වෙබ් ලිපිනය:

Thursday, February 22, 2018

ඇත්ත ඡන්ද ප්‍රතිඵලය Sri Lanka local election results 2018


මෙවර පළාත් පාලන මැතිවරණයෙහි සමස්ත ප්‍රතිඵල සාරාංශයක් මැතිවරණ කොමිසම විසින් ප්‍රකාශයට පත් කළේ නැත. බොහෝ දෙනෙකු විසින් ජාතික මැතිවරණයක් සේ සලකා කටයුතු කළත් මෙවර පැවැත්වුණේ තනි ප්‍රාදේශීය මැතිවරණ 340ක් බැවින් ඒවා එකතු කර සමස්ත නිල ප්‍රතිඵලයක් නිකුත් කිරීමේ වගකීමක් මැතිවරණ කොමිසමට නැත.

කෙසේ වුවත්, බොහෝ දෙනෙකුට රටේ සමස්ත ප්‍රතිඵලය දැනගන්නට අවශ්‍ය වූ අතර මේ අඩුව පිරෙවුවේ දෙරණ, ලංකාදීප හා හිරු වැනි මාධ්‍ය ආයතන විසිනි. මේ ආයතන විසින් ප්‍රචාරය කළ වැරදි ප්‍රතිඵලය මේ වන විට ඇත්ත ප්‍රතිඵලය බවට පත් වී තිබේ. පුදුම සහගත ලෙස මාධ්‍ය ආයතන සියල්ලටම වැරදී තිබෙන්නේ එකම අදහසක් මතු කරන අයුරකිනි.

පහත ප්‍රතිඵල සාරාංශය ඉදිරිපත් කරන්නේ වඩා නිවැරදි ප්‍රතිඵලයක් කොහේ හෝ සටහන් වී තිබිය යුතු බැවිනි. ලංකාවේ වත්මන් දේශපාලන බලතුලනය තේරුම් ගැනීමට නිවැරදි ප්‍රතිඵලය දැන සිටීම මෙන්ම ප්‍රතිඵලය නිවැරදිව කියවීමද ඉතා වැදගත්ය.

කෙසේ වුවත්, මෙහිදී අප නිවැරදි ප්‍රතිඵලය යන වචන භාවිතා කරන්නේ සාපේක්ෂ අර්ථයකිනි. මේ සාරාංශය පිළියෙළ කිරීම සඳහා අප විසින් පාදක කරගෙන ඇති නිල මැතිවරණ ප්‍රතිඵලද දෝෂ සහගත වීම ඊට හේතුවයි. එවැනි තත්ත්වයක් යටතේ නිවැරදි ප්‍රතිඵලය වන්නේ පණත අනුව නිවැරදි දෙයද නැත්නම් මැතිවරණ කොමිසම විසින් ප්‍රකාශයට පත් කර ඇති දෙයද යන්න ගැටලුවකි. ඊට අමතරව අප අතින් සිදු වී තිබිය හැකි අත්වැරදි හා අපේ උප විඥානය කියවීමේ හැකියාව ඇති ඇනෝලාට පෙනෙන වෙනත් අඩුපාඩුද තිබිය හැකිය.

Election commission of Sri Lanka did not publish a national summary of the results of local authority elections 2018. The commission was not required to do so since this was not a national election, but 340 separate elections conducted simultaneously.

However, many treated this election as a one with national importance and consequently there was a demand for some summary statistic.  Some media websites including Derana, Daily Mirror and Hiru filled this gap with incomplete, incorrect and misleading summary statistics which have now been publicized internationally by international media and even magazines like The Economist and knowledge repositories like Wikipedia.

We publish the following table for the sake of recording a more accurate summary of results somewhere. The accuracy of these summary statistics too, however, are subjected to the accuracy of official results which are not free from simple arithmetic mistakes and possible data entry errors as well as our own data entry and computational errors.

economatta@gmail.com



6 comments:

  1. මේ ඉතා වැදගත් තොරතුරු. අවශ්‍ය වුවහොත් නැවත නොවිමසා උපුටා දක්වමි.

    ReplyDelete
    Replies
    1. මෙහි දැම්මේ අවශ්‍ය කෙනෙකුට ගන්නයි. මන්ත්‍රීධුර සම්බන්ධ අත්වැරදි තිබිය හැකියි. ඡන්ද ප්‍රමාණනම් ක්‍රම ගණනාවකට අත්වැරදි පරීක්ෂා කළා.

      Delete
  2. මෙහි ආයතන ලෙස දක්වා ඇත්තේ අදාල පක්ෂය හෝ කණ්ඩායම විසින් පැහැදිලිව 50% ඉක්මවා මන්ත්‍රීධූර දිනාගත් ආයතන විය යුතුයැයි සිතමි.
    එසේනම් මෙහි පෙන්වන ලෙස ආයතන 140ක් පැහැදිලි බලයක් පිහුටවනු ලැබිය හැකි අතර ඉතිරි 200 ක් ආයතන පක්ෂ කණ්ඩායම් දකක් හෝ කිහිපයක් එක්වී ආයතන පිහිටුවීමට සිදුවනු ඇත.

    ReplyDelete
    Replies
    1. ඔබ නිවැරදියි. මෙය මාධ්‍ය මඟින් ප්‍රකාශිත ප්‍රතිඵලය තුළ සැඟවී ඇති දෙයකි. ඒවා අනුවනම් දෙමළ රාජ්‍ය පක්ෂයේ 3% හැරුණු විට ඡන්ද වලින් 97%ක්ම ජාතික පක්ෂ වලට ලැබී ඇත. නමුත් ජාතික පක්ෂ වලට ඇත්තටම තිබෙන්නේ 88%ක් පමණි. මේ වෙලාවේ රට අරාජිකත්වයක් කරා යාමේ හා වලිග විසින් බල්ලන් නැටවීමේ අවදානම මේ ප්‍රතිඵල වලින් අනතුරු අඟවයි.

      Delete
    2. //මේ වෙලාවේ රට අරාජිකත්වයක් කරා යාමේ හා වලිග විසින් බල්ලන් නැටවීමේ අවදානම මේ ප්‍රතිඵල වලින් අනතුරු අඟවයි.//
      meken adahas kale mokakda?

      Delete
    3. විස්තරාත්මකව පැහැදිලි කළ යුතු දෙයක්, ඇනෝ.

      Delete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: