වෙබ් ලිපිනය:

Saturday, September 7, 2024

ජනාධිපතිවරණ ප්‍රතිඵලය පිළිබඳ අපේක්ෂාවන්


පහත තිබෙන්නේ 2,700 දෙනෙකුගේ ප්‍රතිචාර මත පදනම්ව නම්බර්ස් ඩොට් එල්කේ මගින් සිදු කර ඇති විශ්ලේෂණයකට අනුව, එක් එක් ප්‍රධාන අපේක්ෂකයාට සහයෝගය දක්වන අය ජනාධිපතිවරණ ප්‍රතිඵලය පුරෝකථනය කරන ආකාරයයි.

අනුරගේ ආධාරකරුවෝ:

අනුර - 50%

සජිත් - 27%

රනිල් - 15%

නාමල් - 5%


සජිත්ගේ ආධාරකරුවෝ:

සජිත් - 46%

අනුර - 24%

රනිල් - 19%

නාමල් - 8%


රනිල්ගේ ආධාරකරුවෝ:

රනිල් - 42%

සජිත් - 30%

අනුර - 21%

නාමල් - 6%


නාමල්ගේ ආධාරකරුවෝ:

නාමල් - 30%

සජිත් - 27%

රනිල් - 21%

අනුර - 18%


8 comments:

  1. NPP එක පොහොට්ටු චන්ද වලින් 45% - 50% වගේ ආකරශනය කරගෙන තියනව කියල හිතුවොතින් NPP සම්පූර්න චන්ද ප්‍රතිශතය දැනට 28.5% යි. (53 x 48%) + 3 . මම හිතන්නෙ NPP එකට චන්දෙ දෙන්න තීරනය කරන අයගෙන් 80% පමන දැන් තීරනය කරල ඉවරයි. තියෙන්නෙ NPP , SJB ගලඋඩ සටනක්.

    දෙගොල්ල අතර පරතරය +- 4%. Maximum 42%. NPP 42% ගියොතින් SJB 38%. හැබැයි එතනදි SJB එකට පොඩි වාසියක් තියනව රනිල්ගෙ 2nd vote එකෙන්. රනිල්ට චන්දෙ දෙන අයගෙන් 50%ක් වගේ දෙවනි මනාපෙ ලකුනු කලොතින් වැඩි ප්‍රතිශය්හයක් SJB දෙන්න ඉඩතියනව. ඒක 70% ක් වගේ මම හිතන්නෙ. එහෙම උනොතින් 50,000 - 100,000 වගේගනනකින් SJB උඩට එනව.

    අනිත් පැත්ත ඒ කියන්නෙ SJB 42% , NPP 40% යි උනත් දෙවනි මනාපෙන් SJB එනව. දෙවනි මනාපෙට යනවනම් NPP , SJB අතට පරතරය 6% -7% කට වඩාවත් තියාගන්න වෙනව NPP එකට. නැත්නම් අමාරුයි. TNA එක SJB සහය නිසා තමයි සටන ටිකක් අමාරුයි කියල හිතෙන්නෙ.

    තව දෙයක් 2005, 2015 , 2024 ඒ කියන්නෙ වසර 10කට වරක් වගේ ලංකාවෙ ජනාඩිපතිවරනෙ ප්‍රතිපල අන්තිම වෙනකන් කියන්න අමාරුයි.







    ReplyDelete
  2. මේ සමක්ෂණේ කරපු එකා අර මේකේ කලින් දාපු අනිත් එන් ජී ඕ සමීක්ෂණ කරන උන්ට හපන් එවුන් ටිකක්, හරිම ලොල් සහගතයි. මේක මේ නම්බර් එල් කේ කියන මගුලේ ඇඩ්මින් ගෝතයගේ හිතේ තියෙන මොනාහරි මනස්ගාත වෙන්න ඇති, නැත්නම් මූ කේජී ජොයින්ට් එකක් ඇදලා ඉන්න වෙලාවක හිතුන මගුලක් එහෙමම ඇරලා දාලා 😄

    මේකේ පළවෙනි එකම පට්ට වැරදියි, අනුරගේ ආධාර කණ්ඩායම කියන්නේ මාලිමාවේ අයනේ, ඒ අයගේ විස්වාසය මාලිමාවට කෝටියක් සහ තවත් ලක්ෂ දහයක් ලැබෙන බව, ඒ කියන්නේ 80%කට වැඩියි. මාලිමාවට අවම කෝටියක් ආවොත් අනුර 76% ක් වත් වෙනවා, ඒ අය හිතන්නේ අනුරට කෝටියයි ලක්ෂ දහයයි නැත්නම් 84% කියලා, ඉතිං බං අර සිංදුත් හදල තියෙන්නෙ මාලිමාවට කෝටියයි කියලා.. මුන් ඒකවත් දැකලා ගණන් හදලා නෑනේ, මෝඩකම තමයි.
    මේ මාසෙම මාලිමා සෙට් එකේ flights පිටින් booked ලක්ශ 15ක් එන්න ඉන්නව කියලා කියනවනේ... එතකොට තවත් වැඩිවේවි. මාලිමාවේ අය කියන්නේ රනිල්ට උපරිම 5% යි නමාල්ලාට 1% ට අඩුයි කියල.

    අනිත් ඒවත් ඒ වගේ, ඒවත් සම්පූර්ණයෙන්ම වැරදියි. ඔය පක්‍ෂ වලට කඩේ යන අය එක්කෙනා දෙන්න එක්ක කතා කරල බැලුවත් ඕක වැරදියි කියල ලේසියෙන්ම තේරෙනවා.

    මට තියෙන ප්‍රශ්නේ මචං මගෙන් කිසිම දාක මේ වගේ සමීක්ෂණයක් කරන එකෙක් ඡන්දේ දෙන්නේ කාටද කියලා අහලා නැති එක.. දවසේ වැඩ කරන පැය අටෙනුත් පැය පහක් විතර මම පාරේ තමා ඉන්නේ.. මම ගොඩක් එළියේ වැඩ කරන මිනිහෙක්, හරි වේදනයි මට...

    මගේ අදහස දැනට මම රනිල්ට විරුද්ධ පිලේ, මාලිමාවටත් විරුද්ධයි ඉතින්.. හැබැයි රනිල් සජිත් එකතු උනොත්නන් මම මාලිමාවට කැමති පිලට වැටෙනවා. දැනට මම වෙනත් කැටගරි එකේ. බලමු මොකද වෙන්නේ කියල ඉස්සරහට 🤔

    ReplyDelete
  3. පෙනෙන්නට තියෙන ඇත්තම කියමි මම
    රැල්ල නැඟෙයි 'රට අනුරට' පැත්තටම
    රනිල්- සජිත්- නාමල් තුන් දෙනාගෙම
    ලකුණක්වත් නැති තරමයි - කරුණ කිම?

    ReplyDelete
  4. ඉකොනො ඔය පච සමීක්ෂණ ගැන වද වෙලා තමන්ගෙ වටිනා කාලය විනාශ නොකර ගන්නව්වන්ම් වටිනවා.. ඉකොනො අර සුදාගෙ සමීක්ෂණ අරගෙන විශ්ලේශණය කරලා තියනවා මම දැක්කා.. සුදා කියන්නෙ මාලිමාවට ප්‍රසිද්දියෙ කඩේ යන එකෙක්.. උගෙ සමීක්ෂණ කොහොමද ඉතින් මද්‍යස්ත වෙන්නෙ.. ඔය යකා ඉස්සර නාට්‍ය‍යක් හැදුවත් ඔහොමයි. උගෙ හැම නාට්‍යකම ඌ බලෙන්ම රිංගවනවා හෙනආඅ ලොකු පොරකගෙ චරිතයක්. ඊට පස්සෙ ඒක කරන්නෙත් ඌම තමා.. බලන්න ඕනා ඒවයෙ දෙබස්... :-) බලන් ඉද්දි හිනා යනවා ඒ ගොන් ආතල් දකිනකොට..

    ReplyDelete
    Replies
    1. කතාව සහතික ඇත්ත.

      Delete
    2. එහෙමෙයි කියල රනිල දිනන්නෙ නෑ බන්.

      Delete
    3. @ සෙන්නා

      ඔය ගේම් එක අපි හිතනවාට වඩා ගොඩක්ම සංකීර්ණයි, රනිල් වික්‍රමසිංහ සජිත් ප්‍රේමදාස එක්ක එකතු කරන්න එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව සහ ජුලී චංලා උත්සාහ කළේ 2022 අගභාගයේදී, එතනදී රනිල්ට ඕන වුණේ තමන් ජනපති සජිත් තමා යටතේ අගමැති කරගන්න. ඒක අසාර්ථක වුණාම රනිල්ගේ ඊළඟ යෝජනාව වුණේ අනුර ජනාධිපතිවරණයට ඉදිරිපත් කිරීම, ඒක පැහැදිලිව පෙනෙන්නට තිබෙනවා, තේරෙන්නේ නැත්නම් ආයේ හොදට හිතල බලන්න ඒ ක්‍රමය සම්ප්‍රදායික ගොබ්බ JVP ලිංමැඩි ක්‍රමය නොවේ නේද?

      රනිල්ලාගේ රජය ජනාධිපතිවරණය ප්‍රකාශ කරන්නත් කලින් අනුරව විදේශ සංචාර වලට විදේශ රටවලට ගිහිං මමත් සිරිකොතෙ මුත්ත වගේම ජාත්‍යන්තර සමග සමගින් ඉන්නවා කියලා පෙන්නුවා, ලංකාවේ තානාපතිවරුත් තරගයට වගේ අනුර හම්බවෙන පින්තූර මාධ්‍ය වල දාලා පිම්බුවේ ඒකයි. දැනට ඒ අයගේ චොයිස් එක ඒක. අනුර ගියපු විදේශ සංචාර ගොඩක්ම සංවිධානය කළේ එක්සත් ජාතික පක්ෂයේ සෙට් එකක්, සහ විදේශගත ලාංකික දමිළ ප්‍රජාව, ඒවා පිටුපස සිටින අදිසි හස්තය රනිල් වික්‍රමසිංහ බව දන්න අය දන්නවා

      රාජපක්ෂ පවුලේ නාමල්ට ජනාධිපති වෙන්න පුළුවන් කම තිබුනා නම් රනිල් නාමල්ට තමයි තැන දෙන්නේ. නාමල්ට මෙවර බෑ කියල හොඳටම දන්න නිසා රනිල්ට තමන්ගේ පෙලැන්තියෙන් පිටට රටේ නායකත්වයට දෙන්නේ නැතුව ඉන්නවා නම් තමන් ඇරුනම මෙවර හොදම තෙරීම තබුත්තේගම ගොයියෙක්ගෙ පුතෙක් උන "දිසානායක මුදියන්සේලාගේ අනුර කුමාර දිසානායක". ඒක තමයි රනිල් අනුරව එක්සත් ජනපදයට භාරතයට සහ එංගලන්තයට රෙකමන්ඩ් කළේ.

      මම හිතන්නේ නැහැ වික්‍රමසිංහලා කවදාවත් බලපිටිය හිංනගොඩෙ (සලාගමයන්ට රෙදි අපුල්ලපු) ප්‍රේමදාස කෙනෙක්ට නැවතත් රජ වෙන්න දෙයි කියලා. හොදට හිතල බලන්න රණසිංහ ප්‍රේමදාස විතරයි එහෙම රජ උන එකම එකා. අනුර රජ උනොත් රනිල් කාටවත් අන්චි අදින්න දෙන්නෙ නෑ. ගානට පිච් එක හදලා පැත්තකට වෙලා බලාගෙන ඉදිවී. මොනව වුණත් අනුර කියන්නේ තමන්ට හිතවත් ඌත් නාමල් වගේම "අපේ එකෙක්" කියල රනිල් හොඳට දන්නවා. පිටින් පෙනෙන දෙයට වඩා ඇත්ත කතාව වෙනස්. ඔතන ජවිපෙ නායක තනතුරේ රෝහණ විජේවීර හෝ කටහැකර බූරුවංස වගේ එකෙක් හිටියානම් ඕක කීයටවත් වෙන්නේ නෑ හැබැයි.

      Delete
  5. එපා රනිල්ට කෝප වන්නට, එයින් යහපත නැසෙනවා...
    එපා සජිත්ට නිගා කරන්න, ඔබේ හොඳ ගති මැකෙනවා...
    එපා දිලිත්ව සුලු කරන්නට, එයින් මුලාවෙ වැටෙනවා...
    එපා අනුරට චන්දෙ දෙන්නට, මැරෙනවා අපි මැරෙනවා ..."

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: