වෙබ් ලිපිනය:

Sunday, January 3, 2021

කෝවිඩ් පරීක්ෂාවට මනුෂ්‍ය නොවන දැනුම


ඇමරිකාව තුළ මුලින්ම කෝවිඩ් පැතිරෙද්දී තිබුණු ලොකුම ප්‍රශ්නය ප්‍රමාණවත් තරම් කෝවිඩ් පරීක්ෂණ කට්ටල නැති වීම. නිවු යෝර්ක්, නිවු ජර්සි වගේ ප්‍රාන්ත වල කෝවිඩ් පැතිරෙද්දී පරික්ෂාවට ලක් කර හඳුනා ගැනුනේ කෝවිඩ් ආසාදිතයින් අතරින් දරුණු රෝග ලක්ෂණ පහළ වූ අය පමණයි. ඒ නිසා, ඇමරිකාවේ කෝවිඩ් මරණ අනුපාතය ඉතා ඉහළ මට්ටමක ඇති බව පෙනෙන්නට තිබුණා. සාපේක්ෂව වැඩියෙන් කෝවිඩ් පරික්ෂා කිරීමට සමත් වූ ජර්මනිය වැනි රටවල මරණ අනුපාතයද අඩු මට්ටමක ඇති බව පෙනෙන්නට තිබුණා. කෝවිඩ් පරීක්ෂණ කට්ටල සුලභ වීමෙන් පසුව රෝගය ව්‍යාප්ත වූ රටවල මරණ අනුපාතය තවත් අඩු බව පෙනෙන්නට තිබෙනවා.

කෝවිඩ් පරීක්ෂා සිදු කිරීම ක්ෂණිකව කිරීම අසීරු, තරමක කාලයක් ගත වන කටයුත්තක්. ඒ නිසා, සැක සහිත කෝවිඩ් කෝවිඩ් රෝගීන් හඳුනා ගැනීම සඳහා ශරීර උෂ්ණත්වය පරීක්ෂා කිරීම වැනි දේ ප්‍රචලිතව තිබෙනවා. ඒ වගේම, කෝවිඩ් පරීක්ෂාවන්හි නිරවද්‍යතාවය එතරම් ඉහළ මට්ටමකද නැහැ. කෝවිඩ් ආසාදිතයින් හඳුනා ගැනීම සඳහා මිනිසුන්ට නොදැනෙන දේ දැනෙන වෙනත් සතුන් යොදා ගන්න බැරිද?

කෝවිඩ් ආසාදිතයින් හඳුනා ගැනීම සඳහා පුහුණු කළ සුනඛයින්ව යොදා ගත හැකි බව මේ වන විට තහවුරු වී තිබෙනවා වගේම රටවල් කිහිපයක්ම මේ ක්‍රමය දැනටමත් යොදා ගන්නවා.

ජර්මන් පර්යේෂක කණ්ඩායමක් විසින් පළ කර තිබෙන පර්යේෂණ පත්‍රිකාවකට අනුව, දින හතක පුහුණුවක් ලැබූ සුනඛයින් අට දෙනෙකුට ස්වයංක්‍රීය ලෙස අහඹු නියැදි 1,012ක් ඉදිරිපත් කිරීමේදී, ඒවායින් 157ක් පොසිටිව් ලෙසත්, 792ක් නෙගටිව් ලෙසත් නිවැරදිව හඳුනා ගැනීමට මේ සුනඛයින් සමත් වී තිබෙනවා. ඔවුන්ට වැරදී තිබෙන්නේ අවස්ථා 63කදී පමණයි.

ප්‍රංශ හා ලෙබනන් පර්යේෂක කණ්ඩායමක් විසින් පළ කර තිබෙන තවත් පර්යේෂණ පත්‍රිකාවට අනුව, ඔවුන් විසින් පරීක්ෂාවට ලක් කළ සුනඛයින් හය දෙනෙකු 76%-100% අතර නිරවද්‍යතාවයකින් යුතුව කෝවිඩ් ආසාදිතයින් හඳුනා ගෙන තිබෙනවා. මේ කෝවිඩ් ආසාදිතයින්ට රෝග ලක්ෂණ කිසිවක් නොපෙන්වන්නන්ද ඇතුළත්.

පුහුණු කළ සුනඛයෙකුට පැයකට පුද්ගලයින් 250 දෙනෙකු පමණ පරීක්ෂා කළ හැකියි. ෆින්ලන්තය, ඩුබායි, චිලී ඇතුළු රටවල් ගණනාවක කෝවිඩ් ආසාදිතයින් හඳුනා ගැනීම සඳහා දැනටමත් සුනඛයින් යොදා ගැනෙනවා.

References

Jendrny, P., Schulz, C., Twele, F., Meller, S., von Köckritz-Blickwede, M., Osterhaus, A. D. M. E., ... & Manns, M. P. (2020). Scent dog identification of samples from COVID-19 patients–a pilot study. BMC infectious diseases, 20(1), 1-7.

Grandjean, D., Sarkis, R., Lecoq-Julien, C., Benard, A., Roger, V., Levesque, E., ... & Berceau-Falancourt, D. (2020). Can the detection dog alert on COVID-19 positive persons by sniffing axillary sweat samples? A proof-of-concept study. PloS one, 15(12), e0243122.


25 comments:

  1. නලීන් ද සිල්වා තුමාට කල අපහාසය හෙලා දකිමු!

    ReplyDelete
    Replies
    1. මෙහි තිබෙන අපහාසාත්මක කොටස කුමක්ද?

      Delete
    2. Antony thoppiya dagena nalin balla mark karala.

      Delete
  2. මිනිසා උසස් මනසින් යුතු නැණවත්ය
    පැන විසඳන්න මං සෙවුමෙහි සමතෙක්ය
    ලෝකය අපෙම නොව නන් සතුනට හිමිය
    එය හිත දරා මැඬලමු මේ වයිරසය

    ReplyDelete
  3. "කෝවිඩ් ආසාදිතයින් හඳුනා ගැනීම සඳහා පුහුණු කළ සුනඛයින්ව යොදා ගැනීම" හෝ
    "කෝවිඩ් ආසාදිතයින් හඳුනා ගැනීම සඳහා පුහුණු කළ සුනඛයින්ව යොදාගත හැකි බව දැන ගැනීම" මෙහි විස්තර කර තිබෙන අයුරින් "මනුෂ්‍ය නොවන දැනුම" යැයි කියන්නේ නම් ඌ අමුතුම ආකාරයේ සුනඛයෙක්.

    එක්කෝ මේ විස්තර කරන්නේ මනුෂ්‍ය දැනුම මයි, එසේ නැතිනම් අදාළ පුහුණුව ලත් සුනඛයන්ගේ දැනීම හෙවත් "සංවේදනය" ගැනයි.

    එවැනි ලිපියක සිරස්තලය ලෙස "මනුෂ්‍ය නොවන දැනුම" යන වචන එකතු කිරීම හිතා මතා කළ "බලු වැඩක්".

    ReplyDelete
    Replies
    1. //එක්කෝ මේ විස්තර කරන්නේ මනුෂ්‍ය දැනුම මයි, එසේ නැතිනම් අදාළ පුහුණුව ලත් සුනඛයන්ගේ දැනීම හෙවත් "සංවේදනය" ගැනයි.//

      එතකොට මනුෂ්‍ය දැනුමක් නොවන, මනුෂ්‍ය නොවන ලෙස සැලකිය හැකි කවර හෝ සත්ත්වයෙකුගේ "සංවේදනය"ක්ද නොවන "මනුෂ්‍ය නොවන දැනුම්" මොනවාද?

      Delete
    2. නලීන් ද සිල්වාJanuary 5, 2021 at 1:04 AM

      ane umba baba.

      Delete
    3. නලීන් ද සිල්වාතුමාට අනිවාරතේ නින්‍දා කරන අය හඳුන්වන්න එතුමා වදන් 3ක් යොදනවා.
      පඬියා
      පඬි පෝතකයා
      පඬි නැට්ටා.

      ඉකොනොමැට්ටට නම් පඬි නැට්ටාගේ තත්වයෙන් ඉහල යන්න බෑ.

      *********************

      පරිගණක විද්‍යාෙව් තියෙනවා දත්ත සහ තොරතුරු කියලා සංකල්ප දෙකක්.

      නාථ දෙවියන්ගෙන් ලැබෙන්නේ තොරතුරු (ඉන්ෆොමේෂන්)
      බල්ලන්ගෙන් ලැබෙන්නේ දත්ත.

      නලින් මහතා දැනුම කියලා හඳුන්වන්නේ තොරතුරු වලට.

      Delete
    4. ඒ කියන්නේ මනුෂ්‍ය නොවන දැනුමක් කියන්නේ raw data ලබා නොදී processed data කෙළින්ම ලබා දෙන එකද?

      Delete
    5. දැනුම සහ දැනීම යන දෙකේ වෙනසවත් ඔබ තුමා නොදැන මෙය ලියුවා යැයි සිතීම අපහසුයි. ඔබ තුමා අපෙන් අසන ප්‍රශ්නයෙන් අපට හැඟෙන්නේ බලු කම වසා ගැනීමට නොහැකිව ලතැවෙන බවයි.

      මා සිතන්නේ "මනුෂ්‍ය නොවන දැනුම" ඔබ තුමාම අර්ථ ගන්වාගෙන එය මේ ලිපියට අඩු තරමින් පසු වදනක් වශයෙන් හෝ යොදා ගත්තේ නම් මීට වඩා ඔබේම ගෞරවයට හොඳ බවයි.

      Delete
    6. මෙහි කතා කර තිබෙන්නේ මනුෂ්‍ය නොවන දැනුමක් ගැන නොවන බව කියා තිබෙන්නේ ඔබයි. ඒ නිසා, මෙය මනුෂ්‍ය නොවන දැනුමක් නොවේනම් මනුෂ්‍ය නොවන දැනුමක් කියා කියන්නේ කුමක්ද කියන එක පැහැදිලි කිරීම ඔබේ කාර්යයක් මිස මගේ කාර්යයක් නෙමෙයි.

      මගේ අර්ථදැක්වීම අනුව මනුෂ්‍ය නොවන දැනුමක් යනු මනුෂ්‍යයෙකු නොවන වෙනත් කවර හෝ සත්ත්වයෙකුගේ දැනුමක්. බල්ලා විසින් ලබා දෙන අවසන් ප්‍රතිඵලය මිස බල්ලාට ලැබෙන සංවේදනා විශ්ලේෂණය කරමින් බල්ලා විසින් මිනිසෙකු හෝ ජීව සාම්පලයක් කෝවිඩ් පොසිටිව් ලෙස හෝ නෙගටිව් ලෙස වර්ග කරන ආකාරය මිනිස් දැනුමක් කියා මම හිතන්නේ නැහැ. මිනිස්සු දන්නේ පුහුණුවක් ලැබීමෙන් පසුව බල්ලන්ට එසේ වර්ග කිරීමක් කළ හැකි බව පමණයි. එය මිනිස් දැනුමක්නම් අඩු වශයෙන් මිනිසුන්ට නොදැනෙන, බල්ලන්ට දැනෙන සංවේදනා කිසියම් උපකරණයක් හරහා ලබා ගෙන හෝ බල්ලා කරන දෙය මිනිසුන්ටද කළ හැකි විය යුතුයි. ඒ වගේම, බල්ලන්ට කෝවිඩ් ආසාදිතයින්ව "දැනෙන්න" විදිහක් නැහැ. එහෙම දැනෙනවානම් කිසිදු පුහුණුවක් නැතුවම බල්ලෙක්ට කෝවිඩ් ආසාදිතයෙක් හඳුනාගත හැකි විය යුතුයි. නමුත්, පුහුණුවක් නැති බල්ලෙක් විසින් කෝවිඩ් ආසාදිතයින් හඳුනා ගැනීමේ නිරවද්‍යතාවය 0%යි. බල්ලාට ස්වභාවිකවම ලැබෙන සංවේදනා හා පෙර මතකය විශ්ලේෂණය කර කෝවිඩ් ආසාදිතයින් නිර්ණය කිරීමේ හැකියාව බල්ලෙකුට ලැබෙන්නේ පුහුණුව තුළින්. පුහුණුව වැඩි වන තරමට නිරවද්‍යතාවයද ඉහළ යනවා. මිනිස්සු දැනුම ලබා ගැනීමේ ක්‍රියාවලියේදී වෙන්නෙත් ඔය ආකාරයෙන්ම පුහුණුව තුළින් තමන්ට ලැබෙන සංවේදනා හා පෙර මතකය විශ්ලේෂණය කර නිගමන වලට පැමිණීමේ හැකියාව වර්ධනය කර ගැනීමයි. බල්ලා කරන්නෙත් එයමයි. මීට අමතරව වෙනත් ආකාර වලින් අර්ථදැක්විය හැකි මනුෂ්‍ය නොවන දැනුම් ගැන මමනම් දන්නේ නැහැ. එවැන්නක් තිබෙනවානම් කරුණාකර එය අර්ථ දක්වන්න.

      Delete
    7. තව දුරටත්, ජගත් පතිරණගේ ප්‍රතිචාරය සම්බන්ධව අදහස් දැක්වීමක් අවශ්‍යනම් බල්ලා විසින් සෘජුවම පුද්ගලයෙක් කෝවිඩ් ආසාදිතයෙක් බව හෝ එසේ නොවන බව යන තොරතුර ලබා දෙනවා මිස පුද්ගලයෙක් කෝවිඩ් ආසාදිතයෙක් කියන නිගමනයට එළඹීමට බල්ලා විසින් යොදා ගත්ත දත්ත ලබා දෙන්නේ නැහැ.

      Delete
    8. @ කතා කතු,

      මේ ඉකොනොමැට්ටා ලියන බයිලා ඔච්චර සීරියස් ගන්න දේවල් නෙවෙයි නිකම් කියවල හිනාවෙන්න හොඳ දේවල්. ලංකාවේ දේසපාලනේ ගැන පොර දීපු ටෝක්ස් නම් තනිකරම කොමඩි. එකම එකක් හරි ගියා ලංකාවේ විදෙස් තානාපති කාර්යාල වල මෙහෙයුම් නිසා ඒ. (ඔවු අර 2018 අග ජනපති සිරිසේන මහතා පාර්ලිමේන්තුව විසුරුවනු ලබපු එක පස්සේ රනිල් වික්‍රමසිංහ මහතාගේ විදෙස් සබඳතා හරහා නීති විරෝධී බවට බලවත් විදෙස් බලපෑම් හරහා තීරණය කළ එක)

      ඇත්තටම මේ සුනඛ ඉව (instinct) මනුෂ්‍ය නොවන දැනුම කියන එක විකාරයක්. ඒකත් මනුෂ්‍ය දැනුම් වල කොටසක්. උදාහරණයක් විදියට හරක් අශ්ව වැනි සතුන්ට විශාල කායික ශක්තියක් ඇති බව බව මිනිසුන් නිරීක්ෂණය කළ අතර ඒ හරහා එම සතුන් අල්ලා හීලෑ කිරීම, ඒ තුලින් එම සතුන්ගේ ශක්තිය යොදවා තම වැඩ පහසු කරගන්නා ආකාරය මනුෂ්‍යයන් විසින් දියුණු කර ගත් දැනුම් සම්භාරයක්. සුනඛ වැනි සතුන්ට ඇති ඉව ද එසේ භාවිතා කර තම වැඩ පහසු කරගන්නා ආකාරය මනුෂ්‍යයන් විසින් දියුණු කර ගත් තවත් මනුෂ්‍ය දැනුම් පද්ධතියක්.

      පැරණි ලෝකයේ මෙන්ම නූතන ලෝකයේ ද අධ්‍යාත්මික ලෙස හෝ පාරභෞතික ලෙස දැනුම ලබාගන්න ආකාරය ගැන සඳහන් වෙනවා. අයින්ස්ටයින් ගේ සිට බෙන්සීන් වල වක්‍ර අණුක ස්වභාවය ගැන සොයාගත් කෙකුලේ දක්වා විද්‍යාඥයන් ඉංජිනේරුවන් වෛද්‍ය පර්යේෂකයන් බොහෝ දෙනෙක් intuition, සිහින සහ තවත් විස්තර කළ නොහැකි extra sensory perception ක්‍රම හරහා තේරුම් ගත් දේවල් ගැන සඳහන්.

      ලංකාවේ ද මෙවැනි විස්තර කළ නොහැකි මූලාශ්‍ර තුලින් දැනුම ලබාගැනීම අපේ සංස්‌කෘතියට ආගන්තුක දෙයක්‌ නොවේ. එය පැරැණි සංස්‌කෘතීන් බොහොමයක්‌ ම දැනුම ලබාගත් ක්‍රමයක්‌ විය. පැරැණි ග්‍රීකයෝද, රෝමානු තාක්ෂණික විශේෂඥයින්, වෛදිකයෝ ද, යුදෙවුවෝද එලෙස දැනුම ලබාගත් නමුත් ඒ ඒ අයට ලැබුණේ ඒ ඒ අයගේ දෙවියන් ගේ දැනුම ලෙස සටහන් වුණා. ඒ දැනුම ද සාපේක්‍ෂ වුණේ ඒ ඒ දෙවියන් ගේ ආකල්ප හා වෙනත් ලක්‍ෂණ ඒ ඒ දැනුම්වල දැකිය හැකි නිසා. යුදෙව් ජනයා ලෝකය මැවූ දෙවියකු ගැන විශ්වාස කළ නිසා ඔවුන්ට සදාකාලික නිරයක්‌ හා සදාකාලික ස්‌වර්ගයක්‌ විය. ඔවුන් ලබා දුන්නේ වියුක්‌ත දැනුමක්‌ යෑයි විශ්වාස කළ හැකි ය. ලංකාවේ නලින් කුමාර්
      ඩී සිල්වාගේ දෙවියන් ගේ දැනුම නිවනට සාපේක්‍ෂ බව ඔහු පවසයි. ( ඒ ඔවුන් ලබා දුන් දැනුම නිවන් අවබෝධ කරගැනීමට රුකුල් දෙන්නක්‌ලු). ඒ ලබා දෙන දැනුම බොහෝ විට සංයුක්‌ත දැනුමක්‌ලු. කිනම් සංස්‌කෘතියක වුව දෙවියන් ගෙන් ලත් දැනුමෙහි ද අඩුපාඩුකම් තිබූ බව හා තිබෙන බව අමතක නොකළ යුතු බව ආචාර්ය නලීන් කුමාර් ඩි සිල්වා පවසන්නේ.

      හැමෝම වගේ දන්නවා ඇති ඉතා මෑතක ජීවත් වූ සුප්‍රසිද්ධ ඉන්දියානු ජාතික ගණිතඥයා වූ සිරිනිවාස රාමනුජන් ගණිතඥයා ද හින්දු දේවතාවක ගෙන් දැනුම ලබාගත්තේ යැයි කියන එක. ඔහුම පවසන පරිදි ඔහු බටහිර ගණිතයෙහි දක්‌නට ලැබෙන ප්‍රමේය සාධනය පිළිබඳ නො දැන සිටියත් ඔහුට අනන්තය පිළිබඳ ඉතා විශිෂ්ට වූ දැනුමක්‌ තිබුණේ එය විශ්ලේෂණයෙන් ලබාගත් දැනුමක්‌ නොව දෙවියන් සමග ආධ්‍යාත්මිකව (අන්තර්ඥානයෙන්) කරන ලද සන්නිවේදනය ඔස්‌සේ ලබාගත් දැනුමක්‌ ලෙස ඔහු විස්තර කළ අතර අද පවා ලෝකයේ විවිධ රටවල විවිධ පුද්ගලයන් දෙවියන්ගෙන්, භූතයන් ගෙන් නැත්නම් පිටසක්වල ජීවින් ගෙන් දැනුම ලබාගන්නා බවට ඔවුන්ම විස්තර කර විශ්වාස කරන බව. මේ ගැන තව ඕනතරම් කතා කරන්න පුළුවන්.

      Delete
    9. //ඇත්තටම මේ සුනඛ ඉව (instinct) මනුෂ්‍ය නොවන දැනුම කියන එක විකාරයක්. ඒකත් මනුෂ්‍ය දැනුම් වල කොටසක්.//

      කරුණාකර "මනුෂ්‍ය නොවන දැනුම" සහ "මනුෂ්‍ය දැනුම" අතර වෙනස කුමක්ද කියා නිශ්චිතව කෙටියෙන් සඳහන් කරන්න. ඔබ විසින් යම් දැනුමක් "මනුෂ්‍ය නොවන දැනුමක්" ලෙස අර්ථදැක්වීමේ නිර්ණායකය කුමක්ද?

      Delete
    10. @ ජගත්

      ආචාර්ය නලින් කුමාර් ඩි සිල්වා යනු මෙරට බිහි වූ අග්‍රගණ්‍ය බුද්ධිමතෙකු බවට විවාදයක් නැත. බටහිර විද්‍යාවට පදනම වූ එහි දර්ශනවාදය හෙවත් ඥානවිභාගය ගැන ඔහු තරම් මේ රටේ කතා කොට ඇති ඇත්තෝ විරල බව අපද අවධාරණය කරමු. ආචාර්ය නලින් පෙනී සිටින්නේ ලංකාවේ සිංහල බෞද්ධ ජාතිවාදී වර්ගවාදී ජාතික ව්‍යාපාරය වෙනුවෙනි. ඔහු ඊට “චින්තන පදනම” යැයි නමක්ද යොදා ගෙන තිබේ. ඔහු ලංකාවේ දමිළ ජාතිවාදී වර්ගවාදී බෙදුම්වාදී ව්‍යාපාරික කණ්ඩායම් වලට එරෙහිව සටන් කළ අතර මේ වන විට ලංකාව තුල මෙන්ම පිටතද දමිළ ජාතිවාදී වර්ගවාදී බෙදුම්වාදී ව්‍යාපාර කටයුතු දුර්වල වී තිබේ. මේ නිසා දැනට ලංකාවේ සිංහල බෞද්ධ ජාතිවාදී වර්ගවාදී ව්‍යාපාර සිය පැවැත්ම උදෙසා වේගයෙන් නැගී සිටින ලංකාවේ ජාතිවාදී වර්ගවාදී ආගමික උන්මත්තක ලෙස කටයුතු කරන මුස්ලිම් ජාතිවාදී වර්ගවාදී ව්‍යාපාර සමග සටන් ආරම්භ කර තිබෙන නමුත් ආචාර්ය නලීන් තවමත් ලංකාවේ මහමදික ජනයාගේ ජාතිවාදී වර්ගවාදී මූලධර්මවාදී ව්‍යාපාර කෙරෙහි දක්වන්නේ මෘදු ආකාරයේ විරෝධයකි.

      නලින්ට දේශපාලනයක් ද තිබේ. ඒ බොහෝ දුරට ලංකාවේ දැනට පවත්නා රාජ පක්ෂ රජය සමග සමගාමී වන සෞභාග්‍යයේ (මහින්ද) චින්තනය, ලංකාවේ දමිළ වාර්ගික ගැටළුව, තිස් අවුරුදු යුද්ධය, ප්‍රභාකරන් ඔහුගේ මුත්තලා ලොකුඅප්පලා බාප්පලා වැනි ලංකාවේ කෘතිමව ඇතිකර බොරු දමිළ ජාතිවාදී වර්ගවාදී බෙදුම්වාදී ව්‍යාපාර ප්‍රෝඩාව ආදී සියලු මෙකී නොකී මාතෘකා ගැන මාගල් තරම් දිග ලිපි ආචාර්ය නලීන් විසින් ලියා ඇති අතරම මින් බහුතරයක් සාමාන්‍යයෙන් හරවත් යැයි කිව හැකිය. ජරා පස්ස කල්ලියට හීනියට කඩේ ගියත් කරුණු වල සාරවත් භාවය ගැන අපිට මෑන්ව අගය කරන්න සිදු වන බව නිසැකයි.

      කෙසේ වෙතත් ආචාර්ය නලින් යනු අතිදරුණු විවේචකයෙකු වේ. ඒ වගේම බටහිර විද්‍යාව පට්ට පල් බොරු යැයිද, අවැසි නම් ඒ බව ඔප්පු කරන්නට තමා සූදානම් යැයිද කී ඔහු එමතු නොව, ඒ ගැන අවශ්‍ය නම් පානදුරා වාදය සේ දින ගණනක් පැවැත්වෙන වාදයකට ලංකාවේ පඬියන්, පඬි පෝතකයන් හා (ඉකොනොමැට්ටා බඳු) පඬි නැට්ටන්ට ඔහු අභියෝගාත්මක ආරාධනා කළ බව ඔබට මතක ඇති.

      ඔහු කියන පරිදිම බටහිර විද්‍යාව යනු කතන්දර ගොඩකි. ඒ බව නලින් මෙන්ම අපිද දනිමු. මේ කමෙන්ටු ලියන අපද සරසවිය පසු කෙළේ විද්‍යා විෂය ධාරාවෙන් නිසා බටහිර විද්‍යාව පමණක් නොව, ඕනෑම විද්‍යාවකින් කරන්නේ කතන්දර හැදීම බව දන්නා නිසාය. එහෙත් මේ කතන්දර සුරංගනා කතන්දර නොවේ. තාර්කික පදනමක් මත පදනම්වූ කතාන්දරය. සුරංගනා කතාව සහ නිව්ටන් නියම වෙනස් වන්නේ එබැවිනි. කලක් නිව්ටන් ගේ නියම වලින් පැහැදිලි කළ භෞතික ලෝකය දැන් පැහැදිලි කරන්නේ වෙනත් සුසමාදර්ශයක් මගිනි. ඒ විද්‍යාවේ හැටි ය. වරදක් නොවේ. අපට ගැටලුව ඇත්තේ එතන නොවේ. බටහිර විද්‍යාව නිසා හිස පැළඳි මහාචාර්ය පට්ටම නොසළකා බටහිර විද්‍යාවට ම පලු යන්නට බනින ආචාර්ය නලීන් (සරලව සිතන්න. නලින් ඩි සිල්වා මහාචාර්ය වරයකු නොවුණා නම් ඔහුට මේ මාකට් එක තිබේවි ද?) දැන් මේ කරන්නේ බටහිර විද්‍යාව තුළ පැන නගින ගැටළුවකට පාර භෞතික පිළිතුරක් දීමටය. මීට කලකට පෙර “බුදු දහම විද්‍යාත්මක කිරීමේ මුළාව” නමින් විදුසරට පිටු ගණන් ලිපි ලී ඔහු, අද කරන්නේ බුදු දහම හා බැඳුණු සංකල්ප ඇසුරින් ඔහු පවසන 'අපේම විද්‍යාවට' (ලංකාවේ පැරණි විශ්වාස ආදියට) පැලැස්තර ඇලවීමය. (මේ දෙවියන් භූතයන් හා කතා කරන්න පුළුවන් බව කියන පිරිස් වලට ඔවුන් ගේ දැනුම අති විශිෂ්ට යයි සහතික දීමට ද ආචාර්ය නලීන් ප්‍රමාද නොවේ.) මේ ගැටලුකාරී තත්වයන් යටතේ ඔහු පිළිබඳ විස්වාසය බරපතල ලෙස ලංකාවේ දැන උගත් සමාජය තුල බිඳ වැටීම දක්නට ලැබෙන බව පේනවා නේද?

      Delete
    11. ////කරුණාකර "මනුෂ්‍ය නොවන දැනුම" සහ "මනුෂ්‍ය දැනුම" අතර වෙනස කුමක්ද කියා නිශ්චිතව කෙටියෙන් සඳහන් කරන්න. ඔබ විසින් යම් දැනුමක් "මනුෂ්‍ය නොවන දැනුමක්" ලෙස අර්ථදැක්වීමේ නිර්ණායකය කුමක්ද?////


      මූලික වශයෙන් "දැනුම" (knowledge) එහෙම නැත්නම් මනුෂ්‍ය දැනුම යනු මිනිසාගේ පංචේන්ද්‍රියනුත් ස්නායු පද්ධතියත් මොළයත් සම්බන්ධවී සිදු කරන සංකීර්ණ ක්‍රියාවලියක ප්‍රතිඵලයක් විදියට හඳුන්වන්න පුළුවන්.

      ප්‍රධාන වශයෙන් මිනිසා සිය පංචේන්ද්‍රියන් මගින් ලබා ගන්නා සරල අවබෝධය හෙවත් ඉන්ද්‍රිය ගෝචර දැනුම මොළය තුල සිදුකරන තාර්කික ක්‍රියාවලියක් හරහා තාර්කික දැනුමක් බවට පත් කරගනු ලැබේ.

      මිනිස්සු සිය හැකියාවන් (skills) දැනුම යොදාගනිමින් සංවර්ධනය කරගෙන මිනිස් ශිෂ්ටාචාරය ගොඩ නගා ඇති. උදාහරණයක් විදියට සිතීමේ හැකියාව.

      මනුෂ්‍ය සමාජයේ ගායකයෙකු වීමට මුලින්ම ගායනා කිරීමට හැකියාවක් තිබිය යුතුයි. පසුව සංගීතය ගායනය පිළිබඳ වැඩිදියුණු කරගෙන තියෙන දැනුම යොදාගනිමින් ගායකයෙකු වීමට පුළුවන්.

      මනුෂ්‍ය නොවන දැනුම කියා එකක් ඇති බවට සාධක නෑ. පිට සක්වළ ජීවින්, දෙවියන් අමනුෂ්‍යයන් වැනි සංකල්පීය ජීවින් සතුව එවැන්නක් තිබිය හැකි වනු ඇත. නමුත් අවශ්‍ය නම් මනුෂ්‍ය නොවන දැනුම ලෙස සතුන් තමන් සතු හැකියාව සිය පැවැත්ම උදෙසා යොදාගන්නා උපක්‍රමයන් යම්තාක් දුරට (මනුෂ්‍ය නොවන දැනුම ලෙස) සැලකිය හැකියි. සුනඛ වැනි සතුන් ඔවුන්ගේ ඉව නමැති හැකියාව යොදාගනිමින් දඩයම් කිරීම, ජලය සහ මග හොයා ගැනීම සරල දැනුමක් ලෙස සැලකිය හැකියි. ඇතැම් සත්ත්ව විශේෂ සිය පැටවුන් සමග එම දැනුම බෙදාගනිමින් ඔවුන්ව පුහුණු කිරීමද දැක ගත හැකියි. නමුත් එම හැකියාව මිනිසුන්ගේ ප්‍රයෝජනයට යොදාගන්නේ එය මනුෂ්‍ය දැනුමෙන් පමණක් වන අතර එය මනුෂ්‍ය නොවන දැනුම කියා කිසිම විටක කියන්න බැහැ. මොකද එම සතුන්ගේ හැකියාවන් මෙහෙයවන්නේ මිනිස්සු මිනිස්සුන්ට ඕන විදියට.

      නැවතත් මනුෂ්‍ය දැනුම ගැන පැහැදිලි කිරීමේදී දැනුමේ විවිධත්වයට හේතු වන්නේද එම පාරිසරික විවිධත්වයන්, තාර්කික හැකියාවේ විවිධත්වයන් හා දැනුම ලැබීමට ලැබෙන අවස්ථාවල විවිධත්වයන් බව පැහැදිලියි. එසේම අතීත මනුෂ්‍ය සමාජමය එම දැනුම ලබාදීමේ හා ලබාගැනීමේ හැකියාව මතද (අධ්‍යාපනය) දැනුමේ ප්‍රමාණය තීරණය වන බව කිව යුතුයි.

      මනුෂ්‍ය දැනුම පවතිනුයේ එක් එක් පුද්ගලයන් තුළ වුවද දැනුම යනු පුද්ගල දැනුමක් නොව සමාජීය දැනුමකි. දැනුම වර්ධනය වනුයේ ඓතිහාසිකව හා සමාජයක් ලෙස සාමූහිකව ලබන අත්දැකීම් අනුවයි.

      ඓතිහාසිකව මිනිස් සමාජය තුළ "දැනුම" ඇරඹෙනුයේ මානව සමාජයේ පදනම වූ නිෂ්පාදන ක්‍රියාවලියත් සමග වන අතරම දැනුම වර්ධනය වූයේද ඊට සාපේක්ෂව මිනිසාගේ පංචේන්ද්‍රියන් හා මොළය වර්ධනය වුයේද විවිධ භාණ්ඩ හා සේවා නිෂ්පාදනයේ අවශ්‍යතාවයන් හා බැඳෙමින්.

      මනුෂ්‍ය සමාජයේ හැම කෙනෙක්ම සතුව විවිධ ප්‍රමාණයෙන් පවත්නා "දැනුම" තම පෞද්ගලික දේපළක් පෞද්ගලික දක්ෂතාවයක ප්‍රතිඵලයක් නොව සමාජමය දේපළක්/ සමාජමය ක්‍රියාවලියක ප්‍රතිඵලයක්. ඒ නිසාම දැනුම සමාජමය වන අතර එය යෙදවිය යුත්තේද සමාජමය අරමුණකින් බව පැහැදිලියි.

      ඒ වගේම මනුෂ්‍ය දැනුම යනු ලෝකය පිළිබඳ අවබෝධ කර ගැනීමක් ලෙස පමණක් යැයි සමහරු දක්වනවා. කෙසේ වෙතත් මනුෂ්‍ය "දැනුම" ලෝකය තේරුම්ගැනීමට පමණක් සීමාවන්නක් නොව ලෝකය වෙනස් කිරීම සඳහාද උපයෝගී වන්නක් බව ඉතා පැහැදිලියි. දැනුම අවශ්‍ය වන්නේ සියල්ල දන්නා පණ්ඩිතයෙක් ලෙස සමාජයට පොර ටෝක් දෙමින් කුජීත ලෙස ජීවත්වීමට නොව දැනුම භාවිතයට නගා ලෝකය වඩා හොඳ තැනක් බවට වෙනස් කිරීමට කටයුතු කිරීමට බව පැහැදිලියි. සාමාන්‍යයෙන් න්‍යායයෙන් තොර භාවිතය අන්ධ යැයිද භාවිතයෙන් තොර න්‍යාය වඳ යැයිද පවසන්නේ මේ පදනමින් බවත් සඳහන් කරන්නට පුළුවන්.

      Delete
  4. කමෙන්ට්ස් එකක් දෙකක් තියෙනවා, ඒව කියෙව්වම හිතුනෙ "Idiots gonna idiot" කියන එක කොච්චර ඇත්තද කියල.

    Econ කලින් posts වල R ගැන කරපු පැහැදිලි කිරීම් මතක් වුනා, ගිය සැරේ (මාර්තූ) lockdown වලින් UK වල R අගය 0.6 විතර වෙනකම් පහතට ගේන්න පුලුවන් වුනත්, අලුත් strain එක නිසා මෙවර එය ගේන්න පුලුවන් වෙන්නෙ 0.9ට විතර කියලා කියෙව්ව. As a result they expect the infections levels to just plateau rather than falling down.

    ReplyDelete
    Replies
    1. ඔව්. ඒක තමයි අලුත් strain එකේ ප්‍රශ්නය. දකුණු අප්‍රිකාවේ හා එක්සත් රාජධානියේ අලුත් දත්ත දෙස බැලුවහම වෙනස ඉතා පැහැදිලිව පෙනෙනවා. පරිණාම මූලධර්ම අනුව, මෙය වැඩි කල් නොගොස් වඩාත්ම සුලභ වෛරස් strain එක විය හැකියි.

      Delete
  5. London හි Paddigton දුම්රියපොලේද පුහුණු කරන ලද  සුනඛයන් යොදාගෙන covid19 රෝගීන් හඳුනා ගන්නා අයුරු රැගත් වීඩියෝ පට අන්තර්ජාලයේ හුවමාරු වුනි. ඒ අතරම චී ලංකාවේ හමුදාව විසින් යුද්ධ සමයේ වළලන ලද බිම් බෝම්බ ඉවත් කිරීමට මුගටියන් යොදා ගෙන කල පර්යේෂණ වාර්තා වුනි.ජපානයේ සෝකෝ අසහාරා විසින් 1995 දී  තෝකියෝ නුවර උමං දුම්රියක මඟකට එල්ල කල ⁣serene විෂ වායු ප්‍රහාරයේ වායු සාන්ද්‍රනය සොයා ගැනීමට pinch පක්ෂීන් යොදා ගැනුනි. එලෙසම උතුරු ඇමරිකාවේ බොහොමයක් ගුවන් තොටුපලවල මත්ද්‍රව්‍ය සොයා ගැනීමට පුහුණු කල සුනඛයන් යොදා ගනී.

    මේ වනාහී මනුෂ්‍ය දැනුමම බව මගේ අදහසයි. මෙහිදී මිනිසා විසින් සත්ත්වයාව යොදාගෙන තිබෙන්නේ detecting tool එකක් ලෙසටය. උපකරණ භාවිතා කොට එයින් සන්නිවේදනය කරන දත්ත මත යමි යමි නිගමනවලට එලැඹීම මිනිස් දැනුමේ ලක්ෂණයක් නොවේද?නිදසුන්: pH meters මඟින් ජලයේ ආම්ලික බව මැනීම , spectroscopy මඟින් ජලයේ ඇති  නයිට්‍රජන්  ප්‍රමාණය මැනීම, යම්කිසි පැණියක් රස බැලීමට හැන්දැක් යොදා ගැනීම ආදිය.

    එහෙත්,මෙම වියනුවේ ප්‍රධානියා වන එකොනොව පවා නොසිතූ විරූ අකරතැබ්බයකට පත් කරමින් ලිපියේ අන්තර්ගතයට වඩා මැය/title කෙරෙහි කාගේත් අවධානය වඩාත් යොමු විය.

    කෝවිඩ් වසංගතය ලංකාව බිලි ගැනීමට පෙර ලංකාවේ අංක එකේ ප්‍රශ්නයක් වූයේ රජරට  වකුගඩු රෝගයයි. බටහිර වෛද්‍ය විද්‍යාවට මේ සම්බන්ධව කල හැකි ප්‍රතිකාර අල්ප බව දුටු විට පෙරට ආවේ පෙරදිග ඥානවිභාගීන්ය. එම ඥානවිභාගීන් පෙරටු කර ගත්තේ නාථ දෙයියන්වය. මතු බුදුවීමට පෙරුම් පුරනවා යැයි කියන නාථ, ඒ වන විට අනාථව සිටියේ නැත.

    නාථ දෙයියන් හට රජරට වකුගඩු රෝගයට   පිලියම් කල හැකි බව  කැළණියේ නලින්, තමා ප්‍රවර්ධනය කල චින්තනය ඔස්සේ  දැන සිටියේය. නලින් බල්ලා මාක්කෙකට වැටීම ( ....නිවැරදිව හඳුනා ගත් ලෙසින්) ආරම්භ වීම නොහොත් එතෙක් ලංකාවේ ජන මනස තුල ගලා ගිය  ලංකාවේ ජාතික චින්තන ධාරාව, ජාතික පරිපථයට ඔරොත්තු නොදෙන මට්ටමින් වැඩි ඇම්පියර් ගණනකින් ගලා ගොස් මුළු පරිපථයම ලුහුවත් වුනේ එදාය.කොටින්ම කිව්වොත් දෙයියන් අනාථ වූයේ එම නිමේෂයේදීමය. 80 දශකයේදී නලින්, ට්‍රොට්ස්කිවාදීන්ගෙන් කැඩී ඔහුගේ 'මගේ ලෝකය' ක්‍රමයෙන් 'අපේ ලෝකය ' බවට පත් වන විට චම්පිකලාගේ  හක් ගෙඩියේ සිට ජවිපෙ හරහාත් , අවසානයේදී අද වන විට රාජපක්ෂලාත් මේ චින්තනය ක්‍රමයෙන් Meine Kampf එකක්,බවට පත් කර ගත්හ. සෑම ඡන්දයකින්ම පසුව අප ජාතියක් ලෙසට මෙසේ  අඳුරේ,අතපත ගාන ජාතියක් බවට පත් කලේ , මේ අනුව, නලින් ය. රටම අවිඳු අඳුරක ගිල්වන්නට හේතු වූ නමුත් අමරසේකර හෙමිහිට මාරු විය.


    කාලි දෙයියන් කොරෝනා පැණියට වට්ටෝරුවක් ශ්‍රී වීරභද්‍ර ධම්ම ප්‍රතිශක්ති ජීව පානය ලෙසින් DCSL කාලේ බෝතල්වල දා ඉදිරිපත් කරන බව වෘත්තියෙන් පෙදරේරුවකු වූ පසුව ආවස්ථික පිරිවැය ගණනය කරමින් දේවාල  කපුවකු වූ කෑගල්ලේ ධනපාල දැන ගත්තේ මේ චින්තනය ඔස්සේය. එහෙත් දෙයියන්ගේ ලෝකය සහ මනුෂ්‍ය දැනුමෙන් යුක්ත මේ අප ජීවත් වන ලෝකය යනු ' ලෝක' දෙකක් බව මේ දෙයියන්ගේ ලෝක ඒජන්තයන් වන 'ලෝකයනමට ' නොවැටහුනි. මනුෂ්‍ය දැනුම නොහොත් භෞතික සහ ගණිතමය tools හාවිතා කර නිශ්පාදනය කරන දැනුමේ සමාජ භාවිතය අවසාන වසයෙන් නිර්ණය කරනුයේ සසම්භාවීබව සහ සංඛ්‍යානය පිලිබඳ දැනුමෙනි. මිනිසා විසින් නිශ්පාදනය කරන ලද සංඛ්‍යානමය tool එක දේව පැණියට බාධාවක් වූයේ එසේය.  ඒ අනුව මනුෂ්‍යයා තම සමාජ ගැටළු විසඳා ගැනීමට තම දැනුමම යොදා ගැනීමට  තීරණය කල නිසා නාථ , අනාථව ගිය  ලෙසින්  කාලි, හුදු තක්කාලි බවට පත් වූහ. ඒ අනුව ධම්මික පැණිය බිව් ආණ්ඩුව කසාය බී ගොළුවන්ගේ තත්ත්වයට පත්ව ෆේල්ව ගියේ මුත්, ලංකා ජන සමාජයේ අං තට්ටුව රහිත මිනිසුන්ගෙන් එකතු කර ගත් මුදලින් දිලිත් සහ ධනපාල ගොඩ ගියහ...
    ***

    ReplyDelete
    Replies
    1. ඒ වගේම ධනපාල (නැත්නම් ධම්මික බන්ඩාර)ගේ මේ ලබ්බේ බෙහෙත වැඩ කරනවද නැද්ද මම දන්නේ නෑ. ඒක තීරනය වෙන්නෙ සායනික පරීක්ෂා වල ප්‍රතිඵල වලින්. ඒ උනාට මේ බෙහෙතට විරුද්ද එවුන්ගේ මානසිකත්වය බලපල්ලකෝ. හරිම ලොල් සහගතයි නේද? උන් කොච්චර බයකින්ද ඉන්නේ මේ බෙහෙත වැඩ කරයි කියලා දැක්කම පට්ට විදියට හිනා යනවා ඕයි. තමන්ගෙම සංස්කෘතිය එක්ක මෙහෙම වයිරයකින් ජීවත් වෙන එවුන් බිහි වෙන්නෙ කොහොමද? ඇත්තටම further studies & researches කරන්න ඕන මාතෘකාවක් හැබැයි ඉතින් අපි සමාජ විද්‍යා පර්යේෂණ කරන විධිමත් ක්‍රමවේද දන්නේ නැති නිසා ඒ ක්ෂේත්‍රයක අය විසින් අධ්‍යයනය කළ යුතු විෂයයක්...

      Delete
  6. ඉකොනොමැට්ටා මොකද හිතන්නේ මේ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ දැඩි සේ පැතිර ගිය උමතු ආගමික අන්තවාදය ගැන? විශ්ව විද්‍යාලයක තත්වයත් මෙහෙමනම්, සමාන්‍ය සමාජයේ මේ අන්තවාදය කොච්චර පැතිරිලාද කියන එක අහන්න දෙයක් නෙමෙයිනේ. අදාළ බලධාරීන් මේවා ගැන ඉතාමත් හොදින් නිරික්ෂණය කල යුතුයි. තව සහ' රාන්ලා කී දෙනෙක් ඉන්නවාද කියලා කවුද දන්නේ?

    http://newshub.lk/2021/01/05/lecturer-abdul-haq-lareena/


    පේරාදෙණිය සරසවියේ වෙබ් අඩවි වල මුස්ලිම් සිසුවියන්ගේ මුහුණු පල නොකිරීම හරහා මෙරට සරසවි පද්ධතියට උමතු ආගමික අන්තවාදය ඇතුළුවී ඇති බව පැහැදිලි ලෙසම නිරූපණය වන බව සබරගමුව සරසවියේ කථිකාචාර්‍ය ආචාර්ය අබ්දුල් හක් ලරීනා පවසනවා.

    ඉතා දීර්ඝ ඓතිහාසික සම්ප්‍රදායක් ඇති පේරාදෙණිය විශ්ව විද්‍යාලය වැනි ආයතනයක මුස්ලිම් මජ්ලිස් (කවුන්සිලය) සිය කාන්තා සාමාජිකාවන්ගේ මුහුණු සඟවා තබා තිබීම ඉතා ලැජ්ජා සහගත, පසුගාමී පමණක් නොව විශ්ව විද්‍යාලයේ මුස්ලිම් මජිලිස් වෙලාගෙන ඇති උමතු ආගමික මූලධර්මවාදයේ අවාසනාවන්ත කථාන්දරයද පෙන්නුම් කරයි.

    මෙවැනි අතිශය හිරිකිත අශිෂ්ඨ දහතුන්වන සියවසේ පසුගාමී තලේබාන් ජඩ සිරිත් විරිත් මෑතක සිට සවුදි බලපෑම් සමග රටපුරා ඇති ආගමික පාසල් වූ මද්‍රසාහී බරපතල ලෙස ව්‍යාප්ත වීමක්ද දක්නට ලැබුණි. එහෙත් දැන් බුද්ධිමතුන් බිහි කරන බවට ඇතැමුන් පවසන විශ්ව විද්‍යාල පද්ධතියට එවැනි භාවිතයන් ඇතුල් වීම මුස්ලිම් ප්‍රජාවගේ පරිහානියේ දර්ශකයක් ලෙස දැකිය යුතුය. මෙය පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සියලුම ආදි විද්‍යාර්ථීන්ටත් සිසුන්ටටත් අති මහත් නින්දාවකි! ඇත්තටම හතර විලි ලැජ්ජයි. මේ ගැන පැහැදිලි කිරීමක් පෝස්ට් එකක් ලියන්න පුලුවන් නම් හොඳයි.

    ReplyDelete
  7. ශ්‍රී ලන්කා මහ බැන්කුව 2020 වසරේදී අලුතින් රුපියල් බිලියන 650ක් අච්චු ගසා ඇති බව කියවෙනවා. මේ මගින් ඉදිරියේදී ආර්ථිකයට වෙන බලපෑම මොනවගේ වෙයිද කියලා ලිපියක් ලියන්න හැකිද?

    ReplyDelete
  8. FORMER IRSH PRESIDENT Mary Robinson has criticized Donald Trump's reaction to losing the US election.

    She compared his refusal to concede defeat with the "volatile and undemocratic situations in states such as Kenya, Sri Lanka and Zimbabwe." - Irish Post-

    ReplyDelete
    Replies
    1. In Sri Lanka's perspective, who is the person who refused to concede defeat in the recent past?

      If we consider last decade, it's only Dr Ranil Wickramasinghe during the period of late 2018 to early 2019 whom excessively used his powerful foreign relations to concede defeat (postponing elections, deprived rights of people to elect their representatives and finally keep his crown as the PM despite majority of the people's extreme hatred towards him using undue influences of his so much powerful foreign allies) Am I correct?

      Delete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: