කුප්‍රකට බ්ලොග්කාරයෙක් කාලෙකට කලින් පට්ට පෝස්ට් එකක් දාල තිබ්බ නේද? ඌ කියපු විදිහට ලංකාවෙ ඉපදිලා ලාංකික මහජන මුදලින් ඉගෙනගෙන පී.ආර්. අරන් පිට රටවල් වල ගිහින් ජීවත්වෙන සමහර උන්දැලාට ලන්කාවට ඇවිත් පම්පෝරි කියවන්න තිබුන චෑන්ස් එක මරා කල්ලිය බලයේ හිටපු වනචර දශකයේ වෙච්චි සංවර්දනේ නිසා නැති වුණාලු. බලන් ගියාම කතාවත් ඇත්ත. මතක ද ඒ කාලේ සමහර රට ගිහින් ආපු කස්ටිය ගේ පොර ටෝක්?

      "අපෝ මල්ලි ලන්කාවෙ යුද්දෙනෙ..., චික් මහ කාලකණ්ණි කවදාවත් ඉවර නොවෙන තුවාලයක් මේක...ඒකට ඔසී/ යූකේ / කැනඩා එක්සෙට්‍රා, ශාහ් මාරම පීස්ෆුල්, එහේ අය බෝමබ, තුවක්කු දැකලවත් නැහැ, මාර සේෆ්, ෂඃ අන්න රටවල්"

      මෙහෙ මේ අලි නාවන තඩි වලවල් තියෙන කෝපි කාලෙ පාරවල් වගේ ද එහෙ... ?
      අම්මට හුඩු යකෝ ගමන් යන්නෙ සුරුස් ගාලා හයි වේ එකේ නේ..., සීයට ඇරල යතහැකි ඕයි, පිස්සු හැදෙයි, මෙහෙනම් තව කල්ප ලක්ශයක් ගියත් ඒ වගේ පාරවල් දකින්න වෙන්නෙ නැහැ, අම්මප"

      "ශික් මේ ලන්කාවෙ පිරිසිදු කම අන්තිමයි නේ.. පාරෙ හැම තැනම කුනු.. කොළඹ අගනුවර වෙලත් කැත විතරක්, ගඳේ බෑ, අපූ... :( ඒ රටවලනම් පාරෙ බත් දාගෙන කතහැකි"

      "යකෝ මෙහෙ වගේද එහෙ මල්ලි... මහජනතාවට විනෝද වෙන්න..පාගමනේ වියායාම කොරන්න පබ්ලික් ස්පේසස් තියෙනවනේ..., මාරයි ඕයි, මෙහේ ඇති ලබ්බක් වත් නැහැ, හිකේ ශික්."

      දැන් ඉතින් ඕවා කාට කියන්නද.. 2005-2017 කාලෙදි ඔක්කොම ප්‍රශ්න වලට උත්තර දුන්නා නේද?ඉතින් ඉඳ හිටලා ලන්කාවට ඇවිත් මෙහෙ ඉන්න නෑදෑ හිතවතුන් ට දෙන්න තිබුනු පොර ටෝක් එක නැතිකොලාට පිටරටවල ඇම්ඹිටිල්ලන් මීයෝ වගේ ජීවත් වෙන ඈයො මහින්ද /ගෝටා එක්ක වෛර බැන්දා කියල තමයි මරාගෙ සට්ටැඹි බ්ලොගා ලියල තිබ්බෙ.

      අන්න ඒ නිසා මුන් කරන්නෙ මෙහේ මොකක් හරි පොඩි සීන් එකක් ඇදුන ගමන්

      "අම්මට හුඩු ලංකාවෙ ඔහොමම මයි, බට් ඒකට ඔසී වල, පුහ් බලන්න එපායැ" කිය කිය ගොන් පාට් ලෝකයක් අතාරින එක.

      ඒකටම හරියන රනිල් -හිටන් ඩබල - පාරෙ ඉරි කහ පාටෙන් සුදු පාට කොල එක තමා එකම සන්වර්දනේ..පාර පුරා කුනු.. හැමදාම පාරවල් වහලා විරෝදතා..., ඉතින් දැන් ඔය පිට රට ඉන්න ශ්‍රී ලංකන් කල්ලතෝනි ගොබ්බ රැලට ෆුල් ජොලි කිය්ලත් ඌ ලියල තිබ්බ....

      මොකෝ බැරිවෙලාවත් පිට රට පදින්චි වෙලා හිටියා කියලා ඒ රටවල සුද්දන් ගේ ඉන්ග්‍රීසි සන්ගමයක කතාවක් කොරන්න කියලා ආරාදනා ලැබෙනව ද?

      ලංකාවෙ අපිට කුණු විදිහට කැත කතා කියල මහ අසික්කිත විදිහට බැන්නට මේ සමහර රට ගිය හාදයන් ට ලන්කාවේ පුරුදු අත හරින්න බෑ... මතකයි නේ මලගෙවල් මගුල් ගෙවල් වල බලෙන් ම කතා පවත්වන සැට් එක....? මේ හාල්පාරු වහන්සේලා එහෙ ගිහිනුත් කොරන්නේ සිංහල සන්ගම් අටෝගෙන ගොන් පාට් දාන එක. සමහරක් ඔයි සින්හල සන්ගම් අටවා ගන්නෙම ඒ රටවල ආන්ඩුවෙන් මයිනෝරිටි සන්ස්කෘතීන් දියුනුවට වෙන් කොරනා ග්‍රාන්ට් එක කඩාගන්නමයි නේ.... දන්නවනේ ගෙදර ගෑනියි මිනිහයි සන්ගමේ සබාපති හා ලේකම්... ඒ වැනි සන්ගම් කීපයක් ම එකම් පවුලේ අතඩන්ගුවේ තියෙනවනේ හිටන්! අපොයි එපා කියලා අත හැරලා දාලා ගිය සින්හ්ලේ විකුනන් කන්නේ එහෙමයි හිටන්!

      හැබැයි ඒකට ලංකාවේ ඉන්න ළිං මැඩි අපි... ඉස්කෝලෙන් කැම්පස් එකෙන් එලියට ගියාට පස්සෙ සිංහල සාහිත්‍ය සංමේ කතා කරන්නවත් කතා අහන්නවත් යනවද?

      කසාද ගෑනි දෙන ආතල් මදි කියල දමලා ගහලා වෙන ගෑණියෙක් එක්ක පැනල ගිය එකෙක් හිටපු කසාද ගෑණිගේ අහවල් එක ගැන වොරි වෙනවා වගේ අමුම අමු ගොන් මීහරක් වැඩක් මේකනම්, ඔබ වැනි අමනයන්ට නම් Xකේ ඉඳන් පිස්සු.

      Delete
  8. @ Kumar Kaluarachchi,

    කුමාර් ඔබ මැ.කො. සමග වලියක් දාගෙන පෝස්ට් එකක් දමා තිබෙනු දැක්කා. ඒකෙ කමෙන්ට් පබ්ලිශ් නොකරන නිසා මගේ අදහස මෙතන දාන්නම් ඉකොනොමැට්ටා මහතාගේ ගරු අනුග්‍රහය යටතේ.

    කුමාර් දැන් මැකෝ ඇතුලු බොහෝ රැඩිකල්/ වාමාංශික පොරවල් වලට අනුව ලංකාවේ මැතිවරණ ක්‍රමයේ කාන්තාවන්ට තියෙන්නේ කුඩම්මාගෙ සැළකිල්ලක්. හැබැයි එ් ක්‍රමේ වෙනස් කරන්න මැතිවරණ කොමිසමේ සභාපති අපේ ඔය මැකෝතුමා ලොකු උත්සහයක් ගන්නවා. කුමාර් මිස්ටර් දන්නවද ඊළඟ ඡන්දෙහ්දි ඡන්දෙදි කාන්තාවන්ට වැඩි ඉඩක් ලබා දෙන්න මැ.කො. අලුත් වැඩක් පටන් අරන් තියෙනවා. (හැබැයි ඉතින් තියෙන දවස තමයි කේස් එක :D )

    එ් තමයි පිරිමි පුළුටක්වත් නැති මැතිවරණ මධ්‍යස්ථාන රට පුරා පිහිටුවන්න යන එක. මේ මැතිවරණ මධ්‍යස්ථානවල ජේෂ්ඨ ඡන්ද මධ්‍යස්ථානාධිපතිගේ ඉඳලා පහළම කම්කරුවා දක්වා ඉන්නේ කාන්තාවන් විතරයි. එ් ඡන්ද මධ්‍යස්ථානවල රාජකාරිවලට යොදවන්නේ පොලිස් කාන්තාවන් විතරයි. ජංගම මුරසංචාර සඳහාත් පොලිස් කාන්තාවන් විතරමලු යොදවන්නේ. කොටින්ම කියනවා නම් ජංගම මුරසංචාර රථවල රියදුරන් පවා කාන්තාවන්ලු.

    මැතිවරණ කොමිසමේ සභාපතිතුමාගේ මේ අලුත් වැඩේ නම් හොදයි. මොකද කාන්තාවන් එක්ක සෙල්ලම් බෑනේ. එ් මධ්‍යස්ථානවල මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා කරන්න ගියොත් සෙරෙප්පු පාරක් කාලා තමයි යන්න වෙන්නේ. ලංකාවේ පුරුෂාධිපත්‍ය රජකරන සිංහල බවුද්ද පට්ට ගෝත්‍රික වර්ගවාදය පන්නා දමා ලංකාවත් බටහිර වගේ දියුණු රටක් කරන්න අප පෙරමුණ ගනිමු. ( මැ.කො. කියන්නෙ ඉතින් කීකරු ජයසූරිය වගේ දූෂිත දේශපාලුවන්ගෙ අතකොලුවක් නිසා උන්නැහේල කියන දවසට තම්යි ඡන්දෙයක් ආයෙත් එන්නෙ. මැදමුලන පොල් රැවුල් මරා ගොයියා/ බයගෝතයා / බූරුවංස ඇතුළු මරා කල්ලියෙ හාල්පාරුවන්ට ඉතින් සොරි ඩොට් කොම්, තව කාලාන්තරයක් විපක්ෂයේ පොල් ගාපියව්කො ඉතින් :D

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.