වෙබ් ලිපිනය:

Monday, November 26, 2018

රතු ග්‍රහයා වෙත නෑ ගමනක්!



පසුගිය මැයි පස් වනදා කැලිෆෝර්නියාවේ වැන්ඩන්බර්ග් ගුවන් හමුදා කඳවුරේ සිට අඟහරු ග්‍රහයා වෙත ගමන් ඇරැඹු ඉන්සයිට් යානය සයමසකට වැඩි කාලයක චාරිකාව නිමා කර තවත් පැය කිහිපයකින් සිය ගමනාන්තය කරා ළඟා වෙනවා. මේ අවස්ථාව සජීවී ලෙස නැරඹිය හැකියි.

අඟහරු ගමන බොහෝ අභියෝගාත්මක කටයුත්තක්. මෙතෙක් අඟහරු වෙත සිදු කෙරුණු ගමන් වලින් සාර්ථක වී ඇති ප්‍රමාණයට වඩා අසාර්ථක වී ඇති ප්‍රමාණය වැඩියි. කෙසේ වුවත්, ඇමරිකාවෙන් අඟහරු වෙත යැවූ යානා බොහොමයක්ම අපේක්ෂිත අරමුණු ඉටු කිරීමට සමත්ව තිබෙනවා.

ඉන්සයිට් යානය අඟහරු වෙත ළඟා වීමෙන් අනතුරුව මෙතෙක් නොකළ බොහෝ දේ කරන්නට නියමිතයි. ඒ කටයුතු අතර අඟහරු පෘෂ්ඨයේ අභ්‍යන්තරය පරීක්ෂා කිරීම විශේෂයි.

ඉන්සයිට් යානය අඟහරු වෙත ලඟා වීමට නියමිතව තිබෙන්නේ ලංකාවේ වේලාවෙන් අද රාත්‍රී (27 අළුයම) 1.30ට පමණ. මධ්‍යම රාත්‍රී 12.30 සිට නාසා වෙබ් අඩවියෙන් (පහත සබැඳියෙන්) සජීවී විකාශනය නැරඹිය හැකියි.

https://www.nasa.gov/nasalive

5 comments:

  1. ඉකොනොමැට්ටා, පෝස්ට් එකට අදාළ නැතත් ඉකොනොමැට්ටා වගේ කට්ටිය පුරුද්දට වගේ කියන නිසා අපේ ලමයින්ට පුංචි කාලෙ ඉඳන් ඇහෙන්නෙ මවු බිමේ වැරදි පමණයි. එහෙම ළමයි හැදුවම උන් කවදා හරි රට දාලා යනවා කියන සිතිවිල්ල එක්ක ජීවත් වනවා මිස තම රට හදන්නට වැඩ කරන්නේ නෑ.

    සමහර රටවල් හඳට, රතු ග්‍රහයා වෙත මිනිස්සු යැවුවාට ඉස්කෝල වල ඉස්පිරිතාල වල ආතල් එකට වෙඩි තබා මිනී මරන බවත් අපේ රටේ එහෙම නැති බවත් කියා දෙන්න.

    තවත් රටක් චිත්‍රපට හදන්න රුපියල් බිලියන ගනනක් වියදම් කලාට, පරමාණු බලය තිබුනට නිවාස වලින් 60% කට කක්කුස්සි නැති බව කියා දෙන්න.

    තවත් රටක් මොබයිල් phone වලිං අංක 1 උනාට එරට මිනිස්සු බල්ලොත් මරං කන බව කියා දෙන්න.

    වතුරට වඩා තෙල් තියන තවත් රටක ඒක පුද්ගල ආදායම ලක්ෂ ගණණක් උනාට කාන්තාවන්ට ජන්ද අයිතියවත් නැති බවත්, තමාව අයත් පිරිමියෙක් නැත්නම් හිරෙං නිදහස් වීමත් තහනං බව කියාදෙන්න.

    තවත් රටක් නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙන ගත්ත අපේ දොස්තරලා ලොකු පඩිවලට ගත්තට එහෙ නිදහස් අධ්‍යාපනය නැති බවත්, එහෙ දොස්තර කෙනෙක් වෙන්න හුඟාක් සල්ලි නැත්නම් බැරි බවත් කියාදෙන්න.

    මානව හිමිකම් ගැන කියාදෙන සුද්දෙ ඉන්න රටක ව්‍යවස්ථාව අනූව, එරට මුල් පදිංචි කාරයො සත්තු ගනයට ලා සලකන බව කියා දෙන්න.

    ප්‍රජාතන්ත්‍රවාදය ලොව උපරිම සාධාරණත්වයයි පවසමින් අන් රටවලට ඉන් ඔබ්බට කිසිවක් නොකරන්න යයි බල කරන රටවල් 3ක් එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රජාතන්ත්‍රවාදීව ගන්නා තීරන අක්‍රිය කිරීමට කිසිදු ප්‍රජාතන්ත්‍රවාදයක් නැති නීශේධ බලය යොදාගන්නා බව කියා දෙන්න.

    කොල පාටින් ඇති තම ඩොලර් නෝට්ටු සියල්ල මතම In God we trust ලෙස මුද්‍රණය කර ඇති රටේ ප්‍රධානතම ආදායම් මාර්ගයක් වන්නේ අවි වෙළඳාම ඛවත්, ඔවුන්ගේ රටේ ආදායම් පවත්වාගැනීම සඳහා ලොව තැන තැන යූද ඇවිලවීම සිදුකල යුතූව ඇතිබවත් කියාදෙන්න.

    සෑම රටකම හොඳ නරක ඇති බවත් තම රට ආදරයෙන් සැලකියයුතු බවත් කියාදෙන්න.

    - අරුණළු

    * මා විසින් ලියන ලද්දක් නොව, නමුත් වටිනා අදහසක් බැවින් ලැබුන ආකාරයටම සටහන පිටපත්කර ඉහත දක්වා ඇත.

    ReplyDelete
    Replies
    1. AnonymousNovember 26, 2018 at 8:20 PM

      මම මෙහි ලියන්නේ මට වැදගත් දේවල්. මෙහි ලියන දේවල් කියවා ඔබේ ළමයි රට දාල යයි කියා හිතනවානම්, ඔබට එය වළක්වාගන්නත් අවශ්‍යනම් කරුණාකර මෙය නොකියවා ඉන්න කියා ඔබේ ළමයින්ට කියන්න. ඔබේ ළමයි රට දාල යයිද නැද්ද කියන එක මට වැදගත් ප්‍රශ්නයක් නෙමෙයි.

      Delete
    2. ඇත්තටම අපි ලංකාවේ ඉන්නේ අනාත සිංහල කුකුල් පැටව්. ඇමරිකාව වගේ දියුණු රටක ඉන්නා ඉකොනෝ මැතිතුමාත් හැමදාම ලිපි ආදිය පල කරමින් පෙන්නන්නේ මෙහෙ ඉන්න සිංහලු අපි නුගත් ගෝත්‍රිකයෝ අය කියලා ඒකයි. එතුමා ඒ රටට ගිහිං සැහෙන්න කාලයක් ගත උනත් අපි වගේ අනාථයෝ කරන කියන එව්වා ගැන දවස ගානේ ලියන එකෙන්ම පේනවා එතුමාගේත් තියෙන උත්තම ගුණය. නැත්තං වෙන කවුද තමන්ට කප්පරක් වැඩ තියෙද්දී හැමදාම අපි වගේ අනාත සිංහලු කරන කියන දේවල් ගැන ලිපි ලියන්නේ. තමුන්ට ඒ දියුණු රටේ ඉදං හොද ජොලියේ ඉන්න තියෙන වෙලාව කැප කරන්, ඒ රටේ දෙයක් විදින්න, අපේ රටට වඩා උසස් ඒ රටේ දේවල් කරන්න බලන්න තියෙද්දී අපි ගැනම මෙච්චර වද වෙන, ලියන වෙන කවුද ඉන්නේ ඉකොනෝ මැතිතුමා ඇරෙන්න.

      Delete
  2. රතු ග්‍රහයා මතට මුලින්ම පා තැබූ කැලිෆෝර්නියාවේ වැන්ඩන්බර්ග් මහතාට අපගේ ආචාරය මෙසේ ප්‍රකාස කරමු.

    ReplyDelete
  3. නීල් අයියා හදට ගියේ කොඩිය ගහන්නයි මල්ලි
    නීල් අයියා හදට ගියේ කොඩිය ගහන්නයි..

    වැන්ඩන්බර්ග් කොහෙද ගියේ කක්කි කරන්නයි මල්ලි
    කක්කි කරන්නයි මල්ලි.

    අහසේ පොළොවේ සාගරේ දස්කම් පෑ ඇමරිකන් උත්තමයෝ.

    ඇමරිකන් උත්තමයෝ හදේ පවා ඇවිදලා තියෙනවයි කියනවනි. දැන් අගහරු ලෝකෙත් ඇවිදලා. මේ වගේ උත්තමයෝ ඉන්නා රකට වැඩ වාසය කරන්න ලැබිල තියෙන ඉකොනෝමැට්ටා මැතිතුමාට බුදුබව පාර්ථනා කරමු.

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: