වෙබ් ලිපිනය:

Friday, September 20, 2024

විණිමය වෙළඳපොළ නැමියාව කුමක්ද?


පහත කොටස් උපුටා ගත්තේ 2023 ජුලි මාසයේදී පළ කළ "සංචිත වැඩි කර ගැනීමේ අභියෝගය" ලිපියෙන්.

"ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිර්දේශය වන්නේ රටක අවම විදේශ සංචිත අවශ්‍යතාවය මෙන් 100%-150% අතර ප්‍රමාණයක් සංචිත ලෙස තබා ගත යුතු බවයි. පසුගිය (2022) වසර අවසානයේදී ලංකාව සිටියේ 18% මට්ටමේ. ඩොලර් මිලියන 14,208 යනු (2027දී) මෙම අවම ප්‍රමාණයයි. එනම්, 100% මට්ටමයි. 150% මට්ටම යනු ඩොලර් මිලියන 21,312ක්. 

ලංකාව මෙම අවම මට්ටම දක්වා ක්‍රමයෙන් සංචිත ගොඩ නගා ගත යුත්තේ පහත ආකාරයෙනුයි.

2023 අවසානය - ඩොලර් මිලියන 4,431 දක්වා 

2024 අවසානය - ඩොලර් මිලියන 6,128 දක්වා 

2025 අවසානය - ඩොලර් මිලියන 8,520 දක්වා 

2026 අවසානය - ඩොලර් මිලියන 10,888 දක්වා 

2027 අවසානය - ඩොලර් මිලියන 14,208 දක්වා"

වසරකට පෙරද මේ ඉලක්ක ලඟා කර ගැනීම විශාල අභියෝගයක්ව පැවතුනා. එහෙත්, 2023 වසර අවසාන වෙද්දී ශ්‍රී ලංකාව අවශ්‍ය සංචිත ඉලක්කයට ගියා. දැන්, මේ වසරේ පළමු මාස අට අවසන් වෙද්දී, 2024 ඉලක්කය ආසන්නයටම පැමිණ තිබෙනවා. 

ජූලි හා අගෝස්තු දෙමස තුළ මහ බැංකුව විසින් පිළිවෙලින් ඩොලර් මිලියන 121.0ක් හා 148.5ක් මිල දී ගෙන තිබුණා. කිසිදු විකිණීමක් සිදු කර තිබුණේ නැහැ. එසේ වෙළඳපොළෙන් ඩොලර් මිල දී ගන්නා අතරද ඩොලරයක මිල පහත වැටුණා. සාමාන්‍ය මූලධර්මයක් ලෙස විණිමය රෙගුලාසි නිදහස් කරන තරමට දිගුකාලීනව රටට එන විදේශ විණිමය ප්‍රවාහ ඉහළ යනවා. ඇතැම් අවදානම් තත්ත්වයන් යටතේදී පමණක් කෙටිකාලීනව එසේ නොවෙන්න පුළුවන්.

දැනටමත් සංචිත ඉලක්ක ආසන්නයට ගොස් තිබීම තුළ මහ බැංකුව විසින් තව දුරටත් මේ වසර තුළ වෙළඳපොළෙන් විදේශ විණිමය මිල දී ගැනීමේ හැකියාව සීමා වී තිබෙනවා. මහ බැංකුව විසින් කලින්ම නිවේදනය කර තිබෙන්නේ ඉහත සංචිත ඉලක්ක ලඟා කර ගැනීමේ අරමුණින් පමණක් විණිමය වෙළඳපොළට මැදිහත් වන බවයි. 

මෙම තත්ත්වය හමුවේ වෙළඳපොළ තුළම විදේශ විණිමය ඉල්ලුම හා සැපයුම වඩා හොඳින් තුලනය වීමට ඉඩ සලසමින් මහ බැංකුව විසින් අර්බුද සමයේ අපනයනකරුවන් වෙත පනවා තිබුණු සීමාවක් දෙසතියකට පෙර ලිහිල් කළා. ඒ අනුව, ඔවුන් දැන් මාසයක් ඇතුළත තමන්ගේ අපනයන ආදායම් රටට ගෙන ආ යුතු නැහැ. ඒ සඳහා, මාස තුනක කාලයක් ලැබෙනවා.

අපනයන ආදායම් රටට ගෙන ඒම හා අදාළව වැඩි නිදහසක් ලැබුණු විට අපනයනකරුවන් විසින් කරන්නේ තමන්ගේ අරමුදල් ක්ෂණිකව රටට ගෙන ඒම වෙනුවට ඩොලරයක මිල යම් තරමකින් හෝ ඉහළ යන විටෙකදී එම අරමුදල් රටට රැගෙන එන එකයි. මේ නිසා, ඩොලරයක මිල ඉහළ යාමේ නැඹුරුවක් ඇති වූ වහාම එවැනි අරමුදල් රටට පැමිණ ඩොලර් සැපයුම ඉහළ යාමෙන් නැවත ඩොලරයක මිල පහත වැටෙනවා. එමෙන්ම, ඩොලරයක මිල පහත වැටීමේ නැඹුරුවක් ඇති විට අපනයන ආදායම් රටට ගෙන ඒම ප්‍රමාද වී ඩොලර් සැපයුම සීමා වීමෙන් සැපයුම අඩු වී මිල පහත වැටීම නවතිනවා. මෙම යාන්ත්‍රනය හරහා මහ බැංකුවේ මැදිහත්වීමක් නැතිවම විණිමය අනුපාත ස්ථාවරව තබා ගත හැකියි.

කෙසේ වුවත්, ලබන වසර මුල සිට වාහන ආනයනය සඳහා නැවත ඉඩ ලැබෙද්දී විණිමය වෙළඳපොළ තුලනය නැවත වෙනස් වීමට නියමිතයි. ඒ සමඟම රජයේ බදු ආදායම් ඉහළ යන බැවින් රජයේ ණය ගැනීමේ අවශ්‍යතාවය පහළ යනවා. මෙය පොලී අනුපාතික කෙරෙහි හිතකර බලපෑමක් සිදු කරන්නට ඉඩ තිබෙනවා. අනෙක් පැත්තෙන් විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීම අවසන් වී රටේ ණය ශ්‍රේණිගත කිරීම් ඉහළ දැමීම කාලය පිළිබඳ ප්‍රශ්නයක් පමණයි. මේ තත්ත්වය තුළ හා ඇමරිකාවේ පොලී අනුපාත චක්‍රය වෙනස් වීම තුළ නැවතත් රටට විදේශ ප්‍රාග්ධන ප්‍රවාහ අපේක්ෂා කළ හැකියි. ඒ නිසා, විණිමය අනුපාතය මත පීඩනයක් එල්ල වීමේ අවදානමක් දැනට පෙනෙන්නට නැහැ. 

විණිමය අනුපාතය පහත වැටීම තුළ සිදු වන එක් දෙයක් වන්නේ දළ දේශීය නිෂ්පාදිතයේ ඩොලර් අගය ඉහළ යාමයි. දැනට ඇති කර ගෙන තිබෙන එකඟතාවය අනුව, දළ දේශීය නිෂ්පාදිතයේ ඩොලර් අගය ඉහළ යද්දී ස්වෛරිත්ව බැඳුම්කරහිමියන්ගෙන් ලැබෙන ණය සහනය අඩු වෙනවා. මේ අවදානමට පිළියමක් ලෙස ණය සහනය අඩු කිරීමේ කොන්දේසි වලට අවම මූර්ත ආර්ථික වර්ධනයද කොන්දේසියක් ලෙස ඇතුළත් කර තිබෙනවා. ඒ නිසා, ආර්ථිකය අඩුවෙන් වර්ධනය වෙද්දී විණිමය අනුපාතයේ වෙනස්වීම් මත දළ දේශීය නිෂ්පාදිතයේ ඩොලර් අගය ඉහළ ගියහොත් එය ණය සහනයට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. 

2 comments:

  1. ඉකොනොමැට්ටා,

    ටිකක් කල්පනා කරලා බලන්න ලංකාවේ මීට වසර දෙක හමාකට පෙර ලංකාවේ ආර්ථිකය සම්පූර්ණයෙන්ම විනාශ කර මිලියන ගණනක ජනතාව රැකියා විරහිත කර, ව්‍යාපාර බිඳ දමා මහපාරට ඇද දමන ලද මිලියන ගණනක ජනතාව ඉන්ධන නොමැතිව තෙල් පෝලිම් ගෑස් පෝලිම් වල කිරිපිටි නැතිව අසරණ තරුණ මවු පියන් කිරිපිටි පෝලිම් වල ගාල් කරන ලද මිනිසුන් දස දහස් ගණන් ජීවත් වීමට නොහැකිව දිවි නසාගත් මහා ආර්ථික අර්බුදය නිර්මාණය කළේ කවුද කියල?

    එම ආර්ථික අර්බුදය නිර්මාණය කළේ මීට වසර තිස්පහකට පමණ පෙර තරුණ තරුණියන් දස දහසකට අධික පිරිසකට අධික ලෙස වධ බන්ධන දී ජීවිත විනාශ කළ බටලන්ද මිනීමරුවා, මීට වසර නවයකට පෙර රටේ මහබැංකුව කඩා සොරකම් කල ලංකාවේ ලොකුම හොරා සහ ලංකාවේ එතෙක් මෙතෙක් බිහිවූ දූෂිතම කාලකණ්නිම සහ වියරුම ඒකාධිපතිම අපතම ජඩම දේසපාලුවා වන මිනීමරු රනිල් වික්‍රමසිංහ නමැති සොම්බි මහල්ලාව වහාම ක්‍රියාත්මක වන පරිදි තනතුරෙන් එලවා දැමීමටත් ඊට පසුව ඌට උපරිම දඬුවම් දී ඌව මරාදැමීමට හෝ අඩුම තරමේ ඌව ජීවිතාන්තය දක්වාම සිරගත කිරීම වත් කළ යුතුම බවයි ලංකාවේ අතිබහුතර ජනතාව විශාල ලෙස විශ්වාස කරන්නේ

    එය කළ හැක්කේ ජාතික ජන බලවේගය මාලිමාවට පමණයි

    අප ජීවිත පරිත්‍යාගයෙන් මාලිමාව දිනවීමට කැපවී වැඩ කරන්නේ ඒකයි.

    ලංකාවේ මීට වසර දෙකකට පමණ පෙර දැවැන්ත ආර්ථික අර්බුදයක් ඇතිවුණා 2022 දී

    ඒකට හේතුව වුණේ ඊට පෙර 2015 - 2019 කාලයේ රනිල් වික්‍රමසිංහ විසින් මෛත්‍රීපාල සිරිසේන නමැති මෝඩ තකතීරුවා ජනාධිපති තනතුරේ තබාගෙන අධික ලෙස ඉහල පොලියකට කෙටිකාලීන අධික පොලි ජාත්‍යන්තර ස්වෛරීත්ව බැදුම්කර (International Sovereign Bonds) ඩොලර් බිලියන 12.5 ක අති විශාල දැවැන්ත ණය මුදලක් ලබා ගැනීමයි. 2019 වසරේ පමණක් රනිල් වික්‍රමසිංහ සහ ඉන්ද්‍රජිත් කුමාරස්වාමි දෙදෙනා එකතුව ඩොලර් බිලියන 4.4ක අධික පොලියට ගත්ත කෙටිකාලීන ISB ණය මුදල පමණක් ලංකාවේ වසර 2000 සිට 2020 දක්වා දක්ෂිණ අධිවේගී මාර්ගය සහ වෙනත් අධිවේගී මාර්ග සියල්ල, හම්බන්තොට වරාය, නොරොච්චෝල බලාගාරය, නෙලුම් කුළුණ, මත්තල ගුවන්තොටුපල, මොරගහකන්ද ජලාශය ඇතුලු මහාමාර්ග ගොඩනැගිලි ආදී සියලුම සංවර්ධන ව්‍යාපෘති වලට වැය වූ මුදලටත් වඩා විශාල මුදලක්, ඒ ඩොලර් මිලියන 4,400 හෙවත් බිලියන 4.4 ඉහත කී සියලු සංවර්ධන ව්‍යාපෘති වලට ඉතා අඩු පොලී දිගුකාලීන 2-3% ණය ඩොලර් බිලියන හතරකට අඩු ගණනක් තිබියදී රනිල් වික්‍රමසිංහ කෙටිකාලීනව ඩොලර් බිලියන 12.5 ක් සහ ඉන් ඩොලර් බිලියන 4.4 ක් 2019 මැතිවරණ කටේදී අරගෙන වියදම් කර විනාශ කර දැමුවා

    මෙය නැවත ගෙවා දැමීමට සිදු වුණේ ඊට පසුව බලයට පැමිණි රජයයි, නමුත් ඔවුන්ට මෙය කළමණාකරණය කර ගැනීමට අපොහොසත්වීම මත ලංකාවේ ආර්ථිකය සම්පූර්ණයෙන්ම විනාශ වුණා

    මේ බලන්න මේ කෙටි ක්ලිප් එකේ අනුර කුමාර දිසානායක සහෝදරයා ඉතාම නිවැරදිව පැහැදිලිව එය විස්තර කරන ආකාරය

    මේ පොඩි ක්ලිප් එක බලන්න හොඳට ඇස් කණ් ඇරගෙන, එතකොට ඔබට තේරේවි

    https://fb.watch/uJmKrTVbVi/?mibextid=z4kJoQ

    ලංකාවේ වර්තමාන ආර්ථික අර්බුදයට වගකිව යුත්තේ රනිල් වික්‍රමසිංහ සහ යහපාලනය නමින් පැවති අන්ත දූෂිත අසික්කිත ජඩ ආණ්ඩුව, එහි ආර්ථිකය මෙහෙයවූයේ රනිල් වික්‍රමසිංහ ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි, හර්ෂ ද සිල්වා එරාන් වික්‍රමරත්න වැනි ආර්ථික ඝාතක අපත කාලකණ්ණි පාහරයන් විසින් බව හැමෝම දන්න කාරණයක්. ඒ නිසා එම ආර්ථික ඝාතක ලංකාවේ ආර්ථිකය විශාල ලෙස විනාශ කරන ලද උන් සියලු දෙනාටම ජාතික ජන බලවේගයේ නව රජයක් යටතේ ඉතාම ඉක්මනින්ම උපරිම ලෙස දඬුවම් ලබාදීම අනිවාර්යයෙන්ම කරනවා.

    - අනුර කුමාර දිසානායක සහෝදරයා

    ReplyDelete
  2. This massage shared in WhatsApp FYI

    Forwarded many times;

    ඇත්තටම ලංකාවේ ආර්ථිකය පිළිබඳව ඉතාම වැදගත් සාකච්ඡාවක්
    හිටපු මහබැංකු නියෝජ්‍ය අධිපති ආචාර්ය ඩබ්. ඒ. විජයවර්ධනගෙ මූලිකත්වය යටතේ පැවැත්වුණා. මෙන්න මේක බලන්න

    https://www.youtube.com/watch?v=KWS0N9f15TE

    මෙහීදී අයිඑම්එෆ් එක සහ මහ බැංකුවෙ ක්‍රියාකාරිත්වය ගැන මනා විචාරයක් තියෙනවා මේ සාකච්ඡාවෙ.

    ඒ අනුව අයිඑම්එෆ් එක ණය ස්ථායිතාව ගණනය කරන විදිය ගැන දැඩි ලෙස ප්‍රශ්න කරනවා. එය ආර්ථික වර්ධනය මත පදනම් වූ එකක් නොව තව තවත් ණය ගැනීමෙ හැකියාව මත පදනම් වූ එකක්.

    එයින් කිසිසේත්ම දිර්ඝ කාලීන ස්ථායිතාවයක් බලන්න බෑ කියන කාරණය මතු කරනවා.

    ඒ වගේම මහ බැංකුව ස්වාධීන කරනවා කියල පනත් ආවට තිබ්බටත් වඩා දේශපාලනිකරණය වෙලා කියලත් හැගවෙනවා. මහ බැංකුව මෙතනදිත් විනිවිදභාවයක් නැතිව කටයුතු කරනවා කියන චෝදනාව ගැන මනාව කරනවා.

    ඇත්තටම මහ බැංකුව 'ස්වාධීන' කරනව කියල සිදුකරලා තියෙන්නේ තිබුණු වගවීම සහ විනිවිදභාවයත් නැති කරලා දාපු එකයි.

    පහුගිය යහපාලන රජය කාලෙ ඩොලර් බිලියන 12.5 ක අධික පොලී කෙටිකාලීන බැඳුම්කර ණය වලින් කරල තියෙන්නෙ පරිභෝජනය පමණයි කියන කාරණයත් ඉතාම නිවැරදිව ආචාර්ය විජයවර්ධන පහැදිලි කරනවා.

    ඔහු මතු කරන Factual කාරණාවලට අනුව අනුව මේ අර්බුදයෙ සමහර හේතු ආචාර්ය එන් එම් පෙරේරා, රොනීද මෙල් වගේ හිටපු මුදල් ඇමතිවරුන්ගෙ කාලයට පවා යනවා.

    ආර්ථිකය වර්ධනය උනා කියලා දැන් මහබැංකුව සහ අයි එම් එෆ් එකෙන් කියන නාමික වර්ධනය වුණත් ඇත්ත වර්ධනයක් නොවන බවටත් ඔහු ඉතාම නිවැරදිව පැහැදිලිව පෙන්වා දෙනවා.

    ලොවපුරා පිළිගත් පොදු ආර්ථික මූලධර්ම අනුව ඇත්ත ආර්ථික වර්ධනයකට 'නිෂ්පාදනය' (සහ සේවා ක්ෂේත්‍රය) අනිවාර්යයෙන්ම වර්ධනය වෙන්න ඕනේ. ඒක ලංකාවේ 2023 වසරේ වෙලා නැහැ. ඇත්තටම අයි එම්එෆ් කොන්දේසි නිසා (ඉහළ අධික බදු, බලශක්ති මිල ඉහළ යාම ආදිය) වර්ධනය වෙනවට වඩා හැකිලෙනවා. නැත්තං වර්ධනය අඩුවෙනවා (මේ කාරණය මේ සාකච්ඡාවෙදි මතුවෙන්නෙ නැහැ. බොහෝ විට ඒක ටිකක් විවාදාත්මක වැඩි ඇති, විජේවර්ධන මෙතනදී පරිස්සමට කතා කරනබවක් පේනවා).

    ඒ වගේම රනිල්ලාගේ ලිබරල් දෘෂ්ටියෙ විසදුම් ලෙස යෝජනා කරන පුද්ගලිකරණය ආදී කාරණාත් දැඩිලෙස ප්‍රශ්නයට ලක්වෙනවා. බොහෝ විට උපහාසය ලක්කෙරෙන 'නිෂ්පාදන ආර්ථිකයත්' ගැන කතා වෙනවා.

    මෙයට අනුව ලංකාවේ ආර්ථිකය අනිවාර්යයෙන්ම වගේ 2027දි නැවත ආර්ථිකය ණය අර්බුදයකට යනවා කවුරු ජනාධිපති උනත්, ඇතිවූ එකගතා අනුව. ණය කපාහැරීමකින් තොරව හුදෙක් කල් දමා ගන්නා ඒකපාර්ශවික 'එකගතා' නිසා තමයි මේ බරපතල තත්වය ඇතිවෙන්නෙ.

    එනම් ග්‍රීසියෙ හෝ ආජන්ටිනාවෙ තත්වය ලංකාවටත් නැවත උදා වෙනවා. ඒක හුදෙක් අහම්බයක් නොව දැනුවත්වම වෙන දෙයක් බවයි මටනං හිතෙන්නෙ මේක ඇහුවම.

    හැබැයි ඒ වෙනකොට මේ එකගතාවලට අත්සන් කරපු (මේකෙ විදියට එහෙම නෙගෝෂියෙට් කිරීමක් වෙලාම නැහැ. නිකංම ඒ අය කියන කියන දේට ලංකාවේ නියෝජිත පිරිස ඔහේ එකග උන බවක් තමා හැගවෙන්නෙ)

    ඊළඟට අර්බුදය එනකොට ඔය සිදුවීම සිදුවුණු 2024 දී සිටින ජනාධිපති, මුදල් ඇමති සහ මහ බැංකු අධිපති ඒ තනතුරුවල නැතිවෙයි.. ඒ අය නැති උන නිසා තමා මේක උනේ කියලත් තව කට්ටියක් කියයි. ආපහු ඒගොල්ල ගේන්න ඕන කියලත් කියයි.

    අහවලා ආර්ථිකය ගොඩදැම්ම කියන කතා මේකට අනුව මිත්‍යාවක්. ඒ විතරක් නොව වැල් පාලමට තාම ගොඩවෙලාවත් නැහැ.

    ඒ විතරක් නොවේ මේ එකගතා යටතේ අවුරුද්දට අලුතෙන් ඩොලර් බිලියන 3ක් බැගින් ණය කන්දට එකතු වෙනවා.

    මේ අනුව ළග පිකප් වෙලා ඒ කාලෙ වෙනකොට ගෙවල් ගිනි තියන්න පොලු අරගෙන ගහන්න මරන්න බලන් ඉන්න අය දැන්ම මේව බලල තියාගන්න එක ප්‍රයෝජනතවත් වෙයි.

    මේ කතාවට අනුව ඇත්තටම මේ වෙලාවෙ දිනන කෙනා බාර ගන්නෙ 2027දි පත්තු වෙන්න නියමිත ණය බෝම්බයක්. ඒ නිසා සමහර විට මෙවර මැතිවරණය පරදින එක හොද දෙයක් වෙන්නටත් පුළුවන්.

    රට හදන්න එක එක්කෙනාගෙ මාකටිං කැම්පේන්වලට අහු උනාට කමක් නෑ පුළුවන්නං 2027ට කලින් ලංකාවෙන් කොහෙට හරි පැනගන්න කියා තමයි අපට කියන්නට තියෙන්නෙ.

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: