වෙබ් ලිපිනය:

Monday, December 3, 2018

සුබගමන්, හිටපු ජනපති තුමනි!


කොයි තරම් බලවතෙක්ට වුනත් අන්තිමට සියල්ල අතහැර යන්න දවසක් එනවා. මේ නියාමය පෙන්වා දෙමින්, ඇමරිකාවේ 41 වන ජනාධිපති වූ ජෝජ් හර්බට් වෝකර් බුෂ් පසුගිය සිකුරාදා අවසන් ගමන් ගියා. මිය යන විට ඔහුගේ වයස වසර අනූ හතරක් හා දින 171ක්. ඒ අනුව, මෙතෙක් වැඩිම කලක් ආයු වැළඳූ ඇමරිකන් ජනාධිපති වරයා ඔහුයි.

ජෝජ් එච් ඩබ්ලිවු බුෂ් ඇමරිකන් ජනාධිපතිව සිටියේ 1989-1993 අතර කාලයේදීයි. සෝවියට් සංගමය බිඳ වැටුනේ මේ කාලය ඇතුළතයි. ඉන් පෙර රොනල්ඩ් රේගන් ජනාධිපති සේ කටයුතු කළ 1981-1989 කාලය තුළ ඔහු ඇමරිකාවේ 43වන උප ජනාධිපති සේ කටයුතු කළා.

ජෝජ් එච් ඩබ්ලිවු බුෂ්ගේ පුතා වූ ජෝජ් වෝකර් බුෂ් පසුව ඇමරිකාවේ 43 වන ජනාධිපතිවරයා සේ කටයුතු කළා. මේ දෙන්නා ඇමරිකාවේ ජනාධිපති සේ කටයුතු කළ දෙවන පිය පුතු යුගලයයි.

ජනාධිපති ට්‍රම්ප් විසින් මේ වෙනුවෙන් අනිද්දා (බදාදා) දිනය ශෝක දිනයක් ලෙස නම් කර තිබෙනවා.

4 comments:

  1. මියගිය බුෂ් ජනාධිපති වරයාගේ දේහය අසල ඔහුගේ සේවා සුනඛයා (Service Dog) වැතිරී සිටින ආකාරය බලන්න වටින දර්ශනයක්.

    ReplyDelete
    Replies
    1. අයියෝ, ඕක එච්චර දෙයක්ද? මැරෙන්න ඉස්සෙල්ලත් මෙහෙ සුනඛ ධෙනුවෝ, සුනඛයෝ දෙපතුල් ළඟ වැටිලා පණ දෙන්න හදන්නේ!

      Delete
    2. මෝඩයිනේ, මහමැතිවරණයේ යූඑන්පී අපේක්ෂක සජිත් ප්‍රේමදාස, එයා එන්නේ රනිල් වික්‍රමසිංහ නායකතුමන්ගේ ආශිර්වාදය එක්ක.. ඉන් පසු වහාම ජනාධිපතිවරනයක්.. එතෙන්දි රනිල් වික්‍රමසිංහ නායකතුමන් වාර්තාගත ජයග්‍රහණය ලබනවා, සියලු ජාතීන්ගේ සහායෙන්...

      ඒ නිසා (සුනඛ) සාටකයේ එල්ලිලා ඝෝෂා දාලා සවුත්තු වෙන්න එපා... යූඑන්පී Masterplan හදලා ඉවරයි. මඩ ගහලා, කුනුහරුප කියලා මෙතිවරන දිනන්න අමාරුයි.

      මේවා ලියන්නෙ, කියවන්නේ වයස කීයේ අයද?... සමච්චල් සහ කුනුහරුප වලින් සටන් කරන්න ආසානම් යන්න, මරියකඩේ, සිරිපිනා මුඩුක්කුව දිහාට... (අපි හමුදාවේ ඉන්න කාලේ ඕවා raid කලා, ඒකයි දන්නේ..නැත නම් කියයි මම එහේ කියලා)
      මහින්ද සුනඛයාගෙන් ⁣ගමරාල සුනඛයාගෙන් තොර හෙට දිනක් දකින්නට ලක්වැසියන්ට වාසනාව ලැබේවා !

      Delete
  2. දීධ්ධ දම්ම වේදිනිය කර්මයක් මේ ලෝකේ තියේනවා. රනිල්ට අපහස කරපු කේනේක් හොදින් ජිවත් වේලා නැත. රනිල් වගේ ඔහුට අපිත් වෛර නොකර ඉදිරියේදි දකින ලබන ඛේදවාචකයන් ගැන දුක්වේමු.

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: