වෙබ් ලිපිනය:

Saturday, May 19, 2018

යැනීද නැත්නම් ලෝරල්ද?

වසර තුනකට පමණ පෙර ග්‍රේස්ගේ අම්මගෙ රෙද්ද අන්තර් ජාලය කැළඹුවේය. ඒ රෙද්ද සමහර අයට පෙනුණේ කළු හා නිල් පාට රෙද්දක් ලෙසිනි. තවත් අයට පෙනුණේ රන් හා සුදු පැහැති රෙද්දක් ලෙසිනි. දම් හා දුඹුරු වැනි වෙනත් පාට දුටු අයද සිටියහ. එකම රෙද්ද එක් එක් අයට වෙනස් පැහැ වලින් පෙනෙන්නට හේතු වුණේ අපේ ඇස් හා මොළය එකතු වී කිසියම් පැහැයක් හඳුනා ගන්නා ආකාරය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වීමයි. ඒ නිසා, ඇතැම් අයට නිල් හා කළු ලෙස පෙනුණු මේ රෙද්ද තවත් අයට සුදු හා රන් ලෙස පෙනුණු අතර තමන්ට පෙනෙන පාට අනුව අන්තර්ජාලය භාවිතා කරන්නන් කණ්ඩායම් දෙකකට බෙදුණේය.

දැන් පරණ වී ඇති ග්‍රේස්ගේ අම්මගෙ රෙද්දේ පාට වෙනුවෙන් වූ බෙදීම වැනි තවත් බෙදීමක් නිසා මේ දින වල අන්තර්ජාලය නැවතත් කැළඹී ඇත. මෙවර අවුල තිබෙන්නේ අපට පෙනෙන දේ සම්බන්ධව නොව ඇසෙන දේ සම්බන්ධවය. පහත යූටියුබ් වීඩියෝවේ උච්ඡාරණය කරන වචනය ඔබට ඇහෙන්නේ "යැනී" ලෙසද නැත්නම් "ලෝරල්" ලෙසද?




ඉහත ශබ්දය තමන්ට ඇසෙන ආකාරය ගැන අදහස් දක්වා ඇති මිලියන බාගයකට වැඩි පිරිසෙන් 53%කට එය "ලෝරල්" ලෙසත් 47%කට "යැනී" ලෙසත් ඇසේ. මේ වෙනසට හේතුව එක් එක් පුද්ගලයා එක් එක් සංඛ්‍යාත පරාසයට දක්වන සංවේදීතාවයේ වෙනස්කමයි. උච්ඡ සංඛ්‍යාත වලට වැඩිපුර සංවේදී අයට මේ ශබ්දය "යැනී" ලෙස ඇසෙන නමුත් උච්ඡ සංඛ්‍යාත වලට එතරම්  සංවේදී නැති අයට ඇසෙන්නේ "ලෝරල්" ලෙසිනි. ඒ නිසා, පෙර ලිපියක පැහැදිලි කළ පරිදි, වයසින් අඩු අයට මෙය "යැනී" ලෙස ඇසෙන්නට වැඩි ඉඩක් තිබෙන අතර වයසින් වැඩි අයෙකුට "ලෝරල්" ලෙස ඇසෙන්නට වැඩි ඉඩක් තිබේ. ඒ මෙහි සංඛ්‍යාත පරාසයේ උච්ඡ සංඛ්‍යාත කොටස "යැනී" ලෙසත් මන්ද සංඛ්‍යාත කොටස "ලෝරල්" ලෙසත් අපේ මොළය තේරුම් ගන්නා බැවිනි.

පහත සබැඳිය වෙත ගොස් මේ ශබ්දයේ සංඛ්‍යාත මිශ්‍රණයේ තීව්‍රතා වෙනස් කරමින් එය "යැනී" ලෙස මෙන්ම "ලෝරල්" ලෙසත් එකම පුද්ගලයෙකුට වුවද අසන්නට පුළුවන. ඇතැම් තීව්‍රතා මිශ්‍රණ වලදී ඔබට මේ දෙකම වෙනුවට "යේලී" හෝ "ජේලී" වැනි වෙනත් වචනයක් වුවද ඇසෙන්නට පුළුවන. එමෙන්ම අසන උපකරණය (පරිගණකය හෝ ජංගම දුරකථනය) අනුවද එකම පුද්ගලයාට වුවද ඇසෙන දෙය වෙනස් විය හැකිය.

https://www.nytimes.com/interactive/2018/05/16/upshot/audio-clip-yanny-laurel-debate.html

එක් එක් පුද්ගලයා විසින් එකම භෞතික සංසිද්ධිය වෙනස් අයුරින් තේරුම් ගැනීම වර්ණ හා ශබ්ද වලට අදාළව පමණක් සිදුවන දෙයක් නොවේ. පහත රූපයේ ඇති වචනය යැනීද (Yanny) නැත්නම් ලෝරල්ද (Laurel)?


(Image: http://digg.com/2018/do-you-see-yanny-or-laurel)

12 comments:

  1. ඇහුනෙත් යැනී, අකුරු පේන්නෙත් යැනී වගේ

    ReplyDelete
  2. මටනම් ඇහෙන්නෙම ලෝරල් කියලා.. එතන ඇත්තටම කියන්නෙත් ලෝරල් කියලා කියනවා නේද පළවෙනි වීඩියෝ එකේ..

    අකුරු ටිකනම් දෙවිදිහටම කියවන්න පුළුවන් හැබැයි යැනී කියන එකට වඩා ආසන්නයි... L අකුර පටන් ගද්දි නැට්ටක් එන්නැති නිසා ඒක බලෙන් L කියලා හිතන්න වෙනවා ලෝරල් කියලා කියවනවනම්...

    ReplyDelete
  3. Brainstorm or green needle එකේ තේරීම මාරු කරන්න පුලුවන්.https://www.independent.co.uk/life-style/gadgets-and-tech/news/brainstorm-green-needle-video-sound-explained-laurel-yanny-ben-10-youtube-a8357116.html

    ReplyDelete
  4. ඉකොනො,

    මටනම් මේක ඇහෙන්නේ යිඇනි කියන්න වගෙයි. මගේ කණේ දෝෂයක්ද මන්දා. මම එතරම් වයසක කෙනෙක් නෙමෙයි, වයස 30/40/50 ඉක්මවූවිට මටත් ඇසෙන ආකාරය වෙනස් විය හැකියි නේද?

    කොහොම වුණත් ඔබ මතුකරණ කාරණය සමාජ විද්‍යාත්මකව වැදගත්. මෙය දේශපාලන මතවාද සම්බන්ධයෙනුත් යම් බල්පෑමක් ඇති ජානමය කරුණක් වීමටත් පුළුවන්.

    ඉකොනො දන්නවා ඇති අද ලංකාවේ ජනයා ප්‍රධාන වශයෙන් දේශපාලන කල්ලි දෙකකට බෙදී සිටිනවා, ඒ රාජපක්ෂවාදීන් හා රාජපක්ෂවිරෝධීන් ලෙස කෙටියෙන් සැලකිය හැකියි. රාජපක්ෂ විරෝධී කල්ලියේ නායකත්වයට පොරකන අය අනිවාර්යයෙන් එම කල්ලියේ ප්‍රමුඛ නායකත්වය දරන දමිළ සහ මුස්ලිම් ජාතිවාදී ප්‍රවාහය සතුටු කළ යුතුයි. මෙම කල්ලිය සමග සිටින සිංහල පිරිස් කිසිදු පැහැදිලි දැක්මක් නැතිව සුදු හම ඇති මිනිසුන් සහ ඔවුන්ගේ සංස්කෘතිය දේවත්වයෙන් සලකා වැඳුම් පිදුම් කරන වහල් රැලක්. ඉතින් ඔවුන්ට ඕන රනිල් වගේ ටයිකෝට් අඳින ඉංග්‍රීසි කතා කරන හැඳි ගෑරුප්පුවලින් කන කොළඹ 7 හාමු කෙනෙක්, එහෙමත් නැත්නම් වගේ කිසිදු පැහැදිලි අරමුණක් නැති නිරාගමික ඇඟ්ලිකන් සංස්කෘතිය අන්ධාඅනුකරණයෙන් ඉහළ තැනක තබා බහුබූත දොඩවන පිස්සෙක්. මේ අයුරින්ම දැඩි බටහිරවාදී මත දරමින් මයිත්‍රී 2015 ජනපති වුණත් පසුව නිදහස් පක්ෂය ප්‍රමුඛ සිංහල බෞද්ධ වැඩවසම් අදහස් ඇති සංධාන කල්ලියේ සිත දිනාගැනීමට සිංහල බෞද්ධ ගෝත්‍රිකයින් සුරතල් කිරීමට ගොස් එය අසාර්ථක වී දැන් ඔහු දෙපැත්තම නැතිකරගෙන අනාථ වෙලා.

    රනිල්ගේ දුර්වල අසාර්ථක නායකත්වය නිසා එම අඩුව පිරවීමට රාජිත/ චම්පික/ සජිත්/ ෆොනී වැනි කිහිපදෙනෙක්ම 2020 එජාප ප්‍රමුඛ සංධානයකින් පොදු අපේක්ෂක ලෙස ඉදිරිපත් වී 2020 ජනපතිවරණය දිනා රටේ නායකයා වී(රටකෑ)මේ දැඩි උමතුවකින් පෙලීම නිසා මේ දිනවල ඒ සඳහා දැඩි තරඟයක් පවතින අතර දැන් මේ වනවිට රාජිත තරමක් ඉදිරියෙන් සිටිනවා.

    අනෙක් පැත්තෙන් රාජපක්ෂ කල්ලිය සිංහල බෞද්ධ අන්තවාදීන් ප්‍රමුඛ කල්ලිය සුරතල් කරමින් ගෝඨාභ්ය මුල්කරගනිමින් උගතුන් යැයි කියාගන්නා වියත්මග නම් කල්ලියක් සමග එක්ව කැම්පේන් එකක් කරනවා, ඔවුන් බහුතර සිංහල ඡන්ද පදනමක් කෙරෙහි විශ්වාසය තබා තිබෙනවා, සිංහල බෞද්ධ ඡන්ද 70% පමණ ඔවුන්ට ලබාගතහැකිනම් 2020 ඔවුන් පහසුවෙන්ම ගොඩ යන බවක් පේනවා, මොකද බලය සහ මුදල් හමබකිරීම කෙරෙහි මළ පෙරේතයන් වන් වූ තොණ්ඩුමෑන්, දිගම්බරමා, හකීම්, බතියුතීන් වැනි නොම්මර එකේ බ්‍රෝකර්ලා සමග පට්ට විදිහට ඩීල් දැමීම බැසිල් වැනි ගල්කපටි තක්කඩියෙකුට ටොයිස් වැඩක්. ඉතින් එය කාලය පිළිබඳ ප්‍රශ්නයක් පමණයි.

    දැන් දැන් ලංකාවේ සිංහල බහුතරය 2006-09 කාලයේ මෙන් නැවතත් ආමිකාරයින් වන්දනාකරමින් දෙමල ජාතිවාදීන් කෙරෙහි නයි වෛර බඳිමින් රණවිරු ගොන් ආතල් ගැනීමේ සිට උග්‍ර ලෙස ගැහැනු ගෝනිබිල්ලන් සහ ගවුම් අඳින පිරිමින්ගෙන් සැදුම්ලත් ඉස්ලාම් ගෝත්‍රික අන්තවාදී අමනයින් පිළිකුල් කරන ඉස්ලාම් විරෝධී අදහස් දකවා වර්ධනය වී ඇති අතර ඉතා ඉක්මණින් මේ පිරිස සිංහලයින්ගෙන් 65%ඉක්මවා යනු ඇති. මීට දැඩි දායකත්වයක් දෙමින් කහ සිවුරු ඇඳි තට්ට බෞද්ධ තලීබාන් ගෝත්‍රික මුල්ලාවරු පන්සල්වල සිට දේශපාලන දැනුම අඩු ගැහැණුන් සහ ළමයින්ගේ බ්‍රේන්වොශ් කරමින් දැන් දැන් අලුත් විප්ලවයකර අර අදිනවා. මෙහි අවසානය කොතැනක වේද ඉකොනොමැට්ටෝ?

    රනිල් වැනි මෙලොවින් මෙලොව වැඩක් බැරි කයිවාරුකාර උඩඟු නිකමෙක්ටවත් මයි3පාල වැනි රට්ටු හිනස්සන ස්ටෑන්ඩ් අප් කොමීඩියන්කෙනෙක්ටවත් කලහැකි ලඛ්බක් නැත, දැන් චීන එම් එස්.එස් සැලසුම පරදවන රෝ + සීඅයීඒ එආකාබද්ධ සැලසුම කුමක් වියයුතුද? මේගැන ඔබේ බ්ලොගයේ දීර්ඝ පෝස්ට් එකකින් විස්තරාත්මක විග්‍රහයක් බලාපොරොත්තු වෙමි. (F‍YI - බැසිල් ගේ රෝ/සීඅයීඒ ඩීල් සාර්ථක වේගෙන එන බවක්ද දැනගැනීමට තිබේ.)

    ReplyDelete
  5. මටත් ලෝරල් කියල තමයි ඇහෙන්නෙ...

    ReplyDelete
  6. ඉකොනො දන්නවා ඇති ලංකාවේ වාහන වෙළෙඳපොළ බොහෝ දුරට තරඟකාරී එකක්.

    ජපානයේ භාවිතයෙන් ඉවත් කරන නමුත් තාක්‍ෂණයෙන් තවමත් නොපැරණි යන්ත්‍ර ලංකාවට ගෙන්වන වෙනම ව්‍යාපාරික පංතියක් සිටිනවා. එසේම ජපන් තාක්‍ෂණයේ ආධාරයෙන් ඉන්දියාවේ, කොරියාවේ හා මැලේසියාවේ නිමැවෙන අලුත් වාහන ආනයනය කරන ව්‍යාපාරික ආයතනත්, ජපන් වෙළෙඳ නාම වල ලංකා නියෝජිත ආයතනත් තිබෙනවා. මීට අමතරව කොරියානු හා චීන නිමැවුම් ලංකාවේ එකලස් කරන ආයතනත් තිබෙනවා. නමුත් ඉහළ පංති වල ජනයා අතර ජනප්‍රිය යුරෝපිය වෙළෙඳ නාම.

    යුරෝපිය වෙළෙඳ නාම ප්‍රිය කරන ඉහළ පංතියේ සුළුතරය ඉලක්ක කර ගත් බදු සහන පසුගිය අයවැයෙන් ලබා දුන් බැවින් (උදාහරණයක් ලෙස ලක්‍ෂ 30 ට අළෙවි වන සුසුකි සෙලෙරියෝ රථයත් එමෙන් දෙගුණයකට වඩා මදක් වැඩි මිලට අළෙවි වන හොන්ඩා සිවික් 1000cc රථයත් එම ධාරිතාවම ඇති ඊටත් වඩා මිල අධික යුරෝපීය රථයකුත් තුනම යටත් වන්නේ දළ වශයෙන් එකම බදු මුදලකටය) ලංකාවේ, විශේෂයෙන් කොළොඹ ආශ්‍රිතව, දැන් යුරෝපීය වාහන බහුලයි.

    ලංකාවේ වාහන වෙළෙඳ පොළේ මේ ප්‍රවණතා ගැන ඔබේ අදහස දැන ගන්නට සතුටුයි.

    ReplyDelete
  7. මට ඇහෙන්නේ වෙනම එකක් 'යේඅයි' වගේ . මට එතකොට සංඛ්‍යාත ඇහීමේ අවුලක් තියෙනවා වගේ

    ReplyDelete
  8. පළමුව "පවුල් පන්සල" සම්බන්ධව උඹට සුබ පැතුම්!!! එහෙම බ්ලොග් වලින් සමුගන්න එපා "ටික්කා". උඹ මට ලොකු උදව්වක් කළා බ්ලොග් අවකාශයට අලුත් වචන පවා හඳුන්වා දෙන්න. "සිපිපියා" කියන්නේ මම මේ බ්ලොග් අවකාශයට නිර්මාණය කළ කෙටි යෙදුමක්. "සිපිපියා" කියන්නේ සිනුවර පිං (කරණ) පියා කියන එක. ඕක මම මුලින්ම නිර්මාණය කළේ "මල්ලෙ පොල්" වල උඹේ අවසර ඇතුව. උඹ ඒක අනුමත කළා. ඊට පස්සෙ මගෙ නිර්මාණය "ලපිපියා". "සිපිපියා" සම්බන්ධයෙන් උඹේ අනුමැතිය දැකපු පො_නයෙක් මගෙන් ඇහුව "මල්ලෙ පොල්" වලදී එහෙනම් මේ නම අනුමත කරපු "ලන්ඩන් වල ඉන්න, කොට, තට්ට, කළු" එකා "ලපිපියා" ද කියල . මම දුන්නෙ එකම උත්තරයයි. ඒ "ලපිපියා" කියන්නේ කොට තට්ට චාටර් ඉංජිනේරු දවල් තාරකා විද්‍යාඥයට කියල. එතන ඉඳන් "ලපිපියා" කියන්නෙත් සිංහල බ්ලොග් අවකාශයෙ පිළිගත් වචනයක්. ඔය "එයාර් මයිල්" වලට "ලපිපියා" fix උනේ මට උත්තර දෙන්න ගිහිල්ල. ඔය "ලපිපියා" පට්ට කපටි ඌ වගේ උන්ගෙ බ්ලොග් මහන්තත්තකම "එයාර් මයිල් යායෙන්" පෙන්නන්න ගිහින් ඌ කළේ අරුණ පෙරේරා වගේ සුන්දර මිනිස්සුන්ට මේක එපා කරපු එක. මොනවා උනත් මේකෙ වල් අලිය වගේ මාතලන් ඉන්න එක හොඳයි. ඔය "මැවි(ව)සුරු" අහවල් "පියන්ට" වඩා හිත හොඳ කන බොන "ගයිඩෙක්" දාහෙන් සම්පතයි. එහෙම එක්ක tour ගිය tourists ල team එකක් අවුරුදු 5 කින් හරි මෙහෙ එනවා. අන්තිමට අඩු ගානේ ඒ සල්ලි රටට.

    ReplyDelete
    Replies
    1. AnonymousMay 28, 2018 at 7:20 AM

      කතාව සැටිපිකට් ඇත්ත. හැබැයි මේ සිංහල බ්ලොග් අවකාශයට කෙළවුණේ මේක මේ බ්ලොග් බ්‍රෝකර්ලා කට්ටියක් ඇවිත් හොඳට ලියන බ්ලොගර්ලා රවටලා බොරුවට සම්මාන කියලා තුට්ටු දෙකේ ලී කෑල්ලක් දෙන්න සෙට් කරලා උන්ව කාලකණ්ණි දේසපාලුවන්ට පෙන්වලා ගාණක් කපාගන්න/ තමුන්ට කාසි වාසි ලබාගන්න සෙට් වුණාට පස්සෙ, බ්ලොගර්ලාට තිබ්බ සමාජ පිළිගැනීම, විස්වාසය සියල්ල හිරු දුටු පිණි මෙන් වියැකී ගියා. අද කට්ටිය බුකිය පුරෝල හොටියත් බුකියත් නිකන් කොරෝලු වෙලා චොර වෙලා ගිහින්, ඉස්සර ටැබූලා, බියොන්ඩ් ෆ්‍රේම්ලාගේ ඉඳන් අපේ මාතලන්, එතකොට මල්ලෙ පොල් වගේ රසවත්ව කියවන්න සුදුසු දේශපාලන බ්ලොග් අවකාශයක් නැතිව ගිහින්,

      Delete
  9. ඉකොනොමැට්ටා

    කලකට පෙර ඔබගේ ඉකොනොමැට්ටාගේ බොජුන්හල බ්ලොග් අඩවියේ සඳහන් වුනා අපූරු අදහසක්.

    "ඇතැම් වාමාංශික ඇදහස් ඇති පුද්ගලයන් ධනපති පක්ශ වලට ඇතුලත්වී තනතුරු ලබාගෙන ඉන්පසු වාමාංශික ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට තැත්තරයි. ඔවුන්ගෙන් රටේ ආර්ථිකයට දරුණු හානියක් සිදුවේ. ඔවුන් වාමාංශික පක්ෂ වලම සිටින්නේ නම් වඩා යහපත්ය." ලෙස එය සරලව දැක්විය හැකියි.

    ඉකොනොමැට්ටා ඒක කිව්වේ ආර්ථික වශයෙන්. නමුත් එය වඩාත් අදාල වන්නේ ජාතිකත්වයට අදාලවයි.

    සර්ව සම්පූර්ණ ආන්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හදා දෙමළ ජනතාවගේ (සෝ කෝල්ඩ්/ ඊනියා) ප්‍රශ්ණය විසඳමට වැඩිම අමාරුවක් ඇත්තේ ධනපති පක්ශ වලට සම්බන්ධ වාමාංශිකයන්ටයි. සර්ව සම්පූර්ණ ආන්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හදා දෙමළ ජනතාවගේ (සෝ කෝල්ඩ්/ ඊනියා) ප්‍රශ්ණය විසඳම කියන්නේ හාල් පොලු, මිරිස්පොලු, පාන් පෝලිම් වගේ දෙයක්.

    ඒ විදියට බැලුවාම රාජිත සේනාරත්නලා මංගලලා චන්ද්‍රිකාලාට වඩා තෙවරක්පෙරුමාල්ලා මැරවින් සිල්වලා හොඳයි.

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: