වෙබ් ලිපිනය:

Thursday, December 26, 2024

ආචාර්ය මන්මෝහන් සිං දිවිසැරිය නිමා කරයි!


අසල්වැසි ඉන්දියාව ශක්තිමත් ආර්ථිකයක් සහිත රාජ්‍යයක් ලෙස ලෝක සිතියම තුළ ලකුණු කිරීම උදෙසා පුරෝගාමී මෙහෙවරක් ඉටු කළ ආචාර්ය මන්මෝහන් සිං සිය අනූ දෙවසරක දිවිසැරිය නිමා කරමින් අද දින (දෙසැම්බර් 26) නික්ම ගොස් තිබෙනවා.

පන්ජාබයේ දැනට පකිස්ථානයට අයිති ප්‍රදේශයක 1932දී උපත ලැබු මන්මෝහන් සිං 1952 වසරේදී පන්ජාබ් විශ්ව විද්‍යාලයෙන් ආර්ථික විද්‍යාව පිළිබඳ ප්‍රථම උපාධිය ලබා ගැනීමෙන් පසුව, 1954දී එම වීශ්ව විද්‍යාලයෙන් ආර්ථික විද්‍යාව පිළිබඳ පශ්චාත් උපාධියක්ද ලබා ගත්තා. ඉන් පසුව වසර තුනක කාලයක් කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයෙහි ආර්ථික විද්‍යාව හැදෑරූ ඔහු 1957දී එම සරසවියෙන් ලබාගත් උපාධියක්ද සමඟ නැවත ඉන්දියාවට පැමිණ කෙටි කලක් පන්ජාබ් විශ්ව විද්‍යාලයේ ආචාර්යවරයෙකු ලෙස සේවය කිරීමෙන් අනතුරුව, ආචාර්ය උපාධිය හැදෑරීම සඳහා ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලය වෙතගොස් 1962දී ආර්ථික විද්‍යාව පිළිබඳ ආචාර්ය උපාධියද ලබා ගත්තා.

ආර්ථික විද්‍යාව පිළිබඳ ආචාර්ය උපාධිය ලබා ගැනීමෙන් පසුව ආචාර්ය මන්මෝහන් සිං පන්ජාබ් විශ්ව විද්‍යාලයේ මෙන්ම දිල්ලි විශ්ව විද්‍යාලයේද ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්ය වරයෙකු ලෙස කටයුතු කළා. ඊට අමතරව ඔහු UNCTAD වැනි ජාත්‍යන්තර සංවිධාන වලද සේවය කළා. පසුව ඉන්දියාවේ රාජ්‍ය සේවයට සම්බන්ධ වූ ආචාර්ය මන්මෝහන් සිං මුදල් අමාත්‍යංශයේ ප්‍රධාන උපදේශක ලෙස මෙන්ම ඉන්දියාවේ මහ බැංකුවේ අධිපති ලෙසද ඉන්දියාවට සිය සේවය ලබා දුන්නා. 

දශක ගණනාවක් තිස්සේ සමාජවාදී, සංවෘත, රාජ්‍යමූලික ආර්ථික ප්‍රතිපත්ති අනුගමනය කළ ඉන්දියාවේ ආර්ථිකය 1991දී විශාල ගෙවුම් ශේෂ අර්බුදයක සිරව සිටි අවස්ථාවේදී මුදල් ඇමති ධුරය භාර ගන්නා මෙන් එවකට ඉන්දියාවේ අගමැති වූ නරසිංහ රාඕ විසින් ඔහුට බල කර සිටියා. මේ අවස්ථාවේදී ආචාර්ය මන්මෝහන් සිං දේශපාලනයට සම්බන්ධ වුනා. 

එම අවස්ථාවේදී ඉන්දියාවේ ආර්ථිකය පෙර නොවූ විරූ අවදානම් තත්ත්වයක ඇති බව ක්‍රොන්ග්‍රස් පක්ෂ ප්‍රධානීන්ට පැහැදිලි කළ ආචාර්ය මන්මෝහන් සිං දැඩි ලිබරල් ප්‍රතිසංස්කරණ සිදු නොකර ඉන්දියාවට ගොඩයාමක් නැති බව පෙන්වා දුන්නා. පක්ෂ ප්‍රධානීන් බොහෝ දෙනෙකුගේ විරුද්ධත්වය මධ්‍යයේ වුවද අගමැති නරසිංහ රාඕ විසින් අවශ්‍ය ප්‍රතිසංස්කරණ සිදු කිරීම සඳහා ආචාර්ය මන්මෝහන් සිංට අනුමැතිය දුන්නා. ඒ අනුව, ඉන්දියාව පෙර නොවූ විරූ ධනවාදී ප්‍රතිසංස්කරණ රැසක් ක්‍රියාත්මක කරමින් අද තිබෙන ශක්තිමත් ඉන්දියන් රාජ්‍යය ගොඩ නැගීමට මූලික පියවර ගත්තා. 

මේ වන විට නාමික විණිමය අනුපාත අනුව ඉන්දියාව ලෝකයේ පස්වන විශාලතම ආර්ථිකය වන අතර, ක්‍රය ශක්ති සාම්‍ය පදනම මත ලෝකයේ තුන්වන විශාලම ආර්ථිකයයි. එදා ඩොලර් බිලියනයකවත් විදේශ සංචිත නොතිබුණු ඉන්දියාව සතුව අද වන විට ඩොලර් බිලියන 650 ඉක්මවන විදේශ සංචිතයක් තිබෙනවා. 1991දී හරි පාරට වැටුණු ඉන්දියාවට ඉන් පසුව ගෙවුම් ශේෂ අර්බුද ප්‍රශ්නයක් වී නැහැ.

කෙසේ වුවත්, ආචාර්ය මන්මෝහන් සිංගේ කාර්ය භාරය එදා එපමණම අගය කෙරුණේ නැහැ. 1992දී සිදු වූ කොටස් වෙළඳපොළ වංචාවකට ඔහුගේ නමද ගාවමින් චෝදනා කිරීමට දේශපාලන විරුද්ධවාදීන් පෙළඹුණු අතර 1996 මහ මැතිවරණදී ඉන්දියානු ඡන්දදායකයින් විසින් කොංග්‍රස් පක්ෂය පරාජය කර භාරතීය ජනතා පක්ෂය බලයට පත් කරගත්තා. 

කෙසේ වුවද, 2004දී ඉන්දියාවේ අගමැති ධුරයට පත් වුනු ආචාර්ය මන්මෝහන් සිං වසර දහයක් එම ධුරයේ කටයුතු කළා. මෙම කාලය, විශේෂයෙන්ම ඔහුගේ පළමු ධුර කාලය, ඉන්දියාවේ ආර්ථිකය වේගයෙන්ම වර්ධනය වූ කාලයක්. ආචාර්ය මන්මෝහන් සිංව ඉන්දියානුවන් විසින් අදටත් වඩා අගය කරනු ඇත්තේ අනාගතයේදීයි.

7 comments:

  1. Coal Allocation Scam (Coalgate), Commonwealth Games Scam, AgustaWestland VVIP Chopper Deal, there are some of the gray areas relating to Mr Singh. Nevertheless the father of modern India.

    ReplyDelete
  2. 1991 was when soviet union collapsed. If Soviet union not collapsed no such changes could happen in india.

    ReplyDelete
  3. ඇත්තටම මන්මෝහන් සිං හිටපු භාරත අගමැතිතුමාට සුබ ගමන් කියා මුලින්ම පතනවා, එතුමා පැරණි සෝවියට් දේශයෙන් ආදර්ශ ලබාගෙන භාරතය දියුණුම රටක් බවට පත්කිරීමට පදනම දැමූ බව මම විශ්ව විද්‍යාලයේදී අවිශිබම (අන්තරේ) කටයුතු කරපු කාලේ දේශනයකදී දැනගන්න ලැබුනා.

    ඉකොනොමැට්ටාත් "වානේ පන්නරය ලැබූ හැටි" වගේ පොතක් කියවන්න. ආණ්ඩුවේ අයත් ඒවගේ ඒවා ආයේ කියවන්න ඕනා. මීට අවුරුදු 100කට එහා , පාලකයෝ සහ ඒහා සිටිය නිළදාරීන්, ව්‍යාපාරිකයන් , ඔවුන්ගෙන් තොර ජනතාවාදී ආණ්ඩුවක් ආවම කරපු දේ. ඩඩ්ලි සිරිසේන නම් එහෙම පිටින්ම ඒ පොතේ ඉන්නවා. වැඩියෙන්ම විප්ලවවාදීන්ට ආදරෙයි කියලා පෙන්නපු මුදලාලිගේ කුස්සියේ පෝරණුවේ යට තමයි හංගපු ආහාර ගබඩාව.

    මෙතන භාණ්ඩ මිළ යනු ඒ ඒ අය සුළු පිරිසක් බෙදා ගත්ත අසාධාරණ ලාභය, ජනතාවට සහන ලෙස ලැබී යාම. එයයි ලංකාවේත් විය යුතු.

    ඔබගේ සියල්ල හරි. නමුත් මෙතන තියෙන්නේ වෙළෙඳපොළ මත තීරණයක් නෙමෙයි. හිතාමතා තමන්ට ගිලිහී ගිය බලය නිසා. මුන්ට කරන්න බැහැ අපිම ඕනා කියන තත්ත්වයක්. මේ පැරණි බලලෝභීන්ගේ කුමන්ත්‍රණ පරාජය කිරීම අත්‍යවශ්‍ය කාරණයක්.

    උදාහරණ විදිහට හාල් වලදී , මෝල් කාරයත් (බලන්න ජනවාරි අග හිගයකින්තොරව හාල් නැවත පිරෙන හැටි) ආනයනය කරන පිටකොටුවේ තොග මුදලාලිත් රජය මැදිහත්වීමෙන් හාල් ආනයනය හො වී මිළදී ගැනීම වෙද්දී ඒකේ ඉන්න නිළදාරීන්.

    සියලු දෙනාම සුළු කොටසක් , පොඩි මිළ වෙනසක් ඇති තමන්ට ගොඩ යන්න.මෙපමණ කාලයක් දේශපාලන අනුහසින් ගොඩ ගිය අය.

    ඉකොනොමැට්ටා කියනවා වගේ වසන්ත සමරසිංහ සහෝදරයා උනත් වෙන ඇමතිවරුත් හොඳ වෙන්න පුළුවන් ඒත් වෙන ආණ්ඩුවක ඇමතිවරුන් ඒ වගේ හොඳ නොවෙන්න පුළුවන්. කවුරු ආවත් වෙනස් නොවන්, විනිවිද යා හැකි system හදන එකයි වැදගත්.

    රජයෙන් ජනතාවට සහන සැලසීමට තව මිල අඩුකල යුතු භාණ්ඩ මොනවහරි තියෙනව නම් ඒවාටත් පාලන මිල දැමීම සදහා චතුරංග අබේසිංහ නියෝජ්‍ය ඇමැති සහෝදරයාට දැනුම් දෙන්න කියල ප්‍රකාශයක් කරල තිබ්බ දැක්ක . ..බඩු ලිස්ට් එකක් ම හදල යවන්න ඕනෑ.

    ReplyDelete
  4. ඉකොනොමැට්ටා,

    ලෝකයේ විශාලතම ප‍්‍රධාන පෙලේ ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ CRA ආයතනයක් වන ස්ටැන්ඩඩ් ඇන්ඩ් පුවර්ස් (S&P) විසින් ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීම් ඉහළ නොදැමීමට තීරණය කර තිබේ.

    ඒ මීට පෙර මූඩිස් සහ ෆිච් රේටින් ආයතන දෙක විසින්ම ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීම් ඉහළ දමා ඇති පසුබිමකයි.

    කෙසේ වෙතත් ස්ටැන්ඩඩ් ඇන්ඩ් පුවර්ස පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ඩොලර් මිලියන 175 ක බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කිරීමට ශ්‍රී ලංකා රජය අපොහොසත් වීම හේතුවෙන් මෙම පියවර ගත් බවයි.

    අදාල බැඳුම්කරය ප්‍රතිව්‍යුහගත කිරීම සම්පූර්ණ කර කළ පසු විදේශ මුදල් පැහැර හැරීමේ ශ්‍රේණිගත කිරීම් ඉහළ නැංවිය හැකි බවද එම ආයතනය පෙන්වා දී ඇත.

    ශ්‍රී ලංකන් ගුවන් සේවය අධික ණය බරතාවය හේතුවෙන් පුද්ගලීකරණය කිරීමට පැවති RW රජය සැලසුම් කර තිබූ අතර නව NPP රජය පත්වීමත් සමග එම සැලසුම සම්පූර්ණයෙන්ම අත්හිටුවා රජය යටතේම පවත්වාගෙන යෑමට තීරණය කර තිබේ. ඒ ආරංචිය අපිට රිදුණත් අපි අහන්න කැමති දේ නොවුනත් NPP කියන දේ ඇත්ත. ශ්‍රී ලංකන් ගුවන් සේවය පෞද්ගලීකරණය නොකිරීමට මේ NPP රජය තීරණය කළා. එය ඉතා හරි තීරණයක්. එය අදටත් වඩා අගය කරනු ඇත්තේ අනාගතයේදීයි.

    හරි පාරට වැටුණු NPP ලංකාව දැන් ඔවුන්ට පෙන්විය යුත්තේ ශ්‍රී ලංකන් ගුවන් සේවයට ණය ගෙවිය හැකි බවයි. ජනතා විමුක්ති පෙරමුණේ NPP ප්‍රවීණයන්ට එය කළ හැකි යැයි මම විශ්වාස කරමි. සුභ පැතුම්.

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: