වෙබ් ලිපිනය:

Sunday, October 28, 2018

වහාම පාර්ලිමේන්තුව කැඳවන ලෙස ඇමරිකාව ඉල්ලා සිටී.


ශ්‍රී ලංකාවේ වත්මන් තත්ත්වය පිළිබඳව කණස්සල්ල පළ කරමින් ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. පහත තිබෙන්නේ අදාළ නිවේදනයේ සිංහල පරිවර්තනයක්.

"හෙදර් නවර්ට් 
දෙපාර්තමේන්තු ප්‍රකාශක 
වොෂින්ටන්, ඩීසී
ඔක්තෝබර් 28, 2018

ඇමරිකා එක්සත් ජනපදය ශ්‍රී ලංකාවේ සිදුවෙමින් පවතින සිදුවීම් පිළිබඳව නිරතුරු අවධානයෙන් සිටී. භීෂණකාරී ක්‍රියාවන්ගෙන් හා බියගැන්වීම් වලින් වැලකී සිටින මෙන් අපි සියළු පාර්ශ්ව වලින් ඉල්ලා සිටිමු. ශ්‍රී ලංකාවේ ජනතාව විසින් ප්‍රජාතන්ත්‍රවාදී ලෙස තෝරා පත්කරගෙන ඇති මහජන නියෝජිතයන්ට ආණ්ඩුව මෙහෙයවිය යුත්තේ කවුරුන් විසින්දැයි තීරණය කිරීමට ඉඩ ලබාදෙමින්, කතානායකවරයා සමඟ සාකච්ඡා කොට වහාම පාර්ලිමේන්තුව කැඳවන මෙන් ජනාධිපතිවරයාගෙන් අපි ඉල්ලා සිටිමු."

ඒ සමඟම එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම්ගේ ප්‍රකාශක ස්ටෙෆාන් ඩුජාරික් විසින්ද මේ වන විට ශ්‍රී ලංකාවේ තත්ත්වය ගැන නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

"මේ වන විට ශ්‍රී ලංකාවේ සිදුවන සිදුවීම් පිළිබඳව මහලේකම් වරයා මහත් අවධානයෙන් බලා සිටී. ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන හා ක්‍රමවේදයන්ටත්, ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදායන්ටත් ගරු කරමින්, ශ්‍රී ලාංකිකයින්ගේ ආරක්ෂාව හා සුරක්ෂිතතාව තහවුරු කෙරෙන පරිදි නීතියේ ආධිපත්‍යය සුරකින මෙන් ඔහු රජයෙන් ඉල්ලා සිටී.

සංයමයකින් යුතුව හා සාමකාමී ආකාරයකින් පවත්නා තත්ත්වය කළමනාකරණය ගන්නා මෙන් ඔහු සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටී."

(Image: https://en.wikipedia.org/wiki/United_States_Department_of_State)

10 comments:

  1. මහත්තය එක්සත් ජාතික පක්ෂ මාධ්‍ය ඒකකයේ නේද? දැන් රස්සාව නැති වෙයිද?

    ReplyDelete
  2. සිරිසේන ජාතිය අමතා කල කතාවෙන් කියවුන වැදගත් දෙයක් තමයි මහ බැංකු මංකොල්ලය.මේ පළවෙනි එකද? රාජපක්ෂ ආණ්ඩුවෙන් මේ දෙයම සිදු වෙනකොට ඇමති සිරිසේන විරුද්ධ උන බවට සාක්ෂි තියෙනවද? මං කියන්නෙ දෙගොල්ලන්ම වැරදියි. මෙතන සිරිසේන කරන්නේ බොරුවක්. පාර්ලිමේන්තුව වහාම කැඳවන්න. කවුරු කිව්වත් ඒක තමයි හරි. සිරිසේනට ඒක කරන්න ඉඩ නොදෙන්නෙ රාජපක්ෂ.

    ReplyDelete
  3. ඉකොනොමැට්ටා සිරිසේන 2020 ජනාධිපති වෙන්න ඩීල් එක දා ගෙන රට ගිනි තිබ්බට මහින්දට ඔන වුනේ ඔලුව දා ගන්න විතරයි. බලපං ආ‌ප්පයට මහින්ද අරින්නේ වාටියක්වත් හො‌යාගන්න බැරි වෙන්න.

    ReplyDelete
  4. හහ් හහ් හා, ඇමෙරිකාව, ලංකාවට තියෙන ආදරයක මහත ... :D :D :D

    යකෝ මේ ඇමරිකන් රාජ්‍ය දෙපාර්තමේන්තුවටයි යුරෝපේ එක එක රටවල් උන්ට පුදුම ඇම්මක් නේ තියෙන්නේ අපි ගැන, ඉතින් යකෝ ඔච්චර අහවල් එකේ ඇම්මක් තියෙනව නම් මෙච්චර පොඩි රටක් වෙච්ච එකේ උන්ගේම මුදල් දාලා රට හදල දීපන් ප ... මේ හැම එකාම එකයි, පෙරේත හැත්ත උන් කවදාවත් කැමති නෑ අපි දියුණු වෙලා උන්ට නොනැමී බලවත්ව ඉන්නවට, ලොකු එකා හැමදාම කලේ උන්ගේ බලය රැකගන්න පොඩි උන් පාවිච්චි කිරීම.. ලංකාවේ නායකයෝ කියන අමන ‍රැලත් එච්චර තමයි. අවුරුදු එකක් හමාරක් ඉවසලා ගෝඨාභයට ජනාධිපති අපේක්ෂක කම දුන්නනං ගෝඨාභය උඩින්ම දිනුම් ඊට පස්සෙ මරා කියන ගොන්වාහේට නිකම්ම අගමැතිකම ලැබෙනවා. අවුරුදු එකහමාරක් ඉවසලා 2/3ක් ගන්න තිබුන චාන්ස් එක මේ ගොං රැල නාගත්තා. මහලොකු පරිණත දේශපාලනඥයින්. රෙද්ද තමයි.

    ReplyDelete
    Replies
    1. ඇමරිකාව ආදරේ නෑ චීනෙ තමා ආදරේ

      Delete
    2. /ඇමරිකාව ආදරේ නෑ චීනෙ තමා ආදරේ/

      ගැඹුරින් කරුණු සොයා බැලීමකින් තොරව චීනය වෙනත් රටවල්වල යටිතල ව්‍යාපෘති සඳහා ණය ලබා දෙන්නේ, එම රට තමන්ගේ භූ-දේශපාලනික අණසක යටතේ පවත්වා ගැනීමට බව කියැවේ. ණය ගන්නා රට, ගත් ණය ආපසු ගෙවීමේ කාලය එන විට එම ණය ගෙවා ගත නොහැකිව හිර වන්නේය. එවිට චීනය කරන්නේ, අදාළ ව්‍යාපෘතිය හෝ එය පිහිටි රටේ බිම් ප‍්‍රමාණයක් හෝ ව්‍යාපෘතියේ ඇතැම් පහසුකම් සම්බන්ධයෙන් විශේෂ අයිතියක් හෝ තමන් වෙත පවරා ගැනීමයි. ඔස්ටේ‍්‍රලියාවේදී මේ ළඟදී මා නැරැඹූ එක් වාර්තා චිත‍්‍රපටයකින් පෙන්වා දුන් පරිදි, ‘වනුවාටු’ නැමැති ශාන්තිකර සාගර දිවයිනේ චීනය ගෙන යන සෙල්ලම එයයි.

      ‘නිව් යෝර්ක් ටයිම්ස්’ පුවත්පතේ ලංකාව සම්බන්ධ ප‍්‍රවෘත්තිය තුළ රොඩි‍්‍රගෝ නැමැති අපේ රාජ්‍ය තාන්ත‍්‍රිකයෙකු ගැන සඳහන් වෙයි. ඔහු පෙන්වා දෙන පරිදි, හම්බන්තොට වරාය ව්‍යාපෘතිය ගැන මූලික සාකච්ජා වටයේදීම චීනය අපට පටවා ඇති එක් කොන්දේසියක් තිබේ. එනම්, හම්බන්තොට වරායට එන්නේ කවුද, එයින් පිට වී යන්නේ කවුද යන්න දැන ගැනීමේ අයිතිය චීනයට තිබිය යුතු බවයි. (මේ ලාංකික රාජ්‍ය තාන්ත‍්‍රික නිලධාරියා ඒ සාකච්ජාවලට සහභාගී වූවෙකි)

      මේ කතාව ඇත්තක් නම්, චීනෙයි, ඇමරිකන් රාජ්‍ය දෙපාර්තමේන්තුවයි යුරෝපේ එක එක විදේශ රටවල උන් අපේ රටේ දේශපාලනය තුළ කවුරුන් බලයට පත්විය යුතුද යන්න තීරණය කිරීමේ බලය පවරාගෙන ඇති බව පෙනේ. එය ඉතා බරපතල කාරණයකි.

      එහි දී මහින්ද රාජපක්ෂ/ රනිල් වික්‍රමසිංහ කර තිබෙන්නේ, අතීතයේ අපේ ඇතැම් රජවරුන් විදේශ ආක‍්‍රමණිකයා සමග රහස් ගනුදෙනුවලට ගොස් ඇතිවා සේ, තමාගේ පෞද්ගලික ලාභ ප‍්‍රයෝජන තකා, අපේ රටේ ස්වෛරීත්වයට අත පෙවීමට චීනයට/ ඇමරිකාවට අවස්ථාව සලසා දීමයි.

      මහින්දගේ ජනප‍්‍රිය පුරසාරමක් වන, ඔහු තුළ ඇතැයි කියන ජාති මාමකත්වය/ රනිල්ගේ ජනප‍්‍රිය පුරසාරමක් වන ඔහු තුළ ඇතැයි කියන මොළය මෙහිදී පුස්සක් වෙයි.

      වර්තමාන තත්වය තුළ දේශපාලඥයන්ට සහ දේශපාලන පක්ෂවලට, මැතිවරණ සඳහා විශාල මුදලක් අවශ්‍ය කෙරේ. එය අප කවුරුත් දන්නා දෙයකි. ඕස්ටේ‍්‍රලියාවේ ඒ ඒ අපේක්ෂකයන් ලබා ගන්නා ඡන්ද ප‍්‍රමාණය අනුව, ඔවුන්ගේ මැතිවරණ වියදම්වලින් යම් කොටසක් ආණ්ඩුවෙන් ගෙවනු ලැබේ. අනිත් අතට, ඡන්දාපේක්ෂකයන් මැතිවරණ වියදම් සොයා ගන්නා මූලාශ‍්‍ර සහ එම මුදල් වියදම් කරන ආකාරය ප‍්‍රකාශයට පත්කළ යුතු බවට එරටේ නීතිරීති පනවා තිබේ. විදේශ මූලාශ‍්‍රවලින් අරමුදල් ලැබෙන්නේ නම් ඒවා වහාම ප‍්‍රකාශයට පත්කළ යුතුය. ලංකාවත් මීට සමාන නීතිරිති පනවා ගැනීමට කාලය පැමිණ තිබේ.

      Delete
    3. US and EU are the biggest donors to SL. China may be the biggest lender. We borrow money, have a drink in the evening and throw all sorts of meaning less threats at them.
      Even the few hundred dollars remitted as US dollars would help the country in easing the fiscal deficit than the patriots who are consumers in the enclosed financial system.
      Unless you are directly or indirectly drawing in foreign currency, sorry to say but you got no right to question the US or the EU as you are living on their money.

      Delete
  5. ඉකොනොමැට්ටාගේ කලින් ලිපිවල තියෙන වියත් බව මේ ලිපියේ නෑ

    ReplyDelete
    Replies
    1. ඉකොනොමැට්ටා තුමා තමාගේ රට වෙනුවෙන් තමාගේ මව්-රටේ ජනතාවට තේරෙන බසින් කෙරෙන තර්ජනයයි මේ.
      තර්ජන කෙරෙන්නේත් වියත් බසින් ද ?

      Delete
  6. දෙදෙනා විසින්ම කරනුයේ හිස් කබල ආශ්‍රිත දෙයක් උනත් මොළයේ ශල්‍යකර්මයක් සිදුකිරීමට ශල්‍ය වෛද්‍ය වරයෙකුට හැර බාබර් කෙනෙකුට කල නොහැකිබව සිරිසේන ග්‍රාමසේවක තැන වටහාගන්නා දිනය වැඩි ඈතක නොවේ!

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: