වෙබ් ලිපිනය:

Wednesday, October 31, 2018

ට්‍රික් ඕ ට්‍රීට්?


විධායකය හා ව්‍යවස්ථාදායකය අතර යම් සංහිඳියාවක් ඇති වීමේ ඉඩක් පෙනෙන්නට තිබෙනවා. සිදු විය හැකි අනෙකුත් දේවල් වලට සාපේක්ෂව මේ වෙලාවේ සිදු විය හැකි හොඳම දෙය සිදු වෙයි කියා හිතනවා. පිටට මොන විදිහට පෙන්නුවත් දැන් දෙපැත්තම හෙම්බත් වෙලයි ඉන්නේ.

අප ලියන දේවල් වැඩි දෙනෙක් කියවන්නේ නැහැ. නමුත්, වැඩි දෙනෙක්ට කතා කළ හැකි ටික දෙනෙක් මෙය කියවනවා. ඒ කියවන අයට අප ලියූ දේ තේරුණා කියා අප හිතනවා. ප්‍රශ්නය මේ වන විට නැවතී තිබෙන තැන අනුව ව්‍යවස්ථාව ගැන නැවත නැවත කතා කිරීම අවශ්‍ය නැහැ කියා මා හිතනවා.

මේ අඳුරු වලාවෙන් මතු වූ රිදී රේඛාව ලංකාවේ සෑහෙන දෙනෙක් රටේ ව්‍යවස්ථාව ගැන හදාරන්න උනන්දු වීමයි. රටක ප්‍රජාතන්ත්‍රවාදය නිසි පරිදි ක්‍රියාත්මක වීම සඳහා රාජ්‍ය යාන්ත්‍රනය ඇතුළේ ව්‍යවස්ථාවට තිබෙන තැන ගැන වගේම ව්‍යවස්ථාවේ තිබෙන දේ ගැනත් අවබෝධයක් රටේ සෑහෙන පිරිසකට තිබිය යුතුයි. අවම වශයෙන් රාජ්‍ය යාන්ත්‍රනයේ කොටසක් වන සියළු දෙනාටම ඒ අවබෝධය තිබිය යුතුයි. ප්‍රශ්නයක් මතු වූ විට ව්‍යවස්ථාවේ වචන අල්ලාගෙන තර්ක කරන්න සිදු වන තත්ත්වයක් ඇති වීම හොඳ දෙයක් නෙමෙයි.

හමුදාව ප්‍රශ්නයෙන් ඈත්ව ඉන්න තීරණය කර තිබීමෙන් පරිණත හැසිරීමක් පෙන්වා තිබෙනවා. ඒ වගේම, කතානායකවරයාගේ විමසීමට නීතිපතිවරයා පිළිතුරු දී නැහැ. එසේ කිරීම අවශ්‍ය නොවනාවක් මෙන්ම නීතිපතිවරයාගේ මතය කියන්නේ අධිකරණයේ මතයද නෙමෙයි. ව්‍යවස්ථාවේ සිංහල හා ඉංග්‍රීසි පිටපත් අතර පැහැදිලි වෙනස්කම් තිබීමෙන්ම පෙනෙන්නේ නීතිපති දෙපාර්තමේන්තුව තමන්ගේ රාජකාරි කොයි තරම් සැලකිල්ලෙන් කර තිබෙනවාද කියන එකයි.

ලංකාවේ ප්‍රශ්නය හා අදාළව ඇමරිකාව තවමත් ක්‍රියා කරන්නේ රාජ්‍යතාන්ත්‍රික සීමාව ඇතුළේ සිටයි. ඊයේ පැවති පුවත්පත් සාකච්ඡාවකදී, මා හිතන විදිහට ප්‍රංශ පුවත් සේවයේ වාර්තාකරු විසින්, ඇමරිකානු රාජ්‍ය දෙපාර්තම්න්තුවේ රොබර්ට් පැලඩිනෝගෙන් සෘජුවම ලංකාව හා අදාළ තීරණාත්මක ප්‍රශ්න කිහිපයක් ඇහුවත් ඔහු ඒ ප්‍රශ්න වලට සෘජු පිළිතුරු සැපයූවේ නැහැ.

-හිටපු අගමැතිවරයා තවමත් ලංකාවේ නීත්‍යනුකූල අගමැතිවරයා සේ ඔබ සලකනවාද?
-එසේනම්, ඔහුව ඉවත් කිරීම ඇමරිකානු මැදිහත්වීමක් අවශ්‍ය වන ව්‍යවස්ථා විරෝධී කුමන්ත්‍රණයක්යැයි ඔබ විශ්වාස කරනවාද?

වාර්තාකරු දිගින් දිගටම විමසමින් මේ ප්‍රශ්න වලට සෘජු පිළිතුරක් ලබා ගන්න උත්සාහ කළත් රොබර්ට් පැලඩිනෝගේ පිළිතුර වූයේ මෙය ශ්‍රී ලංකාවේ නීතිය අනුව, ප්‍රජාතන්ත්‍රවාදී ලෙස තේරී පත් වුනු මහජන නියෝජිතයින් විසින් පාර්ලිමේන්තුව හරහා විසඳාගත යුතු ප්‍රශ්නයක් බවයි. කෙසේ වුවත්, ලංකාවේ ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව කැඳවා ප්‍රශ්නය නිරාකරණය කළ යුතු බව ඔහු අවධාරණය කළා.

අද හැලෝවීන් රාත්‍රිය. උණුසුම් කාලය නිමා වෙලා ශීත කාලය ආරම්භ වෙමින් පවතිනවා. මේ දවස්වල පරිසරය ඉතාම ලස්සනයි.

(Image: https://www.niutoday.info/2014/10/28/jack-o-lanterns-await-visitors-oct-31-to-lowden-hall-o-ween/)

16 comments:

  1. ලංකාවේ දේශපාලනයේ පහළ සිට ඉහළටත් ඉහළ සිට පහළටත් තිබෙන්නේ බලය තිබෙන පාර්ශවයට අනුව සියල්ල සිදුවිය යුතුය යන විශ්වාසයයි.ඒ අනුව සියලු දේ දේශපාලන මෙහෙයුමක් යටතේ සිදු විය යුතුයි.මේ තත්ත්වයෙන් බැහැරට අඩිය හරවපු වසර කිහිපයක් පසුගිය කාලයේ තිබුණා.මේ හදන්නෙ ඒක නැවත මුලට ගෙනෙන්නයි.
    දේශපාලකයා මේ වෙලාවේ මහජන නියෝජිතයාට ලැබෙන වරප්‍රසාද ගැන කෙතරම් සිතනවද වගකීම ගැන කෙතරම් සිතනවද කියන කාරණය මත ලංකාවේ මේ මොහොතේ දේශපාලනය පමණක් නොවේ අපේ දරුවන්ගේ අනාගතයට අයත් දේශපාලනික නිදහස කවරේද යන්නත් තීරණය වෙයි.

    ReplyDelete
  2. එක්කෝ උං දිගටම රට කාගෙන කාගෙන කාගෙන යාවි, නැතිනම් මුං කලින් රට කාගෙන කාගෙන කාගෙන ගිහින් නවත්තන්න වුනු තැන ඉඳලා ආපහු ආරම්භ කරලා රට කාගෙන කාගෙන කාගෙන යාවි!

    ReplyDelete
  3. මහබැංකුවට කබ්රාල් ආයේ එයිද?.. කුමාරස්වාමි මෛත්‍රීගේ කෙනෙක්ද?

    ReplyDelete
  4. ඉකොනොමැට්ටලට පුළුවන්ද සිංහල ඩයස්පෝරාව සහ ඔහෙ ඉන්න සරම් ඇඳලා පන්සල් යන සුද්දොත් එක්ක එකතු වෙලා ලංකාව පිළිඹඳ අඅැමරිකා විෙදස් ප්‍රතිපත්තියට බලපෑමක් කරන්න.

    ReplyDelete
    Replies
    1. කරන්න තිබ්බ එහෙ උන් ලංකාවේ හින්ගන්නන්ගෙන් යැපෙනවනන්. නිකන් ගොන් කතා නොකිය හිටහන් ගොන් තඩියෝ

      Delete
    2. හැමදෙයක්ම ආර්ථික සාධක ඔස්සේ තේරුම් ගැනීම කෂිකබල් මාක්ස්වාදී ක්‍රියාවක්;

      එහෙ උන් ලංකාවෙන් යැපෙනවා තමා. උන්ගේ බාශාව. සංස්කෘතික අංග සම්බන්ධයෙන් ඔවුන් ලංකාවෙන් යැපෙනවා.

      Delete
    3. ගොන් තඩියෝ, මම කිව්වේ ඇමරිකාවේ සුද්දෝගැන මිසක් එහෙ ඉන්න ලංකාවේ හිගන්නො ගැන නෙමෙයි

      Delete
    4. ගොන් තඩියෝ, ඇමෙරිකාවේ නිව්යෝක් නුවර හඞ්සන් ගං ඉවුරේ තිබී යුවතියන් දෙදෙනකුගේ මළසිරුරු හමුවී ඇති බවත්, ඔවුන් දෙදෙනා සෞදි ජාතික සොහොයුරියන් දෙදෙනකු බවත් නිව්යෝක් පොලිසිය (NYPD) පවසයි.

      මියගිය දෙදෙනා ටාලා ෆරේරා (16) සහ රොටානා ෆරේරා (22) යන දෙදෙනාය. දෙදෙනා සෞදි ජාතිකයන් බවත් ඔවුන් සොහොයුරියන් බවත් අනාවරණය කර ගැනීමට හැකිවී ඇත්තේ සිදුකළ පරීක්ෂණවලින් පසුය යැයි පොලිසිය වැඩිදුරටත් කියා සිටී.

      දෙදෙනාගේ අතපය ගැටගසා තිබුණු අතර, සම්ප්‍රදායික මුස්ලිම් යුවතියන් අඳින පලදින ආකාරයට සිරුරු වැසෙන ලෙස ඇඳුම්වලින් සැරැසී සිටි බව පැවැසෙයි. මරණයට හේතුව කුමක්දැයි සොයා දිගටම පරීක්ෂණ පැවැත්වෙන බව නිව්යෝක් පොලිසිය වැඩි දුරටත් කියා සිටී.

      මොවුන් දෙදෙනා ඇමෙරිකාවේ වර්ජීනියා ජනපදයේ ෆෙයාර්ෆැක්ස් බලා පැමිණ ඇත්තේ 2015 වසරේදීය. ඒ, දෙදෙනාගේ මව ද සමඟය. කෙසේ නමුත් මොවුන්ට ඇමෙරිකන් පුරවැසිභාවය ලැබී නැත.

      පසුගිය දා තමන්ගේ ජීවිත ආරක්ෂාව වෙනුවෙන් ඇමෙරිකාවේ රැඳී සිටින්න අවසර දෙන්නැයි ඇමෙරිකා රජයෙන් මොවුන් ඉල්ලීමක් කර ඇත.

      (Source - ඒ.එෆ්.පී.)

      Delete
  5. ඉංගිරිසි සහ සිංහල පිටපත් අතර වෙනස්කම් තියෙන්නේ මොන වගන්තිවලද ව්‍යවස්ථාවේ?

    ReplyDelete
  6. පොළවේ අඩි 6ක් යටට තමන්ව යවන්න හිටිය මිනිහට අගමැතිකම දෙන්න තරමට සිරිසේන බිත්තියට හේත්තු කරලද? හේත්තු උනාද?
    රාජපක්ෂවාදී ඇල්ලේ ගුණවංසට අජිත් පැරකුම් අපූරුවට ලියලා තිබුණා."ඇඟලුම් කම්හල් රටේ තිබුනට ඒවායේ මහන්නේ සිවුරු නොවේ."

    ReplyDelete
  7. මැදමුලන ගං කබරයගෙ වහල්ලුන්ට ඇහේ කටු අනිනව වගේ ඇති...කටු, ගං කබරයගෙ වහල් බයියො හැමදාම අපහාස කලේ අපේ රනිල් මැතිඳුට අපහාස කරන ඵක. උඹලට ඵතුමා එපා වුනාට පේනව නේද ජාත්‍යන්තරයෙන් තියෙන පිලිගැනීම.

    ReplyDelete
  8. ඉකොනොමැට්ටා අද මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිළ පහළට යවන්න (92 ඔක්ටේන් ප්‍රෙටල් නව මිළ රු. 145 ( පැවති මිල රු. 155), ඩීසල් නව මිළ රු. 116 ( පැවති මිළ රු. 123) මැදමුලන ගං කබරය ආරම්භ කරලා

    ඉන්ධන මිල පහල හෙලීම ව්‍යවස්ථා විරෝධීයි !
    අපට රනිල්ගේ මිලට ඉන්ධන ලබා දෙනු... !

    ඉකොනොමැට්ටාට මේ ගැන post එකක් දාන්න පුළුවන් නම් ලොකු දෙයක්.

    ReplyDelete
    Replies
    1. මැදමුලනයගෙ වහල් බයියො රුපියල් දහයෙ පහේ ඒවා අඩු කරපු එකට උඩ පනිනව වහල් හැත්ත, අපේ අගමැතිතුමාගෙ කාලෙ මිනිස්සුන්ට වයි-ෆයි, රත්තරං ආභරණ,කාර් දුන්නෙ, වහල් බයියන්ට රුපියල් 10 ලොකු වෙලා.

      මංගල මේ වෙද්දී හිටියනම් තෙල් වලින් 20ක් අඩු කරනවා ඒ කියන්නේ මහින්ද රු 10ක් වැඩියෙන් තෙල් දෙන්නෙ.

      ඔය දෙන්නෙ කල් ඉකුත් උනු තෙල් වෙන්න පුලුවන් අවුරුදු මිලියන ගානක් පරණ තෙල් රනිල්ගෙ ආණ්ඩුවෙන් කල් ඉකුත් වෙන්න නොදී පරිස්සම් කරගත්තා මැදමුලන ගංකබර මුර්ගයා ඒ වගේ තාක්සනික දේවල් දන්නවද?

      අනික් එක මේ නවීන ලෝකේ ඕනේ දේකට ක්‍රමයක් තියෙනවා තෙල් වලට උනත් සූත්‍රයක් තියෙනවා, නැතුව ඕනේ ඕනේ විදියට වෙනස් කරන්න බෑ.

      ඕක තමා ඒකාධිපති ගංකබර පාලනය, මුලින්ම තෙල් මිල ඔහොම වෙනස් කරන්න ගනියි, ඉට පස්සේ ඕකෙන් තෙල් ඒකාධිකාරයක් දක්වා වර්ධනය වෙනවා.

      කොහොම හරි මංගල හිටියානම් මේ වෙද්දී 20ක් අඩුයි.

      V1+V2+V3+V4=MRP සූත්‍රේට දැන් ලෝක වෙලද පොලේ තත්වේ ආදේශ කරලා බැලුවනම් ඒක පැහැදිලියි.

      මැදමුලනයො සූත්‍රේ අවලංගු කරෙත් රු. 20ක් අඩු කරන්න ඕනේ තැන 10ක් අඩු කරලා ශේප් වෙන්න.

      Delete
  9. මේ දිනවල ඉන්දියාවේ සංචාරයක නිරත වන ශ්‍රී ලාංකික ජනමාධ්‍යවේදීන් පිරිසක් සමඟ අද නවදිල්ලි නුවරදී පැවැති විශේෂ හමුවකදී ලංකාවේ ඕනෑම ආණ්ඩුවක් සමඟ සහයෝගයෙන් සහ මිත්‍රශීලිව කටයුතු කිරීමට ඉන්දියාව සූදානම් යැයි ඉන්දියානු රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් නවදිල්ලි නුවරදී ප්‍රකාශ කළහ.

    කුමන් තත්ත්වයක් යටතේ ඉන්දියාවේ විදේශ ප්‍රතිපත්තිය වෙනස් නොවන අතර එය ඕනෑම ආණ්ඩුවකට එකසේ ක්‍රියත්මක වන බවද එම නිලධාරීහු පැවැසූහ.

    එම කරුණු සඳහන් කළ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර දීර්ඝකාලීන මිත්‍රත්වයක් පවතින අතර ශ්‍රී ලංකාවට අවශ්‍ය සහාය ලබාදීමට ඉන්දියානු රජය හැමවිටම සූදානම් බව ද ඔවුහු කීහ.

    ශ්‍රී ලංකාව ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරන රටක් වන අතර හැමවිටම ප්‍රජාතන්ත්‍රවාදීව කටයුතු කරනු ඇතැයි ඉන්දියාවේ විශ්වාසය බව ද එම නිලධාරීහු පැවැසූහ.

    ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, මහින්ද රාජපක්ෂ සහ රනිල් වික්‍රමසිංහ යන නායකයන් ඉකුත් කාලයේ අවස්ථා ගණනවාකදීම ඉන්දියාවේ සංචාරය කර ඇති අතර අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි කිහිපවිටකදීම ශ්‍රී ලංකාවට ගොස් තිබෙන අතර එමගින් දෙරට අතර තිබෙන සබඳතාව පැහැදිලි වන බව ද ඔවුහු කීහ.

    එම සාකච්ඡාවේදී ශ්‍රී ලාංකික ජනමාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඉන්දීය රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිස සඳහන් කළේ ‘එට්කා’ ගිවිසුම, මත්තල ගුවන් තොටුපොළ, පලාලි ගුවන් හමුදා කඳවුර වැනි ආයෝජන ව්‍යාපෘති පිළිබඳව ශ්‍රී ලංකා ආණ්ඩුවේ එකඟතා මත ඉදිරියේදී කටයුතු සිදුවනු ඇති බවය.

    ආසියානු කලාපයේ මිත්‍ර රටවල් අතරින් ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනයට වැඩි සහායක් ලබාදීමට ඉන්දියාව හැම විටම කටයුතු කරන බව ද එම නිලධාරිහු කීහ.

    ReplyDelete
  10. ඉකොනො විමසිල්ලෙන් ඉන්න, ඉකොනොලට පුළුවන්ද ප්‍රමාද නොවී ට්‍රම්ප්ට අලුත් ආණ්ඩුව ජාතිකත්ව ආණ්ඩුවක් බව පෙන්වන්න?

    එහෙම නොවුණහොත් සුපුරුදු පරිදි ලංකාව සම්බන්ධයෙන් ඇමෙරිකා එක්සත් රාජ්‍ය එංගලන්තය පසුපස යන්න පුළුවන්.

    අලුත් ආණ්ඩුව පිහිටුවීමේ දී යම්කිසි කොටසක් කර ඇත්තේ ඉන්දියාව බව පැහැදිලියි. නාමල් කුමාරගේ රෝ කතාව කෙසේ වෙතත් වෙනත් රෝ කතාවක් තියෙනවා. රනිල්ට අවශ්‍ය ඉන්දියාව අලුත් ආණ්ඩුව කෙරෙහි බිඳවන්න.

    මෛත්‍රිපාලගේ රෝ කතා ගැන රනිල් ඉන්දීය ජනමාධ්‍යවේදියකුට කියන්නේ නිකම් නොවෙයි, ඉන් එතරම් වැඩක් වෙන එකක් නැහැ. ඉන්දියාව තවමත් අලුත් ආණ්ඩුවට විරුද්ධ නැහැ. එහෙත් අප අවදියෙන් සහ විමසිල්ලෙන් සිටිය යුතුයි ඉකොනො.

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: