වෙබ් ලිපිනය:

Friday, September 6, 2024

විවිධ ජන කාණ්ඩ වල ඡන්දය දීමේ අභිප්‍රාය


සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනය විසින් මීට දින දෙකකට පෙර (සැප්තැම්බර් 4) ඔවුන්ගේ සමීක්ෂණ දත්ත පිළිබඳ විස්තරාත්මක තොරතුරු ප්‍රසිද්ධ කළා. පහත තිබෙන්නේ එක් එක් ජන කාණ්ඩය ඇතුළත මෙම ජනාධිපතිවරණයේදී ඡන්දය භාවිතා කිරීමේ අභිප්‍රායයි.

සිංහල 

අනුර - 41.4%

සජිත් - 30.8%

රනිල් - 23.0%


ශ්‍රී ලංකා දෙමළ 

අනුර - 24.7%

සජිත් - 51.0%

රනිල් - 22.4%


කඳුකර දෙමළ 

අනුර - 25.9%

සජිත් - 56.7%

රනිල් - 16.7%


මුස්ලිම් 

අනුර - 23.3%

සජිත් - 65.4%

රනිල් - 11.1%


පිරිමි 

අනුර - 42.7%

සජිත් - 37.4%

රනිල් - 16.7%


ගැහැණු 

අනුර - 32.3%

සජිත් - 37.2%

රනිල් - 26.1%


වයස 18-29 අතර 

අනුර - 54.4%

සජිත් - 34.7%

රනිල් - 8.5%


වයස 30-59 අතර 

අනුර - 36.8%

සජිත් - 38.2%

රනිල් - 22.0%


වයස 60ට වැඩි 

අනුර - 16.3%

සජිත් - 38.2%

රනිල් - 37.6%


අඩු ආදායම්ලාභීන් 

අනුර - 34.9%

සජිත් - 42.2%

රනිල් - 18.6%


මැදි ආදායම්ලාභීන් 

අනුර - 35.3%

සජිත් - 35.4%

රනිල් - 24.0%


ඉහළ ආදායම්ලාභීන් 

අනුර - 41.5%

සජිත් - 34.4%

රනිල් - 22.2%


මෙම දත්ත අගෝස්තු 19 දක්වා දත්ත. මෙම ප්‍රතිශත වෙනස් වෙමින් තිබුණු ප්‍රවණතාව රූප සටහනෙහි දැකිය හැකියි.

11 comments:

  1. ඔය කසිකබල් සෞඛ්‍ය මොකක්ද අටමගල කියන්නේ රනිල්ට කඩේ යන ගුබ්බෑයමක්නේ ඕකේ කියන බහුබූත වලින් වැඩක් නෑ තව සති දෙකයි රනිලා ගෙදර. ඔය කියන තරම් රනිල්ට ඡන්ද ලැබෙන්නේ නෑ රටෙන්ම උපරිමය 5% පුරුදු වෙන්න පරදින එකක් නෙවෙයිනේ රනිලයි ඡන්ද පරාජයයි කියන්නේ අර අමුඩෙයි මොකක්ද එකයි වගේ තමයි 🤣😂

    අනික සජබේ හර්ෂ ද සිල්වා වගේ ජෝකර්ලත් ගොබ්බ සජියටම හරියන ජෝකර්ලා. මේ සැරේ සැරටම මාලිමාවට රැල්ල තියෙනවා ජනාධිපතිවරණයේ 50% නම් නතින් අපට. ඊළඟ සති දෙකේ රැල්ල එක්ක 65% විතර වෙන්නත් ඉඩ තියෙනවා.

    මහමැතිවරණයෙන් මාලිමාවට 3/4 ක් මේ සැරේ අනිවාර්යයෙන්ම ලැබෙනවා අනිත් සේරම පක්‍ෂ එකමිටට හෝදාපාලු වෙලා යනවා.

    මෙන්න මේක බලන්න

    A. මාලිමාවේ නව රජය මගින් ජනතාවට දැවැන්ත බදු සහන දෙන්නේ කොහොමද?

    B. උපයන විට ගෙවන බදු ප්‍රතිශතය සැලකිය යුතු ලෙස අඩු කළ හැකි පහසුම ක්‍රමය?

    C. බදු අඩු කර විශාල ලෙස ජනතාවට සහන ලබාදීමේදී රජයට අහිමි වෙන රාජ්‍ය ආදායම නැවත ඉතා පහසුවෙන්ම උපයා ගන්නේ කොහොමද?

    මේකට සවන් දෙන්න;

    👉 ජාතික ජන බලවේගයේ ජ්‍යෙෂ්ඨ උපදේශක විශ්‍රාමික නියෝජ්‍ය දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් එම්. මිෆ්ලි මහතා

    👉 ජාජබ ජ්‍යෙෂ්ඨ උපදේශක දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ හිටපු ජ්‍යෙෂ්ඨ කොමසාරිස් සරත් අබේරත්න මහතා

    https://www.youtube.com/watch?v=_2-c3HETNKs

    මේවා ජනාධිපතිවරණයෙන් පසුව ඉක්මනින්ම ජනතාවට අත්විඳිය හැකි අතර ජනතාව ඉතාම ඉක්මනින්ම මාලිමාවට ඡන්දය ප්‍රකාශ කර ලේසියෙන්ම පාර්ලිමේන්තුවේ 3/4 ලබාගැනීමට පුළුවන්.

    ReplyDelete
  2. මේරියන්ස් සංගීත කන්ඩායම හරහා අනාවරණය වුන සිංහලකතෝලික චින්තනයත් සැලකිය යුතු දෙයක්.
    සිංහලකතෝලිකයෝ ජාතික ජන බලවේගය සිංහල ජාතිකවාදී එකක් ලෙස හඳුනාගෙන තියෙනවා.
    සිංහල කතෝලිකයා යෙෂුවා (යේසු) මරණයට පෙර අවසාන සතියේ හැසිරුන ආකාරය ආදර්ශයට ගන්න පිරිසක්.
    මේරියන්ලා කලෙත් ජේසු අනුකරණයක්
    ඒ නිසාම සිංහලකතෝලිකයෝ ජාතික ජන බලවේගයට විරුද්ධවෙන්න පුලුවන්.

    ReplyDelete
  3. තව සති දෙකෙන් හෙළිවෙයි ඇත්තම තත්තේ
    යන එන මං නැතිව හොරු පරදිනු ඇත්තේ
    නව අරුණලු වැටී සිරි ලක් මව මත්තේ
    නව යුගයක් උදා වෙනවා- සැක නැත්තේ!

    ReplyDelete
  4. ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක සහෝදරයා ජයගත් පසු ඉන්ධන පෝලිම් ඇතිවන බවට දැන්විම් හැදිමට ගිය පිරිසක් කටුගස්තොට දී පළවා හරි... රනිල් වික්‍රමසිංහට දේශපාලන වාසි ලබා ගැනීමට දැන්වීම හැදීමට බාරගත් අධ්‍යක්ෂකත් අත්අඩංගුවට...😁😁😂😂

    //ජනාධිපති අපේක්ෂක රනිල් වික්‍රමසිංහට වාසි සහගත තත්වයක් ඇති කිරිම සදහා බොරු ඉන්ධන පෝලිම් සහ ඉන්ධන ලබා ගැනීමට පැමිණි ත්‍රිරෝදකරුවන් ඉන්ධන හල් ඉදිරිපිට කළහකාරීව සටන් පාඨ කියන ආකාරයට ව්‍යාජ දේශපාළන ප්‍රචාරක රූපවාහීනී දැන්වීමක් රූගත කිරීමට සුදානම්වු පිරිසක් පළවා හැරිමට කටුගස්තොට පොලිසිය කටයතු කළේය.

    මිනිසුන් පිරිසක් ලොරියක පටවාගෙන කටුගස්තොට නගරය සමීපයේ ඉන්ධන හලකට පැමිණි කොට්ටාව ප්‍රදේශයේ පිරිසකට සහ දැන්වීමට රඟපෑම සඳහා රුපියල් 2500/= ක් සහ බත් පැකට් එකක් ලබා ගැනීමට පැමිණි පිරිසක් කටුගස්තොට පොලිසියෙන් පළවා හරිනු ලැබීය.

    මෙම පිරිස රැගෙන ආ බොරු වීඩීයෝ දැන්වීම් හදන්නන්ද පළාගිය අතර එහි රඟපෑමට පැමිණි අසරණ මිනිසුන්ට මුදලුත් කෑම පැකට්ටුවත් නැතිව අවසානයේ සිය නිවෙස් කරා යාමට බස් ගාස්තුවත් නැතිව ගුරුදෙණිය ප්‍රදේශයේ අතරමං වන්නටද සිදුවිය.

    ඊයේ මැතිවරණ විමර්ශණ නිලධාරින්ද එම ස්ථානයට පැමිණ තිබේ.දේශපාළන ප්‍රචාරක දැන්වීම හදන්නට කොන්ත්‍රාත්තුව බාර ගත් ආයතනයේ පුද්ගලයෙක්ද පොලිස් අත් අඩංගුවට ගෙන තිබේ.

    මෙම ප්‍රචාරක දැන්වීමේ රඟපාන්නට පිරිස රැගෙන විත් ඇත්තේ මුදල් සහ දවල් ආහාරයද ලබාදෙන බවට පවසමිනි.

    අවසානයේ මෙම පිරිසට මුදලුත් නැතිව කෑමත් නැතිව ගුරුදෙණිය ප්‍රදේශයේ අතරමංවන්නට සිදුවූයේ තමන්ට ගෙදර යන්න මුදල් ලබාදෙන පුද්ගලයා පැමිණෙන තෙක්ය.
    මෙම ව්‍යාජ දේශපාළන ප්‍රචාරක වීඩියෝ පටයේ රඟපාන්නට ඇතැම් ත්‍රිරෝද රියදුරන් ගෙන්වාගෙන ඇත්තේ විදෙස් සංචාරකයන් රැගෙන යාමේ විශේෂ වැඩ සටහනකට කියමින් බවද එම අවස්ථාවට එක්වූ ත්‍රිරෝද රථ රියදුරන් කීප දෙනෙක් පැවසූහ.

    මෙම දැන්වීම සකසන්නට කටයුතු කරනු ලැබුවේ ගෑස් පෝලිම් සහ ඉන්ධන පෝලිම් පෙන්වා ජනතාව තුල බියක් නිර්මාණය කර ජනාධිපති අපේක්ෂක රනිල් වික්‍රමසිංහට දේශපාලන වාසි ලබා ගැනීමට ය.//

    🤣😂 ලැජ්ජයි රනිලෝ ලැජ්ජයි..😁😂

    ReplyDelete
  5. පොඩි ආර්තික ගානක් තියෙනව හරිද අහගන්න
    උද්දමනය, වර්දන වේගය සහ රියල් දදෙනි සමීකරනය මොකක්ද?
    උදා
    2020 ද්දෙනි රු 1000
    2020 උද්දමනය 5%
    2020 වර්දන වේගය 10%
    එතකොට 2021 දදෙනි වෙන්නෙ රුපියල් 1150ද?

    ReplyDelete
    Replies
    1. 2020 ද්දෙනි රු 1000
      2020 උද්දමනය 5%
      2020 වර්දන වේගය 10%
      එතකොට 2021 දදෙනි වෙන්නෙ රුපියල් 1150ද?

      දත්ත වල පොඩි වෙනසක් කළොත් ආසන්නව හරි. .

      2020 දදේනි රු 1000
      2021 උද්ධමනය 5%
      2021 මූර්ත වර්ධන වේගය 10%
      2021 දදේනි රු 1000 * 1.05 * 1.10 = 1155

      Delete
    2. ස්තුති
      මූර්ත වර්දනය කියන්නෙ ඇත්තටම සිදුවූ වර්දනය කියන එක නේද(උද්දමනය අයින් කලාම සිදුවු වර්දනය)

      Delete
    3. This comment has been removed by the author.

      Delete
    4. පුලුවන්නම් මෙන්න මේ දත්ත සම්බන්දවෙන්නෙ කොහොමද කියල දෙන්න. මම ගනන් හදල බැලුවට සම්බන්දයක් එන්නෙම නෑ.
      2017 gdp at current market price 13328103rs
      2017 gdp growth rate 3.6%
      2017 inflation 6.6%
      2018 gdp at current market price 14290907rs

      At currebt market prices කියන්නෙ nominal gdp නේද?

      Delete
    5. //මූර්ත වර්දනය කියන්නෙ ඇත්තටම සිදුවූ වර්දනය කියන එක නේද(උද්දමනය අයින් කලාම සිදුවු වර්දනය)//

      ඔව්.

      //At currebt market prices කියන්නෙ nominal gdp නේද?//

      ඔව්.


      //2017 gdp at current market price 13328103rs
      2017 gdp growth rate 3.6%
      2017 inflation 6.6%
      2018 gdp at current market price 14290907rs//

      ඔය ගණන් සම්බන්ධ කරන්න බැහැ. සම්බන්ධ වෙන්නේ 2018 gdp growth rate සහ 2018 inflation ගත් විටයි.

      Delete
    6. ඇත්ත කතාව ඔය ගණන් වැරදියි, 2015 - 2019 අතර කාලයේ රනිල් වික්‍රමසිංහගේ සහ සජිත්ලා හර්ෂලාගේ දූෂිත රජය ඔය සංඛ්‍යා ලේඛන වරද්දලා බොරු ගණන් තමයි මහ බැංකු වාර්තා වල පවා දාල තියෙන්නේ අර්ජුන මහේන්ද්‍රන් මහබැංකුවේ අධිපති ලෙස හිටපු කාලය නේ. ඇත්තටම 3.6% ක වර්ධනයක් වත් නෑ රනිල් මුත්තාගේ කාලේ තනිකරම ඍණ ආර්ථික වර්ධනයක් තිබිලා තියෙන්නේ ඇත්ත විදියට හදලා බැලුවම. යහපාලන රජය සමය ඩොලර් බිලියන 12.5 ISB ණය වලින් වහගෙන හිටපු අන්ත දූෂිත අසාර්ථක පාලන යුගයක් නිශ්චිතවම කියන්න පුළුවන්. ඔය එක උදාහරණයක් පමණයි.

      Delete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: