වෙබ් ලිපිනය:

Sunday, December 23, 2018

තාප්පෙට කෙළියද?


ෆීඩ්‍රිශ් (Friedrich) කියන්නේ 1885 අවුරුද්දේ බැවේරියාවේ කල්ස්ටට් නගරයේ ජීවත් වූ තරුණයෙක්. දැන් මේ නගරය තියෙන්නේ ජර්මනියේ. වෘත්තියෙන් කරණවෑමියෙක් වූ ෆීඩ්‍රිශ්ට මේ වෙද්දී වයස අවුරුදු දාසයයි. ඔය කාලයේදී රජය මඟින් සියළු තරුණයින්ට වසර තුනක යුද සේවය අනිවාර්ය කරමින් නීති පනවනවා. දැනටත් බොහෝ රජයයන් විසින් නීත්‍යානුකූලව කරන මේ මානව හිමිකම් කඩකිරීම ඇඟ හොල්ලන්න කම්මැලි, සෝමාරි පුද්ගලයෙකු වූ ෆීඩ්‍රිශ්ගේ සතුටට හේතු වෙන්නේ නැහැ. ඒ අනුව, ඔහු තීරණය කරනවා රටින් පලාගොස් මේ නීතියෙන් ගැලවෙන්න.

මේ කාලයේ රටින් පිටතට සංක්‍රමණය වූ ජර්මානුවන්ගේ ජනප්‍රියම ගමනාන්තය වුනේ ඇමරිකාව. 1880 දශකයේදී ජර්මානුවන් මිලියන එකහමාරක් පමණ ඇමරිකාවට සංක්‍රමනය වී තිබෙනවා. ඔවුන් බොහෝ දෙනෙක් පැමිණ තිබෙන්නේ 1885 ආසන්න වසර වලදී. මේ සංක්‍රමනික කණ්ඩායම් සමඟ එකතු වෙමින්, 1885 ඔක්තෝබර් 7 වෙනිදා ආපසු නොපැමිණෙන දෙවන පංතියේ නාවික ප්‍රවේශපතක් මිල දී ගන්නා ෆීඩ්‍රිශ් දින දහයකට පසුව එස් එස් අයිඩර් නැවෙන් නිවුයෝර්ක් නගරයට පැමිණෙනවා. ඒ වන විටත්  ඔහුගේ සොහොයුරියන් නිවුයෝර්ක් නගරයේ පැලපදියම් වී සිටීම ඔහුට පහසුවක් වෙනවා.

මුලින් පොඩි පොඩි රැකියා කරන ෆීඩ්‍රිශ් විවිධ ව්‍යාපාර වලට අතගසමින් පසුව යහමින් මුදල් ඇති අයෙකු බවට පත් වෙනවා. 1902 ඔක්තෝබර් මාසයේදී තමන්ගේ මුල් ගම් පළාත වූ කල්ස්ටට් නගරයේ අසල්වැසි නිවසකින් ඔහු සහකාරියක් හොයා ගන්නවා. ෆීඩ්‍රිශ්ට වඩා වසර එකොළහක් බාල මේ සහකාරිය වූ එළිසබෙත්වත් කැන්දාගෙන ඔහු නැවත නිවුයෝර්ක් නගරයට එනවා. එහිදී ඔවුන්ට ඔවුන්ගේ පළමු දරුවා ලැබෙනවා.

කොහොම වුවත්, එළිසබෙත්ට මේ අළුත් රට තමන්ගේ මුල් රට තරම් අල්ලන්නේ නැහැ. ඒ නිසා, මේ පවුල 1904දී තමන්ගේ ඇමරිකාවේ දෙපොල විකුණා දමා නැවත බැවේරියාවට යනවා. එහෙත්, අනිවාර්ය යුද සේවය මග හැර නීති විරෝධීව රටින් පලායාම හේතුවෙන් ෆීඩ්‍රිශ්ට ඊළඟ වසරේදීම බැවේරියාවෙන් පිට වෙන්න සිදු වෙනවා. නැවත ඇමරිකාවට පැමිණෙන මේ යුවලට තවත් දරුවන් දෙදෙනෙකු ලැබෙනවා.

ෆීඩ්‍රිශ්ගේ හා එළිසබෙත්ගේ දෙවන දරුවා ෆ්‍රෙඩ්. ෆීඩ්‍රිශ්ගෙන් ලැබුණු ධනය ව්‍යාපාර වල යොදවමින් ෆ්‍රෙඩ් විශාල ධනවතෙකු වෙනවා. 1936 වසරේදී සාදයකදී හමුවන මේරි ඈන් කෙරෙහි ෆ්‍රෙඩ්ගේ හිත බැඳී ඈ හා විවාහ වෙනවා. ඇය ස්කොට්ලන්තයේ සිට පැමිණ සිටි ගෘහ සේවිකාවක්. ඔවුන් දෙදෙනාගේ දරුවන් පස් දෙනෙකුගෙන් සිවුවැන්නා ඩොනල්ඩ්.

ඩොනල්ඩ් තෙවරක් විවාහ වෙනවා. පළමු බිරිඳ ඉවානා චෙකොස්ලෝවැකියාවේ සිට ඇමරිකාවට සංක්‍රමණය වී සිටි තරුණියක්. දෙවන බිරිඳ මාර්ලා ඇමරිකන්. තෙවන බිරිඳ ස්ලෝවේනියාවේ (පැරණි යුගෝස්ලාවියාවේ) සිට සංක්‍රමණය වී සිටි තරුණියක්. ඈ ඇමරිකන් පුරවැසිකම ගන්නේ 2006 වසරේදී.

ජර්මනියේ සිට ඇමරිකාවට සංක්‍රමණය වූ ඩොනල්ඩ්ගේ සීයා හා ආච්චි දෙන්නාත්, ස්කොට්ලන්තයේ සිට සංක්‍රමනය වූ ඔහුගේ මවත්, චෙකොස්ලෝවැකියාවේ සිට පැමිණි ඔහුගේ පළමු බිරිඳත්, ස්ලෝවේනියාවේ සිට පැමිණෙන තෙවන හා වත්මන් බිරිඳත් ඇමරිකාවට පැමිණෙන්නේ ඇමරිකාව ඔවුන්ට ජීවත් වන්නට වඩා සුදුසු තැනක් කියා ඔවුන් සිතූ නිසයි. බොහෝ ඇමරිකානුවන් මේ ආකාරයෙන් කිසියම් කාලයක ඇමරිකාවට සංක්‍රමණය වූවන් හෝ ඔවුන්ගෙන් පැවැත එන්නන්.

විවිධ හේතු නිසා ඇමරිකාවට සංක්‍රමණය වෙන්න කැමැත්තෙන් සිටින මිනිස්සු ලෝකය පුරා ඉන්නවා. ජීවිත හා දේපොළ වල ආරක්ෂාව පිළිබඳව සැක සංකා ඉහළ යන තරමට, නීතියේ ආධිපත්‍යය දුර්වල වන තරමට, නිදහස් ගනුදෙනු වලට තිබෙන බාධා ඉහළ යන තරමට, ප්‍රජාතන්ත්‍රවාදී අවකාශ පටු වන තරමට, මිනිස්සුන්ට තමන් ජීවත් වන රට එපා වෙනවා. එවිට, ඒ කරුණු අනුව වඩා හොඳ තත්ත්වයක තිබෙනවායැයි හිතන තැනකට සංක්‍රමණය වෙන්න මිනිස්සු පෙළඹෙනවා. නමුත්, එය පහසු හෝ අවදානම් විරහිත කටයුත්තක් නෙමෙයි.

මධ්‍යම ඇමරිකානු රටක් වන හොන්ඩියුරාස් කියන්නේ ලෝකයේ රටවල් අතරින් ජීවිත ආරක්ෂාව පිළිබඳව අවම සහතිකයක් තිබෙන රටක්. 2011-2012 අවුරුදු වලදී මේ රටේ මිනීමැරුම් අනුපාතය ලක්ෂයකට 85ක් තරම් ඉහළ මට්ටමක තිබුණා. ඒ මට්ටමට සාපේක්ෂව දැන් තත්ත්වය ටිකක් හොඳයි. 2016 වෙද්දී මේ අනුපාතය 57 දක්වා පහළ ගිහින් තිබුණා. මෙය දෙවැනි වන්නේ අල්ලපු රට වන එල් සැල්වදෝරයට පමණයි. එහෙම වුනේ ඇයි කියන එක වෙනම විස්තරාත්මකව කතා කළ යුතු කරුණක්.

මාරියෝ කර්තහේනා අවුරුදු දහසයක හොන්ඩියුරන් තරුණයෙක්. 1885දී ජර්මනියේ සිට තවත් විශාල සංක්‍රමණිකයින් පිරිසක් එක්ක නැවු නගින කොට ෆීඩ්‍රිශ් හිටපු වයසේමයි. ඒත් මේ 1885 නෙමෙයි. 2018.

වෙලාව උදේ එකොළහයි. මාරියෝ ගෙදර රූපවාහිණිය නරඹමින් ඉන්නවා. ඔහුට දැනගන්න ලැබෙනවා සංක්‍රමණිකයින්ගේ තවලමක් සංවිධානය වෙමින් පවතින බව. මෙහි ඉලක්ක ගමනාන්තය කිලෝමීටර දෙදහස් ගාණක් උතුරින් තිබෙන ඇමරිකා එක්සත් ජනපදයයි. මාරියෝ තීරණය කරනවා පොරොන්දු දේශය බලා ගමන් කරන මේ තවලමට එකතු වෙන්න. ඔහුගේ අරමුණ සොහොයුරු සොහොයුරියන් හය දෙනෙකු සිටින ඔහුගේ පවුලේ වීරයා වීමයි.

"මට දැනගන්න ලැබුණු විදිහට ඇමරිකන් දේශ සීමාවේදී ඔවුන් ඔබව අත් අඩංගුවට ගන්නවා. කොච්චර කාලෙකටද කියා කියන්න බැහැ. නමුත්, පසුව ඔවුන් ඔබව පාසැල් යවනවා. ඉගෙන ගත්තට පස්සේ රස්සාවක් ලැබෙනවා. එතකොට ඒ ගොල්ලෝ වියදම් කරපු සල්ලි අය කර ගන්නවා. අපේ රටේ අය කියන විදිහට ඔහොමයි වෙන්නේ..."


දකුණු ඇමරිකානු රටක සිට එක්සත් ජනපද දේශසීමාව දක්වා පැමිණීම අභියෝගාත්මක හා බොහෝ අවදානම් සහිත කටයුත්තක්. මේ අවදානම් අවම කර ගැනීමේ උපක්‍රමයක් ලෙස සංක්‍රමණික අභිලාශ තිබෙන විශාල පිරිසක් තවලමක් සේ සංවිධානය වීම වසර කිහිපයක සිට සිදුවන දෙයක්. මාරියෝ එකතු වුනෙත් පසුගිය ඔක්තෝබර් 13 වෙනිදා හොන්ඩියුරාස් රටේ සැන් පේද්රෝ සුලා නගරයෙන් ආරම්භ වූ මේ වගේ තවලමකටයි. ඇමරිකානු දේශ සීමාවකට එන්න කලින් මේ තවලම පළමුව ගෝතමාලාවත් දෙවනුව මෙක්සිකෝවත් පසු කළ යුතුයි. මේ මග දිගේ ගමන් කරද්දී තවලමට තවත් පිරිස් එකතු වී තවලම පන්දහසකට අධික පිරිසක් බවට පත් වෙනවා. ඇතැම් නගර වලදී ඔවුන්ට නගර වැසියන්ගෙන් කෑම බීම ආදී සත්කාර ලැබෙනවා. නමුත්, එතරම් උණුසුම් නොවන පිළිගැනීම් ලැබෙන තැනුත් තිබෙනවා. විශාල පිරිසක් සිටීම නිසා කවර තත්ත්වයකට වුවත් මුහුණ දෙන එක පහසුයි. කොහොම වුනත්, ඇමරිකානු බලධාරීන්ටනම් මේ වගේ විශාල සංක්‍රමණික තවලම් ලොකු හිසරදයක්.

මාරියෝට තමන්ගේ පොරොන්දු දේශයට ඇතුළු වන එක 1885දී ෆීඩ්‍රිශ්ට තරම් පහසු වෙන එකක් නැහැ. ජර්මනියේ සිට ඇමරිකාවට සංක්‍රමණය වූ ෆීඩ්‍රිශ්ගේ හා එලිසබෙත්ගේ මුණුපුරා, ස්කොට්ලන්තයේ සිට සංක්‍රමණය වූ මේරි ඈන්ගේ පුතා හා චෙකොස්ලෝවැකියාවේ සිට සංක්‍රමණය වූ ඉවානාගේ හිටපු සැමියා හා ස්ලෝවේනියාවේ සිට සංක්‍රමණය වූ මෙලනියාගේ සැමියා වන ඩොනල්ඩ් විසින් මාරියෝ ඇමරිකාවට ඇතුළු වන එක වලක්වන්න හැකි හැම දෙයක්ම කරනවා. ඩොනල්ඩ් දැන් ඇමරිකාවේ ජනාධිපති!

මේ හා අදාළව පොදු ඇමරිකානු මතය වුවත් බෙදුණු මතයක්. රිපබ්ලිකන් පාක්ෂිකයින්ගෙන් 51%ක් හිතන්නේ මේ සංක්‍රමණික තවලම ආපසු හරවා යැවිය යුතු බව වුවත්, ඩිමොක්‍රටික් පාක්ෂිකයින්ගෙන් 89%ක් හා නිර්පාක්ෂික පුද්ගලයින්ගෙන් 72%ක් හිතන්නේ ඔවුන්ට රටට ඇතුළු වීමට අවස්ථාවක් ලබා දිය යුතු බවයි.

පවතින ඇමරිකන් නීතිය අනුව රට තුළට කවර ආකාරයෙන් ඇතුළු වූයේදැයි නොසලකා සරණාගතයෙකුගේ පෙත්සමක් සලකා බලනු ලැබිය යුතුයි. පසුගිය නොවැම්බර් 9 වනදා ජනාධිපති ට්‍රම්ප් විසින් විධායක නියෝගයක් නිකුත් කරමින්, මේ අවස්ථාව හිමි විය යුත්තේ නිල වශයෙන් රටට ඇතුළු විය හැකි ස්ථාන හරහා පැමිණෙන අයට පමණක් බවට නියෝග කළා. ජාතික ආරක්ෂාව ඉදිරියට දමමින් නිකුත් කළ මේ විධායක නියෝගයට එරෙහිව සිවිල් සංවිධාන කිහිපයක් දිස්ත්‍රික් උසාවියක නඩුවක් ගොනු කිරීමෙන් අනතුරුව ඉහත විධායක නියෝගය වාරණය කරමින් දිස්ත්‍රික් උසාවියක් විසින් රැඳවුම් නියෝගයක් ලබා දුන්නා.

සොලිසිටර් ජනරාල් වරයා විසින් ජනාධිපතිවරයා වෙනුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කරමින් ඉහත සඳහන් පහළ උසාවියේ නියෝගයට එරෙහි රැඳවුම් නියෝගයක් නියෝගයක් ඉල්ලා සිටියත්, ප්‍රතිවිරුද්ධ පාර්ශ්වයේ තර්කය වූයේ මෙය තීරණය කිරීමේ අයිතිය තිබෙන්නේ ව්‍යවස්ථාදායකයට මිස අධිකරණයට නොවන බවයි. පසුගිය සිකුරාදා ශ්‍රේෂ්ඨාධිකරණය විසින්ද පහළ උසාවියේ තීරණය අනුමත කළා. කෙසේ වුවත්, එය ඒකමතික තීරණයක් වූයේ නැහැ. අග විනිසුරු ඇතුළු නව පුද්ගල විනිසුරු මඩුල්ලේ පස් දෙනෙකු පහළ උසාවියේ තීරණය වෙනුවෙන් පෙනී සිටියත් ඉතිරි සිවු දෙනා සිටියේ විධායකයේ මතය සමඟයි.

මේ අතර ප්‍රධාන වශයෙන්ම සංක්‍රමණික ප්‍රතිපත්තිය හා අදාළව ඇමරිකන් විධායකය හා ව්‍යවස්ථාදායකය අතර තිබෙන ගැටුමේ ප්‍රතිඵලයක් ලෙස පසුගිය සිකුරාදා සිට ඇමරිකන් ෆෙඩරල් රජයේ කටයුතු වලින් කොටසක් අකර්මන්‍ය වී තිබෙනවා. පසුගිය නොවැම්බරයේ පැවති මැතිවරණ වලින් පසුව ඇමරිකන් නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ වැඩි බලය තිබෙන්නේ ඩිමොක්‍රටික් පක්ෂයටයි. මෙක්සිකෝ දේශ සීමාව දිගේ තාප්පයක් ඉදි කිරීමට යන වියදම් ඇතුළත් ට්‍රම්ප්ගේ අයවැය යෝජනා නියෝජිත මන්ත්‍රී මණ්ඩලයෙන් සම්මත කරගැනීම ඔහුට පහසු වෙන එකක් නැහැ. ඒ පිළිබඳව දෙපාර්ශ්වය අතර එකඟතාවයක් ඇති නොවුනහොත්, අනුමත මුදල් අවසන් වෙද්දී, ෆෙඩරල් ර‍ජයේ කටයුතු තවදුරටත් අකර්මන්‍ය විය හැකියි.

11 comments:

  1. ඇමරිකා ඔරමත්තුනාඩුව යනු ඇංග්ලිකන් ක්‍රිස්තියානි රටක්.
    සිංහලයන්ගේ කරුමෙට ශ්‍රී ලංකාවත් ඇංග්ලිකන් ක්‍රිස්තියානි රටක්.
    දෙකේ වෙනස ඔරමත්තුනාඩුවේ මහජාතිය ඇංග්ලික් වීමත් ලංකාවේ මහජාතිය සිංහල බෞද්ධ වීමත් පමණයි.

    ජර්මනියෙන් ඔරමත්තුනාඩුවට එන අය ඇංග්ලිකන් ක්‍රිස්තියානින් බවට පත්වුනා. ඩ්‍රොනල්ඩ් ට්‍රම්ප් කියන්නේ තනිකර ඇංග්ලිකන් ක්‍රිස්තියානි කාරයෙක්. එයාගේ පරම්පරාවෙන් වැඩක් නෑ.

    නමුත් මෙක්සිකානු දේශසීමාව ඔස්සේ එන අය එහෙම ඇංග්ලිකන් වෙන්නේ නෑ. සංක්‍රමනික විරෝධයට හේතුව එයයි.

    හැමදේම ආර්ථික විද්‍යාත්මකව දැකීම කෂිකබල් මාක්ස්වාදී ක්‍රියාවක්. විශේෂයෙන්ම සිංහලයන් එම දුසිරිතෙන් මිදිය යුතුයි. මැතිවරණ වලදී දේශපාලනඥයන්ගේ ආර්ථික ප්‍රතිපත්ති ගැනවත්, හොරු ඇල්ලීම ගැනවත් නොසිතා සිංහල ජාතියට වාසිවන්නේ නම් ඔ්නෑම දූෂිත දේශපාලනඥයෙකුට කතිරය ගැසීමට සිංහලයින් නොපැකිලිය යුතුයි.

    ReplyDelete
    Replies
    1. @ Jagath Pathirana

      ඇමරිකා ඔරුමත්තුනාඩුව යනු එංගලන්තයටත් වඩා දරුණු ඇංග්ලිකන් ක්‍රිස්තියානි ආධිපත්‍යයක් සහිත රටක්. කියුබාව කතෝලික රටක්, එහි සිට ඇමෙරිකා ඔරුමත්තුනාඩුවට යන්නන් කෙටි කලක් තුල ඇංග්ලිකන් ක්‍රිස්තියානින් බවට පත්වෙනවා.

      අවාසනාවට සමාජවාදය මෙම කරුණට සංවේදී නෑ. කියුබානු රජයට කරන්න තියෙන්නේ සමාජවාදය බල්ලාට දමා ඇමරිකා ඔරුමත්තුනාඩුව තුල කතෝලික සංස්කෘතිය පැතිරවීමට උත්සාහ කිරීමයි.

      මෙක්සිකෝව සහ ඇමරිකා ඔරුමත්තුනාඩුව අතර තාප්ප බැඳීමේ යෝජනාව ආර්ථික විද්‍යාවෙන් තේරුම්ගැනීමට උත්සාහ කිරීම කෂිකබල් මාක්ස්වාදී ක්‍රියාවක් වෙන්නේ කොහොමද? එහිදී සිදුවන්නේ කතෝලික සහ ඇංග්ලිකන් සංස්කෘති අතර ගැටුමක් පමණයි නේද?

      Delete
  2. 1885 අවුරුද්දේ කොහෙද හිටපු එකෙක්ගේ ගෑනි 2006 දී ඇමරිකන් පුරවැසිකම ගත්තලු. මේක ලියන මිනිහට දැන් නං හොදටම පිස්සු.

    ReplyDelete
  3. අලුත් වසරක් ආරම්භ වීමට දින කිහිපයක් පමණක් ඉතිරිව ඇති මේ මොහොතේ අප පැමිණ සිටින්නේ නවතම ප්‍රශ්න උත්තර තරඟයක් සමගිනුයි. ඉතිහාසය නොදැන අනාගතයයේ පලක් නැති නිසා පහත ප්‍රශ්න සාදා ඇත්තේ සිංහල බ්ලොග් ඉතිහාසය තුළිනුයි. උත්තර දෙන්න ජය ගන්න, යට ජංගි දිනා ගන්න. ජයග්‍රහී ඔබට වසරක් පුරා යට ජංගි දිනා ගැනීමට වරම්.

    (1) වීරවිල කඳවුරෙන් නිදහස් වීමෙන් පසු පළමුවෙන්ම කරන්නේ හොද වැසිකිළියකට ගොස් හිතේ හැටියට රීම බව ප්‍රකාශ කෙරු බ්ලොග්කරු කවුද?
    (A) මතුගම අජිත් පී ජයසිංහ
    (B) ජෙනරාල් විචාරක ගුණසිංහ මැතිතුමා
    (C) කල්‍යාන මිත්‍ර
    (D) මාරයා

    (2) මෙම බ්ලොග්කරු ආරක්ෂක හමුදාවක සේවය කොට නොමැත
    (A) කල්‍යාන මිත්‍ර
    (B) මාරයා
    (C) හැලපයා
    (D) ජෙනරාල් විචාරක ගුණසිංහ මැතිතුමා

    (3) 'මගේ ලෝකය-රංග' නමැති බ්ලොග්කරුගේ සැබෑ නාමය මෙයය
    (A) ලක්මාල් කන්දේවිදාන
    (B) අසේල ඉන්දික
    (C) චතුෂ කුමාර
    (D) අභීත එදිරිසිංහ

    (4) කුරුළු හමුදා ලොක්කාට අතවර කිරීමට ගොස් හිරේ ගිය බ්ලොග්කරුවෙකි
    (A) හිරකරුවා බ්ලොගයේ රචකයා
    (B) අටම්පහුර රචකයා
    (C) සිනුවර තට්ටයා
    (D) කල්‍යාන මිත්‍ර බ්ලොග්කරු

    (5) 'ටිකක් හිනා වෙන්න එන්න' කියාගෙන පැමිණ මුදල් වලට පොල්ල තැබූ මෙම බ්ලොග්කරු මීමුරේ මාමා, මීමුරේ කැහැටු වඳුරා,හොරා,අබේපාල මාමා වැනි අන්වර්ථ නම් වලින්ද හැදින්වේ
    (A) හැලපයා
    (B) අභීත එදිරිසිංහ
    (C) ජෙනරාල් විචාරක ගුණසිංහ
    (D) මාතලන්-(හොරෙක්, මංකොල්ලකරුවෙක්, මංපහරන්නෙක්,දේශප්‍රේමියෙක්)

    (6) ඉහත 5 ප්‍රශ්නයේ සදහන් බ්ලොග්කරුගේ මුදල් වංචාකිරීම් වලට හසුව හිතේ අමාරුවෙන් අකාලයේ මිය ගිය හිත හොද බ්ලොග්කරු මෙතුමාය
    (A) ඉන්දික උපශාන්ත(උපසේන)
    (B) රාජ්පාල් මාමා
    (C) ඔබා මාමා
    (D) මාරයා

    (7) මෙම බ්ලොග්කරු විටක හාමුදුරුකෙනෙකි, විටක බස් පළුවෙකි, තවත් විටක කුරුළුහමුදා සාමාජිකයෙකි,මුරකරුවෙකි,කේන්දරකරුවෙකි ඒ මදිවාට හිතුනු විටක ගොසින් කුලී වැඩට කරයි. එසේම මෙම බ්ලොග්කරුට නොම්බරය 40 ශ්‍රී රිවස් එක හොදටම වැඩ ලොරියක්ද අයිතිය. මොහුගේ පුකට කුඩා කල හෙනද වැදී ඇත. මේ කවුද?
    (A) මාරයා
    (B) රසිකලොජි-කකා
    (C) මාතලන්
    (D) ජෙනරාල් විචාරක ගුණසිංහ මැතිතුමා

    (8) රසික සූරියආරච්චි-කකා විසින් රචිත බ්ලොග්අඩවියක් නොවේ
    (A) ඇනොමනිස් ආතල් බ්ලොගය
    (B) කතාන්දරකාරයා බ්ලොගය
    (C) රසිකලොජි බ්ලොගය
    (D) මගේ ලෝකය බ්ලොගය

    (9) වෘත්තීයෙන් ගුරුවරයෙක් වුවත් බ්ලූ බැලීමට රුසියෙකි, විදෙස් රටක සේවය කරයි.
    (A) රසිකලොජි-කකා
    (B) ඩුඩ්
    (C) හැලපයා
    (D) ඉන්දික උපශාන්ත(උපසේන)

    (10) මෙම කුප්‍රකට බ්ලොග්කරු ඔසී රටේ මළපවාහන පද්දතියේ සේවය කරයි. ඔසී යාමට අවශ්‍ය නිසා තමන්ට වඩා වයසින් වැඩි කාන්තාවක් සමග විවාහයක්ද කරගත්තේය. ආනන්දෙට පැරෂුට් එකෙන් ආ බවද කියවේ.
    (A) මාරයා
    (B) හැලපයා
    (C) සාරස
    (D) රසිකලොජි-කකා

    දැන්ම උත්තර සපයන්න. වසරක් පුරාවට හිතේ හැටියට යට ජංගි දිනා ගන්න. ගොනා හරි පාරට දාගන්න.

    ReplyDelete
    Replies
    1. Anonymous December 24, 2018 at 1:21 AM

      පිළිතුරු

      (01) - A

      (02) - C

      (03) - B ??? Not sure

      (04) - D

      (05) - B ???? Not sure

      (06) - C ??? Not Sure

      (07) - A

      (08) - D

      (09) - B

      (10) - D

      Additional Questions:

      (11) මරාවාදී සාරස දන්ගොතා සිනුවර තට්ට හූරියදේව අච්චියාලාගේ රාසික් හාරිස්දීන් සමග බද්ධ වයිරයෙන් පෙලෙන්නේ ඇයි?

      (A) තමන්ට වඩා වයසින් වැඩි කාන්තාවක් සමග විවාහයක් කරගත්ත නිසා
      (B) ආනන්දෙට පැරෂුට් එකෙන් ආ නිසා
      (C) සාරසගේ අනන්‍යතාව හෙලිකල නිසා
      (C) ඔසී රටේ ආණ්ඩුවේ අයිස් ජොබක් කරමින් ආතල් එකේ ඉන්න නිසා

      (12) ඇල්ටෝවෙන් සමාජවාදය කරා සීග්‍රයෙන් ගමන්ගන්නා බ්ලොග්කරුවා කව්ද?

      (A)මතුගම අජිත් පී ජයසිංහ
      (B)ජෙනරාල් විචාරක ගුණසිංහ මැතිතුමා
      (C)කල්‍යාන මිත්‍ර
      (D)මාරයා

      පිළිතුරු???

      (11) -

      (12) -

      Delete
  4. කාගේද මේ බලවේගේ, මැල්කම්ගේ බලවේගේ
    කාගේද මේ බලවේගේ, මැල්කම්ගේ බලවේගේ..

    වතුර වයින් බවට පත්කෙරු ජේසුතුමාගේ උපන්දිනය දා බාර් වැසූ අතිඋතුම් මැල්කම් රන්ජිත් හිමිපාණන්ට නිවන් සැප පාර්ථනා කරමු. මැල්කම් රන්ජිත් හිමිපාණන්ට බුදු බව අත්වෙන්න ඕනි මේ සිද්ද කරගත ගත්ත කුසල් කර්මයේ බලයෙන්. පොඩි කාලෙම අතිඋතුම් මැල්කම් රන්ජිත් හිමිපාණන් මහණ කෙනෙක් කරා නං හරි කියනවනි.

    අතිඋතුම් මැල්කම් රන්ජිත් හිමිපානන් ජේසුතුමාගේ ධාතු ප්‍රදර්ශනයක් පෙන්නනත් ඉන්නේ කියනවනි ස්වර්ගස්ත වෙන්න කලින්.

    ReplyDelete
    Replies
    1. මේ මැල්කම් රන්ජිත් කියන කාලකන්නියා තමයි ලංකාවෙ කතෝලික පල්ලියට ආපු ප්‍රතිගාමීම ගෝතකරුමය ... !..... ඒකෙත් නියම වැඩේ කියන්නෙ, පාප් වහන්සේ ඉතාම ප්‍රගතිශීලී කෙනෙක් වෙද්දි, ලංකාවට මේ කරුමෙට කරගහන්න වෙච්ච එක.... ඊයෙ රෑ දේශනාවටත් මෙයා කරේ තියෙන්නෙ අම්මයි, තාත්තයි දෙන්නම රස්සාවල් කරන එක විවේචනය කිරීම.

      Delete
    2. Ano

      මැල්කම් රංජිත් කාදිනල්තුමාගේ ප්‍රකාශවලට එරෙහි ව කතෝලිකයන් 99 දෙනෙක් සිය අත්සන් සහිතව නිවේදනයක් නිකුත් කර ඇත. එම 99 දෙනා අතර කතෝලික පූජකයන්, කන්‍යා සහෝදරියන් සහ කතෝලික ක්‍රියාකාරීන් සැලකිය යුතු පිරිසක් සිටිති. ඔවුහු එක් ආගමක් ප්‍රමුඛ කිරීමට විරුද්ධ වන අතර ශ්‍රී ලංකාව අනාගමික රටක් බවට ව්‍යවස්ථාවෙන් ම පත් විය යුතු බවට යෝජනා කරති. ඇංග්ලිකන් ක්‍රිස්තියානි අපේ අදහස ද එයයි.

      බුදුදහම රජයේ ආරක්ෂාව පැතීමට තරම් දුර්වල ආගමක් නොවේ. එහි නිර්මාතෘවරයා භක්තියට නොව ප්‍රඥාවට මුල් තැන දුන්, සිය දර්ශනය විවේචනය කිරීමට හෝ පිළිගැනීමට නිදහස දුන්, අප වැනි ඇංග්ලිකන් ක්‍රිස්තියානි චින්තකයන්ට පවා සම බිමක් ලබා දුන් කෙනෙකි. බුදුදහම අධිරාජ්‍යවාදීන්ගේ පාලනයෙන්, තුවක්කුවෙන් හෝ බයිනෙත්තුවෙන් විනාශකිරීමට නොහැකි විය. එවැනි වූ, බාහිර බලවේගවලින් විනාශ කළ නොහැකි බුදුදහමට රාජ්‍ය ආරක්ෂාවක් අවශ්‍ය නැත. ඉන්දියාවේ හින්දු ආගමට ද රාජ්‍ය ආරක්ෂාව ලබා දී නැත. ඉන්දියාවේ ව්‍යවස්ථාව විසින් ම රජය ආගමෙන් වෙන් කිරීමට තරම් නේරු, මහත්මා ගාන්ධි වැනි නායකයෝ බුද්ධිමත් වූහ. එහෙයින් ආගම් නඟා සිටුවීම ඉන්දීය රජයේ වගකීමක් නොවේ. එය පුද්ගලික දෙයක් නිසා එහි ප්‍රවර්ධනය මහජනතාවට භාර ය. රජය පොදු දෙයකි. එය ආගම් අදහන /නොඅදහන සැමගේ අයිතිවාසිකම් ඉටු කළ යුතු ය.

      යටත් විජිත සමයේ ස්වදේශිකයන්ට සහ ඔවුන්ගේ ආගම්වලට සැලකූ ආකාරය මතක් වීමෙන්දෝ අන් අයගේ ආගම් පිළිබඳ ව අවබෝධයෙන් හා ඒ අයට ගරු කිරීමෙන් ජීවිතය සකසාගත යුතුය කියන තැනට ඔහු පැමිණීම පිළිබඳ ව අපි සතුටු වෙමු. නමුත් ඉන් නොනැවතී අනෙක් අන්තයට ගොස් ආගම රාජ්‍ය ආගම කළ යුතු බව කියන තැනට ඔහු පත්ව සිටී.

      අනාගමික රාජ්‍යයන් පිළිබඳ අදහස බටහිරින් ආ දෙයක් බව ඔහු පවසයි. බාගවිට ඉන්දියාව සහ ජපානය පවා බටහිර රටවල් බව ඔහුට සිතෙනවා ඇති. ඉන්දීය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 28 – (1) වගන්තිය මෙසේ ය‍:

      ‘සම්පූර්ණයෙන්ම රාජ්‍ය අරමුදල්වලින් පවත්වාගෙන යන කිසිම අධ්‍යාපන ආයතනයක ආගමික ඉගැන්වීම් නොකෙරෙනු ඇත.’

      බෞද්ධ රටක් වන ජපානයේ ව්‍යවස්ථාවේ 20 වන වගන්තියෙන් මෙසේ කියයි: ‘ආගමික නිදහස සැමට ප්‍රදානය කෙරේ. කිසිදු ආගමකට කිසිදු වරප්‍රසාදයක් රජයෙන් නොලැබේ. ආගමික අධ්‍යාපනය ලබා දීමෙන් හෝ ආගමික ක්‍රියාකාරකම්වලින් රජය සහ එහි අනුබද්ධ ආයතන වැලකෙයි.’

      ඔහු කියන කතා අසන කෙනෙකුට කතෝලික ආගම පැමිණියේ නැගෙනහිරින්දැයි සැක සිතෙනු ඇත.

      බටහිර ඇංග්ලිකන් ක්‍රිස්තියානි රටවල ආගමක් නැති චාරයක් නැති විනයක් නැති ලෝකයක් නිර්මාණය වෙමින් පවතින බව ඔහු කියයි. එක්සත් ජාතීන්ගේ සංවිධානයත් තවත් ලොව පිළිගත් විශිෂ්ට සංවිධානත් විසින් වසරින් වසර ලෝකයේ රටවල මානව හිමිකම්, කාන්තා හා ළමා අයිතීන්, ආර්ථිකය සහ යහපාලනය වැනි කරුණු ගැන මාපක ඉදිරිපත් කෙරේ. එම මාපකවලින් සැමවිටම ඉදිරියෙන් සිටින්නේ ඩෙන්මාර්කය වැනි ඇංග්ලිකන් ක්‍රිස්තියානි නිර්ආගමිකයන් බහුතරයක් ජීවත්වන ස්කැන්ඩිනේවියානු රටවල්ය. ඔවුන්ට චාරයක් නැතැයි හෝ විනයක් නැතැයි කීමෙන් ගම්‍යවන්නේ ඔහුගේ නූගත්කම හෝ දැන දැනම බොරු කීමේ හැකියාවයි. වැඩිපුර ම සිය දිවි නසාගැනීම් පවතින්නේත් දරුවන් හා කාන්තාවන් දූෂණය සහ අපරාධ පවතින්නේත් ආගමික රටවල ය. ලංකාව ඇතුළත් වන්නේ එම කොටසට ය. එයින් පෙනෙන්නේ ගුණ ධර්ම වගාවන්නේ ආගමික භක්තියෙන් නොව සදාචාරාත්මකව, විද්‍යාත්මකව සහ හේතු සාධක අනුව කල්පනාකරන හා ක්‍රියාකරන පුද්ගලයන් සිටින රටවල බවයි. ආගම්වලින් බොහෝ විට කෙරෙන්නේ ස්වභාවික චින්තනය විකෘති කොට නරක දේ හොඳ හැටියට පෙන්වීමයි. කාන්තා අයිතීන් ගැන පමණක් සැලකුව ද ඔහු නියෝජනය කරන ආගම කාන්තාවන්ට දික්කසාද වීමේ අයිතිය නොදේ. පවුල් ජීවිතය අපායක් වුවත් කාන්තාව එහි ම දුක් විඳිය යුතු ය. උපත් පාලනය තහනම් ය. ඔහුගේ ආගමට අනුව කාන්තාව වනාහී දරුවන් බිහි කරන යන්ත්‍රයකි. කතෝලික සභාව බලවත් අප්‍රිකානු රටවල ඒඩ්ස් රෝගය වැඩියෙන් පැතිර තිබේ.

      සමාජයීය කරුණු ගැන බැලූ විට ඔහුගේ නායකයන් දෙවන ලෝක යුධ සමයේ ෆැසිස්ට් මුසෝලිනීටත් නාසි හිට්ලර්ටත් දුන් සහයෝගයත් ඒ නිසා ඇති වූ යුදෙවු ජන සංහාරයත් ඔහුට මතක ඇතැයි සිතමු. 1964 දක්වා කතෝලික ආගමේ නිල ඉගැන්වීම වූයේ සියලු යුදෙව්වන් යේසුස් වහන්සේගේ මරණයට වග කිව යුතු බව ය.

      ඔහුගේ අනෙක් චෝදනාවට අනුව ඇංග්ලිකන් ක්‍රිස්තියානි අනාගමික ව්‍යවස්ථාව පිළිබඳ අදහස ප්‍රචාරය කළේ රාජ්‍ය නොවන සංවිධානයන්ය. ඒවා මෙහි සංස්කෘතිය විනාශ කිරීමට හදාගත් සංවිධාන ලෙසය ඔහුට හැඟෙන්නේ. සැබැවින්ම ඇංග්ලිකන් ක්‍රිස්තියානි රාජ්‍ය නොවන සංවිධාන ඉහත කරුණු සම්බන්ධයෙන් විනාශකාරී ද?

      ඔහු රාජපක්ෂ පාලනයට සහයෝගය දෙන කාලයේ එම ආණ්ඩුව ඉවත් කළ යුතු බවට මුලින්ම හඬ නැඟුවේ ඇංග්ලිකන් ක්‍රිස්තියානි රාජ්‍ය නොවන සංවිධානයි. ඒවා අතර මූලිකවම කටයුතු කළේ නාග විහාරයේ සෝභිත හිමියන්ගේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වන ජාතික ව්‍යාපාරය බව ඔහුට මතක ඇතැයි සිතමු. එම යෝජනාව ආවේ බටහිරින් නොව අපේ ඇංග්ලිකන් ක්‍රිස්තියානි සංස්කෘතිය උකහාගත් භික්ෂුවකගෙනි.

      Delete
    3. Anonymous 8.59 ඇංග්ලිකන් ක්‍රිස්තියානි ඇනො,

      පෙර මම කතෝලිකයෙකුව සිටියෙමි. බෞද්ධ භික්‍ෂූන් සිංහල දේශපාලකයක්ට කඩේ යද්දී කතෝලික පූජකතුමන්ලා ජනතාවගේ පැත්ත ගෙන අභීතව (සිංහල) දේශපාලනඥයන් හා ගැටෙනු දැක ප්‍රීතියෙන් පිනා ගියෙමි.
      ඉන්ධන මිල ඉහල නැංවීමට එරෙහිව උද්ඝේෂණයකල ධීවරයෙකු මිය ගිය විට, කතොලික පූජකවරු ඉතා සක්‍රීයව (මහින්ද රාජපක්‍ෂ වැනි) සිංහල දේශපාලනඥයන්ට එරෙහිව ජනමතයක් ගොඩනඟන අයුරු දුටුවෙමි.

      නමුත් යහපාලන/සංහිඳියා රජය යටතේ දෙමළ නාසිවාදීන් දිළිඳු සිංහල කතෝලික ධීවරයන්ගේ ධීවර වාඩි ගිනි තැබූහ.

      නමුත් තවමත් කතෝලික සභාව නිහඬය. කතෝලික සභාව සිංහල කතෝලිකයාගේ ජීවිතයට වඩා දෙමළ කතෝලිකයා උසස් කොට සලකයිද?

      නැතිනම් ජේසු යනු දෙමළ දෙවි කෙනෙක්ද?, ජේසු අයිති දෙමළාට විතරද?

      තමන් දේශපාලනයෙහි නොයෙදෙන්නේ යැයි කියන මැල්කම් රංජිත් කාදිනල්තුමා ද දෙමළ ප්‍රශ්නය විසඳීමට ඉදිරිපත්වීමට කැමැත්ත පළකර තිබෙනු දුටිමි. එතුමන් කියනු ඇත්තේ එය හුදෙක් රටේ සුබ සිද්ධියට කරන්නක් මිස දේශපාලන මැදිහත්වීමක් නොවන බව ය. සියළු දේශපාලනඥයන් කියන්නේ තමන් ජනතාවට රටට සේවය කරන බව ය. මෙරට සියළු ආගමික නායකයෝ දේශපාලනයෙහි යෙදෙති. එය සෘජු මැතිවරණ දේශපාලනයක් නොවිය හැකි ය. එහෙත් මැතිවරණවලදී ඡන්දය දිය යුතු ආකාරය ගැන ද ඇතැම් පූජකවරු කියා දෙති. කෙසේ වෙතත් කාදිනල්තුමාට අනුව මෙරට දෙමළ වාසභූමි ඇත. ඒ තත්වය තුල තවදුරටත් කතෝලික ආගම ඇදහීමෙන් සිංහලයෙකුට පලක් නැත.

      එමනිසා මම කතෝලික ආගම අතහැරීමටත්, අලියාට කතිරය ගැසීමන් වැලකීමටත්, පොහොට්ටුවට කතිරය ගැසීමටත් තීරණය කලෙමි.

      කෙසේ වෙතත් කාදිනල්තුමා මැදිහත් වීමට සූදානම්වන්නේ කිනම් ප්‍රශ්නයක් විසඳීමට දැයි නිශ්චිත ව පැහැදිලි කරන්නේ නම් මැනවි. පසුගිය කාලයේ කතෝලික සභාවේ ඇතැම් බිෂොප්වරුන් කොටින්ට උඩගෙඩි දුන්නේ හුදෙක් ජීවිත බය නිසා යැයි අපි විශ්වාස නොකරමු. සවුන්ද්‍රනායගම්, ජෝසෆ් එමෑනුවෙල් ආදී බිෂොප්වරුන් කොටින්ට පක්‍ෂව ක්‍රියා කළ ආකාරය අපි දුටුවෙමු. අදද එම්මෑනු වෙල් බිෂොප් පිටරට සිට කොටින්ට පක්‍ෂව ප්‍රචාරක කටයුතුවල නිරත වෙයි. ඒ කිසි ලෙසකින්වත් ජීවිත භය නිසා කෙරේන්නක් නො වේ. රායප්පු ජෝසෆ් බිෂොප් කාලකණ්ණියා මරියතුමියගේ ප්‍රතිමාව ද කොටින්ට දීමට කටයුතු කළේ ය. ලංකා සභාවේ කෙනත් ප්‍රනාන්දු බිෂොප් කාලකණ්ණියා ප්‍රභාකරන් මානව හිතවාදී පුද්ගලයකු ලෙස හැඳින්වී ය. කතෝලික භාෂාවෙන් කියන්නේ නම් ඇත්තේ කළු බැටළුවන් පමණක් නො වේ. කළු එඬේරු ද සිටිති. මෙහි කළු යන්න කතෝලිකයන් යොදන්නේ ද කලු බවට කරන අපහාසයක් ලෙස ය. ඒ කෙසේ වෙතත් සිංහල කතෝලිකයෝ ද සිංහල ක්‍රිස්තියානි භක්තිකයෝ ද සිටිති. ඔවුහුද කතෝලික සංකල්පයට අනුව බැටළුවෝ වෙති. අද සිංහල කතෝලික ඔවුන්ට එඬේරුන් නැත් ද?

      Delete
    4. බුද්ධාගම යනු භක්තිවාදයක් නොවන නිසා ඊට ආරක්ෂාවක් අවශ්‍යයැයි මතයක් ඇත. කඩුවෙන් බයිනෙත්තුවෙන් බුද්ධාගම වැනසිය නොහැකිවුනේ ඊට එරෙහිව කඩුව ගත් නිසයි. දන්තුරේ සටන පරාජය වුනානම් අද බුද්ධාගමක් නෑ. කාදිනල් හිමියන් යථාර්ථය තේරුම් ගෙන මේ රටේ ජනතාවට හිතවත්ව සැබෑ සංහිදියාව පතන්නෙක්. ඔය අත්සන් කළාය කියන අන්තවාදීන් පිරිස මේ රටට සතුරු පිරිසක්. ඔවුන් බෙදුම්වාදීන්ට පක්ෂයි .ඔවුන්ට අවශ්‍ය බුද්ධාගම විනාශ කරන්න.
      මම බුද්ධාගම වෙනුවෙන් පෙනී සිටින්නෙක් නොවෙයි. මේ ධ්‍රැවීකරනය වී ඇති යථාර්ථය පෙන්වා දීමක් පමනි.

      Delete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: