අලුත් ආණ්ඩුවේ යෝජිත බදු සංශෝධන වලින් වාසි සැලසෙන්නේ කාටද?
1. පුද්ගල ආදායම් බදු සංශෝධනය:
දැනට ආදායම් බදු ගෙවන සියලුම පුද්ගලයින්ට මෙම සංශෝධනය මගින් වාසියක් සැලසෙනවා. පහත තිබෙන්නේ මාසික ආදායම අනුව ලැබෙන බදු සහනයේ ප්‍රමාණයයි.
රුපියල් 100,000ට අඩු - කිසිවක් නැත.
රුපියල් 110,000 - රුපියල් 600ක සහනයක්
රුපියල් 120,000 - රුපියල් 1,200ක සහනයක්
රුපියල් 130,000 - රුපියල් 1,800ක සහනයක්
රුපියල් 140,000 - රුපියල් 2,400ක සහනයක්
රුපියල් 150,000 - රුපියල් 3,500ක සහනයක්
රුපියල් 175,000 - රුපියල් 5,000ක සහනයක්
රුපියල් 200,000 - රුපියල් 7,500ක සහනයක්
රුපියල් 225,000 - රුපියල් 10,500ක සහනයක්
රුපියල් 250,000 - රුපියල් 13,000ක සහනයක්
රුපියල් 300,000 - රුපියල් 16,500ක සහනයක්
රුපියල් 350,000 - රුපියල් 20,000ක සහනයක්
රුපියල් 368,333ට වැඩි - රුපියල් 20,500ක සහනයක්
මේ අනුව පෙනී යන පරිදි මාසික ආදායම වැඩි වන තරමට ලැබෙන බදු සහනයේ ප්‍රමාණයද වැඩි වී රුපියල් 20,500ක උපරිමයක් දක්වා ගොස් නවතිනවා. එනම් ඉහළ ආදායම්ලාභීන්ට වසරකට රුපියල් 246,000ක අමතර මුදලක් අතට එනවා.
රුපියල් 368,333ට වඩා වැඩි මාසික ආදායමක් ලබන සියල්ලන්ටම මෙම රුපියල් 20,500ක මාසික බදු සහනය ලැබෙන අතර ඊට වඩා අඩු ආදායම් මට්ටම් වල සිටින අයට ඊට වඩා අඩු කිසියම් හෝ සහනයක් ලැබෙනවා. දැනට පුද්ගල ආදායම් බදු නොගෙවන මාසික ආදායම රුපියල් 100,000ට වඩා අඩු අයට මෙම බදු සංශෝධනයේ බලපෑමක් නැහැ.
2. රඳවා ගැනීමේ බද්ද වැඩි කිරීම:
පොලී ආදායමද ඇතුළුව දැනට අවම වශයෙන් රුපියල් 150,000ක මාසික ආදායමක් ලබන අයට මෙම බදු වැඩි කිරීමෙන් බලපෑමක් සිදු වන්නේ නැහැ. අනිවාර්යයෙන්ම බදු ගෙවිය යුතු බැවින්, ඔවුන්ට තමන්ගෙන් කපාගෙන තිබෙන රඳවා ගැනීමේ බද්ද තමන් විසින් ගෙවිය යුතු ආදායම් බදු වලින් අඩු කළ හැකියි. මෙහිදී ඔවුන්ට කිසියම් මුදලක් ආපසු ලැබෙන්නත් පුළුවන්.
මෙම බද්දෙන් බලපෑමක් සිදු වන්නේ මාසික ආදායම රුපියල් 150,000 නොඉක්මවන අයටයි. ඔවුන් ඇත්තටම මෙම රඳවා ගැනීමේ බද්ද ගෙවිය යුතු නැතත්, තමන්ගේ මාසික ආදායම රුපියල් 150,000 නොඉක්මවන බවට දැනුම් දීමක් නොකළහොත් බැංකුව විසින් මෙම මුදල කපා ගන්නවා. එම දැනුම් දීම කිරීම සඳහා ක්‍රමවේදයක් සකසන බවයි රජය පැත්තෙන් කියවුණේ. කෙසේ වුවත්, ප්‍රායෝගිකව අඩු ආදායම්ලාභීන් බොහෝ දෙනෙකුගෙන් මෙම බද්ද රජයට එකතු වීමට ඉඩ තිබෙනවා.
3. යෝගට් සහ කිරි නිෂ්පාදන මත අය කෙරෙන වැට් බද්ද ඉවත් කිරීම:
මෙම බදු සංශෝධනයේ සෘජු බලපෑමක් තිබෙන්නේ දැනට වැට් බදු සඳහා ලියාපදිංචි වී සිටින වාර්ෂික පිරිවැටුම රුපියල් මිලියන 60 ඉක්මවන මහා පරිමාණ නිෂ්පාදකයින්ටයි. වැට් බදු ගෙවීමට අවශ්‍යව තිබියදී ඔවුන් පාරිභෝගිකයින්ගෙන් අය කරගන්නා වැට් බදු මුදල් රජයට ගෙවන්නේ, ඔවුන් විසින් මිල දී ගත් අමුද්‍රව්‍ය හා උපාංග වෙනුවෙන් ගෙවන වැට් බදු ප්‍රමාණය අඩු කර ගැනීමෙන් පසුවයි. දැන් වැට් බද්ද ඉවත් කිරීම නිසා ඔවුන් අතරමැදි නිෂ්පාදකයින්ගේ තත්ත්වයේ සිට අවසන් පාරිභෝගිකයින් බවට පත් වෙනවා. මේ හේතුවෙන් ඔවුන්ගේ නිෂ්පාදන පිරිවැය යම් ප්‍රමාණයකින් ඉහළ යනවා. ඔවුන් එය පාරිභෝගිකයින්ගෙන් අය කර ගැනීමට ඉඩ තිබෙනවා.
කෙසේ වුවත්, වැට් බද්ද ඉවත් වීමේ වාසිය පාරිභෝගිකයින්ට ලැබෙන නිසා මෙසේ සැපයුම්කරුවන් විසින් ඉහළ මිලක් අය කළද ඔවුන්ට ගෙවන්නට වෙන්නේ අඩු මිලක්. දේශීය යෝගට් සහ කිරි නිෂ්පාදන සැපයුම සීමිත නිසා මිල අඩු වී ඉල්ලුම ඉහළ ගියද, සැපයුම වැඩි වුනේ නැත්නම් සිදු වන්නේ මිල නැවත ඉහළ යාමයි. නිෂ්පාදනය දිරිමත් වී සැපයුම වැඩි වීමටනම්, වැට් ගෙවීම් පිරිවැය ප්‍රතිපූරණය කර ගැනීමට නොහැකි වීමෙන් නිෂ්පාදකයින්ට සිදු වන පාඩුව ඉක්මවා යෝගට් මිල වැඩි විය යුතුයි. සියලු සාධක සැලකු පසු මෙම බදු සංශෝධනය හේතුවෙන් නිෂ්පාදනයේ යම් ප්‍රගතියක් ඇති වීමට ඉඩ තිබෙනවා.
4. සේවා අපනයන මත බද්ද:
මෙම බද්ද අඩු කිරීම හේතුවෙන් සේවා අපනයන වල යම් දිරිගැන්වීමක් සිදු විය හැකියි.
රජයක බදු ප්‍රතිපත්තියේ වෙනසක් අනුක්‍රම (progressive) බදු ප්‍රතිපත්තියක් ලෙස හෝ ප්‍රතිපායන (regressive tax) බදු ප්‍රතිපත්තියක් ලෙස වර්ග කළ හැකියි. අඩුආදායම්ලාභීන්ට වැඩි සහනයක් සැලසෙන බදු ප්‍රතිපත්තියක් අනුක්‍රම (progressive) බදු ප්‍රතිපත්තියක් ලෙසත්, වැඩි ආදායම්ලාභීන්ට වැඩි සහන සැලසෙන බදු ප්‍රතිපත්තියක් ප්‍රතිපායන (regressive tax) බදු ප්‍රතිපත්තියක් ලෙසත් හැඳින්වෙනවා.
සාමාන්‍යයෙන් රජයක් අනුක්‍රම (progressive) බදු ප්‍රතිපත්තියක් අනුගමනය කරන්නේ සමාජ සාධාරණත්වය ඉලක්ක කරන විටයි. ආර්ථික වර්ධනය සඳහා වඩා හිතකර වන්නේ ප්‍රතිපායන (regressive tax) බදු ප්‍රතිපත්තියක් පවත්වා ගැනීමයි. ඊට හේතුව, අඩු ආදායම්ලාභීන් විසින් තමන් වෙත රැදෙන අමතර ආදායමක් බොහෝ විට පරිභෝජනය වෙනුවෙන් වැය කරද්දී, වැඩි ආදායම්ලාභීන් විසින් තමන් වෙත රැදෙන අමතර ආදායමක් ආයෝජන වෙනුවෙන් වෙන් කිරීමයි.
මෙම බදු සංශෝධන වලින් වැඩිපුර පෙනෙන්නේ වර්ධන අභිලාශයයි.
දැනට මේ එක් එක් වැටුප් ප්‍රමාන වලට ටැක්ස් කීයක් කැපෙනවද කියන වගුවත් ලිපියට ඇඩ් කරන්න බැරිද?
ReplyDeleteදැන් බදු කීයක් කැපනවද? ඒ සටහන දනවකෝ මේ තේරෙන්නේ නැති මගුලක් දාන්නේ නැතිව මිනිහෝ
ReplyDeleteඉකොනෝ මල්ලි ඇඹුල ගෙනල්ලා ලඃ ලඃ ලඃ
ReplyDeleteගොයිරරාඅල ගොඩට ඇවිල්ල ලඃ ලඃ ලඃ
ඉකොනෝ මල්ලි ඇඹුල ගෙනල්ලා //