වෙබ් ලිපිනය:

Tuesday, August 25, 2015

අළුත් පාර්ලිමේන්තුවේ වාසනාවන්තයෝ


මේ සහස්‍රයේ  පළමු ඇමරිකානු ජනාධිපතිවරණය පැවති 2000 වසරේදී රටේ බහුතර ඡන්දය ලබාගත් ඩිමොක්‍රටික් පක්ෂයේ ජනාධිපති අපේක්ෂක ඇල් ගෝර්ව පරදවමින් රිපබ්ලිකන් අපේක්ෂක ජෝජ් ඩබ්ලිව් බුෂ් ජනාධිපති ලෙස පත් වූයේ ෆ්ලොරිඩා ප්‍රාන්තයෙන් වැඩි ඡන්ද 537ක් ලබා ගැනීම නිසාය. මේ ඡන්ද වලින් අඩක් අනෙක් පසට මාරු වී නම් ලැබෙන්නේ වෙනස් ප්‍රතිඵලයකි.

සමානුපාතික ඡන්ද ක්‍රමයක් යටතේ මෙසේ ඡන්ද සුළු ගණනක් නිසා සමස්ථ ප්‍රතිඵලය කණපිට හැරීමට ඇත්තේ අඩු ඉඩකඩකි. එහෙත්, ලංකාවේ පසුගිය මහ මැතිවරණයේදීද 'කොටයේ එල්ලී' අමාරුවෙන් දියවන්නාව තරණය කරගත් අය සිටිති. පහතින් ඇත්තේ එවැනි වාසනාවන්තයින්ගේ ලැයිස්තුවකි.



1. අමීර් අලි (සමස්ත ලංකා මහජන කොන්ග්‍රසය)
මඩකලපුව දිස්ත්‍රික්කයේ එජාපෙ ඡන්ද 64ක් එජනිසට මාරු වීනම් එජාපෙන් තරඟ කළ අමීර් අලි වෙනුවට තේරී පත්වෙන්නේ එජනිස අපේක්ෂකයෙකි.



2. මොහාන් ද සිල්වා (ශ්‍රී ලංකා නිදහස් පක්ෂය)
ගාල්ල දිස්ත්‍රික්කයේ එජනිස ඡන්ද 598ක් ජවිපෙට මාරු වීනම් එජනිසයෙන් තරඟ කළ මොහාන් ද සිල්වා වෙනුවට තේරී පත්වෙන්නේ ජවිපෙ අපේක්ෂකයෙකි. පෙරටුගාමී පක්ෂය ලබාගත් ඡන්ද වලින් 1196ක් ජවිපෙට ලැබුනේ වුවද මෙය සිදුවිය හැකිව තිබුණි.



3. විජයකලා මහේස්වරන් (එක්සත් ජාතික පක්ෂය)
යාපනය දිස්ත්‍රික්කයේ එජාපෙ ඡන්ද 1358ක් එජනිසට මාරු වීනම් එජාපෙන් තරඟ කළ විජයකලා මහේස්වරන් වෙනුවට තේරී පත්වෙන්නේ එජනිස අපේක්ෂකයෙකි. මෙයට අදාලව මයියාද සටහනක් පළ කර තිබේ.


4. ශ්‍රියානි විජේවික්‍රම (මහජන එක්සත් පෙරමුණ)
අම්පාර දිස්ත්‍රික්කයේ එජනිස ඡන්ද 1544ක් සමස්ත ලංකා මහජන කොංග්‍රසයට මාරු වීනම් එජනිසයෙන් තරඟ කළ ශ්‍රියානි විජේවික්‍රම වෙනුවට තේරී පත්වෙන්නේ සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ අපේක්ෂකයෙකි.


5. කෙහෙළිය රඹුක්වැල්ල (ශ්‍රී ලංකා නිදහස් පක්ෂය)
මහනුවර දිස්ත්‍රික්කයේ එජනිස ඡන්ද 2369ක් එජාපෙට මාරු වීනම් එජනිසයෙන් තරඟ කළ කෙහෙළිය රඹුක්වැල්ල වෙනුවට තේරී පත්වෙන්නේ එජාපෙ  අපේක්ෂකයෙකි.


6. නලින්ද ජයතිස්ස (ජනතා විමුක්ති පෙරමුණ)
කළුතර දිස්ත්‍රික්කයේ ජවිපෙ ඡන්ද 2617ක් එජනිසට මාරු වීනම් ජවිපෙන් තරඟ කළ නලින්ද ජයතිස්ස වෙනුවට තේරී පත්වෙන්නේ එජනිස අපේක්ෂකයෙකි. මේ අපේක්ෂකයා එජනිස ජාතික ලැයිස්තුවෙන් පත් කෙරුණු මහින්ද සමරසිංහදැයි මා නිශ්චිතව දන්නේ නැත.

7. අබ්දුල් රහ්මාන් ඉසාක් (සමස්ත ලංකා මහජන කොන්ග්‍රසය)
අනුරාධපුර දිස්ත්‍රික්කයේ එජාපෙ ඡන්ද 3756ක් ජවිපෙට මාරු වීනම් එජාපෙන් තරඟ කළ අබ්දුල් රහ්මාන් ඉසාක් වෙනුවට තේරී පත්වෙන්නේ ජවිපෙ අපේක්ෂකයෙකි.


8. සුසන්ත පුංචිනිලමේ (ශ්‍රී ලංකා නිදහස් පක්ෂය)
ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ එජනිස ඡන්ද 5412ක් එජාපෙට මාරු වීනම් එජනිසයෙන් තරඟ කළ සුසන්ත පුංචිනිලමේ වෙනුවට තේරී පත්වෙන්නේ එජාපෙ අපේක්ෂකයෙකි.


9. චන්ද්‍රසිරි ගජධීර (ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය)
මාතර දිස්ත්‍රික්කයේ එජනිස ඡන්ද 6380ක් ජවිපෙට මාරු වීනම් එජනිසයෙන් තරඟ කළ චන්ද්‍රසිරි ගජධීර වෙනුවට තේරී පත්වෙන්නේ ජවිපෙ අපේක්ෂකයෙකි. කෙසේ වුවද ජවිපෙ මන්ත්‍රී ධුරය ලැබිය හැකිව තිබුණු සුනිල් හඳුන්නෙත්තිට ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් හිමිවිය.


10. තුෂාර ඉඳුනිල් (එක්සත් ජාතික පක්ෂය)
කුරුණෑගල දිස්ත්‍රික්කයේ එජාපෙ ඡන්ද 7044ක් ජවිපෙට මාරු වීනම් ජවිපෙ 5% සීමාවට ලඟා විය හැකිව තිබුණු අතර එජාපෙන් තරඟ කළ තුෂාර ඉඳුනිල් වෙනුවට තේරී පත්වෙන්නේ ජවිපෙ අපේක්ෂකයෙකි.

මෙසේ යාන්තමින් දියවන්නාව තරණය කළ මුල් දස දෙනා අතර සුළු පක්ෂ වල නියෝජනය වැඩි වීම විශේෂත්වයකි. මේ ලැයිස්තුවෙහි ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ මෙවර ඡන්දයෙන් පත් වූ එකම මන්ත්‍රී වරයාද, මහජන එක්සත් පෙරමුණේ දෙදෙනාගෙන් එක් අයෙක්ද, සමස්ත ලංකා මහජන කොංග්‍රසයෙන් තේරුණු සිවු දෙනාගෙන් දෙදෙනෙක්ද, ජවිපෙ මන්ත්‍රීවරුන් සිවුදෙනාගෙන් එක් අයෙක්ද වෙති.

මේ ලැයිස්තුවේ වුවද පහලින් ඇති වෙනස්කම් සිදුවීමටනම් සැලකිය යුතු ඡන්ද ප්‍රමාණයක් වෙනස් විය යුතුව තිබුණු අතර එසේ වුවද සමස්ත ප්‍රතිඵලයට සැලකිය යුතු බලපෑමක් සිදු නොවේ. එබැවින්, මේ මැතිවරණයේදී තමන් ගත් තීරණය පිළිබඳව කණගාටු වීමට කිසිවෙකුට විශාල හේතුවක් නැත.

(අත්වැරදීම් තිබිය හැකිය. දැක්කොත් කරුණාකර පෙන්වන්න. ඡායාරූප අන්තර්ජාලයේ එහෙන් මෙහෙන් ගත් ඒවාය.)

7 comments:

  1. කිව්වට මාත් බැලුව අපේ දිස්ත්‍රික්කෙ ගාන හදල. වෙනසක් වෙන්න නං ටිකක් වැඩිපුර වෙන පැත්තකට යන්න වෙනව.

    ReplyDelete
    Replies
    1. අනිත් දිස්ත්‍රික්ක වල වෙනස 10000ට වැඩියි.

      Delete
  2. නූලෙන් එහා මෙහා වූ තැන්. ඉතිං මනාපෙට මරාගන්න එක අහන්න දේකුත් නෑනෙවැ. මනාපයටත් වඩා පක්ෂයක සුළු චන්ද වෙනසකින් වන ලොකු වෙනසක්. මේවා ගැන අවධානය යොමු කළානං තත්ත්වය තවත් වෙනස් කරගන්න ඇහැකි වේවි.

    ReplyDelete
    Replies
    1. චාන්ස් එකක් තියෙන තැන් බලල බර දැම්මනං කාට වුනත් වාසියක් ගන්න තිබුණා.

      Delete
  3. මමත් හිතං ඉන්නේ නාට්ටියක දෙහෙක රඟපාලා ගම්පහින් ඡන්දේ ඉල්ලන්න .

    ReplyDelete
    Replies
    1. ඉවාන්, ගම්පහ ඇර අනිත් තැන්වලත් හොඳට රඟපාන අයට අවස්ථාව තියෙනවා. රඟපාන්නේ ටෙලියකද (දේශපාලන විවාද), (මැතිවරණ) වේදිකා නාට්‍යයකද නැත්නම් වීදි නාට්‍යයකද (පොඩි ජනහමු) කියන එක ඒ තරම් වැදගත් නැහැ.

      Delete
  4. ඔය හන්දමනේ ඉතින් එකම පක්ෂේ අයගෙත් මනාප පොරේ වැඩි වෙලා තියෙන්නේ.. ඡන්ද ක්‍රමේ වෙන්සක් උනානම් ඔය හැමදේම විසදෙයි..

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: