වෙබ් ලිපිනය:

Wednesday, September 18, 2024

අනුර 50% සීමාව ආසන්නයට!


ජනාධිපතිවරණයට පෙර සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනය විසින් ඉදිරිපත් කර ඇති අවසන් ඇස්තමේන්තු අනුව අනුර කුමාර දිසානායක 50% සීමාව ආසන්නයටම පැමිණ සිටිනවා. ඔහුගේ ඡන්ද ප්‍රතිශතය 48% ලෙස ඇස්තමේන්තු කර ඇති අතර, සජිත් ප්‍රේමදාස සහ අනුර කුමාර අතර පරතරය 23% දක්වා ඉහළ ගොස් තිබෙනවා. සජිත් ප්‍රේමදාස 25% මට්ටමේ සිටිද්දී රනිල් වික්‍රමසිංහ ඊට ආසන්නව 20% මට්ටමේ සිටිනු දැකිය හැකියි.

මේ අනුව පෙනී යන්නේ අවසන් සති දෙක තුළ පාවෙන ඡන්ද බොහොමයක් අනුර කුමාර දිසානායක වෙත විතැන් වී ඇති බවයි. මෙම ඇස්තමේන්තු නිවැරදි සේ සැලකුවහොත් එයින් අදහස් වන්නේ පොහොට්ටු ඡන්ද වලින් 85%ක් පමණ මාලිමාව වෙත විතැන් වී තිබිය යුතු බවයි. සජිත් හා රනිල් අතර බෙදී ගොස් ඇත්තේ බොහෝ දුරටම සම්ප්‍රදායික එජාප ඡන්ද පදනමයි. රනිල් තරඟයට පැමිණීමෙන් පසුව සජිත් හා රනිල් අතර ඇති වූ තරඟය මාලිමාවට වාසිදායක ලෙස බලපා ඇති අයුරු පැහැදිලිව දැක ගත හැකියි. 

මැතිවරණ ප්‍රතිඵලයක් කලින් පුරෝකථනය කිරීම පහසු කටයුත්තක් නෙමෙයි. කොයි තරම් උත්සාහ දැරුවද එවැන්නක් කළ හැක්කේ සැලකිය යුතු මිනුම් වරදක් සහිතවයි. මේ කාර්යය ලංකාවට අලුත් දෙයක් බැවින් එය වඩාත් අපහසුයි.

ජනාධිපතිවරණ ප්‍රතිඵල පුරෝකථනය කිරීමේ කාර්යයේදී එය වඩාත්ම නිවැරදි ක්‍රමවේදයකට සිදු කළේ සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනයයි. ඒ නිසා, ප්‍රතිඵලය ගැන නිගමනයකට එළැඹීමේදී ඔවුන්ගේ ඇස්තමේන්තු වලට වැඩි බරක් තියන්නට සිදු වෙනවා. 

ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමෙන්ද පසුව සුදත්ත තිලකසිරි විසින් දිවයිනේ දිස්ත්‍රික්ක 16ක නගර 52ක ඔහුගේ "මත විමසුම්" සිදු කර තිබුණා. මෙවැනි මත විමසුම් විද්‍යාත්මක සමීක්ෂණ ලෙස කිසිසේත්ම සැලකිය හැකි නොවෙතත්, ඡන්ද භාවිතයේ දිශානතිය පිළිබඳව එවැනි මත විමසුම් වලින්ද අදහසක් ගත හැකියි. සුදත්ත විසින් ඉදිරිපත් කර තිබුණු දසදහස ඉක්මවන ඔහුගේ අහඹු නොවන නියැදියේ සමස්ත ප්‍රතිඵලයද ඉහත සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනයේ ඇස්තමේන්තු සමඟ ගැලපිය හැකියි.

බොහෝ දෙනෙකු උනන්දුවෙන් බලා සිටින සැබෑ ප්‍රතිඵලය දැනගන්නට තවත් වැඩි දවසක් නැහැ. 


පසු එකතු කිරීම: නම්බර්ස් ඩොට් එල්කේ ඇස්තමේන්තු 



16 comments:

  1. 😂😂😂😂😂😂😂😂

    ReplyDelete
  2. අම්මපා ඉකොනොමැට්ටගෙ ලැජ්ජ නැතිකම මහාචාරිය කමට වඩා ලොකු හැටි.😂😂😂

    ReplyDelete
  3. අනුර 51% පන්නල තියෙන බව තමං ලංකාවේ බොහෝ රාජ්‍ය නිලධාරීන් කියන්නේ .

    ReplyDelete
    Replies
    1. ජනාධිපති කාර්‍යාලෙ එවුන් නේද?😂😂😂

      Delete
  4. මෙතන සූදාගේ poll එකේ පොඩි වැරැද්දකට තියෙන්නෙ, සජිතට චන්දිි දෙන ගොඩක් අය ප්‍රසිද්ධියේ කියන්න ලැජ්ජයි. එනිසා වෙන කාට හරි දෙනවා කියලා සජිත්ට දෙන්න ඉඩ තියෙනwa

    ReplyDelete
  5. ගොඩක් උන් ඉකොනොමැට්ටා යූ.එන්.පී කියලා හිතාගෙන මෙතන කොමෙන්ට් කොටන එකෙන් පේනවා ඉකොනො කොච්චර සූක්ෂමද කියලා. 2019 නොවැම්බර් මාසේ හෙන්රි වර්ණකුලසූරියගෙ නොකී කතා බ්ලොග් එකට ඉකොනොමැට්ටා කොමෙන්ට් එකක් දාන්නේ පළවෙනි මනාපය අනුරට දීලා දෙවෙනි මනාපේ ගෝඨාට දෙන්න කියලයි.

    සමහර විට හෙන්රි ඒ කාලේ ජේ.වී.පෙට විරුද්ධ නිසා ජෙප්පන් හෙන්රි ගේ නොකී කතා බ්ලොග් එක නොකියවූවා විය හැකියි. හැබැ‍යි මේ පාර හෙන්රිත් අනුරට කඩේ යයි. (එහෙම තමා ඉතින්. කලෙකදී වස, කලෙකදි රස )

    හැබැයි ඉකොනොමැට්ටා නම් සෑහෙන කාලෙක ඉදලා ජේ.වී.පෙ ට තමා. ඉකොනොට ජේ.වී.පේ. දිනන්නත් ඕනේ. හැබැයි ධනවාදී ආර්ථික ක්‍රමයක ආර්ථිකය යන්නත් ඕනේ. වෙන්න බැරි දෙයක් කියලා කෙනෙකුට හිතුනත් විය යුත්තේ මෙයයි. කවුරු දින්නත් ශ්‍රී ලංකාව රාජ්‍යයක් වශයෙන් දියුණු වෙන්න නම් වෙළඳපොළ ආර්ථික ක්‍රමයක් ක්‍රියාත්මක වෙන්න ඕනේ.

    ඉකොනොට ලැබෙන්න යන්නේ අඩුම සම්භාවිතාවයකින් සිදු විය හැකි දෙයක්. හදවතේ වාමාංශික නායකයා ජනාධිපති වෙද්දි මොලේට ඕන ලිබරල් ආර්ථික ක්‍රමය ඔහු විසින් ක්‍රියාත්මක කිරීම. මේවාට තමා කියන්නේ සිදුවිය නොහැක්කක් නොමැත කියලා.

    හැබැ‍යි මම තාම විශ්වාසේ තියන්නේ ලිබරල් රනිල් යටතේ ලිබරල් ආර්ථික ක්‍රමය සාර්ථක වෙයි කියලයි.

    කොහොම උනත් ඔබට ජය....

    ReplyDelete
  6. සුදාගෙ සමීක්ෂණනම් ඇත්තටම තේරුමක් නෑ. ඔය 33%ක් කාටවත් දෙන්න තීරණය කරල නෑ කියන්නෙ, ඒ අය ප්‍රසිද්ධියෙ කියන්න බය හරි ලැජ්ජහරි නිසා. මාලිමාවට දෙනවා කියලා ප්‍රසිද්ධියෙ කියන්න බය අය ඉන්නවා. සජිත්ට හරි රනිල්ට හරි දෙනවා කියලා ප්‍රසිද්ධියෙ කියන්නත් බය අය ඉන්නවා, අනිත් පැත්ත දින්නොත් ගුටි කන්න වෙයි කියලා. සමහරු සජිත්ට දෙනවා කියලා ප්‍රසිද්ධියෙ කියන්න ලැජ්ජයි, ඒ අයව ට්‍රොල් කරයි කියලා, මොකද සජිත් මරි මෝඩයෙක් කියලා ඡන්දෙ දෙන උන්ම දන්නවා.

    ReplyDelete
  7. ඉකොනොට මුලින්ම කිව්වනෙ ලංකාවෙ සමීක්ශන සීරියස් ගන්න එපා කියල.
    කීයක් හරි අත්මිට මෙලෙව්වම ඕන විදියට ප්‍රස්තාරයක් එලියට ගන්න පුලුවන්.

    සතියකට කලින් මෙහෙම කියපු ඉකොනො නේද කිව්වම දුක‍යි.
    //මෙම ඇස්තමේන්තු හා ප්‍රවණතා අනුව පෙනී යන්නේ මෙම ජනාධිපතිවරණ තරඟය ඇතැම් අයගේ විශ්ලේෂණ වල සඳහන් ආකාරයේ ප්‍රධාන අපේක්ෂකයින් දෙදෙනෙකු අතර තරඟයක් වීමේ ඉඩක් කිසිසේත්ම නොපෙනෙන බවයි. එය මේ වන විට පැහැදිලි තුන් කොන් සටනක් බවට පරිවර්තනය වී අවසානයි//

    ReplyDelete
    Replies
    1. ඕකනම් අලුත් ඇස්තමේන්තු වලටත් හරි. අනුර සජිත් තරඟයක් මේකෙත් නැහැනේ.

      Delete
    2. තේරුනෙ නෑ. මොකක්ද හරි? තුන්කොන් සටනක් තියෙන්නෙ කියන එකද?

      Delete
    3. දැනුයි ඉකොනො කියන්න හදන එක තේරුනේ. මගෙ පරණ කමෙන්ට් එකක් හිතේ තියාගෙන තරහට රිප්ලයි කරල.
      හපොයි ඉකොනොට ගිය කලක්.

      මට සජ්ජ දින්නත් එකයි පැරදුනත් එකයි. රනිලටයි නාමෝල්ටයි කෙලවෙනවනම් එච්චරයි. අනුරය දින්නොත් මරාපවුලට කෙලවෙන්න ඉඩ වැඩී

      Delete
    4. පරණ කමෙන්ට් එක මොකක්ද? රනිල් කීයටවත් තරඟයට එන්නේ නැහැ කියලා දිගින් දිගටම කිවුවා වගේ යාන්තම් මතකයක් තිබෙනවා. කමෙන්ට් සෑහෙන්න දමලා තියෙනවනේ. මම ඒවා මතක තියාගෙන ඉන්නේ නැහැ.

      මම දිගටම කිවුවේ මාලිමා-මාලිමා විරෝධී තරඟයට පෙර මාලිමා විරෝධී පිල ඇතුළේ සජිත්-රනිල් තරඟයක් තිබෙනවා කියන එක. ඒ තත්ත්වය මේ ඇස්තමේන්තු තුළත් පේනවා. මේ ඇස්තමේන්තු අනුව තුන් කොන් තරඟයක් පේන්න නැහැ. ඒ වගේම මේ ඇස්තමේන්තු අනුව දෙකොන් තරඟයකුත් නැහැ. නමුත් පසුගිය මාසයේ ඇස්තමේන්තු වල තුන් කොන් තරඟයක් පැහැදිලිව පේන්න තිබුණා. මැතිවරණ ගතිකත්වයන් දවසින් දවස වෙනස් වෙනවා. ඇත්තම ප්‍රතිඵලය අපි තවමත් දන්නේ නැහැ. මේ සියල්ල ඇස්තමේන්තු.

      Delete
  8. ඉකොනෝ මහත්තයා අනුර දිනනවා කියනවා නං මම කැට තියලා කියන්නන්, අනුර පරාදයි.

    ඒ වගේ වස් වදින එකෙක් ඉකොනෝ නොහොත් සීවලී එකේ විපුල කියන්නේ.

    මීට කලින් චන්ද ප්‍රතිපල අපි දැක්කනේ ඉකොනෝ පුරෝකථනය කරපු. ඔක්කොම වැරදි

    ReplyDelete
  9. වස් නැත ඉතිං කිව්වට ඇත්තම ඇත්ත
    මේකයි දැනෙන ලෙස 'මහ පොළොවෙහි ඇත්ත'
    නව වෙනසක අරුණ පැතිරෙයි, එය සත්ත
    විත්තිය පෙනෙයි- සුබ වෙයි සිරිලක මත්ත

    ReplyDelete
  10. මාධ්‍ය සාකච්චාවකට (විවාදයකට නෙමේ හරිය :-) ) යන්න කොන්දක් නැති සජිත් කොහොමද රටක් පාලනය කරන්නෙ? 2019 දාපු අර මරි මෝඩ ඩිජිටල් ගොං ආතල් එක මතක් වෙද්දි අම්මපා මට තාම හිනා..

    ReplyDelete
  11. 2030 දී ලංකාවේ real gdp එක usd බිලියන් 120 ක් නම් nominal gdp එක කීයක් විතර වෙයිද?

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: