වෙබ් ලිපිනය:

Wednesday, September 4, 2024

කළුතර, රත්නපුර හා කෑගල්ල


පෙර සටහන් වල දකුණු පළාතේ හා බදුල්ල දිස්ත්‍රික්කයේ තත්ත්වයන් විග්‍රහ කළා. ඊයේ මාතර දිස්ත්‍රික්කයේ තනි නියැදියට තවත් නියැදියක් (දික්වැල්ල) එකතු වී තිබෙනවා. ඒ අනුව. මාතර සඳහා වඩා නිවැරදි ඇස්තමේන්තුවක් සකස් කරගන්න පුළුවන්. නියැදි දෙකක් වුනත් ප්‍රමාණවත් නැහැ. නමුත්, නියැදි  එකකට වඩා නියැදි දෙකක එකතුවක් නිවැරදියි.

මාතර දිස්ත්‍රික්කය (N = 360)

අනුර = 38.7%

සජිත් = 18.1%

රනිල් = 5.8%

නාමල් = 0.3%

බත්තරමුල්ලේ සීලරතන හිමි = 0.3%

තීරණය කර නැති = 37.0%

මාතර දිස්ත්‍රික්කයේ 2019 ඡන්ද ප්‍රතිඵල අනුව මාලිමාව විසින් පොහොට්ටු ඡන්ද වලින් 62.0%ක් ආකර්ශනය කරගෙන තිබෙනවා. 

සජිත්ගේ 18.1% ඔහුගේ 2019 ප්‍රතිශතය වූ 22.6%ට ආසන්න වුවත් අඩුයි. සජිත්ගේ හා රනිල්ගේ ප්‍රතිශත එකතු කළ විට එම ප්‍රතිශතයට වඩා මදක් වැඩියි. නමුත්, සජබ හා එජාප නියැදි කුඩා නිසා ඒ අනුසාරයෙන් බරපතල නිගමන වලට පැමිණිය නොහැකියි. දික්වැල්ල ප්‍රතිඵලය අප වෙත යොමු කළ පාඨක හිතවතාට අනුව දික්වැල්ලේ සමීක්ෂණය සිදු කර ඇති ප්‍රදේශය එජාපයට වඩා බර ප්‍රදේශයක්. (මෙම ඇස්තමේන්තු සකස් කිරීම අපට පහසු වී තිබෙන්නේ පාඨක හිතවතුන් කිහිප දෙනෙකු විසින් මෙවැනි මත විමසුම් ගැන සොයා බලමින් ඒවා අප වෙත යොමු කරන බැවිනුයි. ඔවුන්ට ස්තුතියි!)

වඩා වැදගත් ප්‍රශ්නය වන්නේ පොහොට්ටු ඡන්ද මේ වන විට මාලිමාව වෙත ආකර්ෂණය වී ඇත්තේ කෙසේද යන්නයි. දැනට දකුණු පළාතේ තත්ත්වය මෙසේයි.

හම්බන්තොට - 67.1%

මාතර - 62.0%

ගාල්ල - 67.1%

හම්බන්තොට ප්‍රතිඵලය වඩා නිවැරදියි. මාතර ප්‍රතිඵලයේ නිරවද්‍යතාවය අඩුයි. ගාල්ල ප්‍රතිඵලයේ නිරවද්‍යතාවය ඊටත් වඩා අඩුයි. මාතරෙන් හා ගාල්ලෙන් තවත් නියැදි ලැබුනොත් මෙම ප්‍රතිඵල කෙලෙස වෙනස් වෙයිද?

හම්බන්තොට හා ගාල්ල අනුව මාතර ප්‍රතිශතයද 67.1% විය යුතුද?

එසේ නැත්නම්, වඩා රතු හම්බන්තොට සිට තරමක් අඩුවෙන් රතු මාතරට එද්දී සිදු වන අඩු වීම අනුව ගාල්ලේ ප්‍රතිශතය මාතර ප්‍රතිශතයට වඩා අඩු විය යුතුද?

මේ දෙකෙන් ඕනෑම එකක් වෙන්න පුළුවන්. පිළිතුරු දීම සඳහා දත්ත ප්‍රමාණවත් නැහැ. 

දැන් අපි දකුණු පළාතේ සිට යාබද සපරගමු පළාත වෙත යමු.

රත්නපුර දිස්ත්‍රික්කය 

පසුගිය සතියේදී රත්නපුර දිස්ත්‍රික්කය තුළ සමීක්ෂණ හතරක් සිදු කර තිබෙනවා. ඒ රත්නපුර, ඇඹිලිපිටිය, ගොඩකවෙල හා පැල්මඩුල්ල ප්‍රදේශ වලදී. රත්නපුර සමීක්ෂණ හතරේ (N = 804) සම්ප්‍රයුක්ත ප්‍රතිඵලය පහත තිබෙනවා. 

අනුර = 28.0%

සජිත් = 26.4%

රනිල් = 9.2%

නාමල් = 2.5%

දිලිත් ජයවීර  = 3.7%

තීරණය කර නැති = 35.8%

රත්නපුර දිස්ත්‍රික්කයේ 2020 ඡන්ද ප්‍රතිඵල අනුව මාලිමාව විසින් පොහොට්ටු ඡන්ද වලින් 51.0%ක් ආකර්ශනය කරගෙන තිබෙනවා. එමෙන්ම, 2019 සජිත්ගේ ඡන්ද ප්‍රතිශතය වූ 30.6% මට්ටමට සජිත් පැමිණ නැති බවත්, ඉතිරි එජාප ඡන්ද ප්‍රතිශතයට වඩා වැඩි කොටසක් රනිල් සතුව ඇති බවත් පෙනෙන්නට තිබෙනවා. ඒ අනුව පෙනී යන්නේ රනිල් විසින් රත්නපුර දිස්ත්‍රික්කයේ පොහොට්ටු ඡන්ද වලින් යම් කොටසක් ආකර්ශනය කරගෙන ඇති බවයි. 

කෑගල්ල දිස්ත්‍රික්කය 

දෙමසකට පෙර දෙහිඕවිට හා යටියන්තොට ප්‍රදේශ වලදී සමීක්ෂණ දෙකක් සිදු කර තිබුණා. පහත තිබෙන්නේ සංයුක්ත ප්‍රතිඵලයයි (N = 276). 

අනුර = 14.5%

සජිත් = 26.1%

රනිල් = 18.8%

නාමල් = 1.8%

තීරණය කර නැති = 38.8%

මෙහි දැකිය හැක්කේ පොහොට්ටු ඡන්ද වලින් 25.3%ක් පමණයි. කෙසේ වුවත්, නියැදි දෙකක් මත පමණක්ම පාදක වූ මෙම ඇස්තමේන්තු ඒ තරම්ම විශ්වාසනීය නැහැ. 

කළුතර දිස්ත්‍රික්කය 

කළුතර දිස්ත්‍රික්කය පිහිටා තිබෙන්නේ දකුණු හා සපරගමු පළාත වලට යාබදවයි. මසකට පමණ පෙර කළුතර දිස්ත්‍රික්කය තුළ සමීක්ෂණ දෙකක් සිදු කර තිබෙනවා. ඒ කළුතරදී හා හොරණදී. පහත තිබෙන්නේ සංයුක්ත ප්‍රතිඵලයයි (N = 276). 

අනුර = 25.8%

සජිත් = 28.4%

රනිල් = 9.6%

ධම්මික පෙරේරා  = 4.8%

තීරණය කර නැති = 31.5%

එතරම් විශ්වාසනීය නොමැති මෙම ප්‍රතිඵලය තුළින් පිළිබිඹු වන්නේ මාලිමාව විසින් පොහොට්ටු ඡන්ද වලින් 48.5%ක් ආකර්ශනය කරගෙන ඇති බවයි. 

දත්ත එතරම් විශ්වාසනීය නොමැති වුවත්, කෑගල්ල දිස්ත්‍රික්කය "කොළ" දිස්ත්‍රික්කයක් බව පැහැදිලියි. එහෙත් රත්නපුර හා කළුතර දිස්ත්‍රික්ක පැහැදිලි ලෙස රතු හෝ කොළ ලෙස වර්ග කිරීම අසීරුයි. මෙම දිස්ත්‍රික්ක වලින්  මාලිමාව විසින් ආකර්ශනය කර ගෙන ඇති බව පෙනෙන පොහොට්ටු ඡන්ද ප්‍රමාණය ආසන්න වශයෙන් 50%කට සමානයි. ඒ නිසා, දැනට අප‍ට මෙම දිස්ත්‍රික්ක සලකුණු කළ හැක්කේ අතරමැදි වර්ණයකින්. ඒ සඳහා අපි කහ පැහැය යොදා ගනිමු. 

එමෙන්ම, ගාල්ල දිස්ත්‍රික්කයට යාබදව ඇති රත්නපුර, කළුතර හා මාතර දිස්ත්‍රික්ක වල රටාව අනුව අප‍ට නිගමනය කළ හැක්කේ ගාල්ල දිස්ත්‍රික්කය තුළ මාලිමාව විසින් පොහොට්ටු ඡන්ද වලින් 55%-60% අතර ප්‍රමාණයක් ආකර්ශනය කරගෙන තිබිය යුතු බවයි. 

5 comments:

  1. උබට වෙන වැඩ නැද්ද බං ඉකොනෝ

    ReplyDelete
  2. මේ ඉකොනෝගේ විකාර පුරෝකථනය නම් අනවශ්‍ය ව්‍යායාමයක්, කොහොමත් අන්තිමට මේ පුරෝකතනය සම්පූර්ණයෙන්ම වගේ වරදින නිසා.

    නමුත් සැප් 22 පත්වන නව ජාතික ජන බලවේගයේ ලංකාවේ එතෙක් මෙතෙක් පත්වීමට නියමිත බලගතුම රජය මගින් පාර්ලිමේන්තුවේ පණත් කීපයක්ම වෙනස් කරන්න ඕනේ, මේකට බහුතරය ලබැගැනීම අත්‍යවශ්‍ය නීසා පාර්ලිමේන්තුවට ජාජබ නියෝජනය වැඩිකරගන්න ඕනේ මාලිමාවට කෝටියක් කෑම්පේන් එකේ දිගුවක් ලෙස මාලිමාවට හතරෙන් තුනක් කියන කැම්පේන් එක ඡන්දයෙන් පස්සේ කරන්න ඕන කියල හිතාගෙන ඉන්නවා අපි.

    දූෂිත රනිල් වික්‍රමසිංහ රජය මගින් දැනට පවතින රටට දැඩිලෙස අහිතකර IMF ගිවිසුම සංශෝධනය කරන්න බැරිවෙන්න හදපු පනත් පහ මේවා අනිවාර්යයෙන්ම අහෝසිකරන්න NPP ජාතික ජන බලවේගයට ඡන්දය ලබා දෙන්න

    මේ සාකච්ඡාව බලන්න

    https://youtu.be/P8GH2XahoEI?si=qnBBrqDHXm0WjC-F

    මාධ්‍ය වේදියා - IMF ගිවිසුම සංශෝධනය කරන්න බැරිද ?

    බන්දුල ගුණවර්ධන-
    IMF එකේ යෝජනා ස්ථාවර නියෝග ලෙස තබාගෙන යන්නට රජය මගින් වගේ නීති 5ක් සම්මත කරලා තියෙනවා

    01. වර්ෂ 2023 අංක 16 දරන මහබැංකු පනත

    (මේ පනත යටතේ කවුරු ජනාධිපති උනත් මොනම හෙතුවක් උනත් රජයට ඕන විදියට සල්ලි අච්චු ගහන්න බැහැ )

    2) 2024 අංක 33 දරන රාජ්‍ය ණය කළමනාකරණ පනත

    (මේ පනත අනුව මහා බැංකුවට වත් ණය පාලන දෙපාර්තමෙන්තුවටවත් මෙහි තිබෙන විධි විධානවලට පිටින් ණය ගන්න බැහැ )

    3 )2024 අංක 44 දරන රාජ්‍ය මුල්‍ය කළමනාකරණ පනත

    (මේකට අනුව තමයි බජට් එක හදන්නේ.පාර්ලිමේන්තුවේ බජට් ඔෆිස් එකක් තියෙනවා එකේ නිලධාරියෙක් ඉන්නවා, ජනතාව පත්කරන ආණ්ඩුවකින් රටේ විවිධාකාර බදු අඩු කරන්න, වැට් අඩු කරන්න කිව්වට ඒ නිලධාරියා ඒවා කරන්නේ නැහැ මේ පනතට අනුවයි එය වැඩ කරන්නේ එය හරියට මැතිවරණ කොමසාරිස් දේශපාලකයන් කියන ඒවා අහන්නේ නැතිව පනත අනුව රාජකාරි කරනවා වගේ )

    4 ) 2024 අංක 45 දරන ආර්ථික පරිවර්තන පනත

    මේක තමයි කෘෂිකර්මය කර්මාන්ත සේවා,මේ සියල්ලේම IMF එකට අවශ්‍ය ලෙස ඇති කල යුතු පරිවර්තනය නීතියක් කරලා තියෙනවා මේ පනතින්
    මේ පනත අනුව කවුරු ආණ්ඩුව කරත් අයවැය ලේඛනය හදන කොට ප්‍රථමික ගිණුමේ 2.3 ක අතිරික්තයක් තියන්න ඕනේ

    රජයේ අදායම දළ .දේශීය නිශ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස 15% ක් හෝ ඊට වැඩිය පවත්වාගෙන යන්න ඕනේ

    ජනතාව පත්කරන රජයට අවශ්‍ය විදිහට භාණ්ඩ ආනයනය කරන්න බැහැ

    ජංගම ගිණුමේ හිඟය 1% ට වැඩිය වෙන්න බැහැ

    රටේ, ආණ්ඩුවේ මුදල් අවශ්යත්වය දල දේශීය නිෂ්පාදනයෙන් 13% ඉක්මවන්න බැහැ

    උද්ධමනය තනි ඉලක්කමේ තියාගන්න ඕනේ රජයේ ඉඩම් ප්‍රතිසංස්කරණ පෞද්ගලික අංශයට දෙන්න ඕන

    5) 2023 අංක 9 දරන දුෂණ විරෝධී පනත

    (මේ පනත යටතේ මන්තීර් පමණක් නොව ඔහුගේ පවුලේ අයගේද කාර්ය මණ්ඩලයේ අයගේද වත්කම් ප්‍රකාශයක් වාර්ෂිකව දෙන්න ඕනේ වෘත්තීය සමිතිත් වත්කම් ප්‍රකශ දෙන්න ඕනේ පුද්ගලික අංශයේ සමාගම් වල සභාපත් සහ අධ්‍යක්ෂ මණ්ඩලය වත්කම් ප්‍රකශ කරන්න ඕනේ මන්ත්‍රී බස් පරිගණක බෙදනවානම් ඒවා ලැබුනේ කොහෙන්ද කියල කියන්න ඕනේ සමාගමකින් දුන්නයි කියනවනම් ඒක එම සමාගමේ ගිණුම් වල තියෙන්නේ ඕනේ රජයේ නිලධිරින් ග්‍රාම සේවක ඇතුළු වත්කම් ප්‍රකශ දෙන්න ඕනේ

    ප්‍රශ්නය - ඉස්සරහට එන ආණ්ඩුවකට මේවා සංශෝධනය් කරන්න බැරිද ?

    උත්තරය - පුළුවන්.
    හැබැයි අර ඔක්කොම එකඟ වෙන්න ඕනේ ඒකට .IMF එකඟ වෙන්න ඕනේ පැරිස් ආධාර කණ්ඩායම එකඟ වෙන්න ඕනේ චීනය එකන් වෙන්න ඕනේ .ඉන්දියාව එකඟ වෙන්න ඕනේ.ජපානය එකඟ වෙන්න ඕනේ

    (මේකේ අවසන් උත්තරය බොරුවක්)

    මොකද ඇත්තටම මැතිවරණ ප්‍රචාරක කටයුතුවලට අවාසි නොවෙන්න ඕන නිසා IMF අත්හරින්නෙ නෑ කියන්න පුළුවන් ව්‍යාපාරිකයන් ඉදිරියේ. අත්හැරීමට කටයුතු සලසා ගන්න එක තමයි අපේ NPP රජය යටතේ සිද්ධ කළ යුත්තේ.

    ඔය අසාර්ථක රජයේ අතපය බැඳ තබන අසාධාරණ සහ අනවශ්‍ය පණත් කීපයම අහෝසිකර දමා ජනතාව වෙනුවෙන් රජයේ බදු අඩු කරලා, වියදම් වැඩි කරලා, ප්‍රාථමික ශේෂ ඉලක්ක සපුරාලන්නේ නැති වුනාම නිකම්ම ඔය මෝඩ වැඩ සටහන ඉවරයි. රනිල්ගේ අධික පොලී 12.5 බිලියන ඩොලර අයිඑස්බී ණය වලට නම් අපි ගෙවන්නෙම නෑ කියලා ණය සම්පූර්ණයෙන්ම පැහැර හරින්න පුළුවන්, ඕනනම් අතාත්වික DSA එකක් ඉදිරිපත් කරලා IMF ආකෘතිය ප්‍රතික්‍ෂේප කල විටත් ප්‍රතිපලය එයමයි.

    දික්කසාද වෙන ක්‍රම ගැන දන්න කෙනෙක්ට මෙය හොඳට තේරෙයි. Malicious desertion වලට අමතරව constructive malicious desertionත් පිලිගන්නවා දික්කසාදයට හේතුවක් ලෙස (ද්වේශ සහගත අතහැරයාම සහ අනුමිත දේවේශ සහගත අතහැරයාම). එයයි ලංකාවේ ඊළඟට බලයට පත්වන රජය අනිවාර්යයෙන්ම කළ යුතු. එය කළ හැකි හොඳම කණ්ඩායම අපේ NPP එක පමණයි.

    ReplyDelete
    Replies
    1. //මේ ඉකොනෝගේ විකාර පුරෝකථනය නම් අනවශ්‍ය ව්‍යායාමයක්, කොහොමත් අන්තිමට මේ පුරෝකතනය සම්පූර්ණයෙන්ම වගේ වරදින නිසා.//

      මම මෙහි මැතිවරණ ප්රතිඵල පුරෝකථනය කරලා නැහැ. මම කරලා තියෙන්නේ වෙනත් අය විසින් සිදු කර තිබෙන සමීක්ෂණ හෝ පුරෝකථන පිළිබඳව පැහැදිලි කිරීම් කරන එක පමණයි.

      Delete
  3. අනුරව පරද්දන්න සජිත්ට බෑ කියල තමයි රනිල්නම් හිතන්නෙ මැදිහත් නිරීක්ශකයෙක් හැටියට

    ReplyDelete
  4. අපේ විදුහල්පතිනිය ලොකු මැඩම් මේ සැරේ පළමු වතාවට තැපැල් ඡන්දය මාලිමාවට ලබා දෙන්න කියලා කරපු ඉල්ලීම මත හැමෝම මේ සැරේ මාලිමාවට තැපැල් ඡන්දය දුන්නා, මාලිමාවට අකමැති පොහොට්ටුවේ අය පවා සජිත් වගේ අමනෝඥ මුග්ධ ජනපතිවරයෙක් පත්වීම වැළැක්වීම සහ පොහොට්ටුව මේ සැරේ පරාජය වන බව තේරුම් ගෙන මැඩම්ගේ ඉල්ලීම අනුව එකම එක වතාවක් පමණයි කියල මාලිමාවට ඡන්දය ප්‍රකාශ කිරීමට තීරණය කළා. මාලිමාව ගැන සැකයක් තියෙන අයත් මේ සැරේ බලන්න හරි එක සැරයක් විතරක් හරි බලන්න මාලිමාවට දෙනවා කියලා තීරණය කළා.

    මේ බලන්න ගුරුවරුන්ට සලකපු විදිය මාසෙකට ඉස්සර?

    https://www.facebook.com/61563600982841/videos/866085275581900/?app=fbl

    මේකට සියලුම ගුරුවරුන් රිටන් එක දෙන්න ඕන කියල දැඩි අධිෂ්ඨානයකින් ඉන්නේ,
    ගිය පාර හිටපු විදුහල්පතිත් ගෝටට සපෝට් එකට පොර ගැන මාර රෙකමදාරුවක් දුන්නට ගෝටගේ විපත් මගේ ගොඩහෑවගේ කට්ටයත් ආවාට ඉස්කෝලෙට, කැම්පේන් කොළ බෙදන්න.හැබැයි මට විදුහල්පති කිව්වෙත් නෑ ගෝටට චන්දේ දෙන්න ගොඩහෑවගේ කොළ දුන්නෙත් නෑ.

    ඒ වුණාට මේ පාර නම් මාරයි, මම දැක්කා අපේ හිටපු අයත් මාලිමාවට සපෝර්ට් කරනවා. හරිම සතුටුයි චන්ද ගොඩාරියක් මේ සැරේ වැඩි වෙන එකට.මේපාර ඉතිං මට චන්දේ දෙන්න,විදිහක් නැති වෙනවා. ඒත් මාලිමාව දිනාවි. හිතපු රට ගොඩ නැංවේවි රටේ දරුවන් වෙනුවෙන්.එයයි විය යුතු.අහපු අතිශය බහුතරයේ තැපල් චන්ද කොටස ඉතිං මාලිමාවට තමයි. රජයේ සේවයේ අතිබහුතරය එකමිටට මාලිමාවට. ජයවේවා NPP !

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: