වෙබ් ලිපිනය:

Monday, October 29, 2018

දේශපාලන අර්බුදය කොයිබටද? (පළමු කොටස)

ලංකාවේ දේශපාලන අර්බුදය මේ වන විට වඩාත් සංකීර්ණ වෙමින් පවතිනවා. විශේෂයෙන්ම, කථානායකවරයා විසින් ජනාධිපතිවරයා විසින් සිදු කර තිබෙන අගමැති පත්වීම පිළිනොගැනීමට තීරණය කිරීමත් සමඟ මෙය රටේ විධායකය හා ව්‍යවස්ථාදායකය අතර සෘජු බල ගැටුමක් දක්වා දිගු වී තිබෙනවා. මෙය ශ්‍රී ලංකා ඉතිහාසයේ මින් පෙර ඇති නොවූ තත්ත්වයක්. මෙය රටේ ප්‍රධාන දේශපාලන පක්ෂ අතර ඇති වී තිබෙන බල අරගලයට සම්බන්ධ වුවත්, මා අවධානය හෙළන්නේ ඊට වඩා ගැඹුරු රටේ රාජ්‍ය ආකෘතිය පිළිබඳ ප්‍රශ්නයකටයි.

රටේ විධායකය ක්‍රියා කර ඇති ආකාරය ව්‍යවස්ථානුකූලද නැද්ද කියන කරුණ රටට දිගුකාලීනව ලොකුවටම බලපාන කරුණක්. නමුත්, එය නිරාකරණය කර ගැනීමට කිසිදු පාර්ශ්වයක් උත්සාහ දරන බවක් පෙනෙන්නේ නැහැ. ප්‍රමුඛත්වය ලැබී තිබෙන්නේ ආණ්ඩු බලය ලබාගැනීම/ පවත්වා ගැනීම කියන කරුණටයි.

නූතන ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක ප්‍රධාන බලකණු තුන විධායකය, ව්‍යවස්ථාදායකය හා අධිකරණය යන කොටස් තුනයි. ඇමරිකාව වැනි රටක රාජ්‍ය ආකෘතිය හැදී තිබෙන්නේ මේ අංග තුන අතර සෑහෙන තරමේ බල තුලනයක් සහිතවයි. එක්සත් රාජධානිය වැනි රටවල ව්‍යවස්ථාදායකය විධායකයට වඩා බලවත්.

ලංකාව නිදහස ලැබූ තැන් පටන්, 1978 ව්‍යවස්ථාව හඳුන්වා දෙන තුරුම තිබුණේ පාර්ලිමේන්තුවට යටත් නාමික විධායක ජනාධිපතිධුරයක්. නමුත්, 1978 ව්‍යවස්ථාවෙන් එය වෙනස් වී පූර්ණ විධායක ජනාධිපති ධුරයක් ඇති වුණා. 2015 අප්‍රේල් 28 වනදා 19 වන සංශෝධනය හරහා මේ තත්ත්වයේ විශාල වෙනසක් සිදු වුනා. පාර්ලිමේන්තුව නියෝජනය කළ එක් මන්ත්‍රීවරයෙකු හැර එජාප, ශ්‍රීලනිප, ජවිපෙ, දෙමළ හා මුස්ලිම් පක්ෂ ඇතුළු පාර්ලිමේන්තුව නියෝජනය කළ සියළු පක්ෂ වලට අයත් මන්ත්‍රීවරුන්ගේ ඡන්දයෙන් සම්මත වූ මේ සංශෝධනය හරහා විධායක ජනාධිපතිගේ බලතල විශාල ලෙස කප්පාදු කර ජනාධිපති ධුරය පාර්ලිමේන්තුවට වගකිව යුතු තනතුරක් බවට පත් කෙරුණා.

ඒ අනුව, 33A අනුව්‍යවස්ථාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට එකතු වුනා.


මේ අනුව, 2015 අප්‍රේල් 28 දින සිට ලංකාවේ ජනාධිපතිවරයා කියන්නේ ඊට පෙර සිටි ජනාධිපතිවරයාම නෙමෙයි. ඒ ධුරය දරන පුද්ගලයා එකම පුද්ගලයෙක් වීම වෙනත් කරුණක්.

ලංකාවේ විධායක ජනාධිපති ධුරය අහෝසි කළ යුතු බව කාලයක් තිස්සේම තිබුණු ඉල්ලීමක්. 19 වන සංශෝධනය කෙටුම්පත් කිරීමේදී මෙය සලකා බැලුනත්, ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය වුනේ ඇතැම් සංශෝධන කළ හැක්කේ ජනමතවිචාරණයක් හරහා පමණක් බවයි. ඒ අනුව, අමාත්‍ය මණ්ඩල ප්‍රධානියා අගමැතිවරයා වන ලෙස ව්‍යවස්ථාව සංශෝධනය කිරීම වැනි වෙනස්කම් කළ හැකි වුනේ නැහැ.

ලංකාවේ ජනාධිපතිධුරය මේ වන විට නාමික ධුරයක් වී නැහැ. නමුත්, කලින් වූ පූර්ණ විධායක බලතල මේ වන විට සීමා වී තිබෙනවා. එයට සාපේක්ෂව ව්‍යවස්ථාදායකය ශක්තිමත් වී තිබෙනවා. මේ අවස්ථාව ලංකාවේ විධායකය හා ව්‍යවස්ථාදායකය අතර බලය බෙදී ගොස් තිබෙන ආකාරය පරීක්ෂාවට ලක් වන අවස්ථාවක්.

ඉහත නෛතික කරුණේ සිට ලංකාවේ දේශපාලන පක්ෂ අතර මේ වන විට පවතින බල අරගලයට නැවත ආවොත්, අවසාන වශයෙන් මෙය පාර්ලිමේන්තුවේ වඩා හොඳ ආකාරයකින් විසඳී අවසන් වෙයි කියා මා හිතනවා. ඒ අතරම, මෙය ඕනෑවට වඩා දිග්ගැස්සී වීදි සටන් හරහා විසඳෙන්න යාමේ අවදානමත් මෙහි තිබෙනවා.

අද සිදු වී තිබෙන ආකාරයේ වෙනසක් සිදු විය යුතු බව දිගු කාලයක් තිස්සේම යෝජනා කළ පුද්ගලයෙක් ලෙස නලින් ද සිල්වා ගැන කතා නොකර බැහැ. ඔහුගේ ලිපි වල කොටස් ඇතැම් අය මෙහි පෙර ලිපි වලට ප්‍රතිචාර ලෙස උපුටා දක්වා තිබෙනවා. මා ඔහු ගැන විශේෂයෙන් සඳහන් කරන්න හේතු වන දෙවන කරුණ ඔහු වෙනත් ඕනෑම කෙනෙක් මෙන්ම අපක්ෂපාතී පුද්ගලයෙකු නොවූවත්, තමන්ගේම මතයක් තිබෙන ස්වාධීන පුද්ගලයෙක් සේ මා සලකන නිසයි.

නලින් ද සිල්වා විසින් යෝජනා කළ පළමු දෙය රනිල්ව එළවීම සඳහා මහින්ද විසින් මෛත්‍රීපාලට ශක්තිය දිය යුතු බවයි. ඔහු එය කියන අවස්ථාවේදී එය සිදුවීමට අසීරු දෙයක් මෙන් තිබුණත් මේ වන විට එය සිදු වී තිබෙනවා.

දෙවනුව, නලින් ද සිල්වා විසින් එය කළ හැකි ආකාරයක් යෝජනා කළා. ඔහු (ඔහුගේ මතය අනුව) පෙන්වා දුන්නේ පවතින ව්‍යවස්ථාවට පටහැනි නොවී මෙය කළ හැකි බවයි. ව්‍යවස්ථාව නොසලකා හැරිය යුතු බව ඔහු යෝජනා කළේ නැහැ.

දැනටත්, මහින්ද පාර්ශ්වයේ මෙන්ම මෛත්‍රී පාර්ශ්වයේ අයත් කියන්නේ ඔවුන් කටයුතු කර තිබෙන්නේ ව්‍යවස්ථාවට අනුව බවයි. මේ බව කියමින් ගෙනෙන තර්ක අතර ජනප්‍රියම තර්කය වන්නේ ජාතික ආණ්ඩුවේ එක් පක්ෂයක් ඉවත් වූ පසුව අමාත්‍ය මණ්ඩලය අහෝසි වන බවයි. අදාළ තර්කය ගෙන එන අය අතරින් එක් අයෙක් වන අලි සබ්‍රිව අජිත් පැරකුම් ජයසිංහ විසින් උපුටා දක්වනවා. අදාළ උපුටනය පහත ලිපියේ තිබෙනවා.

අගමැතිට පාර්ලිමේන්තුවේ බහුතර බලය තිබේදැයි විමසිය යුතු ද? නැද්ද?

ජාතික ආණ්ඩුවේ එක් පක්ෂයක් ඉවත් වූ පසුව අමාත්‍ය මණ්ඩලය අහෝසි වන්නේය යන්න ඉතාම දුර්වල තර්කයක්. ජාතික ආණ්ඩුවක් තිබීම හෝ නොතිබීම අදාළ වන්නේ අමාත්‍ය මණ්ඩලයේ ප්‍රමාණය හා අදාළව පමණයි. මෙය නලින් ද සිල්වා විසින්ම පහත ලිපියේ පැහැදිලි කර තිබෙනවා.

රනිල් ඉවත් කිරීමේ නීත්‍යානුකූල බව

පවතින ව්‍යවස්ථාව යටතේම ජනාධිපතිවරයාට අගමැතිවරයාව ඉවත් කළ හැකි බව නලින් ද සිල්වා විසින් යෝජනා කරන්නේ වෙනත් පදනමකිනුයි. මා නලින් ද සිල්වාගේ මතය සමඟ එකඟ වන්නේ නැතත්, ඒ මතය විමසිල්ලට ලක් කරන්න කැමතියි. මගේ වචන වලින් කියනවානම් නලින් ද සිල්වා යෝජනා කරන්නේ බොහෝ විට නොසැලකිල්ල නිසා හෝ අතපසුවීම් නිසා ව්‍යවස්ථාවේ දැකිය හැකි අසංගත තැන් ඔහු පෙනී සිටින දේශපාලන අරමුණ වෙනුවෙන් ප්‍රයෝජනයට ගත හැකි ආකාරයයි. නීතිය හා සම්බන්ධ කටයුතු වලදී මෙවැනි දේ සිදුවීම සාමාන්‍ය දෙයක් බව අමුතුවෙන් කිවයුතු නැහැ.

මෙහිදී නලින් ද සිල්වා යෝජනා කරන්නේ 43 (3) වගන්තිය අනුව මෙය කළ හැකි බවයි.

"43 (3) වගන්තියට අනුව ජනාධිපතිට අමාත්‍ය මණ්ඩලයේ සංයුතිය හා අමාත්‍යවරුන්ට භාර විෂය වෙනස් කළ හැකියි. 43 (1) හා 43 (2) වගන්ති අනුව ඇමතිවරුන් පත් කිරීමේ දී අගමැතිගේ අදහස් විමසිය යුතු බවට සඳහනක් ඇති නමුත් 43 (3) එවැනි සඳහනක් නැහැ. සමහරවිට මෙය නීතිපති දෙපාර්තමේන්තුවේ කෙටුම්පතේ අතපසු වීමක් වන්න පුළුවන්. එසේ වුවත් 43 (3) අනුව ජනාධිපතිට අමාත්‍ය මණ්ඩලයේ සංයුතිය වෙනස් කළ හැකියි. ඒ අගමැතිත් ඇතුළුව."

මේ තර්කයේ පදනම වන්නේ 43(3) වගන්තියේ "අමාත්‍ය මණ්ඩලය" යන අර්ථදැක්වීමට අගමැතිධුරයත් අයත් වන බවයි. පහත තිබෙන්නේ 43(3) වගන්තිය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඉංග්‍රීසි පිටපතේ වචන පටලැවිල්ලක් ගැන මහින්ද රාජපක්ෂ විසින් කියා ඇති නිසා මා කෙළින්ම අවධානය යොමු කරන්නේ සිංහල පිටපතටයි.


නලින් ද සිල්වා කියන 43(3) අනුව්‍යවස්ථාව තනිව බැලුවොත් ඔහු කියන කරුණට යම් පදනමක් තිබිය හැකි බව පෙනෙනවා. නමුත්, ඊට පෙර තිබෙන 42 අනුව්‍යවස්ථාවේ කෙටි ටයිටලය "අග්‍රාමාත්‍යවරයා සහ අමාත්‍ය මණ්ඩලය" වීමෙන් පෙනෙන්නේ "අමාත්‍ය මණ්ඩලය" යන අර්ථ දැක්වීමට අග්‍රාමාත්‍යවරයා ඇතුළත් නොවන බවයි. 43(3) අනුව්‍යවස්ථාවේ කතා කරන්නේ අමාත්‍ය මණ්ඩලයේ සංයුතිය ගැන පමණයි. නමුත්, මේ හා අදාළව වෙනත් ආකාර වලින් තර්ක කිරීමටත් ඉඩක් තිබෙනවා.

නලින් ද සිල්වා කියන ආකාරයට 43(3) අනුව අගමැති වෙනස් කළ හැකියි කියා සිතමු. 43(3) අනුවම, එසේ කිරීමෙන් අමාත්‍ය මණ්ඩලයේ අඛණ්ඩ පැවැත්ම වෙනස් වෙන්නේ නැහැ. 46(2) අනුව්‍යවස්ථාව අනුව අමාත්‍ය මණ්ඩලය පවතින තුරු අගමැති ධුරය අහෝසි වෙන්න විදිහක් නැහැ. ඒ නිසා, 43(3) අනුව්‍යවස්ථාවේ අමාත්‍ය මණ්ඩලය යන්නට අගමැති ද ඇතුළත් සේ සැලකීම පරස්පරයක්.



ඇත්තටම ව්‍යවස්ථාවේ පරස්පර සෑහෙන්න තිබෙනවා. මේ පරස්පර හමුවේ නිවැරදි දෙය කුමක්ද කියා නලින් ද සිල්වා හෝ මා හෝ හිතන ආකාරය නෛතික ලෙස හා ප්‍රායෝගික ලෙස වැදගත් නොවුණත් ජනාධිපතිවරයා හා කථානායකවරයා හිතන ආකාරය වැදගත්. මේ වෙලාවේ ඔවුන් හිතන්නේ දෙආකාරයකටයි.

ජනාධිපතිවරයා හිතන ආකාරයට ඔහුට ව්‍යවස්ථාව අනුව අගමැති ඉවත් කර අලුත් අගමැතිවරයකු පත් කළ හැකියි. කතානායකවරයා හිතන ආකාරයට ඔහුට එය කළ නොහැකියි. මෙය සුළුපටු අර්බුදයක් නෙමෙයි. මේ වෙලාවේ බලය හුවමාරු වීම පිළිබඳ කරුණක් පමණකුත් නෙමෙයි.

මේ වගේ වෙලාවක අවසන් තීරණය තියෙන්නේ කාගේ අතේද? පහත උපුටා දක්වන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 125(1) අනුව්‍යවස්ථාව. ඒ අනුව, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අර්ථ නිරූපණය කිරීමේ තනි හා අනන්‍ය බලය තිබෙන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයටයි. අපි වගේ බ්ලොග් පඩංගු ලියන හාල් කෑලි වලට වගේම වෙනත් ව්‍යවස්ථා විශාරදයින්ටත් අදහස් දක්වන්න පුළුවන් වුවත් ඒවා නිකම්ම නිකම් අදහස් පමණයි.


මේ වෙලාවේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ජනාධිපතිවරයාගේ ක්‍රියාව ව්‍යවස්ථාව අනුව අර්ථ නිරූපණය කළ වහාම පවතින අර්බුදය විධායකයේ හෝ ව්‍යවස්ථාදායකයේ වාසියට කැරකෙනවා. එය කොයි පැත්තට කැරකෙයිද කියා ස්ථිරව කීමේ හැකියාවක් මට නැහැ. අදාළ පාර්ශ්ව දෙකෙන් එකක්වත් ඒ අවදානම ගන්න සූදානමක් ඇති බවක් පෙනෙන්නේ නැහැ. මෙහි කෙටිකාලීන හා දිගුකාලීන ප්‍රතිඵල ගැන පසුව කතා කරමු.

24 comments:

  1. මල්ලි සමලිංගිකද?

    ReplyDelete
  2. එක්සත් ජාතික පක්‍ෂයේ ජන සන්නිවේදන ඒකකය වෙත ඉකොනොමැට්ටාගේ පත්වීමේ ලිපිය ප්‍රදානය කිරීමේ අවස්ථාවට එක්වන රනිල් වික්‍රමසිංහ පවසන්නේ මේ වගේ වෙලාවක ජනමාධ්‍ය ඇතුලූ අනෙකුත් ජන සන්නිවේදන අංශ සමග එක්ව වැඩ කටයුතු කිරීමේ වගකීම එක්සත් ජාතික පක්‍ෂ ජන සන්නිවේදන ඒකකයේ ප්‍රධානියා වන විදුලි සංදේශ, ඩිජිටල් යටිතල පහසුකම් හා විදේශ රැකියා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු විසින් ඉකොනොමැට්ටාට බාර දී තිබෙන බවයි.

    අරලියගහ මන්දිරයේදී 2018.10.26 වන දින එම පත්වීමේ ලිපිය ප්‍රධානය කළ බව අග්‍රාමාත්‍ය කාර්යාලයේ මාධ්‍ය ඒකකය සදහන් කරයි.

    “ලංකාවේ එක්සත් ජාතික පක්‍ෂයේ අපි අලූත් නායකත්ව පරපුරක් බිහි කිරීමට කටයුතු කර තිබෙනවා, ඒ වගේම පක්‍ෂයේ වැඩ කටයුතු වෙනුවෙන් නව නිලධාරීන් පත් කළා. එහි වැදගත් වගකීමක් වන්නේ මාධ්‍යයි."

    "එක්සත් ජාතික පක්‍ෂයේ බ්ලොග් පඩංගු ලියන හාල් කෑලි වල ප්‍රධානියා ලෙසත්, එක්සත් ජාතික පක්‍ෂයේ බ්ලොග් මාධ්‍ය ප්‍රකාශක ලෙසත් ඉකොනොමැට්ටා මහතා අප පත් කළා, ඒ මහතා මෙම තනතුරට සුදුසුම පුද්ගලයෙක් බව කිව යුතුයි.” රනිල් වික්‍රමසිංහ වැඩි දුරටත් සදහන් කර තිබේ.

    ReplyDelete
  3. ඉකොනොමැට්ටා එක එක විදේශ රටවල උන් (චීනෙයි, ඇමරිකන් රාජ්‍ය දෙපාර්තමේන්තුවයි යුරෝපේ එක එක රටවල උන්) ලංකාවේ දේශපාලනය තුළ කවුරුන් බලයට පත්විය යුතුද යන්න තීරණය කිරීමේ බලය පවරාගෙන ඇති බව පෙනේ. එය ඉතා බරපතල කාරණයකි.

    එහිදී ලංකාවේ මහින්ද රාජපක්ෂ/ රනිල් වික්‍රමසිංහ කර තිබෙන්නේ, අතීතයේ අපේ ඇතැම් රජවරුන් විදේශ ආක‍්‍රමණිකයා සමග රහස් ගනුදෙනුවලට ගොස් ඇතිවා සේ, තමාගේ පෞද්ගලික ලාභ ප‍්‍රයෝජන තකා, අපේ රටේ ස්වෛරීත්වයට අත පෙවීමට චීනයට/ ඇමරිකාවට අවස්ථාව සලසා දීමයි.

    ලංකාවේ මහින්දගේ ජනප‍්‍රිය පුරසාරමක් වන, ඔහු තුළ ඇතැයි කියන ජාති මාමකත්වය/ රනිල්ගේ ජනප‍්‍රිය පුරසාරමක් වන ඔහු තුළ ඇතැයි කියන මොළය මෙහිදී පුස්සක් වෙයි.

    ලංකාවේ එක්සත් ජාතික පක්‍ෂයේ වර්තමාන තත්වය තුළ දේශපාලඥයන්ට සහ දේශපාලන පක්ෂවලට, මැතිවරණ සඳහා විශාල මුදලක් අවශ්‍ය බව අප කවුරුත් දන්නා දෙයකි.

    අපේක්ෂකයන් ලබා ගන්නා ඡන්ද ප‍්‍රමාණය අනුව ඕස්ටේ‍්‍රලියාවේ ඔවුන්ගේ මැතිවරණ වියදම්වලින් යම් කොටසක් ආණ්ඩුවෙන් ගෙවනු ලැබේ. අනිත් අතට, ඡන්දාපේක්ෂකයන් මැතිවරණ වියදම් සොයා ගන්නා මූලාශ‍්‍ර සහ එම මුදල් වියදම් කරන ආකාරය ප‍්‍රකාශයට පත්කළ යුතු බවට ඕස්ටේ‍්‍රලියාවේ නීතිරීති පනවා තිබේ.

    ඕස්ටේ‍්‍රලියාවේ අපේක්ෂකයන් විදේශ මූලාශ‍්‍රවලින් අරමුදල් ලැබෙන්නේ නම් ඒවා වහාම ප‍්‍රකාශයට පත්කළ යුතුය. ලංකාවත් මීට සමාන නීතිරිති පනවා ගැනීමට කාලය පැමිණ තිබේ.

    ReplyDelete
    Replies
    1. //ඡන්දාපේක්ෂකයන් මැතිවරණ වියදම් සොයා ගන්නා මූලාශ‍්‍ර සහ එම මුදල් වියදම් කරන ආකාරය ප‍්‍රකාශයට පත්කළ යුතු බවට ඕස්ටේ‍්‍රලියාවේ නීතිරීති පනවා තිබේ.//
      ඇමරිකාවේත් එය එසේයි. මුදල් ලබා දුන් පුද්ගලයින්ගේ නම්, ලිපින, රැකියා, රැකියා ස්ථානය ආදී තොරතුරු වාර්තා කළ යුතුයි. ඒ වගේම එක් පුද්ගලයෙකු එක් අපේක්ෂකයෙකු වෙනුවෙන් වියදම් කළ හැකි මුදල් ප්‍රමාණයේ උපරිම සීමාවක් තිබෙනවා. බොහෝ මැතිවරණ හා අදාළව මේ උපරිම සීමාව සෑහෙන්න පහළින් තියෙන්නේ. මෙහි අරමුණ මහජන නියෝජිතයින් මුදලට ගැනීම පාලනය කිරීමයි.

      Delete
  4. ඉකොනොමැට්ටා දන්නවාද මහින්ද රාජපක්ස අගමැති වීම පිළිබඳව ලංකාවේ නීතියට අනුව නිල අගමැති මහින්ද අගමැති ධුරයට පත් කිරීම ව්‍යාවස්ථානුකුලව සිදු කර ඇති බව නීතීපතිවරයා විසින් දන්වා ඇති බව?

    නීතීපතිවරයා විසින් මෙම තිරණය කතානායක කරු ජයසුරිය වෙත දන්වා ඇතැයිද සදහන්;

    පවත්නා දේසපාලන වාතාවරණය හා මේ සම්බන්ධයෙන් දැනුම් දීම සදහා එක්සත් ජනතා නිදහස් සන්ධානය විසින් විශේෂ මාධ්‍ය හමුවක්ද කැදවා තිබේ.

    ReplyDelete
    Replies
    1. @ Ano 1531 pm

      ලංකාවේ නීතිපති දන්න ලබ්බෙ නීතිය.

      යකෝ ලංකාවේ නීතිය දන්නෙ ව්‍යවස්ථා විශාරද ඇමරිකන් අග විනිසුරු ඉකොනොමැට්ටායි, ඉකොනොමැට්ටාගේ රනිල් වික්‍රමසින්හ හාමු මහත්තයයි, අනුර කුමාර දෙවියන් වහන්සේයි, කොටි බාහු සහෝදරයයි. ලංකාවේ නීතිපතිට ඒව තීරණය කරන්න බෑ, එහෙම කරනව නම් ඒ කල යුත්තේ රනිල් වික්‍රමසින්හ හාමු මහත්තයගේ අභිමතය පරිදි ඉකොනොමැට්ටාටයි, ඉකොනොමැට්ටාගේ රනිල් වික්‍රමසින්හ හාමු මහත්තයටයි පමණයි.

      Delete
  5. මේ මහින්ද අගමැති ධුරයට පත් කිරීම ගැන අලි සබ්‍රි නම් නීතිඥ මහතෙකු විසින් ව්‍යාවස්ථානුකුලව කරන ලද තර්කය වඩාත් විධිමත් තර්කය යයි සලකන නිසා අප විවිධ තර්ක අතරින් එය පමණක් අරගෙන මෙම ජනාධිපතිවරයාගේ ක්‍රියාව ව්‍යවස්ථාව අනුව අර්ථ නිරූපණය කර තිබෙනවා.

    අලි සබ්‍රිගේ තර්කය මෙහෙමයි (පරිවර්තනයක් සැපයීමට නොහැකි වීම ගැන සමාවන්න):

    Opinion

    Could His Excellency President Maithripala Sirisena invite Hon. Mahinda Rajapakse to form the new government or swear in Hon. Mahinda Rajapakse as the Prime Minister?

    There is a constitutional law discussion which had arisen after the President had decided to swear in Former President Mahinda Rajapakse as the Prime Minister of the country. Former Prime Minister Hon. Ranil Wickramasinghe continues to claim that he is the Prime Minister. It is interesting to study the Constitutional Provisions governing the appointment and/or seizure of the post of Prime Minister in terms of the law. In other words the Supreme Law of the land.

    Article 42 (1) of the Constitution reads as follows and thus talk about the formation of a government.

    ➢ Article 42 (1) reads as follows;

    42. (1) There shall be a Cabinet of Ministers charged with the direction and control of the Government of the Republic.

    Thus the formation of the government begins with the formation of the cabinet. In that scenario, the President who is the head of the cabinet of ministers [Article 42(3)] can appoint a member of parliament who in the President’s opinion is most likely to command the confidence of the Parliament.

    ➢ Article 42 (4) reads as follows;
    The President shall appoint as Prime Minister the Member of Parliament, who, in the President’s opinion, is most likely to command the confidence of Parliament.

    The President in terms of Article 43(3) of the constitution is entitled at any time to change the composition subject and functions of the Ministers.

    Once the President and the Prime Minister decides to form the cabinet. Such cabinet shall be restricted to numbers specified in Article 46 (1)(a) Article 46(1)(b) of the constitution.

    ➢ Article 46 (1)(a) Article 46(1)(b) reads as follows;

    46. (1) The total number of–
    (a) Ministers of the Cabinet of Ministers shall not exceed thirty; and
    (b) Ministers who are not members of the Cabinet of Ministers and Deputy Ministers shall not, in the aggregate, exceed forty.

    ReplyDelete
    Replies
    1. The outgoing cabinet was beyond the aforesaid numbers. THE ISSUE ARISES AS TO WHETHER IT WAS CONSTITUTIONALLY POSSIBLE?

      Yes. It was possible because of the provisions in Article 46(4) and Article 46(5) of the Constitution in terms of which in the event of a national government the Parliament has the right to decide on the number of Ministers and the Ministeries.

      What is a National Government is specified in Article 46 (5) of the Constitution which reads as follows;

      ➢ Article 46 (5) reads as follows;

      For the purpose of paragraph (4), National Government means, a Government formed by the recognized political party or the independent group which obtains the highest number of seats in Parliament together with the other recognized political parties or the independent groups.

      Accordingly and admittedly the National government which was formed ceased to exist as one of the constituent parties thereof namely United People’s Freedom Alliance [UPFA] had withdrawn from the said Government. In other words, the Government of the day upon the withdrawal of UPFA ceased to exist. Thus, the necessity to form a new government had constitutionally arisen.

      Next logical question is when the National Government ceases to exist what happens to the Cabinet and the Prime Minister?

      When the government had fallen there cannot be a cabinet. The Cabinet ipso facto dissolves.

      It is important to look at the provisions in Article 46 (2) of the Constitution which talks about the Prime Minister’s post and his tenure in office.

      ➢ Article 46 (2) reads as follows;

      The Prime Minister shall continue to hold office throughout the period during which the Cabinet of Ministers continues to function under the provisions of the Constitution unless he –

      (a) resigns his office by a writing under his hand addressed to the President; or

      (b) ceases to be a Member of Parliament.

      Accordingly, with the withdrawal of UPFA the then existing unity government and the Cabinet of Ministers cease to exist so does the Prime Minister. Hence, the post of Prime Minister had fallen vacant. Thus it’s a new beginning which begins with the formation of the new Government.

      First of such test is for the President to invoke Article 42(4) of the Constitution.

      ➢ Article 42(4) reads as follows-

      The President shall appoint as Prime Minister the Member of Parliament, who, in the President’s opinion, is most likely to command the confidence of Parliament.

      Accordingly, the President appointing a member of Parliament who in the President’s opinion is likely to command the confidence parliament is perfectly constitutional.

      At this point in time which is an interim period until such time the Parliament is convened and the Hon. Prime Minister is to prove his majority what matters is the President’s opinion. H.E President Maithripala Sirisena in his opinion had appointed Hon. Mahinda Rajapakse as the Prime Minister of the Republic.

      It goes without saying whoever who is appointed as the Prime Minister, shall show his majority in the Parliament to continue to function in the said position.

      Delete
  6. කවුද මේ නලින් ද සිල්වා? නාථ දෙවියන්ගේ ගෝලයාද?

    ReplyDelete
  7. CSE(Colombo Stock Exchange) එක ගැන මොකද කියන්නෙ ?

    ReplyDelete
  8. 42 අනුව්‍යවස්ථාවේ මාතෘකාව "අග්‍රාමාත්‍යවරයා හා අමාත්‍ය මණ්ඩලය" ලෙස යෙදීම කරණ කොටගෙන අග්‍රාමාත්‍යවරයා අමාත්‍ය මණ්ඩලයට අයත් නොවන භුතාර්ථයක් බවට පත් වේ නම්, එකී අනු මාතෘකාව "අමාත්‍ය මණ්ඩලය" නම් ප්‍රධාන මාතෘකාව යටතේ පෙනී සිටීම විසින් අග්‍රාමාත්‍යවරයා අමාත්‍ය මණ්ඩලය තුලට නැවත අන්තර්ග්‍රහණය කෙරෙන්නේය. එනයින් ඉකොනොමැට්ටා විසින් "චතුස්කෝටික" උපමාවෙන් ගෙන එන තර්කය පුස්සක් වන්නේය.

    අග්‍රාමාත්‍යවරයා අමාත්‍ය මණ්ඩලයේ අග්‍රයාය - හේ ඉන් කොටසක් ම වන්නේය. බාහිර අංගයක් නොවන්නේය. අග්‍රාමාත්‍යයා අනෙක් අමාත්‍යවරුන් මෙන් මන්ත්‍රීවරුන් අතුරෙන් ම තෝරා ගත් තැනැත්තෙක් මිස ජනාධිපතිවරයා මෙන් ඉන් පරිබාහිර තැනැත්තෙක් නොවන්නේය.

    උක්ත කරුණ හේතුවෙන්, 43.3 අනුව්‍යවස්ථාවේ සඳහන් කෙරෙන ආකාරයෙන් අමාත්‍ය මණ්ඩලයේ සංයුතිය, විෂය සහ කාර්‍ය වෙනස් කිරීම යටතේ අග්‍රාමාත්‍ය වරයා ඉවත් කළ හැක්කේය. එසේ කිරීමෙන් අමාත්‍ය මණ්ඩලයේ අඛණ්ඩ පැවැත්ම වෙනස් නොවන්නේය.
    ---

    අමාත්‍ය මණ්ඩලය යනු මෙහිදී වියුක්ත භුතාර්ථයකි. එනම් සිතේ පහල කරගත යුතු දෙයකි. ඇසට පෙනෙන කනට ඇසෙන අයුරින් සැබවින්ම පවත්නේ නැති දෙයකි. ජනාධිපති කාර්‍යාලය විසින් අනෙක් අමාත්‍යවරුන්ගේ ඇමති ධුර ද අහෝසි වන බවට ගැසට් කිරීමෙන් පසු හිටපු අමාත්‍ය අර්ජුණ රණතුංග තෙල් සංස්ථාවට රිංගා මිනී මරන්නේත්, මංගල සමරවීර රුපවාහිනී සංස්ථාවට පැන හූ හඬට ලක් වන්නේත් වියුක්ත භුතාර්ථයක් ස්පර්ශ කරන්නට හැකි යයි හටගත් සිතුවිල්ලෙනි.

    සිදු වූ දේ නැවත කීවොත්,
    43.3 අනු ව්‍යවස්ථාව යටතේ ජනාධිපති වරයා විසින් අමාත්‍ය මණ්ඩලයේ සංයුතිය වෙනස් කරයි. එහිදී වෙනස් වන්නේ අග්‍රාමාත්‍යවරයා ය. අග්‍රාමාත්‍ය ධුරයට වෙනත් කෙනෙක් පත් කරනු හා සමගම, පෙර පසු නොවීම, එතෙක් ධුරය දැරූ අග්‍රාමාත්‍යවරයා ඉතිහාසයට එකතු වේ.
    පසුව සිදු වූ දේ විස්තර කළ යුතු නැත.

    එසේ වුවත් ගරුතර ඉකොනොමැට්ටා තුමා විසින් පවසන පහත කරුණ පිළිබඳ අපගේ අනුමැතිය හිමි වේ.
    "ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අර්ථ නිරූපණය කිරීමේ තනි හා අනන්‍ය බලය තිබෙන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයටයි. අපි වගේ බ්ලොග් පඩංගු ලියන හාල් කෑලි වලට වගේම වෙනත් ව්‍යවස්ථා විශාරදයින්ටත් අදහස් දක්වන්න පුළුවන් වුවත් ඒවා නිකම්ම නිකම් අදහස් පමණයි."

    මේ ගැන මා මගේ අඩවියේ ද අදහස් දැක්වීමක් කළා.
    ලිච්ඡවී පාලනයක අවසානය !

    ReplyDelete
    Replies
    1. //එකී අනු මාතෘකාව "අමාත්‍ය මණ්ඩලය" නම් ප්‍රධාන මාතෘකාව යටතේ පෙනී සිටීම විසින් අග්‍රාමාත්‍යවරයා අමාත්‍ය මණ්ඩලය තුලට නැවත අන්තර්ග්‍රහණය කෙරෙන්නේය.//
      තාර්කික ලෙස බැලුවොත් ඔබ කියන දෙය හරි. එසේ තිබියදී මේ කෙටි ටයිටලය ගැන සඳහන් කළේ මා දන්නා තරමින් අධිකරණය මගින් අර්ථදැක්වීමේදී අනුව්‍යවස්ථාවක/පණතක කෙටි ටයිටලයට නෛතික වටිනාකමක් තිබෙන නිසා. එක් එක් අනුව්‍යවස්ථාව (කෙටි ටයිටලයද සහිතව) වෙනම කොටසක් සේ සැලකෙනවා. ප්‍රධාන මාතෘකාවට එවැනි වැදගත්කමක් තිබේද කියා මා දන්නේ නැහැ.

      //අග්‍රාමාත්‍යවරයා අමාත්‍ය මණ්ඩලයේ අග්‍රයාය.//
      අමාත්‍ය මණ්ඩලයේ ප්‍රධානියා ජනාධිපතිවරයාය. මේ තර්කය අනුව ගත්තොත් ජනාධිපතිවරයාද අමාත්‍ය මණ්ඩලයේ කොටසකි. එසේනම් තවත් ඇමතිවරුන් 28කට වඩා පත් කළ නොහැකිය.

      //එහිදී වෙනස් වන්නේ අග්‍රාමාත්‍යවරයා ය. අග්‍රාමාත්‍ය ධුරයට වෙනත් කෙනෙක් පත් කරනු හා සමගම, පෙර පසු නොවීම// මට නිවැරදියි කියා පෙනෙන දෙය වෙනුවෙන් මිසක් එක් මතයක් වෙනුවෙන් දිගින් දිගටම තර්ක කරන්න අවශ්‍ය නැහැ. අගමැති ඇමති මණ්ඩලයේ කොටසක්ය කියන එක නිවැරදි වීමට යටත්ව, මේ එකවර සිදුවීම කියන තර්කයට පදනමක් තිබෙනවා. ප්‍රායෝගිකව බැරිවුවත්, නෛතිකව එකවර දේවල් කිහිපයක් කළ හැකියි.

      කොහොම වුනත් අවසාන වශයෙන් මෙය අර්ථදැක්වීමේ තනි හා අනන්‍ය බලය තිබෙන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයටයි. අප සියල්ලන්ටම පෙනෙන දෙයට වෙනස් අයුරකින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අර්ථදැක්වීමක් කළත් අවසානයේ බලාත්මක වන්නේ එයයි.

      Delete
    2. * මා ත්. නමුත් එසේ නොවීමට හේතුවක් ද නොපෙනේ.

      * ඒ ව්‍යවස්ථාවේ කියැවෙන දේය. එය නිවැරදිය. මා මෙහි සඳහන් කළේ වචනාර්ථයයි. අමාත්‍යවරු (සමානයන්) අතර අග්‍රයා අග්‍ර අමාත්‍ය වරයාය. ජනාධිපතිවරයා අනෙක් ඇමති වරුන් හා සමාන නොවේ. ජනාධිපති තෙමේම අමාත්‍ය මණ්ඩලයට (ව්‍යවස්ථාවෙන්) පත් වේ. අග්‍රාමාත්‍යයා ඇතුළු අමාත්‍යවරු ජනාධිපතිවරයා විසින් තෝරා පත් කර ගැනෙති.

      ජනපති හා අගමැති හැරුණු කොට අමාත්‍ය මණ්ඩලය 28 බව මාගේත් අදහස වේ. ගණන් ගැනීමේදී මේ දෙදෙනාත් සමග ගණන් කළ යුතුය. යම් හෙයකින් ජනපති කිසිදු අමාත්‍ය ධුරයක් නොදරන්නේනම් තත්වය මා අධ්‍යයනය කර නැත.

      * මේ දෙක එකවර සිදු වේ.

      * එසේය.

      Delete
  9. අමාත්‍ය මණ්ඩලය කියන ටයිටල් එක යටතේ, 42.4 දී අග්‍රාමාත්‍යවරයා පත් කිරිම ගැන කතා කරණ නිසා අපිට මෙහිදී ඔහු අමාත්‍ය මණ්ඩලයට අයිතිය කියා සැළකිය හැකියි නේද?

    මේක විසඳිය යුත්තේ ශ්‍රේෂ්ඨාදිකරණයෙන්නම් ඇයි මේ කවුරුවත් එතනට යොමු වෙන්නැත්තෙ කියන එක ලොකු ප්‍රශ්නයක්. මුන් ඔක්කොවන්ටම ඕන බිලි පූජා ද? ලේ ගලා යාම්ද ?

    මේක ගොඩක් අවුල් තියන මංඥන් ව්‍යවස්ථාවක් වගේ. ඉංග්‍රීසි සහ සිංහල වර්ෂන් අතරත් පරස්පරතා තියනවා කියනවා ඇහුනා..

    කවුරු මොනවා කිව්වත් ලංකවට ගැලපෙන්නේ පූර්ණ බලතල විධායක ජනාධිපති ක්‍රමයක් කියන එක තම මේ අවුලෙන් ඔප්පු වෙන්නේ, අපේ අය පාර්ලිමේන්තුවෙන් ගැටලු නිරාකරණය කරගන්නේ මේ විධිහටම්.

    දැන් වටින් ගොඩින් ඇහෙන විදිහට චීනය හා බටහිර රටවල් ඔට්‍ටුවට සල්ලි විසි කරණවලු තම්න්ගේ පාලනයක් පිහි‍ටුවන්න.. මෙහෙම බලපුවම විනිමය අනුපාතයනම් අවු වෙයි නේද ඉකොනො. අපිට ඒ ගැන වෙනස් තැනක ඉඳන් කතා කරන්න පුළුවන් වෙයි වගේ මේ අර්බුධය ඉවර වුනාට පස්සේ... හැහ් හැහ්... :D

    ReplyDelete
    Replies
    1. විධායකය හෝ ව්‍යවස්ථාදායකය අධිකරණයට යටත් නැහැ. ඒ නිසා, අධිකරණයේ මතය විමසීම අත්‍යාවශ්‍ය කරුණක් නෙමෙයි. සාමාන්‍ය නෛතික කරුණකදී අධිකරණයේ අදහස විමසිය හැකි වුවත් ඒ අනුව ක්‍රියා කිරීමට විධායකය හෝ ව්‍යවස්ථාදායකය බැඳී නැහැ. නමුත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අර්ථදැක්වීම හා අදාළව තනි හා අනන්‍ය බලය තිබෙන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයට නිසා විධායකයට හෝ ව්‍යවස්ථාදායකයට එය නොසලකා හැරිය නොහැකියි. ශ්‍රේෂ්ඨාධිකරණයට කළ හැක්කේ ව්‍යවස්ථාව හෝ වෙනත් පවතින නීතියක් අර්ථ දැක්වීම පමණයි. ව්‍යවස්ථාදායකයට අවශ්‍යනම් නීතිය වෙනස් කළ හැකියි. නමුත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කිරීමටනම් 2/3ක් අවශ්‍ය නිසා එය මේ වෙලාවේ කාටවත් ප්‍රායෝගිකව කළ නොහැකියි. මම හිතන්නේ පාර්ශ්ව දෙකම කරන්නේ නොපැහැදිලිකමේ වාසිය ගැනීමයි.

      Delete
    2. සංයුතිය සහ සබ්ජෙක්ට්ස් වෙනස් කරන්න පුලුඅවන්. අගමැති තනතුර කියන්නේ සබ්ජෙක්ට් එකක් හෝ සංයුතිය පිලිබඳ ප්‍රශ්නයක් නෙමෙයි. ජනාධිපති කැබිනට් එකේ සාමාජිකයෙක් උනාට කැබිනට් එක වෙනස් උන පලියට ජනාධිපති වෙනස් වෙන්නේ නැ වගේ තමයි. ඒ වගේ විශේෂ තනතුරු ආවට ගියාට වෙනස් කරන්න බැරිවෙන්න තමයි ඒවා ගැන ව්‍යවස්ථාවේ වෙනම ලියල තියෙන්නේ.මේවයේ ඉතින් තර්ක කරන්න දෙයක් නැහැ. ඔහොම කරන එකට Validity එකක් තියෙනවනම් මුලින්ම දෝෂාබියෝග නොගෙනත් කෙලින්ම අයින් කරලා දාන්න තිබ්බනේ.
      මේවට තමයි කියන්නේ "Desperate times a call for desperate measures" කියල.
      අනික ආණ්ඩුවේ ගෙම්බන්පිළල කියන්නේ කැබිනට්ටුව අහෝසි උන නිසා වෙන එකක් පත් කළා කියල.
      දැන් කොයි මොංගල් කතාවද අපි පිළිගන්න ඕන කියල මුලින් කියල ඉන්නවද? නැතිනම් කොහොමහරි අවුට්ද?

      Delete
    3. තව දෙයක්. ඔය තර්කය Valid නම් මහින්දය අගමැති වුනාට අන්තිමට දිමුවගේ ලෙවෙල් එකේ බුවෙක් විතරයි. ඕන වෙලාවක අයින් කරලා දාන්න පුළුවන්නේ අපහු හිටන් 2020 ජනාදිපති උනාට පස්සේ. අනේ හුකේ..
      බයියන්ගේ මයින්ඩ්ර සෙට් එක වෙන මොකක්වත් නෙමෙයි. රනිල් අයින් කරනකම් ජනාධිපතිට ඕන විදියට වෙනස් කරන්න පුළුවන්. හැබැයි ඊට පස්සේ හිටන්ට ඕන ඕන විදියට අගමැතිව වෙනස් කරන්න බලයක් නැහැ හොඳේ. අගමැති කියන්නේ පට්ට බලගතු තනතුරක් හොඳේ හිටන්ටවත් ඇත තියන්න බැරි.

      Delete
    4. ඔය දෙවෙනියට කියපු හේතුව නිසා ඊළඟට මහින්දයට සම්බුව කන්න වෙන බව දන්නා නිසා තමයි ගෙම්බල ඔය තර්කෙ දාන්නේ නැතිව ඉන්න ප්‍රවේසම් වෙන්නේ. සහ ජනාධිපතිය රනිල්ව අයින්කලේ මොන බලතල යටතේද කියල කට හොල්ලන්නෙ නැත්තේ.

      Delete
    5. තව දෙයක්. ඔය කුමන තත්වයක උදා වූවත් එජාප නායකයා රනිල්ම විතරයි, එතුමානන්ගේ ජීවිත කාලය පුරාවටම. ඒක වෙනස් කරන්න උත්සාහ කරන්න බලයක් නැහැ, කාලෙ කෑමක් විතරයි.

      ඒ වගේම කියන්නට ඕනා, රනිල්ගේ ඇවෑමෙන් නායකයකු වන්නේ එතුමා පත් කරන්නකු පමනයි. කිසිම තත්වයක් යටතේදී වත් අඩු කුලේ රොඩී නිදන් හොරා එජාප නායක වන්නේ නෑ, වෙන්නට අප කිසිසේත්ම ඉඩ තියන්නේ නෑ.

      එනිසා අප සජිත් ප්‍රේමදාසයට කියන්නේ ගන්න පුලුවන් තරමක් අරන් පල පක්ෂයයෙන්ම හැදි ගෑවිලා.

      Delete
    6. //තව දෙයක්. ඔය කුමන තත්වයක උදා වූවත් එජාප නායකයා රනිල්ම විතරයි, එතුමානන්ගේ ජීවිත කාලය පුරාවටම. ඒක වෙනස් කරන්න උත්සාහ කරන්න බලයක් නැහැ, කාලෙ කෑමක් විතරයි.

      ඒ වගේම කියන්නට ඕනා, රනිල්ගේ ඇවෑමෙන් නායකයකු වන්නේ එතුමා පත් කරන්නකු පමනයි. කිසිම තත්වයක් යටතේදී වත් අඩු කුලේ රොඩී නිදන් හොරා එජාප නායක වන්නේ නෑ, වෙන්නට අප කිසිසේත්ම ඉඩ තියන්නේ නෑ.

      එනිසා අප සජිත් ප්‍රේමදාසයට කියන්නේ ගන්න පුලුවන් තරමක් අරන් පල පක්ෂයයෙන්ම හැදි ගෑවිලා.//
      බයියෙකුට කටඋත්තර නැති වෙලා මගේ ඒවාට Add කරනවා

      Delete
    7. රටට පත්වෙච්ච නස්පැත්තියට වගකියන්න ඕන මෛත්‍රිපාල සිරිසේන වත්මන් ජනාධිපතිවරයා.
      2014 නොවැම්බර් ගත්ත තිරණය සහ 2018 ඔක්තෝම්බර් ගත්ත තිරණ නිසා අද රට අරාජික වෙලා. මිනිස්සු මහපාරේ රටේ අගමැතිවරයා කවුද කියල තිරණයක් නෑ.

      ගංගාරාම පොඩි හාමුදුරුවන් වැලපෙනව මේ රටට වෙච්ච විපත ගැන. ජවිපෙ නායක අනුර කුමාර වේදිකාවල 2012-2015 කිව්ව වගේ රාජපක්ෂ හොර හැත්තට රට දුන්නෝතින් ආයෙත් දළදා මාළිගාව වටේ ගොන්නු ගෙනල්ලා රේස් නොපැද ඉදීවිද? පාතාල නායකයන්ට තියෙන සම්ප්‍රදායවත් රාජපක්ෂට නෑ

      රාජපක්ෂ අයවැය රහස් රාජපක්ෂ පුත්තුන්ට දුන් නිසා පුත්තු අයවැය ගේන්නත් කලින් රේසිං කාර් 19 ක් ඕඩර් කළා. ලැම්බෝගිනි රේසින් කාර් 02යි, පෝෂේ රේසින් කාර් 1යි, ඉටියෝස් රේසින් කාර් 13යි, ඇස්ටන් මාර්ටින්, නිසාන් ෆෙයාර්ලේඩ් සහ හොන්ඩා සිවික් එක් රථය බැගින්. වටිනාකම ලක්ෂ 933 යි, පුත්තුන්ට බදු නිදහස ලක්ෂ 2,500 යි. මොන නායකයෙක්ද මේ? මේ ප්‍රශ්න නැගු ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක වැඩි දුරටත් අදහස් දැක්වූ අනර රාජපක්ෂ පාලනයේ පොදු පෙරමුණු ආණ්ඩුව ලෙස මේ වනවිට අවුරුදු දෙකක් ඇරෙන්නට වසර 16ක් තිස්සේ රට පාලනය කොට මහින්ද රාජපක්ෂ පාලනයේ අවුරුදු 10ක පාලනයේ ආර්ථීක ප්‍රතිලාභ තමයි මේ ජනතාවට ලැඛෙමින් තිඛෙන්නේ.

      මල්වාන නිවස කාගේ දැයි කියා හෝ හොරා කවුදැයි කියා හෝ මේ රටේ ජනතාවට සැකයක් නැතත් කිසිවකු දඬුක‍ඳේ ගසන්නට බැරි වී තිබෙන්නේ ඒ නිසාමය. ඩේසි ආච්චිට ලැබුණු මැණික් මල්ලේ කතාව ගැනද කියන්නට තිබෙන්නේ ඒකය. මහජන මුදලින් නෑ හිතවතුන්ට වාහන නිවාස බෙදා දුන් උදවියට ඇප ලබා වීරයන් සේ හැසිරෙන්න ඉඩ ලැබී තිබෙන්නේද ඒ නිසාමය. මිනීමැරුම්වලට, අතුරුදන් කිරීම්වලට වගකිවයුත්තන් නිරුපද්‍රිතව සිටින්නේද ‘යහපාලනය’ නීතියෙන්ම කරන්න යන නිසාය.

      ඒ අතර යහපාලනයට එරෙහි බලවේගවලට මෙබඳු කිසිදු නීතියකට හෝ යුක්තියකට හෝ ගරු කිරීමේ වුවමනාවක් නැත. නීතිය නවන්නටත්, නොමඟ යවන්නටත්, හැකිනම් යට ගසන්නටත් කළ හැකි සියලු දේ ඔවුහු කරති. බොහෝ දේ සිදුවන්නේ තිරය පිටුපසය. ඒවා ඔප්පු කළ නොහැකි වුවද සිදුවන බවට සාධක ඇත. ඒවා දැනගැනීමේ ඉඩ මෙරට ජනයාට නැතුවා නොවේ. මහජනයා වඩාත් කෝපයට පත්ව සිටින්නේ එම තත්ත්වය නිසාමය.

      ඒකාබද්ධ විපක්ෂ හොර කල්ලිය සිතා සිටින්නේ මේ සියල්ල ආණ්ඩුව දුර්වලවන සිද්ධි ලෙස විය හැකිය. එහි යම් සත්‍යයක් නැතුවාද නොවේ. එසේ වුවද ඔවුන් සිතන පරිදි මෙයින් ආණ්ඩුව කඩා වැටෙන්නේ හෝ ඔවුන්ට ආණ්ඩු බලය ගැනීමට මඟපෑදෙන්නේ හෝ නැත. එයට හේතුව නම් ජනවාරි අට ආණ්ඩු පෙරළිය නිකම් ආණ්ඩු වෙනසක් නොවීමයි. එය මෙරට ජනතාව පෙළ ගැසී කළ එක්තරා ආකාරයක විප්ලවයකි. එයට පෙළ ගැසුණු ජනයා ඒ ගමන ඉදිරියටම යනු ඇත. ආපසු හැරවිය නොහැකි වන්නේ එම ජනතා බලවේගයේ අභිලාෂයයි. දූෂණයට, භීෂණයට ‍එරෙහිව වරක් නැගී සිට එය පරාජය කළ ජනයා යළිත් වරක් එබඳු යුගයකට රට ගෙනයන්නට ඉඩ දෙන්නේ නැත.

      මෙම දේශපාලන ගමන් මගේ කුමන හැල හැප්පීම් තිබුණද අවසානයේ ජයගන්නේ යහපාලනය සඳහා වූ ජනතා අපේක්ෂාවයි. ඇත්ත වශයෙන්ම දැන් උදාවී තිබෙන්නේ යහපාලනයේ නව අවදියකට ප්‍රවිෂ්ටවීමේ අවස්ථාවකි. යහපාලනයට ළැදි හා සමාජ ප්‍රගමනය අපේක්ෂා කරන සියලු දෙනා දැන් ක්‍රියාත්මක විය යුත්තේ යහපාලන ක්‍රියාදාමය එම උසස් අවදියට ඔසවා තැබීමටය.

      Delete
  10. //අමාත්‍ය මණ්ඩලය කියන ටයිටල් එක යටතේ, 42.4 දී අග්‍රාමාත්‍යවරයා පත් කිරිම ගැන කතා කරණ නිසා අපිට මෙහිදී ඔහු අමාත්‍ය මණ්ඩලයට අයිතිය කියා සැළකිය හැකියි නේද?
    // මටත් මේක හිතුණා. හරියට නිකන් ක්‍රිකට් ටීම් එක කිව්වම කැප්ටන් කොහොමත් ඇතුලත් වගේ කතාවක් නේද?

    ReplyDelete
    Replies
    1. උඩ කතා කතුට දුන් පිළිතුරේ මේ ගැන මගේ අදහස තිබෙනවා.

      Delete
  11. ව්‍යවස්ථා ගේම් වලින් ඉන්න මිනිස්සුන්ට උත්තර දෙන්න වෙන්නෙත් ව්‍යවස්ථා ගේම් වලින්ම තමයි. මොකද දේශපාලනේ උඩ ඉඳං යටටම සදාචාර විරෝධියි.

    මට අනුව නං රනිල් ඊළඟ මැතිවරණය වෙනකං බලයේ ඉන්න එක අවුලක් නෑ. හැබැයි මිනිහා මැතිවරණ තියන මිනිහෙක් නෙවෙයි.

    අනික තමයි ඊළඟ මැතිවරණේ රනිල් පරාද වෙනවා දෙකක් නෑ. ඒක හින්දා රනිල් කරන්න තියන දහ පදුරා වැඩ ඔක්කොම කරනවා මේ ඉන්න ටිකට. ඒකටම සෙට් වෙච්ච සෙට් එකකුත් ඉන්නවා.

    දැං බලන්න රනිල් 19න් ගහලා තියන ගේම? මොකෙක්ට වත් මිනිහව පන්නන්න බැරි වෙන්න ගහලා තියෙන්නේ. මේ වගේ දේවල් දරුණු විදිහට සදාචාර විරෝධියි.

    මොනවා උනත් මහින්ද මේ වගේ ඡන්ද නොතියා මිනිස්සුන්ගේ අඩුම ඡන්ද අයිතියත් කොල්ල කෑවේ නෑ. මිනිහා කරන දහපදුරා වැඩ ඔක්කොම කරේ මිනිස්සුන්ගේ ආශිර්වාදයෙන්. මොකද මිනිස්සු හැමදාම හොරා හොරා කිය කිය ඡන්දේ දුන්නා.

    රනිලගේ අඩුම ගානේ ඒකවත් නෑ. ඡන්ද නොතියම ඉන්න ටිකේ ඉඳලා යන්න ව්‍යවස්ථාව හදාගෙන තියෙන්නේ.

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: