සාමාන්‍යයෙන් වසරක් අවසන් වීමට පෙර ඉදිරි වසරේ රාජ්‍ය ආදායම් හා වියදම් ඇස්තමේන්තු සමඟ අයවැයක් ඉදිරිපත් කර පාර්ලිමේන්තුවේ සම්මත කරගන්නා නමුත් අලුත් ආණ්ඩුවට ඒ සඳහා කාලය ප්‍රමාණවත් නොවන බැවින් මේ කටයුත්ත මාස කිහිපයකට කල් දමා තිබෙනවා. මෙහිදී රජයේ කටයුතු අඛණ්ඩව පවත්වා ගැනීම ප්‍රශ්නයක් වෙනවා. එයට පිළියමක් ලෙස මාස හතරක කාලයක් සඳහා අතුරු අයවැයක් මේ වන විට සම්මත කරගෙන තිබෙනවා. මෙය වසර සඳහා සම්පූර්ණ අයවැයක් සකස් කරන තුරු ගත් තාවකාලික ක්‍රියාමාර්ගයක් ලෙස හැඳින්විය හැකියි.
මේ අතුරු අයවැය අනුව ඉදිරි වසරේ පළමු මාස හතරක කාලය තුළ රාජ්‍ය මූල්‍යනය සිදු වන්නේ පහත පරිදියි.
අපේක්ෂිත ආදායම = රුපියල් බිලියන 1,600
අපේක්ෂිත වියදම (ණය හා පොලී ගෙවීම් හැර) = රුපියල් බිලියන 1,425
ණය හා පොලී ගෙවීම් = රුපියල් බිලියන 1,175
අපේක්ෂිත මුළු වියදම = රුපියල් බිලියන 2,600
අපේක්ෂිත අරමුදල් හිඟය = රුපියල් බිලියන 1,000
මේ අනුව, ඉදිරි වසරේ පළමු මාස හතර ඇතුළත පමණක් රජය තවත් රුපියල් බිලියන 1000ක් හෙවත් රුපියල් ට්‍රිලියනයක් ණය වීමට නියමිතයි. මෙය ආසන්න වශයෙන් රටේ එක් අයෙකු මාස හතරක් ඇතුළත තවත් රුපියල් 50,000ක් පමණ ණය වීමට සමානයි.
කෙසේ වුවත්, රජයට මෙලෙස ණය වීමට තනිකරම මෙන් හේතු වී තිබෙන්නේ පරණ ණය හා පොලී ගෙවීමේ අවශ්‍යතාවයයි. ණය නොවී ණය ගෙවිය හැකි කිසිදු මැජික් විසඳුමක් තවමනම් යෝජනා වී නැහැ.
පරණ ණය හා පොලී ගෙවීම් නොවීනම් රජය සතුව රුපියල් බිලියන 175ක මුදලක් ඉතිරි වෙනවා. ප්‍රාථමික අයවැය අතිරික්තය නමින් හඳුන්වන්නේ එම ඉතිරියයි.
මේ (2024) වසරේ පළමු මාස හතර ඇතුළත ප්‍රාථමික අයවැය අතිරික්තය රුපියල් බිලියන 365ක් වූ අතර, වසරේ පළමු මාස නවය ඇතුළත එම අතිරික්තය රුපියල් බිලියන 785ක්ව පැවතුණා. මේවා ඇස්තමේන්තු නොව ඇත්තම ගණන්. මෙම සංඛ්‍යාලේඛණ සමඟ සැසඳීමේදී පැහැදිලිව පෙනී යන්නේ අලුත් ආණ්ඩුව රාජ්‍යමූල්‍ය විනය කෙරෙහි පැවති ආණ්ඩුව තරමට බරක් තබා නොමැති බවයි.
ඇතැම් විට ආණ්ඩුව උත්සාහ කරන්නේ ස්ථායිකරණ වැඩ පිළිවෙළ අනුව පවත්වා ගත යුතු අවම ප්‍රාථමික අයවැය අතිරික්තය පමණක් යාන්තමින් පවත්වා ගනිමින් වියදම් ඉහළ දැමීම විය හැකියි. එවැනි ප්‍රවේශයක අවදානම වන්නේ අපේක්ෂිත ආදායම් එලෙසම නොලැබී යා හැකි වීමයි.
ඉදිරි (2025) වර්ෂයේ පළමු මාස හතරේ අපේක්ෂිත ආදායම් හා වියදම් මේ (2024) වසරේ පළමු මාස හතර හා සෘජුව සංසන්දනය කළ හැකියි.
2024 පළමු මාස හතරේ ආදායම = රුපියල් බිලියන 1,218
2024 පළමු මාස හතරේ වියදම (ණය හා පොලී ගෙවීම් හැර) = රුපියල් බිලියන 853
මේ අනුව පෙනී යන්නේ අතුරු අයවැය ඇස්තමේන්තු අනුව රාජ්‍ය ආදායම 31%කින් වැඩි වෙද්දී ණය හා පොලී ගෙවීම් හැර රජයේ අනෙකුත් වියදම් 67%කින් ඉහළ යාමට නියමිත බවයි. 2024 පළමු මාස පහක කාලයේ රාජ්‍ය ආදායම 2025 පළමු මාස හතරේ අපේක්ෂිත රාජ්‍ය ආදායමට ආසන්නව සමාන නිසා (මාස ගණන වෙනස් වුවත්), අපට එම මාස පහ සමඟද මෙවැනිම සංසන්දනයක් කළ හැකියි.
2024 පළමු මාස පහේ ආදායම = රුපියල් බිලියන 1,619
2024 පළමු මාස පහේ වියදම (ණය හා පොලී ගෙවීම් හැර) = රුපියල් බිලියන 1,065
මේ අනුව, 2024 පළමු මාස පහට සාපේක්ෂව 2025 පළමු මාස හතර තුළ අපේක්ෂිත රාජ්‍ය ආදායම 1%කින් අඩු වුවත් රාජ්‍ය වියදම් 34%කින් ඉහළ යාමක් දැකිය හැකියි.
"හැදෙන ගහ දෙපෙත්තෙන් දැනේ" කියන්නාක් මෙන් ආණ්ඩුව විසින් ඉදිරියේදී ඉදිරිපත් කරන්නට නියමිත සම්පූර්ණ අයවැයෙහි දිශානතිය පිළිබඳව මේ අතුරු අයවැය අනුසාරයෙන් යම් අදහසක් ලබා ගත හැකියි. ආණ්ඩුව විසින් ප්‍රදර්ශනාත්මක ලෙස යම් වියදම් අඩු කිරීම් ගැන කතා කළත්, අයවැය ඇස්තමේන්තු වලින් වියදම් අඩු වීමක් පෙන්නුම් කෙරෙන්නේ නැහැ.
රජයේ වියදම් වැඩි වී තිබෙන්නේ ඇයිදැයි විමසා බැලීමට විස්තරාත්මක අයවැය ඇස්තමේන්තු ලැබෙන තුරු බලා සිටින්නට සිදු වෙනවා.
මචන් ඉකොන්, මම නම් ආර්ථික විද්‍යා දැනුමැත්තෙක් නොවේ, ඒත් මේ ආණ්ඩුව දිනවන්න ඔසී ඉඳන් දර දිය ඇද්ද එකෙක්. මට හිතෙන්නෙ මේ ආණ්ඩුවෙ වාහන පාවිච්චිය, මන්ත්‍රී ඇමති වරප්‍රසාද කප්පදු කිරීම වගේ දේවල්වලින් ඉතුරු කරන්න පුළුවන් සොච්චම් මුදලක් පමණයි කියලා. ඒවා හොඳයි දේශපාලන තුරුම්පු විධියට, හැබැයි ආර්ථිකය ගැන පැහැදිලි වෙනසක් මේගොල්ලන්ගෙ ප්රතිපත්තිවල තියනවද ? පුලුවන්නම් දීර්ඝ සහ විස්තරාත්ම පැහැදිලි කිරීමක් ලියන්න පුලුවන්ද ඉදිරි දිනයක ? ඒකෙන් ඔවුන්ගෙ ආර්ථික ප්‍රතිපත්ති, රනිල් හා රාජපක්ෂ කරපු දේවලින් වෙනසක් වෙලා රට ඉදිරියට යයිද, නැත්නම් නිකන්ම කයිවාරුවො ටිකක් විතරද කියලා පැහැදිලි කරන්න. චන්ද්‍රිකාත් මේ විධියටම 94 ඇවිත් කයිවාරු ගහලා, නාස්තිය දූෂණය නැති කරනවා කිව්වා, යූඇන්පී ඇමතිලා හොරු කියලා තමයි කිව්වෙ, එතකොට හිටපු එස්බී, මංගල, නිමල් සිරිපාල වගේ ඇමතිලා, පස්සෙ කාලෙක කම්බ හොරු වුණා. මම එතකොට පාසැල් ශිෂ්‍යයෙක්, ඒ කාලෙම රටින් යන්න හිතුන නිසා හොඳට ගියා. හැබැයි මිනිස්සු ඔක්කොම හිතන් ඉන්නෙ අනුර රට ගොඩ දායි කියලා, මම කියන්නෙ හොරු අල්ලනවා වගේ දේවල් නෙවෙයි, ඔවුන්ගෙ පොහොසත් රටක් ලස්සන ජීවිතයක් කියන එක.
ReplyDelete@ Robert
Deleteඅපි වගේ ලංකාවේ බහුතර ජනතාව ජනාධිපතිවරණයේදී අනුර සහෝදරයාට සහ මහමැතිවරණයේදී මාලිමාවට ඡන්දය දී රටේ රාජ්‍ය බලය ජනතාව ලබා දුන්නේ රනිල් වික්‍රමසිංහ පාලනයෙන් හෙම්බත්වු රට එයාලට ලැබුණාම ඔවුන් එවකට පැවති රනිල්ගේ රටට හානිකර අධික ලෙස බදු පිට බදු ගසා රටේ ආර්ථිකය හකුලුවා දිළිඳුකම ප්‍රවර්ධනය කරන ආර්ථික ක්‍රමයකට රට පටලා බදු අයකර ගාස්තු වැඩිකර ජනතාව සූරාකන අමන IMF වැඩසටහනට දැඩිලෙස විරැද්ධයි යන විශ්වාසය සහ IMF සමග කේවල් කර එය ජනතාවට සහන සැලසීමට හැකිවන පරිදි වෙනස් කරාවි කියන දැඩි විස්වාසය මත මිසක් දූෂිත රනිල් වික්‍රමසිංහ කියන අමන සොම්බියා ජනතාවගේ අතේ තියෙන තුට්ටු දෙකත් හූරගෙන කෑවා වගේ රනිල්ගේ පාහර අමන IMF උගුල සමග තවදුරටත් ඉදිරියට යනවා කියන අදහසකින් නම් කිසිසේත්ම නොවේ.
අනෙක දැනට වසර විසි පහකට තිහකට පමණ පෙර අපි පොඩිකාලේ ඉඳලාම ලංකාව සංවර්ධනය කිරීමට නම් ලෝක බැංකු IMF ප්ලග් ගැලවිය යුතු බවත් IMF සමග කිසිම රාජ්‍යයකට ගමනක් නැති බව ජනතාවට පැහැදිලි කර පෙන්වා දුන්නේ ජවිපයයි .(ඒවාට අනුරලාම කීව කථා ලිපි වීඩියෝ ඕනෑතරම් සාක්ෂිවලට තියනවා, ඒ වගේම ඒකට අපි ඔවුන්ට ස්තූතිවන්ත වියයුතුයි)
නමුත් දැන් NPP ආණ්ඩුවේ බලය සහිතව සිටින ජවිපයට ජනතාවට එක්කෝ අපිට පෙර ආන්ඩුව IMF සමග ඇතිකරගත් කොනිදේසි වෙනස්කරලා යන්න බෑ ඒ හංදා 2028 වෙනතුරු ඒ ආකාරයටම යමු කියන යෝජනාව කරන්න වෙනවා.
නැත්නම් තමන් බලය ලැබෙන්න පෙර IMF එකට විරැද්ධ වුනේ හුදෙක් විපක්ෂයේ සිට ආන්ඩුවට විරැද්ධ වීමේ සම්ප්‍රදායට පමණක් බව කියන්න වෙනවා, ඒක හරිම බරපතල තත්ත්වයක්
ඉදිරි වසරේ පළමු කාර්තුව 2025 මුල් මාස 03 සදහා ඉදිරිපත් කරපු මුදල් කෙටුම්පත හරහා අපට නම් පෙනෙන්නේ
රනිල්ගේ රජය සහ IMF ඇතිකරගත් එකගතා වලින් බැහැර නොවී වැල් පාලමේ,
ඉතුරු ටික අනුර සහෝදරයාත් එහෙමම යන බවයි.
එහෙම නැත්නම් අපේ අනුර දිසානායක සහෝදරයාගේ රජයත් IMF සහ ලංකා රාජ්‍යය අතර ඇති ගිවිසුමට අදාලව අතරමැදි සේවා සපයන එම ව්‍යාපෘතියේ මුල්‍ය උපදේශක සමාගම්වලට ගෙවීමට මුදල් වෙන්කරන්නේ නැහැනේ
ඒ හැර රටේ දැඩිලෙස ඉහළ යන සහල් සහ පොල් ගැටළුවට ඇති එකම කෙටිකාලීන විසදුම වන ක්ෂණික ආනයනය මගින් වෙලදපළ පාළනය සදහා මුදල්
වෙන් කරනවා දකින්න ලැබෙන එකක් නෑ. ඒ කියන්නේ රජයට IMF ගිවිසුමට අදාලව රාජ්‍ය වියදම් ඉහළ දැමීමට IMF ආයතනයේ අනුමැතියකින්
තොරව අදටත් බැරිවෙලා තිබෙනවා. (ඇත්තටම පොදුවේ ගත්තම රටේ ආර්ථිකය වගේම රටේ ගොඩක්ම දේවල් දැනුත් පාලනය වෙන්නේ කලින් ආණ්ඩුව කාලේ වගේම IMF ඇතුලු එක්සත් ජනපද ඉන්දීය බලහත්කාරය මගින් බවයි මේකෙන් පැහැදිලිව පේන්නේ)
මම හිතන්නේ මේ නිසා අපට රටක් ලෙස ස්ථාවර වන්න පොහොසත් රටක් ලස්සන ජීවිතයක් මැතිවරණ ප්රචාරක වැඩසටහනේදී අපි ප්‍රචාරය කරපු මාළිමා ආර්ථික වැඩ පිළිවෙළ තුළ ඇති ජනතාවාදී කොටස් සහ රටේ සංවර්ධනය අරමුණු කළ දේවල් සියල්ලම පාහේ සම්පූර්ණයෙන්ම පාහේ අත අරින්නම සිද්ධ වෙනවා.
ඒවා මේ පාදඩ IMF වැඩසටහන සමග කරන්න පුළුවන් කමක් නෑ. මේ IMF උගුලෙන් යම්තම් හෝ ගැලවිය හැකි බව පෙනෙන 2028 වසරට පසුව හැර, මොකද ඊටපෙර නම් අඩුම තරමේ විදුලිය ජලය සහ ඉන්ධන මත ඇති බදු සහ මිළ ගැලපුමත් 50% වැනි පරාස වලින් වෙනස් කරන්න බැරි බව අප වටහා ගත යුතුයි.
Hi Economatta
ReplyDeleteI was in China last week and how amazing they are? For example had a short trip on Chinese newer fast track train, thats impressively cheap & insanely fast at 358 km/h extremely smooth & steady trip, wonderful isn't it?
Also, the Japanese were known for making cheap products up until the 80's, ever heard of the Plaza Accords? The Japanese were flooding the world with cheap microchips that the US was so threatened about the second largest GDP just behind them where some believed that Japz would pass US, afterwards US was so threatened about the whole thing, that they decided to destroy the Japanese economy in the 80's and so did it. Then the Koreans and Chinese steadily stepped up in the ladder.
While the Koreans were known for being the cheap version of Japanese products until recently, the entire industry of Korea is copied from Japan, that is the truth, they positioned themselves as the cheap alternative to Japanese items.
No country started out with high quality products right off the bat, that wouldn't make sense.
Where China is now, was what Japan was in the 60's and 70's, what Korea was in the 80's to 90's. It's starting to change for China with more companies pushing out higher quality products like DJI and Huawei isn't it?
Yes.
Deleteකෑම ලෑස්තියි.... කන්න වෙන්නෙ කවද්ද කියන එක විතරයි ගැටළුව. 2028දී කන්න වෙයිද ඊට කලින්ම කන්න වෙයිද?
ReplyDelete