වෙබ් ලිපිනය:

Sunday, November 4, 2018

ඔක්තෝබර් විප්ලවය


පහුගිය සියවසේ මුල වෙද්දීත් ලෝකයේ ගොඩක් රටවල තිබුණේ රාජාණ්ඩු. එහෙමත් නැත්නම් ඒ රාජාණ්ඩු වල යටත් විජිත. ඒ කාලය දක්වාම බොහෝ විට රාජ්‍ය පාලනයේ වෙනසක් කියන එකෙන් සාමාන්‍යයෙන් අදහස් වුනේ රජු මිය යාමෙන් පසුව හිටපු රජුගේ අනුප්‍රාප්තිකයෙකු රජු බවට පත් වීම.

සමහර අවස්ථා වලදී ඉහත කී සාමාන්‍ය ක්‍රමයට වඩා වෙනස් විදිහට බල හුවමාරු සිදු වුණා. ඒ කිසියම් කුමන්ත්‍රණයකින් රජු මරා දමා හෝ ඉවත් කර වෙනත් අයෙකු විසින් රාජ්‍ය බලය පැහැර ගත් අවස්ථා වලදී. සමහර වෙලාවට එක රටක රජෙක් වෙනත් රටවල් යටත් කරගෙන තමන්ගේ රටට ඈඳා ගත්තා. මේ ආකාරයට වෙනස් විදිහට බල හුවමාරු සිදු වෙද්දීත් රාජ්‍ය ආකෘතියේ වෙනසක් වුනේ නැහැ.

කොහොම වුනත් ඔය කාලය වෙද්දී ලෝකයේ ඇතැම් රටවල වෙනත් රාජ්‍ය ආකෘතීනුත් ක්‍රියාත්මක වෙමින් තිබුණා. උදාහරණයක් විදිහට ඔය කාලය වෙද්දී ඇමරිකාවේ රාජ්‍ය නායකයාව තෝරාගත්තේ නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය මත පදනම්ව මහජන ඡන්දයෙන්. එය තවමත් එසේමයි. රාජාණ්ඩු වලට විකල්පයක් විදිහට නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රමයෙන් ජනප්‍රිය වෙමින් තිබුණා.

අවුරුදු එකසිය එකකට කලින් ඔය කලින් කී රාජ්‍ය ආකෘතීන් දෙකට තවත් එකක් එකතු වුනා. එය සිදු වුනේ 1917 නොවැම්බර් 7 වෙනිදා රුසියාවේ රාජ්‍ය බලය බෝල්ෂෙවික් පාක්ෂිකයින් විසින් අල්ලා ගැනීමෙන් පසුව මාක්ස්වාදය මත පදනම් වූ රාජ්‍යයක් බිහි කිරීමත් සමඟයි.  ඒ වන විට රුසියාවේ කාලයක් තිස්සේ පැවති රාජාණ්ඩුව වෙනුවට නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය මත පදනම් වූ රාජ්‍ය පාලන ක්‍රමයක් ඇති කිරීම සඳහා කටයුතු සිදු වෙමිනුයි තිබුණේ.

නොවැම්බර් 7 කියා කිවුවත්, ඒ වන විටත් රුසියාව ජුලියන් කැලැන්ඩරය අත හැර ග්‍රෙගෝරියන් කැලැන්ඩරයට මාරු වී තිබුණේ නැහැ. ජුලියන් කැලැන්ඩරයට අනුව මේ දිනය ඔක්තෝබර් 25. ඔක්තෝබර් විප්ලවය යන නමට හේතුවත් එයයි. පසුගිය අවුරුද්දේදී ලංකාවේත් ඇතැම් අය ඔක්තෝබර් විප්ලවයේ සියවස සැමරුවා. තව දවස් තුනකින් ඔක්තෝබර් විප්ලවයේ එකසිය එක්වන සංවත්සරය.

පසුගිය ඔක්තෝබර් 26 වෙනිදා ලංකාවේ දේශපාලන අර්බුදයකට මුල පුරමින් සාමාන්‍ය සම්ප්‍රදායයෙන් බැහැරව අගමැතිවරයෙකු පත් කරනු ලැබුවා. ඒ හේතුව නිසා, මේ වන විට ලංකාවේ අගමැති ධුරයට අයිතිය කියන පුද්ගලයින් දෙදෙනෙකු සිටිනවා. සිදු වුනු අවුල තවමත් දිග්ගැසෙමින් පවතිනවා.

මේ හා අදාළ ව්‍යවස්ථාමය තත්ත්වය පිළිබඳව අර්බුදය ඇරඹුණු දින වලම මා පැහැදිලි කර තිබෙනවා. මේ වන විට තවත් පැහැදිලි කිරීම් ගණනාවක් තිබෙනවා.

අද වන විට මහින්ද රාජපක්ෂව අගමැති සේ පත් කිරීම ව්‍යවස්ථාවට අනුකූලද නැද්ද යන්න ගැන අදාළ පාර්ශ්ව සියල්ලම තම තමන්ගේ මතයන්ට එළැඹ අවසන් නිසා ඒ ගැන තවදුරටත් කතා කිරීම තේරුමක් නැහැ. මේ වන විට දේශපාලන අර්බුදය අවසන් වෙන්නේ කොහොමද කියන එක තීරණය වී අවසානයි. පාර්ලිමේන්තුව නැවත රැස්වූ පසු වෙන්නේ කුමක්ද කියන එක මේ අවසානයේ වැදගත්ම කරුණ නෙමෙයි.

ගොඩක් අය හිතාගෙන ඉන්නේ නොවැම්බර් 7, නොවැම්බර් 16 හෝ ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව නැවත රැස් කෙරෙනු ඇතැයි සිතිය හැකි වෙනත් දවසක් මේ සිදු වන ක්‍රියාවලියේ අවසානය බවයි. මහින්ද රාජපක්ෂව පත් කළ අවස්ථාවේදීම මට පෙනී විදිහටනම් මේ සතියේ හෝ ලබන සතියේ දකින්න ලැබෙනු ඇත්තේ අයිස් කන්දක ශිඛරය පමණයි. කතාවේ නියම පීක් එක එන්න තව අවුරුදු දෙකක් පමණ බලා ඉන්න වෙයි. සමහර සැලසුම් තියෙන්නේ වඩා ලොකු සැලසුම් ඇතුළේ.

6 comments:

  1. Exactly right. UNP got a graceful exit. Win-Win for UNP.

    ReplyDelete
  2. රතන හාමුදුරුවෝ 2015දි කිව්වේ මහින්ද රාජපක්ෂ පරද්දන එක පරද්දනවාමයි කියලා.දැන් කියන්නේ මහින්දට අගමැතිකම දීපු එකට සිරිසේන හා එකඟයි කියලා.රතනගෙ මිල කීයද?
    වඩිවේල්ගෙ ගානමද?

    ReplyDelete
    Replies
    1. ගන්කන්දගේ මිල

      https://www.youtube.com/watch?v=D9nHXAXULvg

      Delete
    2. රතනට 2015 දි ලැබුනු මිල තාම ලැබෙයි කියල හිතන්ඩ අමාරුයි.

      Delete
  3. ශෙශ්‍ර්ෂ්ඨ ඔක්තෝබර් විප්ලවය සිදු වුයේ කිනම් මාසයකද කියලා පොඩි මල්ලියි චූටි මල්ලියි අහද්දි අපි හිනාවුනාට ඒක එහෙනම් ලොකු බරක් තියන ප්‍රශ්නයක්නෙ බලන් යනකොට...

    ReplyDelete
  4. ඉකොනො ලංකාවේ දේශපාලන අර්බුදයකට මුල පුරමින් කතා නායක කරවල ජයසුරියගේ නිල නිවසට අද පස්වරුවේ රාජ්‍ය නොවන සංවිධාන කිහිපයක නියෝජිත සරත් විජේසූරිය, ගාමිණි වියන්ගොඩ, සමන් රත්නප‍්‍රිය ඇතුළු පිරිසක් සාකච්චා පැවැත්වූ බව වාර්තාකරුවන් කියයි.

    තමනට ඇමති ධුරයක් ලැබෙනු ඇතැයි විශ්වාසය පල කර නව ආණ්ඩුවට එක්වීමට සූදානම් බව පවසන දෙමළ ජාතික සන්ධාන වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශිවශක්ති ආනන්දන් තමන් සමග තවත් දෙමළ සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සිවුදෙනෙකු ඉක්මනින්ම නව ආණ්ඩුවට එක්වන බව සදහන් කලේය.

    පී. සරවනභවන්, ටී. සිද්ධාර්ථන්, එස්. ශ්‍රීධරන්, චාර්ල්ස් නිර්මලනාදන් වන දෙමල සන්ධාන මන්ත‍්‍රීවරුන් නව ආණ්ඩුවට සහාය දැක්වීමට තීරණය කර ඇතැයිද ඔහු කියා සිටී.

    රවුෆ් හකීම්ගේ නායකත්වයෙන් යුතු ශ‍්‍රී ලංකා මුස්ලිම් කොංග‍්‍රසය හා රිෂ්ඩ් බදියුදීන්ගේ නායකත්වයෙන් යුතු සමස්ත ලංකා මහජන කොංග‍්‍රසය මීලග පාර්ලිමේන්තු සැසිවාර්යේදී ආන්ඩුවක් පිහිටුවීම සදහා සහයෝගය ලබා දෙන්නේ කාටදැයි අවසන් තීන්දුවකට පැමිණ නැති බව වාර්තා වෙයි.

    හකීම් සමග මන්ත‍්‍රිවරුන් 07ක් බදියුදීන් සමග මන්ත‍්‍රිවරුන් 05ක් නියෝජනය කරන අතර මේ පිරිස් සමග දෙපාර්ශවයම සාකච්චා වට ගණනාවක්ම පවත්වා තිබේ.

    සන්ධාන පාර්ශවය වෙනුවෙන් හිටපු ඇමති බැසිල් රාජපක්‍ෂ මෙම සාකච්චා සදහා තීරණාත්මකව මැදිහත් වෙමින් ඇතැයිද වාර්තා වෙයි.

    මෙම පක්‍ෂ දෙක නව ආන්ඩුවට සහාය දෙන්නේ නම් කැබිනට් ඇමති ධුර දෙකක් හා කැබිනට් නොවන ඇමති දුර කිහිපයක් ලබා දීම සම්බන්දයෙන් සාකච්චා වන බවද පැවසෙයි. දෙමල ජාතික සන්ධානයෙන්ද තවත් කිහිප දෙනෙකුම ආණ්ඩුවට එක් වනු ඇතැයි වාර්තා වෙයි.

    මේ අතර වාර්තා වන්නේ රවුෆ් හකීම් මේ වන විටත් ජනාධිපතිවරයා හා නව අගමැතිවරයා හමුවී සාකච්චා කර මුස්ලිම් කොංග‍්‍රසය නව රජයයට එක්වීම සදහා තීන්දු කර ඇති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග කියා සිටී.

    ඒ අනුව එම පක්‍ෂයට කැබිනට් ඇමති ධුර හා නියෝජ්‍ය ඇමති ධුර කිහිපයක් ලබා දීමට නියමිතය.

    මීලග මැතිවරණයේදී තම පක්‍ෂය තරග වදින්නේ කෙසේද යන්න සම්බන්දයෙන් යම් ගැටළුවක් තිබුණද මේ වන විට එම ගැටළුව නිරාකණය කරගෙන ඇතැයිද වාර්තා වෙයි.

    ශ‍්‍රී ලංකා මුස්ලිම් කොංග‍්‍රසය පාර්ලිමේන්තුව තුල මන්ත‍්‍රී ධුර හතක් නියෝජනය කරයි.

    ඉක්මන් ක‍්‍රියාමාර්ගයක් නොගන්නේ නම් තව දුරටත් අල්ලාගෙන සිටීමට නොහැකි බව පක්‍ෂ නායක රවුෆ් හකීම් ඊයේ හිටපු අගමැති රනිල් වික‍්‍රමසිංහ දැනුවත් කර තිබින.

    මෙම මන්ත‍්‍රී පිරිස එක්වීමත් සමග ආණ්ඩුවේ මන්ත‍්‍රී ආසන ප‍්‍රමාණය 112 දක්වා ඉහල යනු ඇත.

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: