වෙබ් ලිපිනය:

Wednesday, November 7, 2018

අලි බූරු හටන


ලංකාවේ හැමෝම වගේ මේ දවස් වල කට ඇරගෙන බලා ඉන්නේ ඉදිරි සතිය ඇතුළත පාර්ලිමේන්තුවේ සංයුතිය මොන විදිහට වෙනස් වෙයිද කියලයි. ලොකුවට කෑගැහුවට තවමත් මහා ලොකු වෙනසක්නම් වෙලා නැහැ. නමුත්, එයින් අදහස් වෙන්නේ ඉදිරි සතිය ඇතුළත ලොකු වෙනසක් වෙන්න ඉඩක් නැති බව නෙමෙයි.

අපේ පාඨකයින් බොහෝ දෙනෙක්ගේ අවධානය ලංකාවේ දේශපාලන අර්බුදය වෙත යොමු වී තියෙද්දී, ඊයේ ඇමරිකාවේ මැතිවරණ දිනය ගෙවී ගියා.

මා මීට පෙර විස්තරාත්මකව ලියා තිබෙන පරිදි ඇමරිකාවේ මැතිවරණ පැවැත්විය යුතු දිනය ව්‍යවස්ථාවෙන්ම නියම කර තිබෙන නිසා බලයේ සිටින පක්ෂයේ හෝ වෙනත් පුද්ගලයෙකුගේ හිතුමනාපයට හෝ සුබ නැකැත් බලා මැතිවරණ වලට දින නියම කිරීමේ හැකියාවක් නැහැ. ඒ වගේම, සියලු මැතිවරණ එකම දිනයක පැවැත්වෙන නිසා මුදල්, කාලය ආදිය වට කිහිපයකින්ම නාස්ති වෙන්නේ නැහැ.

මේ අයුරින් සෑම වසරකම මැතිවරණ දිනයේ ඇමරිකාවේ කිසියම් හෝ මැතිවරණයක් පැවැත්වුනත් ප්‍රධාන මැතිවරණ පැවැත්වෙන්නේ දෙවසරකට වරක් පමණයි. එයිනුත්, ලෝකයේ අවධානය වැඩිපුරම දිනා ගන්නේ වසර හතරකට වරක් පැවැත්වෙන ඇමරිකානු ජනාධිපතිවරණයයි.

ලංකාවේ පාර්ලිමේන්තුවට අවසන් වරට පත් වූ මන්ත්‍රීවරුන්ගේ ධුරකාලය තවමත් අවසන් වී නැහැ. එසේ වුවත්, ඇතැම් අය කියන්නේ මේ වන විට එසේ තෝරාගත් මන්ත්‍රී කණ්ඩායම ජනතාවගේ අප්‍රසාදයට පත් වී සිටින බවයි.

පෙර කී කතාවේ ඇත්ත නැත්ත අපි පැත්තකින් තියමු. කතාව ඇත්ත වුවත් නැතත් මැතිවරණයක් හරහා තමන්ගේ නියෝජිතයින් තෝරා පත් කර ගැනීමෙන් වසර දෙකක් පමණ යන විට එම නියෝජිතයින්ට තිබෙන මහජන ප්‍රසාදය වෙනස් වෙන්න සැලකිය යුතු ඉඩක් තිබෙනවා. ඇමරිකාවේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ සාමාජිකයෙකුගේ ධුර කාලය වසර දෙකකට සීමා කෙරී තිබෙන්නේ මේ නිසා. ඒ අනුව, ජනාධිපතිවරයෙකුගේ වසර හතරක ධුර කාලය ආරම්භයේදී මෙන්ම එම කාලය මැදදීත් නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ සාමාජිකයින් තෝරා ගැනීම සඳහා මැතිවරණ පැවැත්වෙනවා.

ඇමරිකානු ව්‍යවස්ථාදායකය වන කොන්ග්‍රසයේ කොටස් දෙකක් තිබෙනවා. ඒ නියෝජිත මන්ත්‍රී මණ්ඩලය හා සෙනෙට් සභාව වශයෙන්. නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ සාමාජිකයින් 435ක් හා සෙනෙට් සභාවේ සාමාජිකයින් 100ක් ලෙස කොංග්‍රසයේ මුළු සාමාජික සංඛ්‍යාව 535ක්.

නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ ආසන ගණන එක් එක් ප්‍රාන්තයේ ජනගහණයට සමානුපාතිකව නිර්ණය වුවත් සෙනෙට් සභාව තුළ ලොකු කුඩා භේදයක් නැතිව ප්‍රාන්ත 50ටම නියෝජිතයින් දෙදෙනා බැගින් හිමි වෙනවා. වසර දෙකකට වරක් සෙනෙට් මැතිවරණද පැවැත්වුනත්, වරකදී එසේ මැතිවරණ පැවැත්වෙන්නේ මුළු ප්‍රාන්ත ප්‍රමාණයෙන් ආසන්න වශයෙන් තුනෙන් එකක් සඳහා පමණක් නිසා සෙනෙට් සභාවට තේරී පත් වන සාමාජිකයෙකුට වසර හයක කාලයක් සිය ධුරය දැරීමේ අවස්ථාව හිමි වෙනවා.

වෙනස් වන මහජන මතය නියෝජනය කිරීමට නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ සාමාජිකයින් සිටින නිසා සෙනෙට් සභිකයින්ගෙන් අපේක්ෂා කෙරෙන්නේ මහජන මතයට ඕනෑවට වඩා වැඩි බරක් නොතියා දිගුකාලීනව රටට හොඳ තීරණ ගැනීමයි. මෙවර මැතිවරණ දිනයේදී සෙනෙට් සභිකයින් 100 දෙනාගෙන් 65 දෙනෙකු එසේම සිටියදී 35 දෙනෙකු පමණක් අළුතින් තේරී පත් වෙනවා.

පසුගිය වසර තුනක පමණ කාලය ලංකාවේ ආණ්ඩුව විසින් කළ හෝ නොකළ දේ පිළිබඳව මහජන මතය විශාල සේ ධ්‍රැවීකරණය වූවක්. එහෙත්, සියළු දෙනාම වගේ පොදුවේ පිළිගන්නා දෙයක් වන්නේ පැවති බල තුලනය හේතුවෙන් ලංකාවේ ආණ්ඩුවට (හොඳ හෝ නරක) බොහෝ දේවල් කරන්න නොහැකි වූ බවයි.

කෙසේ වුවත්, ඇමරිකාවේ මෙතෙක් තිබුණේ වෙනස් තත්ත්වයක්. නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ වගේම සෙනෙට් සභාවේත් බලය තිබුණේ ජනාධිපති ට්‍රම්ප්ගේ රිපබ්ලිකන් පක්ෂයටයි.

මෙවර මැතිවරණයෙන් ඉහත තත්ත්වය වෙනස් වී නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ බලය ඩිමොක්‍රටික් පක්ෂයට හිමි වී තිබෙනවා. සෙනෙට් සභාවේ බලය තවමත් තිබෙන්නේ රිපබ්ලිකන් පක්ෂයටයි.

11 comments:

  1. ඇමරිකා එක්සත් ජනපදය හා මෙක්සිකෝව අතර ඉදිවීමට යෝජිත තාප්පය ට්‍රුම්ප්ගේ සිහිනයක්ම පමණක් වනු ඇත්තේ දැන් ඒ සඳහා නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ සහයෝගය නොලැබෙන බැවිනි.

    ReplyDelete
  2. ලංකාවේ පාර්ලිමේන්තුවේ කවුරු බහුතරය පෙන්නුවත් ජන මතය වැදගත් බවට තර්ක මතුවී තිබෙන නිසා ව්‍යවස්ථාවේ ඇති ඇතැම් හිඩැස් හරහා පාර්ලිමේන්තුව විසුරුවා හැර මහමැතිවරණයට යෑමට හැකියාවත් ඇතැදැයි ජනපති මෛත්‍රීපාල සිරිසේන සොයා බලමින් සිටින බව වාර්තා වෙයි.

    ඒ අනුව පාර්ලිමේන්තුව විසුරුවා හැරීමකින් තොරව ජනපතිවරයාට බහුතරය ලබාදීම සඳහා ඇතැමි මන්ත්‍රීවරුන් ජනපතිවරයා අමතමින් සිටින බව වාර්තා වෙයි.

    ReplyDelete
    Replies
    1. AnonymousNovember 7, 2018 at 11:30 AM

      අයියෝ හිරිකිතයි බං. දැන්වත් මෛත්රිපාලගේ කකුස්සිය සුද්ද කරන එක නවත්තපන්.

      රනිල් ආර්ථිකය කෑවා නම් ඒකට ප්‍රතිචාර දක්වන විදියක් තියෙනවා. ඔයා වගේ එක්කෙනෙක් ඔස්ට්‍රේලියාව වගේ රටකට ගිහින් ඔය කතාව කිව්වනම් ඔයාගේ පවුල පිටින් දන ගස්සලා කණට ගහල කියලා දෙයි කොහොමද මිනිහෙක්ට හෝ සතුරෙක්ට උනත් ගරු කරන විදිහ. උන් හැම මිනිහෙක්ව සමානව සලකන හින්දා තමයි දියුණු.

      Delete
  3. ඉකොනො රනිල් ලංකාවේ කරන්නේ තනිකරම ලෝක බැංකු නියෝජිතයින් හදන යෝජනාවලි ක්‍රියාත්මක කිරීමම පමණයි. ඉතින් ඕක කරන්න රනිල්ම ඕනෙද? එජාපයම ඕනෙද?

    ReplyDelete
    Replies
    1. මරා ඉන්නකොට චීනා හදනවා -- රනිල් ඉන්නකොට ලෝක බැන්කුව හදනවා...මොකද්ද වෙනස? පොලී අනුපාතය පමණයි...ලෝක බැන්කුවේ 0.5% චීනාගෙ 6%

      Delete
  4. මෙත්පල්සිරි ගරු ජනපති ඔබයි අපේ රටේ අධිපති.

    මහත්මයා මෙම ලිපිය මගින් ඔබතුමා අපගේ ජනාධිපතිතුමාව බුරුවෙක්‌ට සමාන කර ඇත. අලි බූරු හටන නමැති මාතෘකාවක් යොදා, ඒ වැනි පින්තුරකුත් යොදා ඔබ කර ඇත්තේ හොද නැති වැඩකි. ඔබ අන්ත දක්ෂිණාංශික, ධනපති එක්සත් ජාතික පක්ෂය සමග ඔබතුමාගේ ඇති මෙතරම් හිතවත් කම කුමක්ද? ඔබතුමා අන්ත දක්ෂිණාංශික ධනපති අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ මාධ්‍ය ඒකකයේද වැඩ කරන්නේ?

    ReplyDelete
    Replies
    1. Anonymous November 8, 2018 at 1:58 AM

      See this FYI,

      //එක්සත් ජාතික පක්‍ෂයේ ජන සන්නිවේදන ඒකකය වෙත ඉකොනොමැට්ටාගේ පත්වීමේ ලිපිය ප්‍රදානය කිරීමේ අවස්ථාවට එක්වන රනිල් වික්‍රමසිංහ පවසන්නේ මේ වගේ වෙලාවක ජනමාධ්‍ය ඇතුලූ අනෙකුත් ජන සන්නිවේදන අංශ සමග එක්ව වැඩ කටයුතු කිරීමේ වගකීම එක්සත් ජාතික පක්‍ෂ ජන සන්නිවේදන ඒකකයේ ප්‍රධානියා වන විදුලි සංදේශ, ඩිජිටල් යටිතල පහසුකම් හා විදේශ රැකියා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු විසින් ඉකොනොමැට්ටාට බාර දී තිබෙන බවයි.

      අරලියගහ මන්දිරයේදී 2018.10.26 වන දින එම පත්වීමේ ලිපිය ප්‍රධානය කළ බව අග්‍රාමාත්‍ය කාර්යාලයේ මාධ්‍ය ඒකකය සදහන් කරයි.

      “ලංකාවේ එක්සත් ජාතික පක්‍ෂයේ අපි අලූත් නායකත්ව පරපුරක් බිහි කිරීමට කටයුතු කර තිබෙනවා, ඒ වගේම පක්‍ෂයේ වැඩ කටයුතු වෙනුවෙන් නව නිලධාරීන් පත් කළා. එහි වැදගත් වගකීමක් වන්නේ මාධ්‍යයි."

      "එක්සත් ජාතික පක්‍ෂයේ බ්ලොග් පඩංගු ලියන හාල් කෑලි වල ප්‍රධානියා ලෙසත්, එක්සත් ජාතික පක්‍ෂයේ බ්ලොග් මාධ්‍ය ප්‍රකාශක ලෙසත් ඉකොනොමැට්ටා මහතා අප පත් කළා, ඒ මහතා මෙම තනතුරට සුදුසුම පුද්ගලයෙක් බව කිව යුතුයි.” රනිල් වික්‍රමසිංහ වැඩි දුරටත් සදහන් කර තිබේ.//

      Copied

      Delete
  5. Aliaya ha booruwa US Democratic and Republic party symbols isn't it?

    ReplyDelete
  6. ඉකොනො උතුරේ කෘෂිකර්මය වෙනුවෙන් වැඩිම සේවයක් කරේ මැතිණිගේ කාලේ. 70 ආන්ඩුවේ කෘෂිකර්ම ඇමති හෙක්ටර් කොබ්බෑකඩුව. ඒ කාලේ යාපනේ නගරාධිපති ඇල්ෆ්‍රඩ් දොරෙඅප්පා කියන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂෙ කෙනෙක්. ඒ කාලේ සංවෘත ආර්ථිකය එක්ක දකුණේ තිබුන හාල් පොලු, මිරිස් පොලු ගැටළුවෙන් වැඩිම ප්‍රතිලාභ ගත්තේ උතුරේ ගොවියා. වියළි මිරිස් නිෂ්පාදනය, රට ළූණු, රතු ළූනු, අර්තාපල්, දුම්කොළ ඇතුළු එළවළු සෑහෙන උතුරේ නිෂ්පාදනය වුනා. තින්නවේලි කෘෂි පර්යේෂණාතනයෙන් වගාවට ලොකු සහයෝගයක් ලැබුනා. අදටත් තින්නවේලි නමින් පතෝල, වම්බටු ප්‍රබේද තියෙනවා.තාම ජනප්‍රියයි.

    හැබැයි 77 ආර්ථිකය අසීමිත විදිහට විවෘත කෙරුවා.එයින් වැඩිපුරම බැට කෑවේ උතුරේ ගොවියා. අන්න එතන තමයි උතුරේ විශාලම ආර්ථික අහේනිය සහ පසුකාලීනව අසහනයට හේතු වුනේ. ඉන්පස්සේ යාපනේ සංවර්ධන සභා ඡන්දෙ මංකොල්ල කාලා, පුස්තකාලයට ගිනි තියලා 83 කළු ජූලියකුත් ඇතිකරලා යූඑන්පී ය මේ රටට දැවෙන ප්‍රශ්නයක් ඉතුරු කරා. අපි මේ තාම සංවාද කරන්නේ ඒ ගැන. මට තියෙන ප්‍රශ්නය යූඑන්පීය උතුරේ මිනිස්සුන්ට කෙළ නැතුව පුකේ ඇරලත් තාම යූඑන්පීයට පක්ෂපාතී වෙන්න තරම් දුප්පත් වුනේ කොහොමද කියන එක.

    ReplyDelete
    Replies
    1. 1977දි ආර්ථිකය අසීමිතව විවෘත කරේ නෑ, මොකද ප්‍රාග්ධන ගිණුම විවෘත කරේ නෑනේ. රටක නිෂ්පාදනය කරන්න ඕන නිෂ්පාදකයාට අයුතු වාසි ගන්න නෙවෙයි, රටේ මිනිස්සුන්ට පරිභෝජනයට. උතුරේ ගොවියා ඔය විදිහට පෝසත් වුනා නම් ඒ අතරේ අනික් පැතිවල මිනිස්සු හිඟා කෑවා. මිනිස්සු අන්තිමට කිව්වේ සීනි නැතුව තේ බොනවා, මිරිස් නැතුව හොදි කනවා, රෙදිත් නැතුව අපි යනවා කියලා. බයිසිකලේට ටයර් දෙකක් ගන්න විදිහක් නෑ, කඩවල සතියට දවස් දෙකක් බත් නෑ. කසාද සහතිකේ අරන් යන්න ඕන රෙදි වැඩිපුර ගන්න. රටේ කොටස් වෙලෙඳපොල කඩා වැ‍ටුනා. වතු ආර්ථිකය වැ‍ටුණා. ඒක හත් අවුරුදු සාපයක්.

      Delete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: