වෙබ් ලිපිනය:

Saturday, September 14, 2024

කැමති හා අකැමැති අපේක්ෂකයෝ


මේ වෙද්දී ලංකාවේ ගොඩක් අය තමන් කැමතිම ජනාධිපති අපේක්ෂකයාව තෝරාගෙන අවසන්. ඒ කවුරු වුවත්, මේ ගොඩක් අයට තමන් කැමති අපේක්ෂකයා හැර අනෙක් අපේක්ෂකයින් සම්බන්ධව අප්‍රසාදයක් තිබෙන බවත් පෙනෙන්න තිබෙන දෙයක්. 

සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනය විසින් කාලයක සිටම එක් එක් අපේක්ෂකයාට තිබෙන කැමැත්ත හෝ අකැමැත්ත ගැන විමසනවා. මෙයින් අදහස් වන්නේ ඡන්දය දීමේ අභිප්‍රාය නෙමෙයි. ඒ දෙක දෙකක්. හැබැයි මේ වගේ අවස්ථාවක ඔය දෙක එක කිට්ටුවෙන් යන්න සෑහෙන ඉඩකඩක් තිබෙනවා. 

ජනාධිපතිවරණයේදී කෙනෙකුට මනාප තුනක් දක්වා දෙන්න පුළුවන්. පළමු මනාපය හෝ එකම මනාපය දෙන්නේ තමන් වැඩියෙන්ම කැමති අපේක්ෂකයාටනේ. හැබැයි ඒක එහෙම නොවී අඩුවෙන්ම අකැමැති අපේක්ෂකයාට පළමු මනාපය දෙන අයත් ඉන්න පුළුවන්. ඒ වගේ කෙනෙක් සියලුම අපේක්ෂයින් තමන් අකැමැති අපේක්ෂයින් ලෙස හඳුන්වන්න පුළුවන්. නමුත් කාට හෝ ඡන්දය දෙනවා. 

ඔය විදිහටම අපේක්ෂයින් දෙදෙනෙකුට හෝ වැඩි දෙනෙකුට කැමති (හෝ අකැමැත්තක් නැති) අය ඉන්නත් පුළුවන්. නමුත් ඒ සියලු දෙනාටම මනාප දෙන බවක් එයින් අනිවාර්යයෙන් අදහස් වෙන්නේ නැහැ. ඒ නිසා, එක් එක් අපේක්ෂයාට තිබෙන කැමැත්ත හෝ අකැමැත්ත සහ ඡන්දය දීමේ අභිප්‍රාය කියන්නේ වෙන වෙනම කරුණු දෙකක්. 

මේ සමඟ පළ කරන රූප සටහනේ දැකිය හැකි "සමස්ත හිතකරත්වය" කියන එකෙන් අදහස් වෙන්නේ එක් එක් අපේක්ෂකයාට තිබෙන ප්‍රසාදයේ හා අප්‍රසාදයේ සාරාංශයක්. හතර දෙනාටම තියෙන්නේ සෘණ අගයන්. ඒ කියන්නේ මේ කවුරු ගත්තත් කැමති ප්‍රමාණයට වඩා අකැමැති ප්‍රමාණය වැඩියි කියන එක. 

අඩුම පිරිසක් අකැමැති අපේක්ෂකයා අනුර. වැඩිම දෙනෙක් අකැමැති නාමල්ට. රනිල් හා සජිත් ඔය අතර ආසන්නව එක මට්ටමේ ඉන්නවා. 

මෙම අගයන් ඇසුරෙන් අපට එක් එක් අපේක්ෂකයාට කැමති හා අකැමැති ප්‍රතිශත පිළිබඳ දළ අදහසක් ගන්න පුළුවන්.

අනුර:

කැමති ප්‍රතිශතය = 39.5%

අකැමැති ප්‍රතිශතය = 100% - 39.5% = 60.5%

වෙනස = 39.5% - 60.5% = (-21%)


සජිත්:

කැමති ප්‍රතිශතය = 34%

අකැමැති ප්‍රතිශතය = 100% - 34% = 66%

වෙනස = 34% - 66% = (-32%)


රනිල්:

කැමති ප්‍රතිශතය = 33.5%

අකැමැති ප්‍රතිශතය = 100% - 33.5% = 66.5%

වෙනස = 33.5% - 66.5% = (-33%)


නාමල්:

කැමති ප්‍රතිශතය = 5.5%

අකැමැති ප්‍රතිශතය = 100% - 5.5% = 94.5%

වෙනස = 94.5% - 5.5% = (-89%)


දැන් අපිට මේ එක් එක් එක් අපේක්ෂකයාට කැමති ප්‍රතිශත දෙස බලන්න පුළුවන්.

අනුර = 39.5%

සජිත් = 34%

රනිල් = 33.5%

නාමල් = 5.5%

එකතුව = 112.5%


එකතුව 100%ට වඩා 12.5%කින් වැඩියි. ඒ කියන්නේ 12.5%ක් එක් අයෙකුට වඩා වැඩි අපේක්ෂයින් ගණනකට කැමැත්ත පෙන්වා තිබෙනවා. පළමු වටයේ ඡන්ද සැලකුවොත් ඔය 12.5% ගොඩවල් හතරෙන් කොයි විදිහකට හෝ අඩු විය යුතුයි. ඒ 12.5% කියන්නේ කාට හෝ ලැබෙන දෙවන මනාපද?

22 comments:

  1. මේ IHP උන්ට නම් Track ද කොහෙද 😅🤣😂 ඇත්තටම ලංකාවේ පක්ෂ භේදයකින් තොරව බහුතර මහජනතාව අකමැතිම කෙනා සහ පක්‍ෂ අනුව ජාජබ, සජබ සහ නාමල්ගේ සහ දිලිත්/ වීරවංසලාගේ වගේම පෙරටුගාමීන්ගේ පවා ප්‍රධාන පක්‍ෂ සේරටම ඡන්දය දෙන බහුතර ජනතාව අකමැතිම කෙනා සහ ප්‍රධාන විරෝධතාව එන්නේ රනිල් වික්‍රමසිංහ පින් ජනා නමැති සොම්බි මහල්ලාටයි. හැමෝටම ඕන රනිලාව එලවලාම දාන්නයි, රට පුරාම අතිබහුතර ජනතාව ඔහූට හෙන ඉල්ලමින් ශාප කරන ජාතියේ පුද්ගලයෙක්. ගියවර 2020 මහමැතිවරණයේ ඔහුට ඡන්ද කොච්චර ලැබුණාද කියලා හොයල බලන්න මුලින්ම.

    ලංකාවේ අතිබහුතර ජනතාව අතර මේ පරණ තක්කඩි පාහර දේශපාලනේ අප්පිරිය වෙලා තීන්නේ, විශේෂයෙන් රටේ තරුණ පරපුර වගේම බහුතර වැඩ කරන ජනතාව අලුත් වෙනසක් බලාපොරොත්තූ වෙනවා, මීට පෙර 2015 මෛත්‍රීපාල සිරිසේන වගේම ගියවර 2019 ගෝඨාභය ආවෙත් ඒකේ ප්‍රතිඵලයක් විදිහටයි. මෙවර ජනාධිපතිවරණයෙත් ඒ නැඹුරුවම එහෙමම තියෙනවා, මිනිස්සූ අලුත් කෙනෙක් හොයන එක නතර කරල නෑ. වේදිකාවේ යටිගිරියෙන් මොරදෙන දූශිත දේශපාලුවන් කුණු කූඩයට විසිකර අළුත් ජනතා නියෝජිතයෙක් පත් වේවී. එයයි බහුතර ජනතාවගේ එකම අපේක්ෂාව...!!!

    ඒ වගේම ඉකොනොමැට්ටා දන්නේ නැද්ද මේ හැම දෙයකම පිටුපස ඉන්නේ ඇන්ග්ලිකානු ලෝක බලාධිපත්‍යය කියලා. රටේ දේශපාලන නිදහස තියා ගන්නවා ද එහෙම නැතිව වියට්නාමය , එහෙමත් නැත්නම් හොංකොං පන්නයේ මිතුරෙක් (වාමාංශික සංකල්ප මත අනුව නම් සෝ කෝල්ඩ් නව යටත් විජිතයක්) තියා ගන්නවා ද කියන එක ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ වැඩක්. ඉකොනොමැට්ටාත් මෙතන ලොකු ටෝක් දුන්නාට අනෙක් හැම පඬියෙක් වගේම ලිං මැඩියෙක් නේද?

    ReplyDelete
  2. ඉකොනෝ මහත්තයා දිනනවා කියන මිනිහා නං නෙමේ චන්දෙ දිනන්නේ.

    ඒක නං මට කැට තියලා කිව්වහැකි

    ReplyDelete
    Replies
    1. ඉකොනෝ මහත්තයා දිනනවා කියන මිනිහා කවුද ඇනෝ?

      Delete
    2. 2030 පාඨලී චම්පික රණවක

      Delete
    3. තමුන්නැහැත් ඌ වගේම චාටර් ඉංජිනේරුවෙක්නෙ. අහ් පොඩි වෙනසක් තියනවා. ඊට අමතරව තමුන්නැහැ දවල් තාරකා විද්‍යාඥයෙක්නෙ. 😂😂😂

      Delete
    4. +++++

      දවල් තාරකා 😂😅🤣 පට්ට පට පට ඕයි දවල් තාරකා විද්‍යාව ගැන ඇහුවේ අද 😂😅🤣

      Delete
    5. පාඨලී සජබෙට යන්න වෙන හේතුවක් තියෙනවද ? නාමල් එන්න වුනාත් බැරි නැහැ 2036 වෙනකොට

      Delete
    6. @ Economatta,

      It is evident that Mr. Economatta is a staunch supporter of RW, and his actions seem aimed at convincing viewers that RW will win the upcoming election by any means necessary. While he may challenge us to provide concrete evidence, it is clear that his intention is to subtly persuade viewers of RW’s strong chances, despite not explicitly stating it. This approach is reminiscent of Bandula G’s infamous statement that “2,500 is enough per person per month,” which was based on statistics from the Department of Statistics of Sri Lanka and was widely ridiculed.

      Regarding Ajith D, I do not foresee any potential for PCR to emerge as a national leader in the coming decade, or perhaps ever. He has failed in this regard, much like SF. The best he could hope for is a ministerial position, unless appointed by foreign powers, as RW was in 2022-24.

      Have you noticed the recent behavior and body language of NR? He is surprisingly maturing, evolving into a cunning and strategic tactician in the leadership-deficient Sri Lankan political arena. I see true potential in NR; despite the hardships he faces and the severe challenges he has endured, he continues to stand resiliently, which is exceptionally commendable. He is no longer a spoon-fed individual like RW or SP.

      NR has been displaying a more calculated and strategic approach in his political maneuvers. This shift suggests a deeper understanding of the political game and a focus on long-term goals rather than short-term gains.

      Endurance and Resilience: Despite facing numerous challenges and setbacks, NR has managed to remain resilient. His ability to withstand political pressure and continue to push forward is a testament to his growing strength and determination.

      Changing Public Image: If you observe the recent events, NR’s body language and public appearances have been more confident and assertive. This change is helping to reshape his image from a previously perceived “spoon-fed” individual to a more self-reliant and capable leader.

      Adapting to Challenges: NR has shown an ability to adapt to the evolving political environment. This adaptability is crucial for any leader, especially in a dynamic and often unpredictable political arena.

      If the NPP wins this time, their downfall may begin immediately after the election, and SP may fail to capitalize on his opportunities as usual. In such a scenario, NR could rise unexpectedly before 2029. At over 75 years old, RW is likely to become the Biden J of Sri Lanka, with his political presence diminishing significantly after 2025. Following a potential significant and embarrassing defeat in the 2024 election, it is anticipated that many SLPP members who currently support RW, particularly the younger leaders, will align themselves with NR, thereby forming a stronger alliance.

      Although I am neither a supporter of NR nor his bloody corrupted family, they exhibit a remarkable resilience, akin to a phoenix rising from the ashes... Let’s wait and observe how events unfold.

      Delete
  3. මෙවර ලංකාවේ ජනාධිපතිවරණය තුල ඔය රනිල් වික්‍රමසිංහ ගේ ජනපතිවරණයේ කැම්පේන් එක නම් තනිකරම ව්‍යාජ එකක්. පහුගිය කාලේ දිගටම අධික ලෙස ජනතාව දැඩි ලෙස පීඩාවට පත් කල අධික බදු පැනවීම, විදුලි ගාස්තුව ජල ගාස්තුව දුරකථන ගාස්තු ආදී හැම එකක්ම අධික ලෙස වැඩිකර අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය අධ්‍යාපන සෞඛ්‍ය ක්ෂේත්‍රවලට පවා අතිශය සාහසික ලෙස අමානුෂික අධික බදු පැනවූ පෞද්ගලික අංශය වගේම රජයේත් උපයන විට ගෙවන බදු අධික ලෙස ඉහල දැමු රනිල් වික්‍රමසිංහ වැනි ලේ පිපාසිත ඩ්‍රැකියුලා කෙනෙකුට ඡන්දය දෙන උන්ගේ ඔළුව පරීක්ෂා කරන්න ඕනේ, බෙල්ලේ පාලුවට ඔලුගෙඩි තියෙන එකෙක්ට විතරයි රෙද්දක් ඇඳගෙන ගිහින් රනිල් වික්‍රමසිංහ වගේ පුද්ගලයකුට ඡන්දය දෙන්න පුළුවන්කම තියෙන්නේ කියලයි ලංකාවේ බහුතර ජනතාව හිතන්නේ.

    බොහෝ විට මැතිවරණයට පෙර සිටම රහසිගත සැබෑ සමීක්ෂණ වාර්තා අනුව රනිල්ට දිනන්න බැරි බව ඔවුන් මනාව තේරුම් ගෙන ක්‍රියාත්මක කළ යුතු strategy එක ඔවුන් තීරණය කරල ඇති.

    නමුත් රනිල්ට පෞද්ගලිකව සජිත් ප්‍රේමදාස සමග ඇරියස් එකක් තියෙනවා, මොකද රනිල් පරාජය වෙද්දී සජිත් ප්‍රේමදාස දිනුවොත් නැවතත් එක්සත් ජාතික පක්ෂයේ අවසානය උදා වෙන නිසයි, ඒ නිසාම වෙන්න ඇති විශේෂයෙන්ම රනිල් අනුරට යටින් සපෝට් කරන බවක් පේන්න තියෙන්නේ. එහෙම නැතුව තැපැල් ඡන්දයට කලින් දවසෙ අනුරට ආණ්ඩුවෙ චැනල් එක වෙන අයිටීඑන් එකේ පැය දෙකක සම්මුඛ සාකච්ඡාවක් ලැබෙන්නෙ නැහැනේ.

    ඒ වගේම පහුගිය දිනවල සෝෂල් මීඩියා හරහා විවෘත තර්ජනයක් කරපු මාලිමාවෙ විශ්‍රාමික හමුදා සෙබළා ගැන පොලිසියෙ ක්‍රියාකාරීත්වයත් දැඩි ලෙස ප්‍රශ්න සහගතයි. සාමාන්‍යයෙන් වෙන්නෙ මෙවැනි කෙනෙක් අත්අඩංගුවට අරන් අධිකරණයට ඉදිරිපත් කිරීම. නමුත් මෙතනදි රනිල්-අලස් මෙහෙයවන ලංකාවේ පොලිසියම නඩු අහල හඬ තහවුරු කරන්නට රස පරීක්ෂණ වාර්තා අවශ්‍ය බව කියා නිගමනය කරල ඔහුව මුදා හැරල තියෙනවා.

    මෙයට සමගාමීව දිවයින මාධ්‍යවේදියකුගෙ ජවිපෙ විවේචනය කරන බව කියැවෙන පොතක් එළිදැක්වීම තහනම් කිරීමත් ප්‍රශ්නයක්. මේ දැනට තියෙන ඊනියා "ස්වාධීන " මැතිවරණ කොමිසමන්ම තමයි රනිල්ට අවශ්‍ය විදියට පළාත් පාලන මැතිවරණ කල් දැම්මේ. මේ නිසා බොහෝ අය හිතෙන්නෙ මේ වන විට රනිල් අනුර දිනවන්න වැඩ කරන බවත් ඔහු ඡන්දයෙ ඉන්නෙ සජිත්ගෙ ඡන්ද කඩන්න පමණක් බවත්.

    මේ දවස්වල අර ගිනිසිලුවක් ද මොකක්ද මගුලක් දාගෙන
    රනිල් පස්සෙ යන පොහොට්ටු හොතඹුවන්ට නම් අබ සරණයි. උන්ට නම් හොඳ වැඩේ. බහුතර ජනතාව කියන්නේ ඔවුන්ට දිට්ඨධම්ම වේදනීය කර්මය පටිසන් දීල තියෙනවා කියලා රනිල් ගේන රටට හානිකර ප්‍රශ්නකාරී සියලු පනත්වලට සහ බදු ඉහළ නැංවීම් වගේ දුෂ්ඨ තීරණ වලට සහාය දීමට අත ඉස්සුවට. රනිල් හැමදාමත් කරනව වගේ මෙවරත් තමන්ට කඩේ යන පිරිසම බිල්ලට දීල තමන්ගේ වැඩ ටික කරගෙන මාරු වෙයි.

    හැබැයි මෙවරත් බොහෝ විට රනිල් සහ අනුර යන දෙදෙනාම මෙහෙයවන විදේශීය පාර්ශවයන්ට අවශ්‍යය කරන විදියෙ බල හුවමාරුවක් මෙවර විය හැකි බවත් පේනවා, ඒ නිසා මේක හුදෙක් රනිල්ගෙ පුද්ගලික අවශ්‍යතාවයට වෙන දෙයක්ම නොවෙන්නත් පුළුවන්.

    මීට උදාහරණ විදිහට ඔබ හොඳින්ම දන්නව ඇති මෑතකාලීනව ගත්තොත් බ්‍රසීලයේ සමාජවාදි ලුලා ද සිල්වාට නැවත බලයට එන්න එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව සහ සීඅයිඒ එකේ පූර්ණ ආශිර්වාදය ලැබුණ බව. එහෙම නැතුව ඔහුට බලයට එන්න බැහැ.

    ඇත්තටම එක්සත් ජනපදය බොරුවට සමාජවාදයට විරුද්ධයි කියන එක ව්‍යාජ මවාපෑමක්. ලංකාවේ අරගලයෙදිත් එක්සත් ජනපදයේ ක්‍රියාකාරීත්වය පැහැදිලි කරගෙන බලන්න. අනෙක ඉස්ලාමීය අන්තවාදී සංවිධාන වලටත් එහෙමයි. එක්සත් ජනපදය තම භූදේශපාලන ආර්ථික බල අරමුණු වෙනුවෙන් ලොව පුරාම විවිධ සමාජවාදී සහ ආගමික සංවිධාන වගේම සටන්කාමීන් පවා මනාව භාවිත කරන බව පැහැදිලිවම පෙනෙන්නට තිබෙනවා. ඒනිසා මේක අමුතු දෙයකුත් නෙවෙයි.

    ReplyDelete
  4. අප්‍රසන්නකම වැඩි අය බැහැර දමා
    අඩුම කෙනා දිනවමු- රට ගොඩම තමා!

    ReplyDelete
    Replies
    1. රනිල් මැතිදු හට අපගේ ජන්දේ දමා
      පුළුවනි දිනවන්න රට ගොඩම තමා

      Delete
  5. Ranil and Sajith has same old shits, I vote for AKD.

    ReplyDelete
  6. තලතා දෙවි කිව්ව කතාව හරිද ඒ කියන්නේ

    ReplyDelete
  7. ඕව නම් පින් ජනපති රනිල් පිනාගේ ගෝලයන් විසින්ම සිදු කරන ගජබින්න සමීක්ෂණනේ. ඕවා ගැන කතා කරන එකත් කාලය නාස්තියක් විතරයි.

    ඒත් මේක නම් ඇත්තටම කරපු විද්‍යාත්මක සමීක්ෂණයක්, ගම්පහ සමාජවාදී තරුණ සංගමයේ (SYU -Gampaha) අපේ හිතාදර ජනනි ප්‍රබෝධා සහෝදරී සමඟ ඇගේ කණ්ඩායම ගෙන්ගෙට ගොස් කල මත විමසුමේදී 🧭 මාලිමාවට 97% ප්‍රතිශතයක් ලැබිලා තියෙනවා. මේ එකක් විතරයි. එන්න එන්නම රැල්ල මාලිමාවට.

    NPP Victory AKD ! 💪💪💪 🧭 X
    මාලිමාවට ජයවේවා!

    ReplyDelete
  8. මේ වනවිට ලංකාවේ සාමාන්‍ය මහපොළොවේ ඇත්ත යථාර්ථය අනුව 2024 සැප් 22 වෙනකොට ලංකාවේ මැතිවරණ ප්‍රතිපල ඇත්තටම වෙන්න පුළුවන් දේ මෙහෙම වෙයි

    1. ජා.ජ.බ. (මාලිමාව) - 40% පමණ
    2. ස.ජ.බ. (ටෙලිපෝන්) සජිත් ප්‍රේමදාස - 30% පමණ
    3. පො.ජ.පෙ. (පොහොට්ටුව) නාමල් රාජපක්ෂ - 25% පමණ
    4. ස්වාධීන (ගෑස්) රනිල් වික්‍රමසිංහ - 2.5% - 3.5% පමණ
    5. කො.ප. (තරුව) දිලිත් ජයවීර - 2% - 2.5% පමණ
    6. වෙනත් - 1% පමණ

    බොහෝ දුරට මේකට ආසන්න අගයන්වල ප්‍රතිපල ලැබෙයි මෙවර ජනාධිපතිවරණයේදී.

    ReplyDelete
    Replies
    1. මගේ යහළු ලිස්ට් එකේ බැලුවහම
      1. මාලිමාව /අනුර 45-%
      2. රනිල් - 27%
      3. සජිත් -21%
      4. නුවන් බෝපගේ -2%
      5. නාමල් 1%
      6.ඉතිරිය %

      Delete
    2. ඒ කියන්නෙ සජ්ජ දිනන්න චන්න්ස් වැඩී

      Delete
    3. @ ඇනෝ 4.59 pm

      අඩු වැඩි වශයෙන් මමත් ඔය දේ දැකල තියෙනවා ලංකාවේ මේ මොහොතේ ජීවත් වෙන කෙනෙක් විදියට, ඔයා කියන දේ වෙන්න තියෙන ඉඩකඩ බොහොම වැඩියි, නමුත් තවමත් අඩුම තරමින් ඡන්ද දායකයන් 30% ක් විතර ඔය ජොකියෝ පස් දෙනා ගැනම විස්වාසයක් නැතුව තීරණයක් නෑ නේද? ඒ අයගේ අවසන් මොහොතේ තීරණය මත පදනම්ව ඇතැම් විට ලොකු වෙනසක් වෙන්න පුළුවන්

      @ අජිත්

      මගේ යාලුවෝ සෙට් එක සහ මුහුණු පොතේ යාලුවෝ සෙට් එකේ නම් 80-90% ක් ම මාලිමාවට ඒත් ඉතින් ඒකත් හෙලකුරු වගේ තමයි පෙනුනේ ඇත්ත තත්වය නම් අනුර කුමාර දිසානායක අප හිතවතාට බොහෝ දුරට 40% විතර ලැබේවි අපේ මිතුරු මිතුරියන් අතර නිහඬව ඉන්න බහුතරයක් දෙනා කාට දේවිද දන්නේ නැහැ අනිත් කාරණය තමයි නාමල් රාජපක්ෂ ගෝතයට අපී කවුරුවත් නොහිතන තරම් විශාල ඡන්ද ප්‍රමාණයක් ලැබෙන එක ඇත්ත. රනිල්ට වඩා ගොඩාක් වැඩි වේවි රනිල්ට නම් මොන බල්ලෙක්වත් කැමති නෑනේ කොටින්ම රනිල්ගේ නම කිව්වාම බල්ලෝ බත් කන්නේ නෑ ඒ තරමටම අප්පිරියයි ගොඩක් දෙනෙකුට එපා වෙලා තියෙන්නේ පොරගේ ගොබ්බ පාලනය

      Delete
  9. ලන්කාවෙ එක්ස්ටර්නල් ඩෙට් ටෝටල් එකයි රජයේ විදේශ ණය ටෝටල් එකයි අතර වෙනසක් තියෙනව. ඒ කියන්නෙ රජය නොවන කොම්පැනි වලින් පිටරටින් ඩොලර් ණය අරගෙන කියන එකද? එහෙනම් ඒ කොම්පැනි මොනවද?

    ReplyDelete
    Replies
    1. රජය නොවන කියන්නේ මධ්‍යම රජය නොවන. ඊට අමතරව රාජ්‍ය සංස්ථා, බැංකු, අනෙකුත් මූල්‍ය සමාගම්, පෞද්ගලික සමාගම්, පුද්ගලයින් ආදීන්ගේ ණයත් විදේශ ණය වලට එනවා. එක එක සමාගමේ විදේශ ණය ගැන දැනගන්නනම් සමාගම් වල ගිණුම් වාර්තා බලන්න වෙයි. එකක් දෙකක් නෙමෙයිනේ.

      Delete
    2. හරි. පැහැදිලියි.
      රජයට ඩොලර් නැතිව ණය ගෙවීම අත් හිටවනවනම්, මේ සමාගම් වලටත් තමන්ගෙ ණය ගෙවන්න ලන්කාව තුලින් ඩොලර් හොයාගන්න බැරි වෙන්න ඕන නේද? ඒ කියන්නෙ ඒ සමාගම් බන්කොලොත් වෙන්න ඓපැයි. ඒත් එහෙම දේවල් අපි දැක්කෙනැහැනෙ

      Delete
    3. ණය තිරසාරත්වය නැති වුනේ රජයේනේ. සමාගම් වලට එහෙම වුනේ නැහැ. සමාගම් දිගටම ණය රෝලෝවර් කළා. සමහර අය බංකොලොත් වෙන්න ඇති. ආනයන කරපු සුළු ව්‍යාපාරිකයෝ වගේ අය එහෙම. සමාගම් වල ණය කියන්නේ ආනයන කරද්දී ලැබෙන ට්‍රේඩ් ක්‍රෙඩිට් වගේ ඒවනේ. වෙනත් ඒවත් තියෙනවා.

      Delete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: